Monday, November 25, 2024
Home Blog Page 94

මංගල උත්සව සඳහා සහභාගි හැකි පිරිස 200 දක්වා ඉහලට.. ?

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි කරගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කාර්මික අපනයන,  ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඊට අදාළ යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා පැවසීය. 

කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර ඇති අතර එම  සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි. 

එමෙන්ම සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි  වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඇමතිවරයා උපදෙස් දුන්නේය. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමේ පහසුකම් සලසා ඇත.

කල්මුනේ ළිඳකින් උණුවතුර වාෂ්ප පිටවු අන්දම ගැන අපුරු කථාවක් ..?

0

කල්මුනායි ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලේ ළිඳක උණු වතුර වාෂ්ප වීමක් ගැන වාර්තාවිමෙන් පසුව ජනතාව පවා එහි රැස්ව තිබුනේ දැඩි කුතුහලයකිනි.
පසුගියඅඟහරුවාදා (23) කල්මුනෙයි අක්කරයිපට්ටු ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන නැවතුම්පොළක ළිඳකින් ජලය උතුරන සහ වාෂ්ප වී ඇති බව වාර්තා වි තිබුණි.

සිද්ධියෙන් පසු කල්මුනායි මූලස්ථානයේ පොලිස් ස්ථානාධිපති මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි පැමිණ තිබුනේ මෙහි තතු දැකබලා ගැනිම සදහාය.
එහිදි ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු මාධ්‍ය වෙතටද පවසා තිබුනේ අවසානයේදී ළිඳේ විදුලි කම්බියක් හමු වූ බවත් විදුලි හේතුවෙන් ජලය උණුවි තිබුන බවය..

ධිවරයන්ට අසුවු ,දැවැන්ත මෝරෙකු යළි මුහුදට මුදා හැරේ..

0

පසුගිය 21 වනදා අම්පාර ප්‍රදේශයේ ජනයාට අලුත්ම අත්දැකිමක් ලබන්නට හැකිව තිබුණි.
ඒ ධිවරයන් පිරිසක් විසින් ගොඩට ගෙනවිත් තිබුණ දැවැන්ත මෝරෙකු දැකගැනිමට හැකියාව ලැබි තිබිමයි.මෙසේ ධිවරයන් විසින් මේ යෝධ මෝරා අල්ලා අම්පාරා හි මරුතුමුනයි-පෙරියාන නිලංගයා වෙරළට ගෙන එන ලදි.
අඩි 20 ක් පමණ වන මෙම මෝරාගේ බර කිලෝග්‍රෑම් 1500 ඉක්මවන බව ධීවරයෝ පැවසූහ. කෙසේ වෙතත්, දුර්ලභ මෝරුන් විශේෂයක් වන හෙයින් පොලිසියේ උපදෙස් මත නැවත මුහුදට යවා තිබේ.
මේ මෝරා ගැන අප කළ විමසුමකදි මිගමුවේ ධිවරයෙකු කියා සිටියේ මුතු මෝරා යැයි මෙන්ම වතුර මෝරා යනුවෙන්ද මිගමුවේ ධිවරයන් විසින් මේ මෝරා හඳුන්වන බවය.
මුලාශ්‍රය -tamilmirror.com

.

සෞඛ්‍ය ඇමතිණියට චෝදනා කරමින් PHI ලා වැඩවර්ජනයකට සුදානම් වෙයි ?

0

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවස බව අරුණ පුවත් පත වාර්ථා කොට තිබේ.

එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ තම සාමාජිකයන් කොවිඩ් 19 රාජකාරිවලින් ලබන 29 වැනිදා දින සිට ඉවත් වන බවයි.

නිරෝධායන පනතේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග අවස්ථා හයකදී සාකච්ඡා කර ඇති කරගත් එකඟතා කඩ කර ඇති බව එම ලිපියේ සඳහන් වෙයි. මැතිවරණ රාජකාරිවලින් සහ ඩෙංගු ඇතුළු බෝවන රෝග පාලන කටයුතුවලින් ලබන මස 7 වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වීමටද තීරණය කර ඇත.

එම නිසා නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත්කිරීමේ ගැටලුව නිරවුල් කිරීම, මැතිවරණ මාර්ගෝපදේශ සහ අනෙකුත් මාර්ගෝපදේශ හතළිස් හය නීතිගත කිරීම, නිරෝධායන පනතේ අනෙකුත් රෙගුලාසි සකස් කොට නීතිගත කිරීම කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය ඇමතිවරියගේ අදුරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව කියැවෙන්නේ ජනපති ගෝඨාභය කොරෝනා වැඩිවිමකට ඇති ඉඩගැනද අවධානය යොමුකර තිබෙන පසුබිමකය.
එමෙන්ම ඩෙංගුද දැන් රටපුරා හිස ඔසවමින් තිබෙන වටපිටාවකය.
කටක් හැකර කමින් පමණක් ඇමතිධුරයකට ප්‍රමාණවත් නැති බව එවන් අයට ප්‍රධාන ක්ෂේත්‍රවල ට අදාල ව ඇමතිකම් ප්‍රධානයේදි සලකා බැලිය යුතු බවට යළිත් සිහිපත්කරගත යුතුව තිබේ.
මුලාශ්‍රය -අරුණ

හරින් ප්‍රනාන්දු කපටියා කිවේ කාටද ?

0

මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේදී පරස්පර විරෝධී අදහස් නොදක්වන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇතැයි මේ වනවිටත් මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.

සමගි ජන බලවේගයේ නායකයන් පසුගියදා (22 වැනිදා) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව දැනුම් දී ඇත.
මෙයට ආසන්තම නිමිත්ත වි තිබුනේ පසුගියදා හරින් ප්‍රනාන්දු විසින් කරන්නට යෙදුන ප්‍රකාශයකි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැදිරිගිරියේදී කළ ප්‍රකාශයකින් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විවේචනය කිරීම පිළිබඳවද සමගි ජන බලවේගයේ නායකයන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.එකම මතයක සිට ප්‍රකාශ නිකුත් කරන ලෙස ඔහු සියලු අපේක්ෂකයින්ට මෙහිදී දැනුම් දී තිබේ.ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඇතැම් අයගේ ප්‍රකාශ හේතුවෙන් ඡන්ද අහිමි වූ බව සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස විසින් පණවන්නට යෙදි ඇති එක්තරා අන්දම වාරණය සිය දේශපාලන අදහස් නොබියව කියන්නට සිටින දේශපාලන කථිකයන්ට සැබැවින්ම වාරණයකි.විශේෂයෙන්ම රංජන් රාමනායක පසුගිය කාලය තුල විශේෂයෙන්ම පොහොට්ටුවේ වොයිස් කට් හික්ෂුන්ව දැඩි විවේචනයකට ලක්කරමින් කථා කළේය.
පසුගියදා මිගමුවේ පැවැති සමඟි ජන බලවේගයේ ක්‍රියාකාරින්ගෙ රැස්විමකදි පැමිණි සිටි අය අර වොයිස් කට් ස්වාමින්වහන්සේලා ගැන කියන්නේ නැද්දැයි විමසා සිටි අවස්ථවේදිද රංජන්ට සජිත් පනවා ඇති වාරණය ගැන ව්‍යයංගයෙන් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර හරින් ප්‍රනාන්දු පසුගියදා පවතින තත්වය හමුවේ වඩාත් ආන්දෝලනාත්මක සටහනක් සිය ෆෙස්බුක් පිටුවේ තබා තිබුණි.

සජිත්ගෙන් සිය කථිකයන්ට වාරණයක් ?

0

මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේදී පරස්පර විරෝධී අදහස් නොදක්වන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇතැයි මේ වනවිටත් මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.

සමගි ජන බලවේගයේ නායකයන් පසුගියදා (22 වැනිදා) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව දැනුම් දී ඇත.
මෙයට ආසන්තම නිමිත්ත වි තිබුනේ පසුගියදා හරින් ප්‍රනාන්දු විසින් කරන්නට යෙදුන ප්‍රකාශයකි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැදිරිගිරියේදී කළ ප්‍රකාශයකින් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විවේචනය කිරීම පිළිබඳවද සමගි ජන බලවේගයේ නායකයන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.එකම මතයක සිට ප්‍රකාශ නිකුත් කරන ලෙස ඔහු සියලු අපේක්ෂකයින්ට මෙහිදී දැනුම් දී තිබේ.ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඇතැම් අයගේ ප්‍රකාශ හේතුවෙන් ඡන්ද අහිමි වූ බව සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස විසින් පණවන්නට යෙදි ඇති එක්තරා අන්දම වාරණය සිය දේශපාලන අදහස් නොබියව කියන්නට සිටින දේශපාලන කථිකයන්ට සැබැවින්ම වාරණයකි.විශේෂයෙන්ම රංජන් රාමනායක පසුගිය කාලය තුල විශේෂයෙන්ම පොහොට්ටුවේ වොයිස් කට් හික්ෂුන්ව දැඩි විවේචනයකට ලක්කරමින් කථා කළේය.
පසුගියදා මිගමුවේ පැවැති සමඟි ජන බලවේගයේ ක්‍රියාකාරින්ගෙ රැස්විමකදි පැමිණි සිටි අය අර වොයිස් කට් ස්වාමින්වහන්සේලා ගැන කියන්නේ නැද්දැයි විමසා සිටි අවස්ථවේදිද රංජන්ට සජිත් පනවා ඇති වාරණය ගැන ව්‍යයංගයෙන් ප්‍රකාශ කර සිටියේය.

ගියඑක හොඳයි කිව්ව සරත්ට මංගලගෙන් කණ රත්වෙන උත්තරයක් …

0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පසුගියදා මීරිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදුකළ ප්‍රකාශයකට හිටපු අමාත්‍ය මංගල සමරවීර දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.

අදාළ රැස්වීමේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණේ ” මංගල සමරවීර මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම ‘සමගි ජන බලවේගයට’ සැඟවී ආ ආශිර්වාදයක් බවය.

එසේම තවදුරටත් මංගල  මැතිවරණ සටනේ සිටියේ නම් බුදුදහමට හා භික්ෂූන් වහන්සේලාට බැනීමට පටන් ගතහොත් එය සමගි ජන බලවේගයට බරපතල ගැටලුවක් වියහැකි බවත් එසේ වූයේ නම් සමගි ජන බලවේගයට තිබෙන ඡන්ද ටිකත් අහිමි වන බවත් හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසා තිබිණ.

මේ සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වෙයි.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි. ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන්  ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස  මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි. මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ  කරමින්, මා ජයග්‍රහණය  කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය  කරවා ඇත.

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධුරයක්  පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ  මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි. අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.

newstube.lk

ඊළඟ පාර්ලිමේන්තුව විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන්ගෙන් පිරවීය යුතුයි – ජන නියමු කලාකරුවෝ

0

June 22, 2020 by Lanka Truth 1 Comment

ඊළඟ පාර්ලිමේන්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරවිය යුතු යැයි රට තුළ මතයක් පවතින්නේ යැයිද පාර්ලිමේන්තුව තුළ විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන් පිරවීමේ උවමනාවක් ජනනියමු කලාකරුවන්ට ඇතැයිද එම සංවිධානය අද (22) බත්තරමුල්ල අවකාශ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා ජනනියමු කලාකරුවෝ සංවිධානය නියෝජනය කරමින් ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ, ලංකා ලේඛක සංවිධානයේ ලේකම් ප්‍රවීන ලේඛක කමල් පෙරේරා, ප්‍රවීන ලේඛිකා, මාධ්‍යවේදීනි අනුල ද සිල්වා, ප්‍රවීන ලේඛක, කිවිවර රවි සිරිවර්ධන, ප්‍රවීන ලේඛක එච්.ඩී ජයසූරිය චිත්‍ර ශිල්පී නුවන් තේනුවර, ජේෂ්ඨ රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා, ජේෂ්ඨ රංගන ශිල්පිනී දීපානි සිල්වා, ප්‍රවීන ලේඛක ඇන්තනි ජීවා, ප්‍රවීන චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, ප්‍රවීණ චිත්‍රශිල්පී, කිවිවර කනි උමදි, සාහිත්‍යවේදී දේ.වි. ගාල්ලගේ, රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටි යහ.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ මහතා සඳහන් කර සිටියේ, කලාකරුවන් මුහුණ දෙන දහසකුත් එකක් ප්‍රශ්න අතර පසුගිය කොරෝනා ව්‍යසන තත්වය කලා ක්ෂේත්‍රවලට මෙන්ම සමස්ත සමාජයටම විශාල අර්බුදයක් ගැටලුවක් වූ බවයි. මේ වනවිට මාස තුනකට වැඩි කාලයක් ගෙවී යමින් තිබියදී සමාජයේ අනෙකුත් අය වගේම කලාකරුවන්ද විශාල අර්බුදයකට යමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් එය එදිනෙදා මුදලක් සොයාගෙන ජීවත් වන අහිංසක කලාකරුවන් වෙනුවෙන්ද ක්‍රියාත්මක වියයුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය..

ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට 4%ක පොලියට ණය දෙන්නේ නම් කලාකරුවන්ට ඊට වඩා අඩුපොලියකට හෝ පොලි රහිත ණයක් ලබා දියයුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා ව්‍යාධියට වැඩි ව්‍යාධියක් එහි පවතිතැයි කී වැලිසරගේ මහතා කලාකරුවන් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටී ඇතැයිද අගමැතිවරයා කලාකරුවන් කිහිප දෙනෙක් පමණක් කැඳවා සංවිධානගතව තම ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් එය විධිමත් වැඩ පිළිවෙලක් නොවන බවද කීය.

බැංකු ණයක් දිය හැකි බව කී නමුත් එය වැඩ පිළිවෙලක් නොවූ බවත් ලංකා ලේඛක සංවිධානය වැනි සංවිධාන මේ ගැන හඩක් නැගී යැයිද සමස්ත කලාකරුවන් නියෝජනය වන අන්දමේ පුළුල් වැඩ පිළිවෙලක් ඇති විය යුතු යැයි කී ඒ මහතා සංවිධාන ගතව පැමිණි ඉතා සුළු පිරිසට සහන දෙන ලෙස බැංකුවලට උපදෙස් දී ඇති බවත් කියා සිටියේය.

බැංකුවට ගියවිට ලේඛකයන්, මුර්ති ශිල්පීන් මේකට අදාල නැතැයි පවසන්නේ යැයිද පසුගිය රජයට කලින් පැවැති රජයේ දී යෝජනා වූ ණය මුදල ලබා දීම සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා ගැලපෙන පරිදි සිදුවු බවද විධිමත් වැඩ පිළිවෙලක් සේ මෙය වහා ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා පැවැසී ය.

එහිදී අදහස් දැකුවූ ලංකා ලේඛක සංවිධානයේ ලේකම්, ප්‍රවීන ලේඛක කමල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට කොරෝනා උවදුර මැඩ පැවැත්වෙද්දී සමහර කණ්ඩායම්වලට පමණක් සහන දෙන්නට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යන බව ය.

හිමිකම් ඇති සියලු කලාකරුවන්ට එම හිමිකම් ලැබිය යුතු යැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවන්ට දුන් ණය මුදල වැනි සංවිධානගතව ලබා දෙන යම් සහනයක් වත්මන් රජයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කළ බවද කමල් පෙරේරා මහතා පැවසී ය.

ආධාර නොව ණයක් දෙන්නේ නම් පොදුවේ සියලු කලාකරුවන්ට දෙන්නැයි හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීන මාධ්‍යවේදීනි අනුල ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ, කලාකරුවන් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ගොනුවී සිටිය යුතු බවත් එවැනි ලැයිස්තු ඔවුන් සතුව ඇති නමුත් එසේ ඇති බව ඔවුන් නොදන්නා බවත් ය.

සංස්කෘතික අමාත්‍යංශයට හා දෙපාර්තමේන්තුවට පත්ව ආ යුත්තේ ක්‍ෂෙත්‍රය ගැන දැන උගත් අය බවත් එවැන්නක් සිදුවන බවත් නොපෙනෙන බවත් කී අනුල ද සිල්වා මහත්මිය සංස්කෘතික දෙපාර්තමේන්තුව නගා සිටුවීමට කිසිදු වැඩ පිළිවෙලක් නැතැයි ද පැවැසුවාය.

රුපියල් 5000 දෙන අවස්ථාවේ ආදායමක් නැති ලේඛක ලේඛිකාවන්ටත් එම මුදල දෙන්නැයි කියන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවට පුලුවන්කම තිබුණත් එසේ නොවු බවද ඇය කියා සිටියාය.

ඡන්දයෙන් පසු පත්වන ඇමතිවරයා හෝ ඇමතිවරිය සංස්කෘතියට කැමති ආදරය කරන අයෙක් විය යුතුයැයි ද ඇය කීවාය.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීන ලේඛක රවි සිරිවර්ධන මහතා මෙහිදී සඳහන් කර සිටියේ, පොදු රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවට කිහිප දෙනෙකුට සැලකීම පිළිබඳව විරෝධය පලකිරීමට සූදානම් බව ය.

අනුග්‍රහය දක්වා රැක බලාගත යුතු පිරිස් වෙනුවෙන් රජය යමක් කළ යුතු අවස්ථාව පැමිණ ඇතැයිද රුපිය්ල 5000 දීමනාව දෙන අවස්ථාවේ පවා එය දෙනවාට වඩා නොදී සිටින්නේ කෙසේ දැයි බලමින් සිටියේ යැයිද ඔහු සඳහන් කළේය.

ලංකවේ පටිගත කිරීම් ශාලාවල පටිගත කිරීම් සිදු නොවන බවත් සංවිධානගත පිරිසක් නොවන මේ පිරිසගේ නාමාවලියක් වත් සොයාගන්නට රජයට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය. මෙවන් රැකවරණය දියයුතු පිරිස් සොයා රැකවරණය දීම රජයේ වගකීම යැයි o ඔහු පෙන්වා දුන්නේ ය.

ඊළඟ පාර්ලිමේන්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරවිය යුතු යැයි මතයක් පවතින්නේ යැයිද පාර්ලිමේන්තුව තුළ විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන් පිරවීමේ උවමනාවක් ජනනියමු කලාකරුවන්ට ඇතැයිද ප්‍රවීන ලේඛක රවි සිරිවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ය.

එහෙත් ඒ පාර්ලිමේන්තුව සඳහා නැවත නාමයෝජනා කැඳවා ඇත්තේ කලින් සිටි දාමරික, අශිෂ්ඨ මිනිසුන් ම බවත් එය කොටලුවන් තරඟයට දමා අශ්වයින් දිනාවි යැයි බලා සිටිනවා වැනි බවත් සිරිවර්ධන මහතා කීය.
lankatruth.com

ස්ථාවර තැන්පතු මතින් ජීවත්වන ජේෂ්ඨ පුරවැසියන් අනාතයි : බෙහෙත් ටික ගන්නවත් නොලැබෙන හැඩයි !!

0
wechat sharing button

වෙළඳපොලෙහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවරෙන් පසු බැංකු අනුපාත පහත වැටෙන විට සිය ජීවිත ඉතිරි කිරීම් ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කර එම පොළියෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ සිය

දහස් ගණන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බරපතල අනතුරක් වනු ඇතැයි ආර්ථික කරුණු වාර්තා කරන “ඉකොනොමි නෙක්ස්ට්” නම් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වන විටත් දිනකට පෙර රුපියල් බිලියන 90 ක අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබූ බැංකු පද්ධතියට ජනාධිපති රාජපක්ෂගේ ගෝරනාඩුවෙන් පසු තවත් රුපියල් බිලියන 100 කට වඩා මුදා හැර තිබේ.

මෙයින් අදහස් කරන්නේ රටේ මුදල් වෙලඳපොලවල අතිරික්ත ද්‍රවශීලතාවය මෙතෙක් වූ උපරිමය වන රුපියල් බිලියන 223 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ‘ට්විටර්’ පණිවිඩයක් මගින් කියා සිටියේ මෙම තත්වය නිසා තැන්පත්කරුවන්ට ලැබෙන පොලිය අඩුවනු ඇති බවයි.

Screen Shot 2020 06 23 at 1.24.48 PM

තවද ඩේලි එෆ්ටී පුවත්පතට ලියමින් ඔහු පවසන්නේ,  “කෙසේ වෙතත්, මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව, මණ්ඩලය විසින් වෘත්තීය ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයක් ලෙස නොකළ යුතු දේ කර ඇති බවයි. එය භීතියට පත්ව බාහිර විශ්ලේෂකයින් හංවඩු ගසා ඇති පරිදි, බියකින් නිසාම තීරණ මාලාවක් ගෙන ඇත.” මෙම හදිසි පියවර මගින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

ණය ලාභදායී කිරීමට රජයට අවශ්‍ය බැවින් පොලී අනුපාත පහත වැටෙනු ඇතැයි ආයෝජන ගුරු රවී අබේසූරිය ද අනාවැකි පළ කරන බවද ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මුදල් විශාල ප්‍රමාණයක් එකම භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යාමත් සමඟ උද්ධමනය ඉහළ යනු ඇති බවද අබේසූරිය පවසයි.

“ආයෝජකයින්ට ලබා ගත හැක්කේ අද දින වාණිජ බැංකුවල ස්ථාවර තැන්පතු වලින් සියයට 8 ක් හෝ 9 ක් පමණි. එය වසරකට පෙර පැවති අනුපාතයන්ට වඩා සියයට 3 සිට 4 දක්වා අඩු කිරීමකි. ස්ථාවර තැන්පතු අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇත.”

“ආයෝජකයින්ට ලබා ගත හැක්කේ අද දින වාණිජ බැංකුවල ස්ථාවර තැන්පතු වලින් සියයට 8 ක් හෝ 9 ක් පමණි. එය වසරකට පෙර පැවති අනුපාතයන්ට වඩා සියයට 3 සිට 4 දක්වා අඩු කිරීමකි. ස්ථාවර තැන්පතු අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇත.”

බඩුමිල ඉහළ යාමට සාපේක්ෂවක ඖෂධ මිලද ඉහල යනු ඇති බවත් එමගින් ජේෂ්ඨ පුරවැසියනට තවත් බරක් පැටවෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුව විසින් ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ලකෂ 15ක් වනතුරු සියයට 15% පොළියක් ගෙවීමට ගත් තීරණයට කුමක්වනු ඇත්දැයි දැනගැනීමට නැත. බැංකු විසින් ණය සඳහා පොලිය අඩුකරන්නේ නම් මෙළෙස 15% පොළියක් ගෙවිය හැක්කේ රජය එම අලාභය පියවන්නේ නම් පමණක් බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මංගල, මුදල් ඇමති මහින්දට කියපු කතාව :

මේ අතර ජනාධිපති රාජපක්ෂ විසින් මහා බැංකු ප්‍රධානින්ට බැණ වැදීම හළො දකිමින් මුදල් ඇමැති රාජපක්ෂ වෙත  ලිපියක් ලියන හිටපු මුදල් ඇමැති මංගල සමරවීර කියන්නේ “පශ්චාත් මැතිවරණ කාලය දෙස බලන්නේ නම් මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී සැමට පෙර නොවූ විරූ මූල්‍ය අර්බූදයක් ඇති වියහැකි” බවයි. එවිට රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවනු ඇති බවත් අපනයන ඇතුළු අපගේ ජාත්‍යන්තර වෙළඳාම විශාල වශයෙන් කඩාකප්පල් වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රකාශකයකු වන ඇමැති බන්ධුල ගුණවර්ධන කියන්නේ ස්ථාවර පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම සිය සැළැස්ම බවයි. තවද ඔහු කියා සිටින්නේ සංවර්ධිත රටවල ස්ථාවර තැන්පතු සඳහා කිසිදු පොලී ගෙවීමක් නැති බවයි.

(srilankabrief.org)

යාපනයේදි යතුරු පැදියක් කළ හදියක් !

0

කොරෝනා ඇඳිරි නීති සමය හේතුවෙන් නැවති තිබුණු රියඅනතුරු දැන් යළිත් දිනපතා ඉහල යමින් තිබේ.
මේ අතර ප්‍රධාන වශයෙන් අනතුරට ලක්වෙමින් ඇත්තේ යතුරු පැදි සහ ත්‍රිරෝථ රථය.
අද පෙරවරුවේද යාපනයේ ආර්යකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
යතුරුපැදිකරු යාපනයේ ආර්යකුලම් හන්දියේදී යාපනය බස් රථයේ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබේ.
මේ අතර පසුගිය දින කිපය පුරා උතුරේ ප්‍රදේශ ගණනාවකදිම යතුරු පැදි අනතුරු හේතුවෙන් මරණ කිපයක්ම සිදුව තිබේ.
විශේෂයෙන්ම ඒ 9 මාර්ගයට වැටෙන අතුරු මාර්ගවලින් පැමිණෙන යතුරු පැදි මෙන්ම වාහනද ප්‍රධාන මාර්ගයට දැමිමේදි මෙවැනි අනතුරු බහුලවි ඇති බව වාර්ථාවේ.
ඡායා හම්සන් /නිදර්ශන් – යාපනය