Monday, September 30, 2024
Home Blog Page 92

කැෂුරිනා වෙරළේ නාන්න හෙට ඉඳන් එන්න’

0

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි ඉතා දැකුම්කලු හා ආකර්ෂණීය සංචාරක වෙරළ තීරයක් වන කැෂුරිනා වෙරළ සංචාරකයන් සඳහා හෙට ජුලි 1දා සිට යළි විවෘත කරන බව කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති වී. කේතීස්වරදාස් මහතා පැවසීය.

කොරෝනා වසංගතය නිසා යාපනයේ සියලු සංචාරක ස්ථාන වසා දැමීමට ගත් තීරණය මත යාපනයේ කැෂුරිනා වෙරළ තීරයද මීට මාස තුනකට පමණ ඉහතදී වසා දමනු ලැබීය.

කිලිනොච්චි රෝහලේ අපජලය නිසා ප්‍රදේශවාසින්ට ගැටළු රැසක්?

0

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ අපජලය ප්‍රදේශවාසින්ට සෞඛ්‍ය තර්ජනයක් ඇතිකර ඇති බවට චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.
මේ පසුබිම තුල සිය පානිය ජල මුලාශ්‍රවලට පවා ගැටළු ඇති ඇතැයි තවදුරටත් කියැවේ.
මේ පිළිබදව අසල්වැසි ජනතාව අදාල බලධාරින් වෙත පැමිණිලි කළද තවමත් ප්‍රශ්ණය විසිදි නැතැයි ඔවුහු පවසා සිටිති.
ඡායා- කිලිනොච්චි සිවා

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ නීතිරීති වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂ ලොකු බලයක් ඉල්ලයි.

0

ඡායාරූපය: අතුරුදහන්වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය 2019 කොළඹ.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය

පසුගිය 28දා කළ ප්‍රකාශයක් මගින් ජිනීවා එකඟතාවයන් යටතේ ස්ථාපිත කරන ලද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ අනෙකුත් නීති වෙනස් කිරීමට තමන්ට ශත්කිමත් බලයක් ලබා දෙන ලෙස අගමැති රාජපක්ෂ ඉල්ලා සිටී. අර්ධ සත්‍යයන් මත පදනම් කරනු ලබන එම ප්‍රකාශයෙහි මුකය අරමුණ වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ඉල්ලීමයි. එම කතාවෙහිදී කරුනා අම්මාන් විසින් මෑතදී කරන ලද ප්‍රකාශය ගනන් නොගන්නා ලෙස ද ඉල්ලා සිටින රාජපක්ෂ තම ආන්ඩුවට එරෙහිව දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණයක් ඇති බව ද ප්‍රකාශ කරයි. පසුගිය වසර පහ පුරා මෙරට යුක්තිය මත පදනම්ව සංහිදියාව ඇති කිරීමට දරණ ලද පියවරයන් මහා මැතිවරණයෙන් පසු හකුලා දැමෙන බව එම ප්‍රකාශයෙන් තහවුරු වෙයි. 

එම ප්‍රකාශයේ අදාළ කොටස් මෙසේය:

“2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝබර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කළැයි කියා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුණත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියන සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාර ගත්තා. මෙහි අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳ දමා අකර්මණ්‍ය කරන්නයි.

“30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු, කියූ ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කර තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්තා. ‘කාර්යාලයක්’ කිවුවාට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂිරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කර ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධානවලට පටහැනිව වූවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳී ඉන්නවා.

2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයත් නොතකා අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 5 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්තා. මේකෙන් ඇත්තටම කෙරෙන්නේ අතුරුදන් වූවන් හොයන එක නොවෙයි. ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එකයි. මේ නීතිය යටතේ ලංකාවේ අතුරුදන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැති නම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම කරන්න පුළුවන්.

“2018 අගෝස්තු මාසයේදී, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට යහපාලන ආණ්ඩුව ගෙනා අංක 24 දරණ සංශෝධන පනතෙන් කෙරෙන්නේ, විදේශීය රටකට නැති නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලංකාවේ ඒගොල්ලන්ට අවශ්‍ය සැකකරුවන් නැතිනම් සාක්‍ෂිකරුවන් සොයා ගන්න, ඒ නඩුවලට අවශ්‍ය සාක්‍ෂි ලංකාවෙන් ගෙන්වාගන්න යාන්ත්‍රණයක් හදන එකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ෂන්” සංකල්පය යටතේ නඩු පවරන්න කියා බටහිර රටවලින් දැනටමත් ඉල්ලීමක් කර තියෙනවා.

“2019, ජනාධිපතිවරණයෙන් යහපාලකයෝ දිනුව නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කර ලංකාව ඉවරම කර දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මක විදිහට පරාජය කරන්න අපට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕනෑ වෙනවා.”

සම්පූර්න ලිපිය පීඩීෆ් ගොනුවක් ලෙස කියවන්න:අගමැති කතාව 28062020
Sri Lanka Brief

යාපනය ශු.පවුලේ කන්‍යාරාම පාසැලත් අද සිට විවෘතයි…

0

කොවිට් -19 වෛරසය පැතිරීම හේතුවෙන් වසා දමා ඇති සියලුම පාසල් අද පළමු වරට විවෘත කරන්නට යෙදුණි.
ඒ ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පමණි.

මෙම කාල සීමාව තුළ පාසල් පිරිසිදු කිරීම, විෂබීජ නාශක කිරීම සහ පාසල් කාලසටහන් සංශෝධනය කිරීම වැනි කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශ කර තිබේ.
සියලුම පාසල් විෂබීජහරණය කිරීමට STF හි විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ කාර්ය සාධක බලකාය පියවර ගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පොලීසිය සහභාගිත්වයෙන් මෙම විෂබිජහරණ වැඩපිළිවෙල සහ පාසැල් විවෘත කිරිම සිදුකර තිබුණි.
යාපනයේ ශු.පවුලේ කන්‍යාරාමය විදුහල්පති මව්තුමියගේ මුලිකත්වයෙන් එකි කටයුතු සම්බන්ධිකරණය කර තිබුණි.

මොරගහකන්දේ කුකුල් මස් වෙනුවට විකිණෙන මොනර මස්..

0

මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහකන්ද ආශ්‍රිත ගම්මානවල ජනතාව කියාසිටිති.
 
වගා බිම්වලට බරපතල හානි සිදුකරමින් ගැවසෙන මොනරුන් ගිනි අවි හා උගුල් උපයෝගි කර ගනිමින් මරා මස් පිණිස සකසා මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ හෝටල්වලට අලෙවි කරන බව ද සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කරන පිරිස් කියාසිටිති.
 
ඇලහැර, හඹරන මෙන්ම මාතලේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක ආපනශාලාවල කුකුල් මස් වෙනුවට අලවිකරනු ලබන මොනර මස් පිළිබදව පාරිභෝගිකයින් නොදන්නා බවත්, මෙම ජාවාරම කලක් තිස්සේ සිදුවන බවත් ඔවුහු සඳහන් කරති.
 
රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ ද ගිනි අවි අතදරාගත් පුද්ගලයින් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ සැරිසරන බවත්, වන අලි හා වෙනත් වන සතුන් හේතුවෙන් මෙම ප්‍රදේශවලට ආරක්ෂක අංශ හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයින්ට ළගාවීමට ඇති බාධාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙම මොනර ජාවාරම කරන බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියා සිටිති.
 
මේ සම්බන්ධයෙන් අදාළ අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.
ලංකාදිප

තහනම් කුරුල්ලන් හැදු අයට රු 20000 ක දඩයක් …

0

ලබු ගිරවුන් දෙදෙනකු සහ සැලලිහිණියකු තම නිවෙසේ කූඩු කර තබා ගත් පුද්ගලයකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරදකරු බවට පිළිගත් අයට රුපියල් විසිදහසක (20,000) දඩ මුදලක් ගෙවන ලෙසට දෙයියන්දර මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලූෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය විසින් නියෝග කළාය. මෙසේ දඩ මුදල් ගෙවීමට නියම වූයේ කොරඹුරුවාන හතේහේන ඒකනායක ආරච්චිගේ විපුලසිරි නමැත්තකුටය. පැමිණිල්ල වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආක්ෂක ඒ. ටී. ආර්. රවින්ද්‍ර කුමාර සහ එල්. ටී. ධම්මික යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ. අත්අඩංගුවට ගන්නා ලද ලබු ගිරවුන් දෙදෙනා සහ සැලලිහිණියා කඹුරුපිටිය විල්පිට රක්ෂිතයට මුදාහරින ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළාය.
දිණමිණ

වව්නියා බස් අනතුරෙන් 20 දෙනෙකු තුවාල ලබයි.

0

වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (27) අලුයම සිදුව තිබුන අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් අනතුර සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන අතර, තුවාලකරුවන් 05 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසූහ.

බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැක පලකරන කෙරේ.

උතුරේ හා දකුණේ දේශපාලකයො කොරෝනා අස්සේ ඡන්දෙ කරන හැටි…..

0

කොරෝනා මුළු මනින්ම පහව නොගිය තත්වයක් හමුවේ මැතිවරණයක්ද දැන් අප මුව විටට පැමිණ තිබේ.
කෙසේ වෙතත් මේ යථාර්ථයට මුහුණ දෙන්නට නම් කොරෝනා වලින් ප්‍රවේස්ම විම සදහා ගත යුතු හා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
මේ ගැන පසුගිය දිනවල කරන්නට යෙදුන නිරික්ෂණවලදි පැහැදැලිව පෙනි ගියේ උතුරේ දේශපාලනඥයන්ට සාපේක්ෂකව දකුනේ දේශපාලනඥයන් සෞඛ්‍යාරක්ෂක නියෝග පිළිපැදිමෙන් බැහැරව කටයුුතු කරගෙන යන බවකි.
පසුගිය දිනක උතුරේ මඩමරාච්චි ප්‍රදේශයේදි පැවැති රැස්විමකට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සියළුම අපෙක්ෂකයන් මෙන්ම එහි පැමිණ සිටි ජනයාගෙන් බහුතරයක්ද සෞඛ්‍යාරක්ෂක නිති රිති පිළිපදිමින් රටට ආදර්ශයක් දි තිබුණි.
මේ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ එම්.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජ ඇතුළු ප්‍රධාන පෙලේ දේශපාලකයන් පිරිසක් සිටිති.
ඡායා- නිදර්ශන විනෝජිත්

TNA උතුරේ අපේක්ෂකයන් …
දකුණේ පොහොට්ටු අපෙක්ෂකයන්
දකුණේ ඡන්ද අපෙක්ෂිකාවක් වු විශේෂඥ වෛද්‍යවරියක් …
දකුණේ පොහොට්ටුවේ මැතිවරණ රැස්විම්වලට පැමිණ සිටි ජනයා
උතුරේ මැතිවරණ රැස්විමකට පැමිණ සිටි ජනයා
දකුණේ ප්‍රධාන අපෙක්ෂකයන් පිරිසක්
දකුණේ මැතිවරණයට තරඟ කරන දොස්තර අපෙක්ෂකයෙක් සිය නායකයා සමගින්

රාජ්‍ය ආයතන සිදුකරන වධහිංසා නීති ඇතත් නැවතී නෑ!

0

ශ්‍රී ලංකාව හිංසනයෙන් තොර ශිෂ්ට සම්පන්න රටක් බවට පත් කිරීමේ වගකීම ආණ්ඩු විසින් පැහැර ඇති බවට වධහිංසාවට එරෙහි සංවිධාන

වෙතින් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාව වධහිංසාවට හා කෲර අමානුෂික අවමන් සහගත සැලකීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවකු වුයේ 1994 වසරේ සිට වුවත්, වධහිංසා පිටුදැකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ යහපත් ඉතිහාසයක් නොවන බවයි “වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව” පවසන්නේ.

 ජූනි 26 දිනට යෙදී තිබෙන වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට ලක්වූ වින්දිතයන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්  නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව ඒ බව සදහන් කර තිබේ.

 වධහිංසාවෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය මූලික අයිතියක් බවට පත් වුයේ 1978 තරම් ඈත අතීතයේ වුවද, අදටත් රාජ්‍ය අංශයන්ගෙන් සිදුවන වධහිංසනය තීරණාත්මක අගයකින් අඩුවී නොමැති වීම  කණගාටුදායක බව  එම නිවේදනයේ සදහන්ව තිබේ.

 ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවට චෝදනා කරන වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ  එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

නිරෝධායන ඇදිරිනීතිය සමයේ ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බව…

rashmi V

”කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රටපුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වු සමයේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බවටත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව චෝදනා එල්ල කර තිබේ.”

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රටපුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වු සමයේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බවටත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව චෝදනා එල්ල කර තිබේ.

 ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විනය පරීක්ෂණ පවා නවතා දැමීමෙන් හිංසනයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම කියාපාන බව අවධාරණය කරන එම එකමුතුව වැඩි දුරටත් පවසන්නේ, පොලීසියේ හා මිලිටරියේ නිලධාරීන්ගෙන් මෙම කාල සීමාව තුළ සාමාන්‍ය පුද්ගලයන් කෙරෙහි සිදුවු හිංසනයන් පිළිබඳ පැමිණිලි ගනණාවක් ලැබී ඇති බවයි.

 වර්ධනය වන එම තත්ත්වය පිළිබඳව තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවෙන බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

අනුරාධපුර හා මහර බන්ධනාගාරවල මිනිස් ඝාතන !

 කොරෝනා වසංගත සමය තුළ අනුරාධපුර හා මහර බන්ධනාගාරයන් දෙක  තුළ සිදුවුණු මිනිස් ජීවිත බිලිගැනීම්  ඝාතනයන් බවට මේ වන විට ඇස දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත්වී සාක්ෂි ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුතු විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව සිය නිවේදනයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 එමෙන්ම මෙම සිදුවීම්වලට අදාලව ඇස දුටු සාක්ෂිකරුවන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ලබා ගැනීමට නිසි ක්‍රමවේදය අනුව කටයුතු කළ නීතිඥවරයාට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද අවහිරතා සම්බන්ධයෙන් එම එකමුතුව සිය පිළිකුලද පළ කර තිබේ.

 වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩි දුරටත් රජයෙන් ඉල්ලා ඇත්තේ නෛතික කටයුතුවලදී නීතිඥවරුන්ට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්  බවයි.

Sri Lanka Democracy. 2020

එමෙන්ම  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් විසින් පසුගියදා  සිදු කරන ලද උද්ඝෝෂණයන්ට අමානුෂික ලෙස  පොලිසිය  පහරදීමත්   වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව දැඩි ලෙස හෙළා දැක තිබේ.

 මේවනතෙක් කිසිදු අධිකරණයකට නොපමුණුවමින් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන්ද “වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව” සිය අවධානය යොමු කර තිබේ.

හිජාස් හිස්බුල්ලා:

“මේ වනතෙක් කිසිදු අධිකරණයකට නොපමුණුවමින් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ තත්වය පිළිබඳවත් අපේ අවධානය යොමු කරමින් කියා ඇත්තේ ඔහුගේ වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසද, ඔහුට නීතිඥවරයකුගේ සහය ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, වහාම ඔහුව අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලෙසත් රජයට බලකර සිටියි.”  වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 මේ දක්වා සිය ජීවිත අවදානමද නොතකමින්, විවිධ අවහිරතා මධ්‍යයේ වධහිංසනයට එරෙහිව යුක්තිය වෙනුවෙන් කැපවී කටයුතු කළ වධහිංසනයේ වින්දිතයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්, විවිධ බලපෑම්වලට යට නොවී, නිවාරදි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍යවරුන්, හිංසනයට එරෙහිව හඩ නැගු මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාධරයන් වෙතත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව සිය ගෞරවය පිරිනමා තිබේ.
theleader.lk

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනූව ජුනි 29 වෙනිදා සිට පාසල් යළි ඇරඹේ

0

කොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

පාසල් යළි ඇරඹීම අදියර කිහිපයක් යටතේ සිදු කරන අතර ඉන් පළමු අදියර ලෙස ජූනි 29 වනදා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට අපේක්ෂිතයි. පාසල් නැවත ආරම්භ කිරීමේදී අනුගමනය කිරීමට බලාපොරොත්තු වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබදව මෙහිදී ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනූව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම මාර්ගෝපදේශය මේ වන විට දිවයිනේ සෑම පාසලකටම ලබාදී ඇති බවයි.

එමෙන්ම 29 වනදා පාසල් ඇරඹෙන විට සෑම පාසලක්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත්වී ඇතිද යන්න නිරීක්ෂණයට හෙට සිට සතියක කාලයක් තමා අධ්‍යාපන අමාත්‍යවරයාද සමග පාසල් අධීක්ෂණයට සහභාගී වන බව ලේකම්වරයා පැවසුවේය. තවද පාසල් ආරම්භ කරන දින වකවානු පිළිබදව සහ පාසල් ඇරඹීමට සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබදව මීට පෙර පළාත් 9ටම ගොස් එහි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

චකුලේඛයෙහි සදහන් වන අයුරින් පළාත් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු වෙත ඔවුන්ගේ වගකීම් පිළිබදව දැනුවත් කරමින් පාසල දරුවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළ බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
මාර්ගෝපදේශයෙහි සදහන් වන අයුරින් සෑම පාසලකම පිවිසුම් සහ පිටවන ස්ථාන අසල අත් සෝදන දියර, අත් පිසදමන ටිෂූ කඩදාසි, එම කඩදාසි ඉවතලෑම සදහා කසල බදුන් ආදිය තැබිය යුතු වෙයි. එය කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබදව සාකච්ඡාවේදී ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය අනිවාර්යයෙන්ම සෑම පාසලකම ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 485ක මුදලක් දිවයිනේ සියලුම පාසල් වෙනුවෙන් ලබාදී ඇති බවයි.

මීටරේ පරතරය ළමුන් සදහා කෙසේ බලපැවැත්විය යුතුද යන්න පහදමින් ලේකම්වරයා ප්‍රකාශ ක‍ළේ ළමුන් පාසලට පැමිණීමේ සිට මෙම මීටරේ දුරස්ථභාවය තබාගත යුතු බවයි. මෙය පන්ති කාමරය තුළදී පවතින ඉඩකඩත් සමග ප්‍රායෝගිකව අසීරු විය හැකි බැවින් ළමුන් ගෙන්වීමේදී යම් සීමාවක් ඇතිව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. එනම් ළමුන් 40ක් සිටින පන්තියක එකවර ළමුන් 20ක් පමණ ගෙන්වාගනිමින් පන්ති දෙකක් වශයෙන් වෙන්කර සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඉගැන්වීම් කටයුතු කිරීමට අපේක්ෂිතය.

මෙලෙස එකම පන්තියේ සිසුන් පන්ති දෙකකට වෙන්කර ඉගැන්වීමේදී ගුරුවරයාට තරමක් වෙහෙස වීමට සිදුවනු ඇති අතර නගරබද පාසල් වල පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව වැඩි බැවින් නාගරික ගුරුවරුන් හට එකම පාඩම අවස්ථා දෙකකදී දරුවන් වෙනුවෙන් ඉගැන්වීමට සිදුවනු ඇති බවද ලේකම්වරයා සිහිපත් කළේය.

දීර්ඝ නිවාඩුවකින් පසු පාසල් ඇරඹීමත් සමග ළමුන් එක්රොක්වීමට ඉඩකඩ ඇති බැවින් සමාජ දුරස්ථභාවය ළමුන්ගෙන් ගිලිහී යා හැකි බව පිළිබදව විමසුමේදී ලේකම්වරයා කියා සිටියේ මෙම වකවානුව තුළ එකට ආහාරගැනීම් ආදිය සිදු නොකළ යුතු අතර ළමුන් ඒ පිළිබදව සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබදව පසුගිය වකවානුව පුරාම මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රචාරයන් හරහා මනා දැනුවත්භාවයත් ලබාඇති බවට විශ්වාස කරන බවයි.

මෙලෙස ළමුන් පාසල් වලට පැමිණීමේදීද දුරස්ථභාවය තබාගැනීම පිළිබදව ලංගම ඇතුළු ප්‍රවාහන සංගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කර ඇති බවත් ඔහු සිහිපත් කළේය.අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට අනූව, පාසල් ඇරඹීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් පසුවිපරමෙහි යෙදෙනු ඇත. ළමුන් පාසල් වෙත ප්‍රවාහනයේදී දුරස්ථභාවය තබාගැනීම පිළිබද පොලීසිය විසින් පසුවිපරමෙහි යෙදෙන අතර, පාසල තුළ සෞඛ්‍යාරක්ෂාව පිළිබදව පසු විපරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සතුව පවතී. මෙම තත්ත්වය හමුවේ ළමුන් පාසල් වෙත එවීමේදී දෙමාපියන් සතුවද විශාල වගකීමක් පවතී. එනම් දරුවාට මුඛ ආවරණයක් පළදා එවීමට, උණ සෙම්ප්‍රතිශ්‍යාව පවතී නම් දරුවා  පාසල් එයවා සිටීමට මෙන්ම දරුවාගේ ආහාරපාන, පානීය ජලය, පිරිසිදුභාවය පවත්වාගැනීම ආදිය කෙරෙහි දෙමාපියන්ගේ විශේෂ අවදානයක් යොමුවිය යුතුව ඇත. දරුවන් හටද මෙහිදී එක්තරා වගකීමක් පැවරෙනු ඇත. මගතොටේදී සහ තමා පාසලට පැමිණෙන ප්‍රවාහන මාධ්‍ය තුළදී නියමිත දුරස්ථභාවය පවත්වා ගැනීමත් පාසල තුළදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමත් පිළිබදව සෑම දරුවෙකුම සැලකිලිමත් විය යුතුය.

පසුගිය වකවානුව තුළ සිසුන් හට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට බොහෝ පාසල් වල ගුරුවරුන්ට හැකිවිය. නමුත් තාක්ෂණික පහසුකම් නොමැති දුෂ්කර පාසල් වල දරුවන් මෙම අභියෝගයට මුහුණ දෙනු ලැබුවේ මුද්‍රිත මාධ්‍යයෙන් සහ පැවරුම් ආදිය නිවෙස් වෙතට ලබාගනිමිනි. ඒ වෙනුවෙන් එම පාසල් වල ගුරුභවතුන් කළ කැපකිරීමද මෙහිදී ලේකම්වරයා සිහිපත් කළේය.

උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග සදහා ඉදිරියේදී දින නියම කෙරෙනු ඇත. එම දිනයන්ට අනූව විෂය නිර්දේශ ආවරණය කිරීම සදහා පවතින කාලසීමාව ප්‍රමාණවත් වේද යන්න ගැටලුවකි. මේ පිළිබදව ලේකම්වරයා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය සදහා පවතින කාල සීමාව විෂය නිර්දේශ ආවරණයට ගැටලුවක් නොවන අතර පාසල් ආරම්භයත් සමග උසස් පෙළ සිසුන්ගෙන් විමසීම් කර ඔවුන්ගේ පිළිතුරු සලකා බලා සාධාරණ කාලයකදී විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි.

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයද මෙම වසරේ කෝවිඩ් වසංගතයද අප රටෙහි පාසල් වසන්නට හේතුවක් විය. නමුත් එම අභියෝග හමුවේ ක්‍රියාත්මක වූ ආරක්ෂිත වැඩපිළිවෙල මෙවරත් මුල් කාලයට පමණක් සීමා වෙනු ඇතිද යන්න විමසීමේදී ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය හමුවේ ආරක්ෂක විදිවිදාන යෙදූ අතර මෙම අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත විදිවිදාන
අනුගමනය කළ යුතු බවයි. එම තත්ත්වය තුළ පාසල් තුළ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදිය නතර කර සම්පූර්ණ කාලය අධ්‍යාපනය වෙනුවෙන්ම යෙදවිය යුතු අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇති කියනතාක් මෙම සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතු බවයි.
news.lk