Monday, September 30, 2024
Home Blog Page 91

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා …..

0

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන නව වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අරණායක ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට සහභාගි වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි’
තවමත් පළාත් සභා මැතිවරණය පවත්වා නැති බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි වී ඇති බවත් හෙතෙම කීවේය.
මේ අතර දේශපාලන නිරික්ෂණයන් පවසා සිටින්නේ එළඹෙන මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිමට තරම් වන තුනෙන් දෙකක බලයක් පොදු ජන පෙරමුණට ලබාගැනිමට ඇති ඉඩ දැනමත් සිමිත වි තිබිමය.
පසුගියදා මිගමුවේදි පැවැති මධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක කියා සිටියේ කිසිසේත්ම තුනෙන් දෙකක් පොහොට්ටුවට නොලැබෙන බවය.එමෙන්ම 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු යැයි කියන පොහොට්ටු නායකයන්ට එය ඔවුන්ද එක්ව සම්මත කර ගත් එකක් බව දැන් අමතකව ගොස් ඇති බවද කියා සිටියේ .

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතුයි !

0

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඒ මහතා පවසයි.

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.
සැබැවින්ම කඩිනමින් මෙය ගැසට් කළ යුතු වන්නේ බහුතරයක් දේශපාලකයන් මේ ගැන කිසිදු තැකිමක් නොකොට සියළු නීති කඩමින් මැතිවරණ ව්‍යාපාරවල යෙදෙන පසුබිමක් දැනටමත් නිර්මාණය වි තිබිම නිසාය.

පොලිසිය උසාවි අවසරය නොතකයි : සමුලඝාතන අනුස්මරණයකට බාධා!

0

විසිපස් වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ හෙලා සමුල ඝාතනයට ලක්වු එකසිය පනහකට අධික

උතුරේ දෙමළ ජනයා සිහිකරමින් පැවැත්වූ ආගමික උත්සවයකට අධිකරණයෙන් ලබා දී තිබු අවසරය නොතකා පොලීසිය විසින් බාධා පමුනුවා තිබේ.

1995 වසරේ ජුලි 9 වනදා යාපනය නවාලි පල්ලිය, කතරගම හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට හෙලූ බෝම්බ වලින් දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු 147ක් මරණයට පත්වීම වසර 25 ක් පිරීම නිමිත්තෙන් ජුලි 09 බ්‍රහස්පතින්දා පැවැති ආගමික උත්සවයට නිල ඇදුමින් සැරසුන පොලිස් පරීක්ෂකයකු බාධා පමුණුවන අයුරු  උතුරේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.

එම  මාධ්‍යවේදීන් පවසන පරිදි යාපනයේ නවාලි හි ශාන්ත පීතර කතෝලික දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වු ආගමික උත්සවය නතර කිරීම සදහා මානිපායි පොලීසිය විසින් මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුනත් අධිකරණය විසින් එම ඉල්ලීම නිෂ්ප්‍රභ කර ඇත්තේ එම ආගමික උත්සවය සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස නියෝග කරමිනි.

පිළිසකර කරන ලද නවාලි දේවස්ථානය තුළ ආගමික වතාවත් සිදු කර ගුණානුස්මරණය පවත්වද්දී  මිය ගිය තම සමීපතමයන් සිහි වීමෙන්  ඇසට උනන කදුළු පිස දමා ගනිමින් උතුරේ ජනතාව දේව පුජාවට  එක්ව සිටින අයුරු වීඩියෝ දර්ශන තුළ දැක ගත හැකිය.

ප්‍රහාරයෙන් මිය ගිය 130 කගේ නාම ලේඛනයක් ඇතුලත් පුවරුවක් ඉදිරිපිට  ඥාතීන් විසින් මල් පහන් පුද කරන අයුරු දකින්නට ලැබේ.

නවාලි  දේවස්ථාන ගොඩනැගිල්ල තුළ  ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේවස්ථාන වැට මායිමේ ඇති අනුස්මරණ ස්මාරකය අබියස කතෝලික පුජකයන් ඉටි පන්දම් දැල්වීමෙන් අනතුරුව පැමිණි උතුරේ දෙමළ ජනතා නියෝජිතයකුට සහ ජනතාවට පොලිසිය බාධා පමුණුවා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඉටි පන්දමක් දැල්වීම සදහා ස්මාරකයට ළඟා වනවාත් සමග ඔහුගේ අතින් අල්ලා එය වැලැක්වීමට පොලිස් පරීක්ෂකවරයකු කටයුතු කරන ආකාරය වීඩියෝ ගත වී තිබේ.

මළවුන් සමරා වතාවත් පැවැත්වීම “දේශපාලනීකරණයක්” ලෙස චෝදනා කරන නිල ඇදුමින් සැරසුන පොලිස් නිලධාරියා “ජාතිවාදය වැඩ කරන බවට” චෝදනා කරන හිටපු මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ද  සිදු  වේ.

“ආගමික කටයුතු කරන්න කියලා තමයි උසාවිය කියලා තියෙන්නේ. මේකේ ජාතිවාදී කුලවාදී වැඩ කරන්න එපා,” යනුවෙන් හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසද්දී පොලිස් නිලධාරියා සදහන් කරන්නේ “ඔබතුමාලා තමයි මේක ජාතිවාදී කරන්න දඟලන්නේ” යනුවෙනි.

“අපි මැරිච්ච මිනිස්සු සමරනවා එච්චරයි”  හිටපු මන්ත්‍රීවරයා නැවත  පවසද්දී පොලිස් නිලධාරියා පෙරලා පවසන්නේ “මේක මේ දේශපාලනීකරණය කරගන්න එපා ” යනුවෙනි.

කෙසේ නමුත් පොලිස් බාධා කිරීම් සහ දැඩි සන්නද්ධ හමුදා සෙබල පිරිස් මධ්‍යයේත් නවාලි  ස්මාරකයට ඉටි පන්දම් දල්වා  උපහාර දැක්වන්නට ඥාතීන් සමත් වූ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

බෝම්බ මාලාවක්

1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා රැඳී සිටි දෙමළ ජනයාගෙන් පිරී තිබු මොහොතක ගුවන් හමුදා ප්‍රහාර මාලාව සිදුව තිබේ. ජනයා එම වන්දනා ස්ථාන වලට ගොස් ඇත්තේ ආරක්ෂාව සඳහා පොදු ස්ථාන කරා යන ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අනුගත වෙමිනි.

ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් පිරිස් පවසන පරිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය පැවති 1995 වසරේ ජූලි 09 වන දින සවස 4.30 -5.00 ට පමණ “පුකාරා” ගුවන් යානයක් මඟින් නවාලි පල්ලිය, කතරගම මුරුගන් හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට ඉහළින් බෝම්බ 8-13 ක් හෙලා ඇත්තේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමිනි.

උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි ප්‍රහාරයෙන් අනතුරුව හමුවූ මල සිරුරු ගණන 155 කි.

ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 4 දරුවකු සහ 68 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනෙක් ද වේ.

ඝාතනයට ලක්වූවන්ගෙන් 45 ක් පමණ නවාලි පදිංචි කරුවන් යැයි ගණන් බලා වැඩි දෙනෙක් යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිවී වෙනත් ප්‍රදේශ වලින් පලා ආ අයයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථානයට, හින්දු කෝවිලට සහ නිවාස 30 කට පමණ දැඩි හානි සිදුවී ඇත.

“ගුවනින්  බෝම්බ හෙලීම නිසා ඇති වූ තුවාල නිසා මරණය සිදුවීම” ලෙස දැක්වෙන මරණ සහතික රජය විසින් නිකුත් කිරීම මගින් බෝම්බ ප්‍රහාරය එල්ල  කළේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට ප්‍රදේශවාසීන් කරන චෝදනා තහවුරු වේ.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ 605 ක් නිරෝධායනයට !

0

මතට ඇබ්බැහි වුවන් සහ ඔවුන්ට සේවා සපයන වැලිකන්ද කන්දකාඩු පුනුරුත්තාපන කදවුරේ සියලූ කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි 07 වෙනිදා සිට දින 21 ක කාලයක් එම කදවුරේදිම නිරෝධායනය කිරිමට තිරණය කල බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව පුනුරුත්තාපන ලාභින් 474 දෙනෙකු සහ එහි කාර්ය මණඩලය 131 දෙනෙකු ඇතුලූව 605 දෙනෙකු එම කන්දකාඩු පුනුරුත්තාපන කදවුරේදිම අදාල පි.සි.ආර් පරික්ෂණයට ලක්කර නිරෝධායනය කරන බවද ජයසිංහ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

පසුගිය කාලය පුරා විවිධ පලාත් වලින් සහ රටවල් කිහිපයකින් පැමිණි පුද්ගලයින් විශාල පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 සහ 21 ක වශයෙන් නිරෝධායන වු අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකු කොවිඩ් 19 වෛරසයට ගොදුරු වි ඇති බවට හදුනා ගැණිනි
ඒ අනුව මෙම ස්ථානයේ රැදිසිටි පුනුරුත්තාපන රැදවියන්ටද මෙම වෛරසය වැලදි ඇත්දැයි පරික්ෂා කිරිම සදහා අදාල පි.සි.ආර් පරික්ෂණ ඉතා කඩිනමින් සිදුකර ඔවුන් දින 21 ක කාලයක් සියලූ පහසුකම් එම ස්ථානයේදිම ලබා දි නිරෝධායනය සිදු කරන බවද පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසිය.
මෙවන් තත්වයක් මතුව ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිටි එක් රැඳවියෙකුට කොවිඩ් වැළදි ඇති බවට වැලිකඩදි හෙළිවි තිබිමත් නිසාය.

වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

0

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නතර කර තිබේ.     වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.   අදාළ ආසාදිත රැඳවියා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බව වාර්තා වෙයි.  

කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි

0

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් වන්නේද යනාදී වශයෙන් ඉතා කෝපාන්විත ප්‍රශ්න යොමු වන ආකාරය මම දුටුවෙමි. එබැවින් ඒ පිළිබදව සංක්ෂිප්ත සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි.රිය අනතුරකදී අනතුර සිදුකරනු ලබන පුද්ගලයාට ආකාර 2කින් වගකීම ආරෝපණය වේ.1. අපරාධමය වගකීමඑනම් රිය අනතුර සිදු කිරීමෙන් යම් පාර්ශවයකට සිදුකරනු ලබන ශාරීරික හානිය සම්බන්ධයෙන් පැවරෙන අපරාධ වගකීම වේ. මේ පිළිබදව සළකා බලන්නේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදීය. යම් රිය අනතුරක් වාර්තා වූ පසු එම රිය අනතුරට වගකිවයුතු පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරී. ඉන්පසු ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොණු කිරීම සිදුවේ. චූදිත තැනැත්තා අධිකරණය ඉදිරිපිට වරද පිළිගැනීම හෝ අධිකරණයේ නඩු විභාගයක් අවසානයේ වරදකරු වීමෙන් පසුව ඔහුට දඩුවම් නියම කිරීම සිදුවේ. 2. සිවිල් වගකීමමෙය අදාළ රිය අනතුරෙන් හානියට පත් පාර්ශවයට වන්දි ලබාගැනීම සදහා හෝ වෙනයම් හානිපූර්ණයක් සදහා පැවරෙන වගකීමයි. මේ ආකාරයෙන් වන්දි ලබාගැනීම සදහා රිය අනතුරෙන් අගතියට පත්වූ අය හෝ ඒ අයගේ යැපෙන්නන් රියඅනතුරට වගකිවයුතු පුද්ගලයාට අදාළ වාහනයේ අයිතිකරුට සහ එම වාහනය රක්ෂණය කර තිබූ රක්ෂණ ආයතනයට එරෙහිව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරිය යුතු වේ. මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාදිය හැකි උපරිම වන්දි මුදලරිය අනතුරක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකදී අදාළ අපරාධයෙන් අගතියට පත්වූ එනම් තුවාල ලැබූ පාර්ශවයට හෝ මරණයට පත් පාර්ශවයේ යැපෙන්නන්ට යම් වන්දි මුදලක් ගෙවන ලෙස චූදිතට නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකිය. මෙය මෑතක් වන තෙක්ම පැවතියේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිම සීමාවකට යටත්වය. එනම් අපරාධයක වින්දිතයෙකුට වන්දි මුදල් ගෙවන ලෙස නියම කිරීමට මහෙස්ත්‍රාවරයෙකුට හැකියාව තිබුණේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිමයක් දක්වා පමණි. නමුත් වර්ෂ 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගින් මෙම තත්වයේ යම් වෙනසක් සිදුවිය. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත රිය අනතුරු සම්බන්ධයෙන් වන්දි වලට අදාළව ඉහත කී පනතේ 28 (1) වගන්තියේ දක්වා ඇති ප්‍රතිපාදන වැදගත් වේ:-

28 (1) අධිකරණ සංවිධාන පනතෙහි සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි එරෙහිව කුමක් වුව ද, සෑම මහාධිකරණයක් සහ සෑම මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් ම වරදක් සම්බන්ධයෙන් ඒ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ යම් තැනැත්තකුට, එමවරදකරු කිරීමෙන් අනතුරුව ඒ තැනැත්තා වෙත පනවනු ලැබියහැකි යම් දණ්ඩනයකට අමතරව,

(අ) (i) වන්දියක් ලෙස අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු වෙත ගෙවිය යුතු රුපියල් මිලියනයකට නොවැඩි මුදලක් හෝ

(ii) ඒ වරද සඳහා ගෙවිය යුතු උපරිම දඩ මුදලින් සියයට විස්සකට නොවැඩි මුදල් ප්‍රමාණයක් හෝ

(ආ) (අ) ඡේදයේ සඳහන් වන්දි මුදල සහ ගෙවිය යුතු උපරිම දඩ මුදල යන දෙකම,

අධිකරණයට ගෙවීමට නියම කරනු ලැබිය හැකි ය.

ඒ අනුව යම් පුද්ගලයෙකුට රිය අනතුරක් හෝ වෙනත් සිද්ධියක වින්දිතයෙකුට අපරාධ වගකීම යටතේ අයකරගත හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) වේ. ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්ද?මේ අනුව පුද්ගලයෙකුගේ ජීවිතයක අතක පයක වටිනාකම රුපියල් මිලියනයක් එනම් ලක්ෂ දහයක් පමණක්ද යනුවෙන් කෙනෙකුට ගැටලුවක් මතු විය හැකිය. අපරාධ අධිකරණයක් යනු අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා මිස පුද්ගලයන්ට වන්දි ප්‍රදානය කිරීම සදහා පිහිටවූ අධිකරණයක් නොවේ. වන්දි යනු සිවිල් නීතිය යටතට වැටෙන සංකල්පයකි. අපරාධ අධිකරණ වල ඉහත කී සීමාව තුල පවා ලක්ෂ දහයක් දක්වා වන්දි ලබාදීමට ප්‍රතිපාදන තිබීම සතුටු විය යුතු තත්වයකි. යම් වින්දිතයෙකුට අපරාධ අධිකරණයේදී ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා ඇති විසදුම වන්දි ලබාගැනීම සදහා දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමය. දිසා අධිකරණයේදී අදාළ අනතුර හෝ අපරාධය හේතුවෙන් සිදුවූ අලාභයේ ප්‍රමාණය තක්සේරු කොට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. නීතිඥවරුන් සදොස්ද?කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර මේ වන විට පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණයේය. එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී රිය අනතුරෙන් මියගිය පාර්ශවයේ යැපෙන්නන්ට යම් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට තම සේවා දායකයා සූදානම් බව කුසල් මෙන්ඩිස්ගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. මාධ්‍ය වාර්තා කළ ආකාරයට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ඉල්ලා ඇත. බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී ඇත්තේ මෙම ක්‍රියා කළාපයයි. එහිදී මරණයට පත් තැනැත්තාගේ දුගී දුප්පත් නිවසේ ඡායාරූප දක්වමින් “ඔහු දුප්පතෙකු වීම නිසා නීතිඥවරුන් එකතු වී ඔහුගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට තක්සේරු කර ඇත” යනුවෙන් වන ඉතාම සාවද්‍ය චිත්‍රයක් මැවෙමින් තිබෙන බව පෙනේ. එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. රිය අනතුරක් සම්බන්ධ නඩුවකදී සැකකරුගේ පාර්ශවය විසින් යම් වන්දියක් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලා සිටීම යනු මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා ගතහැකි උපරිම වන්දි මුදල ඉල්ලා සිටීමකි. මරණයට පත්වූ තැනැත්තා දුගී දුප්පතෙකු වුවද කෝටිපතියෙකු වුවද මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාගත හැකි උපරිම වන්දි මුදලේ වෙනසක් වන්නේ නැත. එය කුමන තත්වයක් යටතේ වුවද රුපියල් ලක්ෂ දහය ඉක්මවන්නේ නැත. ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් මියගිය තැනැත්තාගේ යැපෙන්නන්ට අවශ්‍ය නම් ඒ සදහා දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරිය හැකිය.
නීතිඥ අතිල අතාවුද

රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියෙකුට කොරෝනා: වැලිකඩ පීසීආර් පරීක්ෂණ ඇරඹේ !

0

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින් 

Press Release 07.07

මාලිගෙන් කුසල් මෙන්ඩිස්ට සුපිරි අවවාදයක් : අධිකරණයෙන් ඇප ලැබේ

0

රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශරීර ඇප දෙකක් හා රුපියල්

මිලියනයක ඇපයක් මත මුදාහැරීමට නියෝගකර ඇත. 

ඊයේ (05) අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු පැදවූ රියේ ගැටී පාපැදිකරුවකු මිය ගියේය. අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබිණ.

මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි දෙදරු පුද්ගලයෙකි. 

සිද්ධියෙන් පැයකට පමණ පසු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ බාර වී තිබුණි.

අනතුර සිදු වු අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද කුසල් සමග එම රථයේ සිට ඇත. 

කුසල් ට මාලි දුන්න අවවාදය මෙන්න 


සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ මෙසේ සඳහන් කර තිබේ.

”ඊයෙ අළුයම 05.00 ට පමණ , ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රියේ ගැටී, පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී , 64 හැවිරිදි, නෙවිල් පීරිස් නැමති දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් විය. 

සිද්ධිය සිදුවී, පැය කිහිපයක් ඇතුළත ඒ ගැන සොයා බැලීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සමඟ මා ද, අදාළ ස්ථානය වෙත ගියහ. 

එහිදී අපට දැන ගන්නට ලැබුනේ, දින දෙකක් තිස්සේ අඛණ්ඩව රිය ධාවනයෙහි යෙදී තිබීම නිසාත්, කුසල් ඉතා අවිවේකයෙන් පසුව තිබීම නිසාත්, ඔහුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ කුසල් සමග ආරම්භක පිතිකරු, අවිශ්ක ප්‍රනාන්දු ද රථයේ ගමන් කර ඇති අතර, ඔවුන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසේ සිට නිවෙස් බලා එමින් සිටියදී අනතුර සිදුව ඇති අතර, ඔවුන් කිසිවකුට අනතුරින් හානියක් සිදුවී නොතිබිණි.

සිද්ධිය පාදක කරමින්, සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ලැව්ගිනි සේ හුවමාරු වනු දක්නට ලැබුණු අතර, නඩු කටයුත්තක් බැවින් ඒ ගැන කරුණු දැක්වීමෙන් වැළකී සිටිමි.

අප අදාළ ස්ථානයට යන විටත්, ශ්‍රීලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, දනංජය සිල්වා ඇතුළු බොහෝ ක්‍රීඩකයින් පානදුර උතුර පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර කුසල් සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් හා වේදනාවෙන් පසුවිය. 

Lasith Malinga 20එහි දී, ලසිත් මාලිංග විසින් කුසල් ට හරි අපූරු අවවාදයක් ලබාදෙමින් මෙසේ පැවසිය.

”මල්ලි මේක ඇක්සිඩන්ට් එකක්. උඹ හිතලා හැප්පුවෙ නෑ කියලා අපි හැමෝම දන්නවා. ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි හොයල බලලා කරමු. ඊට කලින් මේ හැම දෙයක්ම නීතියට අනුව වෙන්න දීපං.

 අරයට මෙයාට කියලා කෝල් කරන්නම්, උඹව එළියට ගන්නම් කියලා ගොඩක් අය මේ දවස් වල උඹට කතා කරයි. ඒ හැමෝටම කියපං මේක පොලීසියට කරන්න ඉඩ දෙන්න කියලා. මොකද එළියෙ ඉන්න මාධ්‍ය කාරයො කැමරා දික් කරගෙන ඉන්නෙ උඹට ගහන්න. 

කව්රු,  කොහොම කිව්වත් අපි හෙට උසාවි ගිහින්, නීතියට අනුව වැඩ ටික කරලා , ඒ දෙන දඬුවම බාරගමු. උසාවියත් දන්නවා මේකඇක්සිඩන්ට් එකක් කියලා, ඒක නිසා උඹ බයවෙන්න එපා.”


ඒ වනවිටත් කුසල් ගේ පාර්ශවය විසින් අනතුරින් මියගිය අයගේ ආදාහන කටයුතු සියල්ල සූදානම් කර දී තිබූ අතර, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් නොපිරිහෙලා ඉටුකරන බවද ප්‍රකාශ කළහ.

මහින්දානන්දට එරෙහිව විමර්ශනයක් කරන්නැයි පැමිණිල්ලක් !

0
messenger sharing button

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින්, සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව අද

( 06) දින ක්‍රිඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දෙන ලදී.

එම අවස්ථාවට සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චරිත් ගලහේන, මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් අපේක්ෂක සුරේෂ් කරුණාතිලක, දිනේෂ් කුමාර්, හා ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවා දුන්නේ යයි මහින්දානන්ද අලුත්ගමගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට එරෙහිව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ගොනු කළ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

 113255750 2aa5bfde 0f62 4005 9a3d 76e7fc6fbe8cමේ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇති හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබෙන්නේ නිසි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන, සාක්ෂි නැතැයි පවසමින් පොලිසිය අදාළ විමර්ශනය අවසන් කර ඇති බවය. තමා මේ සම්බන්ධයෙන් ජූලි 03 ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත:

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය සහ 11 ඊ යන වගන්ති ද පදනම් කරගෙන තිබේ.

එම පනතේ 13 වගන්තිය අනුව සාවද්‍ය චෝදනා එල්ල කිරීම වරදකි. එහි මෙලෙස සඳහන් වේ.

“මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.”

මේ පනත යටතේ සිදු කරන යම් විමර්ශනයක කාර්යය සඳහා ඒකකය විසින් යම් තොරතුරක්, වාර්තාවක් හෝ ලේඛනයක් සපයන ලෙස හෝ යම් ප්‍රකාශයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි විට දැන දැනම සාවද්‍ය, අසම්පූර්ණ හෝ නොමග යවන සුළු තොරතුරක් වාර්තාවක්, ලේඛනයක් හෝ සාවද්‍ය ප්‍රකාශයක් කිරීම වරදක් බව එම පනතේම 11 ඊ වගන්තියේ දැක්වේ.

පොලිස් විමර්ශන අවසන් කිරීමට හේතුව:

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය ඔස්සේ කළ හෙළිදරවුවට අදාළ පැමිණිල්ල ජුනි 24 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සටහන් කරගෙන තිබුණි.

ඒ අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශනයක් ආරම්භ විය.

එම විමර්ශනයට අදාළව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සමයේදී තේරීම් කමිටු සභාපති ලෙස ක්‍රියා කළ අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවකට නායකයාව සිටි කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග යන අයගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලදි. මහේල ජයවර්ධන කැඳවා තිබුණ ද පසුව ඔහුට එදින නොපැමිණෙන ලෙස දන්වා තිබුණි.

එහෙත් මහේල ජයවර්ධන අදාළ දිනයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.


319725 kumar sangakkara mahela jayawardeneජූලි 03 වැනිදා අදාළ පොලිස් විමර්ශන අවසන් කළ බව‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පැවසුවේය.

“ප්‍රකාශ සටහන් කිරීමට අමතරව ලේඛන ගණනාවක් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු සාක්ෂි අනුව තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය ද සාක්ෂි ලෙස පදනම් කරගෙන මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

‘ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ’ -මහින්දානන්ද පුන පුනා කියයි 

පොලිස් විමර්ශන ගැන සැහීමකට පත් නොවූ තමන් ඒ ගැන සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“මම පැහැදිළිව සඳහන් කළා ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ. තොරතුරු ගන්න ඕනා අය කවුරුන්ද කියලා. තොරතුරු ගත්තේ එවකට තේරීම් කමිටුවේ සභාපතිගෙන් විතරයි. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරං ලිපි ගොනු වහන්න පුළුවන්ද ? මේ විදියටමයි පොලිසිය පහුගිය කාලේ කළේ. පොලීසිය තමන්ගේ වැරැද්ද වහගන්න වැරැද්ද මගේ පිට දාලා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ට තොරතුරු ලබා දී ඇතැයි ඔහු පවසා තිබුණි.

සාක්ෂි නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියයි:

ICC Reutersමේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

JVP 2020.07.06

(උපුටා ගැනීම් – BBC සිංහල සේවය)මහින්දානන්දගේ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින්, සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් ක්‍රිඩා ආමාත්‍යංශය වෙතට..

අගමැති පොලොන්නරුවෙන් කියා පෝස්ටර් ගහලා!

0

”අද පොළොන්නරුවේ පෝස්ටර් ගහලා තියෙනවා ඊලඟ අගමැති පොළොන්නරුවෙන් කියලා. ගොනා හැරෙන්නේ පොල් පැළේට කියලා

අපිට හොදට තේරේනවා. මෛත්‍රී මේ එන්න හදන්නේ මොකාට ද කියලා අපිට හොදට තේරෙනවා. ඒකයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මේ රටේ ඊළඟ අගමැති වෙන කවුරුත් නෙමෙයි. මහින්ද මහත්තයා තමයි මේ රටේ ඊළග අගමැති. ඒක වෙනස් කරන්න කාටවත් බෑ.” යයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඇමතිවරයා එබව සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ පහුගිය දා (03) පැවති රැස්වීමක දීය. අගමැති මහින්ද රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අය ද එම අවස්ථාවට එක්ව සිටියේය.

”අපි පොහොට්ටුවේ, මෙදා සන්ධාන පිළිබද වගකීමක් නැහැ”

ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බව ද එහිදී අවධාරණය කර සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, මෙවර මහ මැතිවරණයට තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ සන්ධානයකින් නොවන බවත්, තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ පොහොට්ටුව ලකුණින් බවත් ඒ නිසා සන්ධාන පිළිබද තමන්ට වගකීමක් නොමැති බවත් කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.

”මම හැමදාම හැමතැනම කියන දේ තමයි මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන එක. මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මහින්ද මහත්තයත් එක්ක එදා රෑට කාලා කරඬුව ඔළුවේ තියාගෙන ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්න කෙනෙක් තමයි මෛත්‍රී. එහෙම මිනිහෙක් ව විශ්වාස කරන්නේ කොහොම ද? 2015 මහින්දට අගමැති වෙන්න තිබුණු අවස්ථාව නැති කළේ මෛත්‍රී.

දැන් සමහරු කියනවා අපි මේ මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින් කියලා. අපි සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට විතරයි. මහ මැතිවරණයට ඔය සන්ධාන අදාළ නෑ. එදා ජනාධිපතිවරණයට ගහපු සන්ධාන මහ මැතිවරනයට වලංගු නෑ.

Prasanna Ranathunga

ජනාධිපතිවරණයට අපි සන්ධාන ගැහුවේ 51% ගන්න. එයාලා කපටි වෙනකොට අපිත් ටිකක් කපටි විදිහට වැඩ කළා. මම මෙච්චර කෑ ගහන මිනිහා අඩියක් පස්සට අරන් ඒකට එකඟ වුණේ 51% ගන්න ඕන නිසා. සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. දැන් ඒක ඉවරයි. මේ මැතිවරණයේ අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. ඒ නිසා සන්ධානයේ කොන්දේසි උල්ලංඝණය කරනවා යැයි කාටවත් මට චෝදනා කරන්න බෑ.

”සභාපති මෛත්‍රී නෙමෙයි, ජී.එල්.පීරිස් ඇමතිතුමායි ”

සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

අපි මේ මැතිවරණයේ මන්ත්‍රීධූර 150 ක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි මන්ත්‍රීධූර 150 ක් ගන්නකොට මහින්ද මහත්තයාව දාලා යන්නේ නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ.

මෛත්‍රීගේ අය දිනලා ඇවිත් කකුලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ?

දැන් පොහොට්ටුව ලකුණින් මෛත්‍රීගේ පිරිසක් තරග වදිනවා. අනුරාධපුරයෙන් 03, පොළොන්නරුවෙන් 03, කුරුණෑගලින් 02, ගම්පහින් 01, හම්බන්තොටිනුත් 01. ඒවගේ රට පුරාම ඉන්නවා. ඒ අයගෙන් 10ක්වත් පාර්ලිමේන්තුවට ඇවිත් අපිට කොන්දේසි දැම්මොත්, ගෝඨාභය මහත්තයාගේ කකුලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ? ඒකයි මම කියන්නේ මෛත්‍රීට ගෑවුණු කිසිවෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා.

පක්ෂයකින් ඉල්ලනවා නම් මේ අය අඩුම තරමේ පක්ෂයේ නායකයාගේ පිංතූරේවත් ගහගෙන යන්න එපැයැ. මේ කවුරුත් මෛත්‍රී ගේ පිංතූරේ ගහගෙන යන්නේ නෑ. එහෙම කළොත් බඩු බනිස් කියලා එයාලා දන්නවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මෛත්‍රීගේ ෆොටෝ ගහගෙන ගිහින් දිනලා පෙන්වන්න.”

ජනපති ගෝඨාභය, මෛත්‍රී සමග කැන්වසිනුත් යයි

එසේ, අගමැති මහින්ද රාජපක්ෂ සිටින වේදිකාවේ සිට අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ව පතුරු ගහද්දි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජුලි 06) පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වුයේ මෛත්‍රීපාල සිරිසේන සමගය.
theleader.lk

Gotabaya Maithripala dudly
Gotabaya Maithripala 2020