Monday, November 25, 2024
Home Blog Page 90

කාන්තාවන් වසංගතයෙන් පීඩා විඳින හැටි: රනිල්ගෙන් කාන්තාවන්ට පාඩම්

0

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ  ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍යවරයා,

වසංගතයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන්ගේ ආර්ථිකයට බව ප්‍රකාශ කර තිබේ.

“ආර්ථිකය හැම එක්කෙනාටම බලපානවා. ඒත් දැන් එන වාර්තා හැටියට වැඩියෙන්ම බලපාන්නේ කාන්තාවන්ට. රැකියා නැති වෙන්නේ කාන්තාවන්ට. බලන්න අපේ ප්‍රධානම මාර්ගයක් ඒ තමයි ඇගලුම් කර්මාන්තය. අද ඇගලුම් කර්මාන්ත වැහිලා. සමහර කර්මාන්තශාලා වහලා ආපහු විවෘත කරන්නේ නෑ. කාන්තාවන්ට තමයි රැකියා නැති වෙන්නේ. මැදපෙරදිග කාන්තාවන්ට ආපසු රැකියා නැති වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන අංශ දෙකක්. විශේෂයෙන්ම කාන්තාවන්ට තමයි වැඩියෙන්ම බලපාන්නේ. “

ඇතැම් කර්මාන්තශාලා වල ස්ථිර නොවු  සේවකයන් ඉවත් කිරීමේදී ද එහි පෙරමුණේම සිටින්නේ කාන්තාවන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ජුලි 21 අගහරුවාදා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති “ලක් වනිතා” හමුව අමතමිනි.

රැකියා ලක්ෂ දහයක් පමණ අහිමි වීමේ අනතුරක් !

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු කාන්තාවන්ගේ ප්‍රශ්න සදහා විසදුම් සොයා ගත හැකි බව පවසන හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී තව දුරටත් අවධාරණය කළේ, වසංගතය හමුවේ රැකියා ලක්ෂ දහයක් පමණ අහිමි වීමේ අනතුරක් පවතින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ  සංඛ්‍යාලේඛන ඇසුරින් ‘වෙරිටේ පර්යේෂණ ආයතනය’ පසුගියදා හෙළිදරව් කර තිබුනේ, ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය  “රට විරුවන් ලෙසින් ” විරුදාවලි ලත්  විදේශ සේවා නියුක්තිකයන් බවයි.

Foreign Employment

එම වසරේ විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට උපයා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි හැට හතකි.  ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ විසි පන්දහසකට ආසන්න මුදලක් වන එය රටට ගලා ආ විදේශගත ධනයෙන් අඩකටත් වැඩිය.

 එම වාර්තාවේ දැක්වෙන පරිදි විදේශගතව රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑ පහකට වඩා සේවය කරන්නේ මැදපෙරදිග රටවලයි. එයින්ද බහුතරය කාන්තාවන්ය.

ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්  වසංගත අවදානමට මෙන්ම රැකියා අවදානමටත්  මුහුණ දී සිටින අතර කිහිප දෙනකු මේ වන විට විදේශ තුළම  මියගොස් ඇති අයුරු මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

”විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්  වසංගත අවදානමට මෙන්ම රැකියා අවදානමටත්  මුහුණ දී සිටින අතර කිහිප දෙනකු මේ වන විට විදේශ තුළම මියගොස් ඇති අයුරු මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

කාන්තාවන් ප්‍රධාන කරගත් පවුල් නගා සිටුවීම සදහා ආධාර ලබා දීමේ අවශ්‍යවයත් එහිදී පෙන්වා දුන් එජාප නායකයා “ලක් වනිතා” සභාව අමතමින් වැඩි දුරටත්  සදහන් කළේ කාන්තාවන් යළිත් රැකියා වෙළදපොලට ඇතුල් කිරීමේ ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බවයි.

 කොරෝනා වසංගත සමය තුළ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවු  බවත්, ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති ධුරය හෙබවු එජාප නායක රනිල් වික්‍රමසිංහ එහිදී සදහන් කළේය.

theleader.lk

මංගලගේ මාතර එජාප සංවිධායක ධුරය උපුල් නිශාන්තට!

0

එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසනයේ සංවිධායක ලෙස උපුල් නිශාන්ත සුභාවික්‍රම පත්කර ඇත.එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාල පත්වීමේ ලිපිය ‘සිරිකොත’ එජාප මුලස්ථානයේදී අද (ජුලි 21) පෙරවරුවේදී ලබාදී තිබේ.

ඔහුව එම තනතුරට පත්කර ඇත්තේ, එම තනතුරේ කටයුතු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිවරණ දේශපාලනයෙන් ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහාය.

මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන උපුල් නිශාන්ත සුභාවික්‍රම, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් දේශපාලනයට එක්වූවෙකි.

මාතර මහා නගර සභාවේ හිටපු සාර්ථකම නගරාධිපතිවරයකු වන ඔහුගේ පාලන කාලයේ තුල දී එම නගර සභාව දෙවරක් ශ්‍රී ලංකාවේ හොඳම නගර සභාව ලෙස සම්මානයට පාත්‍රවිය.

පලාත් පාලන ක්ෂේත්‍රයේ වසර 25 ක පලපුරැද්දක් සහිත ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නගරාධිපති සමුලුවේ ආසියා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂක වරයාව ද සිටියේය. එසේම, UCLG ලෝක පලාත් පාලන සංසදයේ  අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කලේය.

තමන්දැරෑ ශ්‍රීලංනිප මාතර සංවිධායක ධූරයෙන් හා නගරාධිපති ධුරය අත්හරිමින් එජාපයට 2011දී මොහු එජාපයට එක්වුයේ, රාජපක්ෂ පාලනයේ දූෂණ වලට එරෙහිවෙමිනි.උපුල් නිශාන්ත මාතර මහා නගර සභාවේ වත්මන් විපක්ෂ නායක වරයාය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර සමග ඉතාමත් සමීපව දේශපාලනය කල ඔහු ඇමතිවරයාගේ මාතර කාර්ය මණ්ඩල ප්‍රධානී හා සංවර්ධන කටයුතු බාරව කටයුතු කලේය.

එක්සත් ජාතික පක්ෂ මාතර ආසන සංවිධායක ධුර පත්වීම් ලිපිය:

තුනෙන් දෙකක් නැතුව, කොහොම කොරෝනා ඉවර කොරන්නද? – ගාමිණී වියන්ගොඩ

0

කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය.

මොහොතකට මෙසේ සිතන්න: කෝවිඩ් වෛරසය ලංකාවට පැමිණි අවස්ථාව මැතිවරණයක් නැති කාලයක් වි නම්, මීට වඩා සාර්ථකව එය මර්දනය කිරීමට අපේ පාලකයන් සමත් විය හැකිව තිබුණා නොවේද?

එක් තරුණ ස්වාමිදුවක් අයථා ආලයක විරහ වේදනාවෙන් හිසට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගත්තාය. ඇගේ මළ සිරුර මුලින්ම දකින එම නිවසේ නූගත් මෙහෙකාර කෙල්ල, ලේ හලාගෙන විරූපව සිටින ස්වාමිදුවගේ මළ සිරුර ඒ ආකාරයෙන් ගම්මුන් දකිනවාට නොකැමැති විය. එනිසා ඈ වහ වහා මිනිය පිරිසුදු කළාය. ලේ තැවරුණු ඇඳුම අහවර කොට අලූත් ලස්සන ඇඳුමක් ස්වාමිදුවට ඇන්දුවාය. ගම්මුන්ට මේ මරණය සැළවීමට කලින් මළමිනියේ මුහුණ පවා පියරු ගල්වා පැහැපත් කළාය. (මෙය, ඉස්ඛෙල් අයියන්දේගේ ‘ඊවා ලුනා’ නමැති නවකතාවේ එන එක් සිද්ධියකි).

වර්තමාන පාලකයෝ මාස හතක තමන්ගේ පාලනයේ අසාර්ථක කතාව රටවැසියන් දැනගැනීමට කලින් ඒ  වැසියන්ගේ ඡන්දය ලබාගත යුතුව ඇතැයි සිතූහ.

එහිදී, MCC ගිවිසුම ටිකක් පස්සට තල්ලූ කෙරුණි. හෝමාගම දැවැන්ත ක්‍රීඩාංගන හැදීමේ සැලසුම ටිකකට පැත්තකින් තැබුණි. සංගක්කාර සහ මහේලට විරුද්ධව ආරම්භ කළ පොලිස් පරීක්ෂණ හිටිහැටියේ වහා නතර කෙරුණ‚. මහා අපරාධයක් සම්බන්ධයෙන් චූදිතයෙකුව සිටින රංගජීව නමැති පොලිස් නිලධාරියෙකු ලවා මාධ්‍ය ප්‍රජාවෙන් සමාව ගැනීමට සැළැස්වුණි.

එපමණක් නොව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් පෙන්වා දෙන පරිදි, දවසට කොරෝනා ආසාදිතයන් 200 කට අධික සංඛ්‍යාවක් සොයාගත් අවස්ථාවේ පවා, එම ප්‍රමාණය 56 ක් පමණකියි රටට බොරු කීවේය.

”එපමණක් නොව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් පෙන්වා දෙන පරිදි, දවසට කොරෝනා ආසාදිතයන් 200 කට අධික සංඛ්‍යාවක් සොයාගත් අවස්ථාවේ පවා, එම ප්‍රමාණය 56 ක් පමණකියි රටට බොරු කීවේය.”

වෛරසයක් නතර කරගෙන තබාගැනීම හෝ දීර්ඝ කාලයක් වසං කිරීම උගහට ය. කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මේ වන විට 500 කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මීට මාස කිහිපයකට කලින් මේ වෛරසයේ ආසාදිතයන් ලංකාවෙන් සොයාගැනීමට පටන්ගත් දා සිට දින දෙක තුනක් ඇතුළත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එක ස්ථානයකින් සොයාගත් අවස්ථාව එයයි.    

covid sirport

යම් කාලයක් විදේශගතව සිට අප ලංකාවට ආවේ පසුගිය මාර්තු 3 වැනි දා ය. එසේ ලංකාවට ඒම සඳහා පිටත් වෙද්දී, අවසානයේ කටුනායකින් නිරෝධායනයට යාමට සිදු වේය යන බරපතල සැකයක් අප තුළ විය. එවැනි සැකයක් ඇති වුණේ, ඒ වන විට යුරෝපයේ කොරෝනා වසංගතය ඉතා උග්‍ර මට්ටමට පත්වෙමින් තිබුණු තත්වය තුළ ඕනෑම මොහොතක ලංකාව වැනි රටක් මේ ගෝලීයකරණය තුළ ඉතා පහසුවෙන් එම උවදුරට ගොදුරු විය හැකිය යන අවදානම පිළිබඳ නිසි තක්සේරුවක් අපේ පාලකයන් තුළ ඒ වන විට ඇතැයි අප විශ්වාස කළ නිසා ය.

අපේ ගමනේ අතරමැද ගුවන් තොටුපොළකදී ඉතාලියේ සිට ලංකාව බලා එමින් සිටි මගීන් තිහ හතළිහක්ද යානයට ගොඩ වූහ. ඒ වන විට ඉතාලිය පිළිබඳ පැවති ‘නරක නාමය’ නිසාම, කටුනායකදී අනිවාර්යයෙන්ම අපව නිරෝධායනයට ‘හසු වනු’ ඇතැයි යන සැකය තවත් වැඩි වුණි.

 අහස්යානාවේදී අපට පත්‍රිකාවක් ඛෙදා දුනි. එහි ප්‍රශ්න ගණනාවක් විය. උණ තිබේද, සෙම්ප්‍රතිශ්‍යාව තිබේද, කොරෝනා රෝග ලක්ෂණ තිබේද ආදී ප්‍රශ්න රාශියක් එහි විය. ඒ සියල්ලට අපේ උත්තරය වුණේ ‘නැත’ යන්නයි. මේ උත්තරය කෙනෙකුට බොරුවටත් දිය හැකිය. ඒ නිසා, අප ඒ පෝරමය නිවැරදිව සහ අවංකව පුරවා ඇත්දැයි කටුනායකදී පරීක්ෂාවට ලක්වෙනු ඇතැයිද අපි සිතුවෙමු.

එවැනි කිසිවක් සිදු වුණේ නැත. කටුනායක ගුවන් තොටුපොළේ එක ස්ථානයක සිටි නිලධාරීන් දෙන්නෙක් ඒ පෝරම අපෙන් එකතු කරගත්තා මිස ඒවායේ සඳහන් තොරතුරුවල නිරවද්‍යතාව නිකමටවත් සොයා බැලූවේ නැත. කෙසේ වෙතත්, කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකින් තොරව, අප කටුනායකින් එළියට ආ විට, කරදරයක් නොවී එසේ ඒමට හැකි වීම ගැන හිතේ කොනක යම් සතුටක් තිබුණත්, අනිත් පැත්තෙන්, මේ සමස්ත ක්‍රියාවලිය තුළ භයානක අවදානමක්ද ඇති බව අපට වැටහුණි.

avilenasuluyiරීගල් සිනමාහලේ ‘ඇවිලෙනසුලූයි’ චිත්‍රපටයේ මංගල දර්ශනය

අනතුරුව ආපසු පාරතොටේ යන විටත් කොරෝනා පිළිබඳ බරපතලකමක් පොදුවේ රට තුළ ඇති බවක් පෙනෙන්ට නොවුණි. හැම තැනකම පෙනෙන්ට තිබුණේ, ළඟ එන මැතිවරණය ගැන උණුසුමයි. ඒ නිසා, ඉස්සර වාගේම අපිත් යාළුවන් හමුවීමට, ප්‍රියසාදවලට යාමට, රැස්වීම් ආදිය පැවැත්වීමට යුහුසුලූ වීමු.

කොටින්ම, යුරෝපයෙන් එද්දී සිතින් ගත් ‘අධිශීලය’ ලංකාවට පැමිණ දවසකින් දෙකකින් අපේ සිතෙන් ඉබේ පවාරණය විය. අවසානයේ රීගල් සිනමාහලේ ‘ඇවිලෙනසුලූයි’ චිත්‍රපටයේ මංගල දර්ශනයට පවා ගියමු.

ඊට පසුවදා  මුළු රටම වසා දැමූ අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නයක් මට ඇති විය. ලංකාවට පැමිණ ගත වූ සති දෙකක පමණ කාලය තුළ, යම් හෙයකින් මා සහ මගේ බිරිඳ, දැනුවත්ව හෝ නොදැන්වත්ව කොරොනා ආසාදිතයන්ව සිටියේ නම්, මේ කාලය තුළ අඩු වශයෙන් තව තුන්හාර සීයකටවත් අප දෙදෙනාගේ මාර්ගයෙන් පමණක් සෘජුවම එය බෝ විය හැකිව තිබුණි.

නාමයෝජනා භාරගන්නා දිනය වන තෙක්…

මේ කියන කාලය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන් යම් ප්‍රමාණයක් සොයාගෙන තිබුණු අතර, ඒ අතරින් මියගිය කිහිප දෙනෙක්ද සිටියහ. එහෙත්, ඊළඟ මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා දිනය වන තෙක්, කොරෝනා බෝ වීම ඉබේ වැළැක්වන හාස්කමක් ලංකාවට ඇතැයි පාලකයන් සිතා සිටි බවක් පෙනෙන්ට තිබුණි. රට වසා දැමීමට, නාමයෝජනා භාරගෙන අවසන් වන තෙක් සිටියේ එබැවිනි.  

කොරොනා වසංගතය ඉදිරියේ පාලකයන් සැලකිල්ලට ගත යුතු කාරණා බොහොමයකි. ඒවායේ වැදගත්කමේ අනුපිළිවෙළ අනුව, ඉන් මුල් තැනට ගැනෙන්නේ, සෞඛ්‍ය සහ ආර්ථීක කාරණා ය.

රටක් යනු, භෞතික අර්ථයකින් ගත් විට, මුලින්ම මිනිස් ජීවිත ය. දෙවැනුව, ඒ මිනිසුන් ජීවත් වන සහ ජීවත් කරවන ආර්ථීකයන් ය.

සෙසු සියලූ කරුණු, එනම් ආගමික, සමාජයීය සහ දේශපාලනික ආදී කරුණු ගැන සැලකිය යුත්තේ ඉන් පසුවයි.

එහෙත්, ලංකාවේ කොරොනා වසංගතයේ ව්‍යාප්තිය ගැන සැලකීමේදී ලංකාවේ පාලකයන්ගේ ප්‍රමුඛතම අවධානය යොමු වුණේ, අන් සියල්ලට වඩා, දේශපාලනික කාරණාවකටයි. එනම්, මහ මැතිවරණය මොන කොරෝනාවක් අස්සේ වූවත් හැකි ඉක්මනින් පැවැත්විය යුතුය යන කාරණාවටයි.

”ලංකාවේ කොරොනා වසංගතයේ ව්‍යාප්තිය ගැන සැලකීමේදී ලංකාවේ පාලකයන්ගේ ප්‍රමුඛතම අවධානය යොමු වුණේ, අන් සියල්ලට වඩා, දේශපාලනික කාරණාවකටයි. එනම්, මහ මැතිවරණය මොන කොරෝනාවක් අස්සේ වූවත් හැකි ඉක්මනින් පැවැත්විය යුතුය යන කාරණාවටයි. ”

ආසාදිතයන් තිහ හතළිහක් සිටි පමණින්, දෙතුන් දෙනෙකු මියගිය පමණින්, රටක් වසා දැමිය නොහැකි බව ජනාධිපතිවරයා වරක් කීය. ආර්ථීකය පැත්තෙන් ගත් විට ඒ කතාවේ ඇත්තක් තිබේ. එහෙත් ඒ, කොන්දේසි කිහිපයකට යටත්ව ය.

ඒකොන්දේසි මොනවාද? ඒ ආසාදිතයන් තිස් හතළිස් දෙනා මේ ප්‍රකාශය කරන අවස්ථාවේ හැම පැත්තකින්ම ආවරණය කොට, වෙන් කොට ඇතැයි යන්න, ඔවුන්ගෙන් හෝ ඔවුන්ගෙන් පිටස්තර වෙනත් මාර්ගවලින් තවත් පිරිස්වලට මේ වෛරසය ගමන් කොට නැති බව තිරසාරව සනාථ කරගෙන තිබීම, අලූතෙන් කොරොනා ආසාදිතයන් රටට ඇතුල් නොවන බවට වගබලාගෙන තිබීම සහ මේ ප්‍රකාශය කිරීමට අඩු වශයෙන් මාසයකට කලින් සිටවත් පිටරටක් සමග මොනම හෝ සම්බන්ධයක් පවත්වා ඇති සියලූ දෙනා වෛද්‍ය පරීක්ෂණ මාර්ගයෙන් නිරෝගී යැයි සහතික කරගෙන තිබීම ආදියයි.

ඉතා සංකීර්ණ අභියෝගයක් !

Rajanganayaරාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ.

මෙය ඉතා සංකීර්ණ අභියෝගයකි. උදාහරණයකින් පැහැදිලි කළොත් මෙසේ ය: කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට මාරවිල දක්වා ගමන් ගත් ඒ මධ්‍යස්ථානයේ සේවය කළ කාන්තාවක් තමන්ගේ ගමනාන්තයට ළඟා වීමට බස් රථ තුනක ගමන් කර ඇති බව හෙළි විය. පසුව මේ කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බව සොයා ගැනුණි.

දැන්, ඇය ඒ  ගමන් ගත් බස් රථ තුනේ ගමන් කළ අනෙක් මගීන් අප සොයාගන්නේ කෙසේද? ඔවුන්ව සොයාගත්තත්, ඒ මගීන් ඊට පසුව ගමන් ගත් තවත් බස් ඇත්නම් ඒවායේ මගීන්ව අප සොයාගන්නේ කෙසේද? ඒ නිසා, ඒ ‘තිහ හතළිහක් සිටි පමණින්’  යන්න, තර්කයක් වශයෙන්, කොරෝනා වෛරසය පිළිබඳ තක්සේරුවකට කොහෙත්ම ගැළපෙන්නක් නොවේ.

අනිත් අතට, ඔහු කියූ ‘තිහ හතළිහ’ යනු, ඒ වන විට ස්වකීය රෝගී තත්වය අÞළ බලධාරීන්ට දැනුම්දෙන ලද පිරිසකි. එහෙත් මේ වෛරසයේ තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ, වෛරසය ශරීරගතව ඇති මුත්, ඒ බව නොදැන සිටීමේ විශාල ඉඩකඩක්ද තිබිය හැකි වීමයි. එසේ නම්, ‘තිහ හතළිහ’ සුළුවෙන් තැකීමේ කිසි අවසරයක් කෙනෙකුට ඉතිරි වන්නේ නැත.

කොරෝනා පාලනය කිරීමේ ‘හාස්කම’ දේශපාලනිකව යොදා ගැනීම :

ඊළඟට ලංකාවේ කොරෝනා පාලනය කිරීමේ ‘හාස්කම’ දේශපාලනික ප්‍රචාරණය සඳහාද යොදා  ගැනුණි. එසේ කෙළේ වෙනත් රටවල් සමග ලංකාව සැසඳීමෙනි. යම් රටක පාලකයන්ගේ වරදින් අසාර්ථකත්වයකට මුහුණදී ඇති අවස්ථා මෙන්ම, ඒ රටවල සුවිශේෂී තත්වයන්ද ඒ අසාර්ථකත්වයන්ට බලපා තිබිය හැකිය.

කැනඩාව ආසාදිතයන් 64 දෙනෙකු හමු වන තෙක් රට වසා දැමුවේ නැති බව, රාජපක්ෂ පාලනය ගැන කරන උජාරුවක් වශයෙන් අයෙක් පෙන්වා දී තිබුණි. කැනඩාව වැනි දියුණු රටකට වඩා කාර්යක්ෂමව, ඊට වඩා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් සිටියදී ලංකාව ‘ලොක් ඩවුන්’  කිරීමට තරම් ජනාධිපතිවරයා දුරදක්නා නුවණින් යුක්ත වූ බව පෙන්වා දීම එම තැනැත්තාගේ අභිප්‍රාය විය.

කැනඩාවේ ජනගහනය ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නයි. කැනඩාවේ ජනගහන ඝනත්වය (තදබදය) වර්ග කිලෝ මීටරයට මිනිසුන් 4 දෙනෙකු පමණක් වන විට ලංකාවේ ජනගහන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 341 කි. (බණ්ඩාරනායක පුරය?).

එබැවින්, කැනඩාව ‘ලොක් ඩවුන්’  කිරීමට ආසාදිතයන් 64 දෙනෙකු සොයාගන්නා තෙක් සිටියේ නම් ලංකාව පළමු රෝගියා සොයාගත් දවසේම ‘ලොක් ඩවුන්’ කළ යුතුව තිබුණු බව, රටවල් දෙක සන්සන්දනයක් වශයෙන් ගන්නේ නම්, කෙනෙකු පැමිණිය යුතුව තිබූ නිගමනයයි.  

”කැනඩාව ‘ලොක් ඩවුන්’  කිරීමට ආසාදිතයන් 64 දෙනෙකු සොයාගන්නා තෙක් සිටියේ නම් ලංකාව පළමු රෝගියා සොයාගත් දවසේම ‘ලොක් ඩවුන්’ කළ යුතුව තිබුණු බව, රටවල් දෙක සන්සන්දනයක් වශයෙන් ගන්නේ නම්, කෙනෙකු පැමිණිය යුතුව තිබූ නිගමනයයි.”  

ජනාධිපතිගේ සද්භාවය !

ඒ  සියල්ල අපි පැත්තකින් තියමු. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරමින් ‘ලොක් ඩවුන්’ නොකර සිටියේ සද්භාවයෙන්ම රටේ ආර්ථීකය ගැන සිතාගෙන යැයි අපි සිතමු. ඇත්ත, රටක් මුළුමණින් වැසීම යනු, ජනතාව අපමණ පීඩාවට පත්කිරීමට අමතරව, සමස්තයක් වශයෙන් රටේ ආර්ථීකය අවුරුදු ගණනකින් ආපස්සට යැවීමකි.

පොල් ගස් නඟින දෛනික කම්කරුවාගේ සිට ‘ඇවිළෙනසුලූයි’ සිනමාවේදියා දක්වා වන සියල්ලන්, එවැනි වැසීමකින් යනඑන මං නැති තත්වයට පත්කෙරුණු ඇත.

දැන්, ලංකාවේ කොරොනා වසංගතයේ ව්‍යාප්තිය දෙස ටිකක් ආපසු හැරී බලන්න. ලංකාව දූපතකි. එනම්, මුහුදෙන් වට වූ, අභ්‍යන්තර ගොඩබිම් දේශසීමා නැති රටක් බවයි. අද වන විට, කොරෝනා වසංගතය (සාපේක්ෂව) වඩාත් සාර්ථකව පාලනය කර ඇති රටවල් අතරින් පෙරමුණේ සිටින්නේ දූපත් රටවල් ය.

ඒවා නම්, තායිවානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ජපානයයි. ලංකාවේ ආසාදනය පැතිරීම පාලනය කරගැනීමට, එය කුඩා රටක් වීමත්, දූපතක් වීමත්, ලෝකය සමග (යුරෝපය සහ ඇමරිකාව තරමට) දැඩිව බද්ධ වී නොතිබීමත් යන සාධක, මෙය මැඩලීමේදී බොහෝ දුරට උපකාරී කරගත හැකිව තිබුණු සාධකයන් ය.

ආපසු හැරී බලන විට…..

ආපසු හැරී බලන විට, මෙතරම් ආර්ථීකමය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දුන් ලංකාවේ සමස්ත රෝග ව්‍යාප්තිය පසුපස ඇත්තේ, පැහැදිලිව හඳුනාගත හැකි සාධක දෙකක් පමණි. එකක්, පිටරටින් පැමිණි සීමිත ආසාදිතයන් සංඛ්‍යාවයි.

දෙවැන්න, නාවුක හමුදාව නිසි පරීක්ෂාකාරීත්වයක් නැතිකමින් මේ රෝගය විහින් බෝ කරගැනීමයි. ගිය සතිය වනතෙක්, ආසාදිතයන්ගෙන් අඩක් පමණ සමන්විත වුණේ නාවුක හමුදාවෙනි.

දැන් මෙසේ සිතන්න: මාස දෙකකටත් වැඩි කාලයක් රට වසා දැමීමෙන් ජාතික ආර්ථීකයට සිදුවූ පාඩුව මෙතෙක් ගණන් බලා නැත. අනිවාර්යයෙන්ම එය රුපියල් ට්‍රිලියන ගණනක්වත් වනු ඇතැයි අනුමාන කළ හැක.

අඩුම වශයෙන් මාර්තු 1 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ වසා දැමුවේ නම් සහ නාවුක හමුදාව අතින් අර විහින් කරගත් අත්වැරැද්ද සිදු නොවි‚ නම්, ලංකාව අභ්‍යන්තරිකව වසා දැමීමට සිදු නොවනු ඇත.

අභ්‍යන්තර ආර්ථීකය සාමාන්‍ය පරිදි කරගෙන යා හැකි වනු ඇත. අපනයන ක්ෂේත්‍රයට සිදු විය හැකි පාඩුව (එය අපේ තනි පාලනයෙන් පිටස්තර නිසා) තිබියදී වූවත්, අභ්‍යන්තර ආර්ථීකය සාමාන්‍ය තත්වයක පවත්වාගත හැකි වන්නට තිබුණි.

ඒ සියල්ල වතුරේ ගියේය. කුමක් නිසාද?

Election 2020 GR MR

ඒ සියල්ල වතුරේ ගියේය. කුමක් නිසාද? පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ නැකත දක්වා කොරෝනා අවදානම දරාගෙන සිටිය යුතු යැයි පාලකයන් තීන්දු කොට තිබුණු නිසා ය.

අද පවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපති විසින් අනුමත කර තිබියදීත්, ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නීතිගත කොට නැත. හේතුව, එළැඹෙන මැතිවරණයේ තුනෙන් දෙකේ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යාමට එවැනි නීතිරීති මගින් බාධා එල්ල විය හැකි යැයි පාලකයන් සිතන බැවිනි.

ගාමිණි වියන්ගොඩ
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා සති අන්ත පුවත්පතින් උපුටා ගන්නා ලදී)

කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසා දැමේ

0

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.

උතුරේ සිට දකුනට මානව හිමිකම් නීතිවේදීන්ට තර්ජන ගර්ජන!

0

ඡායාරූපය :අචලා සෙනෙවිරත්න, කේ. ගුරුපරන්, හිජාස් හිස්බුල්ලා, ස්වස්තිකා අරුලිංගම්.

පසුගිය මැයි මාසයෙහි යාපනයේ මහේස්ත්‍රාත්වරයකු විසින් නීතිඥයින්ගේ අභියාචනා මත පදනම්ව යුද්ධාවසාන සැමරුම් සංවිධායකයින්ට එරෙහිව පනවා තිබූ නිරෝධායන නියෝග ඉවත් කර ගෙන තිබුණි. අවම වශයෙන් නීතිඥයින් තිදෙනෙකු පසු දිනවලදී පළිගැනීම්වලට මුහුණ දී තිබේ. නීතිඥ රෝයි ඩිලක්සන් මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයින් විසින් පහර දුන් බව වාර්තා විය. එම නඩුව වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥයෙකු, සැකකටයුතු පුද්ගලයෙකු තම නීති කාර්යාලය වටා සැරිසරමින් සිටිනු දුටුවේය. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥ යෙකු නිවස බලා යමින් සිටියදී හමුදාව විසින් නවතා දමා තදබල ප්‍රශ්න කිරීම් හා බිය ගැන්වීම් වලට ලක් කරන ලදී.

පසුගිය වසරේ (2019) යුද හමුදාව සම්බන්ධයැයි සඳහන් වන බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්දයෙන් එකී පවුල් වෙනුවෙන් පෙනී සිටි අවස්ථා උපුටා දක්වමින් යුද හමුදාව යාපනයේ විශ්වවිද්‍යාල ශ්‍රාස්ත්‍රඥයකු හා නීතිඥයකු වන කේ. ගුරුපරන් මහතා පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සේවා තොරතුරු ඉල්ලා සිටියේය. මෙමගින් දිගින් දිගට ගොස් එහි විපාකයක් ලෙස ඔහු විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදෙන බැවින් අධිකරණ හමුවෙහි නීතිඥයකු ලෙස කටයුතු කීරීම තහනම් කරන ලදී.

පසුගිය වසරේදී ගුරුපරන්, තවත් නීතිඥයෙකු සහ ඔවුන්ගේ සේවාදායකයින් නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ පුද්ගලයෙකු විසින් උසාවි පරිශ්‍රය තුළ ඡායාරූප ගත කරන ලදී. එයද එක්තරා ආකාරයක බිය ගැන්වීමකි. මේ වසරේදී ගුරුපරන් පිළිබඳ සෝදිසි කිරීම් තීව්‍ර වී තිබේ. ඔහු විසින් ආරම්භ කරන ලද සහ මෙහෙයවන පර්යේෂණ මධ්‍යස්ථානයකට බුද්ධි අංශ නිලධාරීන් පැමිණි අතර ම්‍යස්ථානය පිළිබඳව නාදුනන පිරිස් සෝදිසියෙන් සිටීම දිගටම සිදුවෙයි. නීතිඥයකු වශයෙන් ගුරුපරන් අතුරුදහන්වූ පුද්ගලයින් සහ දෙමළ ජනයාගේ ඉඩම් ලබා ගැනීම සම්බන්ධ නඩු සඳහා පෙනී සිට තිබේ.

පසුගිය වසර කිහිපය තුළ, තවත් උතුරු නීතිඥවරයෙක් උසාවි භූමිය තුළ බිය ගැන්වීම්වලට මුහුණ දී තිබේ. බුද්ධි අංශ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇගේ නිවසට පැමිණ ඇති අතර, ඇය උසාවියෙන් පිටවන විට නාදුනන පුද්ගලයින් ඇගේ මෝටර් රථයට කඩා වැදී ඇත. ඇයද අතුරුදහන් වූ සහ අයිතිවාසිකම් පිළිබඳ උ සම්බන්ධ පවුල් වෙනුවෙන් උසාවියේ පෙනී සිට ඇති නීතිඥවරියකි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ නඩු වලදී හමුදා නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇති නඩුවලදී ඇයට සහාය වන කාන්තා ක්‍රියාකාරිනියකට ද අමානුෂික ලෙස පහර දී ඇති අතර එමගින් හිසට සහ මුහුණට සිදුවූ තුවාල නිසා රෝහල් ගත කිරීමට පවා සිදුවිය.

2020 මැයි මාසයේදී නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්න තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මීට වසරකට පෙර ඇයගේ ද ඇයගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට හානි කිරීමේ අරමුනින් සමාජ මාධ්‍යවල පළ කර බෙදා හරින ලද වෛර ප්‍රකාශන සම්බන්ධයෙන් ඇක රහස් පොලීසියට කළ පැමිණිල්ලට සිදුවූ දෙයක් නැත. නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනාගේ නඩුවෙහි අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය ඇයයි.

මෙම ජූනි මස මුලදී මහර බන්ධනාගාරය තුළ බන්ධනාගාර රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු බන්ධනාගාර රැඳවියෙකුගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නීතිඥ සේනක පෙරේරා කොළඹ සිට පොළොන්නරුවට ගියේය. මන්ද යක් එම රැදවියා පොළොන්නරුව බන්ධනාගාරයට මාරු කර තිබූ බැවිනි. දීර්ඝ වේලාවක් ගතකිරීමෙන් පසු, දිවුරුම් ප්‍රකාශය ලබා ගැනීමට ඉඩ දිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් නීතිඥ පෙරේරාට දැනුම් දුන්නේය. සේනක පෙරේරා‍ෙ මහර බන්ධනාගාරය තුළ පසුගිය මාසයේ මියගිය පුද්ගලයාගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අතර සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධනයේ සබාපතිද වෙයි. 2012 වර්ශයේදී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරන සේනක පෙරේරාට විමර්ශන කඩිනම් කිරීමට හා පසුව නඩු පැවරීමට හේතු වූ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් පසු ද මරණ තර්ජන ද එල්ල විය.

ඉතා මෑතකදී, සති දෙකකට පමණ පෙර, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් කොළඹදී රඳවා තබන ලදී. ඇය අත් අඩංඟවට ගනු ලැබුණේ ඇමෙරිකානු තානිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය දා පාරෙහි යම්න් සිටි, උද්ඝෝෂනය සංවිධානය කළ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් විට අත්අඩංඟුවට ගැනීමට හේතු විමසීමයි.

මේ වසරේදී තවත් අයිතිවාසිකම් පිළිබඳ නීතිඥයෙකු දැඩි ප්‍රශ්න කිරීම්වලට භාජනය කර ඇති අතර අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ. වෛර ප්‍රචාර වැළැක්වීමේ අරමුණින් සම්මත කළ අයිසීසීපීආර් පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන් දැන් විසම්මුතිය මැඩපැවැත්වීමේ සඳහා රජයේ අවි ගබඩාවේ මර්දනකාරී මෙවලමක් බවට පත්ව කරගෙන තිබේ.

පසුගිය සතියේ, ජුනි 26 වන දින, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් බැලීමට පැමිණෙන නීතිඥයින්ට බන්ධනාගාර නිලධාරීන් අසා සිටියදී එම රැදවියන් සමඟ සාකච්ඡා කිරීමට සිදුව ඇති බවයි. සැකකරැවන් සමඟ සාකච්ජා කිරීමට මෙම රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණෙන නීතිඥයින් පොලිසියේ විශේෂ කාර්ය සාධක බලකාය විසින් පුළුල් සෝදිසි කිරීම්වලට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මීට දින කිහිපයකට පෙර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයක රැඳවියෙකු බැලීමට ඇතුළුවීමට තවත් නීතිඥයෙකුට කොවිඩ් 19 වසංගතය දඩමීමා කරගෙන අවසර නොදුන්බව වාර්තා විය.

2020 අපේ‍්‍රල් මාසයේ දී නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන මේ වන විට දින 70කටත් වඩා රඳවා තබා ගෙන ඇත්තේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකරය. ඔහුට නිදහසේ තමා වෙනුවෙන් පෙනි සිටින නීතිඥයින් සමඟ සාකච්ජා කිරීමට ඉඩ ලැබී නැත. ඔහු අත් අඩංඟුවට ගැනීමට පැමිණි රහස් පොලිස් නිලධාරීහු නීති විරෝධී ලෙස ඔහු සතුව තිබූ නඩු ගොනු පිරික්සා බැලූහ.

එමෙන්ම අනීතික ලෙස සිය නීති කාර්යාලයන් සොදිසි කර නඩු ගොනු දෙකක් රැගෙන ගොස් ඇති බවට නීතිඥ හිස්බුල්ලා සමඟ වැඩ කරන කනිෂ්ඨ නීතීඥයින් වෙනම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නිතිඥ හිස්බුල්ලා සම්බන්ධයෙන් ජාවාරම්කාර ජනමාධ්‍ය විසින්ද නඩුවක් විමසා තීන්ද දෙමින් සිටී. “මාධ්‍ය මගින් නඩු ඇසීම” මගින් ඔහු දැනටමත් වරදකරුවකු කර තිබේ. අධිකරණ ක්‍රියාදාමයන් පමාවන තරමටම ව්‍යාජ පුවත් මගින් කැරෙන “මාධ්‍ය මගින් නඩු ඇසීම” වඩ වඩා සමාජ ගතවෙයි.

පැහැර ගැනීමට ලක්වූයේය යැයි කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලීය සේවිකාවක වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් වූ සුදර්ශන ගුණවර්ධන සහ උපුල් කුමාරප්පෙරුමටද තර්ජන සහ බියවැද්දවීම් වලට මුහණ දීමට සිදුවිය.

ටික ඛලකට පෙර මෙරට සුලුතර ක්‍රිස්තියානි ප්‍රජාවන්හි අයිතිවාසිකම්හි අයිතීන් වෙනුවෙන් අදහස් දැක්වීම නිසා. එම කණ්ඩායම්හි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ශාන් ඩයස්ට දරැණූ තර්ජන එල්ල විය. ඔහුගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට පියවර ගන්නා බවට “යහපාලන” ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා තර්ජනය කළේය. එම තර්ජන විසින් යම් දුරකට නිහඬවීමට ඔහුට බලකෙරුනි.

මානව හිමිකම් රැකගැනීම සඳහා මහජනයාට ඇති ඉහළම තැන අධිකරණයයි. එබැවින් ඕනෑම අදිකාරී පාලනයක් විසින් මුලින්ම පහර දෙන කන්ඩායමක් වන්නේ මානව හිමිකම් නීතිඥයින්ය. 2010-2015 කාලය තුළ අත් අඩංඟුවට ගත් දෙමළ තරැණයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ත්‍රස්තවාදී හංවඩුව ගසන ලද්දේ ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවිය විසිනි. එබැවින් මෙරට මානව හිමිකම් වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටින නීතිඥවරැන් සහ නීතිිඥවරියන් වෙත එල්ල වෙමින් පවතින මෙම තර්ජන රැල්ල භයානක පෙරනිමිත්තක් බව තේරුම් ගැනීම වැදගත්ය.

(රුකී ප්‍රනාන්දු විසින් ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක වූ කරුණු  සමහරක්ද ඇසුරිණි)
Sri Lanka Brief

සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම පමාකිරිම ගැන චෝදනා !

0

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේ අතර එහි සභාපතිවරයා විද්‍යුත් මාධ්‍යයක් සමගින් කරන්නට යෙදුන සාකච්ජාවකදි දේශපාලකයන්ට හා ඇතැම් වෘත්තිකයන්ට බරපතල චෝදනාවක් එල්ල කර තිබුණි.

මෝරෙකුගේ ප්‍රහාරයකින් යෞවනයෙකු මිය යයි !

0

නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ මෝර ප්‍රහාරයකින් යෞවනයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.ඔහු මෙලෙසින් මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදි සර්ප් ක්‍රිඩාවේ යෙදිමින් සිට ඇත.වහනා ක්‍රියාත්මකව ඇති අවට සිටින අනෙකුත් අය මුහුදු වෙරළේ දිම ප්‍රථමාධාර ලබා දුන් නමුත් 15 වියැති මේ යෞවනයා එම ස්ථානයේදීම මිය ගිය ගොස් තිබේ.
මේ වසරේදි මේ අකාරයෙන් මෝර ප්‍රහාර වලට ලක්ව ඕස්ට්‍රෙලියාවේදි 5 දෙනෙකු මිය ගොස් ඇතැයි මාධ්‍ය වාර්ථා සදහන් කර තිබේ.
ඡායා – ගෙටි ඉමේජ්

ට්‍රම්ප් පළමු වරට මුහුණු ආවරණයක් පළදි !

0

කොරොන වයිරස් වසංගතය පැතිර යාම ඇරඹිමත් සමගින් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළඳීමෙන් වැළකී සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෙනසුරාදා වොෂිංටන් ඩී.සී. නගරයෙන් පිටත පිහිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක දී තුවාල ලැබූ සොල්දාදුවන් සහ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් හමුවීමට යාමේදි පළමු වර මුහුණු ආවරණයක් පැළද සිටියේය.
මෙම වසර මුලදී එක්සත් ජනපදය පුරා වෛරසය පැතිරෙන්නට පටන් ගත් දා සිට වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සංචාරය ට්‍රම්ප්ගේ මුහුණු ආවරණයක් සහිත පළමු මහජන පෙනුම සනිටුහන් කළේය.

ට්‍රම්ප් මීට පෙර ප්‍රසිද්ධියේ වෙස්මුහුණක් පැළඳීම ප්‍රතික්ෂේප කර තිබුනි, නැතහොත් වෙනත් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ එය පෞද්ගලික තේරීමක් බවයි, නමුත් ඔහු පවසා ඇත්තේ තමා සමූහයක් තුළ සිටින බවත් අන් අයගෙන් ඈත්ව සිටීමට නොහැකි බවත්ය.
වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වෙස් මුහුණු භාවිතා කරන ලෙස ඉහළ මහජන සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටින අතර සිකුරාදා වන විට එක්සත් ජනපද ජීවිත 134,000 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුලාශ්‍රය- අල්ජසිරා

අමිතාබ් සහ අභිෂේක් කොරෝනා අසාදිතව රෝහල් ගත කෙරේ.

0

අප දෙදෙනාටම මෘදු රෝග ලක්ෂණ ඇති අතර රෝහල් ගත කර ඇති බව අභිෂේක් බච්චන් මහතා ට්වීට්ර් පණිවිඩයක සටහන් තබා ඇතැයි ද හින්දු වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් ද කොරෝනා ආසාදිතයන් බව තහවුරු විමෙන් අනතුරුව සෙනසුරාදා සවස රෝහල් ගත කර ඇත.

77 හැවිරිදි අමිතාබ් බච්චන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම පවුලේ අය සහ කාර්ය මණ්ඩලයද COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඔවුන්ගේ පරික්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවය.
එමෙන්ම “පසුගිය දින 10 තුළ මා සමඟ සමීපව සිටි සියලු දෙනා කරුණාකර තමන්වම පරීක්‍ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද කියා තිබේ.

තම පියාගේ නිවේදනය නිකුත් වූ විගසම අභිෂේක් බච්චන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමාද කොරෝනා අසාදිතව අතැයි පරික්ෂණ වාර්ථා මගින් තහවුරු කොට ඇති බවය.

මැතිවරණ සෞඛ්‍ය නීති ඇමතිනිය ලඟ හිරවෙලා ! – මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

0

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බව ඔහු අවධාරණය කර සිටියි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පවසයි.

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඔහු  ඉල්ලා සිටියි.

වීඩියෝ 


මැතිවරණ සෞඛ්‍ය නීති ඇමතිනියගේ ලාච්චුවේ !

මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා ඡන්ද ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර සෞඛ්‍ය  ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ලඟ හිර වී ඇතැයි ‘අනිද්දා’ සති අන්ත පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

”මෙතෙක් එම මාර්ගෝපදේශ ගැසට්‌ නොකිරීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැති තත්වයක් තුළය. එම නිසාම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අභියෝග කිරීමේ හැකියාවක් ඇතැයි  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවාය.” -අනිද්දා 

” මෙතෙක් එම මාර්ගෝපදේශ ගැසට්‌ නොකිරීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැති තත්වයක් තුළය. 

එම නිසාම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අභියෝග කිරීමේ හැකියාවක් ඇතැයි  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවාය. 

එම මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමේ නිරීක්ෂණයටත් නීතිපතිවරයාගේ අනුමැතියටත් යවා ඇති අතර නීතිපතිවරයා සුලු සංශෝධන සහිතව එය අනුමත කර තිබේ. 

ඉන්පසු එම මාර්ගෝපදේශ නැවත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවා ඇති අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ වෙත එය‌ යොමු කර තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම මාර්ගෝපදේශ ගැසට් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යවා තිබේ. 

අප කළ විමසීමකදී ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ තහවුරු කළේ එම මාර්ගෝපදේශ සෞඛ්‍ය  ඇමතිවරියට ලැබී ඇති බවයි. 

එම මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන්නේ මන්දැයි විමසීමට සෞඛ්‍ය ඇමතිවරිය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අපි ගත් උත්සහය ව්‍යාවර්ථ විය. 

ගැසට් නොකරන හේතුව මෙන්න !

Covid 19 lanka election
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදී ඔහු පැවසූයේ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් නීත්‍යානුකූල කළහොත් ඡන්ද අපේක්ෂකයන්ගේ  මැතිවරණ ප්‍රචාර කටයුතු වලට බාදාවක් වන නිසා එය නොකරන බවයි.

කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය  මාර්ගෝපදේශ නම් වූ එය ජූනි මාසයේ මුලදී සාදා තිබෙන අතර එහි මැතිවරණ ප්‍රචාරණයට අදාල ප්‍රචාරක රැස්වීම් ප්‍රචාරක පත්‍රිකා නිවෙස්වලට බෙදා දීම, මැතිවරණ කාර්යාල පුහුණු සැසි ආදිය ගැන මාර්ගෝපදේශ ඇතුළත් වෙයි. 

ඊට අමතරව තැපල් ඡන්දය, ඡන්දය දින ඡන්දය භාවිතා කිරීම, ගණන් කිරීම ආදී පිළිබඳවද මාර්ගෝපදේශ ඇතුළත්ය. 

මැතිවරණ සංවිධාන ජූනි 1 වන දින සහිතව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් අවධානය යොමු කර ඇත්තේ එම මාර්ගෝපදේශ ඉක්මනින් ගැසට් කරන ලෙසය. ”

නිරෝධායන නීති කඩිනමින් ගැසට් කරන්න PHIලා ඉල්ලයි

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි පැවසු ඔහු, එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද පැවසීය.
theleader.lk