Sunday, September 22, 2024
Home Blog Page 9

විදුලිය බලයට ඇමතිවරුන් දෙදෙනෙක් …..

0

ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් ඩී වී චානක අමාත්‍ය ධුරය භාරගත නොහැකි බව දැනුම්දී තිබුණි.
ඒ් අනුව අද ඔහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන තිබේ.

ඩී වී චානක විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉන්දික අනුරුද්ධ ද ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

පැවැති රජය යටතේ ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය ඇමතිධුරය භාරව සිටියේය.

අරගලකරුවන් විරුවන් සමරද්දි බැසිල් ඇමරිකා යයි !

0

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.
මේ අතර අරගලකරුවන් අද සවස් වරුවේ ගෝලෆේස් පිටියේදි අරගල තුල දිවිපිදුවන් සමරමින් විශේෂ සැමරුමක් සංවිධානය කර තිබුණි.
ජන අරගලයේ බලපෑම හේතුවෙන් බැසිල් රාජපක්ෂ සිය ඇමතිධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස්විය.

දේශිය ලොකු ළූණු මිළ පහලට , ගොවියෝ මැසිවිලි නගති!

0

දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ වි තිබේ.

මේ අතර දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරන බව ලංකාදිප දඹුල්ල වාර්තාකරු සදහන් කර තිබුණි.

එම අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟ දේශීය ලොකුළූණු කිලෝවක උපරිම තොග මිල ගැණුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පහතවැටී ඇතැයි ගොවීහු පෙන්වාදෙති.

විශාල පිරිවැයක් මෙවර ලොකු ලූණු වගාව සඳහා ගොවීන් වියදම් කළ ද එතරම් සාර්ථක අස්වැන්නක් නොලැබීම නිසා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව දේශීය ලොකු ලූනු ගොවීන් පවසන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු වෙළඳපලේ විශාල වශයෙන් පවතින බවත් ඉතාමත් අනර්ග තත්වයේ පවතින දේශීය ලොකුලූනු සඳහා රුපියල් 130 ක 140 ක මිලක් ලැබුණත් එවැනි ගුණාත්මක ලූනු ඉතා අඩු ප්‍රමාණයක් ලැබෙන නිසා තමන්ගේ නිෂ්පාදන කොටස් කිරීමේදී ලැබෙන්නේ කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර මිලකට බව ඔවුහු පෙන්වා දෙති
මේ අතර විදේශිය ලොකුළූණු මේ වන විට වෙළද පලේ කිලෝවක් රුපියල් 170 සිට 220 දක්වා මිළකට අලෙවි කෙරමින් තිබේ.

ගෝඨා පිළිගන්න මැති ඇමතිවරු 30කට වැඩි පිරිසක් ගිහින් !

0

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රී 11.47ට දිවයිනට පැමිණියේය. ඒ සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙනි.


ඒ මොහොතේ 30 දෙනකුට වැඩි සංඛ්‍යාවක පිරිසක් ගුවන් යානය අසළට පැමිණ හිටපු ජනාධිපතිවරයා මල් මාලා දමා පිළිගත් බවත්, පසුව ප්‍රභූ පර්යන්ත පිවීසුමෙන් ඔහු ගුවන් තොටුපලෙන් නික්ම ගිය බවත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මෙම අවස්ථාවට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ටිරාන් අලස්, නාමල් රාජපක්ෂ ද පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්ව සිටියේය.

ඊයේ පෙරවරුවේ තායිලන්තයේ සිට සිංගප්පුරුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා, සිංගප්පුරු ගුවන් තොටුපලේ පැය 3කට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

හිටපු ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිල නිවසට ඊයේ (02) රාත්‍රී 12.50 ට පමණ පැමිණියේය.



පලාගිය ගමන් මඟ

ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ දින 14ක තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.

ඉන් පසු තවත් දින 14කට එම සංචාරක විසා බලපත්‍රයට දිගුවක් ලබා ගත් බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට දින 28ක පමණ කාලයක් සිංගප්පුරුවේ ගත කොට තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අගෝස්තු 11, එරට වේලාවෙන් රාත්‍රී 8.15 පමණ මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවසන් වරට ළඟා විය.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.

BBC news 23
image a0fd198574
image c525319177

theleader.lk

ශ්‍රී ලංකා – IMF එකඟතාවකට ඒයි ,ආසියානු සංවර්ධන බැංකුවෙනුත් හදිසි ආධාර ණය.

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවත් මේ බව අද (01දා) නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇතැයි දිවයින වෙබ් අඩවිය සිය පුවතකින් දක්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මූල්‍ය හා ආර්ථික නියෝජිතයන් සමග පසුගිය සතියේ සාකච්ඡා ආරම්භ කළ අතර එම සාකච්ඡා ඊයේ (31දා) අවසන් විය. ඒ අනුව එම මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (01දා) උදේ 11.00ට මහ බැංකු මූලස්ථානයේදී නිල වශයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිත බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් එම අරමුදලේ කළමනාකාරීත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඊට පසුව ආධාර ලබන රටවල්වලට ඒ සඳහා ප්‍රවේශය හිමි වේ.

මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ණය හිමියන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මාධ්‍යයට පවසා තිබිණි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණය මුදලක් අනුමත කර තිබෙන බැව් දිණමිණ වාර්තා කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බව එම බැංකුව පවසයි.

ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන – විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීමට මෙම ණය මුදල යොදා ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සදහන් කර ඇත. 

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති රනිල් එරෙහි වෙයි …

0

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (31) දැනුම්දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්  කිහිපයක්  කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.

විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත. 

ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී  විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්   සඳහන් කර ඇත්තේ  මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට  රජය විසින්  ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.

එම තීරණයෙහි කිසිදු  වෙනසක් නැති බව ඒ මහතා සඳහන් කර ඇත.
ලංකාදිප

අන්තරයේ විරෝධතාවයට එක්වු 25ක් අත්අඩංගුවට..!

0

අද කොළඹ පැවති විරෝධතාවය අතරතුර එයට සහභාගී වූවන් අතරින් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේවනවිට කොටුව පොලීසියේ රඳවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරයක ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ නම් පහත පරිදිය…

මේ අතර මෙම මර්ධනයට එරෙහිව ඊයේ සවස මරදාන CSR ආයතනයේ පුවත් පත් සාකච්ජාවක් පැවැත්වෙමින් තිබියදි එම ස්ථානයටද පොලිසියේ විශාල පිරිසක් කඩාවැදි තිබේ.


  1. Priyanthi mala Fernando
  2. Oshan Lahiru
  3. H G Dayaratne
  4. Lakmal Serasinghe
  5. Delan Thanajaya
  6. Chathuranga Pathum
  7. Dharmapala Rajapakse
  8. Thimira Theekshana Ekanayake
  9. Sanath Kumara
  10. Devamitra Sudarshana
  11. Sudarman Pushpakumara
  12. Damith Colomboge
    13.cDinesh Lakmal Abeysinghe
  13. Prabath sandauwan
  14. S. Saravanan
  15. Amal Salinda
  16. Sandaruwan Sennanayke
  17. Sarath jayasena
  18. Neranjan Abeyainghe
  19. H Premasiri
  20. Rajiv kanthan
  21. K.V janaka damanyantha
  22. K. S.P.K Fonseka
  23. Hashan Salinda
  24. Suraj Asanka

දුම්රිය ස්ථානයක් තුල සේවකයෙකු ගෙල වැලලා ගෙන මියයයි..

(මාතර ) වැවුරුකන්නල දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයකු එම දුම්රිය ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මාතර හොට් නිව්ස් ෆේස් බුක් පිටුව වාර්තා කර තිබේ.

බිත්තර ගැසට් එකත් රිවස් ගහයි ! ඇමති රු 5 ක් වැඩිපුර ගෙවයි

0

ගැසට් නිකුත් කරන සැනකින්ම ආපසු වෙනස් කිරිමේ හාස්‍ය ජනක ඉතිහාසයකට උරුමකම් කි ගෝඨාභය රාජ්‍ය පාලනය යළිත් සිහිගන්වමින් ගැසට් රිවස් විම යළිත් ඇරඹි තිබේ.
ඒ් අනුව බිත්තර ගැසට් එකද දැන් ආපස්සට ගෙන ඇත.

බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවත් පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය පවසා තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියමකරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය.

අබාධිත සිසුවියක් උසස් පෙළ විභාගයෙන් යාපනය දිස්ත්‍රික්කයේ අංක එකට…

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය (28) වෙනිදා නිකුත් වූ අතර වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ඌෂා කේසවන් සිසුවිය කලා අංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. ඇය
ශ්‍රී ලංකාවෙන්ම 22 වැනි ස්ථානයද හිමිකරගෙන සිටි.

මාධ්‍ය අධ්‍යයනය, ඉතිහාසය සහ දෙමළ යන විෂයයන් තුනටම ඇය 3A සාමාර්ථ ලබාගෙන ඇත.
යාපනයේ කොට්ටඩි ප්‍රදේශයෙන් පැමිණි මෙම සිසුවිය කොට්ටඩි නමසිවායම් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර උසස් අධ්‍යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් ලබා ඇත.
අබාධිත දැරියක වු ඌෂාගේ පියාද පැවැති යුද්ධයට ගොදුරුව මිය ගොස් සිටි අතර මේ නිසාම ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම පවා ඇයට දුෂ්කරව තිබුණි.එහෙත් ඒ සියළු අභියෝග ජයගන්නට ඇය සමත්වුවාය.

නිදර්ශන් – යාපනය