Monday, September 30, 2024
Home Blog Page 89

ඇමති ලයිස්තුවෙන් මෛත්‍රි ඉවතට….

0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ඇමැති මණ්ඩලයට ඇතුළත් නොවන බව සඳහන් වෙයි.

නව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධුර 3ක් හිමි වෙයි.

රාජ්‍ය ඇමැති ධුර දෙකක් හිමි වන බවද කියයි.

කැබිනට් ඇමැතිධුර තුනට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාලද සිල්වා සහ දයාසිරි ජයසේකර පත් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක්ද යොමු කර ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිධුර දෙකට දයාසිරි ජයසේකර හා රංජිත් සියඹලාපිටිය පත් කිරීමට නියමිතව ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (11 වැනිදා) පැවැති උත්සවයකදී ද ඇමැති ධුර පිළිබඳව සුළු වේලාවක් කතා බහකද නිරත වී ඇත.
(අරුණ)

පින්තූරයක කතාව: සංකේතාත්මක ඇඟවීම දේශපාලනිකද? සංස්කෘතිකද?

0

මා හිතන විදිහට 2020 මහ මැතිවරණයේ වැදගත්ම සංකේතාත්මක පින්තුරය මෙයයි.‍‍‍‍‍‍ ගෝඨාභය මහිනන්ද රාජපක්ෂට දෙකට නැවී වදින්නේ හුදෙක්ම සංස්කෘතිය නිසා යැයි සිතීම දේශපාලනය අමතක කර වෙනත් මානයක් ඉස්මත්තට ගැනීමක් වෙන් පුලුවන්.

මෙහි සංකේතාත්මක වැදගත්කම නම් මහින්ද රාජපක්ෂගේ අනුහස් සහිත දේශපාලන බලය හමුවේ තමන් දෙවැනි තැන ගන්නට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටටම පෙන්වීමයි. ඊටත් වඩා මහින්ද රාජපක්ෂට එය පෙන්වීමයි.

ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයක නම් විධායක ජනාධිපතිවරයාට ආචාර කළ යුත්තේ අගමැතිය. නමුත් මෙතැන වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. ඇත්ත දේශපාලන බලය තියෙන මහින්ද රාජපක්ෂට ඔහුගේ පිහිටෙන් ජනාධිපති වූ ගෝඨාභය දෙකට නැවී ආචාර කරනවා.

එමගින් පෙන්වන තවත් සංකේතාත්මක දේශපාලනයක් තියෙනවා. ඒ තමයි අනෙක් දේශපාලනඥයින්ද එළෙසම මහින්ද රාජපක්ෂගේ ආධිපත්‍ය පිළිගත යුතුබව. වමස්ගත වාසුදේව පවා මහින්ද රාජපක්ෂ හමුවේ දෙකට නැවී වදින්නේ තමා වයසින් නොව දේශපාලන වශයෙන් අඳබාලයකු බව පෙන්වා ගැත්තාට සමාවුව මැනවි කියන්නයි.

ගෝඨාභය ජනාධිපතිවරණයට ගෙනාවේ ලක්ෂ අටක් විතරක් යැයි කිව්වේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ. 19වන සංසෝධනය මගින් ජනාධිපති ධුරකාල දෙකක්ට සීමා නොවුනා නම් 2019 ජනාධිපතිවරණයෙන් ජය ගන්නෙ මහින්ද රාජපක්ෂ. ඊළඟට 2025 නාමල් රාජපක්ෂ. දැන් 2025ත් ගෝඨාභය රාජපක්ෂටම යන්න පුලුවන්.

මේ ඔක්කොම කතා මේ පින්තූරය ඇතුලේ තියෙනවා.

රාජපක්ෂ පවුල කියන්නේ ශ්‍රී ලංකාවේ නූතන රජ පරම්පරාව. බිම වැටී වදින, අත් අල්ලා සිපගන්න, ඇස් වලින් පවා යටහත්පහත් බව පෙන්වන යටත් වැසියන් සහිත රජ පරම්පරාවක්.

ආරංවි විදිහට නිමල් රාජපක්ෂට ක්‍රිඩා ඇමැතිකමත් ශෂීන්ද්‍ර රාජපක්ෂට උප කතානායක ධුරයත් දුන් විට යුව රජ පරම්පරාව නිල වශයෙන්ම පිහිටුවෙනවා.

මහින්ද රාජපක්ෂ හමුවේ පමණක් නොව නාමල් රාජපක්ෂ හමුවෙත් වයස්ගත අතවැසියන් බිම වැටී වන්දනා මාන කරනවා. නාමල් රාජපක්ෂ එම පින්තූර සිය ට්විටර් ගිනුම මගින් දස දසදහස් ගණනාවකට බෙදා හැරිනවා. ඉන් කියැවෙන්නේ තවදුරටත් එම අතවැසි මානසිකත්වය පවත්වා ගන්නා ලෙසයි. මේ වැ වැටීම්වල තියෙන්නේ බාල මහලු සංස්කාතියක් නොවෙයි. අතවැසි සංස්කෘතියක්. ගෝඨාභය ශක්තිමත් කරන්නේ අන්න ඒ සම්ප්‍රදාය.

අනෙත් අතට රජවරුන්ගේ දේශපාලනය බෙලි කැපීම් වලින් පරිපූර්ණයි. යුව රජවරුන්ගේ සිත් කියවීමට කාටවත් බැහැ. නමුත් ඔවුන් සංකේතාත්මකව රජ පවුලට ගරු කරනවා.

බැසිල් රාජපක්ෂ එජාපයට බැදී මහින්ද රාජපක්ෂට විරුද්ධ දේශපාලනයක් පවා කළ බව අමතක කරන්න හොඳ නැහැ. බැසිල් පාර්ලිමේන්තුවට ගැනීම රාජපක්ෂ න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තියෙන්නේ ඒ නිසා.

දකුණතින් අතට අත දීම සංකේතාත්මකව පෙන්වන්නේ තමන් අත කඩුවක් නැති බව යැයි කියනවා. නමුත් අනෙකා ඝාතනය කිරීමට කඩුව වෙනුවට රාජකීයන් විසින් වෙනත් උපක්‍රම පාවිච්චි කිරීම ඒ නිසා නැවතුනේ නැහැ.

දේශපාලනය සහ ආගම‍ දෙකක්. ඒ දෙක එකක් බවට පත් කිරීම සංස්කෘතියට මුල් තැන දීමක් නොවෙයි. සිය බලය පවත්වාගෙන යෑමට ආගම සහ සංස්කෘතිය පාවිච්චියට ගැනීමක්.

රජවරුන්ගේ ජිවන රටාව කිසිසේත්ම ආගමානුකූල වුණේ නැහැ. ඔවුන් පන්සිල් පද පහම සිය ජීවිතය ඇතුලේ කුණු කූඩයට දැම්මා. ඒත් ජනයාට පෙන්න කහ සිවුරට වැද වැටුනා. නමුත් අවශ්‍ය වෙලාවට කහ සිවුර පවා වළ දැමුවා. එකයි සංස්කෘතික ඇත්ත.

පන්සල් යන දේශපාලනඥයින් ඒ නිසාම බුදුනුවන් වෙන්නේ නැහැ.

අද සිද්ධ වෙන්නෙත් ඒකමයි. බුද්ධාගම ගැන පොතක් ලියපු රනිල් කරපු තරමක් කරේ බෙලී කැපීමේ දේශපාලනය. රනිල් තමන් ඇතුලාන්තයෙන් බෞද්ධයෙක් බව පෙන්වන්න හැදුවා. ජනාධිපති ප්‍රේමදාස හැම පෝයකටම රෑපවාහිනයෙන් බණ දේශනාවක් කරා. නමුත් හක්කේ තිබුණෙ දඩමස්. රාජපක්ෂ ලඟ ඒ බොරු නැහැ. ඔහු පන්සල් පාවිචිචි කරන්නේ දේශපාලන බලයේ මර්මස්ථාන ලෙස. දසරාජ ධර්මය කියන්නේ මෙන්න මේ වැදවැටීම වගේ ව්‍යාජයක්. ඒක රාජපක්ෂවරු හොදින් දන්නවා.

අපි කව්රුත් පන්සල්වල ගත කැරෙන ජීවිත ගැන දන්න නිසා ඒ ගැන මම ලියන්නේ නැහැ. ඒ වගේම අද පන්සල්වල බෞද්ධාගම කියා දෙයක් ඉතිරිව තියෙනවාද කියන එකත් අප දන්නවා. (අයිසීසීආර් පනත යටතේ හිරේ යන්න මට ආසාවක් නැහැ.)

මේ පින්තූරය මතු පිටින් පෙන්වන්නේ යටහත් බව. ඇතුළතින් පෙන්වන්න් ගෝඨාභය සහ මහින්ද අතර තියෙන අභිලාශයන්ගේ වෙනස.

මේ වෙනසේ ව්‍යවස්ථාමය සංකේතය තමයි 19වන ව්‍යවස්ථා සංසෝධනය. දැනටමත් ගෝඨාභය වියත් මඟ පිරිස් එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට උද්ඝෝෂනය පටන් අරං. නමුත් ජී. එල්. පීරිස් කියන්නේ එය ප්‍රවේසම්න් කළ යුතු බවයි. ඔහු කියන්නේ 19 වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කළ යුතු බව නොව එය සංසෝධනය කළ යුතු බව.

අප දෙන්නා අයිය–මලෝ නිසා මොන ව්‍යවස්ථා බාධක තිබුණත් බෙදා ගෙන රට පාලනය කරන්න පුලුවන් බව කිව්වේ මහින්ද රාජපක්ෂ. වතුරට වඩා ලේ ඝනකම බව අමතක කරන්නත් හොඳ නැහැ. රාජපක්ෂවරු අතර ගැටුමක් ඇතිවී එමගින් රාජපක්ෂ රජ පවුල ඇඳ වැටෙිව් යැයි සිතා සිටින අයට වෙන්නේ එළුවාගේ මොකක්ද එක බිමට වැටෙන කන් පස්සෙන් ගිය නරියාට වූ දෙයයි.

ඒ නිසා, දේශපාලනයට මුල්තැන දෙන්න.

රාජපක්ෂවරු ආගම සහ සංස්කෘතිය පාවිච්චි කරන්නේ දේශපාලන බලය ලබා ගන්න. තහවුරු කර ගන්න. ඒ මිසක් දේශපාලන බලය මගින් ආගම සහ සංස්කෘතිය නඟා සිටුවන්න නොවෙයි.

ඒ ගැන තේරුම්ගන්න ඇමෙරිකාවේ ජීවත්වන රාජපක්ෂවරුන් ගැන බලන්නම ඕන නැහැ.

සුනන්ද දේශප්‍රිය.
srilankabrief.org

පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 30 කට විශ්‍රාම වැටුප් අහිමිවෙයි

0

ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ.

එයට හේතුව ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීමය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වේ

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා මනාපයෙන් හා ජාතික ලැයිස්තුවලින් නවක මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔවුන්ගේ මන්ත්‍රීධූරය වසර හතරයි මාස අටකට පමණ සීමා විය.

එබැවින් පසුගිය පාර්ලිමේන්තුව පළමුවරට නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට වසර 5ක කාලයක් සම්පූර්ණ කිරීමට නොහැකි විය.

වසර පහක කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට මූලික මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක් විශ්‍රාම වැටුප් ලෙස හිමිවේ.

විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ අය වන අතර එම සංඛ්‍යාව 23 කි. එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වී ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ සහ ජවිපෙ එක් මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වී තිබේ

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මලික් සමරවික්‍රම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න,  ආනන්ද අලුත්ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම ගමගේ, කරුණාරත්න පරණවිතාන, දයා ගමගේ, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, මොහොමඞ් මන්සුර්, සිසිර කුමාර, රහුමාන් ඉස්තාන්, නාලක කොලොන්නේ, තුසිතා විජේමාන්න, සන්දිත් සමරසිංහ , එම්. නවාවි, එම්. සල්මන්, ඒ. හෆිස් යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි වේ.

පාර්ලිමේන්තුව විසිරවීමට පෙර මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පෙරමුණු හිටපු පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ද විශ්‍රාම වැටුප් අහිමි වේ.

මීට අමතරව සමඟි ජන බලවේගය නියෝජනය කළ මයන්ත දිසානායක මහතා මෙවර එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ බැවින් ඔහු එයින් පාර්ලිමේන්තුවට පත්වුවහොත් විශ්‍රාම වැටුප අහිමි නොවනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂාන් ප්‍රේමරත්න, මනෝජ් සිරිසේන හා ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුප අහිමිව ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට ද විශ්‍රාම වැටුප අහිමි වේ.

මෙවර විශ්‍රාම වැටුප් අහිමි වන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සහ සිවප්‍රකාශම් සිවමෝහන්, කවීන්ද්‍රන් කෝඩීෂ්වරන්, ඊෂ්වරන් සරවනපවන් යන මහත්වරුන්ය.
lankadeepa.lk

ඉන්දිය ගුවන් අනතුරෙන් මිය ගිය ගණන 26 දක්වා ඉහල යයි …

0

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය මගීන් ගණන 26 දක්වා ඉහල ගොස් ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්ථා කර සිටි.
මිට කලින් ඉදිරිපත්ව වු වාර්ථා වලට අනුව මිය අතර ළමයින් 4 දෙනෙකු වන බවද හඳුනාගෙන ඇති බව පවසයි.

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් විසින් නිකුත් කරන ලද පියාසැරි ලැයිස්තුවේ තොරතුරුවලින් පෙනී ගියේ මෙහි ළාබාලතම තුවාලකරුගේ වයස අවුරුද්දක් පමණක් වන අතර, මියගිය වයස්ගතම මගියා අවුරුදු 61ක් පමණ වන බවය.

මේ අතර තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව කේරළ මහඇමතිවරයා පැවසීය. කොවිඩ්-19 ගමන් තහනම හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු රජය විසින් මෙහෙයවන ලද මෙම ගුවන් යානය ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වලින් එකක් බව එයාර් ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

දේශීය වේලාවෙන් සිකුරාදා රාත්‍රියේ කෝලිකෝඩ් කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසින අතරතුර ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් IX-1344 ගුවන් යානය අනතුරට ලක්විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ ඒ වනවිට පුද්ගලයන් 190 දෙනෙකු සිට ඇත.

“තුවාල ලැබූ මගීන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ සේවා 100ක් පමණ යොදවා තිබුණා. තුවාල ලැබූවන් කෝලිකෝඩ් හා මලප්පුරම් දිස්ත්‍රික්කවල රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා” යැයි ගෝපාලක්‍රිෂ්ණන්ගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

සෙනසුරාදා කෝලිකොඩ් නුවරට පැමිණි සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයින් 149 දෙනෙකු විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. තවත් 23 දෙනෙකු නිදහස් කර ඇති බවද ඔහු පැවසීය.

අනතුරෙන් පසු සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා තමා පැමිණ සිටින බවත්, සිවිල් ගුවන් සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය. සුන්බුන් අතරින් පියාසැරි දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය සොයාගෙන ඇති බව ඔහු පැවසීය.

ගුවන් අනතුර පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් සිදුකරන බව පූරි මහතා පැවසීය.

ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතී ඇති අතර, යානය ධාවන පථයෙන් ඔබ්බෙහි බෑවුමකට පතිත වී දෙකඩා කැඩී තිබුණි.

සිවිල් ගුවන් සේවා අමාතය පූරි මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට සහ මිතුරන්ට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළ අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

ඉන්දියාව කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑමකට ලක්ව සිටින මොහොතක මෙම අනතුරට මුහුණදුන් අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,088,611ක් ලෙස සටහන් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 42,518කි.
මුලාශ්‍ර- ලංකාදිප ,The hindu

මනාප 3000ටත් මන්ත්‍රි ආසනයක් …

0

2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිපල මත පදනම්වූ සුවිශේෂි කරුණු 05ක් පහතින් දැක්වේ.

1. ආසනයක් සඳහා ලබා ගත් උපරිම මනාප ඡන්ද සංඛ්‍යාව :

මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කුරුණගල) – 527,364

2. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ඡන්ද :

කුලසිංහම් දිලිපන් (ඊපීඩීපී, වවුනියා) – 3,203

3. දිස්ත්‍රික්කය සඳහා ලබාගත් ඡන්ද හා සසඳන විට මනාප ජන්ද වලින් ඉහළම ප්‍රතිශතය (ප්‍රධාන පක්ෂ 2)

මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, කුරුණගල) – 81.1%

සජිත් ප්‍රේමදාස (සමගි ජනබල වේගය, කොළඹ) – 78.9%

4. විශාලතම පරාජය (ආසනයක් දිනා ගැනීමට නොහැකිවූ වැඩි මනාප ලබා ඇති අපේක්ෂකයා)

ලක්ෂ්මන් යාපා අබේවර්ධන (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මාතර) – 71,106

දිල්ෂාන් විදානගමගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ගාල්ල) – 56,484

ඉෆ්තිකාර් ජමීල් (සමගි ජනබල වේගය – කළුතර) – 54,305

5. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ජන්ද වෙනස


සමගි ජනබල වේගය – මාතලේ

රංජිත් අලුවිහාරේ (27,171) පරදා මනාප 27,587 ලබා ගත් රෝහිණී කුමාරි විජරත්න ආසනයක් දිනා ගැනීම
ඡන්ද 416,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – වන්නි

ජනක් නන්දකුමාර් (12,999) පරදවමින් මනාප 13,454 කාදර් මාස්තාන් ආසනය දිනා ගැනීම.
ඡන්ද 455,


ITAK- යාපනය

සසිකලා රවිරාජ් (23,098) පරදවමින් ධර්මලිංගම් සිද්ධන්තන් 23,840 ආසනය දිනා ගැනීම.
ඡන්ද 742,


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – කෑගල්ල

ශාන්ත ගුණසේන (45,255) පරදවමින් සුදත් මංජුල – 45,970 ආසනය දිනා ගැනීම.

ඡන්ද 715,
newswire.lk

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 10ක් ! වෛද්‍යවරුන් 11 ක් !

0

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්ගේ විශේෂතා කිහිපයක් දක්නට ලැබේ.

විශේෂයෙන් පිය පුතු යුගල 4ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය පුතු යුගල 4 ය.

මීට අමතරව වෛද්‍යවරුන් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර රමේෂ් පතිරණ, සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොල, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්ද, තිලක් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඒ අතර වේ.

මීට අමතරව කාවින්ද ජයවර්ධන සහ රාජිත සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් අතරට අයතය.

ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර නාලක ගොඩහේවා, නාලක කෝට්ටේගොඩ, ඉසුරු දොඩංගොඩ, අනූප පස්කුවල්, ගාමිණි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන සහ පාඨලී චම්පික රණවක ඒ යටතට අයත් වේ.

මීට අමතරව කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම රණවිරුවන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

මැතිවරණවල දී දැඩි කතාබහට ලක්වූ කාන්තා නියෝජනයේ දී කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව, පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන ( යෝජනා වි ඇත ) අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු

0

මෙවර මහාමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුනෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් මොවුන් අතර පෙරමුණ ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පොළොන්නරුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ලක්ෂය ඉක්මවා මනාප ලබා ගෙන ඇත.

ශ්‍රී ලනිප අපේක්ෂකයින්ට මනාප ලබා නොදෙන්නැයි මැතිවරණ වේදිකාවේදී පවා ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගිය පසුබිමක ඡන්ද දායකයින් මෙම පිරිසට මනාප ලබා දී ජයග්‍රහනය කරවීම සුවිශේෂී වේ.

මෙම 13 දෙනාට අමතරව ශ්‍රී ලනිපය යාපනයට තනිව තරග කර එක් මැතිවරණ බල ප්‍ර දේශයක් ජයගනිමින් එක් මන්ත්‍රී ආසනයක්ද දිනාගත්තේය.

මෙවර පාර්ලිමේන්තු වරම් ලැබූ ශ්‍රීලනිප අපේක්ෂකයන්

01. මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
02. නිමල් සිරිපාල – බදුල්ල
03. දුමින්ද දිසානායක – අනුරාධපුර
04. මහින්ද අමරවීර – හම්බන්තොට
05. ලසන්ත අලගියවන්න – ගම්පහ
06. දයාසිරි ජයසේකර – කුරුණෑගල
07. ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
08. ශාන් විජයලාල් – ගාල්ල
09. රන්ජිත් සියඹලාපිටිය – කෑගල්ල
10. සාරතී දුෂ්මන්ත – කෑගල්ල
11. ජගත් පුෂ්පකුමාර – මොණරාගල
12. චාමර සම්පත් – බදුල්ල
13. කාදර් මස්තාන් – වන්නි
14. අංගජන් රාමනාදන් – යාපනය
aruna.lk

ඝාතනය කළ දෙමළ යොවුන් මාධ්‍යවේදියකු යාපනයේදී සැමරේ

0

පළමු රාජපක්ෂ පාලන සමයේ උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ දහතුන්වැනි ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ.

යාපනය මාධ්‍ය සමාජයේ සභාපති ඒ. සබේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 1 සෙනසුරාදා පස්වරු 3.30 ට පැවැති මරා දමන විට විසි දෙවැනි වියේ පසුවූ සහදේවන් නිලක්ෂන් සිහිපත් කිරීම සඳහා ඥාතීන්, පාසල් මිතුරන් සහ සහෝදර මාධ්‍ය සගයන් එක්ව සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධාන ශාලාවේ නිලක්ෂන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පෝපහාර පවත්වා ඉටි පහන් දල්වමින් උපහාර දක්වා තිබේ.

නිදහස් මාධ්‍යවේදියකු සහ යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයේ විද්‍යාර්ථියකු වූ සහදේවන් නිලක්ෂන් නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ 2007 අගෝස්තු 1 දාය.

This image has an empty alt attribute; its file name is nilakshan-2.jpg



අපරාධකරුවන් විසින් ඔහු නිවසින් පිට කරවා ගෙන ඇත්තේ බියවද්දා ගත් මිතුරකු ලවා කැඳවා ගැනීමෙනි.

“මගේ පුතා නිර්දෝෂයි,” යනුවෙන් නිලක්ෂන් මාතාව සෙල්වරානි සහදේවන් පවසන්නීය.

නිලක්ෂන් මරා දමන ලද්දේ ඔහුගේ ඝාතනයෙන් දෙවසරකට ඉහත කොළඹදී පැහැර ගෙන ගොස් මරා දමන ලද ටැමිල්නෙට් පුරෝගාමී කතුවර ධර්මරත්නම් සිවරාම්ගේ සමරුවකට සහභාගී වීමෙන් අනතුරුව බව නිලක්ෂන් මාතාව සිහිපත් කළාය.

“සමහරවිට සිවරාම් සිහිපත් කිරීම සුදුසු වැඩක් නෙවෙයි කියා ඒ ය හිතනවා ඇති.”

යාපනය සරසවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද “චාලරම්” ශිෂ්‍ය වාර ප්‍රකාශනයේ කතුවරයකු වූ නිලක්ෂන්ගේ  ඝාතනය සම්බන්ධයෙන් මේතාක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.
ඡායා- හම්සන් – යාපනය

Nilakshan

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

0

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද? කොළඹට කැටිපෙ අසයි.

තමන්ගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය නිදහස අහුරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේශපාලඥයන් මහමැතිවරණයෙන් අනතුරුව රටේ මාධ්‍ය නිදහස සහතික කරනු ඇතැයි සිතිය නොහැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි ප්‍රකාශ කරයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. 

” පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා අපේ සහෝදර මාධ්‍යවේදියෙක්. ඔහු සමඟ දේශපාලන ගැටලු තිබෙනවා තමයි. එහෙත් ඔහුගේ වුණත් භාෂණයේ නිදහස කප්පාදු කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මෙවැනි පාලකයින්ගෙන් රටේ මාධ්‍ය නිදහස බලාපොරොත්තු වීම විහිළුවක්. ” යනුවෙන් විමල් කැටිපෙආරච්චි වැඩිදුරටත් පැවසීය.

කතාකිරීම තහනම් මාධ්‍ය ප්‍රකාශක !

ඔහු මෙම කාරණය සඳහන් කර සිටියේ ‘පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගිය 22 දා ගාල්ලේ දී සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රකාශ සිදු කිරීමට අවසර නැති පක්ෂයේ ප්‍රකාශක සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ එහිදී මෙසේ පැවසිය.

”පක්ෂයේ ප්‍රකාශක විදියට විතරයි එයත් එතුමා වගේම ප්‍රකාශක වුණාට ප්‍රකාශ කරනවා ඇහිලා නෑහැනේ ඔයාලට කවදාවක්වත්. එයාට ඒක දුන්නේ ඒක ගන්නකෙටම කිව්වා ඔයාට කරන එකම ඉල්ලිම මෙච්චරයි ඔයා පක්ෂයේ ප්‍රකාශක වෙන්න.. හැබැයි ප්‍රකාශ කරන්න බෑ. මොකද ප්‍රකාශ කරොත් හම්බෝ අප්පේ කරොත් ඉවරයි මොකක්හරි ලෙඩක්”

බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය ගැන ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB සටහන පහතින් පළවේ. 

Screen Shot 2020 07 25 at 10.56.27 AMආත්මගරුත්වය නැතිකරනව ඉස්සෙල, ඒ කරල කටුකන්න තියාගෙන ඉන්නව 
අර රාජක්‍ෂලට කඩේ ගිය මාධ්‍යවේදිය සංජීව එදිරිමාන්න පව්. බැසිල් මිනිහගෙ කටවහල. බැසිල් කිව්ව: “එතුමා පක්‍ෂයේ ප්‍රකාශකය උනාට එතුමා ප්‍රකාශ කරනව ඇහිල නැහැනෙ ඔහෙලට කවදාවත්, එයාට දුන්නෙ, ගන්නකොට කිව්ව මගේ එකම ඉල්ලීම මෙච්චරයි, ඔයා පක්‍ෂයේ ප්‍රකාශකය වෙන්න හැබැයි ප්‍රකාශ කරන්න බැහැ. මොකද ප්‍රකාශ කරොත් අප්පෝපෝපෝ ඉවරයි. මොකක් හරි ලෙඩක්.” (ඔලුවෙ අත් දෙකම ගහගෙන කියන්නෙ)
මිනිහ මාධ්‍යවේදීකම දාල කලුතරින් ඡන්දෙත් ඉල්ලනව

රෙදි නැතිව කඩේ ගිය උන්ටත් මෙහෙම නම් අනිත් උන්ගෙ කටවල් කොහොම වහයිද බලය ලැබුණට පස්සෙ. 
මේ මෑන්ස්ගෙ ෆේස්බුක් කවර් ෆෝටෝ එක. මෙහෙම පශ්චාත් බාගෙ අල්ලන අයටත් පවුල සලකන්නෙ එහෙම තමා.
පීචං නේද මහත්තයෝ!
theleader.lk

සමාව දීමේ අයිතියක් ජනාධිපතිට නැති බව දරුවන් ආපසු නොලද අම්මලා කියති

0

තම දරුවන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා ලබන නාවික හමුදාවේ උසස්ම තනතුර දරන නිලධාරියා ඇතුළු සැකකරුවන් ගලවා ගැනීම

සඳහා කොමිසමක් පිහිටුවා ඇතැයි චෝදනා කරන මව්වරු අපරාධකරුවන්ට සමාව දීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැති බව අවධාරණය කරති.

දොළොස් වසරකට අධික කාලයක් යහපාලනය ඇතුළු ආණ්ඩු තුනකින් යුක්තිය නොලද නොනිමි අරගලයක නිරත මෙම මව්වරුන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ශපථ කර සිටියේ දරුවන් ආපසු ලබා දෙන තෙක් තම අරගලය නොනවත්වන බවයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිසම වැරදිකරුවන්ට නිර්දෝෂී වීමට මග පාදන ආයතයනයක් ලෙස හැඳින්වූ ජෙනිෆර් වීරසිංහ මාතාව  “ජනාධිපතිතුමාට වරදක් වුනේ නැහැනේ. ජනාධිපතිතුමාටත් පුතෙක් ඉන්නවනේ. එයාට වරදක් වුනේ නැහැනේ. මට තමයි ඒ දේ වුනේ. මම තමයි සමාව දෙන්න ඕනේ,” යි දැඩි ස්වරයෙන් කියා සිටියාය.

අවුරුදු විසිහතරක් වයසැති තම පුතු ජමාල්ඩීන් ඩිලාන් ඇතුළු පිරිමි එකොළහක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළේ යැයි හිටපු නාවික හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩි.කේ.පී දසනායකගේ නම සඳහන් කරමින් ජෙනිෆර් වීරසිංහ මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ සිය තරුණ පුතුගේ ඡායාරූපයක්ද ඔසවා පෙන්වමිනි.

“මට නාවික හමුදාවේම සමහර අය ෆෝන් කරලා කියනවා ළමයි දැන් නෑ, ළමයි මරලා කියලා කියනවා. හොඳයි එහෙනම් ලමයින් ගේ ඇටකටු ටික හරි පෙන්වන්න. එතකොට ඩිඑන් ඒ පරීක්ෂණයකින් මට මගේ පුතා අඳුනා ගන්න පුළුවන්” යි නාවික හමුදාවෙන් ඉල්ලා සිටි ඇය  “පුළුවන්නම් වින්දිතයන් වෙනුවෙන්ද ජනාධිපති කොමිසමක් දමන්නැයි”  ජනාධිපතිවරයාට අභියෝග කළාය.

චූදිත ඉහළ නාවික නිලධාරීන් තම දරුවන් පහර ගැනීම ගැන දැන සිටි බව අධිකරණය හමුවේ ඇති ලියකියවිලිවලින් තහවුරු වන බවද ජෙනිෆර් වීරසිංහ මාතාව වැඩි දුරටත් කියා සිටියාය.

11

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් සිංහල, දෙමළ හා මුස්ලිම්, වැඩිහිටි හා තරුණ පිරිමි 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ භූගත කුටියක තබාගෙන වධ දී අතුරුදහන් කළේ යයි නාවික හමුදාවට එරෙහි පරීක්ෂණ ආරම්භ වුනේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්ව සිටි 2008 වසරේදීය.

නාවික හමුදාවේ මෙන්ම ආණ්ඩුවේ ඉහළම තැන්වලින්ද සිදු කරන ලද විවිධ බාධා කිරීම් හා අවහිර කිරීම් මැද රහස් පොලිසිය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් පදවිලාභී වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති  ඇතුළු 14 දෙනෙකුට චෝදනා 667 යටතේ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත්තේ දේශපාලන වශයෙන් පලිගැනීමට යැයි වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක ජනාධිපති විසින් කරන ලද පැමිණිලි කොමිසම හමුවේ විභාග වෙමින් පවතී.

ලොක්කන් රැකීම:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු චෝදනා ලත් නාවික හමුදාවේ ලොක්කන් ආරක්ෂා කිරීමේ හා චෝදනා වලින් නිදහස් කිරීමේ වෑයමක නිරත වන්නේයැයි මාධ්‍ය හමුවට එක්ව සිටි අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු චෝදනා කළේය.

 “මේ නඩුවේ විත්තිකාරයෙක්වන වසන්ත කරන්නාගොඩට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීල තිබියදීත් එයට විරුද්ධව ඇපීල් උසාවි යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරනවානම් එතැන යුක්තියක් සාධාරණයක් තිබිය හැකිදැ,” යි   නීතිඥ බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

චුදිතයන් රාජ්‍ය යාන්ත්‍රණයේම කොටස්කරුවන් බැවින් නීතියේ යුක්තිය, හා සාධාරණත්වය පිලිබඳ දෙගිඩියාවෙන් පසුවන මෙම මව්වරුන් දසමසක් කුස දරා මෙලොවට බිහිකර, උස්මහත් කළ තම දරුවන් අතුරුදහන් කළවුන්ගේ පරම්පරාවන්ට පවා සාප ඉල්ලමින්, ඉකි ගසමින්, වචන පැටලෙමින් අදහස් ප්‍රකාශ කළ අයුරු සිත් කම්පා කරවන සුළු විය.

මේ අපරාධයට ගොදුරු වූයේ කස්තුරිආරච්චිලාගේ ජෝන් රීඩ් හෙවත් ජෝන්, රජීව් නාගනාදන් හෙවත් මල්ලි, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ඇන්ටනි කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් හෙවත් හාජ්ජියාර් යන විවිධ වයස් කාණ්ඩයන්ට අයත් එකොලොස් දෙනා ය.  මේ අතර පිය පුතු සිව් දෙනෙක්ද වෙති.

යැස්මින් සූකා

මේ අතර නාවික පරිශ්‍ර තුලදී 2008-14 කාල වකවානුවේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන වධහිංසා, අතුරුදහන් කිරීම් සහ මිනීමැරුම් වලට ශ්‍රීලංකා නාවික හමුදාවේ ඉහළම තලවල  අණ දෙන්නන් විශාල සංඛ්‍යාවක්  සම්බන්ධ බව හෙළි කොට තිබෙන්නේ යැයි සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2018 ඔක්තෝබර් 23 නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

 ITJP අධ්‍යක්ෂිකා යැස්මින් සූකාගේ එකී ප්‍රකාශය පවසන්නේ 11 දෙනා පැහැර ගැනීමේ නඩු විභාගය ශ්‍රී ලංකාවේ යුක්තිය ජය ගැනීම පිලිබඳ මහා අන්දරය වීමට නියම වී තිබුනත් ඉතා ශෝචනීය ලෙස එය අසාර්ථකත්වයේ සංකේතයක් බවට පත් වී ඇති බවයි.
theleader.lk