Monday, September 30, 2024
Home Blog Page 88

යාපනයේ වෙළඳසැල්, හෝටල් රාත්‍රී 10 තෙක් විවෘතව තැබීමට ජනපති උපදෙස්

0

යාපනය අර්ධද්වීපයේ සිල්ලර හා රෙදිපිළි වෙළඳසැල්, ආපනශාලා සහ ෆාමසි ඇතුළු සියලුම වෙළඳසැල් දිනපතා රාත්‍රී 10 දක්වා ආයතන විවෘතව තබන ලෙස ඉල්ලා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව  පරිදි යාපනය අධර්ධද්වීපයේ ව්‍යාපාර කටයුතු පුනර්ජීවනය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය මේ බව දැනුම් දීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලීසිය, ලංගම හා පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවන්, හෝටල් හිමියන් සහ වෙළෙඳුන් සමඟ සාකච්ඡාවක්ද පසුගිය සිකුරාදා පවත්වා තිබේ.

යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ. මහේසන් පවසන්නේ මෙම යෝජනාවේ අරමුණ කලාපයේ සාමාන්‍ය භාවය පවත්වා ගෙන යන බවට පණිවුඩයක් ලබා දීමෙන් ව්‍යාපාරික අවස්ථා වැඩි කිරීම බවයි.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි

ආණ්ඩුකාරවරියගේ බොරු ෂෝ ..

0


මේ සටහන ලියන්නේ චාල්ස් මැඩම් ගැන අමනාපයකින්වත් ඇයට පෙර උතුරේ ආණ්ඩුකාර ධූරය දැරූ රාඝවන් මැතිතුමා ගැන ප්‍රශස්ති ගයන්නවත් නොවෙයි ! රාජපක්ෂ දේශපාලනයේ පවතින අධිපතිවාදී ජනපීඩක තකතීරු ස්වභාවය හා ලංකාවේ මෝඩ ජනතාව එවැනි පීඩනයක් ඉල්ලාසිටීමේ දීනභාවයකින් තවමත් පෙලීම ගැන කියන්නයි !…..අපි යාපනයේ සංචාරයකට ආවා…ඩෙල්ෆ් යන්න ෆියර් එකට එනකොට එතන ලොකු කලබලයක් නේවි එකේ කොල්ලෝ එහෙ දුවනවා මෙහෙ දුවනා වාහන ඈතින් නවත්වන්න කියනවා ….බැලුවාම මේ චාල්ස් මැඩම්නුත් එයාගෙ කෂ්ටියක් එක්ක ඩෙල්ෆ් යන්න ඇවිල්ලා !
අනේ හුකේ නන්නානෙ…!
එතන ඉන්න මිනිස්සු මේ කවුද කියලවත් අඳුනන්නේ නෑ ! මේ අපේ හිටපු ප්‍රාදේශීය ලේකම් නැත්නම් හිටපු දිස්ත්‍රික් ලේකම් තුමිය නේ කියලා කවුරු හරි අඳුරගත්තද මන්දා ? 🤔
නාවික හමුදාවෙ විශේෂ බෝට්ටුවකින් එයත් එක්ක කොළඹින් ආපු කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගියාට පස්සේ අපිත් RDA එකෙන් දාපු සාමාන්‍ය මගී ජනතාවට තියෙන (CTB බස් වගේ )බෝට්ටුවෙන් ගියා කියමුකෝ අඩුගානෙ ලයිෆ් ජැකට් එකක්වත් නෑ…ඩෙල්ෆ් වලට ගිහාම තමයි දකින්නේ හොඳම රඟපෑම නාවික නිධාරීන් හා පොලීසිය පිරිවරාගෙන ඇම්බියුලන්ස් රථයක් වෙනම අනෙක් මිනිසුන් නවත්වගෙන…! අපිදෙන්නා ගිය ත්‍රීවීලර් එක අයිනට කරලා නවත්වන්න කිවුවා…! ඒගොල්ලෝ යනකම් අපිට යන්න බෑ ! මම පොලිස් නිලධාරියා සමඟත් නාවික නිලධාරීන් සමඟත් කතා කලා ….මොන විකාරයක්ද මේ…! කලින් හිටපු ආණ්ඩුකාරතුමත් මෙහෙමද ? ඔයාල දන්නෙත්නෑ සමහරවිට එතුමා රාජකාරි වැඩ වලට ඇවිත් යනවා නේද ? ඔහු හිටපු කෙටි කාලයට මොනතරම් වැඩකොටසක් කලාද ?…..ඒකනම් ඇත්ත මහත්තයෝ …අපිට ඉහලින් එන නියෝග අනුව රාජකාරිය නේ කරන්නේ ….ඒ ගොල්ලෝ එනකම් මහත්තයලට ඉන්නබෑ නේ …මහත්තයලත් යන්න….එතැන ඉඳලා අපිත් VIP ……! ආපහු එන්න ඇවිල්ලා ෆියර් එකේ හිටිය නාවික ඉහල නිලධාරියෙක් එක්ක මේගැන කතාකරාම ඔහු ඉතා සරලවම කිවුවේ එයාගෙ ලොකුකම පෙන්නන්න මිසක් වෙන කිසිම දෙයක් ඔතන නැතිබව….ඝෝටා සර් ගේ සෘජු පත්කිරීමක් නිසා ඒ හයිය පෙන්වනවාලු ! රාජපක්ෂලා බලය අල්ලගත්තාම බලය ප්‍රදර්ශනය කරනවා කරවනවා ! වැඩක් නොකලත් සාමාන්‍ය ජනතාව එකත් පසව කාණුවට බැහැලා යටහත් පහත්ව ඉන්න ඕන ! එතකොට තමයි බයි ජනතාවට පාලකයෙක් ඉන්න බව දැනෙන්නේ ! 🤔….සංඝයොන්ටත් ඕන ඒ වගේ පාලකයින් හදලා එහෙව් විරාජමාන අය තමන් ලඟ වඳින බව පෙන්වලා උන් නැති තැන අහිංසක ජනතාවගේ කරමත ජීවත් වෙන්න ! නාගදීපෙ හාමුදුරුවෝ ඝෝඨා දිණුව වෙලාවෙ ලක්ෂ එකහමාරක මල්වෙඩි ගැහුවා කියලා මට කිවුවේ නේවි එකේ කොල්ලෙක් ! 🤔
(අජිත් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැණුනි.)

මරා දමන ලද පාසල් දැරියන් සැමරීමට පොලිස් හමුදා බාධා

0

ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයෙන් සමුලඝාතනය කරන ලද දෙමළ පාසල් දැරියන්ගේ අනුස්මරණයක් රජයේ ආරක්ෂක අංශ වලින්කරන ලද බාධා නොතකා පැවැත්වීමට සංවිධායකයන් සහ ඥාතීන් සමත් වී තිබේ.
පොලිසිය විසින් සමරුවට බාධා කිරීමට හේතුවක් ලෙස දක්වා තිබුනේ එය සංවිධානය කළ දෙමළ ජාතික පක්ෂයේ නායක එම්. කේ සිවාජිලිංගම් මැතිවරණයට සහභාගිවුවකු වීමයි.

“ඡන්දය ඉල්ලුවයි කියලා අපේ නෑදෑයකුගේ මරණ ගෙදර යන එක තහනම් කරන්න පුලුවන්දැ” යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් ඊට අභියෝග කරමින් ප්‍රශ්න කර තිබුණි.ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී  2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් වයස අවුරුදු 16ත් 18ත් අතර දැරියන් පනහක් ඇතුළු හැට එක් දෙනකු මරුමුවට පත් විය. එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.

Jaffna school girls Murder

”2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් වයස අවුරුදු 16ත් 18ත් අතර දැරියන් පනහක් ඇතුළු
හැට එක් දෙනකු මරුමුවට පත් විය. එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.”

එම ඛේදවාචකයට ගොදූරු වුවන් සමරා මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් මංසන්ධියේ ඉදිකර ඇති ආරුක්කුව අබියස පුෂ්පදීප උපහාරයක් පවත්වන්නට සුදානම් වෙද්දී පුදුකුඩිඉරිප්පු පොලිසියේ ඉහල නිලධාරියකු පැමිණ  හිටපු මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළේ එය නවත්වන්නට “ඉහලින් අණක්” ලැබුණු බවයි.

සමරුව මැතිවරණ කාලය තුල පැවැත්වෙන්නක් බවට චෝදනා කරමින් එය අත්හිටුවන්නට ඉල්ලා සිටිමින්ම ඔහු කියා සිටියේ ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් අසල සමරුව පවත්වන්නේ නම් තමන්ද ඊට සහාය දෙන බවයි.

මැතිවරණය හා සමරුව අතර කිසිදු සම්බන්ධයක් නැති බව පොලිස් නිලධාරියාට කියා සිටි දෙමළ ජාතික පක්ෂයේ නායක එම් කේ සිවාජිලිංගම් තමන් නීති විරෝධී කටයුත්තක් කරන්නේ නම් අත් අඩංගුවට ගන්නා ලෙස යෝජනා කරමින් සැලසුම් කර තිබූ පරිදිම ඥාතීන්ගේද සහභාගිත්වයෙන් අනුස්මරණය පවත්වාගෙන ගියේය.

“අපි ආවේ අපේ දරුවන් සිහිපත් කරලා පහන් පත්තු කරන්න. අපි ඔහෙලගෙන් වෙන ඉඩකඩම් වස්තුව ඉල්ලන්න ආවේ නෑ,” යි එක් මාතාවක් හැඟුම්බරව කියා සිටියේ දැල්වෙන සමරු දීපයට කපුරු එකතු කරමිනි.

අනුස්මරණ භූමිය අසලින් ඉවත්ව යමින් කිසිවකුට “සර්” යයි දුරකතනයෙන් ඇමතූ පොලිස් නිලධාරියා සහභාගී වී සිටි ඥාතීන් ඇතුළු පිරිස හඳුන්වා දුන්නේ “සිවාජිලිංගම්ගේ ගෝල බාලයන් හතර පස් දෙනෙක්” ලෙසිනි.

ගුවන් හමුදා ප්‍රහාරයෙන් ඝාතනය කෙරුණු හැට එක් දෙනාගේ සමරුව පැවැත්වෙද්දී සන්නද්ධ යුද හමුදා භටයන් පාපැදිවල නැගී අවට සැරිසරනු මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබී තිබේ.වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී ජනාධිපතිව සිටි වර්තමාන අගමැතිවරයාගේ ආණ්ඩුව විසින් සෙන්චෝලේ ගුවන් ප්‍රහාරය යුක්ති සහගත කරමින් පවසා තිබුනේ එම ස්ථානය එල්ටීටීඊ පුහුණු කඳවුරක් බවයි.

එසේවෙතත්, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.

”ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.”

සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී උල්ෆ් හෙන්රික්සන් ප්‍රකාශ කර තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට ගිය තම නිරීක්ෂකයන්ට දැක ඇති පරිදි ප්‍රහාරයට ලක්වී ඇති ස්ථානයේ කිසිදු හමුදා ස්ථාපනයක් හෝ ආයුධ තිබූ බවට සාක්ෂියක් නැත.

“මේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක දරුවන් යැ,” යි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  (UNICEF) විධායක අධ්‍යක්ෂිකා ඈන් මාග්‍රට් වෙනෙමන් කියා තිබුණි.
theleader.lk

අධ්‍යාපනය කෑලි හතරකට, කැබිනට්ටුව අවිද්‍යානුකූලයි – ලංකා ගුරු සංගමය

0

පසුගිය 12දා දිව්රුම් දෙන ලද ඇමති මණ්ඩලයට අනුව අධ්‍යාපන විෂය පථය යටතේ අධ්‍යාපන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 4 ක්

දක්වා ඇති අතර මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු 3 ක් පත්කර ඇති බව පෙන්වා දෙන ‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, මෙමගින් එම ආයතනවල කටයුතු සිදුකිරීමේදී හා එම ආයතනවල සේවාවන් ලබා ගැනීමේදී බරපතල ව්‍යාකූල තත්වයක් පැන නැගිය හැකි බව ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු එබව අවධාරණය කර තිබේ.

සිය නිවේදනය මගින් ඔහු තවදුරටත් පවසන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය යටතට ස්වදේශ කටයුතු පැවරීම තුළ සිවිල් පරිපාලනය ක්‍රමාණුකුලව හමුදා පරිපාලනයට යටත්වීම සිදුවිය හැකි බවයි.

‘ලංකා ගුරු සංගමය’ නිකුත් කර ඇති අදාල නිවේදනය පහත පළවේ.

අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය කාර්ය භාරයන් වෙන්කර ඇති ආකාරය ව්‍යාකූලයි

”2020 අගෝස්තු මස 09 දිනැති අංක 2187/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා විසින් එක් එක් අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරු වෙත පවරන කාර්යයන් ද ඒ යටතට ගැනෙන ආයතනද හා අණපනත් ද දක්වා ඇත. එසේම මේ වන විට අදාළ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ද සිදුකර ඇත.

ඒ අනුව අධ්‍යාපන විෂය පථය යටතේ අධ්‍යාපන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දක්වා ඇති අතර මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු 3 ක් පත්කර ඇත.

අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා යටතේ සුවිශේෂ ප්‍රමුඛතා අතර සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ කටයුතු දක්වා ඇති අතර, එම සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ විෂයයන් 5 ක් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය විෂය පථයට ඇතුළත් කර ඇත.

ළමා මිතුරු පාසල් පුළුල් කිරීම, ග්‍රාමීය පාසල් සිසු ආකාර්ශිත පාසල් බවට පත් කිරීම, සියලූම පන්ති කාමර හා සනීපාරක්ෂක උපකරණ, ගුරු–ශිෂ්‍ය විවේකාගාර, සෞඛ්‍ය පහසුකම් හා යටිතල පහසුකම් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම, පාසල් පෙළපොත්, විෂය නිර්දේශ, ගුරු අත්පොත් ආදිය තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ එළි දැක්වීමට පියවර ගැනීම, පොකුරු පාසල් පද්ධතිය ස්ථාපිත කිරීම ඊට අයත්ය.

”මේ වන විට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සෙත්සිරිපාය කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත. ”

මේ වන විට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සෙත්සිරිපාය කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මේ තත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එම අමාත්‍යාංශයට යොමු කිරීම තුළ හුදු සම්බන්ධීකරණ ගැටලූ ගණනාවක් ඇතිවනු ඇත. එසේම එම ආයතනවල කටයුතු සිදුකිරීමේදී හා එම ආයතනවල සේවාවන් ලබා ගැනීමේදී බරපතල ව්‍යාකූල තත්වයක් පැන නැගිය හැකිය.

”අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සෙසු ආයතන කැබිනට් අමාත්‍යවරයා යටතේ පවතින බැවින් මෙම විෂය බෙදීම ද ගැටලූකාරීය.”

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය යටතට ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව දක්වා ඇත. රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන්ම විෂය මාලා සකස් කිරීම හා යාවත්කාලීන කිරීම මෙම ආයතනවලින් සිදුවේ.

අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සෙසු ආයතන කැබිනට් අමාත්‍යවරයා යටතේ පවතින බැවින් මෙම විෂය බෙදීම ද ගැටලූකාරීය. මේ ආකාරයට අධ්‍යාපන විෂයයන් බෙදා දැක්වීම විද්‍යානුකූල හා කාර්යක්ෂමව කටයුතු කිරීමට අදාළ ලෙස විෂය පථයන් වෙන් කිරීමක් නොවන බව ප්‍රකාශ කරමු.

ස්වදේශ කටයුතු ආරක්ෂ අමාත්‍යාංශයට:

Kamal Gotabaya

අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඉහත ආකාර තත්වයක් පවතින අතර, ස්වදේශ කටයුතු විෂය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ආමාත්‍යවරයා යටතට පවරා ඇත.

දිස්ත්‍රීක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඍජුවම සිවිල් පරිපාලනය ක්‍රියාත්මක වන ආයතන වේ. ග්‍රාම නිලධාරීන් දක්වා එහි පරිපාලන කාර්ය විහිදී ඇත.

”ආරක්ෂක අමාත්‍යාංශය යටතට එවැනි කාර්යයක් පැවරීම තුළ සිවිල් පරිපාලනය ක්‍රමානුකුලව හමුදා පරිපාලනයට යටත්වීම සිදුවිය හැක. ”

ආරක්ෂක අමාත්‍යාංශය යටතට එවැනි කාර්යයක් පැවරීම තුළ සිවිල් පරිපාලනය ක්‍රමානුකුලව හමුදා පරිපාලනයට යටත්වීම සිදුවිය හැක.

එසේම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී සිවිල් ආයතන ගණනාවක් ඒ යටතට පවරා ඇත. මේ තත්වය එම ආයතනයන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවට වෙනත් අමාත්‍යාංශයකට පැවරීම යෝග්‍ය බව ප්‍රකාශ කරමු.”
theleader.lk


අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 27 කට, අලි 97 කට දිවි අහිමි වෙයි ..

0

මහවැලි වනජීවී කලාපයේ ගෙවුණු මාස 07 තුළ සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් පුද්ගලයන් 05 දෙනකු සහ වල් අලි 27ක් මරණයට පත්ව තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි මහවැලි වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.එස්.කේ. චන්ද්‍රරත්න පැවැසුවේ ගෙවුණු වසරේදී පුද්ගල මරණ 27ක් සහ අලි මරණ 97ක් වාර්තා වූ බවයි.

පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් වස්ගමුව, අංගම්මැඩිල්ල මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සහ සංරක්ෂිත වනෝද්‍යාන කිහිපයක් මෙම කලාපයට අයත් වෙයි.

ආහාර සහ ජල හිඟය අලිමංකඩ වල් අලින්ගේ වාසභූමි අහිමිවීම ඇතුළු කරුණු කීපයක් වල් අලි ගම් වැදීමට බලපා ඇති බව හඳුනාගෙන ඇති නිසා අලිමංකඩ සංරක්ෂණයට පියවර ගෙන තිබෙන බව සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තු කිරීමටද පියවර ගෙන තිබේ. වනජීවී නිලධාරීන් අලි මිනිස් ගැටුම් සිදුවන කලාපවල නිරන්තර මුර සංචාර සඳහා යොදවා සිටින බවද පැවැසීය.

ලබා දෙන තොරතුරුවලට අනුව වගා බිම සහ ගොවි ගම්මානවලට වල් අලින් කඩා වැදීම වැළැක්වීමට ක්ෂණික පියවර ගන්නා බවත් මුරණ්ඩු සහ කලහකාරී වල් අලින් අල්ලා වනෝද්‍යානවලට මුදා හැරීමට පියවර ගෙන තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.
aruna.lk

අතුරුදහන් පුතා නොදැකම තවත් දෙමළ මාතාවක් දිවි හැර යයි

0

පළමු රාජපක්ෂ පාලන සමයේ දියත් වූ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් තම පුතුගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින්

සිව් වසරකට ආසන්න කාලයක් අඛන්ඩ අරගලයක නිරත වූ තවත් දෙමළ මාතාවක් පිළිතුරු නොලබාම දෙවැනි රාජපක්ෂ පාලන සමය ආරම්භයේ මියගොස් තිබේ.

අතුරුදහන් වු සිය පුතු සොයා ගැනීම වෙනුවෙන් මුලතිව් හි අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේ දින 1250 ක්  වාඩිලා සිටි මයිකල් ජේසු මේරි මාතාව මිය ගොස් ඇත්තේ අගෝස්තු 10 සඳුදාය.

මානික්කපුරම්, විශ්වමඩුවේ පදිංචි කාරියක වු ඇය මිය යන විට 74  වැනි වියේ පසු වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලිලාදේවී ආනන්දනඩරාජා පවසන්නේ මේ වන විටත් යුක්තිය නොලබාම  මියගොස් ඇති මව්වරුන් ගණන හැත්තෑ දෙදෙනකු බවයි.

ඒ අතුරින් මව්වරුන් 18 දෙනකුම මුලතිව් හි අඛණ්ඩව සත්‍යග්‍රහ භුමියේ වාඩිලා සිට් මව්වරුන්ය.

”යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලිලාදේවී ආනන්දනඩරාජා පවසන්නේ මේ වන විටත් යුක්තිය නොලබාම  මියගොස් ඇති මව්වරුන් ගණන හැත්තෑ දෙදෙනකු බවයි.”

2009 වසරේ යුද්ධය දරුණු ලෙස ඇවිලී ගිය මුල් කාලයේදීම මුලතිව්හි මාතලන් ප්‍රදේශයේදී අතුරුදහන් වූ සිය පුතු මයිකල් ජෝසප් සොයා ගැනීම වෙනුවෙන් මයිකල් ජේසු මේරි මාතාව මිය යන තෙක්ම නොනිමි අරගලයක යෙදී සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

අවුරුදු දෙක හමාරත් පසුකළ OMP කාර්යාලය:

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර දෙක  හමාරක්  සම්පුර්ණ වී තිබේ.

 ඉකුත් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව OMP ප්‍රධානියාද පිළිගෙන තිබේ.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ සමීපතමයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

”ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.”

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
theleader.lk

සබ්‍රිට අධිකරණ ඇමතිකම දිම ගැන මංගල අගමැතිව අගයයි

0

ජනාධිපති නිතිඥ අලි සබ්‍රිට අධිකරණ ඇමතිධුරය ලබාදිම පිලිබදව පොහොට්ටුවේ ජාතිවාදි කොටස් කිපි ඇති අයුරු අද තැන තැන කෙරෙන කථාබහ සහ සමාජ මාධ්‍ය වල ඇතැම් සටහන් විසින් ඉතා පැහැදිලිය.මෙවන් පසුබිමක අධිකරණ ඇමතිධුරය අලි සබ්‍රි වෙත ලබාදිම අගමැතිවරයා විසින් ගනු ලැබු ඉතාමත් හොද තිරණයක් බව දැනටමත් රටේ බුද්ධිමත් කොටස් වල කියැවෙන්නට පටන් ගෙන තිබේ. මේ අතර කවදත් ප්‍රතිපත්ත මුලික දේශපාලනයක නිරතව සිටින හිටපු මුදල් ඇමති මංගල සමරවිරද අගැමැතිවරයාගේ මේ තින්දුව පැසසුමට ලක් කර තිබේ.

විවිධ පර්ශ්වවලින් එල්ල වූ විරෝධය නොතකමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරිමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය හොඳ තීරණයක් බව මංගල සමරවීර මහතා පවසා තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් හාස්‍ය ජනක බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.

පොලීසිය නිරාගමික හේතුවාදී විචාරකයෙකුට එරෙහි පරීක්ෂණ අරඹයි

0

Kශ්‍රී ලංකා පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය (සඅනිකො) විසින් සමාජ මාධ්‍ය තුල සැලකිය යුතු අවධානයක්

දිනා ඇති තරුණ නිරාගමිකයෙකු හා හේතුවාදියෙකු වන ඉන්දික රත්නායක පසුගිය 29 දා සිය කාර්යලයට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

ඔහු විසින් ආගම සම්බන්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කෙරුනු විවේචනාත්මක ලිපි පිලිබඳ පැය තුනකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පොලීසිය ඔහුව මුදා හැර ඇත්තේ, ඔහුගේ රචනයන් ස්වයංවාරනයට ලක් කලයුතු බවට අනතුරු අඟවමිනි.

රත්නායක මෙසේ කැඳවා තිබුනේ අන්තවාදී සංවිධානයක් වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ (බෞතොකේ) විධායක අධ්‍යක්ෂ අඟුලු‍ගල්ලේ සිරි ජිනානන්ද හිමිනම විසින් ඔහුට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ජුනි මස 8 දා සිදුකර තිබු පැමිනිල්ලක් මතයි.

මැදගොඩ අභයතිස්ස, හෑගොඩ විපස්සි හා ඉඳුරාගාරේ ධම්මරතන යන නාහිමිවරුන් බෞතොකේ හි අනුශාසකත්වය දරති.

”රත්නායක මෙසේ කැඳවා තිබුනේ අන්තවාදී සංවිධානයක් වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ (බෞතොකේ) විධායක අධ්‍යක්ෂ අඟුලු‍ගල්ලේ සිරි ජිනානන්ද හිමිනම විසින් ඔහුට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජුනි මස 8 දා සිදුකර තිබු පැමිණිල්ලක් මතයි.’

“බෞද්ධ ප්‍රජාව අතර බුදු දහම සහ බුදුරජානන් වහන්සේ ගැන මිත්‍යා මත බෙදා හරිමින් ආගමිකයන් අතර වෛරය ඇතිවන පරිදි  කටයුතු කරමින්”, “පුද්ගල කන්ඩායම් එකතු කොට සමාජජාලා හරහා” කරන කටයුතු නිසා “රටතුල බෞද්ධාගමික පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවෙමින් පවතින අතර තරුණ පරපුර නොමග යවමින් සිටින” බව පැමිණිලිකාර හිමිනම රත්නායකට එරෙහිව චෝදනා කර තිබිණ.

“මෙම අපරාධය පිලිබඳ විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත්කරන ලෙස” පොලීසියට විධානය කරන පැමිණිලිකාර හිමිනම, මේ සඳහා ආධාර කරගත යුතු නීති දඬු අඬු ද පොලීසියට පෙන්වා දී තිබේ.

(අයිසීසීපීආර්) පනතේ 3(1) යන වගන්තීන්  :

ICCPR ACT

පසුගිය වසරේ හා මෙම වසරේදීත් අවස්ථා ගනනකදී ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව යොදාගැනුනු මෙම මර්දක නීති ප්‍රතිපාදනයන් නම්, වැඩවසම් නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ (දනීස) 291ආ සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1) යන වගන්තීන්ය.

දන්ඩ නීති සංග්‍රහයේ හි 219 ආ වගන්තිය යටතේ  “කිසිදු පන්තියක ආගමික හැඟීම්වලට හිතාමතා හා ද්වේෂ සහගත ලෙස පරිභව කිරීම” අපරාධ වරදකි. එයට වසර දෙකක් දක්වා සිර දඬුවමක් ලබා දිය හැකිය.  

”අයිසීසීපීආර් පනතේ  3 වන වගන්තිය අනුව
“යුද්ධය ප්‍රචාරණය කිරීම හෝ වෙනස්කම් කිරීම, වෛරය හෝ ප්‍රචණ්ඩත්වයට පොලඹවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමට අනුබල” දීම වරදකි.  එම වරද සඳහා චෝදනා ලැබූ අයෙකුට ඇප ලබාදිය හැක්කේ ඉතා සුවි⁣⁣ශේෂි තත්වයන් යටතේ මහාධිකරණයකට පමණක් වන අතර වරද ඔප්පු කරනු ලැබුව හොත් වසර දහයක් දක්වා සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත.”

අයිසීසීපීආර් පනතේ  3 වන වගන්තිය අනුව “යුද්ධය ප්‍රචාරනය කිරීම හෝ වෙනස්කම් කිරීම, වෛරය හෝ ප්‍රචන්ඩත්වයට පොලඹවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමට අනුබල” දීම වරදකි.  එම වරද සඳහා චෝදනාලැබූ අයෙකුට ඇප ලබාදිය හැක්කේ ඉතා සුවි⁣⁣ශේෂි තත්වයන් යටතේ මහාධිකරනයකට පමනක් වන අතර වරද ඔප්පු කරනු ලැබුව හොත් වසර දහයක් දක්වා සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත.

රත්නායකගේ “කළු කුහරය”: භෞතිකවාදය තහවුරු කිරීමේ ප්‍රයත්නයක්….

kALUKUHARA

වෘත්තීයෙන් රජයේ හෙද සේවකයෙකු වන රත්නායක වසර ගනනාවක සිට සමාජ මාධ්‍ය භාවිතයෙන් තම නිරාගමික හා හේතුවාදී විවේචනාත්මක ලිපි හරහා ආගමික සංකල්පවල අතාර්කික හා අවිද්‍යාත්මක ස්වභාවය, ඒවායේ ඓතිහාසික හා සමාජීය සම්භවය යනාදිය සරලව ඉදිරිපත් කරමින් මිත්‍යාවට එරෙහිව භෞතිකවාදය තහවුරු කිරීම සඳහා සාධනීය ප්‍රයත්නයක් දරා ඇති බවට ඔහුගේ ලිපි සාක්ෂි දරයි.

ඔහුගේ ෆේස්බුක් ගිනුමට අමතරව “කළු කුහරය” නමින් ⁣ෆේස්බුක් සමූහයක ද ඔහු තම අදහස් ප්‍රකාශයට පත් කරයි. මේ හරහා ⁣පමනක් හයදහසකට වැඩි පිරිසකගේ අවධානය තම ලේඛන වෙත යොමු කරගැනීමට රත්නායක⁣ට හැකිව තිබේ.

ජෛන හා හින්දු ආගම්, බුද්ධාගම, ඉස්ලාමය, යුදෙව් ක්‍රිස්තියානි ආගම් ආදියෙහි එන දෙවියන්, කර්මය, පුනරුප්පත්තිය, නිර්වානය, යනාදී සංකල්ප මෙන්ම මෙම ආගම්වල ඓතිහාසික සම්බන්ධයද ඔහුගේ ජනප්‍රිය මාතෘකා වේ.

මෙතරම් විශාල ප්‍රමානයක්, වි⁣ශේෂයෙන් තරුන පිරිස්, නිරාගමිකත්වය හා හේතුවාදී විශ්ලේෂන වෙත අවධානය යොමු කිරීම, යල්පැන ගිය ආගමික සංකල්පවලින් ගූඪකරනයට ලක්කොට මානසික, සංස්කෘතික හා වාර්ගික වහල්භාවයට තමන් පත්කිරීමට එරෙහිව නව විද්‍යාත්මක හා තාක්ෂනික වර්ධනයන් පසුබිමෙහි වර්තමාන තරුන පරම්පරාවන් ස්වභාව ධර්මය විද්‍යාත්මකව වටහා ගැනීමට දරන ප්‍රයත්නයේ වෛෂයික පිලිබිඹුව කි.  

රත්නායකගේ මෙම වැඩකටයුතු සෘජුවම ආගමට හා සැම කල්හිම පාලක පන්තියේ මර්දක උපකරනයක් ලෙස එයට ⁣ඓන්ද්‍රීයව සම්බන්ධව ක්‍රියාත්මක වූ ආගමික සංස්ථාපිතයටද මාරක පහරක් වේ. බුද්ධාගමට ජෛන සම්භවයක් ඇතැයි රත්නායක ඉදිරිපත් කල විශ්ලේෂනය නිසා බෞද්ධ සංස්ථාපිතයම දෙද⁣රා යනු ඇතැයි යන උත්සුකයෙන් මෙම අන්තවාදීන් කුපිතව ඇත.

”බුද්ධාගමට ජෛන සම්භවයක් ඇතැයි රත්නායක ඉදිරිපත් කල විශ්ලේෂනය නිසා බෞද්ධ සංස්ථාපිතයම දෙද⁣රා යනු ඇතැයි යන උත්සුකයෙන් මෙම අන්තවාදීන් කුපිතව ඇත.”

රත්නායක ඉදිරිපත්කර ඇති ශාස්ත්‍රීය කරුනු පිලිබඳ අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොතිබුනු පොලිස් නිලධාරීන්  ඔහුගේ ෆේස්බුක් ගිනුමේද, “චැට් ගෲප්” වල සිදුකරන ලද සාකච්ඡා ද අලලා ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

 බුද්ධාගම ජෛන ආගමෙන් නිරුක්ති වන්නේ කෙසේද ? බුදුන් සිටි බව පිලිගන්නේද? බුදු පිලිම වශයෙන් ජෛන පිලිම  වන්දනාමාන කරන බව කියන්නේ ඇයි? සාමූහික අවිඥානය මගින් වස්තූන් පූජනීයත්වයට පත්කරන්නේ යැයි කියන්නේ ඇයි? ඔබ වෙනත් ආගම් විවේචනය කරන්නේ නැත්ද ? ආදී ප්‍රශ්න ගනනාවක් ඒ අතර විය.

මෙ⁣ම ප්‍රශ්න විචාරීම සඳහා පොලීසියට කිසිදු නෛතික ස්ථිතියක් හෝ විශේෂඥ දැනුමක් නැත. රත්නායක නිදහස් කර ඇත්තේ, මින් පසු ආගම, විශේෂයෙන් බුද්ධාගම ගැන මෙවන් අදහස් ලියා සමාජය කුපිත නොකරන ලෙස වාරන කොන්දේසි පැනවීමෙන් අනතුරුවයි.

”රත්නායක නිදහස් කර ඇත්තේ, මින් පසු ආගම, විශේෂයෙන් බුද්ධාගම ගැන මෙවන් අදහස් ලියා සමාජය කුපිත නොකරන ලෙස වාරන කොන්දේසි පැනවීමෙන් අනතුරුවයි”

sHAKTHIKA SATHKUMARAරත්නායකගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඔහුට එරෙහිව කර ඇති අභූත පැමිනිල්ලේ නිරවද්‍ය හා වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා පැමිනිලිකාර හිමිනම ගෙන්වා ප්‍රශ්න නොකිරීමට පොලීසිය වගබලා ගෙන ඇත.

ඉහත කී මර්දක නීති යටතේම මීට පෙර සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේද සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර, තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන්, බෞතොකේ ඇතුලු අන්තවාදී සංවිධානවල උසිගැන්වීම් මත, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස සතරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබුනි.

මෙම පනතම මීට පෙර මාලක දේවප්‍රියගේ “කනට පාරක්”‍ යන ගුවන්විදුලි කතා මාලාවට එරෙහිව ද යොදා ගැනුනි.

නව හූනු විශේෂ කිහිපයකට නම් තැබීම:

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කන්ඩායමක් තමන් සොයාගන්නා ලද නව හූනු විශේෂ කිහිපයකට නම් තැබීමට ක්‍රි.පූ. පලමු ශතවර්ෂයේ රජෙකුගේ සෙනෙවියන් දෙදෙනෙකුගේ හා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ට එරෙහිව ජාතික  ව්‍යාපාරයට නායක්වය දුන් සිව් දෙනෙකුගේ නම් යොදාගැනීමට එරෙහිව පාලක රාජපක්ෂ තන්ත්‍රයේ හිතවාදී බෞද්ධ භික්ෂූන් කිහිප නමක් පසුගිය වසර අවසානයේදි පොලිස්පතිට කල පැමිනිල්ලක් මත පරීක්ෂනයක් ආරම්භ කෙරිනි.

මෙම පරීක්ෂන හකුලා ගැනුනේ ප්‍රබල මහජන අප්‍රසාදය මධ්‍යයේය.

සත්කුමාරගෙන් පසු, දිල්ශාන් පතිරත්න, කිංග්ස්ලි ගුනතිලක, කුසල් පෙරේරා වැනි කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව ද මෙම නීති යොදාගැනීමට එම ආන්ඩුව උත්සාහ කලේ ය.

තරුණයින් 50 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට !

කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන් ඇතුලු‍ විකල්ප ලෙස සිතන මතන, ලියන හා ප්‍රකාශන කරන පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය වාරනය හා භීතිය වැපිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ  නව ඉහලකින් ඉස්මත්තට ගනු ලැබිනි.

rAMSI rAZIKකොරෝනා වසංගතය දඩමීමා කරගනිමින් “සාවද්‍ය” තොරතුරු පලකිරීම හා වසංගත මර්දන රාජ්‍ය නිලධාරීන් “ද්වේශ සහගතව” විවේචනය කිරීම යන චෝදනා යටතේ  අප්‍රේල් මස සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු පනහකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුනි.

වැඩබලන පොලිස්පති අප්‍රේල් 01 දින නිකුත් කල නියෝගයක් හා ඒ අනුව සිදුකල අත්අඩංගුවට ගැනීම් හරහා “ආන්ඩුව විවේචනය නොකරනු!” යන්න ආන්ඩුව ක්‍රියාකාරීව නිවේදනය කලේය.

සමාජමාධ්‍ය හරහා මුස්ලිම් මහජනයාට එරෙහිව සිදුකල වර්ගවාදී ප්‍රහාරයන් විවේචනය කල ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් ඉහත කී පනත යටතේම අත්අඩංගවට ගත් ආන්ඩුව මාස හතරකට ආසන්න කාලයක් රඳවාගෙන සිටී.

රාජපක්ෂගේ පාලනය ආරම්භයේ පටන් උතුරේ හා නැගෙනහිර දමිල මාධ්‍යවේදීන්ට පහරදීම් හා මරන වරෙන්තු නිකුත් කල ආන්ඩුව අගනුවර ඇතුලු රටේ සෑම ප්‍රදේශයකම මිලිටරිකරනය තර කරමින් මහජනතාව භීතියට පත් කිරීමට උත්සාහ කලේය.

උතුරේ දෙමල ජනයාට එරෙහි මිලිටරි අඩන්තේට්ටම්  වලට විරුද්ධව අධිකරනයේ පෙනී සිටීම හේතුවෙන්, මිලිටරියේ මැදිහත්වීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්, යාපනය විශ්ව විද්‍යාලයේ නීති අංශ ප්‍රධානී කුමාර වඩිවේල් ගුරුපරන් ට පෞද්ගලික නීති වෘත්තියේ යෙදීම තහනම් කෙරුනි.

Guruparanපෞද්ගලික නීති වෘත්තියේ යෙදීම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් භුක්තිවිඳි ප්‍රජාතන්ත්‍රීය අයිතියකි.  

දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී ඇති රාජපක්ෂ ආන්ඩුව, ඉදිරියේ පිපිරීමට නියමිත කම්කරු අරගලවලට මුහුන දීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටී.  

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්නදය ද, “මුස්ලිම් අන්තවාදය” මැඩීම හා රාජ්‍ය ආරක්ෂාව මේ සඳහා කඩතුරාවන් කර ගෙන තිබේ.

මහ මැතිවරනයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දමිල අපේක්ෂකයන්ට එරෙහි මිලිටරි සෝදිසි කිරීම් මෙම මර්දනයේ වඩාත් ඉහල ප්‍රකාශනය කි.

ලොව සෙසු රටවල ධනපති ආන්ඩු මෙන්ම…

Lanka

ලොව සෙසු රටවල ධනපති ආන්ඩු මෙන්ම ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සෑම එකක්ම ආගම හා සංඝ සංස්ථාපිතය යොදාගනු ලැබුවේ ආර්ථික අර්බුද හමුවේ ක්‍රියාවට දැමුන සමාජ කප්පාදුවලට එරෙහිව වර්ධනය වන පන්ති අරගල වලට ඇබ ගැසීම සඳහා වාර්ගික රේඛා තියුනු කිරීම පිනිසය.

පොලීසිය, මිලිටරිය, නීතිය හා අධිකරනය මෙන්ම බෞද්ධ ආගමික සංස්ථාපිතයද ධනපති පන්ති පාලනයේ උපකරන වශයෙන් රටේ සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු විසින් නඩත්තු කරනු ලැබෙන අතර වර්ගවාදී ව්‍යවස්ථාවෙන්ම උත්කර්ෂයට නංවා ඇත.

පොලීසිය හා ආන්ඩු මෙම අන්තවාදී කල්ලි වල වරප්‍රසාද ආරක්ෂා කිරීමේත්  ඒවායේ නියෝග මත ක්‍රියාත්මක වීමේත් දේශපාලන හරය එයයි.  

”තමන් පලකල ලිපි හරහා රත්නායක කිසිදු නීතියක් යටතේ වරදක් සිදුකර නොමැත. එම රචනාවන් මත පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම ශාස්ත්‍රීය පර්යේෂනයේ නිදහස හා මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු  ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල දැවැන්ත පහරකි. ”

තමන් පලකල ලිපි හරහා රත්නායක කිසිදු නීතියක් යටතේ වරදක් සිදුකර නොමැත. එම රචනාවන් මත පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම ශාස්ත්‍රීය පර්යේෂනයේ නිදහස හා මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු  ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල දැවැන්ත පහරකි.

(උපුටා ගැනීම : විමුක්ති විදර්ශන විසින් wsws.org වෙබ් අඩවියට සම්පාදිත ලිපියකිනි)

සම්පුර්ණ ලිපිය මෙතනින්

රෝසිට නගරාධිපතිධුරය අහිමිවෙන ලකුණු ..?

0

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳව පැන නැගී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා අගෝස්තු 19 වැනි දින සිරිකොතට කැඳවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරන බව ලංකාදිප වෙබ් අඩවිය සඳහන් කොට තිබේ.

මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන් 60දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව ඇතැයිද හි සදහන්ව ඇත.

පක්ෂයට සහය නොදැක්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කළ යුතු බවට මෙහිදී නාගරික  මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට පෙන්වාදීමට නියමිත බවද, එහි ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට පවසා තිබුණි.

එක් කණ්ඩායමක් නගරාධිපතිනිය ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨයකුට එම ධූරය ලබාදිය යුතු බවට යෝජනා කර ඇතැයිද, තවත් පිරිසක් පිටස්තර අයෙකු ඒ සඳහා පත්කළ යුතු බව පෙන්වාදීමට යන බවද වාර්තා වේ.

රෝසි සේනානායක මහත්මිය එම ධූරයට පත්වූයේ 2018 වසරේ පෙබරවාරි 15 වැනිදාය.
මේ අතර එජාප සිය පාක්ෂිකයන්ට පොරොන්දුවු පරිදි පක්ෂය අළුත් නොව තරුණ නායකත්වයට වැඩි ඉඩක් ලබාදිමට ඇති සුදානම ගැන වැඩි අවධානයකින් සිටිති.

වියත්මගට ඇමති ධුර 4ක් ! – සරත් – නාලක -සීතා -චන්න

0

වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ රියාද් අද්මිරාල්  සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

1- ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

2 – ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

3 – සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යධුරයද

4 – මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරයද එසේ පත්කර තිබේ.