Sunday, September 29, 2024
Home Blog Page 87

රටටම එක නීතියක් ! – පොලීසියෙන් ඉන්ද්‍රාට වෙඩි; සම්පායෝට සැප!!

0

සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන සමයංගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු යැයි පොලිස් -මාධ්‍ය විසින් හංවඩු ගසා ඇති

ඉඳුනිල් වජිර කුමාර ඒලියස් නොහොත් ඉන්ද්‍රා නම් සැකකරුට පොලීසිය වෙඩි තබා මරා දැමුවේ පසුගිය 27වනදාය.

පොලීසිය කියන්නේ නවගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සහ කළනිසා පොලීසිය ඔහුට වෙඩි මරා දැමු බවය.

මෙම කතාව පොලිස්–මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ පරණ තැටියක් අලුත් කිරීම මගිනි.

එනම් ආයුධ පෙන්වීම සඳහා ගෙන ගිය අවස්ථාවකදී පැන යාමට උත්සාහ කළ නිසා මරා දැමූ බවයි.

මෙම කිසිදු පොලිස්–මාධ්‍යයක් ඒ අවස්ථාවෙහි ඔහුට මාංචු දමා තිබුණේ ද යන්නවත් ප්‍රශ්ණ කරන්නේ නැත. පොලීසිය විසින් වෙඩි තබා මරා දමන ලද බොහෝ සැකරුවන් සම්බන්ධයෙන් මෙම වාර්තාවම පොලිස්-මාධ්‍ය විසින් කී වතාවක් ලියා ඇත්ද?

”මෙම කිසිදු පොලිස්–මාධ්‍යයක් ඒ අවස්ථාවෙහි ඔහුට මාංචු දමා තිබුණේ ද යන්නවත් ප්‍රශ්ණ කරන්නේ නැත. පොලීසිය විසින් වෙඩි තබා මරා දමන ලද බොහෝ සැකරුවන් සම්බන්ධයෙන් මෙම වාර්තාවම පොලිස්-මාධ්‍ය විසින් කී වතාවක් ලියා ඇත්ද?”

ඇත්ත වශයෙන්ම නම් මෙම පොලිස්–මාධ්‍ය සංනිවේදනය කරන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිසා ඔහු පොලීසිය විසින් මරාදමන ලදැයි යන කතාවය.

එමගින් උත්සාහ කරන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොවේ. පණිවිඩය පැහැදිලිය. එනම් පොලීසියට මෙවැනි අතාත්වික හේතු දක්වා සැකකරුවන් ඝාතනය කළ හැකි බවයි. එම ඝාතනයන් ගැන කිසිදු පරීක්ෂනයක් නොපැවැත්වෙන බවයි.

Sampayoසම්පායෝ අත් අඩංඟුවට ගැනීමේ පොලිස්–මාධ්‍ය වාර්තාව නාටකයකි.

ඒ සමඟම පොලිස්–මාධ්‍ය මගින් මෙයට සති කිහිපයකට පෙර තවක් කතාවක් වාර්තා කලේය. එනම් මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ පොලිස් මෙහයුමකින් අත් අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවෙහිදී සම්පායෝට ජනමාධ්‍ය ආයතනයකට දීර්ඝ ප්‍රකාශයක් දීමට පොලීසිය අවස්ථාව සළසා දුන්නේය. සම්පායෝ එහිදී කීවේ තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට මහන්සි වූ බවත් මෙළෙස අත් අඩංඟුවට ගැනීම වරදක් බවත්ය.

සම්පායෝ පොලීසියෙන් කට්ටි පනිමින් සැඟවී සිටියේ කුරුනෑගල ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණයෙහි බවත් පසුව වාර්තා විය.

ඉන්ද්‍රාට වෙඩි තබා මරා දැමූ පොලීසිය සම්බායෝට සැළකූ හැටි නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. ඒ අනුව අත් අඩංඟුවට ගැනීමේ පොලිස්–මාධ්‍ය වාර්තාව නාටකයකි.

”ඉන්ද්‍රාට වෙඩි තබා මරා දැමූ පොලීසිය සම්බායෝට සැළකූ හැටි නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. ඒ අනුව අත් අඩංඟුවට ගැනීමේ පොලිස්–මාධ්‍ය වාර්තාව නාටකයකි.”

පෙර සැළසුමකට අනුව සම්පායෝ පැමිණි බවත් එක්තරා මාධ්‍ය ආයතනයක වීඩියෝකරුවක් එන තුරු පොලීසිය එහ නැවතී සිටි බවත් වාර්තා වී තිබේ.

දිලීප පීරිස්ට අනුව සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන්ට රුපියල් 10,000 සිට 200,000 දක්වා මුදලකට සුඛෝපභෝගී සිරකුටි ලබා දී තිබේ.

ඔහු අධිකරණයට කියා සිටියේ මීගමුව මූලස්ථාන පරීක්ෂක කියා ඇති පරිදි මීගමුව පොලීසිය විසින් කුරුණගාලයේදී අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවේ පිටපතක්වත් නොගෙන මිගමු පොලිස් මූලස්ථාන පරීක්ෂක කුරුණෑගලට ගොස්, රහස් පොලිසිය විසින් ඔහු සොයමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඊනියා ‘අත්අඩංගුවට ගැනීමෙන්’ පසුව මිගමුව පොලිස් මූලස්ථාන පරීක්ෂක සැකකරුට තේ පානය කිරීමට පවා ඉඩ සැළසුවේය.

දේශපාලන බලපුලුවන්කාරකම් නැති ඉන්ද්‍රාට ..

දේශපාලන බලපුලුවන්කාරකම් නැති ඉන්ද්‍රාට ඒ වෙනුවට පොලීසිය දුන්නේ වෙඩි උණ්ඩය.

මීගමුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වා ගෙන යමින් නිලධාරීන් සිරකරුවන්ට හෙරොයින් විකුණන බවත් මෙම ජාවාරම හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ විසින් සෘජුවම අධීක්ෂණය කරන ලද බවත් අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙසේ මත්ද්‍රව්‍ය කිරා බෙදා හරින ලද විද්‍යුත් තරාදියක් පවා රහස් පරීක්ෂකයින් විසින් සොයා ගෙන ඇතැයි දිලීප පීරිස් කියා සිටියේය.

හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සම්පායෝ විසින් ශීතකරණයක් සහ රයිස් කුකර් එකක් ඇතුළු භාණ්ඩ රාශියක් ලබා දී තිබූ බව මීට පෙර වාර්තා වී තිබුණි.

”හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සම්පායෝ විසින් ශීතකරණයක් සහ රයිස් කුකර් එකක් ඇතුළු භාණ්ඩ රාශියක් ලබා දී තිබූ බව මීට පෙර වාර්තා වී තිබුණි.”

පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සළන්නේ එක නීතියක් යටතේද යන්න අධිකරණ ඇමැතිවරයාට දැන් තීරණය කළ හැකිය.

වෙඩි තියල පාතාලය මර්ධනය කරන්න බැහැ – නීතිඥ අථිල ආතාවුද

Athila Athaudaමේ අතර ඉන්ද්‍රා ඝාතනය ගැන සටහනක් තබන නීතිඥ අථිල ආතාවුද මෙසේ කියයි.

”ඔය “පිටි චූටි, පාං බට්ටා, බුල්ටො ලකී” වගේ නම් දාල එයාලම පාතාලයොයි කියන අයට මහ පා⁣රෙ එයාලම වෙඩි තැබීමෙන් පාතාලය මර්දනය වෙනවයි කියල කවුරුහරි කියනවනම් ඒ කියන පුද්ගලයා පාතාලය ගැන මොකවත්ම දන්නෙ නෑ.

ඒකට හේතු දෙකක් තියනව:-

1. ඔය කඩන්නෙ පාතාලය කියන මහ ගහේ දළු විතරයි. දළු කඩපුවාම අතු බෙදි බෙදී තව තව වැඩෙනවා වගේ එකෙක් මරණ ගානෙ ඒ තැන ගන්න දෙන්නෙක් ඉන්නව. ඒ තමයි පාතාලෙ හැටි.

2. ඔය මරන්නෙ පාතාල ධූ⁣රාවලියෙ අගම ඉන්න උන්. එතකොට අර ඒකෙ මුළ ඉන්න උන් අරුන්ට කියල කරගත්තු දහදුරා වැඩ ඔක්කොම මුන්ව මරපු ගමන් සාක්කි නැතුව යට යනව.

ඔය අංගොඩ ලොක්කා එහෙම පාතාල නායකයො කියලද හිතන්නෙ? පිස්සුද? එහෙම පාතාල නායකයො හිටියෙ ඉස්සර. දැන් ඉන්නෙ ටැමිල් ෆිල්ම් වල විතරයි. දැන් නායකයො පාරෙ වෙඩිකන්නෑ. උන් ඉන්නෙ වෙඩි වදින සීමාවට වඩා ගොඩක් ඉහළින්.

”ඔය අංගොඩ ලොක්කා එහෙම පාතාල නායකයො කියලද හිතන්නෙ? පිස්සුද? එහෙම පාතාල නායකයො හිටියෙ ඉස්සර. දැන් ඉන්නෙ ටැමිල් ෆිල්ම් වල විතරයි. දැන් නායකයො පාරෙ වෙඩිකන්නෑ. උන් ඉන්නෙ වෙඩි වදින සීමාවට වඩා ගොඩක් ඉහළින්.”

ඒක හින්ද ඔය “පාරෙ මිනී මරණ එක මරු. අපි එකෙන්ම සපෝට්” කියල කියන අය කරන්නෙ අදාළ වැඩේ කරනව කියල හිතාගෙන අතින් වින්දනයක් ලබල රෙද්දෙ පිහිදගන්නව වගේ වැඩක්. ඇති වැඩක් නෑ. අතේ මිරිස් එහෙම තිබුණොත් දනවත් එක්ක.”

(srilankabrief.org)

එක රටක් එක නීතියක් : ෆොන්සේකාට අදාල වූ නීතිය චොකා මල්ලි වෙනුවෙන් ‘නවපු හැටි’ !!

0

මරණ දඬුවම නියමව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට

පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නැයි  ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (28) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කතානායකවරයා සඳහන් කළේ, තේරී පත් වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසුයේ, කැලෑ උසාවියක් මගින් තමා වසර දෙක හමාරකට සිරගත කළ අවස්ථ‍ාවේදී තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට එවකට කතානායකවරයා වූ චමල් රාජපක්ෂ අවස්ථාව ලබා නොදුන් බවයි.

එම පූර්වාදර්ශය ලබා දුන් චමල් රාජපක්ෂ නියෝජනය කරන පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් වෙනස් මතයක් දරන්නේ කෙසේදැයි ෆොන්සේකා මන්ත්‍රීවරයා විමසා සිටියේය.

මාස 30 කට සිරගත කළ තමාට මන්ත්‍රී ධුරය අහිමි වන්නේ නම් මරණීය දණ්ඩනය නියමව සිටින පුද්ගලයෙකුට මන්ත්‍රී ධුරයක් හිමිවීමට අවස්ථාව ලැබෙන්නේ කෙසේද යන්න ආණ්ඩු පක්ෂය විසින් පැහැදිලි කළ යුතු බව ද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේය.

එක රටක් එක නීතියක් යනු මෙයදැයි ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේය.
theleader.lk

“බැසිල්ගේ වුවමනාවට තමයි, 19 ව්‍යවස්ථාව ඉවත් කරන්න හදන්නේ ! හර්ෂගෙන් චෝදනාවක් !

0

ආණ්ඩුව 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නියෝජිතයන් මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“තමුන්නාසේලාගේ අයිතිය තමයි මේ උදුරගන්න හදන්නේ. මේ ව්‍යවස්ථාවේ අපිට අයිතියක් නෑ. අපි අයිතිය දන් දීලා තියෙන්නේ.”

“ශිරාල් ලක්තිලක මැතිතුමාලා ජනතාව අතරේ සමීක්ෂණයක් කළා. බහුතරේ කියන්නේ 19 වන ව්‍යවස්ථාවට එකඟයි. විධායක ජනාධිපති බලතල සීමාකිරීමට 69%ක් එකඟයි. 3% ක් එකඟ නැහැ.”
 
“තොරතුරු දැනගැනිමේ පනත 62%ක් හොඳයි කියනවා. ජනාධිපති ධුර කාලය දෙවරකට සීමාකිරීමට 75 ක් එකඟයි. 9% ක් එකඟ නෑ.”
 
“කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ගත්තම 65% ක් එකඟ නෑ . ඒ ගැන ඔවුන් කලකිරීමෙන් ඉන්නේ.”

“කැබිනට් ඇමතිකම් සීමාකිරීමට 98% ක් එකඟයි. ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට 72 %ක් විරුද්ධයි.  ඒක ගෙනාවේ ඇතුළේ තියෙන ප්‍රශ්න ටික බේරගන්න.”

“අද ජනතාව ඉන්නේ 19 වන සංශෝධනය ඕන කියලා. ජනතාව සමග අපි උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා 19 ආරක්ෂා කරගන්න..”

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“බැසිල්ගේ වුවමනාවට තමයි, 19 ව්‍යවස්ථාව ඉවත් කරන්න හදන්නේ. පුරවැසියෝ ලක්ෂ 216ක අයිතිවාසිකම් අයින්කරන්න යනවා, එක්කෙනෙක්ගේ අමෙරිකාවේ පුරවැසිකම බේරගන්න.”

(මුලාශ්‍රය – අද දෙරණ )

නවක මන්ත්‍රින්ගේ වැඩමුළුව විපක්ෂය නායක සජිත් මඟහරයි ?

0

නවක මන්ත්‍රීවරුන්ට පවත්වන දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබුණද ඔහු ඊයේ (25 වැනිදා) ඊට සහභාගි වී සිටියේ නැති බව අරුණ පුවත්පත අද වාර්ථා කොට තිබුණි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25 වැනිදා) පෙරවරු 9.00ට පැවැති මෙම සමාරම්භක අවස්ථාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා සහභාගි වන ලෙස විපක්ෂ නායකවරයාටද ආරාධනා කළ බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් අරුණට පැවසු බවද එහි සදහන්ය.

මෙහිදී නවක මන්ත්‍රීවරුන් ඇමතීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විනාඩි දහයක කාලයක් වෙන්කර තිබිණි. ඊට අමතරව මන්ත්‍රීවරුන් ඇමැතීමට වේලාවක් වෙන්කර තිබුණේ අගමැතිවරයා හා කථානායකවරයාටය.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතා කළේය. සභා නායක දි​නේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයද සමාරම්භක උළෙලේ ආරාධිතයෝ වූහ.
මුලාශ්‍රය – අරුණ

ජනතාවට සේවය කිරිම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස පිල්ලෙයාන්ගෙන් ඉල්ලිමක් ..

0

දෙමළ මහජන විමුක්ති කොටින්ගේ දෙමළ ඊලම් (ටී.පී.එල්.ටී.එල්) හි නායක පිල්ලෙයියන් ලෙසද හැඳින්වෙන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
9 වන පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගී වීමට මඩකලපුවේ අධිකරණය විසින් අවසර ලබා දීමෙන් පසු දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ පිල්ලයාන්ව මඩකලපුව බන්ධනාගාරයෙන් කොළඹට ගෙන එන ලදී.

තමා වසර 5 ක සිර දඩුවමක් විඳින බව පැවසූ ඔහු ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස නව කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ තම සිරගත කිරීම හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදු වූ සෑම අවස්ථාවකම අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවයි. මේ අනුව ඔහු ජනතාවට සේවය කිරීමට නොහැකි බව ප්‍රකාශ කළේය.

බාලි දූපත මේ වසරටම වසා දමයි

0

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපත මෙම වසරේදී නැවත සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇතැයි එරට බලධාරීහු පවසති.

සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන බාලි දූපත විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව මීට පෙර ඉනිදුනීසියානු බලධාරීන් පවසා තිබිණි. නමුත් ඉන්දුනීසියාවේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම සැලැස්ම අවලංගු කිරීමට සිදුවී ඇත.

බාලි දූපතෙන් පමණක් මේවනවිට කොරෝනා ආසාදිතයින් 4,576 දෙනකු වාර්තා වී ඇති අතර මරණ 52ක් සිදුවී තිබේ.ගිනිකොනදිග ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වන අතර එය 6,757කි.

ඉන්දුනීසියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 155,000කට අධික පිරිසක් වාර්තා වී තිබේ. සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව මෙම සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩිවිය යුතු බවත් ඉන්දුනීසියාවේ පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් ආසාදිතයින් අඩුවෙන් වාර්තා වන බවත් විශේෂඥයෝ පවසති.

බාලි දූපත සංචාරකයින්ට නැවත විවෘත කිරීම කිරීම සඳහා ප්‍රවේශමෙන් සූදානම් වීම අවශ්‍ය වනු ඇතැයි දිවයිනේ ආණ්ඩුකාර වයන් කොස්ටර් මහතා පවසයි.

සෑම වසරකම ලොවපුරා සංචාරකයින් මිලියන ගණනක් බාලි දූපත වෙත පියාසර කරති.

(බීබීසී ඇසුරිණි – 085)

ආණ්ඩුකාරයාගේ අධික්ෂණයෙන් කාර්ගිල්ස් නීති ලොක්කිගේ අනවසර ඉදිකිරිම ඉවත්කරන්න නියෝග …

0
IMG-20200824-WA0007
IMG-20200824-WA0006

කාර්ගිල්ස් බැංකුවේ ප්‍රධාන නීති නිලධාරිනිය වන සජීවනී සෝලංගආරච්චි නැමැත්තිය විසින් කැලණිය වරාගොඩ පාරට මායිම්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) හරහා අසල් වැසියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා විසින් පළාත් කොමාසාරිස්වරයා වෙත ලබාදුන් උපදෙස් මත එම ඉදිකිරීම නීතිවිරෝධී බව තහවුරු කරගැනීමෙන් පසුව මෙම දැනුම්දීම ප්‍රාදේශීය සභාව සිදු කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත පළාත් පාලන කොමසාරිස්වරායා විසින් විමර්ශනයක් සිදුකරමින් ඇතැයි ද වාර්තා වේ.

ඒ මේ නීති නිලධාරිනියට අයත් පර්චස් 3ක් පමණ වන ඉඩමට කැලණිය ප්‍රාදේශීය සභාව විසින් ගොඩනැගිලි සැලැසුම් නීති හා වීථිරේකා නීති උල්ලංඝනය කර සැලැසුමක් අනුමත කිරීම සම්බන්ධයෙනි.

එම කටයුතු සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයකුට හා ලේකම්වරියකට ද චෝදනා එල්ලව ඇති බවද පැවසේ.

අදාළ වැඩ අධිකාරීවරයාට මේවන විට ද ස්ථානමාරුවක් ලබාදී ඇති බවත්, ඔහු කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මෙතෙක් කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවය කරමින් ඇතැයි ද වාර්තා වේ.

මෙතෙක් කළ පරීක්ෂණ වලට අනුව හෙළිව ඇත්තේ අදාළ නීති නිලධාරිනිය හා ඔහුගේ සැමියා වන දොස්තර තුෂාර ගුණතිලක නැමැත්තා විසින් කළක සිට කුඩා ඉඩම් කැබලි මිලදී ගනිමින් (ගොඩනැගිලි සැලැසුම් අනුමත නොකරණ) නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මේ යුවලට අදාලව කැලණිය වීරසිංහ මාවතේ ඇල මාර්ගයක් අල්ලා ගැනීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පැවසේ.

එමගින් එහි පවුල් 6කට අවහිරතා මතුව ඇති බවට ප්‍රාදේශීය සබාවට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වේ.

එම පැමිණිලි විශ්‍රාමික පොලිස් නිලධාරියකු හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් මෙතෙක් යටගසාගෙන තිබූ බවද පැවසේ.

IMG-20200820-WA0001
IMG-20200824-WA0002

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමත් සමඟ මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

කවුඩුල්ල වැවේමසුන් අල්ලන්න ගිය දෙදෙනකු වන අලියාගෙන් බේරෙන්න වැවට පැනලා…

0

කවුඩුල්ල වැවට මසුන් ඇල්ලීමට ගිය මිතුරන් දෙදෙනකුට වන අලියකු පහර දීමට පැමිණීම හේතුවෙන් දිවි බේරා ගැනීමට වැවට පැන එක් අයකු දියේ ගිලී පෙරේදා (17) පස්වරුවේ මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා දිවි බේරාගෙන ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, කවුඩුල්ල, 31 කොලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි ගොඩයලාගේ සුගත් අබේකොන් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.

පොලිසිය කළ විමර්ශන අනුව මියගිය තැනැත්තාගේ මිතුරකු සමඟ පෙරේදා (17) පෙරවරුවේ නිවෙසින් පැමිණ ඇත්තේ කවුඩුල්ල වැවට මසුන් ඇල්ලීමට පැමිණෙන බව පවසමිනි. පසුව දෙදෙනා එක්ව කවුඩුල්ල වැවේ වගවළාන නමින් හදුන්වන ස්ථානයේ මසුන් අල්ලමින් සිට තිබේ. ඒ අවස්ථාවේ පසු පසින් වන අලියකු පහරදිමට පැමිණ ඇති අතර මොවුන් දෙදෙනාට දිව යෑමට දිසාවක් නොමැති නිසා වැවට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කර තිබේ.

ඒ අවසුථාවේ එක් තැනැත්තෙක් වැවෙන් ගොඩ වී පසු පසින් පැමිණි පුද්ගලයා පෙන්නට නොසිටි නිසා කෑ ගසා කතා කර තිබේ. ධීවරයින් එම ස්ථානයට ගොස් දියේ ගිලී සිටි පුද්ගලයාගේ මළ සිරුර ගොඩට ගෙන තිබේ.

මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පොලොන්නරුව මහ රෝහලේ සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික උද්‍යානයේ පාලක ප්‍රදිප් කුමාර හෙට්ටි ආරච්චි මහතා මෙසේ පැවැසීය.
”මසුන් ඇල්ලීම සිදු කළ යුත්තේ වන සතුන් නොඑන වේල්ල ප්‍රදේශවලයි. එහෙත් මේ අය විසින් කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම සපුරා තහනම් කර ඇති ස්ථානයකට ගොස් තමයි මේ අනතුර සිදුව තිබෙන්නේ.”

ඉතාලියේ රාත්‍රි සමාජශාලා යළි වසා දැමේ…

0

ඉතාලියේ නව කොරෝනා වෛරසය යළි හිස ඔසවමින් ඇති අතර මේ හේතුවෙන් එරට තුළ සති තුනක කාලයක් සියලුම ඩිස්කෝ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට නියෝග කර තිබේ

එහිදී සංවෘත රාත්‍රී සමාජශාලා වල රැස්වීම තහනම් කර ඇති අතර, රාත්‍රී සමාජශාලා මෙහෙයුම්කරුවන්ගේ සංගමය සමඟ එකතුව මෙම පියවර සඳුදා සිට සැප්තැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය

එරට සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සාගේ නියෝගයකට අනුව සවස 6 සිට උදෑසන 6 දක්වා, කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදුස්ථාන වල මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කිරිමට පියවර ගෙන ඇත

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වැළදිමෙන් මිය යයි

0

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන්, කොරෝනා වැළදීම හේතුවෙන් මිය ගොස් ඇත.    ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(16) අභාවප්‍රාප්ත වූ බව සදහන් වේ. මිය යන විට චෞහාන් 73වන වියෙහි පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වෙයි.   1970 දශකයේ සුනිල් ගවස්කාර්ගේ ආරම්භක සහකරු ලෙස ක්‍රිඩා කළ දකුණත් පිතිකරු චෙතන් චෞහාන් 1969 සිට 1981 දක්වා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළේය.    ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ විවිධ තනතුරු හෙබවූ ඔහු ඉන්දියානු කණ්ඩායම් කළමනාකරු ලෙස ද සේවය කරන ලදි.