Sunday, September 29, 2024
Home Blog Page 86

විපක්ෂයේ විරෝධය නිසා අතාවුල්ලා පාර්ලිමේන්තුවෙන් එලියට දමයි.

0

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට නොගැලපෙන නීතිවිරෝධී ඇඳුමකින් පැමිණ සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හටගන්නා ලද්දේ ඒ පිළිබඳව කතානායකවරයාව දැනුවත් කළත් ඔහු නිහඬව සිටි නිසා ය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් මැදිහත්ව අතාවුල්ලා මහතාව පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යන ලදී.

ඔහු ඇඳගෙන පැමිණි ඇඳුම ඇෆ්ගනිස්තානය, පකිස්ථානයේ වැනි රටවල අඳීන ඇඳුමකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් ඇඳියයුතු ඇඳුම පිළිබඳව ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් කර පවතින අතර ඊට පරිභාහිරව අඳින ඇඳුම් නීතිවිරෝධී වේ
මුලාශ්‍රය-ලකාටෲත්

බිත්තර මිළ ඉහල යද්දි අගමැතිගෙන් සිසුවෙක්ට බිත්තරයක්….

0

බිත්තර මිළ දිනපතා ඉහල යමින් තිබිම කා අතරත් දැන් කථා බහකට පත්ව තිබියදි මාධ්‍ය විසින් පසුගිය දිනවල වාර්ථා කර සිටියේ බිත්තරයක මිළ රු 2කකින් අඩුකිරිම සදහා අගමැතිවරයා බිත්තර නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටි බවය.
මේ අතර පාසල් ළමුන්ගේ පෝෂණීය තත්වය ඉහල දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව පැවසේ
. ඊයේ ( 11) බේකරි නිෂ්පාදකයන් හා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් හමුවූ අවස්ථාවේ විජේරාම නිලනිවසේදී අගමැතිවරයා මේ අදහස් පළකර ඇති බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇත. මෙහිදී බිත්තර නිෂ්පාදනයට යන පිරිවැය සම්බන්ධයෙන් ද මෙහිදී බිත්තර නිෂ්පාදකයන් විසින් පෙන්වා දී ඇත.

පාරිභෝගිකයන්ට සහනයක් සහනයක් වන අයුරින් සංගම් දෙකම ගිවිසුම් සම්මුතියකට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දන්වා ඇත.

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200ත් අතර මිලකට පහත හෙළීමත් බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි නිෂ්පාදකයන් අතර ගිවිසුමකට හෝ එකඟතාවයකට මැදිහත්වන ලෙස අගමැතිවරයා විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇතැයි අරුණ වෙබ් අඩිවිය සදහන් කොට තිබේ

එම අවස්ථාව සඳහා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය යන පිරිසද මේ සඳහා සහභාගී වී ඇත.
මුලාශ්‍රය – අරුණ

මහජන දිනය සඳුදාට ගෙන ඒම මගීන් මරණ යෝජනාවක් !

0

බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ අවධානයට ලක්ව තිබේ.
මේ වන විට සාමාන්‍ය වැඩ කරන දිනයක ද කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය නගරයට දරා ගත හැක්කක් නොවේ.එසේම කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී තිබේ.
මෙවන් තත්ත්වයක් තුළ සඳුදා දිනය යනු කොළඹ නගරයේ සහ කොළඹ නගරයට පිවිසෙන මාර්ග තුළ අධිකව රථවාහන තදබදයක් පවතින දිනය වේ.මෙවන් පසුබිමක මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොළඹ නගරයේ සඳුදා දිනයේ පවතින තදබදය දෙගුණ තෙගුණ වීම අනිවාර්‍ය කරුණකි.
මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවීමට නියමිත හිරිහැරය සළකා මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි ඕනෑකමින් ඉල්ලා සිටියි.
ස්තුතියි,
මීට,විශ්වාසී,
විමුක්ති දුෂාන්ත,කැඳවුම්කරු,All Ceylon Bus Passengers Association [සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය]

ද්විත්ව පුරවැසියන්ට පනවා තිබු බාධා ඉවත්කිරිම ගැන ශ්‍රිලනිප විරෝධය…

0

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති විසිවන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරන බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය සදහන් කර තිබේ

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසීය.

යාපනයේ තිරික්කල් තරගය…

0

යාපනයේ වඩුක්කෝඩෙයි වැසියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන තිරික්කල් තරගය පසුගියදා වඩුක්කෝඩෙයි කොට්ටරාවෙයි ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි .
වඩුක්කොඩෙයි එක්සත් තිරික්කල් හිමියන්ගේ සංගමය විසින් මේ තරගාවලිය සංවිධාන කොට තිබූ අතර එම තරගාවලියේ තරග අංශ පහක් යටතේ පැවැත්විණි.
සියලුම තරග සඳහා තිරික්කල් 42ක් සහභාගී වූ අතර එම තරගාවලිය නැරැඹීම සදහා දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ. මේ තරගාවලියෙන් ජයගත් තිරික්කල්කරුවන්ට හා ඒවායෙහි බඳින ලද ගවයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායකවරු පියවර ගෙන තිබුණි.

(දිණමිණ)

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. – අගමැති ‘නිකමෙක්’ කරයි !

0

# විනිසුරන් පත්කිරීම ජනාධිපතිවරයාට.
# කොමිෂන් සභාවලට පත් කිරීම ජනාධිපතිවරයාට.
# රජයේ ඉහල නිලධාරීන් පත්කිරීම ජනාධිපතිවරයාට.
# පොලිස්පති පත්කිරීම ජනාධිපතිවරයාට.
# ද්විත්ව පුරවැසි සීමාව ඉවතට.
# ජනාධිපතිට ඇමති ධුර හිතෙන තරමට.
# ඇමතිමණ්ඩලයට ඕනෑතරම් ඇමතිවරු.
# පැය 24 හදිසි පනත් ගෙන ඒමට අවසර.

# සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමැතිය ලබා දෙන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මගින් ඉහළ අධිකරණවලට, ස්වාධීන කොමිෂන් සභාවට හා රජයේ ඉහළ නිලතල වලට පුද්ගලයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට යළි ලබා දී ඇත.

# 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිය බවට පත් කිරීම, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට පත් කිරීම, ජනාධිපතිවරයාට ධුර කාල දෙකක් පමණක් දැරීමට හැකි වීම සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 05 ක් යන්න මෙම 20වන සංශෝධන යෝජනාව මගින් සංශෝධනය කර නොමැත.

”මෙම සියලු සංශෝධනවලට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි වන අතර ඒ අනුව 19 වන සංශෝධනයෙන් ඇතුලත් කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේදී ජනාධිපතිවරයාට එරෙහිව ඔහු වෙනුවෙන් නීතිපතිවරයා නම් කරමින් නඩු පැවරීමේ හැකියාව අහෝසි කර තිබේ.”

# මෙම සියලු සංශෝධන වලට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි වන අතර ඒ අනුව 19 වන සංශෝධනයෙන් ඇතුලත් කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේදී ජනාධිපතිවරයාට එරෙහිව ඔහු වෙනුවෙන් නීතිපතිවරයා නම් කරමින් නඩු පැවරීමේ හැකියාව අහෝසි කර තිබේ.
Basil Rajapaksha. 20
# එමෙන්ම, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණවලට හෝ පාර්ලිමේන්තු මැතිවරණවලට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට නොහැකි ලෙස තිබු බාධකය ද ඉවත් කර තිබේ.

# වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබු බාධකය ද ඉවත් කරමින් වසරක කාලයකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා බලය ලබාදී තිබේ.

#  ඇතිකළ හැක්කේ කැබිනට් මණ්ඩල අමාත්‍යංශ 30ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 40ක් යන සීමාව ද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශය හා ඒවාට ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් කැමති ගණනක් පත් කිරීමේ හැකියාව ද ලබා දී ඇත.

#  කිසිදු අමාත්‍යවරයෙකුට යටතට පත් නොකරන ලද අමාත්‍යංශ හා විෂයයන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට ගැනීමට බලය පවරා ඇති අතර ජනාධිපතිවරයාට තමාටම අමාත්‍යාංශ පවරා ගැනීම සිදු කළ හැකිය.

එම අමාත්‍යංශ ගණන තමාම නිශ්චය කර ගැනීමටද ඔහුට හැකිය. ඒ අනුව 20වන සංශෝධය යෝජනාලියෙන්  ජනාධිපතිවරයාට අමාත්‍යධුරයක් දැකගැනීමේ හැකියාව ලබා දී ඇත.

”කිසිදු අමාත්‍යවරයෙකුට යටතට පත් නොකරන ලද අමාත්‍යංශ හා විෂයයන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට ගැනීමට බලය පවරා ඇති අතර ජනාධිපතිවරයාට තමාටම අමාත්‍යාංශ පවරා ගැනීම සිදු කළ හැකිය.”

#  ජනාධිපතිධුරය සඳහා තරග කරන අපේක්ෂකයින් ගේ අවම වයස් සීමාව අවුරුදු 35 සිට 30 දක්වා අඩු කර ඇත.

# ‘ජාතීයේ හිතසුව පිණිස’ හදිසි පනත් කෙටුම්පත් කිරීමේ බලය ද කැබිනට් මණ්ඩලයට යළිත් ලබාගෙන ඇති අතර එවැනි කෙටුම්පතක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යොමු කළ විට දී ශ්‍රේෂ්ඨාධිකරණය පැය 24 කාලයක් තුලදී ඒ පිළිබඳව සිය මතය ජනාධිපතිවරයාට හා කථානායකවරයාට දැනුම් දී යුතුය.

එම කාලය දින තුනකට නොවැඩි කාලයක් දක්වා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නියම කළ හැකිය.

#  19 වැනි සංශෝධනය මගින් ඇතිකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 20 වන සංශෝධනය අහෝසි කර ඇති අතර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ඇති කර ඇත.

 එම පාර්ලිමේන්තු සභාව අගමැති, කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අගමැතිගේ නියෝජිතයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විපක්ෂ නායකයාගේ නියෝජිතයකු ගෙන් සමන්විතය.

ඊට සිවිල් සමාජයේ කිසිවකු ඇතුළත් වන්නේ නැත.

#  මෙම පාර්ලිමේන්තු සභාවට පැවරෙන කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් නම් කරන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම් සභා හා සීමා නිර්ණ කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් හා සභාපතිවරුන් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණය.

එම කොමිසම්වල නිලධාරීන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතු ය.

 ”මෙම පාර්ලිමේන්තු සභාවට පැවරෙන කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් නම් කරන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම් සභා හා සීමා නිර්ණ කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් හා සභාපතිවරුන් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණය.”

#  ඊට අමතරව අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ද, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ද, අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයින් ද පත් කිරීමේ බලය ජනාධිපතිවරයා හිමිවන අතර පාර්ලිමේන්තු සභාවට නිර්දේශ සඳහා පමණක් එම පත්කිරීම් යොමුකෙරේ.

#  ඊට අමතරව නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ ඕම්බුස්මන්වරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ද පත් කිරීම් ද ජනාධිපති කරන අතර පාර්ලිමේන්තු සභාවට නිරීක්ෂණ ලබාගැනීම සඳහා පමණක් එම පත්කිරීම් යොමුකෙරේ.

# මීට අමතරව පොලිස්පතිවරයා ද ජනාධිපතිවරයා විසින් පත් කරන අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා නොගනී.

# 19 වන සංශෝධනයෙන් ඇතිකරන ලද විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම 20 වන සංශෝධනයෙන් අහෝසි කර ඇත.

(‘අනිද්දා’ පුවත්පතේ පළවූ ලිපියකි. මෙම විෂයයට අදාල විශේෂාංග ගණනාවක් මෙවර ‘අනිද්දා’ සති අන්ත පුවත්පතේ පලවී තිබේ.)

ගිනිගත් නෞකාවේ නැවියෙකු මිය යයි

0

නැගෙනහිර මුහුදේදි ඊයේ ගිනි ගැනිමටක ලක්වු නැවේ කාර්යමණ්ඩලයේ 23 දෙනා අතරින් 22කු බේරා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව නිවේදනය කර තිබුණ බව අද වෙබ් අඩවිය සදහන් කොට තිබේ

එම සේවකයන් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇති අතර, අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි

එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇතැයි නාවික හමුදාව නිවේදනය කර තිබේ

විපක්ෂ මන්ත්‍රීණි රෝහිණී ගෙන් විපක්ෂයට බරපතල චෝදනාවක් !

0

19 අහෝසි කිරීම ගැන සිවිල් සංවිධාන, විපක්ෂ දේශපාලන පක්ෂ දක්වන නිහැඩීයාව පුදුම සහගත බවත්, ආණ්ඩුව 19 සංශෝධනය ඊරි යකෙක් විදිහට පෙන්වන්නේ විපක්ෂය කථා නොකරන නිසා බවත් සමගි ජන

බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවාය.

”20 ට විරුද්ධ වෙන්නේ විමල්-වාසුදේව-ගම්මන්පිල ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය විතරක්ද කියා මටත් හිතෙනවා” යයි ද ඇය කියා සිටියි.

ඇය එබව සඳහන් කළේ, ලග්ගල පල්ලේගම කොට්ටගස් හන්දියේ පැවති මහජන හමුවකදීය.

”19 වන ව්‍යස්ථා සංශෝධනය ගෙනාවේ දේශපාලන පක්ෂ නොවෙයි, සිවිල් සංවිධානයි. හැබැයි අද 19 අහෝසි කරනකොට ඒ සිවිල් සංවිධාන විතරක් නෙවෙයි, උතුරේ – දකුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂත් නිහඩවෙලා යැයි මටත් හිතෙනවා” යැයි ද මන්ත්‍රීවරිය එහිදී පැවසුවාය.

”20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැනට විරුද්ධ වෙන්නේ ආණ්ඩුවේම ඉන්න විමල්-වාසුදේව-ගම්මන්පිල විතරයි කියා ජනතාව එළිපිටම කියනවා මට ඇහිලා තියෙනවා. 

”20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැනට විරුද්ධ වෙන්නේ ආණ්ඩුවේම ඉන්න විමල්-වාසුදේව-ගම්මන්පිල විතරයි කියා ජනතාව එළිපිටම කියනවා මට ඇහිලා තියෙනවා.”

අද විපක්ෂයට තියෙනව ලොකුම චෝදනාව අපි දේශපාලනය කරන්නේ නෑ කියන එක.  ඒකේ ඇත්තක් තියෙනවා. එජාපයේ වැඩ කල්දැමිල්ල, වැඩ අතපසු කිරීම නිසා, අපි නාමික විපක්ෂයක් බවට පත් වුණා. 

19 ගෙනාවේ මේ රටේ සිවිල් සංවිධාන. 19 රැකගන්න බැරිවුණොත්, විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත්, සිවිල් සංවිධානවලටත් එජාපයට වූ දේ සිදුවීම වලක්වන්න බැරි වෙයි” යැයි ද කවිරත්නමන්ත්‍රීවරිය තවදුරටත් පැවසුවාය. 

Shashika 2020.09.01               ”මාධ්‍යවේදී ඩෙස්මන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක් හොයා ගන්න බැරිවුණා”

රටේ නැවත මාධ්‍ය මර්ධනයක් ඇති වෙමින් තියෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කරපු වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අධිකරණයට අපහසා කළා යැයි අත්අඩංගුවට ගෙන දවස් 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තියෙනවා.  ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක් හොයා ගන්න බැරිවුණා.  

2010 – 2014 ත් මෙවැනිම තත්වයක් රටේ ඇති වුණා.  එදා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ විට තිබුණ තත්වයයි, අද තත්වයෙයි වෙනසක් නෑ.  රටම බිය වී තිබෙනවා. ” මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.
theleader.lk

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් දින 14කට රිමාන්ඩ් : ”බුද්ධි සේවය හා රහස් පොලිසිය අතර ගැටුමක්”

0

(නීතිඥවරියක වන ඩෙස්මන් ගේ බිරිඳ උසාවි භුමියේ හඬා වැලපෙමින්…- ජායා : ලංකාදීප)

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් ඊයේ (අගෝස්තු 31) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන් අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කළ වෙබ් මාධ්‍ය කතුවරයකු වන ඩෙස්මන් චතුරංග ද  අල්විස් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  කොළඹ අලුත්කඩේ අංක 06 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියෝග කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ අධිකරයට බලපැමක් වන ප්‍රවෟත්තියක් සිය වෙබ් හි ‘ලංකා වෙබ් නිවුස් ඔර්ග්’ හි පල කිරීම, එසේ පල කිරිම ට අදාල වෙබ් අඩවියේ ඇඩ්මින්වරයා තමා බව පිලිගැනීම, එ අනුව පරිඝනක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ ගැනෙන රටේ පොදු යහපත (public order) අස්ථාවර කිරිමට කටයුතු කිරිම යන කරුණු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා ගොනුකර තිබිණ.

‘සමගි ජන බලවේගයේ’ ප්‍රචාරක හා මාධ්‍ය කමිටුවේ ප්‍රධානියකු වන මාධ්‍යවේදී ඩෙස්මන් වෙනුවෙන් පෙනී සිටින බවට එම පක්ෂයට හිතවත් නීතිඥයින් ගණනාවක් එකඟතාවය පළකර තිබුනද අද ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පමණි.

SIS Vs CID !!! -Uvindu Kurukulasuriya කියන කතාවක් …

මේ අතර මාධ්‍යවේදී ඩෙස්මන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් පළකර කරමින් මෙම සිද්ධිය 
රාජ්‍ය බුද්ධි සේවාවත් (SIS), අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් (CID)  අධිකරණයත් අතර ගැටුමක් බව අනාවරණය කර තිබේ.

WhatsApp Image 2020 09 01 at 3.15.38 PMඋවිඳුගේ FB සටහනේ මෙසේ සඳහන් වේ.

”ඩෙස්මන්ව දවස් 14කට ඇතුලට, ඇයි මම එයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තෙ

ගොඩක් අය මගෙන් අහනව ඇයි අර ප්‍රශ්ණ කරන මාධ්‍යවේදියා – ඩෙස්මන් – වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තෙ කියල. 

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි:

01: අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්ණ කිරිම මත අපට ක්‍ෂ්ණිකව තීරණවලට එන්න අමරුයි.

02: තාම කවුරුත් දන්නෙ නැහැ අධිකරණයට අපහාස උනා කියල පැමිණිල්ල දාල තියෙන්නෙ කවුද කියල

03: නීතියට පිටින් යමක් වෙනව නම් විතරයි අපිට පෙනී ඉන්න පුලුවන්. 


ප්‍රශ්ණයට තුඩු දී වාර්තාව අනුව මට පේන්නෙ මාධ්‍යවේදියා වරදක් කර ඇති බවයි. 

ඒ මොකද මම හිජාස්ගේ කේස් එක ගැන විමසිල්ලෙන් සිටින නිසා. 

ඩෙස්මන් ලියා ඇත්තේ “”පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්‍ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්” කියල කතාවක්. 

ඔහු නිවැරදිකරු නම් එය ඔප්පු කිරිමේ සාධාරණ අවස්ථාවක් ඔහුට තිබිය යුතුය. 

ඒ අවස්ථාව සරත් ෆොන්සේකාට මෙන් අහිමි කලහොත් මම ඔහු වෙනුවෙන් පෙනී සිටිමි. 

මේ මගේ තීරණය මා දැනට දන්නා කරුණු උඩ පමණි. 

මේක රාජ්‍ය බුද්ධි සේවාවත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් අතර ගැටුමක්. 

මේ වෙන කොට මාධ්‍යවේදියා, කොටින්ම තමන්ට තොරතුරු දුන්නේ කවුද යන්න පවා එලිදරව් කරමින් ඉන්නා අතර, අද පෝය දවසක් බැවින් තව යමක් කීමට නොහැක. 

ජනමාධ්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ මූලාශ්‍ර මතය. 

අපි හැමෝටම වගේ මූලාශ්‍රවලටත් වැරදීමට හැක. 

ඒවා විශ්වාස කර පලකරන පුවතත් නිවැරදි නොවන්නට පුලුවන. 


Uvindu text01මගෙන් උසාවියකදී හෝ වෙන කිසියම් බලාධිකාරයක් මගේ මූලාශ්‍රය ඇසුවොත් මා තෝරාගන්නේ හිර ගෙදර මිස මූලාශ්‍රය හෙලිදරව් කිරීම නොවේ. 

ඒ ජනමාධ්‍යයේ පැවැත්මට එය අත්‍යාවශ්‍ය නිසාය. 

අපි මූලාශ්‍ර හෙලිකරන්නට ගියහොත්, මාධ්‍යයට පැවැත්මක් නොමැති වනු ඇත. 

මේ ගැන හැම පැත්තක්ම බලා මා මීට කලින් ලිපි කීපයක්ම ලියා ඇත.

 හිතාමතා වැරදි තොරතුරු දී ඇත්නම් තත්ත්වය වෙනස්‍ ය.

ඔහු වෙනුවෙන් පෙනී සිටීම හෝ නොපෙනී සිටීම කරුණු සියල්ල දැන ගත් පසු කරමි. 

එතකන්, මම ඊයේ ලියූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අධිකරණයට අපහාස කිරීම ගැන තීන්ඩුවට අදාල පහත සටහන කියවන මෙන් උනන්දුමත් පාර්ශව වලින් ඉල්ලා සිටිමි.”
theleader.lk

කියවන්න: 
 Why The Indian Supreme Court’s Prashant Bhushan Contempt Ruling Is Important For Sri Lanka; A ‘Freezing’ Of Freedom Of Speech 

හන්තාන පරිසරයටත් වැඩක් දෙන්න යයි! – දේශපාලන දියණියකගේ එන්සාල් ප්‍රොජෙක්ට් එකක්!!

0

මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු පවසති.

පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව අංක 1641/28 හා 2010 පෙබරවාරි 27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ පරිදි පූර්ව අනුමැතියකින් තොරව හන්තාන කඳුවැටියේ මීටර් 3000 කට වඩා ඉහළ ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සපුරා තහනම් බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම භූමි ප්‍රදේශය ආශ්‍රිතව විශාල පුවරුවක්ද සවිකර තිබේ.

මෙම ප්‍රදේශයේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වූවත්, මෙලෙස සිදු කරන එළි පෙහෙළි කිරීම සඳහා අවසරයක් ලබාගෙන නැතැයි හන්තාන සුරකින්නන්ගේ සංගමයේ ලේකම් අමිත් සේනානායක පවසයි.

මෙම භූමි ප්‍රදේශය ඉකුත් රජය සමයේදීද එළිපෙහෙළි කිරීමට විවිධ කටයුතු කරනු ලැබූවත්, පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මැද එම කටයුතු නතර වී ඇති බව කියයි.

Hanthanaජායාරුප – අද දෙරණ

මෙම පරිසර හානිය පිළිබඳ මහනුවර පොලීසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් පොලිස් හදිසි ඇමතුම් අංශය අදාළ ස්ථානය නිරීක්ෂණයට ගියද නමුත් පළක් නොවූ බවත් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලය දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය කියා සිටී.

අදාළ ස්ථානය පිළිබඳව සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ විසින් විශේෂ නිලධාරී කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 31) එම ප්‍රදේශයට පිටත් කර තිබු අතර එහිදී අනාවරණ වී ඇත්තේ, එන්සාල් වැවීම සඳහා හන්තාන කන්ද අක්කර කිහිපයක් එළිපෙහෙළි කරමින් සිටින්නේ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකුගේ දියණියක් විසින් බවයි.
theleader.lk