Sunday, September 29, 2024
Home Blog Page 85

වසංගතය වතුකරයට ආවොත් “දෙයියන්ටවත් බේරගන්න වෙන්නේ නෑ”

0

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන

පසුබිමක, වතුකරයේ ජනතාව අතරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයකු රජයෙන්  ප්‍රශ්න කර තිබේ.

“විශේෂයෙන්ම දැන් මුලු රටම කොරෝනා. කොරෝනා එකේ ඉදලා රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕන. දැන්  මම නියෝජනය කරන ප්‍රදේශයේ  වතුකරයේ කන්ද උඩරට එහෙම කොරෝනා ආවනම් දෙයියන්ටවත් වලක්වන්න හම්බුවෙන්නේ නෑ. දෙයියන්ටවත් බේරන්න හම්බුවෙන්නේ නෑ.”

වතුකර ජනතාවගේ ජීවන රටාව, ඔවුන්ගේ නිවාස පිහිටා තිබෙන ආකාරය හා ඔවුන් රාජකාරි නිරතවන ආකාරය  සාමුහික ක්‍රමවේදයක් බව පෙන්වා දෙන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අවධාරණය කරන්නේ ඔවුන් අතරට වෛරසය ව්‍යාප්ත වුවහොත් එය පාලනය සදහා කිසිදු විකල්පයක් නොමැති බවයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී රජයේ සෞඛ්‍ය අංශ වෙතින්  ප්‍රශ්න කර සිටියේ, වතුකරයේ සාමාන්‍ය රෝහල් වල වෛද්‍යවරයකු හෝ නොමැති තත්වයක් තුළ වතුකරයේ රෝහල් විනාශ වෙමින් තිබියදී වසංගතය හමුවේ  වතුකරයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල කවරක්ද යන්නයි.

වතුකරයේ ජනතාවගේ PCR පරීක්ෂණයක් හෝ සිදු කර නැහැ !

තමන් දන්නා පරිදි ඒ වෙනුවෙන් ආණ්ඩුව මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් චෝදනා කළේ, මේ වන තෙක් වතුකරයේ ජනතාවගේ PCR පරීක්ෂණයක් හෝ සිදු කර නොමැති බවට යි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් හෝ මේ දක්වා  ක්‍රියාත්මක කර නොමැති බවට රජයට චෝදනා කරන මන්ත්‍රීවරයා එහිදී යෝජනා කළේ, වතුහාම්පුතුන්ගේ සංගම්, පොලීසිය හා සෞඛ්‍ය අංශ සම්බන්ධකරගනිමින් කටිටුවක් සකස් කර වතුකරයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

” කිසි දෙයක් නෑ. කවුරුහරි නැතිඋනොත් හරි ඒ මනුස්සුයා PCR මැරුනද? හාට් ඇටැක් එකෙන් මැරුනද මොන එකෙන් මැරුනද කියලා කිසි කෙනෙක් දන් නෑ. අපේ පළාත් වල මේ සම්බන්ධයෙන් කිසි දැනුවත් කිරීමක්, වැඩ සටහනක්වත් නෑ. කිසි දෙයක් නෑ. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා. අපිට ලොකු කරදරයක් මේක.  ” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.
theleader.lk

රියාජ් නිදහස් කිරීම : ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100ක් පරීක්ෂණයක් ඉල්ලයි ; ‘යකාගෙ නීතියක්’ – උවිඳු කියයි

0

සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (09) අරලියගහ මන්දිරයේදී භාර දී තිබේ.

ඉන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

Pasku latter 2020.10.10
රියාජ් ගැන ඇමති චමල් පාර්ලිමේන්තුවේදී කියපු කතාව !

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙවැනි පෙත්සමක් බාරදී ඇත්තේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොයුරා නිදහස් කළේ ඇයි ? දැයි ඇමති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පැහැදිලව ප්‍රකාශ කර තිබිය දිය.

රියාජ් බදුර්දීන් සහ පාස්කු බෝම්බකරුවෙක් වන ඉන්ශාෆ් අහමඩ් අතර දුරකථන ඇමතුම් ගැන සිදුකළ විමර්ශන වලදී ඔහු එම ත්‍රස්ත ක්‍රියාවකට හෝ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළිවී නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ එබව කියා සිටියේ, පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රැඳවුම් නියෝග යටතේ සිටිම සහ ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ විමර්ෂණය කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර සිටියේය.


යකාගෙ නීතියක්!


කෙසේවුවද, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියදෙනෙකුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

”මේක මාර කෙලියක් නෙ ශුඩේව. මන්ත්‍රීල 100ක් අත්සන් කරාම නැවත පරීක්‍ෂණ පවත්තන්න පුලුවන් ද? නිදහස් කරපු මිනිහෙක්ව ආයෙ අත්අඩංගුවට ගන්න පුලුවන් ද? යකාගෙ නීතියක්!

Screen Shot 2020 10 10 at 9.17.43 AM
121217932 10158411358199818 1123752912004318635 n

Screen Shot 2020 10 10 at 9.41.17 AM

theleader.lk

විජයගේ 75 වන ජන්ම දිනය අදයි : චන්ද්‍රිකා කියන හැඟීම්බර කතාවක්!

0

17 Shares facebook sharing button Share twitter sharing button Tweet

ප්‍රවීන කලාකරුවකු මෙන්ම, ජනප්‍රිය දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංග ගේ 75 වන උපන්දිනය අදට දී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසන්නේ, ‘විජය, රටේ සෑම දරුවෙකුටම එක සේ ආදරය කරන්න තරම් උතුම් හදවතක් තිබුණු මිනිහෙක්’ බවයි.

ඇය විසින් අද උදැසන පළකර තිබු සටහනක මෙසේ සඳහන් වේ.

ආදරණිය විජය, ඔබගේ 75 වන ජන්ම දිනය අදයි. ඒ සොඳුරු ඉතිහාසය අදටත් මාගේ මතකයෙන් නොමැකෙයි. සදාදරණියයි.

CBK Vijaya

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළකර ඇති තවත් FB සටහනක මෙසේ සඳහන් වේ.

”1982 විමුක්ති ඉපදුනේ කොබ්බෑකඩුව ඡන්දෙ ආසන්නයේමයි. මම ළමයි දෙන්නත් එක්ක හොරගොල්ලෙ ගිහින් නැවතුනා.

මම විජයට කිව්ව මම අත්තනගල්ලේ විතරක් බලන්නම්,  මොකද මට ඉතා දැඩි විශ්වාසයක් තියෙනවා ළමයෙකුට මුල් මාස තුනවත් මව් කිරි දෙන්න ඕන කියන එක.

කොබ්බෑකඩුව ඡන්දෙට පක්ෂය දෙකට බෙදිලා තිබුනේ. පිරිසක් ඡන්දෙට වැඩ කලේ නැහැ.

ඔය නිසා විජය එක දවසක් හොරගොල්ලට ඇවිත් කිව්වා, ‘චන්ද්‍රිකා ඔයාටත් රටට යන්න වෙනවා කියලා’ මම කිව්ව මට නම් කීයටවත් එන්න බැහැ මේ දරුවට මුල් මාස තුන වත් හරියට කිරි ටික දෙන්න ඕනෙ කියල.

එතකොට විජය කිව්වා චන්ද්‍රිකා කොබ්බෑකඩුව දිනලා අපි බලාපොරොත්තු වෙන ආකාරයේ රටක් හදන්න පුලුවන් වුනොත් අපේ දරුවට විතරක් නෙවෙයි මේ රටේ කිරි නැති තවත් දස් ගානක් දරු පිරිසකට කිරි දෙන්න පුලුවන්. ඒ හැම දරුවෙක් ගැන ම හිතලා ඔයා මේ වෙලාවෙ කැම්පේන් එකට එන්නම ඕනෙ කියලා.

තමන්ගෙ දරු දෙදෙනාට වගේම මේ රටේ සෑම දරුවෙකුටම එක සේ ආදරය කරන්න තරම් උතුම් හදවතක් තිබුණු ඒ අපූර්ව මිනිසාගේ 75 වන උපන් දිනය අද.

විජය ඔබට සුබ උපන් දිනයක්!

8688196 orig

******

වසංගතය වාර්තා කරන මාධ්‍යවේදීන් ගැන රජයෙන් අනතුරු ඇඟවීමක්

0

බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භවී දිනපතා සිය ගණනින් රෝගාතුර වන දෙවැනි වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා

වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබේ.

රට තුළ නැවත මතුවී ඇති කොරෝනා වසංගතයට මේ වනවිට ගොදුරුවී ඇති සංඛ්‍යාව හත්සියය ඉක්මවා ඇති බව රෝග ව්‍යාප්තිය මැඩලීම භාරව සිටින වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයට පතත් කර තිබේ.

මේ වන විට කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ නවතම තත්වයන් පිළිබද ප්‍රවෘත්ති වාර්තාකරණයේදී, මාධ්‍යවේදීන් එම ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ප්‍රතිකාර ලබන රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන හා එම පුද්ගලයන්ගේ වාසස්ථාන ආදී ආශ්‍රීත පරිශ්‍රයන් පසුබිම් කරගනිමින් ප්‍රවෘත්ති වාර්තා කිරීමට කටයුතු කිරීම අන්තරාදායක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

“මෙම තත්ත්වය තුළ මාධ්‍යවේදීන්ගේ හා ඒ මගින් අදාළ මාධ්‍ය ආයතනයන්හි සේවය කරන සෙසු කාර්යය මණ්ඩලයන්හීද සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව යම් අවදානමක් මතුවිය හැකිය,” යි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ නිසා සෑම විටම තම සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිම ලෙස සහ අනිවාර්යෙන්ම අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්,  කොව්ඩ් 19 සම්බන්ධව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට උපදෙස් හා නියෝග ලබා දෙන්නැයි රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,  ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.

“විශේෂයෙන්ම, අත්‍යාවශ්‍ය කරුණක් සදහා නොවේ නම් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවකුගේ හෝ සැක කටයුතු තැනැත්තකුගේ ආශ්‍රිත පරිසරයකට පිවිසීම හැකිතාක් අවම කිරීමට කටයුතු කරන මෙන් අදාළ මාධ්‍යවේදීන්ට උපදෙස් ලබාදෙන්නේ නම් මැනවි. “

“විශේෂයෙන්ම, අත්‍යාවශ්‍ය කරුණක් සදහා නොවේ නම් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවකුගේ හෝ සැක කටයුතු තැනැත්තකුගේ ආශ්‍රිත පරිසරයකට පිවිසීම හැකිතාක් අවම කිරීමට කටයුතු කරන මෙන් අදාළ මාධ්‍යවේදීන්ට උපදෙස් ලබාදෙන්නේ නම් මැනවි. “

වසංගතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ජනමාධ්‍ය ආයතන විසින් ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් සිය කෘතවේදිත්වය පළ කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ උවදුරින් මුදවා ගැනීමට ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් මෙතෙක් ලබා දුන් වගකීම් සහගත නොමද දායකත්වය තව දුරටත් ලබා දෙනු ඇතැයි අපේක්ෂාව පල කරයි.

රජයේ ITN නාලිකාව විසින් දෙවැනි කෝවිඩ් රැල්ලේ පළමු ආසාදිතයන් ලෙස හඳුනාගත් පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ද්වේශය උපදවන ආකාරයෙන් පලකොට තිබූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල හෙලා දැකීමට ලක් වීමත් සමග ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය නිකුත් කර තිබේ.

Ruwan nelu

වාර්තාකරණය ගැන දුන් මාර්ගෝපදේශ:

කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සහ නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ ජාතිය ඉස්මතු වන අයුරින් රූපවාහිනී නාලිකා  ප්‍රවෘත්ති පල කරන්නට පටන් ගැනීමත් සමග කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් දිවයිනේ ප්‍රධානතම සෞඛ්‍ය බලධාරියා විසින් පසුගිය අප්‍රේල් මාසය මුලදී  හදුන්වා දී තිබුනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එවකට  යොමු කර තිබු  නිවේදනයක් මගින් ඉල්ලා තිබුනේ  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි.

”සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එවකට  යොමු කර තිබු  නිවේදනයක් මගින් ඉල්ලා තිබුනේ  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි.”

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දී ඇති මාර්ගෝපදේශ පරිදි,

 සෑම විටම කොවිඩ් 19 සම්බන්ධයෙන් වාර්තාකිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කළ යුතු අතර වෛරසය ආසාදිත පුද්ගලයන් “රෝගීන්” මිස අනෙක් අයට “රෝගය පතුරුවන පුද්ගලයන්” ලෙස හැදින්වීමෙන් වැළැකිය යුතුය.  

අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කරගෙන වාර්තාකරණයේ යෙදිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ලගික මත සමාජ ගත කිරීමේන් වැළැකිය යුතුය.

නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය නොකළ යුතුය.  

මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කොට භාවිතය වඩාත් යෝග්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබුනි.

ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටින විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා වෛරස් තත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටී.

කොරෝනා වසංගත තත්වයේදී එයට මුහුණ දීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සියළුම මාධ්‍ය මගින් ලබා දෙන විශාල සහාය සදහාද සිය ස්තුතිය පිරිනමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉහත සදහන් නිර්දේශයන්ගෙන් පරිබාහිරව වාර්තාකරණයේ යෙදීම තුලින් සිදුවන බරපතලම අගතිය ලෙස පෙන්වා දී ඇත්තේ රෝගය ආසාදිත පුද්ගලයන් කොන්වීමට ඇති බිය නිසා නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට ඉඩ ඇති බවයි.

ගම්පහ වෛද්‍යවරයෙක්ටත් කොරෝනා ….

0

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.

වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත යැවීමට පියවර ගත් බව ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.

බස්රථවලින් දිනකට රු.කෝටියක කප්පමක් ???

0

දිනකට පෞද්ගලික බස්රථවලින් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් වශයෙන් ගැනීම තවමත් සිදුවන බව සත්‍යයක් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා අද මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වේලා සටහන්කරුවන් මෙන්ම ‘රනර්ලා’ විසින් මෙම කප්පම් ගැනීම තවමත් නතර කර නැතැයි ද ඒ මහතා කීය.
ඒ අනුව, දිනපතා දිවයිනේ බස්රථ 20,000 කින් පමණ නිල හා නොනිල අයුරින් මෙම කප්පම් ගැනීම සිදුවන බව නොබියව පවසන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම තතත්වය නතර කිරිම සඳහා බුද්ධි අංශ යොදවා වැටලීම් සිදුකර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කරනු ලැබූවද කප්පම් ගැනීම් තවදුරටත් සිදුවන බවද හෙතෙම පෙන්වාදුන්නේය.
රට තුල සාමය හා ක්‍රමවත්භාවය ස්ථාපිත කිරිම සපථ කරමින් බලයට පැමිණි ගෝඨා පාලනයට වසරක් පිරිමටද ආසන්න වෙමින් තිබුණද බස්කප්පම්කාරයන්ව පාලනය කිරිමට තවමත් නොහැකි වි ඇතැයි බස් රියදුරෝ පවසා සිටිති

රජයේ නිළධාරින්ට චණ්ඩිපාට් දැමු අම්පිටියේ සුමනහිමිට වැඩවරදින ලකුණු ?

0

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව, ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භකර ඇති බවට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමින් අනාවරණය කළහ.සිදුව ඇති විනාශය නිරීක්ෂණයට වගකිය යුතු නිලධාරියෙක් පැමිණෙන තෙක් මැණුම් කටයුතු සඳහා පැමිණ සිටි පුරාවිද්‍යා නිලධාරින් තිදෙනෙක් සිය භාරයට ගැනීමට පූජ්‍ය සුමනරත්න හිමියන් කළ බව වාර්තා වේ.

මාස 6 කට පසු ටජ්මහල් විවෘත කරයි

0

ඉන්දියාවේ පිහිටි සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකෙන “ටජ් මහල” නැරඹීමේ අවස්ථාව නැවතත් දේශීය සහ විදේශීය සංචාරකයින්ට ලබා දීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස වසා දැමුණු ටජ් මහල සංචාරකයින්ට සම්පූර්ණ ලෙස විවෘත වන්නේ මාස 6කට පසුවයි.දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අම්පිටියේ සුමන හිමි අත්අඩංගුවට ගත යුතුයි !

0

රජයේ සේවකයන් තිදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් මඩකලපුව විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගත යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍ය මරික්කාරම් මන්ත්‍රීවරයා අද
( 22 )පාර්ලිමේන්තුවේදි පවසා තිබේ.

“මඩකලපුව චෙන්කලඩි වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති බව කියන ඉඩමකට පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ වැඩම කර තිබෙනවා.

උන්වහන්සේ දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා. උන්වහන්සේට එරෙහිව කිසිම නීතිමය පියවරක් අරගෙන නෑ.

ස්වාමීන් වහන්සේම පවසනවා උන්වහන්සේට උසාවියේ නඩු 70ක් පවතිනවා කියලා. එහෙම තියෙද්දීත් උන්වහන්සේට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ කියන්නේ දුක් වෙන්න ඕන කාරණයක්.

ඊයේ රජයේ නිලධාරීන්ට පහරදී තිබෙනවා. මෙතන සිංහල නිලධාරියෙකුත් ඉදලා තිබෙනවා. මේක දෙමළ මිනිස්සුන්ට විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. දිගින් දිගටම රජයේ සේවකයන්ට පහරදුන්නොත් රජයේ සේවකයන්ට ගැටලුවක්.

මගේ පළමු පාර්ලිමේන්තු කථාවට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ප්‍රශංසා කරලා තිබුණා. නමුත් වැරැද්දක් කියන නිසා මට ගැටලුවක් වෙන්න පුළුවන්.

මේක ස්වාමීන්වහන්සේ ගැන ප්‍රශ්ණයක් නෙමයි රජයේ සේවකයන් ගැන ප්‍රශ්නයක්.  රජයේ සේවකයන්ට පහර දුන්නාම ඔවුන් කොහොමද වැඩ කරන්නේ.

උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හිත් අමනාප වෙන කාරණයක්. මේකට කිසිම දේශපාලන සබඳතාවක් නෑ. අස්ගිරියේ හා මල්වත්තේ හාමුදුරුවරු මේ හාමුදුරුවන්න පුනරුත්තාපනය කරන්න වෙනවා.

දැනට රජයේ සේවකයෝ  තිදෙනෙක් රෝහල් ගතව ඉන්නවා. වහාම උන්වහන්සේ අත්ඩංගුවට ගත යුතුයි. මේක ජනපතිතුමාට, අගමැතිතුමාට පොලිස්පතිට දන්වන්න ඕන. ස්වාමීන්වහන්සේලාට අපිත් ගරු කරනවා. දිගින් දිගටම මේ ගරුත්වය තබා ගන්න මේ ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගත යුතුයි.”

මේ අතර රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙන බව අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය

ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.  

මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භකර ඇති බවට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමින් අනාවරණය කළහ.

ඉන් අනතුරුව අදාළ ස්ථානයේ මැනුම් කටයුතු සඳහා ඊයේ (21) පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් විරෝධයක් එල්ලවී තිබුණි.  

පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් අදාළ ස්ථානයේ මැනීම් කටයුතු නිසි අයුරින් සිදුනොකරන බව උන්වහන්සේ චෝදනා කළහ.
 
අදාළ භූමිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට තහවුරු කෙරෙන නාම පුවරු ද දක්නට ලැබේ.

සිදුව ඇති විනාශය නිරීක්ෂණයට වගකිය යුතු නිලධාරියෙක් පැමිණෙන තෙක් මැණුම් කටයුතු සඳහා පැමිණ සිටි පුරාවිද්‍යා නිලධාරින් තිදෙනෙක් සිය භාරයට ගැනීමට  පූජ්‍ය  සුමනරත්න හිමියන් කළ බව වාර්තා වේ.

පසුව මඩකළපුව පොලිස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මැණුම් කටයුතු සිදුකරන තෙක් අදාළ වගාකිරීමේ කටයුතු නතර කරන බවට දුන් පොරොන්දුවක් මත සිද්ධිය සමතයකට පත්වුණි.

කෙසේ වෙතත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සිය භාරයේ රඳවා ගෙන සිටි පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනා මේ වන විට මඩකළපුව රෝහලට ඇතුළත් වී සිටී.

adstudio.cloud
adstudio.cloud


මුලාශ්‍රය – අද

සමාජ මාධ්‍යට වැට බැඳීමට ආණ්ඩුව සැරසෙයි!

0

අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත.

පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් හා නව තාක්ෂණය යටතේ විවිධ මාධ්‍ය මගින් පළකරන ප්‍රචාරක කටයුතු සඳහා පියවර ගැනීමේ අරමුණින් නීති රීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව මෙසේ නීති රීති දැඩි කිරීමට කටයුතු කරමින් සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පත්වූ භාරකාර ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හා මාධ්‍යවේදීන් ගණනාවක් සිරගත කළ පසුබිමකය.

අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබේ. මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට ඊයේ (21 වැනිදා) යොමු කර තිබුණි.

ඒ 20/1328/330/007 දරන ඇමැති මණ්ඩල සංදේශය යටතේය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව මෙසේ නීති රීති දැඩි කිරීමට කටයුතු කරමින් සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පත්වූ භාරකාර ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හා මාධ්‍යවේදීන් ගණනාවක් සිරගත කළ පසුබිමකය.

එසේම ICCPR පනත වැනි අණපනත් අනිසි ආකාරයෙන් යොදාගෙන ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිදහස් අදහස් ප්‍රකාශනයේ යෙදෙන පුද්ගලයන් සිරගත කිරීමට කටයුතු කරමින් සිටින බවට මහාධිකරණයේ අවධානය පවා යොමුව පවතින වටපිටාවකය.

සමාජ මාධ්‍ය තුළ නිදහස් මත ප්‍රකාශකයකු වූ රම්සි රසීක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් පසුගියදා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, රම්සී රසීක් තම අදහස් ඉදිරිපත් කර ඇත්තේ රටේ පවතින නීති රාමුව තුළ හිඳිමින් බවයි. කෙසේ නමුත් රම්සි රාසික් මාස 5කට අධික කාලයක් සිරිගත කොට තැබිණි.

කෙටිකතාවක් ලියූ වරදට සිරගත කළ ශක්තික සත්කුමාරගේ නඩු විභාගය අද දිනයේ ද උසාවියේ ඉදිරියේ අසමින් පවතී. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මාධ්‍යවේදියකු වන විමල් කැටපෙආරච්චි තම ෆේස්බුක් ගිනුමේ මෙවැනි සටහනක් පළකර තිබිණි.

කෙටිකතාවක් ලියූ වරදට සිරගත කළ ශක්තික සත්කුමාර, ඊට අදාළ නඩුව වෙනුවෙන් අද (අප මේ සටහන ලියන මොහොතේ) පොල්ගහවෙල උසාවියේ පෙනී සිටියි. පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කිරීම හෝ නොකිරීම ගැන පොලීසිය දන්වනු ඇතැයි නීතිඥයෝ පවසති.
අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.
ප්‍රකාශනයේ නිදහස උදෙසා අපගේ පෙනීසිටීම අදටත් වලංගු ය.
නොවැළැක්විය හැකි හේතු මත අද පොල්ගහවෙල නොගිය ද අප ශක්තික සමග ය.
මහපාර තවමත් අරගලයට විවෘත ය.

theleader.lk