Sunday, September 29, 2024
Home Blog Page 84

පොළොන්නරුවේ වඩ වෙළෙන්දාට කොවිඩ් හැදුන හැටි ?

0

කොරෝනා පැතිර යන අන්දම ගැන දැන් කාටවත් හිතාගන්නට හෝ අනුමන කරගන්නට බැරි තත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.
මේ දිනවල පෑලියගොඩ පොකුර කේන්ද්‍ර කොට ගෙන ඇවිල යන රැල්ලට කිසියම් යම් සම්බන්ධයක් පොළොන්නරුවේ බකමුණේ කඩේ කරත්තයට යන්නේ වරක අප කිසිවිටකත් නොසිතනාව වන්නට පුලුවන්.
එහෙත් අද මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුන ඒ පුවත අපට බොහෝ දේ කියා දෙනු ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පුද්ගලයාගේ වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට ලක්කිරීමට ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද (26) උදෑසන කටයුතු කළේය.

බකමූණ, ට්‍රැක් 19 ප්‍රදේශයේ පදිංචි වී සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදිතයෙක් ලෙසට ඊයේ (25) රාත්‍රීයේ අනාවරණය වී තිබේ.

එම ආසාදිත පුද්ගලයා පසුගිය දිනක ඉස්සන් ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට පැමිණි අයෙක් බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඒ අවට නිවාස 10ක පුද්ගයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බව ඇළහැර ප්‍රාදේශිය සභා සභාපති නලීන් ජානක කුමාර මහතා පැවසීය.

වාලච්චේන වරාය සහ ඔට්ටමාවඩි මාළු වෙළඳ සැල විෂබිජහරණයට.

0

මඩකලපුවෙන් ආසාදිත පුද්ගලයින් සොයා ගැනීමෙන් පසු ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමට අදාල බළධාරින් පියවර ගනිමින් සිටිති

පොලීසිය විසින් මේ වන විට වලයිචෙනේ වරායේ සහ ඔඩමාවාඩි මත්ස්‍ය වෙළඳපොල ප්‍රදේශවය තුල මෙම මෙහෙයුම සිදු කරන ලදී.
සහකාර පොලිස් අධිකාරී බී.එම්. ජයසුන්දර මහතාගේ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය කටයුතු සිදුකරන බව වලයිචෙනෙයි පොලිස් ස්ථානාධිපති නංජය පෙරමුන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි
ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකුගේ කොරෝනා ආසාදනය තහවුරු වීමෙන් පසු පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්වය පාලනය කිරිමට දැඩි පියවරයන් ගනිමින් සිටිති.
මුලාශ්‍රය- ඡායා -battinews

අදත් රටපුරා මාළු වෙළඳ සැල් කීපයක් වසා දැමේ ..

0

ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළෙදසංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදිණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ.   මෙම වෙලද සංකීරණයේ 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් හය දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනිමට හැකිවිය .   වසාදැමු මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණය අපට ගැවසිමෙන් ජනතාව වැළකි සිටියේය. හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේගම පදිංචිකරුවෝ වෙති

කුරුණෑගල

මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.   මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා ඇත.   කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇති බව වාර්තාවේ.   මේ නිසා එම ලොරියේ සහායකයා ලෙස කටයුතු කළ අයෙකුද පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇත.

දියතලාව

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති  බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව  හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද (23 ) පැවසීය.

මෙම පුද්ගලයින් දෙදෙනා ගේ සමීපතම ආශ්‍රිතයෙන් සිව්දෙනකු ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ අතර මාළු වෙළඳසැලට සම්බන්ධ කඩ පේලියක කඩ දහයක් ද වසා තැබීමට පියවර ගත් බව සභාපතිවරයා පැවසීය.
මුලාශ්‍රය -ලංකාදි

වසංගතයට බිලිවන ජනතාවගේ අභිමානය වෙනුවෙන් ආණ්ඩුවට නිර්දේශ

0

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

messenger sharing button

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සාමූහික හා තිරසාර උත්සාහයන් තුළින්

ප්‍රතිචාර දැක්විය යුතු බව පෙන්වා දෙන සිවිල් සංවිධාන කිහිපයක් වසංගතය හමුවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානුෂීය අභිමානය, සමාන සැළකීම සහ විවිධ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව රජයට අවධාරණය කර තිබේ.

 ඒ සඳහා ව්‍යාප්තිය වැළැක්වීමේ සිට ප්‍රතිකාරය දක්වා වූ පරාසයක සංගත වූ හා අඛණ්ඩ වූ උත්සාහයන් තිබිය යුතු අතර වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මේ අවස්ථාවේ අත්විඳින ආර්ථික අභියෝගයන් සඳහා ද එමගින් විසඳුම් ලබාදිය යුතු බවයි එම සංවිධාන පවසන්නේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය ‘වංකයි’:

“COVID-19 සඳහා ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය” මැයෙන් සිවිල් , බහු ජන සංවිධාන  35 ක් හා  සමාජ ක්‍රියාකාරීන් 105 දෙනෙකු විසින් ඒකාබද්ධව නිකුත් කර තිබෙන එම ප්‍රකාශය මගින් අවධාරණය කර ඇත්තේ, මෑතක දී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල වටා කේන්ද්‍රගත වූ වෛරසයේ හදිසි පැතිරීම පිළිබඳව රජය විසින් දැක්වූ සමස්ත ප්‍රතිචාරය පිළිබඳව එම සංවිධාන  දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි.

“වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට, මේ රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට වෙහෙසෙන කම්හල්වල කම්කරුවන්ට, මූලික ගෞවරණීයත්වයෙන් තොරව ඉතා පහත් ලෙස සලකනු ලැබ තිබේ.”

“වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට, මේ රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට වෙහෙසෙන කම්හල්වල කම්කරුවන්ට, මූලික ගෞවරණීයත්වයෙන් තොරව ඉතා පහත් ලෙස සලකනු ලැබ තිබේ.”

 ඔක්තෝබර් 11 රාත්‍රී සහ 12 හිමිදිරි උදෑසන නිරෝධායනය සඳහා කම්කරුවන් වටලාගෙන, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබූ අතර ඔවුන්ගේ වෛද්‍ය තත්වයන් පිළිබඳව ද ප්‍රසිද්ධියේ කතා  තිබෙන බවට චෝදනා නගන එම ඒකාබද්ධ ප්‍රකාශය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ, වසංගතය පිළිබඳව වාර්තා කරන මාධ්‍ය මෙන්ම රජයේ ප්‍රකාශකයන් ද කම්හල්වල කම්කරුවන් තර්ජනයක් ලෙස සළකා ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිඳු සැළකිල්ලක් නොදක්වමින් නිතිපතා අපකීර්තියට පත් කරමින් සිටි බවයි.

 මිනුවන්ගොඩ කම්හලේ නිවැරදිවම සිදුවූයේ කුමක්ද යන්න හෝ වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් නොව එහි සියලුම සේවකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් නිර්දේශිත සෞඛ්‍ය රෙගුලාසි ආදී වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ විස්තර බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් වංක ලෙස සඟවා ඇති බවටත් එම ප්‍රසිද්ධ ප්‍රකාශය මගින් චෝදනා කර තිබේ.

බ්‍රැන්ඩික්ස්ට ආණ්ඩුවේ සහාය:

200 million face masks

රජයේ ඉහළම මට්ටම්වල සහාය නොමැතිව බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ මට්ටමේ මගහැරීම් වලින් ගැලවී සිටීමට නොහැකි බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

 COVID -19  වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් අවසානයේ දී රටේ සියලුම ජනතාව අවදානමට ලක්වී ඇති බව රජය විසින් හඳුනාගත යුතු බව පෙන්වා දෙන සමාජ ක්‍රියාකාරීන් ප්‍රමුඛ සිවිල් සංවිධාන අවධාරණය කරන්නේ, වසංගතය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් රජය වඩාත් විනිවිදභාවයකින් හා වගකීමකින් යුතුව කටයුතු කිරීමට අත්‍යවශ්‍යවන බවයි.

 හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු නොවන බව රජයට අවධාරණය කරන ප්‍රසිද්ධ ප්‍රකාශය පෙන්වා දෙන්නේ  එය මෑත කාලයේ ලෝකය විසින් අත්විඳ නැති, සුවිසල් මානුෂීය අර්බුදයක් බවයි.

”හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු නොවන බව රජයට අවධාරණය කරන ප්‍රසිද්ධ ප්‍රකාශය පෙන්වා දෙන්නේ  එය මෑත කාලයේ ලෝකය විසින් අත්විඳ නැති, සුවිසල් මානුෂීය අර්බුදයක් බවයි.”

“මෙම අර්බුදයේ විවිධ මානයන් සඳහා ප්‍රතිචාර දැක්වීමට බොහෝ අංශ එකට එකතුකරන මානුෂීය ප්‍රතිචාරයක් මෙම අවස්ථාවේදී මේ සඳහා වහාම අවශ්‍ය වේ.”

නිර්දේශ 10 ක්

COVID-19 ට ප්‍රතිචාර දැක්වීම දේශපාලන අවශ්‍යතාවයකට වඩා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන් මගින් සහ පවතින විද්‍යාව අනුව දැනුවත් වූ කළමණාකරණය කරන ලද ප්‍රතිචාරයක් විය යුතු බව අවධාරණය කරන සමාජ ක්‍රියාධරයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන ඒ සදහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර තිබේ.

(1)  COVID -19 සඳහා ප්‍රතිචාර දැක්වීම දිගු කාලීන ගැටළුවකි. ශ්‍රී ලංකාවට එම ප්‍රතිචාරයන් ලිහිල් කිරීමට නොහැකි බව හඳුනා ගතයුතුය. ඒ සඳහා වෘත්තිකයන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර සුපරීක්ෂාව හා  සැලකිලිමත් සැලසුම් කිරීම අවශ්‍ය වේ.

 (2). ප්‍රජා ව්‍යාප්තියක් පවතීද යන්න නිශ්චය කර ගැනීම සඳහා පවත්නා සහ හඳුනාගත් පොකුරු වලින් පිටත PCR පරීක්ෂණ වැඩි කිරීම සහ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම වේගවත් කිරීම.

 (3.) පැතිරීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම මිනිස් නිදහසට යම් යම් සීමාවන් පැනවීමට සිදුවේ – විශේෂයෙන්ම සංචලතාවය සහ ඇසුර සීමා කළ යුතුය. කෙසේ වෙතත්, සීමාවන් ක්‍රියාත්මක කිරීම නිශ්චිත ප්‍රජාවන් සහ පුද්ගලයන්, විශේෂයෙන් ආන්තික, අඩු වරප්‍රසාදිත හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් වෙනස් කොට සැළකීමකට හේතු නොවිය යුතුය.

(4) නිරෝධායන ස්ථාන වශයෙන් දැනට සපයා ඇති ස්ථාන අධිකලෙස සෙනගින් පිරුණු, සේවා සැපයීම් දුර්වල ස්ථාන වන අතර ඒවා වෛරස ව්‍යාප්තියෙන් ගැලවීමට හිතකර නොවේ. එම ඇතැම් ස්ථානවලින් වෛරසය පැතිරීම තවදුරටත් වැඩි කිරීමට ද ඉඩ තිබේ. ආසාදිතයන් ලෙස හඳුණාගත් අය සහ ඔවුන් හා සම්බන්දධිත අය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්වීම වඩාත් සුදුසුය.

(5) ප්‍රතිකාර අවශ්‍ය අය පමණක් රෝහල් ගත කළ යුතු අතර එමඟින් සෞඛ්‍ය සේවාවලට ඇති අධික පීඩනය අවම වනු ඇත.

(6) සෞඛ්‍ය සේවා අංශය, ප්‍රවාහනය, ආහාර හා ඖෂධ බෙදා හැරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් හි නියුතු අයට තම රාජකාරි ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා පූර්ණ සහාය ලබා දිය යුතුය. PCR උපකරණ සැපයීම, විශේෂ ප්‍රවාහන කටයුතු සහ අවශ්‍ය නම් නවාතැන් හා ආහාර සහ විශේෂ දීමනා ද මෙයට ඇතුළත් වේ.

(7) මෙම හදිසි වෛරස ව්‍යාප්තිය පෙන්නුම් කෙරෙන, කර්මාන්තශාලා සේවකයන්ගේ, විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල තිබෙන අතිශය අවදානම් සහඟතභාවය හඳුනාගැනීම සහ සුදුසු නවාතැන් පහසුකම් සලසා දීම. නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන්ට ඇති ගැටළු:

a. නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සෞඛ්‍ය ගැටළු වලට වඩා ඉදිරියෙන් තබන දැඩි සේවා කොන්දේසි;

b. වෛරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින තදබදය සහිත ජීවත්වන තත්වයන්;

c. ප්‍රජා සේවාවලින් බැහැර කිරීම, එහි ප්‍රතිඵලයක් වශයෙන් FTZ සේවකයින් ආධාරක සේවාවන්ගෙන් කොන් කරනු ලැබීම හා ඔවුන් රෝගාතුර වූ විට ප්‍රජාවන් විසින් අපකීර්තියට ලක් කිරීම;

d. කම්කරුවන් ජීවත්වන කොන්දේසි පිළිබඳ සේවා යෝජකයන් ඇතුළු බලධාරීන්ගේ අවබෝධය නොමැතිකම. නිදසුනක් වශයෙන්, බොහෝ කම්කරුවන් ජීවත්වන්නේ දෛනිකව අවශ්‍ය දේවල් සපයා ගැනීම මත ය – ඔවුන්ට දින ගණනක් අත්‍යවශ්‍ය දෑ ගබඩා කිරීමට නොහැකි ය. මෙහි ප්‍රතිවිපාක දෙකක් තිබේ: අත්‍යවශ්‍ය දේ සෙවීම සඳහා ප්‍රජාව තුළ නිරන්තරයෙන් ගමන් කිරීම මෙන්ම චලනය සීමා කරන විට දැඩි දුෂ්කරතාවයන් ඇතිවීම.

(8) එබැවින්, නිදහස් වෙළඳ කලාප වැනි කේෂේත්‍රවල සේවකයන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මැදිහත්වීම් අප විසින් යෝජනා කරන්නෙමු. ඒ සඳහා ඇතුළත් වන්නේ:

a.කර්මාන්තශාලා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් සේවා යෝජකයන් සහ සේවකයන් සඳහා දැඩි ලෙස ක්‍රියාත්මක කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදීම. කම්කරුවන් දිගටම වැඩ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ පදිංචිය සම්බන්ධ කටයුතු පිළිබඳව ද සේවා යෝජකයන් විසින් වගකිව යුතුය. ප්‍රවාහනය, නවාතැන්, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ ඔවුන්ගේ පවුල් සඳහා ආධාර කිරීම සඳහා ආරක්ෂිත පියවර ද මෙයට ඇතුළත් වේ. සේවායෝජකයන්ට මෙම සේවාවන් සැපයීමට නොහැකි නම්, කර්මාන්තශාලා විවෘතව තබා ගැනීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය.

   i.ගුණාත්මක තත්වයේ වෛද්‍ය සේවා, නිවාඩු ආදිය සැපයීම.

  ii.යම් අවස්ථාවක දී, ඔවුන්g COVID-19 ආසාදනය වූයේ නම්, නිසි වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය රක්ෂණය, වැටුප් සහිත නිවාඩු යනාදිය සැපයීම.

b.‘බාහිරින් සේවය ලබා ගැනීමේ’ පුරුද්ද නිසා සේවා යෝජකයින්ට තම භූමියේ වැඩ කරන අයගේ වගකීම පැහැර හැරීමට ඉඩ ලැබී ඇත්තේ විශේෂයෙන් බාහිරින් ලබාගත් මෑන්පවර් සේවකයන් විසින් සිදු කරනු ලබන ඇතැම් කාර්යයන්වල නියැලෙනන සේවකයන් තම සේවකයන් ලෙස වර්ගීකරණය නොකෙරෙන බව පැවසීමෙනි. ‘බාහිරින් ලබාගත්’ කම්කරුවන් ද ඇතුළුව ඔවුන්ගේ කර්මාන්තශාලා / කාර්යාලවල වැඩකරන සියලුම වර්ගවල කම්කරුවන් සඳහා සේවා යෝජකයන් විසින් වගකිව යුතුය.

c.සේවකයින් ප්‍රාදේශීය සෞඛ්‍ය හා සමාජ සේවාවන් සමඟ සම්බන්ධ කිරීම. ඔවුන් අදාළ ග්‍රාම නිලධාරියා වෙත ලියාපදිංචි විය යුතු අතර පොදුවේ ප්‍රජාවට ලබා දෙන සේවාවන් සඳහා ඔවුන්ට සුදුසුකම් ලැබිය යුතුය.

(9) සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම.  මෙම කාල සීමාව තුළ විශේෂයෙන් රජයේ රෝහල්, සායන ආදියෙහි අඛණ්ඩ සේවාවන් සහතික කිරීම. ප්‍රජාව තුළ සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා බරපතල ගැටළු ඇති කරවමින් සමහර ප්‍රධාන රෝහල්වල පවා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් වාර්තා වේ – මේ හේතුව COVID වලට ඇති අවදානම ද වැඩි කරයි. සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන්ට බියෙන් තොරව සිය රාජකාරි ඉටු කිරීම සඳහා සියලු සහයෝගය ලබා දීම.

(10) මෙම වසංගතය පැතිරීම වළක්වාගැනීමට වඩාත්ම සාර්ථක වූ රටවල් වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති රටවල් ය. විශ්වාසය ගොඩනැගෙන්නේ විශ්වසනීයත්වය මත මිස බිය මත නොවේ.

COvid 19 Protect

ජනතාවගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන ලෙසත් වහාම ක්‍රියාත්මක වෙමින් ඇති ක්‍රියාවලිය වෙනස් කරන ලෙසත්  රජයෙන් ඉල්ලා සිටින “COVID-19 සඳහා ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය” ට අත්සන් තබා ඇති බහු ජන සංවිධාන  35 ක් හා  සමාජ ක්‍රියාකාරීන් 105 දෙනා අවධාරණය කරන්නේ එසේ නොවුවහොත්, මෙම වර්තමාන ප්‍රතිචාරය විශේෂයෙන්ම රටේ අවවරප්‍රසාධිත කොටස් සඳහා විනාශකාරී ප්‍රතිවිපාක ඇතිකරවන බව අකාර්යක්ෂම බව, ප්‍රමාණවත් නොවන බව සහ අමානුෂික බව පැහැදිලිවම පෙනීයනු ඇති බවයි.

 “ජනාධිපති සහ මහ මැතිවරණවලදී ලබාගත් ජනවරම ලබා ගැනීම වෙනුවෙන් මෙම රජයට සහයෝගය දැක්වූ කණ්ඩායම මොවුන්ම වීම උත්ප්‍රාසයකි” යි එම ප්‍රසිද්ධ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්ය.
theleader.lk

නගර ගණනාවක මාළු වෙළඳ සැල් වසා දැමේ …!

0

හැටන් නගරයේ පිහිටි සියලුම මාළු වෙළදසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ හැටන් පොලිසියේ නිලධාරීහු කටයුතු කර තිබේ.පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම අලෙවිසැල්වල සේවය කරන සියලුම සේවකයින් පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකිරීම සදහා එම වෙළඳසැල් වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේය.

පෑලියගොඩ මාළු වෙළඳැසැලේ කොවිඩ් 19 වයිසරය අසාධනය වු සේවකයෙකුගේ හැටන් දික්ඔය දරවල වත්තේ පිහිටි නිවසේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු ඊයේ (22)කටයුතු කළහ.

පැලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක්ද අද(23) වසා දමා එහි සේවකයින්ව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය.

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇතැයි විජේසූරිය මහතා කීය.

එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.

තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෑලියගොඩ තොග මාළු වෙළඳසැල්වලින් මාළු මිලදීගනු ලබන රත්නපුර ව්‍යාපාරිකයෙකුට සුළු උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත වූ පසු, රත්නපුර නගරයේ ඔහුගේ මාළු වෙළඳසැල සහ සුළු පරිමාණ මාළු වෙළඳසැල් 2ක් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වසාදැමූ බව රත්නපුර මහ නගර සභාව පවසයි.
 
මෙම වෙළඳසැල් හිමියන් ද ඇතුළුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 50 කගේ පමණ අද(22) පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා සාම්පල ලබාගත්  බව මහ නගරසභා සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ සාම්පල වාර්තා අනුව  කොරෝනා ආසාදිතයන් බවට  තහවුරුවන පුද්ගලයන් සිටියහොත් රත්නපුර නාගරික බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතාවයට පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මාළු වෙළඳසැල් වසාදැමීම හෝ ඒ පිළිබඳව ගතයුතු වෙනත් ක්‍රියාමාර්ගයන් එළඹෙන බව නාගරික කොමසාරිස් චිත්‍රා මානෙල් කෝට්ටවත්ත මහත්මිය පැවසුවාය.
 
රත්නපුර මහ රෝහලේ කොරෝනා ආසාධිත බවට සැකසහිත, පුද්ගලයන් රඳවන වාට්ටුවෙහි සිටින එම ව්‍යාපාරිකයා මේවනවිට පී.සී.ආර්. පරීක්‍ෂණයට යොමුව ඇතිබව රෝහල් ආරංචි මාර්ග මාර්ග පවසයි.

මේ අතර කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඩෙංගු අධි අවදානම් කලාප 53 ක් !

0

මදුරු ගහණය වැඩි වීමත් සමග දිවයින පුරා ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 53ක් සහ අවදානම් කලාප ලෙස තවත් බල ප්‍රදේශ 147ක් හඳුනාගෙන තිබේ. ඒවායින් බහුතරය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකළපුව වන දිස්ත්‍රික්කවලට අයත්ය.

වැසි සමය ඇරැඹීමත් සමග මදුරු ගහනය වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් ඔක්තෝම්බර් 14 සිට 20 දක්වා ජාතික මදුරු මර්දන සතියක්ද නම් කර තිබේ. ඒ අනුව හඳුනාගත් ප්‍රදේශවල මදුරු ගහනය පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේ නමුත් පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවේ. පසුගිය 14 වැනිදා වන විට මෙම වසර තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 28,189කි. එයින් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 4023කි. කොවිඩ් අවධානමට ලක්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2483ක් වන අතර එය දෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරන දිස්ත්‍රික්කයද වේ.

පරීක්ෂණ වාර්තාවලින් හඳුනාගත් පරිදි මදුරුවන් බෝවීමේ වැඩිම අවධානමක් ඇත්තේ ඉදිකිරීම් පරිශ්‍රය තුළය. එය ප්‍රතිශතයක් ලෙස 55.84%කි. මීට අමතරව කර්මාන්තශාලා, පාසල්, පොදු ස්ථාන සහ ආගමික ස්ථාවලද මදුරුවන් බෝවීමේ ඉහළ ප්‍රවනතාවක් ඇත.

කෙසේ නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවලට සාපේක්ෂව මෙම වසරේ මෙකී කාලය තුළ වාර්තා වන රෝගීන් ප්‍රමාණය 75%කින් පමණ අඩු බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේය.
( අරුණ )

නිරෝධායන නීති කඩ කළොත් මාස 6 ක් හිරේ ! ගැසට් පත්‍රය නිකුත් වේ

0

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබන ලදි.

මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇති අතර,

  • සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.
  • දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.
  • සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.
  • විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.
  •  ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම
  • සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට  ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.
මුලාශ්‍රය – ada.lk

මුලතිව්හිදි මාධ්‍යවේදින්ට පහරදිම වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය හෙළා දකි.

0

මුලතිව් දිස්ත්‍රික්කය දැඩි හමුදාකරණයකට යටත් වී තිබියදී සිද්ධවන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමල මාධ්‍යවේදීන් දෙදෙනකුට දව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී තිබේ.මේ පහරදිම හේතුවෙන් එක් මාධ්‍යවේදියෙකුගේ දත් දෙකක් කැඩි ගොස් තිබේ.

දැව ජාවාරම්කරුවන් විසින් එල්ල කරන්නට යෙදුන මේ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදින් සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ


මාධ්‍ය නිවේදනය

මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ යාපනය ජනමාධ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන තවසීලන් සහ කනපතිපිල්ලෛ කුමනන් යන දෙදෙනාට එරෙහිව සිදු වූ පහරදීම වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකී.

 ජනමාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවතත් හිස ඔසවමින් ඇති අතර මාධ්‍යවේදීන්ට එරෙහිව නව තර්ජන රැල්ලක්  මතුවෙමින් තිබිම ඉතා පැහැදිලි ලෙසින් මේ වන විට දකින්නට තිබේ.

විශේෂයෙන්ම මේ ප්‍රහාරයන් පිටුපස වැලිජාවාරම්කරුවන් මෙන්ම පරිසරය විනාශකරමින් දැව ජාවාරමේ යෙදි සිටින්නන් සිටින බව ඉතා පැහැදිලි කරුණකි.

පසුගිය දා මොනරාගල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට මේ ආකාරයෙන්ම මැර ප්‍රහාරයක් එල්ලවි තිබුණ අතර ඒ පිටපස සිටින්නේද වැලි ජවාරම්කරුවන් බව හෙළි වි ඇත.

පසුගිය කාලවකවානුව තුළ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ජනමාධ්‍ය නිදහසට එරෙහිව රජයෙන් බලපෑම් එල්ල වූ ආකාරය අමුතුවෙන් කියා මතක් කළ යුත්තක් නොවේ.

විශේෂයෙන්ම ජනමාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය සේවයකයන් 41 දෙනෙකුගේ ජිවිත අහිමිවූ අතර  ඉන් 39 දෙනෙකුම උතුර නැගෙහිර පළාත් නියෝජන කළ අය බවද  අමතක නොකළ යුත්තකි.

ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් එල්ල වීමත්, එල්ල වූ තර්ජන නිසාවෙන් බොහෝ ජනමාධ්‍යවේදීන් රට හැර යාමේ තත්ත්වයක් මින් පෙර කාලවලදී උදා වූ බව නොරහසකි.

මුලතිව් පහරදීම සිදුකළ  මැරයන් ශ්‍රී ලංකා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව මෙයාකාරයෙන් දැව සඳහා ගස් කැපීමේ ජාවාරමේ නිරතව සිටින බව පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් අවධාරණය කර තිබේ.
නැවතත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව රජයේ යාන්ත්‍රණයේ සහයෝගය ඇතිව සිදුකෙරෙන පහරදීම් ‍යහපත් අනාගතයක් සඳහා වූ සතුටුදායක ප්‍රවණතාවක් නොවන බව අවධාරණය කළ යුතුව ඇත.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නිසි දඩුවම් දිමටත් මාධ්‍යවේදින්ට මේ  ආකාරයෙන් එල්ල වන සියළු ආකාර මැර ක්‍රියා මැඩපැවැත්විම සඳහා රජය සිය පුර්ණ වගකිම භාර ගතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

කැඳවුම්කරු,
ප්‍රෙඩී ගමගේ.

ලේකම්,
කැලුම් ශිවන්ත.

මුලතිව් කැලෑ පාලුවන් වෑයෙන් බැට දුන් දෙමළ මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ

0

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

නීතිවිරෝධී කැලෑ කොල්ලයක් පිළිබඳව ගවේෂණය කරමින් සිටියදී දරුණු ලෙස පහර කෑමටත් මරණ තර්ජනයටත්

ගොදුරුවී රෝහල් ගතව සිටින දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්, සිය ප්‍රහාරකයන් බලධාරීන්ගේ ආරක්ෂාව ද සහිතව නිදහසේ සැරිසරමින් සිටින බැවින් තමන්ගේ ආරක්ෂාව ගැන බියෙන් පසුවෙති.

මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස ගස් කපා දැමීමක් වාර්තා කිරීමේ යෙදී සිටි ෂන්මුගම් තවසීලන් සහ කනපතිපිල්ලෙයි කුමනන් හට ඔක්තෝබර් 12 වන සඳුදා දින  නීතිවිරෝධී දැව කපන්නන් විසින් වෑයකින් පහර දී තිබේ.

එමෙන්ම මාධ්‍යවේදීන් දෙදෙනාගේ වීඩියෝ සාක්ෂි ද විනාශ කිරීමට ප්‍රහාරකයන් කටයුතු කර තිබේ.

එසේ වෙතත්, ලේ ගලන තුවාල සහිතව වුවද කැලෑ කොල්ලය ගැන තමන් රැස් කරගත් වීඩියෝ තොරතුරු ජනමාධ්‍ය වෙත ලබා දීමට පහර කෑ දෙදෙනා නොබියව පියවර ගෙන ඇත.

මාධ්‍යවේදීන් දෙදෙනා මුලතිව් දිස්ත්‍රික්කයේදී මැර ප්‍රහාරයට ගොදුරු වූයේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ දිනයේදීමය.

“අපට ගහපු මැර කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුව විරුද්ධව පැමිණිළි කිහිපයක් තිබෙන අයෙක් උනත් ඔහු නිදැල්ලේ සැරිසරනවා,” යි පහර කෑම නිසා ඉදිරිපස දත් කිහිපයක් අහිමි වූ මාධ්‍යවේදී  තවසීලන් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ දී තමා බැලීමට පැමිණි සහෝදර මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

“අපට ගහපු මැර කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුව විරුද්ධව පැමිණිළි කිහිපයක් තිබෙන අයෙක් උනත් ඔහු නිදැල්ලේ සැරිසරනවා,” යි පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් පවසති.

“මිනිහා නිදහසේ ඉන්නවා. එයාගේ අතේ වෑයක් තිබුනා ගස් සුද්ද කරන්න ගන්න. ඒකෙන් මාව  කෑලි කපලා මරනවයි කියලා තර්ජනය කළා. එයත් එක්ක හිටපු අනිත් අය නැවැත්වුවේ නැත්නම් මම මේ වන විට මැරිලා. උන්ව අත්අඩංගුවට නොගත්තොත් අපේ ජීවිත අනතුරේ.”

තේක්ක වගාවකට යාබදව පිහිටි මුරිප්පු වන රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස දැව කැපීමේ මෙහෙයුමක් පිළිබඳව ලැබුනු ඔත්තුවක් මත මෙම දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනා විමර්ශනය කරමින් සිට ඇත.

රාජ්‍ය දැව සංස්ථාවේ (STC) සැපයුම්කරුවකු නීත්‍යානුකූලව තේක්ක දැව කපන අතරතුර, බීට්ටු වන නිලධාරියකු  (BFO) විසින් සැපයුම්කරුට හඳුන්වා දුන් බව කියන තවත් අයකු විසින් ඒ මායිමේ පිහිටි වන රක්ෂිතයට අයත් ගස් නීතිවිරෝධී ලෙස කපා දමන බවට මාධ්‍යවේදීන්ට තොරතුරු ලැබී තිබේ.

රාජ්‍ය දැව සංස්ථාව වෙත නීත්‍යානුකූලව දැව සැපයීමේ මුවාවෙන්, මෙම නීති විරෝධී දැව ජාවාරම්කරු විසින් බලපත්‍රලත් සැපයුම්කරු සහ වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නීතිවිරෝධී දැව ජාවාරමක් පවත්වා ඇති බව ප්‍රදේශවාසීන්ට ඒත්තු ගොස් තිබේ.

තවසීලන් සහ කුමනන් යාබද නැගෙනහිර කුමුලමුනෙයි  ප්‍රදේශයට ගිය විට, කටු කම්බි ගැසූ තේක්ක දඬු වැටකින්  වට කොට එළි පෙහෙළි කළ ඉඩමක ඉදි කෙරෙමින් පවතින දෙමහල් දැව ගොඩනැගිල්ලක් හමුව තිබේ.

මෙම ඉඩම වට කිරීම සදහා අවම වශයෙන් දැව කදන් 200 ක් වත් යොදාගෙන ඇති බව මාධ්‍යවේදීන් ගේ විශ්වාසයයි.

Mulathiuමෙම ඉඩම වට කිරීම සදහා අවම වශයෙන් දැව කදන් 200 ක් වත් යොදාගෙන ඇති බව මාධ්‍යවේදීන් ගේ විශ්වාසයයි.

තමන් දුටු දේ රූගත කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනාට ඒ මොහොතේ  යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනකු අවහිර කර ඇත.

“අපි ඒ ගොල්ලන්ට කිව්වා, මේ පළාතේ හොරට කරන ලී ජාවාරම් ගැන අහන්නට ලැබෙනවා. ඒ ගැන ඔවුන්ට මොනවද කියන්න තියෙන්නෙ කියලා,” යි තවසීලන් පැවසීය.

“එතකොට උන් අපිට ගැහුවා. කුමනන් ඒ ගමේ කෙනෙක්. එයා ගමට නරකක් කළා කියලා චෝදනා කරල ඔලුවට තඩි බෑවා. කුමනන්ගේ නාහෙන් ලේ ගලන්න පටන් ගත්තා. මට වෑයකින් තැලුවා. මගෙ දත් දෙකක් කැඩුනා. අපිට ගහපු රැවුල තියන කෙනා අපිව මරනවා කියලා තර්ජනය කළා.”

මේ වාර්තාව සමග ඇති ඡායාරූපයේ නිල් කමිසය හැඳ මුහුණ පුරා රැවුල වවා සිටින්නේ මාධ්‍යවේදීන්ට පහර දුන් මැර පිරිසේ නායකයාය.

Thugඡායාරූපයේ නිල් කමිසය හැඳ මුහුණ පුරා රැවුල වවා සිටින්නේ මාධ්‍යවේදීන්ට පහර දුන් මැර පිරිසේ නායකයාය.

පහර දුන් පුද්ගලයා සහ ඔහු සමග  සිටි අනෙක් තිදෙනා මාධ්‍යවේදීන් දෙදෙනාව තේක්ක කදන් වලින් වට කරන ලද ඉඩම තුලට බලහත්කාරයෙන් තල්ලු කර ඔවුන්ගේ පටිගත කළ වීඩියෝ දර්ශන  මකා දමා ධාරණ ගබඩාපත්  (memory card) පැහැර ගෙන තිබේ.

මාධ්‍යවේදී කුමනන්ගේ බෑගයේ තිබු මුදල්ද ඔවුන් සොරකම් කර තිබේ.

එම ස්ථානයට නීතිවිරෝධී ලෙස ඇතුල් වී සොරකම් කළ බවට චෝදනා කරමින් මැර පිරිස විසින්  මාධ්‍යවේදීන් දෙදෙනා වීඩියෝ ගත කර තිබේ.

“මම ඒ ගොල්ලන්ට කිව්වා අපි මොකක් හරි වරදක් කරලා තියනවා නම් පොලිසියට පැමිණිලි කරන්න, එතකොට අපි පොලීසියට එන්නම් කියලා,” යි තවසීලන් පැවසීය.

පසුව ප්‍රහාරකයන් විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට යන්නට ඉඩ හැර තිබෙන අතර  ඔවුන් දෙදෙනා මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිව් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වී තිබේ.

ජනාධිපතිගේ ස්ථාවරය !

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු  සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳව මාධ්‍ය  විසින් කරන හෙළිදරව් ජනාධිපති වරයා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුනේ “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස හුවා දක්වමිනි.

කෙසේවෙතත්, වන විනාශය සැබවින්ම සිදුවන්නක් බව පිළිගනිමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා කියා සිටියේ ජනාධිපති සොයුරු චමල් රාජපක්ෂ ද සමග එක්ව ඊට විරුද්ධව පියවර ගන්නා බවයි.
theleader.lk



මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී.

0

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කළ පහර දීම ඉතා පිළිකුල් සහගත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි පැවසෙන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය එම මාධ්‍යවේදීන් දෙදෙනාට දැව ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් විසින් ඊයේ (12) බරපතළ ලෙස පහර දී තිබුණි.

එලෙස පහරදීමට ලක්වී ඇත්තේ, කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන් යන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාය.

මාධ්‍යවේදී තවසීලන්ගේ දත් දෙකක් කැඩී ඇති බවත්, මාධ්‍යවේදී කුමනන්ගේ නාසය තුවාල වී ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණිලි කර ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් මුලතිව් මූලික රෝහලේ පස්වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.

පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වන පසුබිමක ඒවාට ඒරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට දරුණු ප්‍රහාරවලට ලක්වීමට සිදු වීම ඛේදනීය තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මේ අතර මොණරාගල, කුඹුක්කන් ඔය පාලම අසල අනවසර වැලි ගොඩදැමීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක ද ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ ඔක්තෝබර් 3 වැනිදාය.

මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ නොදී මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමටනම් තරාතිරිම නොතකා, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.