Sunday, September 29, 2024
Home Blog Page 83

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකරගැනිම විපක්ෂයේ දැවෙන ප්‍රශ්ණයක්ද. ?

0

රට මුහුණ දි ඇත්තේ දැවැන්ත අර්බුදයකටය. ඒ හමුවේ රජයේ මැදිහත්විම පිස්සන්ට හැතැම්ම නැති ගානට දැන් වැටි ඇති සෙයකි.
ජනාධිපතිවරයාගේ කථා ඇසුවිට හැගෙන්නේ ඔහුගේ වෘත්තියභාවයේ දිග පළලය.
තතු එසේව තිබියදි විපක්ෂයද මේ අරභයා සාමුහිකව බලපෑමක් කිරිමට මැදිහත්ව ඇති බවක් නොපෙනේ .
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.

IPL ශූරතාව යළිත් MIට : රෝහිත් මහේල ගැන කතා නොකරයි

0

පිට පිටම දෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඊයේ (10) සමත් වූහ.

මෙම ශූරතාවත් සමග මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 13 න් 5 කම ශූරයන් බවට පත්වීමටද මුම්බායි කණ්ඩායම සමත් විය.

අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වී වසර 5 ක් ගතවීමෙන් පසු එනම් 2013 වසරේදී සිය පළමු ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම, ඉන් අනතුරුව 2015, 2017 සහ 2019 යන වසරවලදීද එම ශූරතාවට හිමිකම් කීවේය. එම ශූරතා 5 සඳහාම මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රෝහිත් ශර්මා විසිනි.

2017 වසරේදී මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස මුම්බායි කණ්ඩායමට එක්වීමෙන් පසු ගත වූ වසර 4 තුළ ඔවුන් ජයගත් තෙවැනි ශූරතාවද මෙය විය.

මුම්බායි කණ්ඩායම මෙවර (2020) තරගාවලියේ ශූරතාවට හිමිකම් කීව ඩුබායිහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගය කඩුලු 5 කින් ජයගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩ‍කයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

අවසන් තරගයේ වීරයා – ට්‍රෙන්ට් බෝල්ට්
තරගාවලියේ වේගවත්ම පිතිකරු – කිරාන් පොලාර්ඩ්
තරගාවලියේ වැඩිම හයේ පහර – ඉෂාන් කිෂන්
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ජෝෆ්රා ආචර්

දිල්ලි කැපිටල්ස් පිල – පන්දුවාර 20 කදී කඩුලු 7 කට 156
(ශිකර් ධවාන් 15, ශ්‍රෙයාස් අයියර් නොදැවී 65, රිෂාබ් පාන්ට් 56, ට්‍රෙන්ට් බෝල්ට් 30/3, නේදන් කූල්ටර් නයිල් 29/2)

මුම්බායි ඉන්දියන්ස් පිල – පන්දුවාර 18.4 කදී කඩුලු 5 කට 157
(රෝහිත් ශර්මා 68, ක්වින්ටින් ඩි’කොක් 20, සූර්යකුමාර් යාදව් 19, ඉෂාන් කිෂන් නොදැවි 33, ඇන්රික් නොයේ 25/2)

[Image: Ranjan P FB Screenshot 2020 11 11]IPL ඉන්දීය ක්‍රීඩකයන් පිම්බීමක්

මේ අතර, මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා කුසලානය ලබා ගැනීමෙන් පසු කළ කතාවේදී කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන් ගැන පමණක් සිහිපත් කිරීමත් එහි පුහුණුකරු වන ලාංකික ක්‍රීඩක මහේල ජයවර්ධන ගැන හෝ අවසන් තරගය දිනා දුන් ට්‍රෙන්ට් බෝල්ට් ගැන කතා නොකිරීම මේවන විට මෙරට ක්‍රිකට් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ක්‍රීඩා විචාරකයෙක් හා පුහුණුකරුවකු ද වන රංජන් පරණවිතාන මහතා ඒ සම්බන්ධයෙන් තබා තිබූ සටහනක් පහත දැක්වේ.

“ඉන්දියන් Real ක්‍රිකට් ගතිය රොහිත් ෂර්මාගෙන් එළියට එයි…!
——————————————
*කුසලානය ලබා ගැනීමෙන් පසු කළ කතාවේදී කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන් ගැන විතරක් කියූ ෂර්මා පුහුණුකරු මහේල ගැන හෝ අවසන් තරගය දිනා දුන් ට්‍රෙන්ට් බෝල්ට් ගැන වචනයක්වත් නොකියයි.
Not given credit to Coach Mahela or Man of the final Trent Boult.
Talked only about the indian players in the side.
* පොදුවේ සපෝට් ස්ටාෆ් එකට ස්තූති කරද්දීවත් පුහුණුකරු විශේෂ කොට නොකියයි.
Mentioned only the support staff
( Normally Head Coach is special among coaching support staff)
* දැන් තේරෙනවද IPL කියන්නෙ ඉන්දියන් ප්ලේයර්ලා හදා ගන්න අනික් උන් සල්ලි වලට ඇමට යොදා ගන්නා ගුණ්ඩුවක් බව..?
IPL is a platform to build mainly indian players while using the foreign players experience and popularity for money.”

Srilankamirror.com

නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක් නාවික හමුදා භාරයට

0

නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  

උතුරු මැද නාවික විධානය මගින් ඔක්තෝබර් මස 31 වන දින සිට නොවැම්බර් 03 වන දින දක්වා කාලය තුල වලෙයිපාඩු ලොක්කන්නවඩි වෙරළ තීරයේත්, නච්චිකුඩා ප්‍රදේශයේ සහ මන්නාරම කොන්තම්පිඩ්ඩි ප්‍රදේශයේත් සිදුකල ධීවර යාත්‍රාවන් පරික්‍ෂා කිරීමේදී ධීවර යාත්‍රාවන් 05ක් තුල තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1544ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ අතර, එහිදි අදාල මුහුදු කූඩැල්ලන් සහ ධීවර යාත්‍රාවන් 05 ක් සමඟ පුද්ගලයින්  21 දෙනෙක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිඛේ.  

තවද, ඉලුප්පුකඩවායි පොලීසිය සමඟ එක්ව නොවැම්බර් 01වන දින තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එම නිවසේ තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද තම්බා තිබූ මුහුදු කූඩැල්ලන් 63ක් සමඟ එක් සැකකරුවකුද අත් අඩංගුවට ගැනීමටද උතුරු මැද නාවික විධානය විසින් කටයුතු කෙරිණි.  

තවද, වයඹ නාවික විධානය මගින් 2020 නොවැම්බර් 04 සහ 05 වන දිනයන්හි අරිප්පු නැගෙනහිර වෙරළ තීරයේත් කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිට අරිප්පු දක්වා වූ මුහුදු තීරයේත් සිදුකල ‍‍‍‍‍‍‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 19 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 642ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, මෙහිදී ඩිංගි යාත්‍රා 04ක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගන්නා ලදි.   පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම වලෙයිපාඩු, යාපනය, නච්චිකුඩා සහ අරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, මෙම සැකකරුවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් , ධීවර යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා  මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක, ජේපුරම් පොලීසිය, ඉලුප්පුකඩවායි පොලීසිය සහ කිලිනොච්චිය සහ සිලාවතුර ධීවර පරීක්‍ෂකවරුන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

දිණමිණ

ඇඳිරි නීති බලපත්‍ර විකිණිමේ ජාවාරමක්..?

0

නිරෝධායන නියෝගයකට පටහැණිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන් කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයන්ට නිරෝධායන ආඥා පනත යටතේ වසර 5ක සිර දඬුවම් ලබා දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට අපරාධ නීතියේ 399වන වගන්තියේ සඳහන් වන පරිදි අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරදට ද හසු වන බවත් යම් අයෙක් තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූට ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

යම් පුද්ගලයන් ඇඳිරි නිති බලපත් ගෙන තවත් පුද්ගලයන්ට විකුණා ඇති සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා වීම් ඇති බවට ‘දිනමිණ’ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඉකුත් දිනවල ඇඳිරි නිති බලපතක් ගත් පුද්ගලයෙක් එම බලපත්‍රය ඡායාරූප ගතකරමින් එහි පිටපතක් රුපියල් 15000ක මුදලකට විකිණිම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මුලාශ්‍රය – දිණමිණ

රෝගියෙකුගෙන් ජපුරට PCR පරික්ෂණ යන්ත්‍රයක් …

0

රට මුහුණ දෙමින් ඇති දැවැන්ත අභියෝගය හමුවේ එවැනි තත්වයකට මුහුණ දිමට රජයක් හැටියට නිසි පෙර සුදානමක් නොපැවති බව සැබැවින්ම කණගාටුවකි.
දැන් ඊට ජිවිත වලින්ම වන්දි ගෙවන්න සිදුව ඇත්තේ වෛරසයට ගොදුරු වන ජනතාවටය.

මාධ්‍ය විසින් හෙළිරදව් කර සිටි පරිදි මාර්තු මාසයේ සිට එකදු වෙන්ටිලේටර් යන්ත්‍රයක්වත් සපයා ගැනිමට රජය ක්‍රියාකර තිබුනේ නැත.
කොරෝනා තත්වයට මුහුණ දිම පිළිබදව පසුගිය මාර්තු මාසයේ පැවැති රැස්විමකදි හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් අවධාරණය කර තිබුනේ හැකි තාක් PCR පරික්ෂණ පවත්වන ලෙසයි.එමෙන් රෝහල් ඇදන් ප්‍රමාණය වැඩිකිරිම මෙන්ම ටෙන්ටිලේටර්ස් හැකිතාක් වැඩිකිරිමට පියවර ගත යුතු බවය.
මිළඟ රැල්ල මතුවිය හැක්කේ ධිවර හා වතුකර ප්‍රජාව කේන්ද්‍රකොට ගෙන බවද ඔහු එදා කියා තිබුණි.
කෙසේ වෙතත් මේ අවධාරණයන් කිසිවක් ගැන රජය නිසි ප්‍රතිචාර දක්වා තිබුනේ නැත.

තතු මෙසේව තිබියදි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇතැයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

පරිත්‍යාග කෙරුණු පීසීආර් යන්ත්‍රය හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න යැයි ද හේවගේ මහතා සඳහන් කළේය.

මෙම පීසී ආර් යන්ත්‍රය මඟින් මේ වනවිට දිනකට දෙවරක් පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් මේ අනුව දිනකට පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි බවත් අධ්‍යක්ෂවරයා කීය.

මේ අනුව එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත් බවත් පැවසූ අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර අංශයට ගොස් ඕනෑම අයෙකුට පීසීආර් පරීක්ෂණයක් කරවා ගැනීමට හැකියාව ඇතැයි ද සඳහන් කළේය.

කොවිඞ් ආසාදිතයෙකු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ද එසේ නොවන්නේ නම් පැය 48කට පසු පස්වරු 3.00 සිට 4.00 දක්වා රෝහලේ විමසීම් කවුළුවෙන් ද වාර්තාව ලබා ගතහැකි බව ද හෙතෙම සඳහන් කළේය.
මුලාශ්‍රය-ලංකාදිප
ඡායා- අන්තර්ජාලයෙනි

ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න

0


ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින්  පවසයි.

ගැබිණි මව්වරුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවදානම් සහිත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කුසේ සිටින බිලිඳා ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව ආදී ඕනෑම අවදානම් රෝග ලක්ෂණයන් පවතී නම් වහාම ලඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.

එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු කරුණක් නිසා එය ප්‍රමාද නොකළ යුතු බවත් රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ගර්භණි සටහන්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.

ඇඳිරියට කලින් බස්නාහිරින් පැන්න 454 ක් සොයා ගැනේ .

0

ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, යාපනය, තංගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක නිකේතනවල රැඳී සිටි පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.

ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දිනවලදී බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නීතියට පටහැනිව ගොස් සිටි පවුල්වල සාමාජිකයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, තංගල්ල, නුවරඑළිය, මාතර සහ යාපනය යන ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරමින් සංචාරක නිකේතනවල ලැඟුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් නියෝග මත නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. කෙසේවෙතත් මේ මෙහෙයුම අදත් අපි ක්‍රියාත්මක කරනවා. එම මෙහෙයුමේ දී මේ අය පිළිබඳ තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනයේ දී ඔවුන් බස්නාහිර පළාතට ඇතුළුවන අවස්ථාවේ දී දැඩි පරීක්ෂාවකට ලක්කරනවා. ඉන්පසුව නිරෝධායනයට යොමු කරනවා. පසුව ලැබෙන සාක්ෂි මත අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා.“
මුලාශ්‍රය – දෙරණ

ඇඳිරි නීති කාලය තුල බස්නාහිරට ඇතුළුවිම සහ පිටවිම තහනම්!

0

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරි කටයුතුවල නිරත වන පිරිස් හැරුණු විට වෙනත් කිසිදු අයකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරයක් නොලැබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අත්‍යවශ්‍ය රාජකාරි ලෙස සෞඛ්‍ය, ජලය, විදුලිය, සන්නිවේදන, මාධ්‍ය, ඖෂධ, වරාය හා ගුවන් තොටුපොළ ආදී කටයුතු නම්කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

බිම්මල්

0

සැඟවුන අදුරු බිම්වල
පැලවුනු ධවල පැහැ බිම්මල්
ඔක්තෝබරයේ  හිරුරැස් ඉල්ලා
මතුපිට පිපෙනු ඇති..
සැනෙකින් පොඩිවී ,තැලී යා වුවත්
නිහතමානීව ක්ෂණයෙන් පෙනී ,
නොපෙනී යා වුවත්..
සිහින් හිරු රශ්මියක් පතන
තෙත්බරිත සුදක සැඟවූ
බිම්මලක් සිනාසෙනු ඇත..

ලේ වුවද පොලොව යට මිදී
දහස් වර්ෂ ගත අඳුරකට
ඉඩදෙනු ඇතිය..
මීනී කඳු මත නොමියැදුනු තනිකමක්
සීතලක් සේ මතුපිටට එබෙනු ඇත
ආදරය නොලැබුණ දුක්ඛිත ආත්ම මත
බිම්මලක් පිපෙනු ඇත..


තෙතබරිත සුදක සැඟවූ 
බිම්මලක් සිනාසෙනු ඇත..


කුමාරි ප්‍රනාන්දු

සිසර්ට වඩා රෝමයට ආදරය කළහැක්කේ මන්ද? -දීප්ති කුමාර ගුණරත්න

0

11 Shares facebook sharing button Share twitter sharing button Tweet

email sharing button
whatsapp sharing button

 පසුගිය දිනෙක ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනයට තමන් සහාය දැක්වීම පිළිබඳව ඇගේම ආත්මීය ස්ථාවරය ප්‍රකාශ කිරීමට ඉතිහාස කතාවක් ඈඳා ගන්නා ලදි.  ඇය මෙසේ කීවාය.    “මම මේ තීන්දුව ගත්තේ ඇයි කියලා ඔබලාට තේරුම් කරන්න නිදර්ශනයක් දෙන්නම්. ඒ තමයි මම සීසර්ට ආදරේ නොකරනවා නෙවෙයි. නමුත් මම ‘වඩා ආදරෙයි’ රෝමයට’’.    සරලව කිවහොත්, ඩයනා දේශපාලනයේ සදාචාර මූලධර්ම වලට වඩා රටට ආදරෙයි. අති සරල කළහොත් ඇය රහසින් කියන්නේ, “ජලනි මම ඔයාට ආදරේ නැතිව නොවෙයි. නමුත් මම ගෝඨාභයට ඊට වඩා ආදරේයි”.   සරලව කිවහොත්, ඩයනා දේශපාලනයේ සදාචාර මූලධර්ම වලට වඩා රටට ආදරෙයි. අති සරල කළහොත් ඇය රහසින් කියන්නේ, “ජලනි මම ඔයාට ආදරේ නැතිව නොවෙයි. නමුත් මම ගෝඨාභයට ඊට වඩා ආදරේයි”.    ඩයනාට වඩා බුද්ධිමත් පිරිමින් උත්සාහ කරන ලද්දේ, ඩයනාගේ උපුටා දැක්වීමේ දෝෂ පෙන්වා ඇයව හාස්‍යයට ලක් කිරීමට ය.    සීසර් ඝාතනය කරන ලද්දේ, මාක් ඇන්ටනී නොව බෲටස් බව ඔවුන් පෙන්වා දෙන ලදී.    නමුත්, ඓතිහාසික කරුණු සහ ෂේක්ස්පියර්ගේ නාට්‍යමය ප්‍රබන්ධය අතර බහුතර දෙනා වැනෙන බවක් පෙනෙයි.     ඓතිහාසික කරුණු වලට අනුව සීසර්ව ඝාතනය කළේ බෲටස් නොව ඩෙසිමස් ය.    කෙසේ වෙතත්, මගේ අදහස වන්නේ ඩයනා විසින් මතු කරන ‘සාධකය’ වරද නිවැරදි කිරීමට එහා යන ගැඹුරක් සහිත කතාවක් බවයි.    ගැටලුවේ ගැඹුර ඇත්තේ, ඇගේ ආශාව තුළ ය. මේ ආශාව ඇය උපුටන්නේ, පිරිමියෙකු මැදිහත් කරගෙන ය.

WhatsApp Image 2020 10 26 at 7.13.47 PM

Desire is the desire of the Other’s desire, meaning that desire is the object of another’s desire and that desire is also desire for recognition.     “මම සීසර්ට වඩා රෝමයට ආදරය කරමි” යන ඩයනාගේ ආප්තය හරහා එක්වරම මාගේ මතකයට ආවේ, 2004 වර්ෂය අවසානයේ ‘X  සංවිධානය’ තුළ කරන ලද කුමන්ත්‍රණයේ දී ප්‍රභා මනුරත්න විසින් ද මේ වාක්‍යයම ප්‍රකාශ කරන ලද බවයි.    එහි දී ඇය ද පවසන ලද්දේ, “මම සීසර්ට (දීප්තිට) වඩා රෝමයට ආදරය කරමි”.    ඩයනාට වෙනස්ව ප්‍රභා පෙනී සිටින ලද්දේ, සිංහල-බෞද්ධ රටකට නොව සමාජවාදය වෙනුවෙනි.   අපි පළමුව ප්‍රභා මනුරත්න විසින් ඉටු කළ විප්ලවීය කාර්යය සලකා බලමු.   ඇය සංවිධානයට ඒමට පෙර සංවිධානයේ මූලික පිරිමි චරිත ටික ජීවත් වූයේ, අයියලා මල්ලිලා සේ ය.    ඔවුන් ජීවත් වූයේ, ලංකාව දේශපාලනයෙන් ලස්සන කිරීමටය.    මාක්ස්වාදයේ අලුත් න්‍යායන් වනපොත් කරමින් සිටි ඔවුහු ලස්සන පිරිමින් වූහ.    රටේ වාමාංශයට ඊළඟ විකල්පය ලබාදීමට සිටියේ, මේ පිරිමි රංචුවයි.    ප්‍රභා මනුරත්න මේ සියල්ල විනාශ කරන ලද්දේ, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ය.    ඇගේ කැරැල්ල නිසා මේ එකට හිටි පිරිමින් එකිනෙකා කා කොටා ගන්නා ලද අතර තමන්ගේ ජීවිතයේ සියල්ල පාවා දුන්නේ ය.    ”ඇගේ කැරැල්ල නිසා මේ එකට හිටි පිරිමින් එකිනෙකා කා කොටා ගන්නා ලද අතර තමන්ගේ ජීවිතයේ සියල්ල පාවා දුන්නේ ය. ”   මෙයාසුට ප්‍රථම ඔවුන් පෙන්වා දුන්නේ, වස්තුව සහ ආත්මය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.    ලෝකයේ ගස්, වැල්, තරු, අහස යන මේ ඕනෑම දෙයකට පරම පැවැත්මක් පැවතිය හැකි මුත් මිනිස් සබඳතා නම් සැක කටයුතු ය. තඹුත්තේගම යෝධයා පවා අපගේ යුගයේ දී පුරාවෘත්තයකි.    සංවිධානයේ පිරිමින් කිහිපදෙනෙක් ප්‍රභා මනුරත්නව ‘ඇන්ටිගනී’ දක්වා උත්කර්ෂයට නංවන ලද අතර නාට්‍යය අවසන් වන විට, ලංකාවේ අනාගත වාමාංශයට පැවති එකම විභවතාවය ද සිඳී ගියේ ය.    ප්‍රභා මනුරත්නගේ විප්ලවීය ක්‍රියාව වූයේ, සංවිධානය ඒකාධිපති ප්‍රවණතාවයක් පැත්තට යෑම වැළැක්වීම පමණක්ද? බොහෝ දෙනා එසේ සිතූ නමුත් මා එසේ සිතුවේ නැත.    ඇය නූතන ධනවාදය තුළ පිරිමින් කරන දේශපාලනයේ අලුත්ම මානයක් ද අපට ප්‍රකාශමාන කරන ලදී.   ඇය නූතන ධනවාදය තුළ පිරිමින් කරන දේශපාලනයේ අලුත්ම මානයක් ද අපට ප්‍රකාශමාන කරන ලදී.   සංවිධානයේ දෙකඩ වී ඉන් ප්‍රමුඛ පිරිමින් පිරිසක් පිටතට ගිය බව බහුතර දෙනා දනිති.    නමුත් ‘සංවිධානය’ තුළ 99-2004 වර්ෂය දක්වා සැබැවින්ම ශ්‍රමය හෙලූ පිරිසක් සිටි බව ද අවිවාදිතය.    එය ඓතිහාසික වශයෙන් ද සත්‍ය කරුණකි.    නමුත් සංවිධානයෙන් වෙන් වී එළියට ගිය ”සමහර” අය මාධ්‍ය අවකාශ හරහා අලුත් නාට්‍යයක් පෙන්වීමට පටන් ගත්තේය.    ප්‍රභා මනුරත්න විසින් අපට සත්‍යය පෙන්වන ලද්දේ, මේ නාට්‍යය හරහා ය.    බොරුකාරයන් වීරයන් වූ හැටි දන්නේ ඇය මිස අප නොවේ.   අපි උදාහරණයක් ගමු.    සුමිත් චාමින්ද යනු, 99-2004 කාලය තුළ සංවිධානයේ භෞතික සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන්ම වැඩ කළ පුද්ගලයෙකි.    ඊට අමතරව, සංවිධානයේ මූලික න්‍යෂ්ටියේ දැනුමට අනුව ඔහු ඉතාම පුද්ගලවාදියෙකි.    ඊට අමතරව, ‘ලන්ඩන්’ සඟරාව බෙදා හරින ලද, කියන දේ පමණක් ලියූ පුද්ගලයෙකු ද පිපිරීමෙන් පසුව ‘ලන්ඩන්’ සඟරාවේ ප්‍රධාන කතුවරයා වශයෙන් අභිෂේක විය.    ඉතාම සරලව සහ කෙටියෙන් කිවහොත්, සංවිධානයේ පිපිරීමට පෙර සිටි ”වැඩකාරයන්” අතුරුදහන් වූ අතර ඒ දක්වා උදාසීනව සහ අක්‍රීය ලෙස සිටි පිරිස මාධ්‍ය ආකෘතීන් හරහා (මුල් කාලයේ පුවත්පත් සහ පසුව නව මාධ්‍ය හරහා) අධි ක්‍රියාකාරිකයන් (HYPERACTIVE) බව මාධ්‍යකරුවන් සහ මාධ්‍ය මඟින් උලුප්පා දමන ලදී.    ප්‍රභා මනුරත්නගේ සැබෑ විප්ලවවාදී ක්‍රියාව වූයේ, 2004 වර්ෂයේ සිට ඉදිරියට එන දේශපාලනය ‘අන්තර්අක්‍රීය’ (INTERPASSIVE) දේශපාලනයක් බව තහවුරු කිරීමයි. ‍   ප්‍රභා අපට පෙන්වා දුන්නේ, ‘අධික ක්‍රියාකාරකම්’ දේශපාලනිකව පෙන්වන අය ධනවාදී දේශපාලනයේ ම කොටසක් බවයි.    ඔවුන් ‘අප’ වෙනුවෙන් දේශපාලනය කරන අය මිස ඔවුන් වෙනුවෙන් දේශපාලනය කරන අය නොවේ. මෙම තත්වය මඟින් නිරූපණය වන්නේ, නූතන නරුමවාදයකි.     ”ඔවුන් ‘අප’ වෙනුවෙන් දේශපාලනය කරන අය මිස ඔවුන් වෙනුවෙන් දේශපාලනය කරන අය නොවේ. මෙම තත්වය මඟින් නිරූපණය වන්නේ, නූතන නරුමවාදයකි.”   ඉහත ඓතිහාසික පරිවර්තනය ගැන න්‍යායික අවබෝධයක් ඔබට දැන් තිබේ නම්, ප්‍රභා විසින් අපට පෙන්වා දෙන්නේ ‘ප්‍රායෝගිකත්වය’ (PRACTICE) නම් සංකල්පයේ අභ්‍යන්තරික පසමිතුරුභාවයකි.   

Tani 26

                            ටෙනිසන් කුරේ සහ ප්‍රෙඩී සිල්වා අතර හාස්‍යය ආකෘතියේ ඛණ්ඩනයක් ඇත.    ටෙනිසන් කුරේ සහ ප්‍රෙඩී සිල්වා අතර හාස්‍යය ආකෘතියේ ඛණ්ඩනයක් ඇත. ප්‍රෙඩීගේ විහිළුවලට ‘අප’ සිනහා විය යුතු අතර ටෙනිසන්ගේ විහිළුවලට අප වෙනුවෙන් ‘ඔහුම’ සිනහා වෙයි.    ප්‍රේඩීගේ හිනා වලට අප බඩ අල්ලාගෙන හිනා විය යුතු අතර ටෙනිසන්ගේ විහිළුවලට අප වෙනුවෙන් ‘ඔහු’ තමන්ගේම බඩ අල්ලාගෙන සිනහා වෙයි.    දෙවැනි සිනහව අන්තර්අක්‍රීය සිනහාවකි. ඇත්තටම, අප එතන දී අක්‍රියාකාරී ය.    ප්‍රභා මනුරත්න ‘මාධ්‍ය’ වෙතට නිකුත් කරන ලද්දේ, අන්තර්අක්‍රීය වාමාංශික දේශපාලනයකි.[INTER-PASSIVE LEFTIST POLITICS]    ප්‍රභා මනුරත්න තම ක්‍රියාකාරිත්වය මඟින් අපට පෙන්වා දෙන්නේ, 2004ට පෙර පැවති X කණ්ඩායමේ නායකත්ව මණ්ඩලය යනු ‘අන්තර්අක්‍රීයව’ දේශපාලනය කළ පිරිසක්ය යන්නයි.    නායකත්ව මණ්ඩලය තම ක්‍රියාකාරීත්වය මට පැවරූ අතර මා විසින් එය ප්‍රභාට පවරන ලදී.    අන්තිමට, ක්‍රියාකාරීව කිසිවෙකු දේශපාලනය නොකළ අතර ‘දේශපාලනය’ අන්‍යයන්ට පවරා ඇත.    කිසිවෙකු සැබවින් දේශපාලනය නොකරත්, එය වෙන දූතයෙකුට පැවරුවත් තමන්ට දැනෙන්නේ තමන් එසේ කළා ය යන හැඟීමකි.    සීසර්ගේ මෙම අන්තර්අක්‍රීයතාවය මුලින්ම දැන ගන්නේ, ක්ලියෝපැට්රා මිස සෙනෙට් මණ්ඩලය නොවේ.    ”ශිරාල් ලක්තිලක සහ රුවන් ෆර්ඩිනඩ්ස් යනු ද තමන්ගේ ‘දේශපාලනය’ අන් අයට පවරන දේශපාලකයන් දෙදෙනෙකි. ඔවුන් කිසිවිටෙක තමන්ටම ‘බලය’ ලබා ගැනීමට සෘජු නැත. ඔවුන් වෙහෙස වන්නේ, වෙනත් අය රජ කරවීමට ය.”ශිරාල් ලක්තිලක සහ රුවන් ෆර්ඩිනඩ්ස් යනු ද තමන්ගේ ‘දේශපාලනය’ අන් අයට පවරන දේශපාලකයන් දෙදෙනෙකි. ඔවුන් කිසිවිටෙක තමන්ටම ‘බලය’ ලබා ගැනීමට සෘජු නැත. ඔවුන් වෙහෙස වන්නේ, වෙනත් අය රජ කරවීමට ය.  

3899858579 80e0d77a50 bශිරාල් මේ සියල්ල කරන ලද්දේ, ‘තමන්’ වෙනුවෙන් නොව ‘සජිත්’ වෙනුවෙනි. හාස්‍යය වන්නේ, සජිත් තමන්ගේ දේශපාලනය ගැන අවසාන තීන්දු ගැනීමේ බලය පවරා තිබුණේ ජලනිට වීම ය.    2019 වර්ෂයේ ජනාධිපතිවරණය සිදු වන විට ශිරාල් අධික ලෙස වෙහෙසුණේ ය. විවිධ සම්බන්ධීකරණ කමිටු සාදන ලදී.    ඔහු මේ සියල්ල කරන ලද්දේ, ‘තමන්’ වෙනුවෙන් නොව ‘සජිත්’ වෙනුවෙනි.    හාස්‍යය වන්නේ, සජිත් තමන්ගේ දේශපාලනය ගැන අවසාන තීන්දු ගැනීමේ බලය පවරා තිබුණේ ජලනිට වීම ය.    වෙනත් ආකාරයකින් කියන්නේ නම්, ශිරාල්ගේ දේශපාලනය ‘අන්තර්අක්‍රීය’ වනවා පමණක් නොව අවසාන වශයෙන් සජිත්ගේ දේශපාලනය ද අන්තර්අක්‍රීය දේශපාලනය (INTERPASSIVE POLITICS) කි.    ‘අවසන් තීන්දුව’ ගැනීමේ දැඩි වෙහෙස හෝ අවදානම ඔවුන් ජලනිට භාර දී තිබුණේය. ඇය ඔවුන්ගේ අම්මා ය.     ”ප්‍රභා මනුරත්න, ජලනි ප්‍රේමදාස, ඩයනා ගමගේ වැනි විමුක්තිය දෙසට අපව යොමු කරන ස්ත්‍රීන් SOCIAL MEDIA නිසා හට ගන්නා නව ආකෘතියක අන්තර්අක්‍රීය දේශපාලන ප්‍රවර්ගයක් අපට හඳුන්වා දෙයි. ”    ප්‍රභා මනුරත්න, ජලනි ප්‍රේමදාස, ඩයනා ගමගේ වැනි විමුක්තිය දෙසට අපව යොමු කරන ස්ත්‍රීන් SOCIAL MEDIA නිසා හට ගන්නා නව ආකෘතියක අන්තර්අක්‍රීය දේශපාලන ප්‍රවර්ගයක් අපට හඳුන්වා දෙයි.    SOCIAL MEDIA තුළ ‘බරසාර’ ලෙස දේශපාලනය කරන අය සමඟ අප කිසිවිටෙක අනන්‍ය වන්නේ නැත.    අප සමාජ මාධ්‍යවල දී කරන්නේ, අපගේ ‘සහභාගිත්වය’ වෙනත් කෙනෙකුට පවරා ඔහු හෝ ඇය මඟින් විනෝද වීමයි.    ඒ අර්ථයෙන් ගත් විට, සමාජ මාධ්‍ය මඟින් සිදු කරන්නේ අප වෙනුවෙන් දේශපාලනයක් මැවීම හෝ ප්‍රබන්ධ කිරීම මිස යථාර්ථයක් නිපදවීම නොවේ.    මේ හේතුව නිසා, සමාජ මාධ්‍ය තුළ ඇත්තේ ක්ලෝනකරණය වූ දේශපාලනයකි.    නූතන මිනිස් ජීවිතය වෙළඳපොළ ගොඩනඟනා සේ අපගේ දේශපාලනය ද සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ අධික්‍රියාකාරීත්වයකට නතු වෙයි.    මේ තත්වය මාධ්‍යවල වසඟයක් මිස යථාර්ථ දේශපාලනයේ හැටි නොවේ.    නිරෝධායනය සඳහා වෛද්‍යවරුන්ට හොඳ හෝටල් ලබා දෙන අතර උපස්ථායකයන්ට ලැබෙන්නේ ටකරං මඩු ය. මින් අදහස් වන්නේ, යථාර්ථය මිය ගොස් නැති බවයි.    ‘සමාජ මාධ්‍ය’ යුගයක දී දේශපාලනයට ඇත්ත වශයෙන්ම සහභාගී වන අය නැතහොත් ”අන්තර්ක්‍රියාකාරී වන්නන් ”(INTERACTION) විරල වන අතර (දේශපාලන පක්ෂ දිය වී යන්නේ මේ සාධකය නිසා ය.)    ඒ වෙනුවට ජනනය වන්නේ ”අන්තර්අක්‍රියාකාරීන් ය”.    මේ අය අන්තර්ජාලය හරහා අධික්‍රියාකාරී වන මුත් සැබැවින්ම සිටින්නේ, පුටුවක් හෝ ඇඳක් මත අක්‍රියාකාරීව ය.    මේ අක්‍රියාකාරීකම කලක් යන විට හුදෙකලාවකට පුරුදු වීමක් සහ ඇබ්බැහි වීමකි.    JOGGERSලාට අප වශී වන්නේ, මේ ඇබ්බැහියෙන් තවත් දෙයකට ඇබ්බැහි වීමට ය.   ”සමාජ මාධ්‍ය ඇසුරු කරන අය සහ ජවිපෙ සමහර නායකයන් ද මේ අන්තර්අක්‍රීය දේශපාලනයට වශී වී ඇත. ”    ප්‍රභා මනුරත්න විසින් X  කණ්ඩායමේ අන්තර්අක්‍රීය දේශපාලනයේ විෂම චක්‍රය විනාශ කරන ලද අතර එහි අනපේක්ෂිත ඵලයක් ලෙස මාධ්‍ය මත පැරණි X සාමාජිකයන් කිහිපදෙනෙකු අන්තර්අක්‍රීය දේශපාලනයක් බිහි කරන ලදී.    ඔවුන් තමන් කරන දේශපාලනය අන්‍යයන්ට පවරන අතර ඉන් ඔවුන්ම විනෝද වෙයි.    සමාජ මාධ්‍ය ඇසුරු කරන අය සහ ජවිපෙ සමහර නායකයන් ද මේ අන්තර්අක්‍රීය දේශපාලනයට වශී වී ඇත.    රූපවාහිනි විහිළු වැඩසටහන්වල දී අප වෙනුවෙන් හිනා වීම ද වැඩසටහනේ අන්තර්ගතය තුළ පටිගත කර ඇති නිසා අපට තිබෙන්නේ සැටිය මත වාඩි වී හුදෙකලාව එය නැරඹීම පමණි.    නූතන ධනවාදී දේශපාලනය යනු ද අපගේ සහභාගීත්වයෙන් තොරව ස්වයංක්‍රීයව ධාවනය වන LIVE STREAM එකකි.    එය අපගෙන් තොරව ධාවනය වන මුත් එම දේශපාලනයට අපත් සහභාගි වනවා නේද යනුවෙන් හැඟීමක් අපට ඇති වෙයි.    මෙය දෘෂ්ටිවාදයකින් තොරව ධනවාදයට හෝ වෙනත් ඕනෑම දේශපාලන ආකෘතියකට අපගේ ඇබ්බැහි (ADDICTION) වීමකි.    අන්තර්අක්‍රීය දේශපාලනය යනු, විනෝදය අනෙකාට පැවරීමකි.

13whippman facebookJumbo

ඇය අපට කියන්නේ ‘අපගේ දේශපාලනය’ අන්‍යයන්ට වීසි කර ගෙවන මේ ඇබ්බැහි ජීවිතය භයානක බවයි.     ‘ඩයනා ගමගේ’ යනු, සජිත් ප්‍රේමදාසගේ සහ ශිරාල් ලක්තිලකගේ අන්තර්අක්‍රීය දේශපාලනයට බෝම්බයකින් පහර දෙන ලද විප්ලවීය කාන්තාවකි.    ඔවුන් අපගේ ඇස් අප හිතනවාට වඩා ඇර ඇත.    ඇය අපට කියන්නේ ‘අපගේ දේශපාලනය’ අන්‍යයන්ට වීසි කර ගෙවන මේ ඇබ්බැහි ජීවිතය භයානක බවයි.    ඔවුන් ඇන්ටිගනීලා නොවේ. ඔවුන් පිරිමින්ගේ අධිකතර ඇබ්බැහියකින් ඔවුන්ව ගලවා ගැනීමට දෙවියන් විසින් එවන ලද දේවදූතියන් ය.    දැන්වත් ඇහැරෙන්න!    ජලනිට තමන්ගේ දේශපාලනය පවරන්නේ නැතිව තමන්ම තීන්දු ගන්න!    ප්‍රභා මනුරත්න නම් දේව දූතිකාව මගේ ග්‍රස්ථික මායාවෙන් මාව ගැල වූ විගස විප්ලවයට මගේ දෑස් විවර විය.      Deepthi (DEEPTHI KUMARA GUNARATHNE) දේශපාලන හා සමාජ විශ්ලේෂක  kmgunarathne@gmail.com3mana.com