Sunday, September 29, 2024
Home Blog Page 82

හොරෙන් ගෙනා කහ තොග විනාශ නොකර දහදාහේ මල්ලට දාන්න

0

( 10.00 am ) නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට

ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස  මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ඉල්ලා සිටී.

පිටරටින් කහ ගෙන්වීම රජය විසින් තහනම් කිරීමෙන් පසු නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී  අත්අඩංගුවට ගෙන රේගුව භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු නිමා  වීමෙන් පසුව රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පැවසු බව පසුගිය සමයේ මාධ්‍ය කිහිපයක්ම  වාර්තා කර තිබුණි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ අත් අඩංගුවට ගෙන පොලීසිය සහ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති වියලි කහ තොගය ටොන් 30 කට වැඩි බවයි.

වියලි කහ තොගය ටොන් 30 කට වැඩියි:

දේශීය ආයුර්වේද ක්‍රමය තුළ විෂබීජ නාශකයක් මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කරන කුළුබඩුවක්  ලෙස කහ හදුන්වා දී ඇති බව පෙන්වා දෙන මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසන්නේ අත්අඩංගුවේ පවතින කහ තොග රජය මැදිහත්වී කහ කුඩු බවට පත් කර වසංගත සමයේ ආර්ථික පීඩාවට ලක්ව සිටින ජනතාවට බෙදා දිම උචිත බවයි.

“ඔය රුපියල් පන්දාහ බෙදන කොටයි, දහ දාහේ බඩු මල්ල බෙදන කොටයි, කහ කුඩු ග්රූම් 500 ගානේ මිනිස්සුන්ට බෙදන්න ආණ්ඩුවට බැරි කමන් නෑනේ” යි මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.

“ඔය රුපියල් පන්දාහ බෙදන කොටයි, දහ දාහේ බඩු මල්ල බෙදන කොටයි, කහ කුඩු ග්රූම් 500 ගානේ මිනිස්සුන්ට බෙදන්න ආණ්ඩුවට බැරි කමන් නෑනේ” යි මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.

ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ඉතිරිය රටේ සමස්ත පවුල් වෙත බෙදා දෙන ලෙසයි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හොරෙන් පැටවීමට..

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හොරෙන් පැටවීමට උත්සාහ කළ  කහ මෙට්‍රික් ටොන් පහකට ආසන්න තොගයක් තමිල්නාඩු සමුද්‍රාරක්ෂක බලධාරීන් විසින් ද අත් අඩංගුවට ගෙන තිබේ.

රට තුල කහ ප්‍රවාහනයට බාධාවක් නැති නිසා ඉහල මිලක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හොර පාරේ යැවීමට ජාවාරම් කරුවන් විසින් වැල්ලබඩ නගර කරා තොග ගණනින් ගෙන ඒම වැඩිවී ඇති බව නාගපට්ටිනම් පොලිස් අධිකාරි ආර් චින්නස්වාමි පවසා තිබුණි.   

2019 වසරේ දෙසැම්බර් 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කහ ඇතුළු දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළුබඩු භෝග ගණනාවක්  ආනයනය කිරීම තහනම් කෙරින. රජය පවසා තිබුනේ දේශිය කහ ගොවියා දිරි ගැන්වීම සදහා එවන් තිරණයක් ගත් බවයි.

2019 වසරේ දෙසැම්බර් 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කහ ඇතුළු දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළුබඩු භෝග ගණනාවක්  ආනයනය කිරීම තහනම් කෙරින.

එතැන්  පටන් මෙරට වෙළද පොළ තුළ දැඩි කහ හිගයක් ඇති වු අතර මේ වන විට කහ කුඩු කිලෝ ග්රූම් එකක මිළ රුපියල් 3000 සීමාව ඉක්මවා තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රධානතම කහ වගා කලාපයක් වන එරෝඩ් හි කහ වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති ආර් කේ වී රවිශංකර් පවසන පරිදි ඔවුන් තම නිෂ්පාදන විකුණන්නේ කිලෝවක් ඉන්දීය රුපියල් හැටකට (ශ්‍රී ලංකා රුපියල් 150ක් පමණ) ය.

කහ  හිගයත් සමග වෙළදපොලේ පවතින කහ කුඩු බාල ප්‍රමිතියෙන් යුතු බවට ලාංකික පාරිභෝගිකයන් නගන මැසිවිලි දිගින් දිගටම මාධ්‍ය විසින් ද වාර්තා කර තිබුනි.

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පවසන්නේ රාජසන්තකයේ  පවතින කහ තොග වෙළදපොලට නිකුත් කර අලෙවි කිරීමට කටයුතු යෙදුවොත් නැවත වරක් ජනතාවට ප්‍රමිතියෙන් තොර කහ කුඩු මිලදී ගැනීමේ අවදානමට මුහුණ පානු ඇති බවයි. 

වසංගත සමයේ ජනතාව ආර්ථික පීඩාවකට මුහුණ දී සිටින බැවින් එම කහ ජනතාව වෙත බෙදා හැරීම උචිත බව ඔහුගේ අදහසයි.

තවත් කන්ටේනර් 50 ක්:

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන ලද කහ කන්ටේනර් 50කට අධික ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවේ  සිරවී ඇති බැවින් ඒ සදහා විසදුමක් ලබා දෙන ලෙස ආනයනකරුවන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ ද ආණ්ඩුව එයට ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැත.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන ලද කහ කන්ටේනර් 50කට අධික ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවේ  සිරවී ඇති බැවින් ඒ සදහා විසදුමක් ලබා දෙන ලෙස ආනයනකරුවන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ ද ආණ්ඩුව එයට ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැත.

එම කහ තොගය ප්‍රති අපනයනය කළොත් රටේ කහ හිඟයක්, ඇති වී සිය ව්‍යාපාරත් අනතුරේ වැටෙන බව පෙන්වා දෙමින් කහ ආනයනකරුවන්ගේ සංගමයේ සංවිධායක ශිවලිංගම් එලිල්වෙන්දන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මාධ්‍ය වෙත පවසා තිබුනේ, කහ තොග ඉන්දියාවට ප්‍රති අපනයනය කරන්නට රජය තීරණය කළහොත් තමන් ඒ සඳහා දරා ඇති වියදමට අමතරව තවත් රුපියල් කෝටි 13 ක් පමණ ඒ සඳහා වැය කිරීමට සිදු වන බවයි.

පසුගිය මැයි මාසයේදී තම සංගමයේ සාමාජිකයන් 20 දෙනකු විසින් සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල පදනමින් කන්ටේනර් 50 ක කහ කිලෝ ලක්ෂ 10 ක තොගයක් ඉන්දියානු සමාගම් හරහා මෙරටට ගෙන්වන ලද අතර එම කහ තොගය රටේ නිවාස ලක්ෂ 50 අතර බෙදී ගියහොත් එක් නිවසකට ග‍්‍රෑම් 250 බැගින් සති 2-3 කට පමණක් ප්‍රමාණවත් වන බව පෙන්වා ශිවලිංගම් එලිල්වෙන්දන් වැඩිදුරටත් අවධාරණය කර තිබුනේ, දේශීය කහ අස්වනු එන තුරු පවතින හිඟය පියවීමට මෙම කහ තොගය යම් තාක් දුරට හෝ  විසඳුමක් වනු ඇති බවයි.

රටේ අවශ්‍යතාවය:

කහ, දේශීයව නිෂ්පාදනය කර පරිභෝජනයට දිරි ගැන්වීමේ අරමුණින් කහ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජය ගත් තීරණයෙන් පසුව මෙරට වෙළෙඳපොළේ කහ හිඟය දැඩි විය.

ඉන් අනතුරුව නීති විරෝධී ලෙස ගෙන ආ කහ තොග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ඇත්තේ ද රජය සතුව බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් පවසයි.

දේශීය කහ නිෂ්පාදනයේ වගකීම පැවරී ඇත්තේ, අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුව වෙතයි.

එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 8000 කි.

එසේ වුව ද මෙරට  දේශීය අමු කහ නිෂ්පාදනය මෙට්‍රික්  ටොන් 1300කි.

අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 8000 කි.එසේ වුව ද මෙරට  දේශීය අමු කහ නිෂ්පාදනය මෙට්‍රික්  ටොන් 1300කි.

මෙම නිෂ්පාදනයන් ලංකාව තුළ ඇති  කහ ඉල්ලුම සපුරන්නට ප්‍රමාණවත් නොවන බැවින්, වසරකට වියළි කහ මෙට්‍රික්  ටොන් 5200 ක් පමණ අසල්වැසි ඉන්දියාවෙන් මේ තාක්  ආනයනය කර තිබුනි. මේ වන විට දේශිය වශයෙන් කහ වගාව ආරම්භ කර ඇති නමුත් එම කහ තොග වෙළඳපොළට නිකුත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන වසරේ මුල් කාර්තුවේය. 

හමුදා කහ:

Army kkaha(සේයා -lankadeepa.lk)

ශ්‍රී ලංකා යුද හමුදාවද සතියකට ඉහතදී අක්කර දෙකහමාරක කහ වගාවක් ආරම්භ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනාරච්චිගේ අධීක්ෂණය යටතේ, ශ්‍රි ලංකා යුද හමුදා පස් වන පොදු සේවා බලකා කරන්දෙණිය කඳවුරේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රාජනායක විසින් අන දෙනු ලබන නිලධාරීන් පිරිසක් පෙළ සැදී කහ සිටුවන විලාසය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා කෘෂිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් නිරීක්ෂණය කරන ආකාරය දැක්වෙන ඡායාරූප පසුගියදා ජනමාධ්‍ය වෙත බෙදා දී තිබුණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙරට කහ අවශ්‍යතාවය 2023 වසර වන විට සම්පුර්ණයෙන්ම දේශීය වශයෙන් සපුරා ගැනීමට හැකි වනු ඇති බවයි.
theleader.lk

බන්ධනාගාරගත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොකැඳවිමට තිරණයක්

0

( 7.00 am ) කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොරැල්ල බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව අද වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ අනුව මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා තමිල් මක්කල් විඩිතලෙයි පුලිහල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවිමට තිරණය කර තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසියන්ට අනුව ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවිමට තිරණයක් ගෙන තිබේ.

කෙසේ වුවද පසුගිය දිනවල මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා තමිල් මක්කල් විඩිතලෙයි පුලිහල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සභාපති පුටුවේ කටයුතු කර ඇතිවා පමණක් නොව විවෘත කිරිමේ උත්සව කිපයකට සහභාගිව තිබුණ බව පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය විය

බයිඩ්න්ට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ගෙන් සුබ පැතුම්

0

11:23 am

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතා තිබේ.

ශුද්ධෝත්තම පියතුමන්, තමන් දුරකථනයෙන් ඇමතූ ජෝ බයිඩ්න්ට ආශීර්වාද කළ බව ද සඳහන් ය.

බයිඩන් මෙහිදී පවසා සිටියේ දිළිඳු පුද්ගලයන්ට සහන සැලසීම, දේශගුණ විපර්යාසය වැළැක්වීම , සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අමෙරිකාවට පිළිගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

1960 දශකයේ ජෝන් කෙනඩිගෙන් පසු අමෙරිකාවේ පත්වූ ප්‍රථම රෝමානු කතෝලික ජනාධිපතිවරයා ජෝ බයිඩන් වනු ඇති .

මේ අතර ට්‍රම්ප් පරිපාලනය, මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න්ට දෛනික ජනාධිපති බුද්ධි තොරතුරු සමාලෝචනයට සවන් දීමට ඉඩසැලැස්විය යුතු බව රිපබ්ලිකන් මන්ත්‍රීවරු පවසති.

ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ අයකුට එවැනි අවස්ථාවක් ලබාදීමේ අරමුණ , ධූරයේ වැඩ භාරගැනීමට පෙර අමෙරිකාව මුහුණපාන තර්ජන පිළිබඳ බුද්ධි අංශ මගින් දැනුවත් කිරීමයි.

ජෝ බයිඩ්න්ට මෙලෙස සහය පළ කළ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අතලොස්සක් වුවත් මෙම ඉල්ලීමෙන්, ඔහුට සහය පළ කරන රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් කළේ ය.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හමුවේ පරාජය පිළිගැනීමට අකමැති වුව ද නොබෝදිනකින් බයිඩ්න්ට ඉඩදී ජනාධිපති ට්‍රම්ප්ට ධවල මන්දිරයෙන් පිටවීමට සිදුවනු ඇති බවයි.

කෙසේවෙතත් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සහ පක්ෂ නිලධාරීන් බහුතරයක්, මෙවර මැතිවරණ ප්‍රථිඵල ප්‍රතික්ෂේප කිරීමට ජනපති ට්‍රම්ප් ගත් ප්‍රයත්නයට ප්‍රසිද්ධියේ සහය දී තිබිණ.

ජනාධිපතිවරයා පවසන්නේ දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇති බැවින් මැතිවරණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි.

මෙවන් පසුබිමකදී වුවත් ජෝ බයිඩ්න්, රාජ්‍ය පාලන කටයුතු සඳහා පසුබිම සකස් කරමින් සිටින්නේ ලබන ජනවාරි මස සාමකාමී බලහුවමාරුවකට යොමුවීමේ අරමුණු පෙරදැරිවයි.

ට්‍රම්ප් පරාජය පිළිගැනීමට අකමැති වීම සහ බල හුවමාරුවකට පියවර නොගැනීම , ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
newscenter.lk

සුවය ලැබු කොරෝනා ආසාදිතයන් ගණන 11000 ඉක්මවයි !

0

කොරෝනා ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා තිබිමත් සමගින් මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයන් ගණන 11,031 ක දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 24 ක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනයේ දී ආසාදිතයින් 373 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන, 15,723ක් වු අතර ඊයේ වාර්තා වු මරණ 2 ත් සමඟින් මෙරට සමස්ථ මරණ ගණන ද 48ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයෝ 4,644ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ආර්ථිකය හදන්න බැරි බැසිල් මැතිසබේ නැති නිසාලු !

0

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ආණ්ඩුවේ මන්ත්‍රීන් 19ක් ලිපියකින් ඉල්ලා ඇතැයි lankatruth වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

20 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ටද බාධාවකින් තොරව පාර්ලිමේන්තු පැමිණීමට ඉඩලබා දී ඇත. ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසි වගන්තිය සඳහා මන්ත්‍රීවරු 157ක් ඡන්දය ලබාදුන්නද මෙම ලිපියට අත්සන් කර ඇත්තේ 19 දෙනෙක් පමණි.

ඩ්‍රෝන ඒකකයට බඩගින්නේ සිටින අයවත් පේනවද? පුබුදු අසයි.

0

රජය විසින් හුදකලා කර ඇති ප්‍රදේශවල නීති කඩන අය සොයා ගැනිමට ක්‍රියාත්මක කර ඇති ඩ්‍රෝන මෙහෙයුමට ඒ ප්‍රදේශවල කුසගින්නේ සිටින අයවත් පේනවාදැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ⁣පුබුදු ජාගොඩ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් විමසා තිබේ කෙසේ වෙතත් කොරෝනා දෙවන රැල්ල හමුවේ ජනතාවගේ පීඩනය අවම කිරිමට අදාල රජයේ මැදිහත්විම රටපුරාම මේ වන විටත් බරපතල විවේචනයකට ලක්ව තිබේ.මසකටත් වැඩි කාලයක් ඉක්මවා ගොස් තිබුනද මිගමුවේ ජනයාට අද වන තුරුත් කිසිදු රජයේ සහනාධාරයක් ලැබි තිබුනේ නැත එපමණක් නොව හුදකලා කොට ඇති ප්‍රදේශ ගණනාවකින් ලැබුන පොදු පැමිණිල්ල වි තිබුනේ ඒ අයගේ ප්‍රදේශවලට ජංගම රථපවා නොපැමිණ ඇති බවය.තම අස්වැන්න අලෙවි කරගැනිමට වැඩපිලිවෙලක් නොමැතිව ගොවියන් මෙන්ම ධිවරයන්ද රටපුරාම අසරණවි සිටිති.

බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුර 12000 පනියි !

0

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (12) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 369 ක් දක්වා ඉහළ ගියේය.

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

අද දිනට පෙර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,858 ක් වූ අතර අද දිනයේදී හඳුනාගත් පිරිස සමග එම අගය 12,227 ක් විය.‍

පොලිස් නිලධාරීන් 600කට කොරෝනා ! 3000 ක් නිරෝධායනයට….

0

..

පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

“පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රවෘත්ති පළවනවා. පසුගිය දින හතරක පමණ කාලයක් තුළ පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වර්තා වුණේ නෑ.

බොරැල්ල පොලීසියෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු ආශ්‍රිතව රෝගීන් වාර්තා වුණා. එම ආසාදිතයන් හා සමීප ආශ්‍රිතයින් වෙන් කර පොලිස් නිලධාරීන් 3000ක් පමණ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පොලිස් සේවයේ 90000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වෙනවා. ඒ අතරින් 87000ක් පමණ සාමාන්‍ය පරිදි සේවයේ නිරත වෙනවා. දැනට දින 10ක පමණ කාලය තුළ නිරෝධායන කඳවුරු වල සිටින අයගෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා.

පොලිස් සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ නෑ. මේ පිළිබඳව නිරන්තයෙන් අවධානය යොමුකරනවා. පොලිස් නිලධාරීන්ගේ හා මහජනතාවගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් කටයුතු කරනවා”

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා සිටින්නේ ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පවතින තත්වයට අනුව නම් දැනටමත් කොරෝනා වෛරසය සමාජ ගත වි ඇති බවක

මැනින් වෙළඳ පොල පෑලියගොඩට ගෙන යාම ගැන වෙළඳුන්ගේ විරෝධය …

0

මැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතින බවත් සති අන්තයේ හෝ ලබන සඳුදා එහි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවැසීය.

කොළඹ මැනින් වෙළඳපොළ කටයුතු කළ කාර්ය මණ්ඩල හා නාට්ටාමිවරුන්ට මෙහි කටයුතු කිරීමට අවස්ථාව ඇති බවත් ඊට පෙර ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකට ලක්විය යුතු බවත් ඔහු පැවැසීය.

මේ අතර මැනින වෙළඳ පොලේ වෙළද සංගමය පවසා සිටින්නේ රජය විසින් දැනට යෝජනා කර ඇති පෑලියගොඩ ස්ථානයට යෑමට කිසිසේත්ම සුදානම් නැති බවය.

පෑලියගොඩට මැනින් වෙළඳ පොළ ගෙන යනවාට වෙළඳ සංගමයේ විරෝධය ..

0

මැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතින බවත් සති අන්තයේ හෝ ලබන සඳුදා එහි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවැසීය.

කොළඹ මැනින් වෙළඳපොළ කටයුතු කළ කාර්ය මණ්ඩල හා නාට්ටාමිවරුන්ට මෙහි කටයුතු කිරීමට අවස්ථාව ඇති බවත් ඊට පෙර ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකට ලක්විය යුතු බවත් ඔහු පැවැසීය.

මේ අතර මැනින වෙළඳ පොලේ වෙළද සංගමය පවසා සිටින්නේ රජය විසින් දැනට යෝජනා කර ඇති පෑලියගොඩ ස්ථානයට යෑමට කිසිසේත්ම සුදානම් නැති බවය.