Sunday, September 29, 2024
Home Blog Page 81

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය අඩපණ වි ඇත්තේ යොදන රසායන ද්‍රව්‍ය අවසන් නිසාලු….

0

( 8.00 pm ) කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රයට ක්‍රියා කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම PCR යන්ත්‍රය සඳහා යොදා ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් පසුගිය පැය 24ක කාලය තුලදී PCR පරීක්ෂණ සිදුකිරීමේ යම් ප්‍රමාදයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව එම රසායනික ද්‍රව්‍ය ලබා ගනු ලබන හොංකොං රාජ්‍යයෙන් අදාළ මිලදී ගැනීම් සිදුකර ඇති බවත් ඉදිරි පැය 24 තුලදී අදාළ එම රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ

දිනක් තුලදී මෙරට වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ ද මෙම යන්ත්‍රය මගින් වීමද විශේෂත්වත්වයකි

අදත් මරණ 5 ක් ! ආසාදිතයන් 544 ක් !

0

( 7.30 pm ) කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය
මේ අතර අද දිනයේත් කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇත

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් වෛරසය වැළඳී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණන 400 ඉක්මවයි

0

( 5.00 pm ) මේ වන විට බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 400 ඉක්මවා ඉහල ගොස් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තව සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 437 දක්වා ඉහල ගොස් ඇති බවයි. ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ද සිටින බව වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර සියලුම බන්ධනාගාර සේවයකයන් හෙට (16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දන්වා සිටින පවතින වතාරණය තුල සියළුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයිද වාර්ථා වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා අසන්තා ද මෙල්.

0

(2.00pm ) ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් හත් දෙනෙකුගෙන් සමන්වි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්තා ද මෙල් පත්කිරීමට අනුමැතිය ලබා දී ඇති බව නිව්ස්සෙන්ටර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම කමිටු අනෙක් සාමාජිකයින් වන්නේ චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මදුරසිංහ උවයිස් කර්නයින් සහ නිල්මිණි ගුණරත්නය

මෙම කමිටුව විසින් ජාතික කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ තේරීම සිදු කරනු ඇති අතර මෙම කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැති හිමි වීමෙන් අනතුරුව පත් කිරීමට නියමිත බවයි වාර්තා වේ

මහින්ද දේශප්‍රියට යළිත් සභාපතිකමක්

0

(12.50 Pm ) කොමිසන් සභා කිහිපයක සභාපතිවරු සහ සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබේ
ඒ අනුව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා මහතා පත් කර ඇති අතර එහි සමාජිකයන් ලෙස එම්. එම්. ජීවන් ත්‍යාගරාජා,එස්. සමරදිවාකර සහ කේ පී පී පතිරණ යන පත්කර තිබේ.
මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමානිර්ණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර ඇත

‘සර් ෆේල් නෑ’ ආණ්ඩුවෙන් කැම්පේන් !

0
whatsapp sharing button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය අසමත් යයි පවසමින් විපක්ෂය විසින් ‘ස ෆේල්’ නමින්  ආරම්භකර ඇති සමාජ මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුමට ප්‍රතිවිරුද්ධව, ආණ්ඩුවේ පාර්ශවයක් විසින් ද  ‘සර් ෆේල් නෑ’  යන තේමාව යටතේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භකර ඇත.   ස ෆේල්’ නමින්  ක්‍රියාත්මක ප්‍රචාරක මෙහෙයුම සමගි ජන බලවේගයට ප්‍රචාරක අංශ ප්‍රධානි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන බවත්, ඊට ප්‍රතිවිරුද්ධ මෙහෙයුම පවරා ඇත්තේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ඉරාජ් වීරරත්නට බවත්  වාර්තාවේ.   විපක්ෂය විසින් ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වමින් අසමත් බව පෙන්වද්දී ආණ්ඩු තමන් විසින් කළ කී දෑ පෙන්වමින් ආණ්ඩුව සමත් යැයි පෙන්වමින් සිටී.     මෙම සමාජ මාධ්‍ය මෙහෙයුම් දෙක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් පලවී ඇති අතර ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.   

Screen Shot 2020 11 14 at 9.32.24 PM

ඒ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සිය ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පළකරමින් සඳහන් කර ඇත්තේ, ”ෆෙල් නෑ කියලා කැම්පෙන් එකක් කිරිමට සිදුවිමම ඛේදනීයයි.” බවයි.    

Screen Shot 2020 11 14 at 9.34.38 PM

පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත්තේ මෙවැනි සටහනකි.   

Screen Shot 2020 11 14 at 9.36.32 PM

  සමාජ මාධ්‍ය තුළ පලවී ඇති එවැනි තවත් අදහස් කිහිපයක් පහත පළවේ.   

Screen Shot 2020 11 14 at 9.38.38 PM

 ඒ උනාට ඔය විදියට ” ෆේල් නෑ ” කියලා තැන තැන කෑගහන සයිස් එකටම ෆේල් වෙයි කියලා නම් අපිවත් හිතුවේ නෑ

?
Screen Shot 2020 11 14 at 9.39.58 PM

  (ටැලිෆෝංකාරයින්ගෙ පාස්-ෆේල් කතාවත් උංගෙ “ළදරු වලිප්පුවේ”ම “මෝඩ චූන්” කතාවක් කියල හිතෙන්නෙ මට විතරයි ද ?)

FB post 2020.11.14
WhatsApp Image 2020 11 14 at 10.13.57 PM

theleader.lk

බන්ධනාගාර පොකුරේ අසාදිතයන් ගණන 329 දක්වා ඉහලට ..

0

( 7.00 pm ) බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රටේ නගර ගණනාවක් පිහිටි බන්ධනාගාර තුලින් ආසාදිතයන් හමුවෙමින් තිබේ.
පසුගියදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරිය මිගමුවේ දළුපත පිහිටි එළිමහන් සිරකඳවුර තුල කාන්තා රැඳවියන් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවිමට මුලික කටයුතු සුදානම් කොට තිබුනි.
මේ අතර බන්ධනාගාර කිපයක රැදවියන් විසින් පවත්වන්නට යෙදුන උද්ඝෝෂණ වලින්ද පෙන්නුම් කරමින් ඇත්තේ ඇමතිවරිය විසින් ගැනිමට බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් විසදුම් තවමත් මන්දගාමිව වි ඇති බවකි

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාස සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන

0

( 5.00 PM ) වර්තමානයේ රටේ පවතින කොවිඩ් -19 වසංගතය හේතුකොට ගෙන කොළඹ නගරයේ දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලික කොට ගෙන පහත විස්තර කෙරෙන ස්ථානවල දී නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.
newswire.lk

බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණන 285 ක් දක්වා ඉහලට …

0

( 2.00 pm ) නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රැඳවියන් 94 දෙනෙකු බන්ධනාගාර දෙකකින් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවසා තිබේ

එලෙස වාර්තා වූ කොරෝනා ආසාදිත රැඳවියන් ගෙන් 80 දෙනෙකු බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ද සෙසු 14 දෙනා කුරුවිට බන්ධනාගාරයෙන

ඒ අනුව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 285ක් දක්වා ඉහළ ගොස් ඇත.

රවී ජයවර්ධන විපක්ෂ නායක ලේකම් ධූරයට !

0

විපක්ෂනායක ලේකම් ධුරයේ සිටි නවුෆාල් රහුමාන් මහතා විශ්‍රාම යාම නිසා එම තනතුරට නීතිඥ රවි ජයවර්ධන මහතා පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

රහුමාන් මහතා අසනීප තත්ත්වය මත මෙසේ විශ්‍රාම ගෙන තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
srilankamirror.com