Sunday, September 29, 2024
Home Blog Page 80

හිටපු ධීවර ඇමති අමුවෙන් මාළු කයි

0

ධිවරයන්ගේ මාළු නිෂ්පාදනය හා අලෙවිය පිලිබද ප්‍රශ්ණය අද බරපතල එකක් බවට පත්ව තිබේ.
මේ නිසාම රජය මෙන්ම විපක්ෂයද මෙයට පිළිතුරු සෙවිම සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටිති.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුකට එක්ව සිටි ධිවර හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියේ ය.
ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිලදී ගැනීම බව ඔහු පෙන්වා දුනි.

මාළු කූරි දෙදෙනෙක් බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම කා පෙන්වමින් අවධාරණය කර සිටියේ මාළු කන්න බියවිය යුතු නැති බවය.
මේ අතර වත්මන් ධිවර ඇමති කාංචන විජේසේකර කියා තිබුනේ සෞඛ්‍ය නිති උපරිම ලෙස රකිමින් පෑලියගොඩ මාළු වෙළද සැල තොග වෙළදාම සදහා විවෘත කිරිමට පියවර ගන්නා බව කියා තිබේ
මුලාශ්‍රය -newswire.lk

රජය සිනී අර්බූදයෙන් රැවුලයි කැඳයි දෙකම බේරා ගනීද?

0

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

( 11.55 am ) මහත් ආන්දෝලණයට ලක්ව  තිබෙන සීනි සඳහා වූ විශේෂ භාණ්ඩ බද්ද නැවත පනවනවාද යන්න රජය මේ වන තුරු තීරණයක් ගෙන නොමැත. සීනි ආනයනිකයන් විසින් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ ඔක්තෝබර් 13 දින මෙම බද්ද පණවන අවස්ථාව වන විට තමන් සන්තකයේ පවතින ටොන් 90,000 ක් පමණ වූ තොග සඳහා කිලෝවක් සඳහා රුපියල් 50/= ක් තීරු බදු ගෙවා තිබූ බවයි.  

මෙම තීරු බද්ද අඩු කළද තොග වෙළෙඳුන් මිළ අඩු නොකිරීම නිසා වෙළෙඳපොළේ  අදටත් සීනි අලෙවි වන්නේ රුපියල් 125/= කටයි.    කිසිදු පාරිභෝගිකයෙකුට රජයේ පාලන මිළ වූ රුපියල් 85/= සීනි ලබා ගැනීමට ද අද වනතුරු නොහැකි විය.   මෙම තීරු බද්ද අඩු කළද තොග වෙළෙඳුන් මිළ අඩු නොකිරීම නිසා වෙළෙඳපොළේ  අදටත් සීනි අලෙවි වන්නේ රුපියල් 125/= කටයි. කිසිදු පාරිභෝගිකයෙකුට රජයේ පාලන මිළ වූ රුපියල් 85/= සීනි ලබා ගැනීමට ද අද වනතුරු නොහැකි විය.

විශේෂ භාණ්ඩ බද්ද  පනවා දින 30 ක් ගත වූ පසු අදාළ වෙනස් කම් කළ හැකි වුවත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවා මෙම අරුබුදකාරී ගැටළුවට සම්බන්දයෙන් කිසිදු තීරණයක් නොගත් අතර අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කලේ අද අයවැය ලේඛණයට ප්‍රථම පෙරවරු 10.30 ට පවත්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ලබනු ඇති බවයි.   

තොග වෙළෙඳුන් ඉල්ලා සිටින්නේ තවමත් තමන් ලඟ ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් තොග ඇති බැවින් නැවත සීනි සඳහා රුපියල් 50/= තීරු බද්ද පනවන ලෙසත්, සීනි ආනයනය තහනම් කරමින් ආනයන අපනයන පාලක විසින් පනවා ඇති තහනම වහාම ඉවත් කරන ලෙසත්ය.   වෙළෙඳ ඇමතිවරයා ඇතුලු සතොස කළමණාකාරීත්වය අපේක්ෂා කරන්නේ පසුගිය මාසය තුළ ශත 25 බැගින් තීරු බදු ගෙවා ආනයනය කරන ලද ටොන් 14,000 ක් පමණ ප්‍රමාණයයෙන් ටොන් 12500 ක් රුපියල් 85/= මිළ ගණන් යටතේ සතොසට ලබා ගැනීමටය.   මේ අතරතුර මහා පරිමාණ සමාගමක් විසින් ආනයනය කරන ලද ශත 25 බැගින් තීරුබදු ගෙවූ ටොන් 28,000 නැවක් පිටත වරායේ නවතා ඇති අතර අදාළ තීරුබදු රුපියල් 50/= දක්වා වැඩි කළහොත් අදාළ සමාගම සීනි අලෙවි කරන්නේ කුමණ මිලකලටද යන්න අනෙකුත් සමාගම් විමසිල්ලෙන් සිටිති.   ‘එක් රටක් එක් නීතියක්’  
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
theleader.lk

”සංඥා ලාම්පු තියෙන තැන්වල කිසිදු හේතුවකට ඔබේ වීදුරු විවෘත කරන්න එපා.”- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

0

( 10.20 am ) ව්‍යාපාරයක් ලෙස යාචක වෘත්තියේ යෙදෙන පිරිස සොයා ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

අද (17) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි යාචකයින්ට මාර්ග සංඥා දැල්වී තිබිය දී මුදල් ලබා දෙන රියදුරුන්ට ද ජාතික මංමාවත් පනතේ 59 වන වගන්තිය යටතේ කටයුතු කරන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, 

“යාචකයෝ කියලා කිව්වට සැබෑ යාචකයෝ නෙමෙයි. සියයට 95ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉන්නේ ව්‍යාපාරවල යෙදෙන යාචකයින්. මෙයාලට හාම්පුතෙක් ඉන්නවා. ඔවුන් මුදල් උපයලා හවසට ඒ හාම්පුතාට ගිහින් දෙන්න ඕනේ. මේ අයට ලැබෙන්නේ යම් පඩියක් විතරයි. මේ අයට එක් පැත්තකින් අපි නඩු පැවරීමට කටයුතු කරනවා. ව්‍යාපාරයක් හැටියට යාචක වෘත්තියේ යෙදෙන අය සම්බන්ධයෙන් හා එවැනි අයට තමුන්ගේ වීදුරුව ඇරලා සල්ලි දෙනවා නම් සමහර වෙලාවට කොළ ලයිට් එක පත්තුවෙලා තියෙනවා. එවැනි අයට අර නීතිය යටතේම දඩුවම් කරන්න පුළුවන් වරදක්. වාහනවල ඉන්න රියදුරන් හෝ එකේ ඉන්න වෙනත් කෙනෙක් යම් දෙයක් මිලදී ගන්නවා නම් එම ක්‍රියාවලිය නිසා මාර්ගයේ අනිත් වාහනවලට බාධාවක් වෙනවා නම් ඔවුන්ට ජාතික මංමාවත් පනතේ 59 වන වගන්තිය යටතේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සංඥා ලාම්පු තියෙන තැන්වල කිසිදු හේතුවකට ඔබේ වීදුරු විවෘත කරන්න එපා.“

වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන්ට රු. 15,000ක දීමනාවක් ..

0

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියැදුරන් 3,085 දෙනකු සඳහා රජය මඟින් ලබාදීමට නියමිත රුපියල් 15,000ක දීමනාව මේ සතිය ඇතුළත ගෙවා අවසන් කරන ලෙස සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියට ඊයේ (16) උපදෙස් දි ඇති බව දිණමිණ වාර්තා කර තිබේ

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියැදුරන්ට රුපියල් 15,000 බැගින් වූ දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, මෙම දීමනාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 462.75ක මුදලක් රජය වෙන්කර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව සඳහන් රියදුරන් බොහෝමයක් නිසි ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබීම හේතුවෙන් මෙම දීමනාව ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පැවැති අතර ඒ ගැන විශේෂ අවධානය යොමු කළ ඇමතිවරයා එලෙස ලියාපදිංචිය ක්‍රමවත්ව සිදුනොවූ රියදුරන්ගේ ලියාපදිංචිය කඩිනමින් විධිමත් කරන ලෙස ද අධ්‍යක්ෂ ජෙනරාල්වරියට උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සදහන් කළේ සංචාරක සංවර්ධන අධිකාරියට ලැබී තිබෙන අයදුම්පත් 4,313ක් අතරින් සුදුසුකම් සැපිරු 3,085 දෙනකුට 15,000 දීමනාව මේ සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අතර පූර්ණ කාලීන සංචාරක රියදුරන් 1,823 ක් සංචාරක බස් රථ රියදුන් හා රිය සහායකයන් 45 ක් ත්‍රීරෝදරථ රියදුන්ගේ 658 ක් හා සෆාරි රියදුරන් 559 ක් වෙති.

සංචාරක සංවර්ධන අධිකාරියේ පුහුණුව නොලැබූ රියදුරන් 359 දෙනෙකු ද මේ සඳහා අයදුම්කර ඇති අතර ඔවුන් කඩිනමින් ලියාපදිංචිය සඳහා යොමුකර ඇති බවද විජේසිංහ මහත්මිය කිවාය.

මීට අමතරව රුපියල් 20,000 ක දීමනාව ඉල්ලා තිබූ සංචාරක මාර්ගෝපදේශකයන් 1,998 දෙනෙකුට අදාල ගෙවීම් කටයුතු මේ වනවිට සිදුකර අවසන් බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සදහන් කළාය.
මුලාශ්‍රය- දිණමිණ

කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී

0

11:21 am

( 7.30 am ) තම කණ්ඩායමේ ක්‍රීඩකයින් නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් සමාව අයැද තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල නවසීලන්තයට පැමිණ සිටින්නේ ටෙස්ට් සහ පන්දුවාර 20යි 20 තරගාවලියකට සහභාගී වීමටයි.

නවසීලන්ත නිරෝධායන නීතිවලට අනුව විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කළ යුතු වේ.

හුදකලාව සිටියදී පවා සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පුහුණුවීම් සිදු කිරීමේ අවස්ථාව නවසීලන්තයෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි විය.

කෙසේ නමුත් පසුගිය බදාදා සිට ඔවුන්ට පුහුණුවීම් කටයුතු අත්හිටුවීමට සිදු වූයේ ඇතැම් කොදෙව් ක්‍රීඩකයින් ආහාර බෙදාගෙන ඇති බවට සහ නිරෝධායන කාල සීමාව ඉක්ම යෑමට පෙර බාහිර සමාජය සමග එක්ව ඇති බවට නවසීලන්ත සෞඛ්‍ය අංශවලට වාර්තා වීමත් සමගයි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට දින 4ක පුහුණුවීම් අහිමි විය.

තම ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස්, නවසීලන්ත ජනතාවගෙන් සමාව අයැද සිටී.

ඔහු සඳහන් කළේ, ඉදිරියේදී පුහුණුවීම් කටයුතු ආරම්භ කර සාර්ථක ලෙස තරගාවලියට මුහුණ දීමට උත්සාහ කරන බවයි.

තරගාවලියේ පළමු පන්දුවාර 20යි 20 තරගය නොවැම්බර් 27 වැනිදා ඕක්ලන්ඩ්හිදී ආරම්භ වන අතර ඊට 20යි 20 තරග 3ක් ඇතුළත් ය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා හැමිල්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.
newscenter.lk

‘මේ දෙමාපියන්ගෙ අධිමානය බරපතල ලෙස ප්‍රදර්ශනය වන දවස් කිහිපයකි.’ -කුසල් පෙරේරා

0

wechat sharing button

( 6.30 am ) මේ දෙමාපියන්ගෙ අධිමානය බරපතල ලෙස ප්‍රදර්ශනය වන දවස් කිහිපයකි. දරුවාගේ 05 ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුව එය තීන්දු වන්නකි.   

දෙමාපියන් ගණන් හදන්නේ මුළු ලකුණු 200 ට කෙතරම් ආසන්න ලකුණු ප්‍රමාණයක් තම දරුවා ගත්තාද කියන කාරණාවය.    අවම තරමින් දරුවා මෙවර කැපුම් මට්ටම වන 169 ඉක්මවා සිටිය යුතුය.    නැතිනම් දරුවාට සැළකෙන්නේ මහා පව්කාර, තමන්ට අවමානයක් කළ ළමයෙකුට මෙනි. 

  දෙමාපියන් ගුරුවරුන් වන්නේ නම් එය තවත් බරපතලය.    තමන්ගේ අධිමානයට එය සැසඳෙන්නේ නැතැයි ඔවුන් තීන්දුකර ඇති හෙයිනි.   මා දන්නා තරමින් ලොව පිළිගත් සම්මතය වන්නේ මුළු ලකුණු වලින් සියයට 35 ක් ගත් විට විභාගය සමත් ය.    එබැවින් 05 ශිෂ්‍යත්වයෙන් ලකුණු 70 ට වැඩියෙන් ගත් හැම දරුවකුම විභාගය සමත්ය. 

  එහෙත් කැපුම් මට්ටම 169 යැයි තීන්දු කෙරෙන්නේ දරුවා නොව ආණ්ඩු අසමත් නිසාවෙනි.    සමත්වන සියලු දරුවන්ට ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට හැකි අයුරු අධ්‍යාපන පහසුකම් හා සම්පත් දියුණු කිරීමට ආණ්ඩු අසමත්ව ඇති හෙයිනි.    අසමත් ආණ්ඩු විසින් තමන්ගේ අසමත්කම වසා ගන්නට තීන්දු කරන ලකුණු කැපුම් මට්ටම පරයා ලකුණු ගැනීමට දෙමාපියන්  දරුවන්ගේ හැකියාවන් උරච්චි කිරීමේ අහේතුව මැනිය හැක්කේ, මීට අවුරුදු 08 ට පෙර අවුරුදු 03 ක 05 ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ඉන්නා තත්ත්වය සැළකීමෙනි.  

ඒ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කළ හැක්කේ නම් මෙවර ඉතා අසාධාරණ ලෙස දෝස දර්ශනයට ලක් කෙරෙන සිසු සිසුවියනට සහනයක් ලබා ගත හැකි වනු ඇත.    එවගේම 05 ශිෂ්‍යත්ව විභාගයෙහි සැබෑ වටිනාකම මැනිය හැකි වනු ඇත.       Kusal Perera j(කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන හා සමාජ විශ්ලේෂක  2020 නොවැ. 16

ගමේ අපි ක්‍රිකට් නොදැකපු කාලයේ අපට ක්‍රිකට් පෙන්නූ ප්‍රේමසර සහ පාලිත……

0

….ගමේ අපි ක්‍රිකට් නොදැකපු කාලයේ අපට ක්‍රිකට් පෙන්නූ ප්‍රේමසර/ පාලිත……
රූපවාහිනිය අපේ රටට ආවේ 1980 න් පසුවය…
රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන්නට අපට අවස්ථාව ලැබුනේ ඉන් අනතුරුවය…

නමුත් හැටේ හැත්තෑවේ දශකයේ අපේ මිනිසුන් ක්‍රිකට් බැලූහ..
ඒ රූපවාහිනියෙන් නොවේ… ගුවන් විදුලියෙනි…
ගුවන් විදුලියෙන් අපට ක්‍රිකට් පෙන්නුවේ ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරාය…
ඔවුන් මෙන් ගුවන් විදුලියෙන් ඈත ගම්මානවල මිනිසුන්ට ක්‍රිකට් පෙන්වීමට හැකියාවක් ඇති අයෙක් ඉන් පසුව අද වන තුරු මා දැක නැත…
ප්‍රේමසර ගේ ආකර්ෂණීය හඬක් පාලිතගේ ප්‍රතාපවත් හඬත් අප විනාඩි පහළොවෙන් 15ට එස් එස් සී ක්‍රීඩාංගනය ට සීසීසී ක්‍රීඩාංගණයට හෝ සරවනමුත්තු ක්‍රීඩාංගනය වෙත රැගෙන ආවෝය..

ඔවුන්ගෙ ඇගේ ක්‍රිකට් තිබුණේය.. හිතේ හදවතේ තිබුණේය.. වචන වල ක්‍රිකට් තිබුණේය…

ඔවුන්ගේ ක්‍රිකට් විස්තර ප්‍රචාරය ක්‍රිකට් මූලික කරගත් දෙයක් මිසක් මුදල් මූලික කරගත් දෙයක් නොවීය..
ඉංග්‍රීසි විස්තර ප්‍රචාරණයේ ආධිපත්‍යයට යට වී තිබූ සහ එක්තරා පැළැන්තියක ට පමණක් ක්‍රිකට් ක්‍රීඩාව සීමාව තිබූ යුගයක ඈත ගම් දනව් කරා ක්‍රිකට් ගෙන යාමේ මූලික සහ දැවැන්තම අභියෝගයන් ජය ගත් චරිත දෙක ලෙස මා විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනා ය……
(ඔවුන් දෙදෙනාම දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ය…
ප්‍රේමසර නාලන්දාවේ එක්දහස් නවසිය පනහේ දශකයේ දක්ෂ කඩුළු රකින්නෙකි…
පාලිත මා සිතන්නේ නාලන්දාවේම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ බවයි…)
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එය සෑම අතින්ම ඉහළින් අගය කලත් අතීතය මතක ඇති අපේ පැරණි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අද වනතුරු ඔවුන්ගේ ඒ විශිෂ්ට සේවය සිහිපත් කලත් බිලියන ගණන් මුදල් සංසරණය වන ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලකයින් ඒ පිළිබඳව නිසි ඇගැයීමක් කරාදැයි යන්න නම් මට ප්‍රශ්නයකි……
” ක්‍රීඩා පිටිය තුල ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් යෝග්‍ය කාලගුණ තත්ත්වයක් මේ මොහොතේ පවතිනවා…..සිසිල් සුළං රැල්ලක් ක්‍රීඩා පිටිය සිසාරා හමා යන මේ මොහොතේ වමතින් දඟ පන්දු යවන අජිත් ද සිල්වා ක්‍රීඩා මණ්ඩප අන්තයේ සිට දිව එනවා පන්දු යැවීම සඳහා..
ඔහු ට මුහුණදීමට Alan Border සූදානම් ..
Border පාදයක් පසුපසට ගෙන පිට ඉන්නෙන් පිටතට ඇදී යන පන්දුවට squire cut පහරක් එල්ල කරමින් ලකුණක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා…
අනෙක් අන්තයේ සිටින ග්‍රැහැම් යෙලොප් දකිනවා පන්දුව ඇදී යන්නේ කවර් පොයින්ට්හි පන්දු රකින රෝයි ඩයස් අසලින් බව….
ඒ නිසා ඔහු Border ව ආපසු හරවා යවනවා… නමුත් ඔහු ප්‍රමාද වැඩියි…. ඒ විශිෂ්ට පන්දු රකින්නා Roy Dias විශිෂ්ට පන්දු රැකීමක යෙදෙමින් කෙලින්ම පන්දුව කඩුළු රකින මහෙශ් ගුනතිලක ගේ අත් ආවරණ තුළටම යොමු කරනවා …ඔහු කඩුල්ල බිඳ දමනවා.. Alan Border දුවද්දී දැවි යනවා…..”

(1981 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිම් හියුස්ගේ නායකත්වයෙන් නිල නොවන දින හතරේ ටෙස්ට් තරග දේකට සහ එක්දින තරග තුනකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පැවති තරගයක විස්තර ප්‍රචාරයෙහි කොටසක් මගේ මතකයේ රැඳී තිබුනා)
1980 richmond-mahinda දියමන්ති ජුබිලිය තරගයේ විස්තර ප්‍රචාරය ප්‍රේමසරත් පාලිතත් ගාලු ක්‍රීඩාංගණයේ සිට ගෙනාවෝය…
එකල අපේ සිටි විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ පසුගියදා අපෙන් සමුගත් ජගත් perera මහින්දයේ තුවාන් හමිඩ්ගේ පන්දුවකට ක්‍රීඩා මණ්ඩපය ට ඉහළින් ගාලු පාර දෙසට හයේ පහරක් එල්ල කළ මොහොතේ “ඒ උත්තුංග දේහධාරී පිතිකරුවා ගෙන් දැවැන්ත හයේ පාරක්” යනුවෙන් පාලිත විස්තර විචාරය කළ ආකාරයත් මට මතකයි..

ප්‍රේමසරත්, පාලිතත් සරවනමුත්තු ක්‍රීඩාංගනය අපේ ගෙදර මිදුලට ගෙනාව් එසේය…..
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය නොමැතිනම් දෙවන සේවයෙන් ඉරිදා රාත්‍රී 8.30 ට ප්‍රචාරය වූයේ මොනරතැන්න ටෙලිනාට්‍යයයි… ඊට පෙර අටයි පහළොවේ සිට 8.30 දක්වා බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු සංග්‍රහයයි…
“ලබන සතියේත් හරියටමඉරිදා රාත්‍රියේ 08.15 ට ලොව පුරා ක්‍රීඩා විස්තර සමගින් බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු සංග්‍රහය ඔබ වෙත ගෙන මා ප්‍රේමසර ඈපාසිංහයි..”
සෑම ඉරිදා දිනකම රාත්‍රියේ ඇසුනු ඒ හඬ ද අද මෙන් මතකය…..

.

අයවැය හෙට ….

0

2021 අයවැය ලේඛනය දෙවනවර කියවීම සඳහා හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු එය ඔක්තෝබර් 20 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඉන්පසුව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.

එය සැලකෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙසය.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2,678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2,900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ.

දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට සිදුකෙරේ.

ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වීමට නියමිත ය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත් වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලසීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනාකර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානයන්ට යටත්ව ආසන පනවා තිබේ. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

පොලිසියේ ආසාදිතයන් 785 ක් !

0

පොලිස් දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ආසාදිත නිලධාරින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබේ

එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 191ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් 64ක්, බොරැල්ල පොලිසියේ නිලධාරින් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරින් 24ක්, කොළඹ කොටුව පොලිසියේ නිලධාරින් 122ක් සහ වේල්ල විදිය පොලිසියේ නිලධාරින් 10 දෙනෙකු ඒ අතර වන බවද සැලය

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200 කොරෝනා !සති 3 කට කොළඹ වසාදමන්න- රෝසි කියයි

0

කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් ද කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් මේ වන විට වාර්තා වී ඇති බව වැඩිදුරටත් එහි සදහන්ය

මේ අතර මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති තුනක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කර තිබේ

ඒ පිළිබචදව වැඩිපුර විස්තරවක් ඉදිරිපත් කරමින් අද දෙරණ වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට තිබේ.

“කොවිඩ් සමග ජීවත්වෙනවා කියන්නේ කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත්වෙනවා කියන එක නෙමෙයි. කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතුයි. අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව වැඩියි. ඒ අයව බේරගන්න පුළුවන්කමක් තියෙනවාද කියන එකත් අද ප්‍රශ්නයක්.  ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි,” යනුවෙන්ද කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසීය.