Sunday, September 22, 2024
Home Blog Page 8

රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනපති අද පිටත්ව යයි ..

0

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පවසා තිබුනේ ,ජනාධිපතිවරයා ඇතුළු පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්ව ගිය බවයි.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම නිල විදේශ සංචාරය ද වේ.

දමිළ සිරකරුවන්ගේ උපවාසයට සහය දක්වමින් මඩකලපුවේ විරෝධතා ඇරඹේ

0

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දිර්ඝ කාලයක් රදවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් 06වෙනිදා උපවාසයක් ආරම්භ කර තිබුණි.ඒ ඔවුන්ව නිදහස් කරන ඉල්ලමිනි.

මෙම උපවාසයට සහය දක්වමින් යාපනයේදි ,සිරකරුවන්ගේ ඥාතින් විසින් පසුගිය 12 වනදා සිට උපවාසයක් අරම්භ කර ඇත.

එමෙන්ම තවත් උපවාසයක් අද පෙරවරුවේ මඩකලපුවෙි ගාන්ධි උද්‍යානය අසල අාරම්භ වි තිබේ.

මේ අතර ත්‍රස්ත පණතට මෙන්ම ඒ යටතේ අත්අඩංගුවට ගෙන ඇති වසන්න ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා අද සවස කොළඹදි ඒකාබද්ධ විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

එහෙත් මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨ අතර ත්‍රස්ත පණත නිසා දැනට සිරගතව සිටින දමිල දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට යැයි කියන ඉල්ලිම අන්තර්ගතවි නොමැත.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු,ත්‍රස්ත පණත අහෝසි කිරිම ඇතුළු ඉල්ලිම් 5ක් මුල් කරගනිමින් තිලීපන් විසින් මිට වසර 35 කට ඉහතදි මරාන්තික උපවාසයක් ආරම්බ කර තිබුණි.උතුරේ ජනයා සැප් 15වෙනිදා සිට සැප් 26වනදා දක්වා තිලිපන් ගුණසමරුව සංවිධානය කර තිබේ.

සිරකරුවන්ගේ ඥාතිනුත් යාපනයේදි උපවාසයක් අරඹයි !හෙට මඩකලපුවේත් විරෝධතා !

0

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආහාර ගැනීමෙන් වැලකී සිටින තරුණයින්ගේ ඥාතීන් පසුගිය (12) දා පෙරවරුවේ සිට යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් අරඹා තිබුණි.
පසුගිය 2019 සහ 2020 වසරවල ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් තරුණයින් 13 දෙනෙකු සැප්තැම්බර් 6 වනදා සිට තමන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයක නිරත වූ අතර ඔවුන්ට සහය පළ කරමින් එම තරුණයින්ගේ ඥාතීන් අද යාපනයේදී උපවාසයක යෙදි සිටි.

පහත නම් සඳහන් දෙමළ දේශපාලන සිරකරුවන් මෙම උපවාසයට එක්ව තිබේ.

1. එස්. උදයසිවම්
2. යූ. උමාසුදන්
3. එම්. පාර්තීබන්
4. එල්. ඉම්බරාජ්
5. වයි. රොබින්සන්
6. ආර්. සයන්දන්
7. පී. නගුලේස්වරන්
8. එස්. සුදාහරන්
9. යූ. සතීස්කුමාර්
10. එස්. සසීදන්
11. ආර්. විවේකානන්දන්
12. වයි. ඩඩ්ලි
13. එල්. අජන්තන්



හිරගෙදර දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම වැනි සටන් පාඨ ඇතුළත් පුවරුද විරෝධතාකරුවෝ අතැතිව සිටියහ.
මේ අතර දමිළ සිරකරුවන්ගේ උපවාසයට සහය පළකරමින් හෙට දිනයේ ( 16 ) මඩකලපුවේදිද විරෝධතාවයක් පැවැත්විමට නියමිතව තිබේ.

දැනට දින 09 ක් පුරා දමිළළ සිරකරුවන් උපවාසයක යෙදි සිටිති. මිට වසර 35 කට ඉහතදි තිලිපන් සිය ජිවිතයෙන් වන්දි ගෙවු උපවාසයේදි ඉදිරිපත් කරන්නට යෙදුන ඉල්ලිම් කිපයක අතරද දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට යැයි යන ඉල්ලිම මෙන්ම ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කිරිමද ඇතුලත් ව තිබුණි.

ත්‍රස්ත පණත ගැන දකුණේ දැන් විරෝධතා පැවැත්වෙමින් තිබුණද මේ බොහෝ තැන්වලදි ත්‍රස්ත පණත යටතේ සිරගත කර ඇති දමිළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට දකුණේ විරෝධතා කරුවන්ගේ අවධානයට පත්ව නැති තත්වයකි.
දකුණේ බොහොමයක් උද්ඝෝෂණ වල විරෝධතා පුවරුවලදි පවා දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යන්න දකින්නට නැති තත්වයක් නිර්මාණය වි තිබේ.
ඡායා සහ විස්තර – නිදර්ශණ් විනෝද්

නාමල් හැර හිටපු ක්‍රීඩා අමාත්‍යවරු කොළඹ දී හමුවෙයි!

0

අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.

ක්‍රීඩා අමාත්‍යධූරය දැරු සියළුම දෙනා හට ආරාධනා කළ මෙම හමුවේ දී  ක්‍රීඩා අමාත්‍යවරුන් ලෙස ක්‍රීඩාවේ අතීත අත්දැකීම් තුලින් අනාගතයේ ක්‍රීඩාව ශක්තිමත්ව ජයග්‍රහණ කරා නගාසිටුවීමට අවශ්‍ය යෝජනා, අදහස් ලබා ගැනීම එහිදී සිදු විය.

වාද, විවාද සමග සුහදව එම සාකච්ඡාවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් රටතුල ඇති සියළුම අමාත්‍යාංශ, ආයතන, දෙපාර්තමේන්තු, පළාත් සභා, ක්‍රීඩා සංගම් ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව යෝජනා විය.

ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් රාශියක් පිළිබදව හා ක්‍රීඩා පනතට ඇතුලත් කර ගත යුතු යෝජනා රාශියක් ද ජාතික ක්‍රීඩා ප්‍රතිපත්යක් පිළිබදව යෝජනා ද මෙහි දී ඉදිරිපත් විය.

මෙම අවස්තාවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරනතුංග, ගාමිනී ලෝකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සහභාගී විය.  

ada.lk වෙබ් අඩවිය මේ පුවතේ සිරස්තලය තුලින් මතුකර තිබුනේ හිටපු ක්‍රිඩා ඇමතිවරයෙකු වන නාමල් රාජපක්ෂ මෙම හමුවට පැමිණ නොතිබුන බවය.

ශ්‍රිලනිපයට මොකද වෙන්නේ ? විශ්වාසවන්තම පිරිස 5 යි !

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අයෙකු ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීමේ ඉඩක් ඇති බවට ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී අනාවැකි පළ වුණු නෙත් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ කුමන පුද්ගලයෙකු පක්ෂය අත්හැර ගියත් අනිවාර්්‍යයෙන් අවම පස් දෙනෙකුවත් පක්ෂය තුළ සිටිනු ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිව්රුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස තවදුරටත් අඩු වී ගොස් ඇතැයි දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධුර දරන අතර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාගවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය 08දා දිනයේ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

මේවනවිට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග ඉතිරිව සිටින්නේ ශාන් විජේලාල්, දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි.

ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී දුමින්ද දිසානායක ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර ඊයේ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනේදී දුමින්ද දිසානායක සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් නොකළ බවද ද ලිඩර් වෙබ් පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර කුමාර වෙල්ගමගේ මුලිකත්වයෙන් සහ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංගගේ පංගුකාරිත්වයෙන් ඇරඹුණු නව පක්ෂයට මේ වන විට යම් ප්‍රතිචාර දිස්ත්‍රික් මට්ටමින් ලැබෙමින් ඇතැයිද වාර්තා වේ.

විමුක්තිටත් පොලිසියට එන්න කියලා…

0

අරගල භුමියේ සිටි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකුව සිටි විමුක්ති දුෂාන්තව කොහුවල පොලිස් ස්ථානය වෙත කැඳවා ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ කිසිඳු හේතුවක්දැනුම් දීමකින් තොරව බවද එම පුවතේ සදහන්ය.
ඔහු Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ද වේ.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේද කමිටු සමාජිකයෙකු වන විමුක්ති මාර්තු 01 වෙනිදා කොහුවලින් ආරම්භ කළ අවිහිසංවාදි විරෝධතා වැඩපිළිවෙල පසුව රට පුරා ක්‍රියාත්මක විය.

යාපනය විශ්වවිද්‍යාලයේදි තිලීපන්ගේ ගුණ සැමරේ …

0

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් තිලීපන් ගුණානුස්මරණය අද පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයේදී සංවේදී අයුරින් සිදු කරන ලදී.

1987 සැප්තැම්බර් 15 දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් පැය 24ක් ඇතුළත පිළිතුරක් ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම් පහත ඒවාය.

1. හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
2. පුනරුත්ථාපනය යන ලේබලය යටතේ ශ්‍රී ලංකා රජය විසින් කරන සිංහල ජනපදකරණය නැවැත්වීම
3. අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇති කරන තුරු සියළු පුනරුත්ථාපන කටයුතු අත්හිටවීම
4. උතුරු නැගෙනහිර පළාත් වල අළුතින් පොලිස් ස්ථාන ඇති කිරීම අත්හිටවීම
5. ග්‍රාමාරක්ෂක භටයින් නිරායුධ කිරීම හා හමුදා/ පොලිස් භාරයේ ඇති පාසැල් ගොඩනැඟිලි මුදාහැරීම.

යන ඉල්ලිම් මුල් කොට ගනිමින් තිලිපන් සිය උපවාසය 1987 සැප් 15 වෙනිදා අරභා තිබුණි.
ආහාර හෝ ජලය ලබානොගත් ඔහු දින 12 කට පසු අවයව අක්‍රිය විමෙන් පසු 1987 සැප් 26 වනදා මිය ගියේය.

සිය දේශපාලනය වෙනුවෙන් ප්‍රතිපත්තිගරුවක පුජාකළ සිය ජිවිතය උතු‌රේ මෙන්ම නැගෙනහිර දිදි සකල ජනයාගේ බුහුමනට පාත්‍ර වන්නට හේතුවි තිබුණි.

තිලිපන් වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පහන් දල්වමින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි. මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ දමිළ සිසුන් සමඟ මුස්ලිම් සහ සිංහල සිසුන් ද හැඟීම්බරව සහභාගී වූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ද සමරු උත්සවයට සහභාගිව තිබුණි.


නිදර්ශණ් විනෝද්

උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් හෙට මඩකලපුවේ විරෝධතා ..

0

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් මඩකලපුවේ විරෝධතාවක් සංවිධානය කර ඇතැයි මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් සිය ෆේස් බුක් පිටුවේ සටහන් තබමින් දැනුම් දි තිබේ.

(16 ) හෙට සිකුරාදා පෙරවරු 07.00 සිට ගාන්ධි පාර්ක් ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්විමට නියමිතව තිබේ.
මෙම මාරාන්තික ත්‍රස්ත මර්දන පනත ඉවත් කිරීමට සහ විශේෂයෙන්ම දෙමළ කතා කරන ජනතාව මත පනවා ඇති මෙම නීතියට එරෙහිව කරුණාකර සහභාගී වී ඔබගේ සහයෝගය ලබා දෙන්න යැයදි රාසමානික්කම් මන්ත්‍රිවරයා ඉල්ලා ඇත.

මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවය සදහා ජනපති බ්‍රිතාන්‍යයට …

0

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය එකකය විසින් තහවුරු කොට තිබේ.

අද (11) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණ අතර මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගෙන ඇත.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ ලබන 19 වන දින දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතය.

ව්‍යාජ බලපත්‍ර යොදාගනිමින් වැලි ප්‍රවාහන කළ ටිපර් 8 ක් අත්අඩංගුවට ..

0

ව්‍යාජ බලපත්‍ර සකස් කර මනාල ප්‍රදේශයට ධාවනය කළ ටිපර් රථ 8ක් සවාගචේරි පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒවායේ රියදුරන් අට දෙනෙකු අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, නුවර පාර හරහා යාපනය දෙසට වැලි රැගෙන පැමිණි ටිපර් රථ චාවකච්චේරි පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිව තිබේ.



නිදර්ශන් – යාපනය