Sunday, September 29, 2024
Home Blog Page 79

මඩකලපුවේ වැලිකැණිම් බලපත්‍ර නිකුත් කිරිමට නතර කිරිමට නියෝගයක් !

0

(10.30 am ) මඩකලපුව දිස්ත්‍රික්කයේ වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරින්ට නියෝග කළ බව දිණමිණ වාර්තා කොට තිබේ

ඒ ආණ්ඩුකාරවරියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදීය.    එම දිස්ත්‍රික්කයේ වැලි කැණිම් නීති විරෝධිව සිදු වීම නිසා සංවේදි කලාප වල විශාල පරිසර හානි සිදුවෙමින් පවතින බවට මෙහිදි මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිළධාරින් ද කියා සිටියහ.   ඒ අවස්ථාවේ ආණ්ඩුකාරවරිය කියා සිටියේ නීති විරෝධිව වැලි කැණිම් සිදු කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දෙන බවයි.

මින් ඉදිරියට මඩකලපුව දිස්ත්‍රික්කයේ වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරීම  සදහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය. දිස්ත්‍රික් ලේකම්වරයාට අමතරව එම කමිටුවේ සමාජිකයන් ලෙස දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු, භුවිද්‍යා හා පතල් කැණිම් කාර්යංශය, පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, දිස්ත්‍රික් වන සංරක්ෂණ නිළධාරි සහ පරිසර ක්‍රියාකාරි නියෝජිතයෙකු ඇතුළත් වන පරිදි මෙම කමිටුව සකස් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය නියෝග කළාය.
මුලාශ්‍රය -දිණමිණ

ක්‍රිස් ගේල් LPL තරඟාවලියට නොඑන බව කියයි !

0

( 8.30 am ) LPL තරඟාවලියට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සහභාගි නොවන බව වාර්තා වේ

ඔහු කැන්ඩි ටස්කර්ස් පිළ නියෝජනය කිරිමට නියමිතව තිබුණි.පුද්ගලික හේතුවක් මත ඔහු ඒ තිරණය ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබේ

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කළ Chris Gayle, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අද ( 19 ) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව සිටියේය. නමුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ඉහළ පෙළේ නිලධාරියෙකු ThePapare.com වෙත පවසා තිබුනේ Chris Gayle මෙවර LPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවය

බොහෝ කණ්ඩායම්වල අයිතිකරුවන් සහ කළමනාකරුවන් මේ වන විටත් දිවයිනට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත

අක්කර 180 ක කැලෑ කොල්ලයක් මාධ්‍යවේදීන් නිසා එළිවේ

0

email sharing button
pinterest sharing button

( 7.30 am ) මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් ගවේෂණය කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන් බව පිළිගත් සැකකරුවන් ඇප ලබා නිදහස් වෙද්දී, පහරදීම සිදු වු ස්ථානය සමීපයේ පිහිටි  වන රක්ෂිතයක්  දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබේ.  

මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම පිළිබඳ මුල් විමර්ශන පිළිබඳ වාර්තාවේ අඩුපාඩු සම්බන්ධයෙන් මීට ඉහතදී අධිකරණයේ දෝෂ දර්ශනයට ලක්වූ පොලිස් නිලධාරීන් අලුතින් තොරතුරු ගවේෂණය කර නොවැම්බර් 17 අඟහරුවාදා පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනා පහර කෑමට ලක්වු ස්ථානය ආසන්නයේ පිහිටි නාගන්චෝලේ රක්ෂිතයේ අක්කර 180 ක භුමියක් දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බවයි.   එම අපරාධයට වගකිවයුත්තන් කවුරුන්දැයි පොලිසිය හෙළි කරගෙන නැත.   ”පොලිස් නිලධාරීන් අලුතින් තොරතුරු ගවේෂණය කර නොවැම්බර් 17 අඟහරුවාදා පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනා පහර කෑමට ලක්වු ස්ථානය ආසන්නයේ පිහිටි නාගන්චෝලේ රක්ෂිතයේ අක්කර 180 ක භුමියක් දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බවයි.”   මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදුන් බව නොවැම්බර් 3 දා නඩු වාරයේදී  පිළිගත් ප්‍රධාන සැකකරු යෝගේෂ්වරන් අනුජන් සහ සෙසු සැකකරුවන් දෙදෙනා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද දිනයේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ වී තිබේ.

  හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට කැඳවා තිබුනු කුමාරවේල් සෞන්දකුමාර් සහ මහේන්ද්‍රන් ලෝකීසන් යන සෙසු සැකකරුවන් දෙදෙනා රටේ පවතින වසංගත අවදානම හමුවේ ගෙන ආ නොහැකි බව පවසමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දැනුම් දී ඇත්තේ පහර දීම සිදු වු ස්ථානයේ සිටි බව සැකකරුවන් විසින් පිළිගන්නා බවයි.   ඒ අනුව ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.   සැකකරුවන් තිදෙනාගෙන් කරුණු විමසු මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින්කුමාර්, එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.   පහර කෑමට ලක්වු මාධ්‍ය වේදීන් දෙදෙනාට නැවත තර්ජනය කිරීම් නොකරන ලෙස අවවාද  කළ විනිසුරුවරයා යෝගේෂ්වරන් අනුජන්, කුමාරවේල් සෞන්දකුමාර් සහ මහේන්ද්‍රන් ලෝකීසන් යන සැකකරුවන් තිදෙනාට වැඩි දුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් සිකුරාදා දිනයේ මුලතිව් අධිකරණයට පැමිණ අත්සන් තබන ලෙසයි.  

නැවත නඩු විභාගය 2021 පෙබරවාරි 2 දිනට කල් තැබූ අධිකරණය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට සහ වන සංරක්ෂණ බලධාරීන්ට නියෝග කර තිබේ.   කැලෑ කොල්ලයේ තොරතුරු අනාවරණය කිරීමේ යෙදී සිටි දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් සමග අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් ගත කර සිටි නෝර්වේ පුරවැසියකු  වු ඔස්ලෝ වාසී තිශාන්තන් රාජේන්ද්‍රන්ට  මුලතිව් උසාවිය විසින් මීට ඉහතදී  ඇප නියම කර තිබුනි.   කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට ඔක්තෝබර් 12 වැනි දා  අමානුෂික ලෙස පහර දීම, ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම හා වන රක්ෂිතය තුළ නීතිවිරෝධී දැව ජාවාරම සම්බන්ධයෙන් පටිගත කොට ඇති වීඩියෝ සාක්ෂි ඉවත් කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව එල්ල වී  තිබේ.

 militarised 2020.10.12

කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තෝබර් 12 වැනි දා අමානුෂික ලෙස පහර දීමකට ලක්විය.   මුහුදුබඩපත්තු ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කරමින් යෝගේෂ්වරන් අනුජන්ට අයත් බව පවසන කම්බි ගැසු තේක්ක දඬු වැටකින් වටකළ එළි පෙහෙළි කළ ඉඩමක්  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා කළ විමසීමකදී  පසුගියදා අනාවරණය වී තිබුනේ  එම ඉඩම හෝ ඒ අවට කිසිදු ඉඩමක අයිතියක් ඔහුට නොමැති  බවයි.   ඒ සම්බන්ධ තොරතුරු දිසා විනිසුරු වෙත වාර්තා කිරීමටත් පසුගිය නඩු වාරයේදී  මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥයන් කටයුතු කර තිබුනි.   තවසීලන් සහ කුමනන් වෙනුවෙන් එස්. ධනංජයන්, කනගරත්නම් පාර්තීපන් සහ දුශ්‍යන්ති සිවකුමාර් යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියේය.   ප්‍රදේශයේ සිදුව ඇති මහ  වන විනාශය පිළිබදව පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇතත් එයට වගකිවයුතු කිසිවකුත් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අසමත්වීම ගැන ප්‍රදේශවාසීහු පොලීසියට චෝදනා කරති.  

ererret
ojuj

theleader.lk

යාපනය වෛද්‍ය සිසුවාගේ මරණය අභිරහසක් ..???

0

( 7.40 pm ) යාපනය විශවවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු මෙලෙස මරණයට පත්වී තිබේ. මළ සිරුර ඊයේ දිනයේ ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී සොයා ගත් බව යාපනය කෝපායි පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස හමුව ඇත්තේ තුන්නාලෙයි උතුර ප්‍රදේශයේ වයස 23හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක්. මරණයට හේතුව තවම සොයාගෙන නොමැති අතර වැඩිදුර පරක්ෂණ කෝපායි පොලිසිය විදුකරනවා.

බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුර 15000 කට ආසන්නයි !

0

( 6.40 pm) මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (18) පස්වරු 6.05 වන විට තවත් ආසාදිතයන් 233 දෙනෙකු එකතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 14,568 කි.
අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන මේ වනවිට 14,801කි.

ශ්‍රිලංකන් සේවකයන් 560 කට විශ්‍රාම යන ලෙස ඉල්ලිමක් ..

0

( 8.30 am ) දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම සිය සේවකයින්ට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට යෝජනා කර ඇතැයි lankatruth.com වෙබ් අඩවිය වාර්තා කොට ඇත

ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයිද ඇස්තමේන්තු කර තිබේ.

මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවද අමාත්‍යවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

හිටපු ධිවර ඇමතිගේ අමු මාළු කෑම ජාත්‍යන්තර මාධ්‍ය වල අවධානයට ..

0

( 7.30 am ) හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු ආහාරයට ගැනීම එංගලන්තයේ, ඇමරිකාවේ ඇතුලු විදේශ මාධ්‍ය රැසක අවධානය දිනාගෙන තිබුනා.

“කොරෝනා වසංගතයෙන් බිඳවැටුනු ධීවර කර්මාන්තය රැකගැනීමට හිටපු ඇමති අමුවෙන් මාළු අනුභවයට ගනී” යන හිසින් යුතුව එම මාධ්‍ය වාර්ථා පලවී තිබුනා.

2019 වසරේදී මතස්‍ය සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිළියන 268.2 ආදායමක් උපයා තිබූ අතර මතස්‍ය නිෂ්පාදන ලංකාවේ ප්‍රධන අපනයන අංග 10 තුලට ඇතුලත් වේ.

එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් වීමෙන් 2016 වසරේදී යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් 2017 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා සිදුකල මතස්‍ය අපනයන පෙර වසරට සාපේක්ෂව 47% පමණ වර්ධනය වී තිබුනා
( උපුටා ගැනිම තිලිණ ජයසේකරගේ ෆේස් බුක් පිටුවෙනි )

රාජපක්ෂවරුන් බේරාගන්න ගිය සනත් නිශාන්ත යළිත් අමාරුවේ වැටෙයි ?

0

( 10.00 pm ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට ගෙන ආවේය.

ඔහු එහිදී කියා සිටියේ අදාල පින්තූරයක සංස්කරණ කරන ලද්දක් බවත් විපක්‍ෂයේ පහත් දේශපාලන ක‍්‍රියාවක් බවය.

ඇමති සනත් නිශාන්තගේ පැහැදිලි කිරිම https://www.facebook.com/watch/?v=1050727422056270&t=1


මේ අතර මේ ඡායාරුපය පිලිබඳව අද නාගරික මන්ත්‍රි ධනුෂ්ක රාමනායකව අපරාධ විමර්ශණ කොට්ටාශයට කැදවා තිබුන අතර එම ප්‍රශ්ණ කිරිම් වලින් පසුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සමාජ මාධ්‍ය වලට සංසරණය වු ජනපති සහ අගමැති සිටින ඡායාරුපය සංස්කරණය කළ එකක් නොවන බවය.
අපරාධ විමර්ශන කොට්ටටාශයට අවැසිව තිබි ඇත්තේ එම ඡායාරුපය සමාජ මාධ්‍යයට ගියේ කෙසේදැයි සොයා ගැනිමට විය යුතුය

මීගමුවේ කඩොලාන ගැන රටේම ප්‍රසිද්ධ වුන ඇමති පුත්තලමේ ගස් හිටවයි !

0

( 9.30 pm ) පුත්තලම දිස්ත්‍රික්කයේ මග දෙපස වන පැල ලක්ෂයක් සිටුවීම ජනතාවත් සමග එක්ව අරඹන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා අද(17 ) දින පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මේ බව පවසා සිටියේ ආඩිගම හෙල්ත් කලබ් තරුණ කණ්ඩායම සංවිධානය කර තිබු මාර්ග දෙපස පැළ සිටුවීමේ කටයුත්තකට එක් වෙමිනි.

මෙහිදි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව තමන් සියලු කණ්ඩායම් එක් කරගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග දෙපස පැළ ලක්ෂයක් සිටුවීමට ඉදිරියේදි කටයුතු කරන බවයි.

ඇමතිවරයා පවසා සිටියේ තමන් වයඹ පළාත් සභා ධීවර ඇමති ධුරය දැරූ සමයේදී ද කඩොලාන පැළ ලක්ෂයක් සිට වූ බවය.

ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු පද්ධති ආශ්‍රීතව කඩොලාන පැළ ලක්ෂයක් නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පසුගිය කාලය තුල මිගමුවේ කඩොලාන කපා ක්‍රිඩා පිටියක් ඉදිකිරිමට යාම සම්බන්ධයෙන් මතුවු ආරවුලකදි ඇමති සනත් නිශාන්ත ඔක්ෂිජන් ඇමති ලෙසින්ද ප්‍රකට වි සිටියේය.
එයට හේතුව වි තිබුනේ එකි රැස්විමට පැමිණ සිටි අයෙකු අපට ඔක්ෂිජන් කන්ඩදැයි ඇසු ප්‍රශ්ණයක්ද මුල්කොට ගෙනය

මීගමුව කලපුවේ මොදකොටු වගාව තුළ අර්බුදයට ලක්වූ ධීවරයා.

0
IMG-20191130-WA0002
IMG_20191130_105153

කොටු තුළ මතස්‍ය වගාව මීගමුව කලපුවේ ආරම්භ කිරීම තුළ ඒ මගින් ඔවුන්ට යම් ආර්ථිකමය සහනයක් ලැබීමට හැකිවිය . මේ සඳහා යම් සහයෝගයක් මුල් කාලයේදී රජයෙන්ද ලැබින . මේ වනවිට පවතින අර්බුදය හමුවේ සමහර මොදකොටු ධීවරයින් එම රැකියාව කරගෙන යාමට නොහැකි තත්වයකට පත්වී වෙනත් විකල්ප රැකියාවන්ට යොමුවී ඇත .
මෙම කාරණය සම්බන්ධව අවබෝධයක් ඇති දෙදෙනකු සමඟ අප කතාබහකට යොමුවූයේ මෙහි සැබෑ තත්වය මතුකර ගැනීමේ අදහසින්ය . ප්‍රථමයෙන්ම මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් කතාකළේ සිරිවර්ධන පෙදෙසේ ක්‍රිෂෝර් ලක්ෂ්මන් පෙරේරා මහතාය.

“මගේ නම ක්‍රිෂෝර් ලක්ෂ්මන් පෙරේරා . මීගමුව කලපුවේ මොදා මසුන් ඇතිකරන සමීතියේ ඉන්නෙ . සමීතියේ සාමාජිකයින් 60 ක් ඉන්නවා. මම අවුරුදු 16ක් විතර වෙනව මේ කොටු රස්සාව කරන්න අරන්. මේ වෙනකොට මාළුපැටව් ගන්න බැරි තත්වයක් තියෙනවා. මාළු පැටව් ගන්න ගියහම නෑ කියනවා.මාළු කෑම ගන්න ගියහමත් කරදරයි. ඒක හින්ද මේක කරගෙන යන්න බැරි තත්වයක් දැන් උදාවෙල තියෙන්නෙ”
මීලඟට අදහස් දක්වමින් කතා කළේ සමාජ ක්‍රියාධරයෙකු වන නාමල් ප්‍රනාන්දු මහතාය.
“මම වර්ණකුලසූරිය ජූඩ් නාමල් . මීගමුවේ ධීවර ජනතාව සමඟ වැඩ කරන කෙනෙක් , මොදකොටු රස්සාව මීගමුවට හඳුන්වල දුන්නෙ අපි තමයි …
මීගමුවේ මොද කොටු වර්ධනය වුනා මිසක් කර්මාන්තයේ වර්ධනය සඳහා , ජලජීවීන්ගේ වර්ධනය සඳහා සහ⁣යෝගයක් රජයෙන් කිසිම ලබාදුන්නේ නෑ කියන එක තමයි මගේ මතය.

දැනට ගෙනෙන මාළු .පැටව් නල දරුවනන් හා සමානයි. පලමු මවගෙන් හා පියාගෙන් ගන්න මාළු පැටව් හරි ශක්තිමත් . දෙ⁣වන තුන්වන මාළුන්ගෙන් ගන්න ජීවීන් ශක්තිමත් නෑ. මේනිසා ශක්තිමත් පැටියෙක් දෙන්න ඕනෙ ගොවියට මේක පවත්වාගෙන යාම සඳහා . මීගමුව ජල චක්‍රය හරි අධිකයි කාල වකවානු අනුව .ඒනිසා පැටව් ගෙනැල්ල ඔබපුවහම පැටව් පීනල පීනල මැරෙනව . පොඩි ළමයෙකුව වතුර බේසමකට දැම්ම වගේ . පැටියව ශක්තිමත් වෙන්න ඕනෙ පරිසරයට අනුව , මේ දැනුම ධීවරයට දිය යුතුව තිබෙනව.”

මෙකී සියළු ප්‍රශ්ණ ධීවරයට බලපාන බවයි නාමල් මහතා ප්‍රකාශ කරන්නෙ . මේගැන ඔහු කියන්නෙ මුල් කාලෙදි මේ විදිහට පැටව් මැරුණෙ නැති බවයි. කෙසේ නමුත් රාජ්‍ය පර්යේෂණ ආයතන වන නාරා, නැප්ඩා වැනි ආයතන විසින් මේගැන සොයා බැලිය යුතු අතර රජය මේ සඳහා අතහිත දියයුතු බවයි .