Sunday, September 29, 2024
Home Blog Page 78

‘ඉටුකම’ අරමුදලට නොදී ලක්ෂ 500ක වියදමින් රෝහල් වාට්ටුවක් ඉදිකළ සමාජ සේවකයා…

0

( 8.30 am ) කොරෝනා ආසාදිතයින් 100කට ප්‍රතිකාර කළ හැකි වාට්ටු සංකීර්ණයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරනු ලැබූ ව්‍යාපාරිකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

ඊයේ (18) දිනයේදී ජනතා අයිතියට පත් කරනු ලැබූ මෙම දෙමහල් ගොඩනැගිල්ල ගෝනාපීනුවල පදිංචි ආර්.කේ. කුලතිස්ස මහතා (87) සහ එම මහත්මිය (86) තම ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 500කට පමණ මුදලක් වැය කර මෙම වාට්ටුව ඉදිකර තිබේ.

හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙනුවෙන් ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ලේ රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වන අතර කොරෝනා ආසාදිතයින් 100 කට වැඩි පිරිසකට නේවාසික ප්‍රතිකාර ලැබිමේ පහසුකම්වලින් සහිත බව වාර්තා වේ.

ගෝනාපීනුවල දී උපත ලද කුලතිස්ස මහතා තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන අතර ඉන්ධන පිරවුම් හල්, පුවත්පත් බෙදාහැරීමේ ආයතන, සිල්ලර වෙළෙඳ සැල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාර ඔහු විසින් පවත්වාගෙන යනු ලැබේ. පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ සමඟ මේ ව්‍යාපාර දියුණු කර උපයාගන්නා ධනය පොදු කටයුතු සඳහා වැය කරන පරිත්‍යාගශීලින් දෙපලක් බවට ප්‍රකටය.

මෙම ගොඩනැගිල්ල විවෘතකිරීමේ අවස්ථාවට ආරාධිතයින් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය ජනතා අයිතියට පවරනු ලැබිය. මේ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යතුළ පළවී තිබුුුුණි.
lankatruth.com

මාකඳුරේ මධුෂ් ඇතුළු 08කගේ මරණ ගැන මානව හිමිකම් පරීක්ෂණ

0
linkedin sharing button

( 7.30 am ) ඉකුත් මාස හතරක කාලය තුල මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අටදෙනකු තරම් ඉහල සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.   සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනයට ලක් වීම ද මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි.  

2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.     ”2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.”   රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වු මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට ඇතුලත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරිය පෙන්වා දෙයි.  

 වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම විසින් යොමු කර තිබෙන ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ, මුලික අයිතිවාසිකම් පිළිබද යම් උල්ලංඝණය කිරීමක් හෝ අත්‍යාසන්න උල්ලංඝණය කිරීමක් පිළිබද විමර්ශනය කිරීමත්, අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රදවා ගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය සදහා අවශ්‍ය විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරන බවයි.  

 මධුෂ් ලක්ෂිතට යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.     ”මධුෂ් ලක්ෂිතට යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.”   ” ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැදවුම් ස්ථානය වෙනස් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත යන අයට යම් ජීවිත අනතුරක් වීමට හැකියාවක් ඇති බවට 2020.10.18 දින ලද පැමිණිල්ලට අනුව එම රැඳවියාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව සුදුසු වැඩ පිළිවෙලක් ගත යුතු බව දක්වමින් 2020.10.19 දිනැතිව කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස්පති හා පොලිස් කොමිෂන් සභාව වෙත ෆැක්ස් පණිවිඩ මගින් දන්වා තිබියදී විමර්ශන කටයුත්තකදී එම රැඳවියා මිය යාම පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම අවධානය යොමු කර ඇත.  ”    ඒ සම්බන්ධයෙන් මෙන්ම පොලිස් අත්අඩංගුවේදී සිදු වන මිය යාම් පිළිබදව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පති වෙත ඔක්තෝබර් මාසයේ  යොමු කළ ලිපියක සදහන්ය.   පොලිසිය ආවේ නෑ !   එම එක් පරීක්ෂණයක් සදහා ඔක්තෝබර් 21 දින පෙරවරු 11.30 ට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා ස්ථානාධිපති කැදවා තිබුනද කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔවුන් සහභාගී වී නොමැති බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.    

ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වගන්තිය යටතේ ගැනෙන කරුණක් බව දන්වමින් කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත්තේ එම නිලධාරීන් සම්බන්ධව නිසි පියවර ගෙන කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසයි.     ”මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසයයි.”     අගොස්තු 27 දින ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවේ පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවේදී පොලිස් අත්අඩංගුවේදී සිදු වු මිය යාම් පිළිබදව සාකච්ඡාවට බදුන් වු ආකාරයත් කොමසාරිස්වරිය පොලිස්පතිවරයාට සිහි ගන්වා තිබේ.    එම ලිපිය මගින් ඇය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසය බවයි.   “පැන යාමට තැත් කිරීමේදී”  සිදුවන මරණ

sellblock min 1024x658

      බන්ධනාගාර ‍කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය නොවැම්බර් 18 බදාදා මාධ්‍ය වෙත දැනුම් දී තිබුනේ බෝගම්බර පැරණි බණ්ධනාගාරයේ නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් පස් දෙනකු එදින අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පලා යාමට උත්සහ කළ උත්සාහයේදී එක් රැඳවියකු මියගොස් ඇති බවයි.    එදින  බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක්ද සිදු කර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුනි.    බන්ධනාගාර නිලධාරීන් පවසන පරිදි එදින මියගියේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.    කොරෝනා වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කිහිපයකම සිරකරු  ඝාතන සිදු වු  බව සිහිපත් කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගර නිලධාරීන් අතින්ම සිරකරුවන්  ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි.     ”සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගර නිලධාරීන් අතින්ම සිරකරුවන්  ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි.”

Senaka Perera

යූ ජී  උපුල් නිලන්ත නමැති සැකකරු විසින් පහර දෙනු ලැබූ බවට චෝදනා කරන මොණරාගල බන්ධනාගාරයේ  නිලධාරීයකු තවත් නිලධාරියකු සමග එක්ව අදාළ රැඳවියාට පහරදීමෙන් නොවැම්බර් 3  දින අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි හතලිස් හැවිරිදි ඔහු මිය ගොස් තිබු  බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙයි.    බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක එදින පවසා තිබුනේ සිරකරුගේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.    වසංගත සමය තුළ දිවයිනේ බන්ධනාගාර කිහිපයකම මෙවැනි ඝාතන  සිදු වු බව සිහිපත් කරන මානව හිමිකම් නීතිඥයා අවධාරණය කරන්නේ, ඒ සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී තිබෙන කිසිදු බන්ධනාගාර නිලධාරියකුට එරෙහිව මේ දක්වා අවම වශයෙන් අභ්‍යන්තර දඩුවම් ලබාදීමක්වත්  සිදුව නොමැති බවයි.    එවැනි තත්වයක් තුළ මෙවැනි ඝාතන සිදු කිරීමට එම නිලධාරීන්ට ධෛර්ය ලැබෙන බව  නීතිඥ සේනක පෙරේරාගේ අදහසයි.  

 බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම සමාජගත කර තිබෙන රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.     ”බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම සමාජගත කර තිබෙන රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.මහර සහ අනුරාධපුර    සිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී ඇද වැටී මියගිය බවට බලධාරීන් පවසන තරුණ රැඳවියකු වද දී මරා දමා ඇති බවට පසුගිය මැයි මාසයේදී  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුනි.    එම පැමිනිල්ල ඉදිරිපත් කර තිබුනේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.    සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුනේ  ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.  

 අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් රැඳවියන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සිදුවූ එක් මරණයක් හිතා මතාම කරන ලද මිනීමැරුමක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය අගෝස්තුවේ තවත්  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනි.   බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය කන්ද මුල්ලේ ආරචිචිලාගේ සමන් කුමාරගේ බිරිද අගෝස්තු 21 සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුනේ සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණින්ම වෙඩි තබා ඇති බවයි.   අනුරාධපුර බන්ධනාගාරය තුළ එදින සිදු වු වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් ඝාතනය වී තිබුනි.

theleader.lk

LPL තරඟාවලියට පැමිණි තවත් ක්‍රිඩකයෙකුට කොරෝනා …

0

( 4.30pm ) Kandy Tuskers කණ්ඩායමේ සිටින විදෙස් ක්‍රීඩකයෙකු වන පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක Sohail Tanvir හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව ThePapare.com වාර්තා කොට තිබේ

ඒ සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර ඇති අතර LPL තරගාවලිය වෙනුවෙන් පැමිණි ක්‍රීඩකයින් අතර කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූ දෙවන ක්‍රීඩකයා Sohail Tanvir වේ.

ඊයේ (19) දිනයේ දී Colombo Kings කණ්ඩායමේ ක්‍රීඩක Ravinderpal Singh හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු විය. ඒ නිසාවෙන් ඔහු සමඟ ගුවන් යානයේ පැමිණි කිහිප දෙනෙක් ද නිරෝධායනය කර ඇති අතර එලෙස නිරෝධායනයට ලක් කර තිබෙන ක්‍රීඩකයින් අතර Colombo Kings කණ්ඩායමේ Andre Russel ද සිටින බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

“Sohail Tanvir සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය බලධාරීන් විසින් අවශ්‍ය සියලු පියවර ගනිමින් ඉන්නවා” යැයි Kandy Tuskers කළමනාකරු ෆර්වීස් මහරූෆ් ThePapare.com වෙත තහවුරු කළේය.

එසේම හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Munaf Patel තවමත් Kandy Tuskers සමඟ සම්බන්ධ වී නොමැති නමුත් ඔහු ඉදිරි දින කිහිපයේ දී ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, Chris Gayle වෙනුවෙන් ආදේශ කර ගන්නා ක්‍රීඩකයා පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ද මහරූෆ් වැඩිදුරටත් පැවසීය.

විල්සන් කරු අත්අඩංගුවට ගැනිම ගැන සමාජ මාධ්‍යවල අවධානය .

0

(3.55 pm ) ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා පොලිසිය විසින් මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල සිනමාවේ දුශ්ටයාට පණ පොවමින් සිනමාවට මහත් මෙහෙයක් කල විල්සන් කරු මහතා අද පත්ව ඇති අසරණ තත්වය සහ මානසික පීඩාව මින් පෙනේ.
එය අද රටවැසියා මුහුණ දී ඇති අසරණ තත්වය පෙන්වන කැඩපතක් වැන්න.අද මෙරට මධ්‍යම සහ පහල මැදි ආදායම් ලබන ජනයා මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය විසල් සමාජ කඩා වැටීමක් දක්වා දුර යා හැක්කකි
( යසස් ද සිල්වාගේ ෆේස්බුක් පිටුවෙනි )

තම ජීවිත කාලෙම ප්‍රේක්ෂකයන් පිනවන්න ගුටි කාලා, ගහගෙන, මහා මන්දිර වෙනුවට කිරුළපන හංදියෙ පුංචි ගෙයක හිටපු විල්සන් කරූ අත් අඩංගුවට ගන්නෙ රුපියල් 5000ක් ආධාරයක් ගන්න මාස්ක් එක නැතුව පෝලීමේ හිටියා කියලා.ජනතාවගෙ බදු මුදල් කෝටී ගණන් වංචා කරපු සුදු රෙදි හොරාලව නිදොස් කොට නිදහස් කරන නීතිය වෙසඟන ඉදිරිපිට මේ වයෝවෘද්ධ කලාකරුවා මොන තරම් අසරණද?මේ කාලකන්ණි පාලකයාන් සහ උන්ට චන්දෙ දීපු නරුමයො ටිකකට දැන් ෂනීපද?
( කණිෂ්ක ජයලත්ගේ ෆේස් පිටුවෙනි )

නිරෝධායන නීති කඩකිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ප්‍රවීන සටන් නළු විල්සන් කරූ අද අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කලා. ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ රුපියල් පන්දහසේ දිමනාව ලබා ගැනිමට යාමේදි පොලිසියට බාධා කිරිමේ චොදනා මත. ඔහු වෙනුවෙන් නිතිවේදින් කිහිප දෙනෙකු නොම්ලේ පෙනි සිටියා. මොහු තව දිනයක් උසාවි එන්න ඔනි. මේ කලාකරුවා ජිවිතය ගෙවන්නේ බොහෝ දුශ්කරතා මැද. එහෙම එකේ මේ කලාකරුවා ගැන අනුකම්පාවෙන් බලන්න පොලිසියට පුළුවන් වුණානම්? අසරණව සිටින කරූ දෙස බලන විට මහජනතාවගේ මුදල් කොල්ලකාපු නිදැල්ලේ ඉන්න හොරු සිහිපත් වුණා. ( පිංතුරය මුහුණු පොතෙන් )
(ලසන්ත නිරෝෂනගේ ෆේස්බුක් පිටුවෙනි )

මුහුණ ආවරණයක් පැළද නොසිටිම නිරෝධායන නිතියට අනුව වරදකි. එහෙත් මේ නිති පවා දෙකට නැමෙන් තැන පසුගිය දිනවලරටේම කථා බහට ලක්ව තිබුණි.
පොලිස් අධිකාරිවරයාගේ දුව විසින් සිදුකරන ලද අනතුර අවස්තාවේ මුව ආවරණ නැතිව පැමිණ තරුණයෙක් පොලිසිය ඉදිරිපිටදි අනතුරට ලක්වු වාහනයේ අංක තහඩුව ගලවනු අයුරු සමාජය මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය.
විල්සන් කරු වැනි කලකාරුවන් අද පත්ව ඇති අසරණ තත්වය හමුවේ ඔවුන් තවත් පිඩාවට පත්කිරිමට කව්රුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ සමාජයේ තවත් නිරුතවත් පැතිකඩක් කදිමට හෙළිදරව්විමක්ම වනු ඇත.
නිතිය දෙකට නමන පොලිසිය මෙම සිදුවිම අරභයා තවත් බරපතල විවේචනයකට ලක්විමට නියමිතය

හලාවත මාළු වෙළඳ පොළ ආශ්‍රිතව කොරෝනා ආසාධිතයින් 4ක්.

0

( 1.15 pm ) හලාවතින් කොරෝනා ආසාධිතයින් 4  දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙම ආසාධිතයින් සි දෙනා හලාවත මත්ස්‍ය වෙළද පොළ  ආශ්‍රීතව සිදුකර තිබු ජෛව පටල සාම්පල පරික්ෂාවකින් සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර ගෙන තිබේ.

 මෙසේ හමුවු කොවිඩ් 19 ආසාධිතයින් සිව් දෙනා මැදවත්ත එක් අයකුද මුගුණවටවන එක් අයකු ලෙසත් හලාවත වැල්ල දෙදෙනෙකු ලෙසද වාර්තා වි ඇති බව කියයි.

මේ අතර හලාවත මෙම සිදුවිම ගැන සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබන ප්‍රාදේශිය මාද්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් හලාවත නගර සභාවේ දේශපාලන අධිකාරියට චෝදනාවක් එල්ල කර ඇත්තේ මාළු වෙළද සැල කල් ඇතිව වසාදැමිමට පියවර නොගැනිම පිලිබදවය.
කෙසේ වෙතත් ඔහුගේ සටහනක දැක්වෙන්නේ මේ වන විට මාළු වෙළද සැල වසා දමා ඇති බවයි

බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන් – ඉන්න බෑ කියා ඇප ඉල්ලයි

0

( 11.45 am ) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.එමෙන්ම එම වාට්ටුව පිරිසිදු කරන රැදවියන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවිය.ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.

මේ තත්ත්වය මත මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.

තමනට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයිනි ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.
newscenter.lk

කොවිඩ් නිසා රජය ෆේල් වෙනවට අකමැති පුරපතිනිය ..

0

( 8.30 am ) කොවිඩ් හේතුකොට ගෙන රජය ෆේල් වෙනවා දැකීම තමන් අකමැති නැති බව කොළඹ පුරපතිනිය රෝසි සේනානායක ප්‍රකාශ කර සිට
. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. මෙය දේශපාලනය කරන අවස්ථාවක් නොවෙයි. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න අවශ්‍යයි, පුරපතිනිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත

කොළඹ මහනගර සභා සීමාවේ 4836 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඉන් 229 දෙනෙකු කොළඹ නගර සභාවට අයත් අය බවද ඇය සදහන් කර ඇත

“කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව 28යි. කොළඹ මහනගර සභා සීමාවේ සියයට 70ක් පමණ මේ වනවිට හුදකලා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මට්ටක්කුලියයි මෝදරයි හුදකලා කරලා තියෙනවා නමුත් මහවත්ත, අලුත් මාවත, ලුණුපොකුණ හුදකලා වෙලා නෑ. හුදකලා කරපු අතරමැද්දට හුදකලා නොවිච්ච තැන් කිහිපයක් තියෙනවා. වටේම හුදකලා කරලා මැද ප්‍රදේශ ඇරියාම ඒකේ කටිටිය එහාට මෙහාට යනවා.

ඒ හේතුව නිසාම සමහර හුදකලා කරපු ප්‍රදේශවලත් නිරෝධායනය කරපු අයත් රැකියාවට යනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.” යනුවෙන් කොළඹ මහනරග සභාවේ පුරපතිනිය රෝසි සේනානායක අවධාරණය කර තිබේ

ආසාදිත මවක් සහ පුතෙකු IDH රෝහලෙන් පැන යයි ..

0

( 7.45 am ) IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙකු ඊයේ රාත්‍රි 9.10 පමණ රෝහලෙන් පැන ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අය පිළිබදව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ

සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 12900 ඉක්මවයි !

0

( 4.45 pm ) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 316කට සුව වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි.

පාසැල් විවෘත කිරිම ගැන රජයෙන් තීන්දුවක් ..!

0

( 12.30 pm ) බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ, මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවය.