Sunday, September 29, 2024
Home Blog Page 77

ආණ්ඩුවේ අරක්කු ජාවාරමුන් එකිනෙකාගේ බෙලි කපා ගනී: සුරාබදු ප්‍රධානියා ලෙස හමුදා ලොක්කෙක්!

0
linkedin sharing button

( 8.30 am ) ආණ්ඩුවට සම්බන්ධ අරක්කු ව්‍යාපාරිකයින් පිරිසක් එකිනෙකාට එරෙහිව මාධ්‍යවලට තොරතුරු ලබාදීම නිසා

ආණ්ඩුව බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

මෙම අරක්කු ව්‍යාපාරිකයින්ගේ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලබාදී ඇතැයි එම ඇමතිවරයා කියා සිටියේය.

බොහෝ අරක්කු ව්‍යාපාරිකයින්ගේ ඉලක්කයට ලක්ව ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි වී ඇති බවත් Lanka Dawasa වාර්තාකර ඇත. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මැඬිල්ලේ හිමියන් ද පවසති.

රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර ඇති පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහි ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අන්තවාදී සිංහල සංවිධානයක් නඩත්තුකරන අරක්කු ජාවාරම්කාරයින් කිහිප දෙනෙකි.

ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා ලයිස්තුවේ ජනප්‍රිය හිමිවරුන් කිහිප දෙනෙකුම සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම ලඟදිම විශ්‍රාම යාමට නියමිත අතර හිටි හැටියේ අරක්කු ජාවාරම්කාරයින් මෙසේ එකිනෙකාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ, තමන්ට හිතවත් කොමසාරිස් ජනරාල්වරයකු පත්කර ගැනීම සඳහා බව මත්පැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

අප වෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා පැවසුයේ, මෙරට මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින බරපතල විෂමාචාර හේතුවෙන් රජයට ලැබියයුතු කෝටි ප්‍රකෝටි ගණනක් ධනස්කන්දයක් අහිමිවී ඇති බවත්, ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළඳපොළට එක්වෙමින් තිබෙන බවත්ය.

එම තත්වය තුල සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
theleader.lk


ධීවර ජනයා වෙනුවෙන් අමු මාළු කෑ හිටපු ඇමතිට තංගල්ලේදි ජනතා උපහාර ….

0

( 7.30 am ) ධීවර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව සමස්ථ ශ්‍රී ලාංකික ධීවරයන්ගේ මත්ස්‍ය අළෙවිය ඉහළ යාම නිසා ධීවර ජනතාවගේ ආරාධනයෙන් අද උදෑසන තංගල්ල ධීවර වරායේ පැවති පිළිගැනීමේ අවස්ථාවක් සංවිධානය කර තිබුන බව හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුණි.
රට පුරා වෙරළ තිරයේ මැති ඇමත්තන් සිටියද ධිවරය වෙනුවෙන් හිටපු ධිවර රාජ්‍ය ඇමතිවරා ගනු ලැබු උත්සාහය සම්බන්ධයෙන් ධිවරය නොවන ප්‍රජාව උපහාසාත්මක දැ පළකර තිබුණද ධිවර ප්‍රජාව අතරින් මතුව ආ ප්‍රතිචාර වල සැබැවින්මට තිබුනේ අගේ කිරිමකි.
ධිවර පුතෙක් ලෙසින් පාර්ලිමේන්තුව තුල අදහස් කරමින් නිමල් ලංසාද දිලිප් වෙද ආරච්චි අපහාසය එල්ල කර තිබුණි.,
එහෙත් ඒ කිසිදු දේශපාලකයෙකුට කළ නොහැකි මාධ්‍ය මැදිහත්විම හිටපු රාජ්‍ය ඇමතිවරයා විසින් සිදුකර තිබුණි

LPL සඳහා පැමිණි තවත් 3 කට කොරෝනා ..

0

( 8.05 pm ) LPL සඳහා පැමිණි තවත් තිදෙනකු හට කොරෝනා ආසාදනය යි ඇතැයි වාර්තා වේ.
ඉන්දියානු ක්‍රීඩකයෙක් , පාකිස්ථානු ක්‍රීඩකයෙක් හා ඉන්දියානු රූපවාහිනී නාලිකාවක තාක්ෂණික නිලධාරියෙක් හම්බන්තොට ශැංග්‍රිලා හෝටලයේදී කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව දැනටමත් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ
කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් කොග්ගල නිරෝධන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.
මේ අතර මිට කලින් ක්‍රිඩකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන තිබුණි.
ඒ අනුව LPL සඳහා පැමිණි 5 දෙනෙකෙුට මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වි තිබේ

ගුරු සංගම්වල අදහස් නොවිමසා හෙට පාසැල් 5637 ක් පටන් ගනියි!

0

( 6.30 pm ) හෙට (23) සිට සතියක කාලයක් පාසල් විවෘත කර එම ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද (22) උදෑසන “අද දෙරණ“ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ලේකම්වරයා එම අදහස් පළ කර තිබේ

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට දින, තෙවැනි වාරය සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

ඒ 6 සිට 13 වන ශ්‍රේණිය තෙක් සිසුන් සඳහා පමණ

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් “අද දෙරණ“ ප්‍රශ්න කර තිබුනේ ,  යම් හෙයකින් පාසල් ආශ්‍රිතව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් ඇති වුවහොත් එහි වගකීම කවුරු විසින් භාර ගන්නේ ද? යන්නය.

එයට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ , “අනිවාර්යයෙන්ම රජය වෙනුවෙන් මට ඒ වගකීම ගන්න වෙනවා.“ යනුවෙනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“හෙට පාසල් 5637ක් මගේ මතකයේ හැටියට විවෘත වෙනවා. 6 සිට 13 ශ්‍රේණි දක්වා. උතුරෙන් ගත්තොත් සියලු පාසල් විවෘත කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ නැගෙනහිර පළාත ගත්තොත් පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ පාසල් 5ක් ඇරෙන්න ඉතුරු ටිකේ දැනට සුදානම තියෙනවා කියලා. ඊට පස්සේ බස්නාහිර පළාත ඉල්ලීමක් කරනවා අපිටත් විවෘත කරන්න දෙන්න කියලා. වයඹ පළාතේ අධ්‍යක්ෂවරයා කිව්වේ ආණ්ඩුකාරතුමා කිව්ව විදියට සමහර පාසල්වල ප්‍රශ්න තියෙන නිසා විවෘත කරන්න බෑ කිව්වා. විශේෂයෙන්ම කතා කළේ සබරගමුව පළාතේ අධ්‍යක්ෂ තුමා. එතුමා කිව්වේ බස්නාහිර පළාතට මායිම් වන නිසා එතැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා කිව්වා. ඒ හැරෙන්න මධ්‍යම පළාතේ පළාත සම්පූර්ණයෙන්ම සුදානමක් තියෙනවා. උතුරු මැද පළාත තියෙනවා. දකුණු පළාත හා ඌව පළාත තියෙනවා. ඒවා සුදානම්.“

ප්‍රශ්නය – ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය උපදෙස් ගන්නේ විශ්වවිද්‍යාල හා උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් විතරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න ගුරු සංගම්වලට කතා කරන්නේ නෑ නේද ?

“ගුරු සංගම් කියන්නේ කවුද? මම ඒ අය එක්ක ඍජුව කතා කළේ නෑ කියන්නකෝ. සැමට අධ්‍යාපනය දියයුතුයි කියන එකේ මට දෙන්න යෝජනාවලියක් මෙන්න මේ විදියට පාසල් කරන්න කියලා. මගේ අරමුණ තමයි දරුවා පාසල තුළට ගෙන යෑම. වැටි වැටී තමයි නැඟිටින්නේ. ඒ නිසා මේ සතිය අපි බලමු.“
මුලාශ්‍රය – අද දෙරණ

පරිප්පු බෙදීමට ඇන්ඇම් ලා නැත. ක්වීනින් දීමට ඩොරීන්ලා , සෙරීන් ලා නැත.එහෙත් වසංගතය බියකරුය

0

වසංගතයෙන් දිවි අහිමි වූ සිය සහෘදයාගේ දේහය බහා ලීමට පෙට්ටියක් ගැනීමට මුදල් නොමැතිව ජනයා විලාප නංවති. නොනැසී ජීවත් වීම සඳහා මාසිකව ලබා දෙන සහනාධාරය සතියකට වත් ප්‍රමානවත් නොවන බව පවසමින් ජනයා ඇඳිරි නීති නොතකමින් වීදි බසිති.
එක්දාස් නමසිය තිස් ගණන් වල ලක්දිව හමාගිය මැලේරියා වසංගතයේදී රාජ්‍යය අසමත් වන විට දුගී ජනයා වෙනුවෙන් ඉදිරියට ආවේ ලංකාවේ වමය. ඇන් ඇම් , වික්‍රමසිංහ ඩොරින් , කොල්වින් ආදීන් ගෙන්ගෙට ගොස් රෝගාතුර වූවන්ට පිළිසරණ වූහ.
දශක නමයක් ගෙවීගිය තැන පැමිණි මේ වසංගතයේදී කලක් වාමාංශික පක්ෂයක ඉහල පෙලේ නායකයෙක්ව සිට දැන් අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශයානුන්ගේ දැක්ම වනුයේ මාසයක් දිවි ගෙවීමට දුන් සහනාධාරය සතියක් තුල නාස්ති කරගෙන දැන් පෙලපාලි යන බවය. ඒ දශක තුනකුත් වසර තුනකට පෙර මේ නොවැම්බරයේදීම ලෙයින්ද යකඩින්ද ගින්නෙන්ද පෙලා පාගා පොඩිපට්ටම් කර දැමූ පක්ෂයක් නැවත ගොඩනැගීමට කොළඹ මංමාවත් සිය දෙපයින් ගෙත්තම් කල විමල් වීරවංශයානෝය. අනික් දෙදෙනා ඔහුගේ ගමන් සගයින්ය.
දුගී ජනයා මංමාවත් වල මියෑදෙති. වැළලීමට පෙට්ටියක් ගත නොහැකිව විස්සෝප වෙති. ආහාර ඉල්ලා වීදි බසිති.
තවමත් පරිප්පු බෙදීමට ඇන්ඇම් ලා නැත. ක්වීනින් දීමට ඩොරීන්ලා , සෙරීන් ලා නැත.
එහෙත් වසංගතය බියකරුය. කිසිවෙක් පැමිනෙන තෙක් බලා නොසිට ලක්දිව සිසාරා මරණය දෙවනත් කරයි.

(බී.එල්.එස් .විමලසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)

උතුරු නැගෙනහිර ධිවරයන්ට අනතුරු ඇඟවීමක් ..

0

( 1.55 pm ) නැවත දැනුම්දෙනතුරු උතුරු සහ නැගෙනහිර මුහුදු කළාපයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.   ඒ, මේ වන විට පවතින කාළගුණ තත්වය ඉතා අවදානම් වීම හේතුවෙනි.  

එමෙන්ම උතුරු සහ නැගෙනහිර මුහුදේ දැනටමත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා කඩිනමින් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඉරණමට අභියෝග කළ ලාංකික ශවිනි ප්‍රනාන්දු Wonder Woman

0

( 1.30 pm ) ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.

මෙසේ බීබීසී සිංහල සේවය හා පැවසු ඇයගේ නම ශවිනි ප්‍රනාන්දු. වයස අවුරුදු 36ක් වන ශවිනි නුවර වත්තේගම පදිංචිකාරියකි.මේ දිනවල ඇමෙරිකාවේ ජීවත්වන ඇය, ඇමෙරිකානු වෛද්‍යවරුන් විසින් හඳුන්වන්නේ වොන්ඩ(ර්) වුමන් (Wonder Woman) නමිනි.ඒ, ඇය තම දෛවයට මෙන්ම වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කළ දිරිය කාන්තාවක් බැවිණි.විල්පත්තුවේදී අසනීප වූ ශවිනි නැවත සිය නිවසට පැමිණි පසු දෙමව්පියන් සමග නුවර ප්‍රධාන වෛද්‍යවරයෙක් හමුවී තිබේ.

“වෛද්‍ය වාර්තා බැලීමෙන් අනතුරුව ඔහු මාව යොමු කළා කොළඹ වෛද්‍යවරයෙක් වෙත. මම ලංකා හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. එහිදී මගේ හෘදය සහ පෙනහලු පරීක්ෂා කරලා වෛද්‍යවරයා කිව්වා මගේ හදවතේ සිදුරක් කියලා.””එසේම ඔහු කිව්වා මට තව ජීවත් වෙන්න පුළුවන් අවුරුදු දෙකයි කියලා” ශවිනි පැවසීය.”වෙනත් රටකට ගොස් පරීක්ෂා කර බලන්නද කියා විමසු විට එම වෛද්‍යවරයාට තරහ ගියා. ඔහු කිව්වේ කොහේ ගියත් මගේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ කියලයි.””මට දුක හිතුනා. තරහකුත් ආවා. ‘හොඳයි ඩොක්ටර් මම අවුරුදු දෙකකින් ඇවිත් හායි කියන්නම් කියලා’ මම මගේ කාමරයට ආවා,” ශවිනි අතීතය මතක් කරමින් පැවසීය.

රෝග විනිශ්චය

මම තව අවුරුදු කිහිපයක් කොහොම හරි අල්ලා ගෙන ඉන්නවා” –

ශවිනි ප්‍රනාන්දුශවිනි ගේ නැගණිය මේ වනවිට ඇමෙරිකාවේ වාසය කරයි. ඇයගේ බල කිරීම මත එක්සත් ජනපදයට ගොස් එහි ප්‍රධාන රෝහලක් වන ජෝන් හොප්කින්ස් (John Hopkins) රෝහලට ඇතුළත් වී පරීක්ෂණයකට සහභාගී වීමට ශවිනි තීරණය කළාය.”මම ප්ලේන් එකේ ගියේ ඔක්ෂිජන් ළඟ තියාගෙන. ඇමෙරිකාවට ගිහිල්ලා දින කිහිපයකින් අවශ්‍ය ප්‍රතිකාර ගත්තා.”එහිදී වෛද්‍ය මතය වුයේ ඇය අයිසන්මෙන්ජර් සින්ඩ්‍රෝම් (Eisenmenger’s Syndrome) නම් දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවය.උත්පත්තියේ සිට ඇතිවන හෘද රෝගී තත්ත්වයක් නිසා එය ඇතිවෙන බව වෛද්‍යවරු තමාට පැවසු බව ඇය පැවසීය.එහිදී හෘදය වස්තුවේ ඇතිවන අධික පීඩනය හේතුවෙන් පෙනහලුවලට සහ හෘදය වස්තුවට හානි වීමෙන් එම රෝගී තත්ත්ත්වය ඇතිවන ආකාරය ගැන වෛද්‍යවරු ශවිනි ට හෙළිකර තිබේ.

“මට අවුරුදු 33ක් වෙනකම් ලංකාවේ මොනම වෛද්‍යවරයෙකුටවත් මගේ තත්ත්වය සොයා ගන්න බැරි වුණා. මගේ අම්මයි තාත්තයි මාව නොපෙන්වපු විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ. ඔවුන් හැමවිටම කිව්වේ මට වීස් එක කියලා”ඉරණමට අභියෝග කිරීමට අදිටන් කර ගත් වෛද්‍යවරියඇමෙරිකාවට යෑමෙන් පසු ජෝන් හොප්කින්ස් රෝහලේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඇය සති 6ක් පමණ ප්‍රතිකාර ලැබීය.”මට මුලදී අඩි 300 – 400ක් වත් ඇවිදින්න අමාරුයි. හරියට මහන්සිය දැනෙනවා. නමුත් දැන් මට අඩි 2,000ක් විතර ඇවිදින්න පුළුවන්”ඇය ඇමෙරිකාවට යෑමට පෙර බ්‍රිතාන්‍යයේ පෝට්ස්මත් (Portsmouth) විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිය හදාරා ඇති අතර ඉන්පසුව ඔස්ට්‍රේලියාවේ එඩිත් කැවොන් (Edith Cowan) විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් ද හදාරා තිබේ.තම රෝගී තත්ත්වය නිසා ඇමෙරිකාවට පැමිණි ශවිනි නිකරුණේ කාලය ගත කිරීමට අකමැති වුවාය.ඒ අනුව ඇය ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී සන්නිවේදනය, සංස්කෘතිය සහ තාක්ෂණය යන විෂයයන් යටතේ පශ්චාත් උපාධියක් හැදෑරීමට තීරණය කළාය.

“මම එම විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කළේ මට අවශ්‍ය ආකාරයට විෂය මාලාව සාදා දීමට ඔවුන් එකඟ වූ නිසා,” බව ඇය පැවසීය.

නව නිර්මාණය

ඇය ඇවිදින්නේ ඔක්සිජන් ටැංකිය සමගයදිනක් ඇය විශ්වවිද්‍යාලයේ සිටින විට ඇයගේ මුහුණ ප්‍රදේශය නිල් පාටවනු මිතුරන් දැක ඇත. එසේ වන්නේ මොළයට ඔක්ෂිජන් ගමනා ගමනය අඩුවීම නිසා බව ශවිනි දනී.”ඇත්තෙන්ම මගේ හදවතේ ක්‍රියාකාරීත්වය නැවතුනා. මම දන්නවා මට විනාඩි තුනක් තියෙනවා මොළයට වෙන හානිය වළක්වා ගැනීමට. මගේ පපුවට මම ම හයියෙන් ගහගත්තා. එතකොට තත්ත්වය ප්‍රකෘති වුණා,” තම බියකරු අත්දැකීමක් හෙළිදරව් කරමින් ඇය කීවේය.

ඉන්පසු ඇය විශ්වවිද්‍යාලයට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යන්නේ ඔක්ෂිජන් ටැංකියක් ද අතේ දරා ගෙනය.

මරණයට අභියෝග කළ මිත්තනියගේ වීර චාරිකාව

මේ ගැන දිගින් දිගටම කල්පනා කරමින් සිටින විට ඇයට අපුරු අදහසක් පහළ වී තිබේ. එනම් තම හෘදය වස්තුවට ඔක්ෂිජන් සැපයුම අඩු වූ විට එය තමාට ඇඟවීමට යම් උපකරණයක් නිපදවිය යුතු බවය.”මම මේ ගැන මගේ වෛද්‍යවරයාට විහිලුවට වගේ කිව්වා. එක වෙන කෙනෙක් නිර්මාණය කිරීමට පෙර එය කරන ලෙස ඔහු මට උපදෙස් දුන්නා,” ශවිනි පැවසුවා.’OxiWear’ නම් උපකරණය එහි ප්‍රථිඵලයකි. එහි පේටන්ට් බලයද ඇයට හිමිය.”මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් නිසා මට මෙම නිර්මාණය කිරීම පහසු වුණා”ඒ අනුව 2018 වසර නිමවීමට පෙර එම උපකරණයේ ආදර්ශකයක් (prototype) නිර්මාණය කිරීමට ඇය සමත් වුවාය.එම උපකරණය රෝගී පුද්ගලයාගේ කණකට සවිකර කර එමගින් නිකුත් කෙරෙන පණිවුඩ එම පුද්ගලයාගේ ජංගම දුරකථනය හා සම්බන්ධ වේ.”යම් අවස්ථාවක මගේ ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙලා හදවතේ ක්‍රිකාරීත්වය නැවතුනොත් මගේ ජංගම දුරකථනය හරහා 911 එකට පණිවුඩයක් නිකුත් වෙනවා” තමා නිර්මාණය කළ උපකරණයේ ක්‍රියාකාරිත්වය විස්තර කරමින් ශවිනි පැවසුවාය.ශවිනි තම නිර්මාණය කර ඇත්තේ කෑම කාමරයේදීය.

ඉන්පසු විශ්වවිද්‍යාලයේ උනන්දු කිරීම මත ඇය තම නිර්මාණය නව නිර්මාණකරුවන් සඳහා පැවැත්වෙන “Bark Tank” නම් තරගාවලියට ඉදිරිපත් කර තිබේ.එය ජයග්‍රහණය කිරීම නිසා ඇයට ඩොලර් 35,000ක් ලැබිණි.එපමණක් නොව පසුගිය සතියේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය මගින් 2018/2019 වසර සඳහා හොඳම පශ්චාත් උපාධි අපේක්ෂකයා ලෙස ඇයව තෝරාගෙන තිබේ.

රෝගී තත්ත්වය

හොඳම පශ්චාත් උපාධි අපේක්ෂකයා ලෙස ත්‍යාග ලබාකෙසේ වුවත් තව අවුරුදු කිහිපයකින් ශවිනිට හෘද වස්තුව සහ පෙනහලු බද්ධ කළ යුතු බව නිර්දේශ කර තිබේ.ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත.”මම මේ මුදල සොයන්න ඇවිදින්න පටන් ගත්තා. මේ වෙනකොට ඩොලර් ලක්ෂ හතරකට වැඩිය එකතු වෙලා තිබෙනවා. සමහරු දැන් මට විහිලු කරන්නේ ‘One million dollar woman’ කියලා”නමුත් එවැනි අවයව බද්ධ කිරීමකට පසු කෙනෙකුට ජීවත් විය හැක්කේ උපරිමව වසර 5ක් බව වෛද්‍යවරුන් ඇයට පවසා තිබේ.ඒ රෝගියාගේ ප්‍රතිශක්ති හැකියාව අවම තත්ත්වයකට පත්කරන බැවිණි.

“මේ දිනවල ත්‍රිමාණ පෙනහලු (3D printed) නිර්මාණය සඳහා පරීක්ෂණ පැවැත්වෙනවා. එමගින් ප්‍රතිකාර කරන විට රෝගියාගේ ප්‍රතිශක්ති හැකියාවට සිදුවන බලපෑම අවමයි”තව වසර කිහිපයකින් එම පරීක්ෂණ සාර්ථක වීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරු ශවිනිට පවසා තිබේ.”මම තව අවුරුදු කිහිපයක් කොහොම හරි අල්ලා ගෙන ඉන්නවා” යනුවෙන් බීබීසී සිංහල සේවය සමග ඇය වැඩිදුරටත් පැවසීය.

(උපුටා ගැනිම ඉරාස් ඉස්මයිල්ගේ ෆේස්බුක් පිටුවෙනි )

දේශපාලන ප්‍රභූන් වැඩට බසී : ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ලක්ෂ ගණනින් ගෙනල්ලා

0
wechat sharing button

( 8.30 am ) සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව ප්‍රමිතියෙන් බාල මුව ආවරණ ලක්ෂ ගණනින් මෙරටට ගෙන ඒමට ව්‍යාපාරිකයින් පිරිසක් හා ප්‍රභූ දේශපාලනඥයින්ගේ පුතුන් පිරිසක් කටයුතු කර ඇති බව රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයි වාර්තාවේ.   සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිති සහතිකයකින් තොරව මෙරටට මුව ආවරණ ගෙන ඒම රජය විසින් මේවනවිට තහනම් කර ඇතත්,  බුද්ධි සේවා වාර්තා කර ඇති පරිදි මෙම ජාවාරම සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ ආශීර්වාදය යටතේ ය.   පසුගිය අඟහරුවාදා හොංකොන් හරහා මෙරටට පැමිණි ගුවන්යානා දෙකක තිබු ප්‍රමිතියෙන් තොර මුව ආවරණ තොගයක් රේගුවට ලැබුන ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන ‘සීල්’ තැබීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර ඇත.   9651klnbඑහෙත්, බ්‍රහස්පතින්දා අලුයම UL 881 ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් ගෙන ආ ප්‍රමිති සහතිකයක් නොමැති මුවආවරණ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් ඉහලින්ම ආ දේශපාලන බලපෑම් මත මුදාහැරීමට රේගුවට සිදුව ඇත.   හෙට (22) අලුයම කටුනායකට පැමිණීමට නියමිත ගුවන් යානයක ද මෙවැනිම මුව ආවරණ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් එම මුව ආවරණ තොග සඳුදා උදැසනම නිදහස් කර ගැනීමට කටයුතු යොදා ඇති බවටත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයට මේවනවිටත් තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.  

නීති විරෝධී ලෙස මුව ආවරණ මෙරටට ගෙන්වන ජාවාරම්කරුවන් මේවනවිට ශ්‍රී ලන්කන් ගුවන්යානා වලට අතිරේකව ඩුබායි ,සිංගප්පුරු හා කාටර් ගුවන් යානාද මෙම මුව ආවරණ ගෙන ඒමට යොදාගෙන තිබේ.   අප වෙත වාර්තාවන පරිදි දෙසැම්බර් මුල් සතියේ සිට  වියට්නාමය, ඩුබායි හා චීනයෙන් එන නැව්වල  කන්ටේනර්  තුළද රහසිගතව සඟවා මෙම  මුව අවරාණ තොග  කිහිපයක් ගෙන ඒමට කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.  

arunaldkfjl

මෙලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ඇතැම් ආනයනකරුවන් මුව ආවරණ විදේශ රටවලින් ආනයනය කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි දේශීය නිෂ්පාදකයන් චෝදනාකරන බවට අරුණ පුවත්පත වාර්තා කරයි.    එලෙස ආනයනය කළ මුව ආරවණ දේශපාලන බලපෑම් මත වරායෙන් සහ ගුවන්තොටුපොළින් නිදහස් කර ගන්නා බව එම දේශීය නිෂ්පාදකයන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ.   එසේම මෙරට දේශීය නිෂ්පාදකයන් පවසන්නේ ඔවුනට මුව ආවරණ ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම රජයේ ඇතැම් බලධාරීන් සැලසුම් සහගතව පමා කරමින්  සිටින බවයි.   අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.   අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.   දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෛනික අවශ්‍යතාව දෙලක්ෂ පනස් දහසක් වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.   එම නිසා ලක්ෂ දහයක පමණ මුව ආවරණ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර ඇත.  

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ දේශීය අනයන කරුවන් හට නිසි ක්‍රමවෙදයක් යටතේ අපනයන සහතික නිකුත් කරන බවයි. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය මුව ආවරණ වැඩි වශයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.
theleader.lk

LPL හිමිකරුවන්ට හිසරදයක් වන අවසන් මොහොතේ තීරණ:

0

( 1.30 pm ) ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ඊට එක්වන කණ්ඩායම් මේ වන විට යුහුසුළුව සිය සංචිත අවසන් කරගැනීමට දැඩි නොඉවසිල්ලකින් කටයුතු කරමින් සිටී. 

දැඩි සංචරණ සීමා කිරීම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ වුවද, ඉතා සුළු පිරිසක් හැරුණුකොට ඉතිරි සියලුම විදෙස් ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය සහ කණ්ඩායම් නියෝජිතයින් මේ වන විට හම්බන්තොට බලා පැමිණ අවසන් ය. 

කෙසේ නමුත් අවසන් මොහොතේ සිදු වූ ඉවත්වීම්, ඇතිවූ ආබාධ තත්වයන් සහ සමහරෙක් විසින් වෘත්තීය නොවන පරිදි ඔවුන්ට අදාළ මුළු මුදල ගෙවන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීම් හමුවේ කණ්ඩායම්වලට ඔවුන්ගේ සංචිතවල වෙනස්කම් කිහිපයක්ම සිදු කරන්නට සිදුව ඇති අතර ඒ අනුව ඒවා තවමත් අවසන් කර නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. 

‘Universe Boss’ අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සුපිරි පිතිකරු Chris Gayle සහ ශ්‍රී ලංකා පන්දුවාර 20 ජාතික නායක ලසිත් මාලිංග පිළිවෙළින් ඔවුන් නියෝජනය කිරීමට නියමිතව සිටි Kandy Tuskers සහ Galle Gladiators කණ්ඩායම්වලින් ඉවත් වී ඔවුන් මෙවර තරගාවලියට සහභාගී නොවන බව හදිසියේ ම ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එය LPL තරගාවලියට විශාල අඩුවක් වනු ඇති බව නොඅනුමාන ය. කෙසේ නමුත් එම කණ්ඩායම් දෙකම මේ වන තෙක් ඔවුන්ගේ ආදේශන නම් කිරීමට කටයුතු කර නොමැත. 

මෙහි දී විශේෂයෙන් මාලිංග Galle Gladiators කණ්ඩායමේ නායකත්වය දැරීමට ද නියමිතව සිටි බැවින් ඔහුගේ ඉවත් වීමත් සමඟ ඔවුන්ට කණ්ඩායමට නව නායකයෙකු ද සොයාගැනීමට මේ වන විට සිදුව ඇත. හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන Shahid Afridi හට ඒ අනුව එහි දී නායකත්ව වගකීම් පැවරෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ හරහා ඔහු මෙවර LPL තරගාවලිය තුළ සිටින එකම විදෙස් නායකයා බවට පත්වනු ඇත. කෙසේ නමුත් Afridi තරගාවලිය ආරම්භ වීමට දින 4කට පමණක් පෙර ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇති බැවින් ඔහුට සිය කණ්ඩායමේ පළමු තරගය මඟහැරීමට ද ඉඩකඩක් ඇත.

අනෙක් පසින් පසුගිය දා අවසන් වූ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දී Karachi Kings නියෝජනය කරමින් එහි අවසන් මහා තරගයේ දී තීරණාත්මක කඩුලු ද්විත්වයක් දවා ගැනීමට සමත් වූ එරට වමත් වේගපන්දු යවන ක්‍රීඩක Waqas Maqsood හට LPL තරගාවලිය වෙනුවෙන් නව ගිවිසුමක් ලබා දීමට Galle Gladiators කටයුතු කර ඇත. එම කණ්ඩායම නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් වන Azam Khan, Mohammad Amir, Hazratullah Zazai, Chadwick Walton සහ Ahsan Ali මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පැමිණ අවසන් ය. 

Kandy Tuskers වෙනුවෙන් Gayleගේ ආදේශනය හැරුණුකොට එය නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් වන Irfan Pathan, Rahmanullah Gurbaz, Naveen Ul-Haq, සහ Munaf Patel මේ වන විට හම්බන්තොට ඇති ‘bio-secure bubble’ එක වෙත වාර්තා කර ඇති නමුත් ඔවුන්ගේ පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක Sohail Tanvir හට COVID-19 වයිරසය ආසාදිත වී ඇති බවට ඊයේ (19) දිනයේ දී අනාවරණය වීමත් සමඟ ‘bio-bubble’ එක තුළ සිට වයිරස ආසාදිතයින් බව හඳුනා ගන්නා ක්‍රීඩකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කර ඇති විශේෂ ස්ථානයක ඔහුව මේ වන විට හුදකලා කිරීමට කටයුතු සිදුකර ඇත.  

මේ වන විට වඩාත් සංවිධානාත්මක ම කණ්ඩායම ලෙස හඳුනා ගත හැකි Jaffna Stallions හට අවසාන මොහොතේ දී ගැටලුවකට මුහුණ පෑමට සිදු වූයේ ඔවුන් සමඟ එක්වීමට නියමිතව සිටි එංගලන්තයේ Ravi Bopara එරටින් පිටත් වීමට පෙර ඔහුට අදාළ සම්පූර්ණ ගාස්තුව ලබාදෙන ලෙස ඉල්ලා සිටීමත් සමඟයි. 

කණ්ඩායම එම ඉල්ලීමට එකඟ නොවූ අතර තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට ලබා දෙනු ලබන තුන් පාර්ශවීය ගිවිසුමට අනුව තරගාවලියේ ආරම්භයට පෙර කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් වෙත ලබා දිය යුතු වන්නේ ඔවුන්ගේ මුළු මුදලෙන් 40%ක ප්‍රමාණයක් පමණි. ඒ අනුව ThePapare.com අපට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව Boparaගේ ආදේශනය ලෙස Jaffna Stallions සමඟ බටහිර ඉන්දීය කොදෙව් ඉදිරිපෙළ පිතිකරු Johnson Charles ඉදිරියේ දී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇති නමුත් ඔහුට පළමු තරග කිහිපය සඳහා එක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.  

තවදුරටත් එම කණ්ඩායමේ ම වමත් දඟපන්දු තුන් ඉරියව් ශ්‍රී ලාංකික ක්‍රීඩක චතුරංග ද සිල්වා උණ රෝග තත්වයකට ගොදුරු වීමෙන් අනතුරුව තවමත් ඉන් 100%ක් සුවය ලබා නොමැති වීම හේතුවෙන් ඔහුව ආවරණය කිරීමට Jaffna Stallions හට කණ්ඩායමට වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එක්කර ගැනීමට සිදු විය.

ඔවුන්ගේ සෙසු විදෙස් ක්‍රීඩකයින් වන Duanne Olivier, Usman Khan Shinwari, Tom Moores සහ Kyle Abbott මේ වන විට කණ්ඩායම් හෝටලය වෙත ළඟා වී සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර අවසාන වශයෙන් පාකිස්තාන මැදපෙළ පිතිකරු Shoaib Malik එළඹෙන ඉරිදා (22) ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇත. 

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පී Sunil Joshiගේ හිමිකාරීත්වය යටතේ පවතින Dambulla Viikings ද වාර්තා වන පරිදි කණ්ඩායමට වෙනස්කම් කිහිපයක් ම සිදුකර ඇති අතර ඒ අතරට පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක් වන Kamran Akmal, Sohaib Maqsood සහ Anwar Ali මෙන්ම ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක Aftab Alam ද ඇතුළත් වේ. එමෙන්ම මීට දින 2කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශ්‍රාම දුන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Sudeep Tyagi ද තවදුරටත් ඔවුන් සමඟ එක්වීමට නියමිතව ඇත. 

කෙසේ නමුත් මීට පෙර ඔවුන් සමඟ ගිවිසුම් ගතව සිටි Carlos Brathwaite, Brendon Taylor සහ Lendl Simmons මෙවර තරගාවලිය සමඟ එක්නොවන අතර ඒ අතරින් Brathwaite මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ Big Bash League (BBL) තරගාවලියේ Sydney Sixers කණ්ඩායම සමඟ නැවතත් ගිවිසුම් අත්සන් කරනු ලැබීය. දසුන් ශානකගේ නායකත්වය සහ එංගලන්තයේ Owais Shahගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ තරගාවලියට එක්වන Dambulla Viikings කණ්ඩායම සමඟ එක්ව සිටින අනෙක් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ Paul Stirling සහ Samit Patel ය. 

මෙම මාසයේ අග භාගයේ දී Mauritius Cric T10 League තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මේ වන විට දිවයිනට පැමිණ සිටීමත් සමඟ ඔහු ද ඒ අනුව Dambulla Viikings වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. 

එමෙන්ම නව පුහුණුකරණ සැකැස්මක් යටතේ තරගාවලියට එක්වන Colombo Kings කණ්ඩායමේ පිතිකරු කැනඩාවේ Ravindrapal Singh, COVID-19 වයිරස ආසාදිතයෙකු බව පසුගිය දා හඳුනාගැනීමත් සමඟ ඔහුව හුදකලා කිරීමට මේ වනවිට කටයුතු සිදුකර ඇත. 

තවත් කියවන්න;

තවදුරටත් ඔහු පැමිණි ගුවන් යානයේ ම ශ්‍රී ලංකාව බලා පැමිණි සුපිරි පන්දුවාර 20 ක්‍රීඩක Andre Russel ද වයිරසයට නිරාවරණය වී තිබීමට අවස්ථාවක් ඇති නමුත් ඔහු දිගින් දිගට ම පරීක්ෂණ හරහා COVID-19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නට වුවහොත් එළඹෙන බ්‍රහස්පතින්දා (26) පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක තරගයට ඔහු ඇතුළත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. 

අනෙක් පසින් Ravindrapal මෙම වයිරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහුව කණ්ඩායමට ඇතුළත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ඔහුව නියමිත සෞඛ්‍ය ක්‍රියාපටිපාටි වලට ලක්කිරීමෙන් අනතුරුව ය. ඒ අනුව කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා Colombo Kings විසින් ඇෆ්ගනිස්ථාන පිතිකරු Karim Sadiq සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තවදුරටත් කණ්ඩායමට එක්කරගෙන ඇත. 

ඊට පෙර ඔවුන් Manvinder Bisla සහ Mohammad Hafeezගේ ආදේශන ලෙස එංගලන්තයේ තවමත් ජාතික වරම් නොලබා ඇති පිතිකරුවන් දෙදෙනෙක් වන Daniel Bell-Drummond සහ Laurie Evans කණ්ඩායමට එක්කරගනු ලැබීය. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ තරගාවලියට එක්වන Colombo Kings නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed සහ හිටපු ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Manpreet Singh Gony ය. 

මේ වන විට පල්ලෙකැලේ පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පුහුණු කඳවුරේ ක්‍රීඩකයින් 18 දෙනා ද එළඹෙන ඉරිදා (22) හම්බන්තොට බලා පැමිණීමෙන් අනතුරුව එළඹෙන අඟහරුවාදා (24) දිනයේ දී සියලුම ක්‍රීඩකයින් ‘bio-bubble’ එක තුළ ඔවුන්ගේ පළමු නිරෝධායන කාලය සම්පූර්ණ කර එය අවසානයේ LPL තරගාවලියේ සියලුම සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.  

Franchises ringing in squad changes; LPL insights ලිපියේ පරිවර්තනයකි.
www.thepapare.com/

එක රටක් ! නීති දෙකක් ! සමූලඝාතන සමරන්න කරුණාට අවසර ..???

0

( 9.30 am ) අම්පාර දිස්ත්‍රික්කයේ වීරමුනායි ප්‍රදේශයේදී ද්‍රවිඩ පුද්ගලයන්  232 දෙනෙකු  ඝාතනය කිරීමේ 30 වන අනුස්මරණය පසුගිය 18 වනදා පැවැත්විණී. 
අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරක කරුණා අම්මාන් නොහොත් විනයාග මූර්ති මුරලිදරන් මහතා පසුගිය බදාදා  රාත්‍රියේ වීරමුනායි හි ස්මාරකය අසල  පැවති මෙම අනුස්මරණයට සහභාගී වි තිබුණි.
මෙම අවස්ථාවේදී  , අම්පාර   වීරමුනායි ශ්‍රී සින්දයාත්‍රි පිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට ඉදිකර ඇති  ස්මාරකයට මල්මාලා පළඳවිමන් , මියගිය අයට විනාඩියක් උපහාර දැක්විමට කරුණ අම්මාන් කටයුතු කර තිබුන අයුරු මාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුණි

පසුගිය යුද සමයේදී අම්පාර දිස්ත්‍රික්කයේ  සමන්තුරෙයි ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වීරමුනෙයි සහ අම්පාර ඇතුළුව ප්‍රදේශවල වෙසෙන සිය ගණනක් ජනයා ඔවුන්ගේ වීරමුනායි රාමන්තන්සලාසන් වලසාර්ම් හි කෝවිලේ සිය ආරක්ෂාව පතා එක් රැස්ව සිටියහ.
වීරමුනායි යනු සමන්තුරෙයිට ආසන්නයේ පිහිටි පුරාණ දෙමළ ගම්මානයකි.
අහිංසක දමිල ජනයා එහිදා ඝාතනය කර තිබුණි

මේ අතර මිය ගියවුවන් සමරන නොවැම්බර් මාසය තුල උතුරේ මෙන්ම නැගෙනහිර ජනයා හට ඒ අවස්ථාව මේ වන විට අහිමිව ගොස් තිබේ.එයට දැනටමත් විවිධ බාධාවන් පැනවෙමින් තිබේ. එහෙත් රජයේ හමුදාවන් විසින් සිදුකරන්නට යෙදුනා යැයි කියන විරමුනෛයි සමුලඝාතනය සමරන්නට මේ රජය විසින්ම කරුණා අම්මාන්ට අනුග්‍රහය ලබා දි තිබියදි ඒ අයිතිය මිය ගිය අය සමන්නට උතුරේ මෙන්ම නැගෙනහිරද ජනයාට අහිමිව යමින් තිබිම යනු එක රටක් නීති දෙක්ක නොවේද ?