Sunday, September 29, 2024
Home Blog Page 76

පුද්ගලික රෝහල් 4 ක ක්‍රියාත්මක වැඩි මිළ PCR මාෆියාව හෙළිවෙයි?

0

(7.00 am ) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී ඇත.

එසේම පෞද්ගලික මට්ටමින් රෝහල් වෙත පැමිණෙන්නන්ට පීසීආර් පරීක්ෂණ සිදුනොකරන ලෙස නියෝග ලබාදී තිබුණද මේ අතුරින් ඇතැම් රෝහල් එම නියෝග නොතකා Drive thru (‍මෝටර් රථයේ සිටම) පහසුකම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් සිටීන බව අර්ණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන සියලුම රෝහල්වල නියෝජිතයන් කැඳවා පී.සී.ආර්. පරීක්ෂණවල උපරිම මිල රුපියල් 6500කට පවත්වාගෙන යන ලෙසටත් රෝහල් තුළදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුත්තේ නේවාසික රෝගීන්ට පමණක් බවට පසුගිය දා උපදෙස් ලබාදු දි තිබුණද අදාළ රෝහල් හතර රුපියල් 12,000, 9000, 8800 සහ 8500 යන මිල ගණන්වලට රෝහලට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන බව ‘අරුණ’ විමසීමකදී අනාවරණය වි තිබේ

මීට අමතරව විදේශයන්ගේ සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලදී ගුවන් සේවාව සපයන සමාගම් සමග එක්ව හඳුන්වා දී ඇති පැකේජ ක්‍රමය ඔස්සේ පීසීආර් පරීක්ෂණය වෙනුවෙන් රුපියල් 19000 දක්වා ඉහළ මිල ගණන්ද අය කෙරෙන බවට ‘අරුණ’ සතුව සාක්ෂි පවතිත තවදුරටත් එම පුවතේ සඳහන්ය

මෙම විමර්ශනයේදී එක් පෞද්ගලික රෝහලක නියෝජිතවරියක සිය පී.සී.ආර්. පහසුකම පිළිබඳව මෙසේ පැහැදිලි කළාය.

‘‘ඩ්‍රයිව් තෲ එකේදි හොස්පිට්ල් එකට ඇවිත් වාහනේ ඉඳගෙනම පී.සී.ආර්. කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඕවද ෆෝන් එපොයිමන්ට්ස් දාලා කරන්න පුළුවන්’’

ජාතික ආරක්ෂාවද ? සනිපාරක්ෂාවද ? ගීතාගේ ප්‍රතිචාරය ..

0

( 7.30 pm ) සනිපාරක්ෂක තුවා සදහා 15 % බද්දක් අය කිරිමට රජය පියවර ගෙන තිබිම ගැන පාර්ලිමේන්තුවේදි කාන්තා මන්ත්‍රිවරියන් තිදෙනෙකු අදහස් දක්වා තිබුණි.,
ඒ රෝහිණි කවිරත්න , ඩයනා ගමගේ, සහ ගීතා කුමාරසිංහය.
මෙහිදි ගීතා කුමාරසිංහ පමණක් සනිපාරක්ෂාවට වඩා ජාතික ආරක්ෂාව වැදගත් යැයි කියමින් අදහස් පළකර තිබුණි

යහපාලනය එදා ”පෑඩ්” සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා!මේ ආණ්ඩුව 15% ”මෙන්සස්” බද්දක් ගහලා ..

0

( 6.30 pm ) ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය.
 
“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.
 
මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා”
 
“ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා.


 දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.
 
සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා” යැයි ද රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

මේ අතර සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී පෑඩ් පිළිබද ප්‍රශ්ණය ගැන අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්‍ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්‍ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“සනීපාරක්‍ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා”

“මෙය මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම කථා කළ යුතුමයි. මේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා”

“ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො”

“මේ ප්‍රශ්නය නිසා පාසල් යන දැරිවියො සියයට 50 ක් පාසල්වලට යන්නෙ නෑ. ඒ නිසා මෙයට අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා”

“දූවරුන් සියයට 50 ක් හැම මාසයකම පාසල් යන්නේ නෑ. මුදල් ඇමතිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා එතුමා අවධානය යොමු කරයි කියලා” යැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.

මුලාශ්‍රය – ලංකාදිප

පිල්ලෙයාන්ට ඇප …

0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට ඇප ලබාදි තිබේ.
මඩකලපුව මහාධිකරණය විසින් අද මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කර තිබුණි

2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාවට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර මේ සමග එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් 05 දෙනෙකු හට ද ඇප ලබාදී ඇත.
මේ අතර පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම් සුමන්තිරන් මහතා පාර්ලිමේත්තුවේදි මතුකර තිබුනේ බන්ධනාගාරගතව සිටින පිල්ලෙයාන් මඩකලපුවේ විවෘත කිරිම් වලට මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමට සහභාගි වි ඇත්තේ කෙසේදැයි කියාය
කතානායක ඉල්ලිම මත පාර්ලිමේන්තුවට පැමිණිට අවසර තිබුණද අනෙක් ඒවාට අවසර නැතැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා මෙහිදි මතුකර තිබුණි


මුලාශ්‍රය -newswire.lk

ආණ්ඩුවේ කරල පැහෙන්නේ සහල් මාෆියාවෙන්…

0

( 1.10 pm ) “සහල් හිඟය හා සහල් මිල ඉහළයාම ගැන ආණ්ඩුව සිටින්නේ කැමැත්තෙන්. සහල් මාෆියාව ඇතුළේ තමා ආණ්ඩුවේ කරල් පැහෙන්නේ” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පසුගිය 22 දා දඹුල්ලේ පවතී මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

2021 අයවැය පිලිබදව ගොවිජන සම්මේලනයේ අදහස් පල කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. මෙහිදී එම සම්මේලනයේ ලේකම් ටි.බී සරත්, උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ද අදහස් පළකළහ.

මෙම අවස්ථාවට එම සම්මේලනයේ කමිටු සාමාජිකයින් වන සුනිල් රණවීර, ඩබ්ලිව්.එම් තිලකරත්න යන මහතුන්ද එකව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

“වර්තමාන මුදල් ඇමතිගේ වයස අවුරුදු 75ක්. එම වයසට සමාන අයවැය වාර්තා සංඛ්‍යාවක් රටට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සැම අයවැයකින්ම වසරින් වසර විශාල ලෙස ණය බරක් වැඩිවෙමින් තිබෙනවා. මෙවර අයවැයත් බිලියන 5000ක ණයක්.

අයවැය වාර්තාවේ ගොවි ජනතාව, කෘෂි නිෂ්පාදන පිලිබදව ආකර්ශනීය බවක් තියෙනවා. නමුත් සෞභාගයේ දකම් තුළ තිබු පොරොන්දු කිසිවක් අයවැයට ඉදිරිපත් කර නැහැ.

අද රජයෙන් යෝජිත නොමිලයේ පොහොරත් ගොවීන්ට නැහැ. රුපියල් 1000ට වෙළඳපොලෙන් මිලදී ගත් පොහොර මිටිය රුපියල් 1500ක් -1 800ක් වෙනවා. එත් ඇතැම් පොහොර වර්ග මුදලට හෝ ගැනීමට වෙළඳපොලේ නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු වෙනවා.” Audio Player00:0000:00Use Up/Down Arrow keys to increase or decrease volume.Share on FacebookShare on TwitterShare on Linkedin
lankatruth.com

වෛද්‍ය සැපයුම් අංශයේ 6 දෙනෙකුටත් කොරෝනා ?

0

( 8.30 am ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ

දිවයින පුරා සියලුම ​රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර ඇති අතර දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන බැවින් එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මතුව ඇත.

ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර රෝහල්ගත කරන බවත් අවශ්‍ය වන්නේ නම් දෙවැනි පෙළ ආශ්‍රිතයන්ද පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ​අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද සිල්වා සඳහන් කර තිබේ

රනිල් පාර්ලිමේන්තු නොඑන බව කියයි..මන්ත්‍රිධුරය පක්ෂයේ තරුණ සමාජිකයෙකුට !

0

( 9.30 pm ) එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත් කිරීමේ සුදානමක් ඇති බවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසු බව theleader.lk වෙබ් අඩවිය කියා සිටි.
එජාප ජේෂ්ඨයා theleader.lk ඒ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කළ විමසීමකදීය.
    මෙය කිසියම පාර්ශවයක් විසින් සැලසුම් සහගතව ‘ප්ලාන්ට්’ කළ පුවතක් බව රනිල් වික්‍රමසිංහ ගේ අදහස වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.   

මේ අතර පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ලබා ගන්නා ලෙස පක්ෂයේ ජේෂ්ඨයින් විසින් සිදුකළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව “ඩේලි මිරර් වෙබ් අඩවිය” වාර්තා කර තිබේ

ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පක්ෂයේ තරුණ සාමාජිකයෙකු හට ලබාදිය යුතු බවට එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් යෝජනා කර ඇති බැව් වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය

ඊයේ සිරිකෝත පක්ෂ මුලස්ථානයේදී පැවති රැස්වීමකදී පක්ෂයේ ජේෂ්ඨයින් ලිපියක් අත්සන් කර රනිල් වික්‍රමසිං මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා තිබුණි

පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ යුතු බවත්, පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ලැයිස්තුවේ සිටින සාමාජිකයෙකු අවස්ථාව ලබාදිය යුතු බවත් අනෙක් සියලුම සාමාජිකයන් බිම් මට්ටමින් පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය බවයි මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත

කෙසේ වෙතත්, එක්සත් ජාතීක පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළකරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ජෙෂ්ඨත්වය හා පළපුරුද්ද මත පදනම්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය ලබා ගැනීමට හොඳම විකල්පය බවයි.

දෙසැම්බර් මාසයේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් ජනවාරි මාසය වන විට නව නායකයෙකු පත් කිරීමේ සුදානමක් ඇති බව ද පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නායකත්වයට පත් කිරීමට ඉඩ ඇති බව ද පක්ෂයේ ජේෂ්ඨයින් අදහස් පළකර සිටිති

දිලිත් ජයවීර නඩු මගට : MTV හා සිරස නාලිකාවලට වාරණ නියෝගයක්

0
email sharing button

(7.30 pm ) ව්‍යාපාරික දිලිත් ජයවීර සභාපතිත්වය දරන ‘ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්’ (George Steuart Health) පෞද්ගලික සමාගමට එරෙහි සිදුකරනලදැයි කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය විසින් එම්ටීවී හා සිරස නාලිකාවලට වාරණ නියෝගයක් නිකුත්කර ඇත.    ‘එම්ටීවී පුද්ගලික සමාගම’ (MTV Channel Private Limited) එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය තුලින් ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’  පුද්ගලික සමාගමට එරෙහිව අපහාසාත්මක ප්‍රවෘත්ති විකාශනය කර ඇතැයි චෝදනා කරමින් ගොනු කර ඇති පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා අධිකරණය විසින් එම්ටීවී පුද්ගලික සමාගමට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.  

‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’ විසින් ආනයනය කරන ලද කොවිඞ් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල (rapid antigen test kits) පිළිබඳව සඳහන් කරමින් නොවැම්බර් මස  11, 13, 16 සහ 19 වැනි දිනයන් හි දී සිරස නාලිකාවේ ‘නිව්ස් ෆස්ට්’ මගින් සිදු කරන ලද ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් ගැන පැමිණිල්ලේ සඳහන් වේ.   එමගින් මහජනතාව නොමඟ යැවීමට හා ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් හා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයාට අපහාස කිරීම සඳහා අවස්ථා ගණනාවකදී ද්වේෂ සහගත ලෙස නිර්මාණය කරන ලද, අසත්‍ය කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති විකාශන කර ඇතැයි පැමිණිලිකාර පාර්ශවය විසින් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. 

  ඔවුන් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල්  බිලියන 2 කි.   එම්ටීවී නාලිකාව ප්‍රමුඛ එහි නියෝජිතයින් සහ සේවකයින්  විසින් ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමගම’, එහි සභාපති සහ එහි ප්‍රධාන නිලධාරීන් ඕනෑම ආකාරයක අපකීර්තියට පමුණුවීම වළක්වමින් අද (23) දින එම වාරණ නියෝගය නිකුත් කර ඇත.   ”පැමිණිලිකාර පාර්ශවය විශේෂයෙන් ප්‍රකාශ කර ඇත්තේ,  ජෝර්ජ් ස්ටුවර්ට් සහ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) නායකත්වය දෙන මාධ්‍ය ආයතන අතර ඇති දිගු කාලින තරගය මෙම ද්වේශ සහගත අමනාපකම් වලට හේතු වී ඇති බවයි.”   පැමිණිලිකාර පාර්ශවය විශේෂයෙන් ප්‍රකාශ කර ඇත්තේ,  ජෝර්ජ් ස්ටුවර්ට් සහ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) නායකත්වය දෙන මාධ්‍ය ආයතන අතර ඇති දිගු කාලින තරගය මෙම ද්වේශ සහගත අමනාපකම් වලට හේතු වී ඇති බවයි.   ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ රුවන්ත කුරේ සහ නීතිඥ සනත් විජේගුණවර්දනගේ  උපදෙස් පරිදි නීතිඥ එස්. වසන්තකුමාර් නයිල්ස් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමගම වෙනුවෙන් පෙනී සිටියේය.

theleader.lk

අරක්කු ව්‍යාපාරය සිංහල- බෞද්ධයින් අතට ගැනීමේ සැලසුමක්!

0
wechat sharing button

( 3.30 pm ) කලක සිටම මෙරට මත්පැන් නිෂ්පාදනය ඒකාධිකාරය පවත්වා ගෙන යනු ලබන්නේ

අන්‍යාගමික ව්‍යාපාරිකයින් විසින් බවත්, එම ආධිපත්‍ය බිඳ දැමීම කාලින අවශ්‍යතාවයක් බවත් මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සිංහල -බෞද්ධ ව්‍යාපාරිකයකු පැවසිය.

ඔහු එබව පැවසුයේ මත්පැන් නිෂ්පාදනයේ නියැලී සිටින හැරී ජයවර්ධන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස් වැනි ප්‍රබලයිට එරෙහිව අන්තවාදී සිංහල සංවිධානයක හිමිවරුන් පිරිසක් විසින් ආරම්භකර ඇති මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

හැරී ජයවර්ධනගේ මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ දැමීම සඳහා පසුගිය මාස කිහිපයෙහි ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් බලවත් උත්සහයක් දැරූ අතර, මේවනවිට බරපතල චෝදනාවක් එල්ලවෙමින් ඇත්තේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙතය. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ‘වයඹ ඩිස්ටලරීස් සමාගම’ කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි වී ඇති බවත් මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති ‘සිංහලයේ’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ද පැවසුහ.

CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට පනී!

එම ප්‍රකාශයෙන් පසු තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පැමිණි බව උන්වහන්සේ පවසති.

නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරති.

තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කෙසේ නමුත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් උන්වහන්සේ පැවසූහ.

අරක්කු ව්‍යාපාරයෙන් පොහොසතුන් වූ සිංහලයෝ :

ලංකාවේ නූතන ඉතිහාසය හැඩගැස්වීමේලා අරක්කු ඉටු කර තිබෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂය. එය සිංහල ධනපති පන්තිය බිහි කළ ප්‍රධානතම ආර්ථික මාර්ගය ලෙස සැලකිය හැකිය.

බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධාන බරපැන දරන්නන් ලෙස ක්‍රියා කළෝ අරක්කු ව්‍යාපාරිකයෝය. 

අමද්‍යප ව්‍යාපාරයේ පුද්ගලයන් කිහිපදෙනෙකු හැර (අනගාරික ධර්මපාල හා ඩී.බී. ජයතිලක වැනි) අන් සියලුදෙනා අරක්කු ප්‍රචලිත කළ, අරක්කුවලින් ධනය උපයා ගත් අරක්කු ව්‍යාපාරිකයන්ගේ දරුවන් ලෙස සැලකිය හැකිය. 

ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයන් බවට පත්වන්නේද ඔවුහුය.
කොළඹ පිහිටි ඇතැම් ජනප්‍රිය සිංහල -බෞද්ධ විදුහල් ආරම්භ කළේ එසේ අරක්කු ව්‍යාපාරයෙන් ආර්ථික ශක්තිය ලබාගත් මහ ධනපතියන්ය. 

බ්‍රිතාන්‍ය යටත් විජිත සමය සහ ශ්‍රී ලංකාවේ අරක්කු රේන්ද ව්‍යාපාරය ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියන කථාවක්. 

theleader.lk

සර්පයෙකු දෂ්ට කිරිම නිසා සිවාජිලිංගම් රෝහල් ගතකෙරේ

0

( 11.00 am ) සර්පයෙකු දෂ්ට කිරීම් හේතුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු සාමාජික එම්.කේ. සිවජිලිංගම් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ
ඊයේ රාත්‍රියේ වැල්වැටිතුරෙයි නගර සභාව අසල පිහිටි සිය කාර්යාලයෙන් නිවසට යාමට ඔහුගේ කාර්යාලයේ දොර වසා දමන්නට සුදානම් වු අවස්ථාවේද ඔහු මෙම සර්පයෙකු දෂ්ට කිරිමට ලක්ව තිබේ.
ඉන්අනතුරුව පේරුදුරුතුඩුවේ මූලික රෝහලේ තුළත් කර අධීක්‍ෂණය කරමින් සිටින අතර ශිවජිලිංගම් දැන් යථා තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.