Saturday, September 28, 2024
Home Blog Page 75

පස්සර එකම පවුලේ හයකට කොරෝනා…..

0

( 10.30 am ) කොවිඩ් 19 ආසාධිතයෙක් බව   ඉකුත් 23 වනදා  පී.සී.ආර්.  වාර්තාවකින් තහවුරු වූ  පස්සර කනවරැල්ලවත්තේ  පදිංචි 42 හැවිරිදි පුද්ගලයාගේ 73 වියැති මව, 41  වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක්  18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන  නෑනා (සහෝදරයාගේ බිරිද ) යන 6 දෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට ඊයේ (25දා) හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මෙම පළමු අසාධිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි ඉදිකිරීම් වැඩ බිමක සේවකයක් වන අතර ඔහු පස්සර කනවරැල්ල වත්තේ තම නිවසට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින්  කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව ඔහු ආසාධිතයෙක් බව මුලින්ම හදුනා ගනු ලැබීය.
මේ අතර පසුගිය දිනවල ඌව සහ මධ්‍යම පාළත කෙන්ද්‍රකොට ගනිමින්ද කොරෝනා අසාදිතයන් හමුවිමේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.
ඊයේ දිනයේ මහනුවර පාසැල් 45 තාවකාලිකව වසාදැමිමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත

කොවිඩ් ආසාදිත ශානී අබේසේකර ගල්නෑවේ ! – ඇප අයදුම්පත අද විභාගයට

0
messenger sharing button

( 9.45 am ) රිමාන්ඩ් බාරයට පත්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මේවනවිට  ගල්නෑව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින බවට තොරතුරු ලැබී ඇත.  මහර බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක රඳවා සිටි ඔහුට කොවිඩ් 19 ආසාදිත බවට වාර්තාවීමත් සමග වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබු අතර ඔහුගේ ජිවිත ආරක්ෂාව සඳහා IDH රෝහලට යොමුකරන ලෙස විපක්ෂයේ ප්‍රධානින් ඊයේ පෙරවරුවේ රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිබව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසිය.   එහෙත් බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇත්තේ, ශානි අබේසේකර රිමාන්ඩ් බාරයේ සිටින අයකු බැවින් ඔහු අසල නිරතුරුවම බන්ධනාගාර නිලධාරීන් රැඳවිය යුතු බවත්, එසේ ආසාදිත නොවූ නිලධාරීන් මේ මොහොතේ රෝහල තුල රඳවා ගැනීමට රෝහල් බලධාරීන් එකඟතාවය පළකර නොමැති බවත් ය.  

ඇප අයදුම්පත සලකා බැලීම අද 

   ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.   ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.   කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.   පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.    

පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.   එවැනි දේශපාලන වටපිටාවක් යටතේ රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටින ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.   ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර ශානි අබේසේකර වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවද වාර්තාවේ.  

Screen Shot 2020 11 26 at 8.47.51 AM                දෙමළ සන්ධානයේ මන්ත්‍රී වරයකුව සිටි ජොශප් පරරාජසිංහම් ඝාතන නඩුවේ සැකකරුවකු වූ රාජපක්ෂවාදී පිල්ලෙයාන්ට පසුගියදා ඇප ලැබිණ.   ශානි අබේසේකරට ඇප ලබා දීමට විරුද්ධව දැනට මාස ගණනාවක් රඳවා තබාගෙන සිටින නමුත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරයකුව සිටි ජොශප් පරරාජසිංහම් ඝාතන නඩුවේ සැකකරුවකු වූ රාජපක්ෂවාදී පිල්ලෙයාන්ට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා කැමැත්ත පළ කරන ලද බව srilankabrief.organkabrief.org වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.  

Sharni A in Handcups

බිරිද කළ ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැහැ!  

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් ශානි අබේසේකරට විරුද්ධව ප්‍රකාශ ගණනාවක්ම කර තිබේ.    තවද ඔහු විසින් කරන ලද පොලිස් පරීක්ෂන මත සිරගතවූ සැහෙන පිරිසක් ද මෙරට සිරගෙවල්වල සිටිති.   මෙම තත්වය යටතේ ශානි අබේසේකරට බන්ධනාගාරය තුල හා පිටත ජීවිත තර්ජන ඇති බැවින් ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඔහුගේ බිරිඳ වන කමණී ශ්‍රියන්තා අබේසේකර විසින් අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයට පසුගිය දා ලිපියක් යොමුකරන  ලදී. 

  එනමුත් මේ දක්වා එම ලිපියට ප්‍රතිචාරයක් ලැබී නැත.   ඇය විසින් යවන ලද ලිපිය පහත පළවේ:  

ගරු අගවිනිසුරු තුමා, 

ගරු නීතිපති තුමා සහ අනෙකුත් රජයේ නිලධාරී මහත්වරුනී,

මගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකරට එල්ල වී ඇති මරණීය තර්ජන හා තුවාල සිදුකිරීම පිළිබදව ඇති අවධානම සම්බන්ධවයි.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ අත් අඩංගුවේ පසුවෙයි. 2020 ජුලි 31 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබූ අතර ඔහුට ඒ වන විටත් මරණ තර්ජන පවා එල්ල වී තිබූණි. එම පැමිණිලි පොලිසිය විසින් විමර්ශනය කරමින් ද පැවතිනී. ඔහු SC FR 221/2020 මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංකයේ පෙත්සම්කරු වේ. නඩු අංක S.C. TAB 1A-1F / 17 සමඟ අභියාචනයක් යටතේ ඔහු මහාධිකරණ නඩු විභාගයේදී HC 7193/14 හි රජයේ සාක්ෂිකරුවෙකි.මාගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකර සම්බන්ධයෙන් එල්ලකොට ඇති චෝදනා විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඩී) අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සොයිසා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසින් මාගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව සාවද්‍ය සාක්ෂි ලබා දෙන ලෙස සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට ද ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් වුණී.CCD accused of pressuring CID sleuth to falsely implicate Shaniතව ද එම නිලධාරීන් දෙදෙනාගේ අත්අඩංගුවේ සිටිය දි ඝාතනයට ලක්වු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් පොලිස් අන්තඩංගුවේ සිටිය දී එසේ ඝාතනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.2020 ඔක්තෝබර් 22 වන දින අන්තර්ජාල වෙබ් අඩවියක පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, මගේ සැමියා පිළිබඳව විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්, මගේ ස්වාමිපුරුෂයා පාතාල කටයුතුවලට සම්බන්ධ බවට පදනම් විරහිතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලදී.

තවද රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පෙරේදා දින පවත්වන පුවත්පත් සාකච්ඡාවක දී ද සදහන් කරන ලදී.මගේ ස්වාමිපුරුෂයා ගෞරවාන්විත පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු මිනීමරුවන් සහ පාතාල සාමාජිකයින් 35 දෙනෙකු පිළිබඳව සාර්ථක විමර්ශන කර ඔවුන්ව නීතිය හමුවට පමුණුවා ඇත.2012 දී රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ විමර්ශනයේ අධීක්ෂණ නිලධාරී ලෙස මගේ ස්වාමිපුරුෂයා කටයුතු කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගරු නීතිපතිතුමා විසින් බන්ධනාගාර නිලධාරියෙකුට සහ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදි. 

එසේ හෙයින් මාගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර නිලධාරීන් සහ දැනට විමර්ශන වලට භාජනය වී ඇති පොලිස් නිලධාරීන් යටතේ රඳවා සිටිම ඔහුගේ ජිවිත ආරක්ෂාවට තර්ජනයක් ලෙස මම සිතමී.එසේ හෙයින් මේ අකාරයෙන් ඔහුව අනාරක්ෂිත ලෙස සිරගත කර තිබීම් ඔහු විසින් කරන ලද පරික්ෂණ වල ප්‍රතිඵල කඩාකප්පල් කීරීමක් වන අතර, එමගින් ඇතැම් බලවත් පුද්ගලයින්ට ඔහුගේ ජිවිතයට හානීයක් කිරිමට අවකාශ ද ඇතී වේ.ඒ අනුව ඉහත දක්වන ලද කරුණු සලකා බැලීමේදී මාගේ ස්වාමිපුරුෂයාට බරපතල ජීවිත තර්ජන ඇති බව මම විශ්වාස කරමි. ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. 

ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර ඔහුගේ ජීවිතයට හානියක් වීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර රජය විසින් ගතයුතු බව මම සිතමි. එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාව බන්ධනාගාරය තුල හෝ ඉන් පිටතදී ඝාතනය වීම වැළැක්වීම සදහා ඔබතුමන්ලා විසින් ගතයුතු සහ ගතහැකි සියලු රාජකාරීමය පියවරගෙන ඔහුගේ ජීවිත අරාක්ෂාව රැකදෙන ලෙස මම ඉතා ගෞරව පූර්වකව හා නිහතමානී ලෙස අයැද සිටිමි.

කමනි ශ්‍රියාන්තා අබේසේකර,(ශානි අබේසේකරගේ බිරිඳ)
theleader.lk

පොලිස් පොකුර 1500 ඉක්මවයි !

0

( 7.30 am ) කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග එම භූමිය සම්පූර්ණයෙන්ම දින දාහතරකට හුදෙකලා කිරීමට ඊයේ (25 වැනිදා) පස්වරුවේ තීරණය කෙරුණ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

පොලිසියේ කොවිඩ් පොකුර ඊයේ (25 වැනිදා) වන විට 1500 ඉක්මවා යාමත් වැඩිපුර පිරිසක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් වාර්තා වීමත් නිසා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකායට පවරා ඇති බැව් වැඩිදුරටත් එහි සදහන්ය

පොලිස්පති චන්දන වික්‍රමරත්න හා සෞඛ්‍ය අංශ දුන් උපදෙස් මත මෙම හුදෙකලා කිරීම කර ඇත.

මේ අනුව නිල නිවාස 170ක්ද, පොලිස් මධ්‍යම අවි ගබඩාව, පොලිස් කැරලි මර්දන හා ජල ප්‍රහාර ඒකක, පරිසර කොට්ඨාසය, ක්‍රීඩා කොට්ඨාසය, සංස්කෘතික කණ්ඩායම, කොවිඩ් මර්දන විෂබීජහරණ ඒකකය, තූර්ය වාදක කණ්ඩායම ද හුදෙකලා කෙරේ.

මෙහි රාජකාරි කළ අටසියයක පමණ ප්‍රමාණයක් හා නිල නිවාසවල සිටි අය සමග දහසකට වැඩි පිරිසක් හුදෙකලා කර නිරෝධායනය කර ඇත.

දිනපතා නිවෙස්වල සිට පැමිණි පොලිසියේ 210ක් නිවෙස්වලට යවා නිවෙස්වල අය සමගම නිරෝධායනයට ද යොමුකර තිබේ.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රියැදුරකු, කාන්තා නිලධාරිනියක ඇතුළු හත්දෙනකු ඊයේ (25 වැනිදා) දිනයේ ආසාදිතයන් ලෙස වාර්තා විය.

ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නිවාසවල පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයකුටද පෙරේදා (24 වැනිදා) කොවිඩ් වැලඳී තිබිණි.

නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ වූ ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ හුදකලා කළ පිරිස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ සමුපකාර මගින් නිවෙසටම ගෙන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සුපිරි පාපන්දු ක්‍රිඩක මැරඩෝනා මියයයි !

0

1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ති න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ .
මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය

මහනුවර පාසැල් 45 ක් වසා දැමේ!

0

මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දිගින් දිගටම දෙමව්පියන්, පාසැල් කමිටු විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර නගර සිමාවේ පාසැල් 45ක් අද සිට වසා තැබෙනු ඇත.මේ අතර රටේ ස්ථාන කිපයකින් වාර්තා වු සිදුවිම් වලට අනුව පාසැල් පැමිණ ඇති දරුවන්ගේ පවුල් වලින් කොරෝනා අසාදිතයන් හමුවි තිබේ.මේ එක් සිදුවිමකදි පාසැල්ට දරුවන් ඇරලවා තිබුන දෙමව්පියන් කොරෝනා වැළදි තිබුන බව පසුව වාර්තා විය.ගුරු සංගම් විසින් රජය පාසැල් විවෘත කිරිමට ගනු ලැබු තීන්දුව නිවරදිම එකක් නොවන බවට කරුණු දක්වා තිබුණි.

ශානිට කොරෝනා ! රිෂාඩ් ඇප !

0

( 1.30 pm ) රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
මේ අතර මහර බන්ධනාගාරයේ රදවා සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා වැළදි ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග දක්වා සිටි

සේවිකාවකට පහර දුන් PRDA ලොක්කාට වැඩවරදි !

0

( 1.15 pm ) බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට ඊයේ (24) දිනයේදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත

දුරකතන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා කරන අතර පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුන අතර එය විශාල පිරිසකගේ ප්‍රතිචාර ලැබි තිබුණ බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුල තවදුරටත් බෙදාහැරිමටද පියවර ගෙන තිබුණි

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර මෙවැනි හිංසනකාරි තත්ත්වයන් වැළැක්වීමට පක්ෂ බේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් අදාළ ඉන්ජිනේරුවරයාට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී සඳහන් කළේය.

ආරච්චිකට්ටුව පොලිසිය වසා දැමේ !

0

(12.45 pm ) ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි නිව්ස් සෙන්ටර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. හලාවත පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යැයි හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු අතර මෙම කොස්තාපල්වරයා ද සිටී.

වසා දමන ලද ආරච්චිකට්ටුව පොලිසිය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.

වයඹ ටුඩේ වෙබ් අඩවිය සදහන් කරන අන්දමට 24 වැනිදා රාත්‍රීයේ ලැබී ඇති  පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිපල වලට අනුව හලාවත සහ ආරච්ච්කට්ටුවේ 7 දෙනෙකු හට කොරෝනා ආසාදිතවි තිබේ.
 හඳුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වේ.ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ස්වයං නීරෝධායනයට යොමු කර තිබී ඇත.මොවුන් දෙදෙනා හලාවත – මැදවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති ආසාධිතයෙකුගේ සමීපතයින් ලෙස හඳුනා ගෙන ඇත.එසේ නීරෝධායනයට ලක් කර සිටි එක් නිලධාරියෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර 24 වැනිදා හඳුනා ගෙන ඇති සෙසු ආසාධිතයින් අතර හලාවත පදිංචිකරුවන් 05 දෙනෙකු වේ.ඔවුන් හලාවත – වැල්ල,මුන්නේෂ්වරම සහ කරවිටාගාරය පදිංචිකරුවන්ය.හදුනා ගෙන ඇති අනෙක් ආසාධිතයා ආරච්චිකට්ටුව – සින්නකරුකුපනේ පදිංචි කාන්තාවකි.ඇයගේ සැමියා ධීවරයෙකු බවටද හඳුනා ගෙන ඇත.

ඇන්ටිජන් පරීක්ෂණය කිරීමට පෞද්ගලික අංශයට අවසර තිබේද ?

0

( 10.45 am ) පෞද්ගලික අංශයට අවසර ලබාදීමට පෙර මෙම අවස්ථාවේදී ප්‍රතිදේහජනක පරීක්ෂණ (අන්ටිජන් පරීක්ෂණ) සිදුකිරීම රජයේ අංශවල පමණක් සිදුකිරීමට ඊයේ රැස්වූ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීම සඳහා කොවිඩ් කාර්ය සාධක බලකායට සම්බන්ධ සියලුම අංශවල සාමාජිකයින් එක්ව සිටි බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

මේ වන විට රටේ කොවිඩ් වසංගත මට්ටම 03 වන අදියරේ පවතින බවයි රැස්වීමේදී ප්‍රකාශ වි තිබේ

වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායේ වැඩි අවධානයක් යොමු වූ අතර නව ආසාදිතයින් වාර්තා වන බණ්ඩාරගම, නුවරඑළිය-මස්කෙළිය, මහනුවර – මහයියාව ඇතුළු ප්‍රදේශ සම්බන්ධයෙන් ද සාකච්ජාවට බඳුන්ව තිබෙන අතර ඒ අනුව මෙම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රතිදේහජනක පරීක්ෂණ (අන්ටිජන් පරීක්ෂණ) සහ PCR පරීක්ෂණ වැඩියෙන් සිදුකිරීමට උපදෙස් ලබාදී ඇත

මේ අතර රටේ තත්වය තවත් අවදානමට ලක්වෙමින් වතුකරය අශ්‍රිත නගර වලින් අසාදිතයන් හමුවිම වාර්තා වෙමින් තිබේ.
පසුගිය මාර්තු මාසයේදි පැවැති රැස්විමකදි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා තිබුනේ දෙවන රැල්ල මතුවිය හැකිව ඇත්තේ ධිවරයන් හා වතුරකරය ආශ්‍රිතව බවය.
මේ නිසාම වැඩි වැඩියෙන් PCR පරික්ෂණ සිදුකිරිමේ වැදගත්කම ඔහු එහිදි පෙන්වා දි තිබුණි

කොළඹ නාට්ටාමිවරුන් සහ යාචකයන් 20 කටත් කොරෝනා !

0

( 9.30 am ) කොළඹ මැනිං වෙළඳ පොල ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය සඳහා වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රය වෙත යොමුකර සිටියදී ඉන් 20ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කර තිබේ

එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධානය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබූ බවත් මින් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.