Saturday, September 28, 2024
Home Blog Page 74

ඕමානයේ සිට පැමිණි පිරිසක් නිරෝධායනයට රැගෙන ගිය බස් රියක් අනතුරකට ලක්වේ.

0

( 1.00 pm ) ඕමානයේ සිට මෙරටට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන ජල සැපපුම් නළයක ගැටීමෙන් අද (27) උදෑසන 9.45 ට පමණ රිය අනතුරක් සිදුව ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

මෙම අනතුරෙන් එම බස් රථයේ ගමන් කල පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

( ජායාරූප : Accident 1st ෆේස්බුක් පිටුවෙන් )

ඇහැලිගොඩත් පාසැල් වැසේ !

0

( 10.45 am ) නැවත දැනුම්දෙන තුරු ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් සියලුදෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන තිබේ. මෙම තත්වය සලකා බලා මෙලෙස පාසැල් වසාදැමීමට තීරණය කළ බවදපළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පවසයි.

කාන්තාවන්ට ඔසප් වුණාම බඩ රිදෙන්නෙ ආණ්ඩුවට

0

( 8.30 am ) ලංකාවේ  කාන්තාවන්ගෙ සමාජ මනෝභාවය අනුව ගත්තම ලිංගිකත්වය, ඔසප්වීම,ස්ත්‍රිපුරුෂ සංවාසය වගේ දේවල් විවෘත වේදිකාවේ කතා නොකළ යුතු, ලැජ්ජා බයට හැදුණ ගෑණූ විසින් එළිපිට කතා කිරීම  මහා අපරාධයක් ලෙස සලකන මාතෘකා බවට පත්කරළා තියෙන්නේ…

ඒ මනෝභාවය මේ ධනේශ්වර පුරුෂ මූලික සමාජ ක්‍රමයේ ම ආරක්ෂක මෙවලමක් ලෙස පවත්වාගෙන යන්න මේ සමාජයේ ඉන්න ගැහැනු පිරිමි අපි හැමෝම දායක වෙලා තියෙනවා……

ලිංගිකත්වය මුල්කරගෙන අසමාන ලෙස  සැලකීම වගේම

කාන්තාවන්  තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න තරම් අභිමානයක් නැති  ප්‍රජාවක් බවට පත්කර ගැනීමත් මේ  ධනේශ්වර ක්‍රමයේ ම උපක්‍රමයක්……..

ඒ තත්වය  සියවස් ගණනාවක් තිස්සේ තවම ඒ ලෙසම පවතින්න අදාල හේතුව  එම පෑගිමට එරෙහිව  අරගලය  අදාල බරින් සිදු නොවීමයි…ලංකාවේ අපි ගත්තොත්……

සනීපාරක්ෂක තුවා පැකට් එක තවම ගෙනියන්නේ හංගලා……. ගෙදර ගෑණිට ඔසප් වන බව මිනිහා දන්නේ නෑ…… වෛවාහික සබඳතාවයන් තුළ ලිංගික අයිතිය ඒක පාර්ශවීය පුරුෂ මූලික අයිතිවාසිකමක් පමණයි…….ගෘහ කාර්යයභාරය තුළ කාන්තාව ශ්‍රම වහලියක්, වෙළඳපොළ ක්‍රමය තුළ ප්‍රචාරක මෙවලමක්……

මේවාට එරෙහිව අරගලය අවශ්‍ය නෑ කියලා හිතනවාද යමෙක්……..ඌ නරුමයෙක්

ඒ වගෙමයි  මේ ක්‍රමය කරබාගෙන භාර ගන්නා කාන්තාව ට ශක්තිය නොඅඩුවම දීලා අරගල බිම් වෙත ගෙනයන කාර්යය අපි ඇතුළු බොහෝ කාන්තා ක්‍රියාකාරී සංවිධාන වලට පැවරිලා තියෙනවා….

ඒ වගේම මේ තත්ත්වය දේශපාලනික යි….ඒ නිසා මේ  සමාජ ක්‍රමයේ කාන්තා අභිවෘද්ධිය , ඒ කියන්නේ  දුක්විඳින ගැහැණු උදෙසා සැබෑ විමුක්තිය උදා කළ හැක්කේ  සමාජවාදය තුළ පමණයි…..

හේතුව මේ පවතින ධනපති ක්‍රමය තුළ කාන්තාව ලබන විමුක්තිය හුදෙක් ධනේශ්වර ප්‍රතිසංස්කරණ වලින් සමන්විත වනු මිස සැබෑ පංති විමුක්තිය උදා කරන ඒවා නොවන නිසාය…..

මෑතකදී ලොව හොල්ලන කාන්තා චරිත කීපයක් බිහි වී තිබෙනු ලෝක උදාහරණය තුල දැකිය හැකිය….ඒ නමූත් ඒ සියල්ලන්ම  පවතින ධනපති ක්‍රමය තුළම බිහිවී පවතින ක්‍රමයම රකින චරිත මිස  පංති සමානාත්මතාවය , කාන්තා අයිතිවාසිකම් හා විමුක්තිය උදෙසා සටන් වදින නායිකාවන් නොවන බව පැහැදිලි වේ……

නැවත ලාංකීය සමාජය  සලකා බැලීමේදී  කාන්තාවන්ගේ සමාජීය,වෘත්තීමය,ආකල්පමය,කුසලතාමය,බුද්ධිමය සංවර්ධනය මොට කරනු ලබන බොහෝ  හේතු රටතුළ පවති….ඒ සියලුම හේතු බලගන්වා, අදිසි ලෙස පාලනය කරමින් කාන්තා සමාජ මනෝභාවය හසුරවන ප්‍රබලතම සාධකය බවට පත්වීමට තරම් වර්තමානයේ පක්ෂ දේශපාලනය සමත්වී තිබෙන බව අප අවබෝධ කර ගත යුතුව ඇත…..

මෑත කාලීන දේශපාලන ගමන් මගේ ප්‍රමුඛතම කාර්යය ඉටුකරනු ලැබුවේ කාන්තාවයි…

ආගම,ජාතිය,රට සහ  ලේ කැක්කුම හිස මතට ගෙන, සමාජය තුළ පවතින ස්ත්‍රි පීඩනය අමතක කර දමන්නට කාන්තාවන්ට  බලකරනු ලැබුයේ ඒ ව්‍යාජ දේශපාලන මතවාදයකි…

අද ඒ වියරුවේ ප්‍රතිඵල අප සැවොම එක්ව විඳිමින් සිටිමු….

හෙට එය තවත් දරුණු වනු ඇත….

ඔබේ දියණිය, සොයුරිය , මෑණිය, බිරිඳ ඔසප් දිනවල අඳින සනීපාරක්ෂක තුවාය සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේය….

එහි යම්  නිමාවේ උසස් බවක් , සුවපහසුවක් හා ආරක්ෂිත බවක් සහිතව භාවිතා කිරීමේ අයිතිය කාන්තාවකට පවති…..

අප ප්‍රශ්න කරන්නේ සෙස් බද්ද ගැන නොවේය…

මෙතරම් සුඛෝපභෝගී භාණ්ඩ තිබියදී කාන්තා සනීපාරක්ෂක තුවායටම ඔය කියන ……බද්ද ගහන එක ගැනය…..

එයට හේතුවක් තිබේ….මේ ඉන්නේ ඔසප්වීම ගැන, ලිංගික අයිතිය ගැන කතා නොකරන කාන්තාවන්ය..ඒවා කතා කිරීම ලැජ්ජා නැති කමක් බව සිතන කාන්තාවන්ය…. එ්වා කතා කරන්නේ  නොහොබිනා ගැහැනු ය….. කාන්තාවන් ගේ කාර්යය රටජාතිය ආගම ගැන තමන්ගේ පක්ෂයේ නායකත්වය ට තීන්දු තීරණ ගැනීමට ජන්දේදී වගකීම පවරා ගෙදර දොරේ වැඩ කරමින්  සුචච කීකරුව සුවිනීතව සිටීමයි…..එවැනි කාන්තාවන් බදු ගහනවාට විරුද්ධව කට අරින්නේ නැත…එනිසා මේ ආණ්ඩුවට බයක් නැත ..බදු ගහන්නට බියවිය යුතු නැත ….. ආණ්ඩුව කරන දේශපාලන පක්ෂයට ජනතාව දුන් ජනවරමේ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත් ආකාරය එයයි.   කුමක් කළත් අරගල නොකරන එරෙහි නොවන එකඟවන , 2/3 බලයක් සහිතව තමන්ට බලය දුන් ජනතාව ආණ්ඩුව කුමක් කළද විරුද්ධ නොවනු ඇත යන්න  ආණ්ඩුවේ භාවිතාවෙන් පෙන්නුම් කෙරේ….

එලෙසම සිටින තුරු,   අපට තරු පෙනෙනු ඇත….

සනීපාරක්ෂක තුවාය ට පමණක් නොව නොබෝ දිනකින් තව බදුපිට බදු පැනවෙනු ඇත….. කාන්තාවන් රැකියා වලදි වහල් ශ්‍රමිකයන් වනු ඇත…

රැකියා වලින් දොට්ට දමනු ඇත…

භාෂණයේ නිදහස අහිමි වනු ඇත..

ලිවීමට අදහස් දැක්වීමට ඉඩ ඇහිරෙනු ඇත….

ඔබේ දරැවාට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව නැතිවනු ඇත…

ඔබේ ඉඩම් ඔබට අහිමි වනු ඇත….

රටේ ආර්ථිකය ඔබව ගිලදමනු ඇත….

විදෙස් උවදුරු  පැමිණෙනු ඇත…..

නමුත් අපි  නොනැගිටිමු, වටපිට නොබලමූ, අරගල නොකරමු, ඉල්ලීම් නොඉල්ලමු,…..මන්ද  ඔවුන් අපිව එලෙසින් පුහුණු කර ඇත……අපි කීකරුව සුවිනීතව අවිහිංසකවම  සිටිමු ද……..

නෑ..නෑ…නෑ… කිසිසේත්  නැත

අපි නැගිටිමූ

ඉල්ලා සිටිමු

අරගල කරමු

සටන් කරමූ

මුලින්ම.  ……. සනීපාරක්ෂක තුවායට සෙස් බද්ද එපා……….

එයින් අරඹමු….

දිගටම සටන් වදිමු….

එකිනෙක දිනා ගනිමු…..

අපේ අයිතීන් එකිනෙක දිනමු, දිනන තෙක් අපේ පංතිය ,එකා මෙන් නැගී සිටිමු..

ආරාධනා කරමු එන්න එක්වන්න අප සමග…..!

-සරෝජා සාවිත්‍රී පෝල්රාජ්  (සභාපති අයිතීන් උදෙසා කාන්තාවෝ)

LPL මංගල තරගයම සුපිරි පන්දුවාරයෙන් කෙළවර වෙයි; වීරයා චන්දිමාල් !

0

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති Colombo Kings සහ Kandy Tuskers අතර තරගය ලකුණු සම වෙමින් පන්දුවාර ගණන අවසන් වූ අතර ජයග්‍රාහකයන් සොයා ගැනීමට යැවුණ සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය ලැබීමට Colombo Kings ක්‍රීඩකයෝ සමත් වූහ. 

සුපිරි පන්දුවාරය යැවූ Kandy Tuskers කණ්ඩායමේ නුවන් ප්‍රදීප්ට එරෙහිව Colombo Kings කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගත්තේ ය. එහි දී පෙර ඉනිමේ ඉසුරු උදානගේ පහසු උඩ පන්දුවක් අතහැරි කුසල් මෙන්ඩිස් එවර ඔහු දවා ගැනීමට විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැක ගත්තේ ය. පන්දුවාරය අවසන් වන විට  Andre Russell ලකුණු 8ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 4ක් ද ලබා සිටියේ ය. 

පිළිතුරු පන්දුවාරය ඉසුරු උදාන යැවුණ අතර Kandy Tuskers වෙනුවෙන් පිටියට පිවිසියේ Rahmanulla Gurbaz සහ කුසල් පෙරේරා ය. පළමු පන්දු 5ට මුහුණ දුන් Rahmanulla Gurbaz හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත් අතර ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවේ දී කුසල්ට ලකුණු 6ක් ලබා ගැනීමට ඉඩ ලබා දෙමින් ඔහු අනෙක් අන්තයට පැමිණියේ ය. නමුත් කුසල්ට එම ඉලක්කය සපුරාගත නොහැකි විය. ඒ අනුව තරගයෙන් ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට  Colombo Kings කණ්ඩායම සමත් විය. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා මංගල තරගය වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අතර කාසිය අහසට යොමු කළේ Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් ය. තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි ඉදිරියේ ඉහළ ගිය කාසිය බිම පතිත වූයේ ඇන්ජලෝට වාසිය අත් කර දෙමිනි. ඒ අනුව ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීම තම කණ්ඩායම සතු කර ගැනීම ය. 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Tuskers ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවි ලකුණු 219ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී Colombo Kings ක්‍රීඩකයෝ ද ලකුණු 219ක් ලබා ගත් අතර ඔවුන්ගේ කඩුලු 7ක් ප්‍රතිවාදීන්ට හිමි වූහ.

තරගාවලියේ මංගල පන්දුව යැවීම බාර ගත්තේ මැතිව්ස් ය. නමුත් තරගයේ තෙවැනි පන්දුවාරය වන විට මැතිව්ස් පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ Rahmanulla Gurbaz සහ කුසල් පෙරේරා සමත් වූහ. 

ඒ අනුව තරගාවලියේ එල්ල වූ පළමු හතරේ පහර පළමු පන්දු වාරයේ දී කුසල් පෙරේරා වාර්තා කළ අතර පළමු හයේ පහර  Manpreet Gonyට එරෙහිව Rahmanulla Gurbaz තරගය ආරම්භ වී දෙවැනි පන්දු වාරයේ දී එල්ල කළේය. 

ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි පන්දුවාරය අවසන් වෙද්දී ලකුණු 38ක් ලබා සිටි අතර ඉන් ලකුණු 26ක් ම මැතිව්ස්ට එරෙහිව ලබා ගත් ඒවා විය. ඉනිමේ 23 වැනි පන්දුවේ දී ලකුණු 50 සීමාව අභිබවා යෑමට ද ඔවුන් සමත් වූහ. 

අගනුවර ක්‍රීඩකයන්ට හිසරදයක් වූ මේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවා තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කළේ Qais Ahmad පන්දු යැවීම ආරම්භ කර යැවුණ දෙවැනි සහ තෙවැනි පන්දුවලට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමිනි. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 21ක් පමණක් වන අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත්ව තිබුණි. ඊළඟ පන්දුවේ දී Laurie Evans විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් Rahmanulla Gurbaz දැවී යන විට මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 75ක් ලබා සිටි අතර ඔහු ඉදිරියේ ලකුණු 53ක් සටහන්ව තිබුණේ ය.

අනතුරුව ලොකු කුසල්ට එක් වූයේ කුසල් මෙන්ඩිස් ය. තරමක් මන්දගාමී වූ ඔවුන්ගේ සබඳතාව අතර ඉනිමේ 100 වැනි ලකුණ රැස් කිරීමට ද ඔවුන් සමත් වූහ. ඒ වෙනුවෙන් මහනුවර ක්‍රීඩකයන්ට එතෙක් වැය වී තිබුණේ පන්දු 48ක් පමණි. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 සබඳතාව 36 වැනි පන්දුවේ දී වාර්තා වූ අතර එය බිඳී ගියේ කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟිනි. දිනේෂ් චන්දිමාල් විසින් කඩුල්ල පිටුපස සිටිමින් දවා ගත් අනගි උඩ පන්දුව හේතුවෙන් මෙන්ඩිස් දැවී යන විට පන්දු 24කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 30ක් ලබා සිටියේ ය. කඩුල්ලේ හිමිකාරිත්වය Manpreet Gony සතු විය. 

Kandy Tuskers කණ්ඩායමේ 200 වැනි ලකුණ තෙවැනි කඩුල්ලේ දී පන්දු 113ක දී වාර්තා වූ අතර එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට කුසල් පෙරේරා සහ අසේල ගුණරත්න සමත් වූහ. කුසල් තම  අර්ධ ශතකය 35 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර දැවී යන විට පන්දු 52කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියේ ය. මෙම ඉනිම කුසල්ගේ ඕනෑම විස්සයි විස්ස තරගයක හොඳම ඉනිම බවට ද පත් විය. 

මහනුවර ඉනිම අවසන් වන විට අසේල පන්දු 20කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටි අතර සීක්කුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 4ක් ලබා සිටියේ ය. කඩුලු ලබා ගැනීමේ දී Manpreet Gony, දුෂ්මන්ත චමීර සහ Qais Ahmad අතර කඩුල්ල බැගින් බෙදී ගියේ ය.  

LPL තතුවිත්ති:

ප්‍රතිවාදි ඉනිම දිනේෂ් චන්දිමාල් සහ Laurie Evans ආරම්භ කළ අතර ඔවුන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ  සහනාධාර ලකුණු 4කිනි. ඉන් නොනැවතුන පන්දු රකින්නෝ චන්දිමාල් ලකුණු 5ක් ලබා සිටිය දී ලබා දුන් ලෙහෙසි උඩ පන්දුවක් ද බිම දැමුවේ ය. එය ප්‍රදානය කළේ Naveen-ul-haq ය. අනතුරුව එංගලන්ත ක්‍රීඩකයාගේ ද දුවද්දී දැවී යෑමක් ඔවුන් වෙතින් මඟ හැරුණි. 

ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් ඔවුන් කණ්ඩායමේ 50 වැනි ලකුණ 24 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් එක් කිරීමට ද සමත් වූහ. Laurie Evans ලකුණු 22කට දැවී ගිය ද එතැන් සිට තික්ෂිල ද සිල්වා හා එක්ව ඉනිම ගොඩ නැගීමට චන්දිමාල් කටයුතු කළේ ය. ඒ අනුව වාර්තා වූ චන්දිමාල්ගේ අර්ධ ශතකයට වැය වූයේ පන්දු 28ක් පමණි. ඒ වෙද්දී ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි. 

ඉනිමේ 100 වැනි ලකුණ 56 වැනි පන්දුවේ දී වාර්තා වූ එම කඩුල්ලේ සබඳතාව ලකුණු 67ක් දක්වා රැගෙන යෑමට ඔවුන් සමත් වූහ. චන්දිමාල් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටිය දී Naveen-ul-haqගේ පන්දුවට දැවී යමින් ඒ සබඳතාව අවසන් කෙරුණි. ඊට පසුව යැවුණ පන්දුවේ දී තික්ෂිල (22) ද දැවී ගියේ ය. 

Naveen-ul-haqගේ ත්‍රිත්ව කඩුලු පන්දුවට මුහුණ දෙමින් තම ඉනිම ආරම්භ කළ අගනුවර නායකයාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැත. සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු ලකුණු 2ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය. 

එතැන් සිට ගිලා බැසි ඉනිම ගොඩ ගැනීමට පැවරුණේ Andre Russell සහ අශාන් ප්‍රියන්ජන්ටය. අවසන් පන්දු 30 දී ඔවුන්ට ලැබුණ ඉලක්කය ලකුණු 70කි. තරමක් අපහසු මේ ඉලක්කය කරා යෑමේ දී ඔවුන් දෙදෙනා ම එක ම පන්දු වාරයක දී ක්‍රීඩාගාරය වෙත යැවීමට නුවන් ප්‍රදිප් සමත් විය. ඒ වෙද්දී අගනුවර ඉනිම කියැවුණේ කඩුලු 6කට ලකුණු 167ක් ලෙස ය. 

ඊළඟ කඩුල්ලට එක් වූ ඉසුරු උදාන, කවිශ්ක අංජුලගේ පන්දුවකට දුන් පහසු උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අත හරිද්දී ඔහු ලබා සිටියේ ලකුණු 2ක් පමණි. එතැන් සිට ක්‍රියාත්මක වූ ඉසුරු එම පන්දු වාරයේ අවසන් පන්දු දෙකේ දී පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු පුවරුව තරමක් සවිමත් කළේ ය. එය තරගයේ හැරවුම් ලක්ෂය ද විය. 

අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ඉසුරුට සහ Qais Ahmadට ලබා ගැනීමට තිබුණේ ලකුණු 20ක් පමණි. පන්දු යැවීමේ වගකීම බාර වූයේ අසේල ගුණරත්නට ය. එහි දී පොඩි කුසල්ගේ වාසිය ගත් ඉසුරු හයේ පහර දෙකක් සමගින් ලකුණු 18ක් ලබා ගත් අතර යැවුණ නීති විරෝධී පන්දුව ද සමගින් තරගය ලකුණු සම වීමෙන් අවසන් කිරීමට Colombo Kings ක්‍රීඩකයෝ සමත් වූහ. 

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප් සහ Naveen-ul-haq කඩුලු 2 බැගින් ලබා ගත් අතර අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න ද කඩුල්ල බැගින් දවා ගත්තේ ය. 

අද තරගයේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ Rahmanulla Gurbaz, ඉන්දියන් ක්‍රීඩක Irfan Pathan සහ ඇෆ්ගනිස්තානයේ Naveen-ul-haq ද කොළඹ කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේ Laurie Evans, බටහිර ඉන්දිය කොදෙව් ජාතික Andre Russell, ඇෆ්ගනිස්තානයේ Qais Ahmad සහ ඉන්දියාවේ Manpreet Gony සහභාගී වූහ. 

තරගයේ වීරයා; දිනේෂ් චන්දිමාල් (Colombo Kings)

Result

Colombo Kings 219/7 (20) Kandy Tuskers 219/3 (20)

Match Tied

Updated at 12:23 AM 2020-11-27

BatsmenRB4s6sSR
Dinesh Chandimalc Nuwan Pradeep b Naveen Ul Hak8046122173.91
Laurie Evansc Priyamal Perera b Asela Gunarathne221412157.14
Thikshila de silvac Rahmanullah Gurbaz b Naveen Ul Hak221611137.50
Andre Russellc Priyamal Perera b Nuwan Pradeep241331184.62
Angelo Mathewsb Seekkuge Prasanna250040.00
Ashan Priyanjanc Priyamal Perera b Nuwan Pradeep8710114.29
Isuru Udananot out341204283.33
Qais Ahmedrun out (Kusal Mendis)15830187.50
Manpreet Singhnot out00000.00
Extras12 (b 0 , lb 5 , nb 1, w 6, pen 0)
Total219/7 (20 Overs, RR: 10.95)
Did not batDushmantha Chameera, Amila Aponso,
BowlingOMRWEcon
Nuwan Pradeep403428.50
Irfan Pathan1.5025016.67
Naveen Ul Hak4040210.00
Kusal Mendis0.10000.00
Kavishka Anjula4048012.00
Asela Gunarathne4049112.25
Kamindu Mendis1012012.00
Seekkuge Prasanna10616.00

තරගාවලියේ දෙවැනි තරගය (27) පැවැත්වෙන්නේ Jaffna Stallions සහ Galle Gladiators අතර රාත්‍රි තරගයක් ලෙසිනි.  

(thePapare.com)

කොරෝනා ආසදිතයන් ගණන 22,000 ඉක්මවයි !

0

( 7.45 am ) ශ්‍රි ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසදිතයන් ගණන 22,000 සීමාව ඊයේ දිනය වනන විට ඉක්මවා ගොස් තිබුණි.
ඒ එදින වාර්තා වූ අසාදිතයන් 553 දෙනා සමගය.
එම ආසාදිතයින් සියලු දෙනා බ්‍රැන්ඩික්ස් -පෑලියගොඩ කොරෝනා පොකුරේ අශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටි

එම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වී ඇති රෝගීන් ගණන 22,022ක් වන අතර

බ්‍රැන්ඩික්ස් පෑලියගොඩ කොරෝනා පොකුර ඊයේ දිනය වන විට 18491ක් දක්වා ඉහල ගොසිනි

මහජන ආරක්ෂාව පිළිබද ඇමතිකම ගන්න කලින් දවසේ හැසිරිම ?????

0

( 10.45 pm ) මහජන ආරක්ෂාව පිළිබදව ඇමතිධුරයකින් අද පිදුම් ලැබු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (26) දිනයේ මතුගම පැවති උත්සව කීපයකදී කොරෝනා නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමින් හැසිරී ඇතැයි වාර්තාවේ.

මතුගම ප්‍රාදේශීය සභාවේ පැවති රැස්වීමකට හා මතුගම නගරයේ පාසලක් නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වී ඇති අතර ඔහු මුව ආවරණ නීති ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක නීති නොතකා කටයුතු කර ඇත.

මතුගම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද ඒ රැස්වීමට සහභාගි වී තිබේ.
රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ රටේ ඇමතිවරුන් මේ ආකාරයෙන් වගකිම් විරහිත ලෙසින් කටයුතු කරන්නේ නම් රට තුල සාමය හා විනය පවත්වාගෙන යන්නේ කෙසේද යන මේ වන විටත් පුලුල් අයුරින් සංවාදයට බදුන් වෙමින් තිබේ.

Share on FacebookShare on Twitter

සති 2 කක් තුල හලාවත වැල්ලෙන් කොරෝනා ආසාදිතයන් 29 ක් !

0

( 6.00 pm ) නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසා සිටියේ පසුුගිය නොවැ 12 වෙනිදා සිට 25 වෙනිදා දක්වා හලාවත වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 29 දෙනෙකු හමුවි ඇති බවය..
මේ පසුබිම තුල මේ ප්‍රදේශයට අයත්වන ග්‍රාම නිළධාරි වසම් 4 ක් මේ වන විට හුදකලා කිරිමට පියවර ගෙන තිබේ

ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පනවා ඇත.

වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ඉතා කුඩා ප්‍රදේශයක විශාල ජනතාවක් සිටීම කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිරයෑමට ප්‍රධාන හේතුවක් බවය.

හලාවත වැල්ල ප්‍රදේශයේ පවුල් 980කට අයත් පුද්ගලයින් 6,700ක් ජීවත්වෙන බවද ඇය පැවසුවාය.

ඇරපු පාසැල් වැහෙන්න පටන් ගනියි ! කල්මුණෙත් පාසැල් වසා දැමේ ?

0

( 3.00 pm ) රට තවමත් මුහුණ දෙමින් ඇත්තේ වසංගතයේ පැතිරිමේ ප්‍රමාණය ගැන ඇත්තම දිග පළළ ගැන නිවරදිම ඇගයුමක් කරගෙන සත්‍යම තත්වය වටහා ගෙන ඇති පසුබිමක නොවේ.
ගුරු සංගම් හෝ විදුහල්පති සංගම් වල අදහස් කිසිලෙසකින් වත් විමසන්නේ නැති අධ්‍යාපන බලධාරින් විසින් ලංකාවේ පාසැල් විවෘත කිරිමට ගත් තින්දුව දැන් අවුලට යමින් තිබේ.
පාසැල් දරුවන් අතරද ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන අතර පාසැල් දරුවන්ගේ දෙමව්පියන් මෙන්ම ලගම ඥාතින්ද ආසාදිතයන් වු බව කියැවෙන සිදුවිම් කිපයක් දැනටමත් වාර්තා වි තිබේ.
මේ පසුබිම පසුගිය දිනක මහනුවර පාසැල් 45 වසාදමුන අතර දැන් මාධ්‍ය විසින් ප්‍රකාශ කොට ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේද පාසැල් වසා දමා ඇති බවකි.

ඒ අනුව කල්මුණේ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් ප්‍රකාශ කර ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

නැවත පාසැල් විවෘත කරනු ලබන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත

සරත්ට මහජන ආරක්ෂාව !චමල්ට ජාතික ආරක්ෂාව .!

0

( 1.30 pm ) රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පෙර දිවුරුම් දී තිබේ. 

සරත් වීරසේකර මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. 
මුලාශ්‍රය- newscenter.lk

ඉන්දීය ජාතිකයන් 53 කට කොරෝනා !

0

( 12.05 pm ) පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරයි.
ජාතිකයින් 93 දෙනකුට සිදුකරන ලද PCR පරික්ෂණ වලදි මේ පිරිස හදුනාගෙන තිබේ

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි මෙම සමාගම තුළ කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී පසුගිය ( 24) වැනිදා මේ පිරිස හදුනාගෙන ඇත

එම සමාගමේ ඉතිරි පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග පවසා සිටි