Saturday, September 28, 2024
Home Blog Page 73

වෛද්‍යවරයෙකුට කොවිඩ් : මුව ආවරණ නොමැතිව පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගීන්ට ප්‍රතිකාර කරලා

0

( 9.15 pm ) සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේඅඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය උසුලන මෙම ආයුර්වේද වෛද්‍යවරයා බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන අයෙක් වන අතර ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත

මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ

මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවටද සෞඛ්‍ය බලධාරීන් විසින් බරපතල චෝදනානක්ද ඉල්ල කර ඇත.
පසුගිය දින 14ක කාලය තුලදී මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස සලකන බවත් මේ වන විට ලැබෙන වාර්තා අනුව පුද්ගලයින් 1000-1500 ත් අතර පිරිසක් ඔහුගෙන් එම දින වකවානු තුල ප්‍රතිකාර ලබා ඇති බව වාර්තාවේ

මේ අනුව කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.
newswire.lk

ලංකාවේ ‘ෂර්ලොක් හෝම්ස්’ IDH රෝහලේ: “ජීවිතාරක්ෂාව තහවුරු කරන්න” – දසතින් බලපෑම් !

0

( 2.45 pm ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි විශිෂ්ඨ ගනයේ රහස් පරීක්ෂකයකු ලෙස සැලකෙන එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අංගොඩ IDH ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබේ.   හෘදයාබාධ සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන ඔහුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ “බරපතල ප්‍රශ්නයක් තිබෙන” බැවින් ඔහු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවන මෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිකුරාදා (නොවැ. 27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.   විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ, අත්අඩංගුවේ සිටියදී කෝවිඩ්-19 ආසාදනය වී ඇති ශානි අබේසේකර මහර බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙන ගොස් තිබුණු බවය.   “මම බොහොම මානුෂීය ඉල්ලීමක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමාගේ සෞඛ්‍යමය තත්ත්වයත්, ආරක්ෂාමය තත්ත්වයත් අවබෝධ කරගෙන, එතුමාව ඔය කිලෝමීටර් දෙසීයකට වැඩි ප්‍රමාණයකට දුර ඈත ප්‍රදේශයක නිරෝධායන කඳවුරක නොව, IDH රෝහලට යවන්න කියල,” ඔහු පැවසීය.   

 ගල්ලෑල්ල නිරෝධායන කඳවුරේ දී බ්‍රහස්පතින්දා (නොවැම්බර් 26) හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි The Leader වෙබ් අඩවිය පළමු වරට අනාවරණය කළේය.   කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබුණි.  

Twite Mangala

  මේ අතර මහර රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගතකර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසමේ රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර තිබුණි.   “මෙය අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනු ඇති බවට බරපතල අවධානයක් යොමුවී තිබේ. අප මේ ලිපිය ලියන්නේ මේ පැමිණිල්ල කෙරේ ක්ෂණික අවධානය යොමු කොට ඔබේ බාරයේ ඉන්නා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටීමටයි,” යනුවෙන් ද ලිපියේ දැක්විණ.   ඉන් අනතුරුව නොවැම්බර් 26 වෙනි දින ද රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය යළිත් වරක් බන්ධනාගාර බලධාරීන්ට ඒ පිළිබඳ සිහි කැඳවීමක් කර තිබිණ.  

HRCSL Letter to Commissioner General of Prions 25 Nov 2020 1

  “ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨතම රහස් පරීක්ෂකයා ලෙස බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පාත්‍රවී සිටි” ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා සිටිමින් ‘තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය‘ විසින් අන්තර්ජාල පෙත්සමක් ද ආරම්භ කරනු ලැබ තිබේ.  

  ජනපතිගෙන් චෝදනාවක් !   විපක්ෂනායකවරයා සහ මානව හිමිකම් කොමිසම ද පෙන්වාදෙන ආකාරයට ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් සහ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කවරේ දැයි විමසීම පිණිස සම-කැබිනට් ප්‍රකාශකවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.  

vbfg

  ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බර් 24 වෙනි දින භික්ෂූන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.   “ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ,” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.   දේශපාලන බලපෑම් මත රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට ශානි අබේසේකරට එසේ චෝදනා එල්ල වන නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු අවස්ථා ගණනාවකදීම පැවසුවේ තමන් සිදු කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බවය.  

    ශානි අබේසේකර යනු කවුද?  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධ විමර්ශන භාරව කටයුතු කළ නිලධාරියෙකි.

  # පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර  

# රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය

  # කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

  # භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය  

# මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය

  # රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.  

එම සිදුවීම් වලට අමතරව,  

# රෝයල් පාර්ක් ඝාතනය  

# අඟුලාන ද්විත්ව මිනීමැරුම  

# උඩතලවින්න ඝාතනය  

# මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.  

නීතිපතිගේ ‘දෙබිඩි ප්‍රතිපත්තිය’

Team Jail

  අපරාධ නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා කොට රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම බ්‍රහස්පතින්දා ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනුණු අතර, ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මස 07 දින ප්‍රකාශයට පත්කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී තිබිණ.   එහිදී ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පළ කර තිබිණ.  

කෙසේ වුවත්, 
  # හිටපු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ලබා සිටින පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට විරෝධය පළ නොකළ,
  # මූල්‍ය වංචා චෝදනා යටතේ නඩු පවරනු ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශගතවීමට අවසර දීම සඳහා විරෝධයක් නොදැක්වූ,  
# මිනීමැරුමට වරදකරු වූවෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අනුමැතිය දුන්,  
# ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා ලබා සිටින පුද්ගලයෙකුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි බවට නිගමනය කළ,   නීතිපතිවරයා ශානි අබේසේකර සම්බන්ධයෙන් එවැනි දැඩි ස්ථාවරයක් අනුගමනය කිරීම ගැන ඇතැම් මාධ්‍ය වාර්තාවල විශේෂයෙන් සඳහන් කර තිබුණි.   ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් සැකකරුවන් පිළිබඳ එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරවාරයේ ශ්‍රී ලංකාවේ බරපතලම අපරාධ ගණනාවක් පිළිබඳ විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් “දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන” බවට එල්ලවන චෝදනා ගැන ප්‍රතිචාරය කවරක් දැයි, බීබීසී සිංහල සේවය නීතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතිවේදිනී නිශාරා ජයරත්නගෙන් ලිඛිතව සහ දුරකථනය ඔස්සේ කළ විමසීම්වලට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.     මේ අතර ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් දැරූ ස්ථාවරය ගැන යළි සලකා බලන මෙන්, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අහිම්සා,, නීතිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබිණ.   රිමාන්ඩ් භාරයේ දී ඔහුට සලකන ආකාරය පිළිබඳව ද අහිම්සා ඇතුළු පිරිස බරපතල අවධානය පළ කර තිබිණ.

  (බීබීසී සිංහල සේවය)@ අවධාරණය කිරීම් අපෙන් – සංස්කාරක 
theleader.lk

අවිශ්කගේ ඉවසිල්වන්ත පිතිකරණයෙන් Jaffna Stallionsට ජය

0

( 7.15 am ) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවන තරගය ඊයේ (27) Jaffna Stallions සහ Galle Gladiators අතර පැවැත්වුණු අතර එම තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 92*) දියත් කළ දක්ෂ පිතිකරණය නිසාවෙන් Jaffna Stallions කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකි විය.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක Shahid Afridi පළමුව පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලබා ගත්තේය. 

ධනුෂ්ක ගුණතිලක සහ කොදෙව් දේශයේ දකුණත් පිතිකරුවෙක් වන Chadwick Walton Galle Gladiators ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 24ක සබඳතාවයක් ගොඩනංවන ලදි. Walton හට සාර්ථක වීමට වරම් නොලැබුණු නමුත් ඔවුන්ට යම් සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක සහ Galle Gladiators කණ්ඩායමේ පුහුණුකරුගේ පුත්‍රයා වන Azam Khan සමත් විය.

වමතින් පිතිකරණයේ නිරත වන ගුණතිලක පන්දු 30කට මුහුණ දෙමින් 4 පහර 7ක් සමඟ ලකුණු 38ක් වාර්තා කරගත්තේ යම් දිගු ඉනිමක පෙර නිමිති පෙන්නුම් කරමින් වුවත්, දකුණතින් දඟපන්දු යවන වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ගුණතිලකගේ එම ඉනිම නිමාවට පත් විය.

Photos: Jaffna Stallions vs Galle Gladiators – Match 2 | LPL 2020

Galle Gladiators  කණ්ඩායමේ උපනායක භානුක රාජපක්ෂ හට අද දිනයේ දී වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි වුනු නමුත්, ඔහු 4 පහර 3ක් සමඟ පන්දු 20ක් තුල ලකුණු 21ක් ලබා ගන්නා ලදි. Galle Gladiators ඉනිමේ 13 වැනි පන්දුවාරය වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටි නමුත් භානුක සහ  මිලින්ද සිරිවර්ධනගේ කඩුලු එක ළඟ දැවී යාමත් සමඟ ඔවුන්ගේ මැදපෙළ තරමක් කඩා වැටුණි.

මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය නිසාවෙන් Galle Gladiators ඔවුන්ගේ ඉනිමේ මැද පන්දුවාර කිහිපය තුල යම් පීඩනයකට ලක්වුණු නමුත් එම පීඩනයෙන් ඔවුන්ව මුදවා ගත් නායක Afiridi වේගවත් සහ දක්ෂ පිතිකරණය නිරත වෙමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කරන ලදි. 

Afiridi 4 පහර 3ක් සහ 6 පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ පන්දු 23ක් තුලයි. Duanne Olivierගේ පන්දුවක් හමුවේ Afiridi දැවී යන විට Galle Gladiators ඉනිමේ පන්දුවාර 18ක් අවසානයේ 155/6ක් ලෙස ලකුණු පුවරුව සටහන් විය.

LPL තතුවිත්ති;

වමතින් පිතිකරණයේ නිරත වන ශෙහාන් ජයසූරිය 6 පහර 2ක් එල්ල කරමි පන්දු 11ක් තුල ලකුණු 17ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර දෙක තුල සිය කණ්ඩායමේ ලකුණු සටහන තවදුරටත් සවිමත් කළේය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන වනිඳු හසරංග සිය පන්දුවාර 4 ලකුණු 12ක් තුල අවසන් කරමින් දක්ෂ පන්දුකරණයක නිරත වන විට, Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක Duanne Olivier ලකුණු 44ක් තුල කඩුලු 4ක් දවා ගත්තේය. Jaffna Stallions කණ්ඩායමේ පන්දු රැකීම යම් ආකාරයක දුර්වල බවක් පෙන්නුම් කළ අතර එසේ නොවන්නට ඔවුන්ට මීට වඩා අඩු ලකුණු මට්ටමකට Galle Gladiators කණ්ඩායම සීමා කර ගැනීමට ඉඩකඩ තිබුණි.  

ලකුණු 176ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Jaffna Stallions ආරම්භක පිතිකරුවන් යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ල සඳහා පන්දු 20ක් තුල ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණතින් වේගපන්දු යවන Mohammad Amir එවූ පන්දුවක් මිනෝද්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදීමෙන් කඩුලු රකින්නාගේ අතට යාම නිසාවෙන් මිනෝද්ගේ ඉනිම ලකුණු 18කට නිමා විය.

මිනෝද්ගේ දැවී යාමට පසුව පිටියේ ස්ථාවර වූ Tom Moores සහ ප්‍රනාන්දු Jaffna Stallions Powerplay පන්දුවාර 6 තුල ලකුණු 51 දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන එන ලද්දේ එක් කඩුල්ලක් පමණක් වැය කරමිනි.  මොහොමඩ් ශිරාස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 18ක් ලබා සිටි Moores ඩීප් මිඩ් විකට් කලාපයේ රැඳී සිටි Afridi වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි.

අනතුරුව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ප්‍රනාන්දු සහ Shoaib Malik තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110*ක නොබිදුණු සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගන්නා ලදි.

4 පහර 5ක් සහ 6 පහර 7ක් එල්ල කරමින් ප්‍රනාන්දු දියත් කළ ඉනිම ඉතාමත් හොඳින් සැලසුම් කළ ඉනිමක් බව පෙනෙන්නට වූ අතර ඔහු ඉතාමත් හොඳින් දුර්වල පන්දු තෝරා බේරාගනිමින් සිය ලකුණු මැෂිම ක්‍රියාත්මක කළේය. එසේම ප්‍රනාන්දු රැස්කරගත් මේ ලකුණු ප්‍රමාණය ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දැනට වාර්තා වී තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වේ.

ප්‍රනාන්දු සමඟ සිය අත්දැකීම් හුවමාරු කරගනිමින් පිටිය මැද තෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනංවා ගැනීමට අනෙක් අන්තයෙන් සවියක් වූ Malik පන්දු 31ක් තුල එම ලකුණු 27* ලබාගත්තේ එක් 4 පහරක් එල්ල කරමිනි. 

අවසානයේ Jaffna Stallions කණ්ඩායම පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. පන්දු යැවීමේ දී Mohammad Amir සහ මොහොමඩ් ශිරාස් අතරේ කඩුල්ල බැඟින් බෙදී ගියේය.

තරගාවලියේ තෙවැනි දිනය වන 28 වැනිදා Dambulla Viiking කණ්ඩායම සහ Kandy Tuskers කණ්ඩායම අතර තරගය සවස 3.30 පැවැත්වෙන අතර Colombo Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර තරගය රාත්‍රී 8.00ට ආරම්භ විමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැදී සිටින්න ThePapare.com අප සමග ම.

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (Jaffna Stallions)

Result

Jaffna Stallions 176/2 (19.3) Galle Gladiators 175/8 (20)

Jaffna Stallions won by 8 wickets

Updated at 11:37 PM 2020-11-27

BatsmenRB4s6sSR
Avishka Fernandonot out926357146.03
Minod Bhanukac Azam Khan b Mohammad Amir181012180.00
Tom Mooresc Shahid Afridi b Mohamed Shiraz181430128.57
Shoaib Maliknot out27311087.10
Extras21 (b 0 , lb 2 , nb 1, w 18, pen 0)
Total176/2 (19.3 Overs, RR: 9.03)
Did not batDhananjaya de Silva, Thisara Perera, Wanindu Hasaranga, Chathuranga de Sliva, Kyle Abbott, Binura Fernando, Duanne Olivier,
Fall of Wickets1-35 (3.2) Minod Bhanuka, 2-66 (7.4) Tom Moores,
BowlingOMRWEcon
Akila Dananjaya3.3033010.00
Mohammad Amir402917.25
Asitha Fernando302809.33
Shahid Afridi402005.00
Mohamed Shiraz3038112.67
Milinda Siriwardane2025012.50

www.thepapare.com

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හි පවිත්‍රතා අංශයේ 14 කට කොරෝනා ..

0

( 12.15 am ) නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වාර්තා කොට ඇතැයි නිව්ස්සෙන්ටර් වෙබ් අඩවිය පවසා සිටි

රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමු පෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර ඇතැයි වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය

“දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීමට අප නව ප්‍රවේශයන් සෙවිය යුතුය “

0

දිවි පිදූ අපගේ ජනතාව හදවතින් සමරන අතර දෙමළ ජනතාවගේ ගැටලු විලට විසඳුම් සොයාගැනීමට  නව මාවත් විවෘත කරගත යුතුය.

වසර 30 ක යුද්ධයක් වෙනුවෙන් දිවි පිදූ දෙමළ ජනතාවට ගෞරව දැක්වීමේ දිනය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ (Democratic Fighters Party)  මාධ්‍ය ප්‍රකාශක කේ. තුල්සි මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින්  ඔහු කියා සිටියේ යුද්ධයේදි දිවිපිදූ දෙමළ ජනයාට නමස්කාර කරමින් අපගේ ජනයාගේ ගෞරවය හා සුරක්ෂිත පැවැත්ම උදෙසා නව දේශපාලන මං පෙත් විවර කරගත යුතු බවයි.

තම පක්ෂයේ අනාගත දේශපාලන සහ වර්තමානය පිළිබඳව ඔහු තවදුරටත් අදහස් දක්වන ලදී.

”ලෝකයේ පීඩනයට එරෙහි සියලු අරගල පිළිගැනීමට ලක් වූයේ ජයග්‍රහණයෙන් පසුවය. එතෙක් එවැනි අරගල අන්තවාදී හා ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගසා ඉතිහාසය තුළ අපකීර්තියට පත් කර තිබේ.

තමන්ගේ ළමා කාලය , අධ්‍යාපන සිහින අතහැර දමා දෙමළ ජනයාට ගෞරවයෙන් හා සුරක්ෂිතව ජීවත් වීම වෙනුවෙන් සටන් කළ සියලුම තරුණ තරුණියන් මානව විමුක්තියට ආදරය කළ අයයි. ඔවුන් සිහිපත් කිරීම හා නමස්කාර කිරීම , කෘතඥතාවය පළකිරිම අපට සැනසීමක් ගෙන දෙන බව සත්‍යයකි. ඒ හැරෙන්නට, එම මතකයන් අපට ආරක්ෂාවට අවදානමක් ඇති කරන බව මා සිතන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ එය ශක්තිමත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ගැන අප සලකා බැලිය යුතුය. යුද්ධය අවසන් කළ අය දැන් සර්වබලධාරීව රට පාලනය කරනු ලබයි. යුද්ධ කරපු පුද්ගලයන් තමයි සාමය ගෙන ඒමට වඩා සුදුසු. එබැවින්, දෙමළ ජනයාගේ අයිතිවාසිකම්, සහ ජාතියේ අනාගත පැවැත්ම සුදුසු දේශපාලන ක්‍රම මගින් සහතික කිරීම ගැන අපි ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ යුතුය.
ත්‍රිවිධ හමුදාව විසින් මුල්ලිවයිකාල් හි දී දෙමළ ජනතාව නිහඬ කිරීමෙන් පසුව ද දෙමළ ජනතාවගේ දේශපාලන ගැටුම විසඳී නැත. ඒ සඳහා වන ප්‍රවේශයන් ද යහපත් නොවේ.

දෙමළ දේශපාලන නායකත්වය විසින් දකුණේ දේශපාලන නායකයන් සමඟ සිදුකරන කටයුතු අතිශය දේශපාලනීකරනය වී ඇති අතර ඒවා අපගේ ජනතාවට කිසිදු ප්‍රතිපළයක් ගෙන දෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා පීඩාවට පත්ව සිටියදී දහස් ගණනක් මිනිසුන් සමූල ඝාතනය කරන විට ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට ආයුධ ලබාදෙන ලදී. නමුත් අපගේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඔවුන් අපට මාර්ගයක් හෝ ක්‍රමවේදයක් ලබා දී නැත. ඉන්දියාව අපට සැලකුවේ ඔවුන්ගේ කලාපීය අවශ්‍යතා අනුව ය.

දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයේදී 40,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියන ගණනක් අහිංසක ද්‍රවිඩයන්ට අද විවිධ රටවල සරණාගතයින් ලෙස ජීවත්වීමට සිදුවීම අපට සිදුවූ බේදවාචකයයි.
එවැනි බේදවාචකයකින් පසුව පවා දෙමළ ජනයාට සිදුවූ අයුක්තියට පිළියම් සෙවීමකින් තොරව ඉන්දියාව සිය කලාපීය දේශපාලන අවශ්‍යතා සදහා විසඳු සොයන ආකාරය ඉතා කණගාටුදායකය.
මෙම තත්වය තුළ, දේශපාලන වශයෙන් අපගේ දුක්ඛිත තත්වය නොතකා, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේදී දෙමළ දේශපාලන නායකත්වයේ නියෝජනය කෙතරම් සදාචාරාත්මකද යන්නත් ප්‍රශ්නකාරීවේ.

ආසියානු කලාපීය බලවතුන් සමඟ දෙමළ ජනතාවගේ දේශපාලන ගමන් මග හසුරුවා ගැනීම අපගේ ජාතියේ අභිලාෂයයි. මෙම අවස්ථාවෙහිදී, අපගේ ජනතාව, වීරෝදාර දෙමාපියන් සහ වියෝ දුකින් පෙළෙන අය වෙනුවෙන් අර්ථවත් හා අව්‍යාජ දේශපාලන ගමනක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ වටිනා ජීවිත කැප කළ සටන්කරුවන් සමඟ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ජනතාව එක්සත් කිරීමට මෙම සුවිශේෂී අවස්ථාව අපි භාවිතා කරමු.”


දේවා
citizenpostlk.com

ප්‍රතිකාර සඳහා ශානි IDH රෝහලට.

0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර  සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට  කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණ අතර නේවාසික ප්‍රතිකාර සදහා ඔහුව වැලිකන්දට යවාතිබුණි.
එහිදි ඔහුට හෘදයාබාධ තත්වයක්ද හට ගෙන තිබුණ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ ප්‍රතිකාර සදහා ශානි අබේසේකරව කොළඹ IDH රෝහලට එවන ලෙසය

බන්ධනාගාර රැසක රැදවියෝ විරෝධතාවල ! 606 කට ජනපති සමාව ..

0

( 7.00 pm ) මීගමුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැදවියන් පිරිසක් අද බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටියි.

ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවමවීම, කොරෝනා වසංගත අවදානම, ඇප ලබාගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයකි.

මේ අතර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ද මේ වන විට දින 5ක් තිස්සේ විරෝධතාවයක නිරතව සිටියි.

මේ අතර නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 606 දෙනෙකු හට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටින බවය

ෂහිඩ් අෆ්රිඩි වෙනුවෙන් නිරෝධායන නීතිය නැමුණාද ?

0

( 6.00 pm ) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු තරගයට ක්‍රීඩා කිරිමට හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට අවස්ථාව හිමිව ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ගුවන් යානය මග හැරීම හේතුවෙන් අෆ්රිඩි මෙරටට පැමිණි තිබුනේ ඊයේ දිනයේදීය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර දින 07ක නිරෝධායනය වීමක් අනිවාර්ය වුවත් විශේෂ කරුණු කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අෆ්රිඩි හට තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා අවසර ලබාදීමට තරගාවලියේ සෞඛ්‍ය උපදේශක කමිටුව තීරණය කර ඇතැයි වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ඒ ඔහු මිට පෙර කොවිඩ් ආසාදිතයෙක්වී සිට සුවය ලබා තිබීම, වත්මන් PCR වාර්තා සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් ඔහු කොවිඩ් “ආසාදිතයෙකු නොවිම” හේතු නිසාවෙන් බවද සදහන්ය

හම්බන්තොට දී අද පැවැත්වෙන තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ෂහිඩ් අෆ්රිඩි ද ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවීමට නියමිතව ඇත.

මේ අතර පසුගිය කාලය තුල රජයට සමිප විවිධ පාර්ශව වෙත නිරෝධායන නීතියේ කිසියම් ලිහිල් බවක් පැවැතිම පිළිබදව බරපතල විවේචන මේ රජයට හා අදාල බලධාරින්ට එරෙහිව එල්ල වි තිබුණි

හලාවත මාළු වෙළඳ සැල තවදුරටත් වසා දැමේ ! අධිකරණ කටයුතුත් නවතියි !

0

 
(3.45 pm )
හලාවත නරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරිම් අද ( 27 දා ) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කළ බව හලාවත අධිකරණයේ ප්‍රකාශකයෙකු පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ අනුව හලාවත මහාධිකරණය කම්කරු විනිශ්චය සභාව හලාවත දිසා අධිකරණය හා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණයන්හි නඩු ඇසීම ලබන මස 4 දා දක්වා නතර කරනු ඇත.

මේ අතර සතියක කාලයක් සදහා වසා දැමුනු හලාවත මාළු වෙළද සැල මේ බදදා දිනයේ යළිත් විවෘත කිරිමට නියමිතව තිබුණුද හලාවත ප්‍රදේශයනේ දිගින් දිගටම ආසාදිත රෝගින් වාර්තා වෙමින් තිබිම නිසා එය තවදුරටත් වසා දැමිමට හලාවත නගරසභාව පියවර ගෙන තිබේ

පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයටත් කොරෝනා බිය පැතිරෙයි …

0

( 3.05 pm ) පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවය කරන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කිසියම් උණුසුම් තත්ත්වයක් මතුව තිබුණ බව නිව්ස්සෙන්ටර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එම සේවකයා ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරා කොරෝනා ආසාදිතයෙකු යයි තහවුරු වී ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය