Saturday, September 28, 2024
Home Blog Page 72

මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 6 ක් මිය යයි ! 35 ක් තුවාල ලබයි ..

0

( 8.00 am ) මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරි තත්වය හේතුවෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

වෙඩි වැදීමෙන් සිරකරුවකු මිය ගියා – පොලිසිය කියයි!

0

( 7.05 pm ) පසුගිය දින කිපය පුරාවටම බන්ධනාගාර රැසක නොසන්සුන්කාරි වතාවරණයක් නිර්මානය වෙමින් තිබේ.මෙයට මුලිකතම හේතුව වි තිබුනේ කොරෝනා තත්වය හමුවේ රැදවියන් මුහුණ දෙන ආනාරක්ෂිත බව බැදුන සිදුවිම්ය.
මේ නිසාම වඩාත් ආරක්ෂිත තත්වයක් නිර්මාණය කරගැනිමේ අවශ්‍යතාවය ඔවුන් තුල මතුව ඇති බැව් පෙනේ.
විශාල පිරිස් සිටින බන්ධනාගාර වල පවතින ඉඩ කඩ පිලිබද ප්‍රශ්ණය යනු පවතින බන්ධනාගාර කොරෝනා රැල්ල තුල වඩාත් අනාරක්ෂිත බවක් නිර්මාණය කරනු ලබන ප්‍රධානතම හේතුව වි තිබේ.මේ සදහා කඩිනම් පිලියම් සොයන බව පසුගිය දිනවල අවස්ථා ගණනාවකදි රාජ්‍ය ඇමතිණිය කියා සිටියද ඒවායේ ක්‍රියාත්මක භාවයක් මේ වන පෙනෙන්නේද නැත.

මේ අතර මහාර බන්ධනාගාරයේ රැඳවියන් හට සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණයේදි 183 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගෙන ඇතැයි newswire.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි


මේ පසුබිම තුල බන්ධනාගාර තුල ජිවන ආරක්ෂාව පතා නොසන්සුන් කම් ඇතිවිම අද යථාර්ථය බවට පත්ව තිබේ.
මහර සිදුවිම පිළිබදව ලංකාවිව්ස් වෙබ් අඩවිය පහත සටහන ඔවුන් වෙබ් අඩවිය මගින් සමාජගත කොට තිබේ

(6.50)මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමකින් සිරකරුවකු මිය ගොස් ඇති බව පොලිසිය නිල වශයෙන් නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ වෙඩි හඬ ඇසෙමින් පවතින බවයි.

විශේෂ කාර්ය බලකාය, මහර බන්ධනාගාරයට!

(6.40)මහර බන්ධනාගාරයේ වෙඩිතැබීම් ඇසීමත් සමග ප්‍රචණ්ඩ සිදුවීමක් සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසද්දී පොලිසිය පවසන්නේ මහර බන්ධනාාරයේ තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවය.
මින් පෙර වැලිකඩ බන්ධනාගාරයේදීත් අනුරාධපුර බන්ධනාගාරයේදීත් මෙබඳුම සිදුවීම් උපයෝගී කරගෙන විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමේදී සිදුව ඇති සිරකරු ඝාතනයන් සම්බන්ධව චෝදනා නැගී ඇත. සිරකරුවන් විරෝධය පළකිරීමේදී එය මැඩ පැවැත්වීමට බන්ධනාගාර ආරක්ෂකයන් යොදවනු වෙනුවට විශේෂ කාර්ය බලකාය වැනි මර්දනකාරී තත්වයන් හමුවේ මැදිහත්වීමට ප්‍රකට සන්නද්ධ භට පිරිස් යෙදවීම විවේචනයක් පවතී.

මහර බන්ධනාගාරයේ වෙඩිතැබීම් ඇසීමත් සමග ප්‍රචණ්ඩ සිදුවීමක් සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසද්දී පොලිසිය පවසන්නේ මහර බන්ධනාාරයේ තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවය.
මින් පෙර වැලිකඩ බන්ධනාගාරයේදීත් අනුරාධපුර බන්ධනාගාරයේදීත් මෙබඳුම සිදුවීම් උපයෝගී කරගෙන විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමේදී සිදුව ඇති සිරකරු ඝාතනයන් සම්බන්ධව චෝදනා නැගී ඇත. සිරකරුවන් විරෝධය පළකිරීමේදී එය මැඩ පැවැත්වීමට බන්ධනාගාර ආරක්ෂකයන් යොදවනු වෙනුවට විශේෂ කාර්ය බලකාය වැනි මර්දනකාරී තත්වයන් හමුවේ මැදිහත්වීමට ප්‍රකට සන්නද්ධ භට පිරිස් යෙදවීම විවේචනයක් පවතී.

(6.10pm) මහර බන්ධනාගාරයෙන් වෙඩි හඬ ඇසෙයි!

මහර බන්ධනාගාරයේ කිසියම් නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් බන්ධනාගාර ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසෙමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පසුව වාර්තා කරමු.
lankaviews.com

මෙරට කොරෝනා මරණ වලින් 44 ක් රෝහලට ඇතුලත් කිරිමට පෙර සිදුව තිබේ ?

0

( 2.00 pm ) කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති 109ක් වූ මරණ සංඛ්‍යාවෙන් 44 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිය නිවෙස් තුළදී හෝ රෝහල් කරා රැගෙන යමින් සිටියදී බව එම මරණ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා අනුව තහවුරු වේ.

මෙම මරණ අතරින් වයස් කාණ්ඩ අනුව වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි අයගෙන් වන අතර එම පිරිස 45කි.

ඊට අමතරව වයස 51 ත් 60 ත් අතර 21 දෙනෙකුද වයස 61 ත් 70 ත් අතර යන වයස්වල පසුවන 20 දෙනකුද සහ වයස අවුරුදු 41 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන 16 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අතර විශේෂයෙන් වයස අවුරුදු අවුරුදු 10ත් 30ත් අතර වයස්වල පසුවන තිදෙනෙකුද 31 ත් 40 ත් අතර වයස්වල පසු වූ සිව් දෙනෙකුද කොවිඩ් ආසාදිනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්වූ 109 දෙනා අතර 44දෙනෙකු නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර 64 දෙනකු මිය ගොස් ඇත්තේ රෝහල්ගතකර සිටියදීය.

අනෙක් කොවිඩ් මරණය මාර්ගයක මියගොස් සිටි අයෙකි. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැත.

මිය ගිය කොරෝනා රෝගීන්ගෙන් 88 ක් කොළඹින් ! 13 ක් ගම්පහින් !

0

(1.00 pm ) මෙතෙක් වාර්තා වි ඇති කොරෝනා මරණ 109න් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඊයේ (28) වාර්තා වූ මරණ දෙකද ඇතුළත්ව මේ වනවිට කොළම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 81ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් මරණවලින් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වන 13ක් වර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එමෙන්ම කළුතරින් 06ක්, කුරුණෑගලින් 04ක්, පුත්තලමෙන් 03ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

පොලිසියෙන් ඉල්ලුවට අපි තොරතුරු දෙන්නෙ නැහැ – ෆේස්බුක් සමාගම කියයි

0

( 11.55 am ) ශ්‍රී ලංකාවේ සිටින ෆේස්බුක් පරිශලකයන්ගේ තොරතුරු සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වන බව ෆේස්බුක් සමාගම පවසයි.

ෆේස්බුක් සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රධානි ඇම්බර් හෝකේස් පවසන්නේ “ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලුවාට අපි අපේ පරිශිලකයන්ගේ සංවේදි තොරතුරු එයාලට දෙන්නේ නැහැ. රටේ නීතියක් කැඩුව කියල සාධක ඇතිව පෙන්නුවොත් පරිශිලකයෙකුගේ මූලික තොරතුරු (basic subscriber information) යටතේ ඇති දේවල් විතරක් එයාලට ගන්න පුලුවන්. ඒවා දෙන්නෙත් අපේ නීතී විශාරදයන් විසින් සමාලොචනය කරලා නීති විරෝධි දෙයක් වෙලා කියල ඔප්පු වුනොත් විතරයි.”
මේ අතර පසුගිය දිනක පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර සිටියේ විදේස් රටවල් සිටින ඇතැම් ශ්‍රිලාංකිකයන් විසින් පසුගිය දිනවල තබා ඇති ඇතැම් ෆේස් බුක් සටහන් ගැනද විමර්ශනය කොට ඔවුන් ලංකාවට පැමිණෙන අවස්ථාවකදි ගුවන් තොටුපලේදිම අත්අඩංගුවට ගැනිමට කටයුුතු කරන බවය.
කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය . රාජ්‍ය අසාර්ථ විම වැඩිවන ප්‍රමාණය අන්තර්ජාල මාධ්‍ය භාවිතයට ඇති ඉඩකඩද ඇහිරිමට නියමිත බවය

රාජ්‍ය සේවා කොමිසමට නුසුදුස්සන් පත්කරලා… ලාල්කාන්ත ජනපතිට ලියයි

0

( 9.00 am ) රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතවෙත ලිපියක් යොමු කර තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ජනතාවගේ දැනගැනීම පිණිස සියළු ජනමාධ්‍ය වෙතත් පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය පහතින් පල වේ.

2020. 11. 26
ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමණි,

රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධවයි.

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි යන විවේචනය තදින් පවතින පරිසරයකදී එහි ස්වාධිනත්වය ආරක්‍ෂා කර ගැනීම මූලික කර ගනිමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පිහිටුවාලූයේ රාජ්‍ය සේවකයාද රාජ්‍ය සේවයේද විනිවිදභාවය අපේක්‍ෂා කරන සියළු දෙනාගේ ආශීර්වාදය ඇතිවය.

ඉන් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවදුරටත් එය තහවුරුවූු අතර, අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සේවා කොමිෂම වෙත නියෝජිතයින් පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් පවරාගෙන ඇත.

එම පත්කිරීම් සිදු කිරීමේ දී කොමිසමේ විෂය පථයට හා බලතල වලට අනුව එම කාර්ය නිවැරදිව හා විනිවිදභාවයෙන් යුතුව ස්වාධීනත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කළ හැකි නිලධාරීන් නම් කිරීම පත්වීම් බලධාරියා වන ඔබගේ වගකීමයි.

නමුත්, ඔබ විසින් නව කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ දී රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතු වල නියුතු නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරකි. එහි බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතන වලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතු වල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීමයි. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය. දිලිත් ජයවීර මහතාම පවසන පරිදි ඔහු ඔබ සමග සමීප සබඳතා පවත්වන අතිජාත මිත්‍රයෙකි. එම සබඳතාවය රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ කටයුතු නීති ගරුකව යුක්ති සහගතව කරගෙන යෑමට ඇතිකරන බාධාව සුළුපටු නොවේ.

මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි. අහෝසිවී යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අවකාශයයි. මෙයින් ගොඩනැගෙන තත්වය ඔබගේ දැක්ම ලෙස ප්‍රරසිද්ධියට පත්කළ ”සෞභාග්‍යයේ දැක්ම” තුල ඇති විනය ගරුක රටක් ගොඩනැගීමට දායක වන්නේ කෙලෙසද යන්න ප්‍රහේලිකාවකි.

බලතල තමන්ට අවැසි ආකාරයට සකසා ගනිමින් කටයුතු කිරීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරකි. රාජ්‍ය සේවය යනු යම්කිසි පාලකයෙකුගේ පෞද්ගලික අභිමතයන්ට අනුව කටයුතු කළ යුතු සේවාවක් නොවේ. එහි වගකීම හා වගවීම පවතින්නේ රාජ්‍යට මිස කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු වලට හෝ පාලකයන්ට නොවේ. එය ඔබ වටහාගත් බවක් මෙම පත්කිරීම් තුලින් ගම්‍යමාන නොවේ. එසේම මේ හරහා විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවා කොමිෂම සම්බන්ධයෙන් හා එයට පත්කළ යුතු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබගේ ඇති අවබෝධයේ ප්‍රමාණයයි. කරුණු මෙසේ හෙයින් මේ පිළිබඳව අගතිමානි නොවී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එයට ගැලපෙන සුදුසු පුද්ගලයන් පත්කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ට කරනු ලබන දේශපාලන බලහත්කාරී මැදිහත් වීම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

ස්තූතියි.

කේ.ඩී.ලාල්කාන්ත
සභාපති,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.

පිටපත් –
අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා – දැ.ගැ.පි
සියළු ජනමාධ්‍ය – ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රචාරය කිරීමට
lankatruth.com

වත්තල, පෑලියගොඩ,කැළණිය තවදුරටත් හුදකලා කෙරේ ..

0

( 8.00 am ) හෙට (30) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය මෙලෙස ඉවත් කෙරේ.

අනෙකුත් ප්‍රදේශ තවදුරටත් හුදකලා කර ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන බව පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“මට්ටක්කුලියේ රන්දිය උයන නිවාස සංකීරණය, ෆර්ගියුෂන් පාරෙන් දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරනවා මට්ටක්කුලිය විවෘත කරත්. ඒත් එක්කම මේ වන විට හුදකලා නොකර තිබෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ නිවාස සංකීරණයත් සල්මුල් සහ විජේපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයත් තවදුරටත් හුදකලා කිරීමට ලක්කරනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට තිබෙන සෙසු ප්‍රදේශ තවදුරටත් හුදකලාවට ලක්කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය ගත්තහම මේ වන විටත් හුදකලා ප්‍රදේශවන මීගමුව හා රාගම පොලිස් ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරනු ලබනවා. ඒ අනුව තවදුරටත් වත්තල, පෑලියගොඩ, කැලණිය පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කිරීමටත් කටයුතු කරනවා. ලංකාවේ ඊට අමතරව අක්කරපත්තුව, අටලුගම හා අකුරණ හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශ තවදුරටත් හුදකලාව පවත්වාගෙන යනු ලබනවා. ඊට අමතරව දැනට හුදකලා කර ඇති ප්‍රදේශ බදාදා වන විට විශ්ලේෂණය කර ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා.“

දීපාවලි උත්සවයෙන් පසුව වතුකරයෙන් ආසාදිතයන් හමුවේ.? …

0

( 7.00 am ) බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

දිපාවලි උත්සවයෙන් පසු අසාදිතයන් මේ (17 , 18 ) යන දෙදින බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන , බ්‍රිඩ්වෙල් , කොටියාගල , නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් සහ ටිලරි යන වතුවලට පැමිණිමෙන් පසු එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර (24) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයෙන් පසු පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර එක් තරුණියක්ද සිටින බවත් , එම ආශ්‍රිතයන් පස් දෙනාගේ පවුල් වල සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත් , එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ ගනේෂ මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාතේ රැකියා වල නිරතව සිට දිපවාලි උත්සවයෙන් පසු ඉකුත් (18) දින වතුකරයට පැමිණී කාන්තාවන් සිවු දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

කොටගල සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ග්‍රේග්ලි වත්තේ අවු 18 වයසැති කාන්තාවන් දෙදෙනෙකුට සහ කොටගල ඌටන් වත්තේ අවු 36 වයසැති කාන්තාවකට සහ තලවාකැලේ ග්‍රේට්වෙස්ටන් වත්තේ ලුසා කොටසේ අවු 38 වයසැති කාන්තාවකට වෛරසය අසාදනය වි ඇති බවයි  කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

දෙමටගොඩ ප්‍රදේශයේ නවාතැන් පලක අසාදිතයින් සිවු දෙනෙකු එකට නතර වි පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිට ඉකුත් 18 දින තම නිවසට පැමිණ සිටියදි ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව එම කාන්තාවන් සිවු දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වු බවත් වෛරසය අසාදනය වු කාන්තාවන් සිවු දෙනා මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පවසා තිබේ

ක්‍රිඩා අමාත්‍යංශයේ අයවැය විවාදය දිනයේදි ඇමති අසනිප වෙයි ??

0

( 11.30 pm ) කැබිනට් අමාත්‍යවරයෙකු වී තමන්ගේ අමාත්‍යාංශයේ පළමු අයවැය විවාදය පැවැත්වෙන අද (28) දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම විවාදයට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැති බව lankatruth .com වෙබ් අඩවිය සදහන් කොට තිබේ

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවට සහභාගී නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම්දෙමින් කතානායකවරයා වැඩිදුරටත් පැවසූවේ අමාත්‍යවරයා පස්වරුවේ පාර්ලිමේන්තුවට සහභාගී වන බවය.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශයට අදාළ විවාදයට සහභාගීවීමට පාර්ලිමේන්තු නොපැමිණීම සම්බන්ධයෙන් පස්වරුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කාරක සභාවේ සභාපති අසුනේ අසුන්ගෙන සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පස්වරු 4.25ට පමණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අසනීප තත්වයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇති බවයි.

මවකට මිය ගිය සිය පුතු සමරන්නට බැරිද ? මහජන ආරක්ෂක ඇමතිට සුමන්තිරන් දිපු සුපිරි උත්තරේ ..

0

මේ රට තුල කල්පවතින සාමයක් සහජිවනයක් සැබැවින්ම ගොඩනැගිමට ඇති නොහැකියාව සහ දුෂ්කර බව පිලිබදව සජිවි අත්දැකිම් රැසක් පසුගිය අයවැය විවාදය තුල මතුව තිබුණි.
මෙයට ප්‍රධානතම හේතුව වි තිබුනේ යුද්ධය අවසන්ව වසර 9 ක් ගෙවි තිබුනද ඉන් ඇතිවු තුවාල සුවපත් කරනු වෙනුවට ඒ තුවාල පාරමින් ජාතිවාදි ආකාරයෙන් හැසිරෙන දේශපාලකයන් සිටිම මෙන්ම අනාගතය ඊටත් වඩා බියකරු බව ඇස්පනා පිටම පෙන්වා දෙමින් ඇතැම් අන්ත ජාතිවාදි අදහස් ඇති දේශපාලකයන්ට රටේ වැදගත් ඇමතිධුර පිරිනැමිමට ජනාධිපති විසින් කටයුතු කර තිබිම නිසාය
මේ දිනවල දකුණේ ජාතිවාදින් බහුතරයකට ලොකුම ගැටළුව කොවිඩ් වලටත් එහා ගිය එකකි.
එනම් සිය අදරැතියන් අහිමිවු අයවලුන් විසින් නිතිමය සිමාවන් තුල පවා සිටිමන් උතුරේ මෙන්ම නැගෙනහිරද ඒ අදරැතියන්ව මේ මළවුන්ගේ මාසය තුල සැමරිමට කටයුතු කරමින් සිටිමය


මහජන ආරක්ෂකධුරයෙන් පිදුම් ලැබ සිටින සරත් විරසේකර අද පාර්ලිමේන්තුව තුලදි දෙමළ සන්ධාන මන්ත්‍රි සුමනිතිරන්ට එරෙහි කරන්නට යෙදුන ප්‍රකාශය සැලකිල්ලට ගැනිමේදි මේ රටතුල ඇත්ත සහජිවනයක් වෙනුවෙන් ඇති දුර සැබැවින්ම කොපමණදැයි තේරුම්ගැනිම පහසු වනු ඇත.

අධිකරණ කිපයක් විසින්ම ප්‍රසිද්ධියේ යුද්ධයේදි මිය ගිය අය සිහිකිරිම තහනම් කොට තිබේ.
එහෙත් සිය නිවෙස් තුල එසේකිරිමට කිසිදු තහනමක් පනවා තිබුනේ නැත.
තතු එසේව තිබියදි දෙමල ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රි ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්තිරන් පසුගියදා තමන් පෙනි සිටින 83 වියැති මවකගේ මිය ගිය පුතා සැමැරිමට ඇය ජිවත්වු කුඩාරම තුලට ගොස් තිබුණි.
83 වියැති ඒ දමිල මවගේ පුතා එල්.ටි.ටි .ඊ සාමාජිකයයෙකි.
ඇමති සරත් විරසේකරට අනුව නම් ප්‍රභාකරන්ගේ කුඩා කළ සිටම වු යහළුවෙකි.
දැන් මේ රටේ මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් අද පාර්ලිමේන්තුවේදි අසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ඒ වයෝවෘද්ධ මවගේ පුතා සිහිකිරිමට යාම රටේ ස්වරිත්වයට බාධාවක් ගෙනන ප්‍රශ්ණයක් යැයි සදහන් කරමිනි
මන්ද ඔහු එල්.ටි.ටි .ඊ සාමාජිකයයෙකු විම නිසාය.
සුමන්තිරන් ඔහුට ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රිසි බසින් නිසි පිලිතුරක් අද පාර්ලිමේන්තුවේදි ලබා දි තිබුණි.
සුමන්තිරන් විසින් වඩාත් අවධාරණය කර තිබුනේ ඔහු LLTE ඒ මවගේ පුතු බවත් ඒ පුතුන් සිහිකිරිමට අයිතියක් ඇති බවත්ය

ඔහු එල්.ටි.ටි .ඊ සාමාජිකයෙකු වුවද ඒ වයෝවෘද්ධ මවට පුතෙකි යැයි සුමන්තිරන් විසින් පාර්ලිමේක්තුව හමුවේ ප්‍රකාශ කොට තිබුණි



අධිකරණය විසින් ප්‍රසිද්ධ සැමරැම් තහනම් කොට තිබියදි සිය කුඩාරම තුල සිය පුතු සමරා පහනක් දල්වා තිබුන අතර සුමන්තිනේ මන්ත්‍රිවරයාද ඇය හා භට එක්ව තිබුණි.
ඇමති සරත් විරසේකර කතානායකවරයා හමුවේ ඉල්ලා සිටියේ ඒ මවගේ පුතාව සමරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සුමන්තිරන් ගියේ ඇයිදැයි කියාය.
සැබැවින්ම මහජන ආරක්ෂාව භාර දි ඇති මේ ඇමතිගේ දැක්මේ දිග පළල සැබැ ලෙසින්ම පෙනියන විට ජාතින් කිපයක් එකට වසන ශ්‍රිලංකාවේ අනාගත සහජිවනයට දෙවියන්ගේම පිහිට යැයි සිතේ