Saturday, September 28, 2024
Home Blog Page 71

තවත් රැඳවියන් දෙදෙනෙකු මිය යයි !

0

( 6.00 pm ) රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන ලදි

මෙම මරණ 2 ත් සමගින් මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර ඇමති සුදර්ශණි මාධ්‍ය හමුවේ කියා තිබුනේ මේ බන්ධනාගාර සිදුවිම පිලිබද අදිසි හස්තයක් ඇති බවය. එමෙන්ම විමල් විරවංශ ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදි කියා තිබුනේ පෙත්තක් නිසා මේ තත්වය හට ගත් බවය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙසේ මරාදමන ලද රැදිවියන්ගේ මුලික ඉල්ලම PCR පරික්ෂණ කඩිනම් කරන ලෙසය

මහර : අනුරගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කෙනෙක් නැහැ

0

( 2.15 pm ) මහර බන්ධනාගාරයේ තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් අද (01) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කරනු ලැබීය. එහෙත් එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට බන්ධනාගාර විෂය භාර ඇමතිවරයෙකු පාර්ලිමේන්තුව තුළ සිටියේ නැත.

ඊයේ (30) අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් යම් නිශ්චිත ප්‍රශ්නයක් නගනු ලැබූ අවස්ථාවේ විෂය භාර ඇමතිවරයා ලෙස සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පිළිතුරු ලබාදුන්නාය. නමුත් අද දින ප්‍රශ්නය විමසන අවස්ථාව වනවිට ඊයේ සිට විෂයභාර අමාත්‍යවරිය ඉන් ඉවත් කර තිබුණි. බන්ධනාගාර විෂය ලොහාන් රත්වත්ත අමාත්‍යවරයා යටතට පත් කර ඇති මාධ්‍ය වාර්තා පළවූ නමුත් සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ ලොහාන් රත්වත්ත යටතට පත්කර නැති බවය.

එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ නැගූ සම්පුර්ණ ප්‍රශ්නය මෙසේය. මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුව වෙත යවනු ලබා ඇත්තේ ඊයේ (30) දිනයි.

“මහර බන්ධනාගරයේ මතු වී ඇති කැරලිකාරී තත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩිතැබීම් හේතුවෙන් සිරකරුවන් ගණනාවක් ඝාතනය වීමේ හා තුවාල ලැබීමේ සිදුවීම ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

“ඊයේ (29) දින මහර බන්ධනාගරයේ මතු වී ඇති කැරලිකාරී තත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩිතැබීම් හේතුවෙන් සිරකරුවන් 10කට ආසන්න පිරිසක් ඝාතනය වී ඇති බවටත් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටත් වාර්තා වෙනවා. එසේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමේ ඉඩකඩක් ඇති බවටත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සිදුවීම බන්ධනාගාරයේ දොරටුව බිඳ පලා යාමට කරන ලද උත්සාහයකදී ඇති වූ සිද්ධියක් ලෙස ඇතැම් වාර්තා පළ වූවද මෙම කරුණේ සත්‍ය අසත්‍යතාව නිසි පරීක්ෂාවකින් තොරව පැවසිය නොහැකියි.

පසුගිය කාලය පුරාම සිරකරුවන් අතර ආතතිකාරී තත්වයක් ඇතිවී වී තිබුණා. ඒ, බන්ධනාගාරවල කොවිඩ් – 19 රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමගයි. මේ වනවිට බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවනවා. 2020 අගෝස්තු වනවිට ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව බන්ධනාගාරවල සිරකරුවන්ගේ තදබදය 250%ට ආසන්නයි. බන්ධනාගාරවල සිරකරුවන් 11,762ක් සිටිය යුතු වුවත් දැනට ඒවායේ 28,750ක පිරිසක් රඳවනු ලැබ තිබෙනවා. මෙයින් 20,000ක් පමණ පිරිසක් රිමාන්ඩ් සිරකරුවන් බවද පැවසෙනවා.

කොවිඩ් – 19 රෝගී තත්වය ව්‍යාප්ත වන ප‍්‍රධාන ආකාරයක් වන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කිරීමයි. ඒ අනුව බලන විට 250%ක් තදබද වීම විසින් බන්ධනාගාරයන්හි කොවිඩ් තත්වය තුළ පවත්වා ගත යුතු දුරස්ථභාවය අර්ථ විරහිත වන බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුව එක් රැඳවියෙක් සඳහා අවම වශයෙන් වර්ග මීටර් 02ක ඉඩ පහසුකමක් අවශ්‍ය වනවා. නමුත් පවතින ඉලක්කම් අපට පෙන්වා දෙන්නේ, කොවිඩ් වැනි රෝගී තත්වයක් පවතිද්දී පමණක් නොව සාමාන්‍ය තත්වයට පවා සිරකරුවන්ට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට පවතින බන්ධනාගාර පද්ධතිය අසමත් බවයි.

එම ඍජු බලපෑමට අමතරව කොවිඩ් තත්වය විසින් රිමාන්ඩ් සිරකරුවන්ගේ නඩු කටයුතු ප‍්‍රමාද කරවා තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ වී අමතර කාලයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබෙනවා. මෙයද රිමාන්ඩ් සිරකරුවන් අතර බරපතළ අසහනකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

1875 බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදි කරන ලද මහර බන්ධනාගාරයද වර්තමාන සිරකරු සංඛ්‍යාවට ප‍්‍රමාණවත් නොවන බවට සැකයක් නැහැ. බන්ධනාගාර තුළින් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග මහර බන්ධනාගාරයෙන්ද රෝගීන් වාර්තා වූ අතර එක් රැඳවියෙක් පසුගිය 22වැනිදා රෝගී තත්වය හේතුවෙන් මරණයටද පත් වුණා. 200ක් 300ක් පමණ පිරිසකට එක ශාලාවක තදබදව සිටීමට බලකෙරී ඇති තත්වයක් තුළ සහ පොදු වැසිකිළි පාවිච්චි කිරීමට සිදුව ඇති තත්වයක් තුළ කොවිඩ් වැනි රෝගයක් පහසුවෙන් ව්‍යාප්ත වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පසුගිය 29 වැනි දින සිරකරුවන් 183දෙනෙක් ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා ලැබීමත් සමග බන්ධනාගාරය තුළ බලවත් කැලඹිලිකාරී ස්වභාවයක් ඇති වූ බවත් රැඳවියන්ගේ නිවෙස්වලින් පිරිස්ද විශාල ලෙස එහි පැමිණි බවත් වාර්තා වුණා. මේ අනුව තමන්ගේද PCR පරීක්ෂණ සිදුකරන ලෙසට හා රෝගයෙන් බේරී සිටීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට සිරකරුවන්ගෙන් බලවත් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් මෙම තත්වයට නිසි විසඳුම් නොලැබීම යම් කලහකාරිත්වයකට මුල පුරන්නට ඇති බවට සැක කළ හැකියි. මෙවැනි තත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්වයක් ඇති කරනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේද? එහි ප‍්‍රතිඵල මෙම සභාව හමුවේ තබන්නේද?
  2. සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහාත් ගනු ලැබ ඇති පියවර කවරේද?
  3. මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී සිදුවීමට බලපෑ කරුණු ආණ්ඩුව විසින් හඳුනාගනු ලැබ තිබේද? ඒවා මොනවාද?
  4. එම සිදුවීම්වලට තුඩු දුන් හේතුවලට විසඳුම් ලබාදීමට අනුගමනය කරන කරන ක‍්‍රමවේදය කුමක්ද?
  5. සිරකරුවන්ගේ PCR පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට අදාළ ක‍්‍රමවේදය කුමක්ද?
  6. බන්ධනාගාර තුළ කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අදාළ වැඩපිළිවෙළ කුමක්ද?
  7. බන්ධනාගාර තදබදය වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද? ඒ සඳහා වන කාලරාමුව කුමක්ද?

අනුර දිසානායක

පාර්ලිමේන්තු මන්ත‍්‍රී

2020.11.30.
lankaweb.lk

වෙඩි වැදුන තවත් රැඳවියෙකු මියයයි !

0

( 11.05 am ) මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මිය ගොස් ඇත

තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි මේ රැඳවිය අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් බවට පත්ව තිබේ
පොලිසි මාධ්‍ය ප්‍රකාශක අද පවසා තිබුනේ මහර සිදුවිමෙන් තුවාල ලැබු රැදවියන් ගණන 107 ක් වන බවය

මේ අතර මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු  මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියාසිටී.
මහර බන්ධනාගාරය තුල ඒ වන විටත් පැතිර යමින් තිබුන කොරොනා වසංගත තත්වය හමුවේ තමන්වද PCR පරික්ෂණ සදහා යොමු කරන ලෙස ඉල්ලා සිටිමත් සමග බන්ධනාගාරය තුල නොසන්සුන් තත්වය නිර්මාණය වි තිබුණි.
රැදවියන් ගේ මෙම ඉල්ලිම ඉතාමත් සාධාරණ මානුෂිය එකක් බව රටේ බහුතරයක් දෙනා මේ වන විටත් පිලිගෙන තිබේ. එහෙත් කපටි දේශපාලකයන් පමණක් මිට විවිධ අර්ථකතන දෙමින් සිටිති

මහර: හිරගෙදර කෝවිඩ් පොකුරින් ගැලවීම ඉල්ලුවාට උණ්ඩ සහ වද

sharethis sharing button

( 10.00 am ) ඉල් පෝදා වෙඩි තැබීමෙන් රැඳවියන් පිරිසක් මරුමුවට ලක්වූ මහර සිරගෙදර සිරකාර මනුෂ්‍යන්ට සුදුසු නැති වධකාගාරයක්

ලෙස හෙලා දැකීමට ලක් වෙද්දී එම ඝාතන රජය අපකීර්තියට පත් කිරීමේ “අදිසි හස්තයක්” ක්‍රියාත්මක වීමක් බව බන්ධනාගාරය භාර අමාත්‍යවරිය පවසා තිබේ.

අවම වශයෙන් අට දෙනකුට ජීවිතය අහිමි කරමින් හැත්තෑවකට වැඩි පිරිසකට තුවාල සිදු කළ ගැටුමට තුඩු දුන් ප්‍රධාන සාධකය වසංගතයෙන් ගැලවීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ සිරකරුවන්ට බන්ධනාගාරය තුලදී ලබා දී ඇති අමානුෂික වද හිංසන බවයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ.

“මොකද අපි දැක්කා දිගින් දිගටම රැඳවියන්ට පහර දෙනවා. ඉතාමත් අමානුෂික වද හිංසනවලට පත් කරනවා. ඒ සියලු වද හිංසන දරාගන්න පුළුවන් සීමාවක් තියනවා මනුෂයින්ට. අද උනේ ඒක. ගහන්න ගහන්න ඉවසන මිනිස්සු මේ ලොකේ නෑ. අද උනේ ඒ දේ,” යි සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා කියා සිටියේ නොවැම්බර් 30 සදුදා රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

තමන් කොරෝනාබාධිත වීමෙන් වළක්වන ලෙස මහර බන්ධනාගාරයේ  රැදවියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට බරපතල ලෙස පහර දී ඇති බව සුදේශ් නන්දිමාල් එහිදී හෙළි කළේය.

”තමන් කොරෝනාබාධිත වීමෙන් වළක්වන ලෙස මහර බන්ධනාගාරයේ  රැදවියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට බරපතල ලෙස පහර දී ඇති බව සුදේශ් නන්දිමාල් එහිදී හෙළි කළේය.”

“180ට ආසන්න පිරිසක් කොරෝනා රෝගය වැලදිලා ඉන්නවා. නමුත් ක්‍රමවේදයක් මේ ගොල්ලන්ගේ තිබුනේ නෑ මේ ගොල්ලොන්ව වෙන් කරලා තියන්න. අනිත් රැඳවියෝ සමග මේ කොරෝනා රෝගීන්ව තියනකොට ඒ සම්බන්ධව කතා කරන්න මේ රැඳවියෝ නිලධාරීන් ගාවට ගියා. සහෝදරවරුනි. ඒ ගිය අවස්ථාවේදී මොකද කරේ රැඳවියන්ට පහර දුන්නා. ඉතා අමානුෂික විදිහට පහර දුන්නා.ඒ පහර දුන්නම මේ රැඳවියෝ ඔවුන්ගේ  විරෝධය  දක්වන්න වහල මතට  නැග්ගා. ඊට පස්සේ ඒකට උත්තරය දුන්නේ වෙඩි උණ්ඩෙන්. ඕක තමයි ඇත්ත තත්වේ.”

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 29 ඉරිදා හවස වන විට  1091 ක් දක්වා ඉහළ ගොස් තිබුනි. 

සෑබෑ තත්වය එසේ වූවත් බන්ධනාගාර කොමසාරිස් සහ දේශපාලනඥයන් මාධ්‍ය හමුවට පැමිණ  සිරකරුවන්  සම්බන්ධව වැරදි මතයක් සමාජගත කිරීමට උත්සාහ දරන බවටත් සුදේශ් නන්දිමාල් මාධ්‍ය හමුවේදී චෝදනා කළේය.

වර්ෂ පූර්ණයට බිලි පූජාවක් 

ජීවත් වීමේ අයිතිය ඉල්ලු විට වෙඩි උන්ඩයෙන් ආණ්ඩුව පිළිතුරු දෙන බව සදහන් කළ සුදේශ් නන්දිමාල් එහිදී ජනාධිපතිවරයාගෙන් තව දුරටත් ප්‍රශ්න කළේ සිරකරුවන්ට සැලකු ආකාරයෙන්ම විරුද්ධ මත දරන, විකල්ප මත දරන, ආණ්ඩුවේ  මතයට විරුධව වන අනෙක් සමාජ ක්‍රියාකාරීන්ටත් ඉදිරියේදී පිළිතුරු දෙන්නේ වෙඩි උණ්ඩයෙන්ද යනුවෙනි.

“මොකද අද බිලි පුජාවක් දුන්නා වර්ෂ පුර්ණයෙන්ම. සිරකරුවන් කිහිපදෙනෙක්ව.”

මහර බන්ධනාගාරයේ ප්‍රධානියා ඝාතන රැලි වලට “බොහෝම ජනප්‍රිය කෙනෙක්” ලෙස චෝදනා කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් තව දුරටත්  අවධාරණය කළේ, ඔහු පසුගිය කාලයේ කුමන්ත්‍රණකාරී ලෙස නිලධාරියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී සිටින අයෙක් බවයි.

“මේ ඝාතන මෙහෙයවන්නේ ඒ ප්‍රධානියා. අපි ඔහුට තමයි ඇඟිල්ල දික් කරන්නේ. සිරකරුවාගේ ජීවත්වීමේ අයිතිය ඉල්ලනකොට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කළේ ඒ ගොල්ලෝ.”

“මේ ඝාතන මෙහෙයවන්නේ ඒ ප්‍රධානියා. අපි ඔහුට තමයි ඇඟිල්ල දික් කරන්නේ. සිරකරුවාගේ ජීවත්වීමේ අයිතිය ඉල්ලනකොට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කළේ ඒ ගොල්ලෝ.”

එහෙත් එම නිලධාරියාගේ නම මාධ්‍ය හමුවේදී සඳහන් නොකළ සිරකාර අයිතීන් පිලිබඳ ක්‍රියාධරයා ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

බන්ධනාගාර රැඳවියන්ට  මේ ආකාරයෙන් අමානුෂික ලෙස සැලකීමට මෙම නිලධාරීන්ට ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි සුදේශ් නන්දිමාල්ද සිල්වා මේ සම්බන්ධ සම්පුර්ණ වගකීම ජනාධිපතිවරයා ගත යුතු බව  තව දුරටත් අවධාරණය කළේය. 

“අදිසි හස්තයක්”

SudarshaniFPසිරකාර මනුෂ්‍යයන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාධාරීන් විසින් ඉල්ලා සිටියදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නොවැම්බර් 30 සදුදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුනේ වර්තමාන රජය අපකීර්තියට පත්වන ආකාරයේ යම් යම් ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව පෙනෙන අතර ඒවාට අනුබල දෙන්නේ කවුද කියා සෙවීමට අවශ්‍ය බවයි.

මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට චෝදනා කරන ඇය අවධාරණය කරන්නේ මෙය අහඹු සිදුවීමක් ලෙස නොදකින අතර  පසුගිය සති කිහිපය තුළ වරින්වර බන්ධනාගාර කිහිපයක රැඳවියන් පලා යාමේ උත්සාහයන්හි නිරතව සිටි බවයි.

ඒ කොහේදැයි සඳහන් නොකල අමාත්‍යවරිය මහර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව කියා තිබේ.

පොලීසිය කියන කතාව:

Mahara Police

වසංගත අවදානමෙන් ජීවිත බේරාගැනීම සඳහා රැඳවියන් කළ බලපෑම් වලට බන්ධනාගාර බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය මාරාන්තික ගැටුමක් දක්වා දුරදිග ගිය බව පොලිසිය පිළිගෙන තිබේ. 

නොවැම්බර් 29 ඉරිදා හවස් යාමයේ මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවට හේතුව රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් හා බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ “යම් කතාබහක්” බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ.

බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා තමන් නිදහස් කර පිටතට යවන ලෙස රැඳවියන් ඉල්ලීම් කර ඇති අතර පසුව හටගත් නොසන්සුන්තාව කැරැල්ලක් දක්වා වර්ධනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවේදීන් හා පවසා තිබේ.

බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා තමන් නිදහස් කර පිටතට යවන ලෙස රැඳවියන් ඉල්ලීම් කර ඇති අතර පසුව හටගත් නොසන්සුන්තාව කැරැල්ලක් දක්වා වර්ධනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවේදීන් හා පවසා තිබේ.

සිරකරුවන්  මැදිරිවල ආරක්ෂක වැට විනාශ කරමින් ඉදිරියට පැමිණ පලා යාමට උත්සාහ කිරීමේදී බන්ධානාගාර නිලධාරීන් පිරිස පාලනය කිරීමට ක්‍රියා කර ඇති බව ඔහු සඳහන් කරයි.

නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන:

රැඳවියන් විසින් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති අතර  මෙහෙයුම් කණ්ඩායම් ඔවුන් දෙදෙනා  බේරා ගෙන ඇත්තේ අසීරු මෙහෙයුමකින් අනතුරුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන පරිදි නොවැම්බර් 29 ඉරිදා රාත්‍රියේ සිට 30 සදුදා උදෑසන 6 පමණ වන විටත් බන්ධනාගාරය තුළ ගිනි තැබීම්, දේපොළ අලාභහානි කිරීම් වැනි විවිධ සිදුවීමී වාර්තා වී ඇත.

සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 8 දෙනෙකු මියගොස් අවම වශයෙන්  තවත් 71 දෙනෙකු තුවාල ලබා තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ ඔවුන් අතුරින්  69 දෙනෙකු රැඳවියන්  බවයි.

මරණ සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවට ක්‍රියාධාරීහු බිය පල කරති.

ආරක්ෂක ලේකම්ගෙන් පොලිස්පතිට උපදෙස්:

DSගින්න අද උදෑසන තෙක්ම පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්වය පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත නොවැම්බර් 30 සඳුදා උපදෙස් දී තිබේ.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයක් අතර වාරයේදී එහි රැඳවියන් පිරිසක් ඉන් පළා යෑමට තැත් කිරිම සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන ලෙසයි ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට  උපදෙස් ලබාදී ඇත්තේ.

ඇති වු ගැටුම්කාරී තත්වය මුල් අවස්ථාවේදී සමනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ වූ නමුත් එය පාලනය කළ නොහැකි තත්වයක් බවට පත්වූ විට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය වෙත කැඳවීමට සිදුවූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ  නිවේදනයක  සඳහන් වේ.

අනතුරුව පැමිණි පොලීසිය , බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට සහ ගබඩාවලට ගිනි තබා තිබූ අතර එම ගින්න අද උදෑසන තෙක්ම පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට එම ගින්න සම්පූර්ණයෙන්ම වැඩපවත්වා ඇති අතර බන්ධනාගාරයේ දෛනික කටයුතු යළි ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත්  සඳහන් ය.

බන්ධනාගාර පොකුර:

බන්ධනාගාර ගතකොට සිටින හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර සහ පාස්කු බෝම්බ සැකකාර සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියාට කෝවිඩ්19 ආසාදිත වී ඇති බවට පලවන වාර්තා ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකා මානව කොමිසම ඒ දෙදෙනාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි.

”බන්ධනාගාර ගතකොට සිටින හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර සහ පාස්කු බෝම්බ සැකකාර සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියාට කෝවිඩ්19 ආසාදිත වී ඇති බවට පලවන වාර්තා ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකා මානව කොමිසම ඒ දෙදෙනාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි.”

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 29 ඉරිදා හවස වන විට 1091 ක් දක්වා ඉහළ ගොස් තිබුනි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඉන්නා ආසාදිතයන් 183 ට අමතරව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන  කොරෝනා ආසාදිතයින්  ගණන 386 කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 157 කි.

ඊයේ හවස් වන  වනවිට කොරෝනා ආසාදිත බන්ධනාගාර නිලධාරීන් ගණන 58 දක්වා ඉහළ ගොස් තිබුනි.

ඉන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා කාලය තුළ සුවය ලැබු සමස්ත බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 113 කි.

කොවිඩ් ආසාදනය වී සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් 187 දෙනකු කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරු කොට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නොවැම්බර් 30 සදුදා මාධ්‍යවේදීන් හා කියා තිබේ.
theleader.lk

මහර සිදුවිමෙන් තුවාල ලැබු රැඳවියන් ගණන 107 ක් බව හෙළිවෙයි .

0

( 9.00 am ) මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

“ඊයේ වෙන කොට 8 දෙනෙක් මියගිහින් 60 දෙනෙක් තුවාල වෙලා තිබුණා. සිරකරුවන් හා රැඳවියන් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා ඔවුන් ඔවුන්ම. අද උදෑසන 3 වන විට යම් යම් තුවාලකරුවන් රෝහල්ගත කරා.

මේ වන විට රැඳවියන් 107 දෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සමග 109ක් රෝහල්ගත කරලා තියෙනවා. ඊට අමතරව මරණ 8ක් වාර්තා වෙලා තියෙනවා. අවසන් වශයෙන් ඇතුළත් කළ අය සාමාන්‍ය තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ පිළිබඳ තවමත් ප්‍රකාශ සටහන් කර ගෙන නෑ. ඔවුන් රාගම රෝහලේ කොවිඩ් ආසාදිතයින්ගේ වාට්ටුවට ඇතුළත් කරලා තියෙනවා ආරක්ෂිතව” නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සදහන් කර ඇත

පාසැල් විවෘත කරපු කැබිනට් මණ්ඩලයටත් කොරෝනා බිය දැනේ …

0

( 8.30 am ) වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වසංගතය නිසා පළමුවරට කැබිනට් මණ්ඩලය අද (30) රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවා තිබුණි

කොවිඩ් පළමු රැල්ල ව්‍යාප්ත වන අවස්ථාවේවත් කැබිනට් මණ්ඩලය මේ ආකාරයට රැස්වී නොමැත. කොවිඩ් වසංගතය නිසා අගමැති නිලනිවස වන අරලිය ගහ මන්දිරයද පසුගිය නොවැම්බර් 18 සිට ලොක්ඩවුන් කර ඇති බැව් සැලය

එසේම කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබී පළමුවරට මුහුණදීමට තිබූ අයවැය විවාදයට නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීමද පාර්ලිමේන්තුවේ දැඩි කතාබහට ලක්ව තිබුණි.

මෙලෙස කැබිනට් රැස්වීම වීඩියේ තාක්ෂණය ඔස්සේ රැස්වන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් මේ වන විට මතුකරමින් සිටින්නේ පාසැල් විවෘත කරපු කැබිනට් මණ්ඩලයට දැන් කැබිනට් රැස්විමක් පැවත්විමත් අපහසුවි ඇති බව මතුකරමිනි.

කෙසේ වෙතත් පාසැල් විවෘත කිරිමට රජය ගත් තීන්දුව ගුරු සංගම්වල බරපතල විවේචනයකට ලක්ව තිබේ

සුදර්ශණිට ඇමතිධුර කියද ?

0

( 11.20 pm ) සුදර්ශණිව අද දිනයේ රාජ්‍ය ඇමතිධුරයකට නම් කෙරිණි.මේඅනුව දැන් ඇයට ඇත්තේ එක් ඇමතිධුරයක්ද නැතිනම් ඇමතිධුර 2 කක්ද යන්න තවමත් අපැහැදිලිය.
මේ ඇපැහැදිලි කම සමාන්‍ය ජනයාට කෙසේ වෙතත් රටේ ප්‍රධාන පෙලේ ජාතික මාධ්‍යවලටද තවමත් ඇත්තේ පැටලිල්ලකි.
මව්බිම පුවත් පතට අනුව කලික් ඇමතිධුරය සුදර්ශණිගෙන් ගැලවි ඇත.
එහෙත් දෙරණට අනුව නම් සුදර්ශණිට තවත් ඇමතිධුරයක් හිමිව තිබේ.

‘මහර සිදුවීම යට ගහන්න එපා’- විපක්ෂනායක : මරණ ගණන තවත් වැඩිවේ -රැඳවියන් වෙනත් ස්ථානයකට (වීඩියෝ)

0
messenger sharing button

( 12.10 pm ) මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.   මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට ඊයේ (29) රාත්‍රීයේ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබිණ.   එසේම මේ වන විට බන්ධනාගාරය තුළට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇත.   ඊට අමතරව කොයදෙනියාව, මොරටුමුල්ල, අගුරුවාකර, රාගම සහ කැණිය ඇතුළු පොලිස් ස්ථාන 5 කින් පොලිස් ඒකක කැඳවා තිබේ.   බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ තත්ත්වය බොහෝ දුරට මේ වනවිට පාලනය කර ඇති බවය.

1 6 1024x576

සේයා-news19.lk   මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.   එම අවස්ථාවේදී මර බන්ධනාගාර අසළ මාර්ගය දෙපස රැඳි සිටින රැඳවියන්ගේ ඥාතීන් හඬා වැටෙමින් තමන්ගේ පවුලේ අයගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලමින් හඩා වැටී ඇති බව News19 වාර්තාකර තිබේ.   මහර බන්ධනාගාරය තුළින් අද (30 ) උදෑසන  7.53ට හා  8.22 ට වෙඩි ශබ්ද ඇසුණු බව වාර්තා වේ.   මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා උපායෝගී කරගනිමින් සිටින බව News19 වාර්තා කර තිබේ.   මහර බන්ධනාගාරට තුළ නොවැම්බර් 30 වන දින ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාරයේ රැඳවියන් 50 කට ආසන්න පිරිසක් පැනගිය බවට තොරතුරු ලැබී ඇතැයි ද News19  වැඩිදුරටත් වාර්තා කර ඇත.    ”මහර සිදුවීම යට ගහන්න එපා. ඒ ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ” – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි.   මේ අතර අද (30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් ය.    පිටත සිටියත් ඇතුලත සිටියත් බන්ධනාගාරයේ  සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පල කළේය.   මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඒ ඔහු අවධාරණය කළේය.

බැසිල්ටත් නිදහස….

0

( 10.55 am ) හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි. 

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

මේ අතර සමාජ මාධ්‍යවල ඊයේ සිට විවිධ සටහන් පළව තිබුනේ අද බැසිල් රාජපක්ෂ මෙම නඩුවෙන් නිදහස් වන බව කියමිනි

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 53 දක්වා ඉහලට ..

0

( 10.15 am ) අද (30) උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අද දෙරණ වාර්තා කොට තිබේ

ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා ද සමගය.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ ආසාදිතයින් 167ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇත.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 19,942ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,594ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් අකුරැස්ස, ගොතටුව, මරදාන, කොළඹ 02, හලාවත, කොළඹ 13 සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියේය. 

අද දිනයේ දී ඉන්දියාවේ සිට පුද්ගලයෙක්,  දෝහා කටාර් සිට පුද්ගලයින් 21ක්, කොරියාවේ සිට පුද්ගලයින් 275ක්, ජපානයේ සිට පුද්ගලයින් 53ක් මෙරටට පැමිණ ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම පාකිස්ථානයේ සිට පුද්ගලයින් තිදෙනෙක් මෙරටට පැමිණීමට නියමිතය.

අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 54ක පුද්ගලයින් 5,537ක් නිරෝධායනය වෙමින් සිටී.
මුලාශ්‍රය – අද දෙරණ