Saturday, September 28, 2024
Home Blog Page 70

බුරවි උතුරට වැඩියෙන් හිරිහැර කරයි …තිදෙනෙක් අතුරුදන් ?

0

( 7.30 am ) බෙංගාල බොක්කෙහි ඇති වූ සුළි කුණාටුව ඊයේ රාත්‍රි කාලයේ ත්‍රිකුණාමලය සහ මුලතිව් ඔස්සේ රටතුලට ඇතුලුවි තිබුන අතර මේ වන විට වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වන්නේ යාපනයයි.

දිගින් දිගටම ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 459 කට අයත් පුද්ගලයින් 1589 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්.එන්. සූරියරාජා මහතා පැවසු බව newjaffna වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

වේලානායි හි දෙදෙනෙකු සහ සංගනායි හි එක් අයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් තිදෙනෙකු තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව ආර්.එන්. සූරියරාජා මහතා පවසා තිබුණිං

යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 15 කට මුළුමනින්ම හානි සිදුවී ඇති අතර නිවාස 141 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති අතර මේ වන විට සංක්‍රමණ කඳවුරු 4 ක් පිහිටුවා ඇත. ආර්.එන්. සූරියරාජා පවසන පරිදි, විශේෂයෙන් චන්ඩිලිපායි, චවාකච්චේරි සහ පේදුරුතුඩුෙව් යන ප්‍රදේශවල බොහෝ නිවාස අර්ධ වශයෙන් හානි වී ඇත.

මීට අමතරව, මරුතන්ගනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පමණක් පවුල් 167 ක සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇත. පොයින්ට් පේද්‍රෝ හි පවුල් 58 කට අයත් පුද්ගලයින් 206 ක් සහ වේලානායි හි පවුල් 23 කට අයත් පුද්ගලයින් 80 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

මුලාශ්‍රය – newjaffna.com

LPL තරඟාවලිය අතරතුර ෂයිඩ් අෆ්රිඩි හදිසියේම පකිස්ථානයට…

0

( 7.00 pm ) LPL  තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ නායක ෂයිඩ් අෆ්රිඩි තරඟාවලිය අතරතුර පකිස්තානය බලා යාමට නියමිතව තිබේ

පෞද්ගලික හදිසි කරුණක් හේතුවෙන් ඔහු මෙලෙස පිටත්ව යාමට නියමිත අතර හැකි ඉක්මනින් නැවත කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි ඔහු ට්විටර් පණිවියක් තබමින් පවසා සිටි

“අවාසනාවකට මට ආපසු ගෙදර යාමට පෞද්ගලික හදිසි අවස්ථාවක් තිබේ. තත්වය හසුරුවාගත් වහාම මම එල්පීඑල් හි මගේ කණ්ඩායමට නැවත එක්වන්නෙමි.
සියලු සුභ පැතුම්. ”

අෆ්රිඩි නැවත පැමිණෙන්නේ කවදාද යන්න පැහැදිලි නැත, නමුත් ඔහු ආපසු පැමිණෙන විට නිරෝධායනය කිරීමෙන් දින 3 කට පසුව පමණක් ඔහුට ක්‍රීඩා කිරීමට අවසර ලැබෙනු ඇති අතර එයට හේතුව වන්නේ ඔහු මීට පෙර කොවිඩ් අසාදනය වි වි ඇති අයෙකු නිසාය.

ධීවර යාත්‍රා ආරක්ෂා කරගැනීම සඳහා කඩිනම් උපදෙස්

0

( 6.15 pm ) කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති පදිරි අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස රජය සියලු පාර්ශව වෙත දැනුම් දී තිබේ. 

අද සවස් කාලය තුළ නැගෙනහිර දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත අඩු පීඩන සුළං ප්‍රවාහය සහ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිම දෙසට ඇදී ඒමේ අවදානමක් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු තිබේ 

මේ අනුව  මුහුදු වෙරළේ සහ තොටුපොළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා ගොඩබිම දෙසට ඇදගත හැකි උපරිම දුරකට රැගෙන විත් ස්ථිර ලෙස ගැටගසා තබන ලෙස උපදෙස් ලැබී ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී තිබේ

උතුරු හා  නැගෙනහිර පළාතේ සියලුම ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථිර ලෙස ගැට ගස තබන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදිමට අදාල බලධාරින් විසින් පියවර ගෙන ඇත

මෙවැනි අනතුරුදායක අවස්ථාවක් යාත්‍රා විශාල ප්‍රමාණයක් හානි වීමෙන් වළක්වා ගැනීම සඳහායි එම උපදෙස් කඩිනමින් ලබා දී ඇතැයි වැඩිදුරටත් සදහන්ය
newscenter.lk

‘කෝවිඩ් පාසල්වලට අදාළ නැද්ද?’ පෙ.ස.ප. දිවයින පුරා විරෝධතාවල

0

( 12.55 pm ) වසංගතයට අදාළව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර නොගෙන පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට විරෝධය පළ කරමින්, ‘කෝවිඩ් පාසල්වලට අදාළ නැද්ද?’ යන තේමාවෙන් අද දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ආණ්ඩුව වසංගතය පැතිරෙන්න කෙසේද යන්න තීරණය කිරීමට පාසල් සිසුන්ව සහ ගුරුවරුන්ව පරීක්ෂණාගාර මීයන් බවට පත්කර ඇති බවයි. පාසල් විවෘත කළ යුතු බව තම පක්ෂයද විශ්වාස කරන නමුත් පාසල් විවෘත කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර එය සිදුකළ යුතු බව පුබුදු ජයගොඩ පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පළකරන ලද අදහස් පහත දැක්වේ,
“මූලික පෙර සූදානම් කිසිවක් නොමැතිව නොවැම්බර් 23වනදා රජය පාසල් විවෘත කළා. උදාහරණයකට සිසුන්ට මුඛ ආවරණ පිළිබද ගැටළුවක් තියෙනවා නමුත් දුප්පත් පාසල්වල සිසුන්ට මුඛ ආවරණ ලබාදෙන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසාම මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ හැකියාවකුත් රජයට නැහැ. විෂ බීජ නාශනය සහ අත සේදීම පැත්තෙන් ගත්තොත් ඒක කරන්න බැරි පාසල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වුණු ඩලස් අලහප්පෙරුමම කියලා තියෙනවා පාසල් 683ක ජල පහසුකම් නැහැ කියලා. පසුගිය කාලයේ ඇතුලත ජල පහසුකම් ලබාදීම සිද්ධ වුනෙත් නැහැ. ඒ වගේම මීටරයක පරතරය පාසල් ඇතුලේ තියාගන්නවනම් මේ විදිහට පාසල් විවෘත කරන්න බැහැ. දැනට රජය කියලා තියෙන්නෙ 7 ශ්‍රේණියේ සිට උසස් පෙළ පන්ති විවෘත කරන්න කියලා. සමහර පාසල්වල ප්‍රාථමික පන්ති නැහැ. ඒ පාසල් තියෙන්නෙම 6, 7 වසරේ පටන් උසස් පෙළ පන්ති දක්වා. එවැනි පාසල් පටන් ගන්නවා කියන්නේ පාසලේ සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව පාසලට එනවා. මේ පන්ති කාමර ඇතුලේ සමාජ දුරස්ථ භාවය රැකගන්න බැහැ. ඒ වගේම ශිෂ්‍යයෙක් ලෙස වුණොත් එහෙම එම ශිෂ්‍යාට අවශ්‍ය මැදිහත්වීම කරන්න සෞඛ්‍යාරක්ෂිත උපකරණ අවම වශයෙන් එක පාසලකට එක බැගින්වත් නැහැ. ඒ නිසා ගුරුවරුන්ගේ ශිෂ්‍යන්ගේ ජීවිත අවදානමකට ලක්වෙලා තියෙන්නේ. පාසල්වල භාවිතා වන සෞඛ්‍ය රෙගුලාසි මොනවද යන්න ගැන නීතියක් නැහැ. ඒවා ගැසට් කර නැහැ. පාසල්වල අවම වශයෙන් සබන් , විෂබීජ නාශක ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම පාසල්වල ප්‍රවාහනය සම්බන්ධයෙන් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. අවම වශයෙන් මේ සඳහා සිසු සැරිය බස් ප්‍රමාණය දෙගුණ කළයුතුව තියෙනවා. පාසල් ශිෂ්‍යයෝ සහ ගුරුවරු සඳහා දුම්රිය වෙන් කිරීමක් කරලා නැහැ.

ඒ වෙනුවට මේ වසංගතය පැතිරෙන්නේ කොහොමද කියලා තීරණය ගන්න ආණ්ඩුව පාසල් සිසුන්ව සහ ගුරුවරුන්ව පරීක්ෂණාගාර මීයෝ බවට පත්කරලා. මේ තත්ත්වයට අපි සම්පුර්නයෙන් විරුද්ධයි. අපි කියන්නේ පාසල් ශිෂ්‍යන්ගේත් ගුරුවරුන්ගේත් ජිවිත අවදානමේ හෙළීමක්. පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවක් තියලා දෙමව්පියන්ගෙන් ඉල්ලුව ළමයින්ව පාසල්වල එවන්න කියලා. ඇමතිවරයා මාධ්‍යවේදීන් ඉදිරියට යන්න බයේ zoom හරහා තමයි මාධ්‍ය හමුව තිබ්බේ. හැබැයි අධ්‍යාපන ඇමතිවරයා දෙමව්පියන්ට කියනවා දරුවන්ව බස්වල කොච්චිවල හිරවෙලා පාසල් එවන්න කියලා.

අපිත් හිතනවා පාසල් විවෘත කළ යුතුයි. නමුත් පාසල් විවෘත කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය රෙගුලාසි හදලා ඒවා ක්‍රියාත්මක කරලා ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය පුහුණුවීම් කරලා හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය උපදෙස් දීලා පාසල් ආරම්භ කළ යුතුයි.

රජය මුලින් 23වැනිදා පාසල් විවෘත කරන්න කියලා 20වැනිදා චක්‍රලේඛයක් ගැහුවා. එම චක්‍රලේඛයේ තියෙනවා සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂවරු, ප්‍රවාහන අංශ මේ ඔක්කොම එකට එකතු කරලා කමිටුවෙන් තීරණ ගන්න කියලා. 20 වැනිදා කමිටුවක් හදල 23වැනිදා ඉස්කෝල අරින්න වැඩ කරන්නේ කොහමද? මේක විහිළුවක්.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අද සවස්වරුවේ රටේ ප්‍රධාන නගර ගණනාවකම මේ විදිහට උද්ඝෝෂණය කරලා ආණ්ඩුවට බල කරනවා පාසල් විවෘත කිරීමේදී පාසල් ශිෂ්‍යන්ගේ, ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකියන්න. ඒකට අවශ්‍ය රෙගුලාසි සකස් කරන්න. සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපාදන වසංගතයක් හමුවේත් කප්පාදු කරලා තියෙනවා. ඒවා වැඩිකළ යුතුයි. ඒවගේම නිශ්චිතවම පාසල් විවෘත කිරීමේදී අවශ්‍ය පහසුකම්වලට අදාළ සියලු ප්‍රතිපාදන පාසල්වලට ලබාදෙන්න. අපි බලාපොරොත්තු වෙනවා මෙම විරෝධතාවයේ ඊළඟ පියවර ලෙස සිසු ගුරු දෙමව්පිය කමිටු නිර්මාණය කරලා පාසල්වලට අවශ්‍ය ආරක්ෂාව සලසන්න. ඒවගේම අපි ජනතාවට කියනවා අධ්‍යාපනයේ අයිතිය සෞඛ්‍ය සේවයේ අයිතිය වගේම ජිවිත අරකෂා කරගැනීම උදෙසා පෙළගැහෙන්න. ඒ සඳහා පාසල් මට්ටමෙන් ප්‍රාදේශීය මට්ටමෙන් කමිටු නිර්මාණය කමිටු නිර්මාණය කරගෙන තමන්ගේ ආරක්ෂාව සඳහා පෙළ ගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “

මහරගම

රත්නපුර

වලස්මුල්ල

බදුල්ල

අනුරාධපුර

මුලාශ්‍රය – ලංකාවිව්ස්

ශ්‍රිලංකාව අවදානම් ! සංචාරකයන්ට අනතුරු ඇඟවිමක්!

0

( 11.05 am ) ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා ඇතැයි මාධ්‍ය ගණනාවක් විසින් වාර්තා කොට තිබුණි

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමේ පවතින බව පවසන එම මධ්‍යස්ථානය ගුවන් තොටුපොල, ප්‍රවාහන මාධ්‍ය, නවාතැන්පොලවල් වැනි ස්ථාන සංචාරකයන්ට කොරෝනා වැලඳීමේ ඉහළම සම්භාවිතාව ඇති ස්ථාන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථානය යනු ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය අධිකාරිය වේ.
මේ අතර පසුගිය කාලය තුල මේ රටේ පාලකයන් උදම් ඇනුවේ කොරෝනා ඉතා හොදින් පාලනය කළ දෙවන රට යැයි කියමිනි.
එපමණක් නොව ජනාධිපතිවරයාම කියා සිටියේ වෙනත් රටවල් කොරෝනා පාලනය කරපු හැටි ගැන කියන අය තමන් ලංකාවේ එය පාලනය කළ අන්දම කතා නොකරන බවය.මේ රැවිටිලි කතාවලට දැන් ජාත්‍යතර වශයෙන්ම පිළිතුරු ලැබි තිබේ.
විමල් විරවංශට අයත් යැයි සැලකෙන ලංකා සි නිව්ස් වෙබ් අඩවියේද ලංකාවේ අවදානම ගැන දිර්ඝ විස්තරයක් පළකර තිබේ

කොරෝනා නිසා වඳුරන්ගේ ග්‍රහණයට නතුවු නැගෙනහිර පාසැල් ..

0

( 10.00 am ) කොරෝනා බිය නිසා පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩුවීම නිසා වඳුරු හිරිහැර වැඩි වී ඇති බව විදුහල්පතිවරු පවසති.
කෝරලයිපත්තු බටහිර ඔඩටමාවඩි අධ්‍යාපන කොට්ටාශයට අයත් වලෙයිචෙනෙයි ප්‍රදේශයේ පිහිටි පාසල්වල වඳුරන් සැරිසරන බව දැනගන්නට ඇත.
දරුවන්ගෙන් හිස්ව පවතින පාසල්වල පිහිටි ළමා උද්‍යානයේ වඳුරන් නිදහසේ පැද්දෙමින් සෙල්ලම් කරන බවද සැලය.
මුලාශ්‍රය -battinews

මහරදි මිය ගිය රැඳවියන්ගෙන් 8 දෙනෙකුට කොරෝනා ..

0

( 9.00 am ) මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බව අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇති අතර මෙය , ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වි තිබේ

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් තිබුනි

“බුරවි” අද රෑ දිවයිනට. මිලිමීටර් 200ඉක්මවූ වැසි සහ ප්‍රචණ්ඩ සුළං

0

( 8.00 am ) බුරවී සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉතා ආසාන්න බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින අතර මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සුළං හා වැසි ඇති විය හැකි බවයි ඔවුන් අවධාරණය කර තිබේ.

සුළි කුණාටුව පැ.කි.මි.75 – 85 ත් අතර වේගයෙන් ගමන් කරන අතර එය විටින් විට 95 දක්වා වර්ධනය වන බවයි දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ෂපතනයක් හා සුළං තත්වයන් ඇති විය හැකි  අතර බස්නාහිර ප්‍රදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට තිබේ

“ගුරු විදුහල්පතිවරුට අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් නෑ”

0

( 7.15 am ) ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය අයවැයට පෙර ප්‍රකාශ කළද මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් එක්ව සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් ඊයේ (01 ) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි.
රටේ පවතින කොවිඩ් වසංගතය හේතුකොටගෙන ගුරු විදුහල්පති සංගම් වළ නියෝජිතයන් පමණක් සහබාගි කරගත් බව ද එම ගුරු සංගම් නියෝජිතයින් පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අය වැයෙන් මුදල් වෙන් නොකිරීම, ජී.එල්.පීරිස් ඇමතිවරයා ගුරු විදුහල්පති වරුන් නොමග යැවීමට , අධ්‍යාපනය සදහා 6% ක් වෙන් නොකිරීමට එරෙහිව ඉදිරියේ දීද සිය විරෝධය දක්වන බව මෙම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් පවසයි.
මෙම විරෝධතාවය අතරතුර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එතනට පැමිණියේය.

lankaweb .lk

දඹුල්ල පිම්මක් පනිමින් කොළඹ පරාජය කරයි

0

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පළමු තරගය ලෙසින් අවසන් වූ Colombo Kings සහ Dambulla Viiking අතර තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අගනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණි. ඔවුන්ට ඉනිම අවසන් කිරීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබුණි. 

හම්බන්තොට දී පැවති මෙම තරගය තරගාවලියේ 7 වැනි තරගය වූ අතර කණ්ඩායම් දෙකම තමන් මුහුණ දුන් තෙවැනි තරග විය. ඒ වෙද්දී අගනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි අතර දඹුලු ක්‍රීඩකයෝ රැඳී සිටියේ සිව්වැනි ස්ථානයේය. තරගය නිමා වන විට අගනුවර ක්‍රීඩකයෝ තව දුරටත් තම ස්ථාන තහවුරු කරගෙන සිටීමට සමත් වූ අතර දඹුලු ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ එක් පිම්මක් ඉදිරියට පැමිණීමට සමත් වූහ. 

දඹුලු කණ්ඩායම වෙනුවෙන් අද පළමු වරට ක්‍රීඩකයන් සිව් දෙනෙක් කැඳවීමට නායක දසුන් තීරණය කර තිබුණි. ඒ අනුව ඇන්ජලෝ පෙරේරා, පුලින තරංග, කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ නම් කර තිබුණි.  අගනුවර කණ්ඩායම වෙනුවෙන් අමිල අපෝන්සු සහ Daniel Bell Drummond කැඳවා තිබුණි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේ ය. ඒ අනුව ආරම්භ වූ ඉනිමේ පළමු කඩුලු 2 පන්දු 8ක් තුළ දවා ගැනීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැගීමට උපුල් තරංග සහ Samit Patel සමත් වූයේ අවශ්‍යම මොහොතක ලකුණු අතරට පිවිසෙමිනි. 

උපුල් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර Patel සිව්වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය. 

අනතුරුව ඉනිමේ හොඳම කඩුලු සබඳතා අතර දෙවැනි තැනට පත් සබඳතාව එක් කිරීමට නායක දසුන් ශානක සහ ඇන්ජලෝ පෙරේරා සමත් වූහ. ඔවුන් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් වූහ. එම ලකුණු සබඳතාව නිමා වූයේ ඇන්ජලෝගේ දැවී යෑමත් සමඟ ය. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය.

අද තරගයේ දී දසුන් මෙම තරගාවලියේ එක් කළ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේය. නමුත් ඔහු ලකුණු 6ක් ලබා සිටිය දී දවා ගැනීමට තිබූ ලෙහෙසි අවස්ථාවක් චන්දිමාල් විසින් මඟ හැර ගත්තේය. කෙසේ වෙතත් ශානක පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 56ක් ලබා ගත්තේය. දැනට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ ද දසුන් ය. අද තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ දසුන් ය. 

දඹුලු ඉනිම පාලනය කිරීමට අගනුවර නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් භාවිතා කළ අතර ඉන් සාර්ථක ඵල නෙලා ගත්තේ අවසන් පන්දුවාරයේ කඩුලු 2ක් සමගින් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් Andre Russell ය. ඉසුරු උදාන ද ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතරව දුෂ්මන්ත චමීර කඩුලු 2ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලක් ද බැගින් ලබා ගත්හ. 

තවත් LPL විස්තර:

ලකුණු 176ක් වෙනුවෙන් හඹා යන ඉනිම දිනේෂ් චන්දිමාල් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම තම කඩුල්ල අහිමිකර ගත්තේය. එය අගනුවර ඉනිමට බලවත් පාඩුවක් වූ අතර අනෙකුත් පිතිකරුවන් ද සලිත කරීමට හේතුවක් විය. 

තික්ෂිල ද සිල්වා (5) සහ ඇන්ජලෝ මැතිව්ස් (11) අඩු ලකුණුවලට සීමා වෙද්දී, ඉනිමේ වඩාත් භයානක පිතිකරු Andre Russell තමන් යැවූ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීම සචිඳු කොළඹගේ සමත් විය. එම කඩුල්ල දවා ගැනීමට ඇන්ජලෝ පෙරේරා ඈත අන්තයේ සිට ලබා ගත් උඩ පන්දුව වැනිම උඩ පන්දුවක් ඊළඟ කඩුල්ල දවා ගැනීමට ද ලබා ගැනීම කැපී පෙණුනි. එවර කඩුල්ල අහිමි කර ගත්තෙ අශාන් ප්‍රියන්ජන් ය. පන්දු යවන්නා වූයේ මාලින්ද පුෂ්පකුමාර ය. 

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Laurie Evans පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගෙන සිටිය දී ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට පුලින තරංග සමත් විය. අගනුවර ඉනිමේ කඩා වැටීම කෙසේ ද යත් ඔහු දැවි ගියේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසිනි.

අනතුරුව  යැවුණ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවාරයේ දී ඉසුරු උදාන ද ලකුණු 5කට තම ඉනිම අවසන් කර ගත් අතර එය මාලින්දගේ දෙවැනි කඩුල්ල විය. ඒ වෙද්දී ඔහු තම පන්දුවාර 4 ලකුණු 19කට යවා තිබුණි. 

ධම්මික ප්‍රසාද් 8 වැනි කඩුල්ලට ලකුණු 7ක් පමණක් ලබා දැවී ගිය පසු පසුපෙළ ශක්තිමත් කරමින් සිටි Qais Ahmad (14) දවා ගැනීමට පුලින තරංග සමත් විය. එවර ද ඇන්ජලෝ පෙරේරා අපූරු උඩ පන්දු රැකීමක නිරත විය.

අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ ක්‍රියාත්මක වෙමින් සිටි දුෂ්මන්ත චමිර (17) සහ ජෙෆ්රි වැන්ඩර්සේ (4*) ලකුණු 26ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි. 

කඩුලු ලබා ගැනීමේ දී මාලින්දට අමතර ව Samit Patel, Anwar Ali සහ පුලින තරංග ද කඩුලු 2 බැගින් දවා ගත් අතර කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ කඩුල්ල බැගින් දවා ගත්හ. 

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

TeamMWLTPT
Dambulla Viiking32104
Colombo Kings32104
Result

Colombo Kings 147/10 (18.4) Dambulla Viiking 175/9 (20)

Dambulla Viiking won by 28 runs

Updated at 06:52 PM 2020-12-01

BatsmenRB4s6sSR
Dinesh Chandimalc & b Samit Patel01000.00
Laurie Evansb Pulina Tharanga593354178.79
Thikshila de silvac Paul Stirling b Kasun Rajitha5510100.00
Angelo Mathewsc Malinda Pushpakumara b Anwar Ali11142078.57
Andre Russellc Angelo Perera b Sachindu Colambage561083.33
Ashan Priyanjanc Angelo Perera b Malinda Pushpakumara11121091.67
Isuru Udanac Dasun Shanaka b Malinda Pushpakumara5110045.45
Qais Ahmedc Angelo Perera b Pulina Tharanga14911155.56
Dhammika Prasadst Niroshan Dickwella b Samit Patel7610116.67
Dushmantha Chameerac Pulina Tharanga b Anwar Ali171230141.67
Jeffrey Vandersaynot out4310133.33
Extras9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0)
Total147/10 (18.4 Overs, RR: 7.88)
BowlingOMRWEcon
Samit Patel403027.50
Kasun Rajitha302719.00
Malinda Pushpakumara401924.75
Anwar Ali1.401027.14
Sachindu Colambage302819.33
Pulina Tharanga3031210.33

www.thepapare.com