Sunday, September 22, 2024
Home Blog Page 7

ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේදී සාම පෙළපාලියක් …

0

සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුනු ලෝක සාම දිනය වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි.

මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්, කාන්තා සංවර්ධන කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

රට තුළ සාමය සහ සහජීවනය පවත්වා ගැනීම සඳහා සියලු දෙනාම සහජීවනයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණි
සාමය, සංහිඳියාව සහ වාර්ගික සමගිය අවධාරණය කරන පුවරු රැගෙන කාන්තාවන් සාම පෙළපාලිය ලෙස යාපනය මාර්ගය ඔස්සේ ගමන් කර තිබුන අතර එය යාපනය බස් නැවතුම්පොළෙන් ආරම්භ විය .



නිදර්ශන් විනෝද්

වැල්ලවාය ප්‍රදේශයෙන් සතුන් කෑ මළසිරුරක් හමුවෙයි

0

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපාන කළ පාසැල් මාවත කිරිමැටි වල ප්‍රදේශයේ දීඅතපය සතුන් කා දැමූ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (22)උදෑසන සොයා ගන්නා ලදී.

මියගිය පුද්ගලයා කලක්කෙන් 7 කඩවර වැව ප්‍රදේශයේ වාඩියක සිට ඇති බවට තොරතුරු ලැබී ඇති අතරදින දෙක තුනකට පමණ පෙර මෙම ස්ථානයට මළ සිරුර ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැකපළකරයි

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ

ඉන්දික ගුරුසිංහ.

ජනපති දිවයිනට ඒමට පෙර පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය හමුවේ

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එහි ගිය අවස්ථාවේදී මෙම හමුව සිදු විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කලබව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි  (James cleverly) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අතර එහිදී ලෝක නායකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබුණ ද බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි

305311172 459709899521969 7635467146738412965 n305756658 459709922855300 228816002798875732 n306099248 459709932855299 2341879370809675972 n

ජනපති යළි දිවයිනට

බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපළ වෙත අද (21) උදෑසන යළි දිවයිනට පැමිණියේය.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් උදෑසන 08.23 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පළමු විදේශ සංචාරයයි .

ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත්, ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත්  ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණි.
theleader.lk

විදේශ විනියමය සපයන්නන්ට උපරිම අගයක්

0

නීත්‍යානුකූලව මෙරටට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් සඳහා යෝජනා කළ විශේෂ විද්‍යුත් වාහන ආනයන පළමු බලපත්‍රය ඊයේ (20 දින) ප්‍රදානය කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එය ප්‍රදානය කළේ, අදාළ විද්‍යුත් වාහනය ගෙන්වා ගත් විදේශ ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිත දහම් පෙරේරා මහතාට ය.

විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය සඳහා විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ සඳහා මූලික සුදුසුකම සපුරනන් වෙයි.

ඊට අමතරව, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා මෙරටට එවන ඩොලර් විසි දහසක් හෝ ඊට වැඩි වටිනාකම සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සදහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වසරේ මැයි මාසය දක්වා එවන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ආනයනයට වලංගුය.

එමෙන්ම, මෙරටට එවන මුදලින් 50% ක් රුපියල් බවට පරිවර්තනය අනිවාර්ය වන අතර, එම මුදලේ වටිනාකමට යතුරු පැදිය හෝ මෝටර් රථය ආනයනය කළ හැකිය.

පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ මෙම බලපත්‍රය යටතේ ආනයනය කළ හැක්කේ, භාවිත නොකළ, ධාවන දුර කිලෝමීටර ‘0‘ හෝ නව වාහන පමණයි.

වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සඳහා අවම වශයෙන් වසර තුනක වගකීම, ජාත්‍යන්තර විදුලි වාහන ආරක්ෂණ ප්‍රමිතීන් සහ සම්මතයන්ට අනුකූලව බැටරිය බැහැර කිරීමේ සහතිකය සහ මෝටර් රථයක් වරක් ආරෝපණය කර අවම වශයෙන් කිලෝමීටර් දෙසීයක් ධාවනය කළ හැකි විය යුතු බව ද මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙලෙස ආනයනික වාහනයක වටිනාකමට අමතරව 10% ක ඩොලර් ප්‍රමාණයක් ගෙවීමෙන් පමණක් ලියාපදිංචියෙන් වසර දෙකකට පෙර වාහනය තුන්වන පාර්ශවයකට පැවරිය හැකිය.

එක්සත් රාජධානියේ නිල සංචාරය ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය …

0

ජනපතිගේ එක්සත් රාජධානියේ නිල සංචාරයට අදාළව සාවද්‍ය තොරතුරු පළවෙමින් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කරන බව එලෙස නිරීක්ෂණය වෙන බව එහි දැක්වෙයි.

මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා ද මීට සහභාගීවී ඇත.

ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්වී සිටින අතරතුරදී බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

සනීපාරක්ෂක තුවා වල බදු අයින් කරන්න

0

නීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව අද (20) දින ර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න පවසා සිටියාය .
ඇය මේ බව සදහන් කර තිබුනේ අද පාර්ලිමේන්තුවේදි කරුණු දක්වමිනි.

“සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා. සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.

පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.

මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.

එහෙම කළොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනිත් ඒවා පිටරටින් ගේන්නේ. පිටරටින් ගේන ඒවා ඉතාමත්ම ගණන්.

මම යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා.”

ඥාණසාර හිමිට ‍එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට…

0

ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ‍එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ  දින නියම කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

“එක රටක් එක නිතියක්“ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බොදුබලෙස්නා සංවිධානෙය් නායක ඥානසාර හිමි හා සාක්ෂිකරුවන් වන අසාත් සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහත්වරුන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්මින් ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් කලබවට නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.

ජනපති රනිල්, චාල්ස් රජු හමුවෙයි

0

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වනදා බකිංහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවිය.
එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වන අයුරු ඡායාරූපයේ දැක්වේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක් වූවාය.
මුලාශ්‍රය – නිව්ස්වයර්

ගොවියන්ට සුබ පණිඩිඩයක් ! යුරියා මිළත් පහලට …

0

හෙට (21) සිට යූරියා පොහොර මිල ගණන් අඩු කරන බව පොහොර ආනයනකරුවන් පවසා ඇති අත ඒඅනුව කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක මිල රුපියල් 10,000කින් අඩු කෙරෙන බවයි පොහොර ආනයනකරුවන් පවසා තිබේ.

නව මිල වන්නේ රුපියල් 29,000ක් ක් වන අතර තේ පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බවද ඔවුන් සඳහන් කර ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල පරිශ්‍රයේ එළවලු වගාවේ පළමු අස්වැන්න වැඩිහිටි නිවාසයකට….

0

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල පරිශ්‍රයේ එළවලු වගාවේ පළමු අස්වැන්න වැඩිහිටි නිවාසයකට ලබා දී තිබේ .
බොරැල්ල ලංකාරාමය විහාරස්ථානය මගින් පාලනය වන වැඩිහිටි නිවාසයක් වෙත එම අස්වැන්න භාර දීම ස්විට්සර්ලන්තයේ තානාපති වරයා ඇතුලු පිරිසක් විසින් සිදුකෙරිණ .

ලංකාවේ දේශගුණයට ස්තුතියි , සතිතුනක අස්වැන්න මෙලෙස ප්‍රදානය කිරීමට හැකි වුණා ” යැයි තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ.
(නිව්ස්වයර් )