Saturday, September 28, 2024
Home Blog Page 69

කාලගුණේ චණ්ඩ මාරුතයක් යැයි නොකි ”බුරවි”ගෙන් පවුල් 21000 කට හිරහැර …

0

( 12.30 pm ) පසුගියදා දිවයිනට පැමිණි බුරවි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ප්‍රකාශ නොකල බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක  පවසන බව citizen .lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
මෙම සුළිකුණාටුවෙන් විශාල හානියක් වන්නට නියමිතව තිබුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙන්ම ආපදා කළමනාකරණ ඇතුළු ආරක්ෂක අංශ වල කැපවීම මත  එම හානිය අවම කර ගැනීමට සමත්වූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටි බවද වැඩිදුරටත් එහි සදහන්ය.

ශ්‍රී ලංකාවට ඉකුත් 2 වැනිදා රාත්‍රියේ ඇතුළු වූ බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ සැඩ සුළං, වැසි හා ජලගැනීම් නිසා දිවයිනේ පළාත් හතකට අයත් දිස්ත්‍රික්ක 13 ක පවුල් 21,152 ක 70,155 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.දෙදෙනකු මියගොස් ඇති අතර 6 දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

යාපනය චන්කනායි සහ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගෙන් මෙම මරණ වාර්තා වී ඇත.

සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයෙන් ඉකුත් 2 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට අතුළු වූ අතර එහි බලපෑමෙන් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි හා සුළං ඇතිව තිබූ අතර එම බලපෑම ඊයේ (4) දක්වාත් පැවතිණි.

උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර, ඌව පළාතේ බදුල්ල, මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ, වයඹ පළාතේ පුත්තලම, උතුරුමැද පළාතේ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්වූහ.පීඩාවට පත්වූ පවුල් 2,899 කට අයත් 10,604 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 58 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එමෙන්ම එම දිස්ත්‍රික්කවල නිවාස 59ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 2,966 කට අර්ධ හානි සිදුව තිබේ.

මෙහි වැඩි බලපෑම එල්ල වූයේ උතුරු පළාතට වන අතර එම පළාතේ පවුල් 20,707 ක 68,630 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 16,250 කට අයත් 54,163ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2,227 කට අයත් 7,784 දෙනෙක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 1,462 කට අයත් 4,334 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 641 කට අයත් 1,925 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 137 කට අයත් 424 දෙනෙක් මෙම පිරිසට ඇතුළත් වෙති.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 213 කට අයත් 703 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 79 කට අයත් 265 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 46 කට අයත් 190 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 26 කට අයත් 108 දෙනෙක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 33 කට අයත් 117 දෙනෙක්,  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 18 කට අයත් 63 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 16 කට අයත් 62 දෙනෙක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 4 කට අයත් 17 දෙනෙක් මෙයින් පීඩාවට පත්ව සිටිති.

පීඩාවට පත්වූවන්ට සහන සැලසීම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සිදුකෙරෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර බූරවී සුලිකුණාටුව හා මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගෙවුනු සිතියක කාලයක් මුහුදු යාමට නොහැකි වූ බවට උතුරේ ධීවරයින් පවසා සිටිති.

එමෙන්ම පැවති සුලිකුණාටු තත්වයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ බොට්ටු ඇතුලු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයකට සහ දැල් ආම්පන්න වලට හානි සිදුව ඇති බැවින් එම ධීවරයින් දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

සුලිකුණාටු තත්වයන් හේතුවෙන් උතුරේ වැඩිම ධීවර බෝට්ටු ප්‍රමාණයක්ට හානි සිදුව ඇත්තේ මන්නාරම පේසාලේ සහ යාපනය ඩෙල්ෆ් නෙඩුන්තීව් වැනි ප්‍රදේශයන්හි ධීවරයින්ටය.

මේ හේතුව නිසා ඉදිරියේදී ධීවර කුටුයුත වල නිරතවීමට තමන්ට අලාභහානි සිදුවූ ධීවර යාත්‍රාවලට කිසියම් වන්දියක් හෝ ආධාරයක් ලබා දිය යුතු බවටද ධීවරයින් වැඩි දුරටත් පවසා සිටිති.

කෙසේ වෙතත් සතියක කාලයක් බුරවි සුලි කුණාටුව හේතුවෙන් උතුරේ ධීවරයින් මුහුදු යාමට නොහැකි වීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ආර් ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”

0
pinterest sharing button

( 10.30 am ) එකොලොස් දෙනකුට දිවි අහිමි කරමින් සීයකට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ ගැටුමේ යැයි පවසමින් ආණ්ඩුව විසින් බෙදා හැර ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් විකාශනය කරන ලද සංස්කරණය කළ වීඩියෝ දර්ශන වල විශ්වසනීයත්වය දැඩි ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.   මහර බන්ධනාගාරයේ ඉකුත් සති අන්තයේ ඇති වු ගැටුම පිළිබඳ දර්ශන යනුවෙන් හඳුන්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දෙනු ලැබූ මහදවාලේ පටිගත කළ දර්ශන රාජ්‍ය මාධ්‍ය ඇතුළු ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකා විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ප්‍රචාරය කරන ලදී.   ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව දෙසැම්බර් 2 දා එම දර්ශනවලින් සමහරක් විකාශය කර තිබුණේ “මෙම දර්ශනවලින් පැහැදිලි වන්නේ මහර බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් කලහකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි,” යනුවෙන් නිවේදිකාවකගේ විග්‍රහයක්ද සමගිනි.   එම වීඩියෝ දර්ශන රාජ්‍ය අනුග්‍රහයෙන් මාධ්‍යයට නිකුත් කිරීම ක්‍රියාකාරී මානව හිමිකම් නීතිඥයන්ගේ  බරපතල සැකයට තුඩු දී තිබේ.  

එම වීඩියෝ දර්ශන රාජ්‍ය අනුග්‍රහයෙන් මාධ්‍යයට නිකුත් කිරීම ක්‍රියාකාරී මානව හිමිකම් නීතිඥයන්ගේ බරපතල සැකයට තුඩු දී තිබේ.   සත්‍යය යටපත් කිරීමේ අරමුණින්  රාජ්‍ය අනුග්‍රහය යටතේ එම වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි නීතිඥ සේනක පෙරේරා මෙන්ම නීතිඥ අචලා සෙනවිරත්න ද පවසන්නේ.  

Achala Senaka

  මහර බන්ධනාගාරයේ සිදුවු මිනිස් ඝාතනයට විරෝධය දැක්වීම සඳහා ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’  වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා සංවිධානය කර තිබු විරෝධතාවය පොලීසිය විසින්  මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකින් නවතා දැමීමෙන් පසුව කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදී නීතිඥයන් දෙපළ එම සැකය මතු කළහ.   භයානක අපරාධයක් සිදු වු ස්ථානයක වීඩියෝවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබීම අනුමත කළ නොහැකි කරුණක් බවයි නීතිඥ සේනක පෙරේරා පවසන්නේ.   භයානක අපරාධයක් සිදු වු ස්ථානයක වීඩියෝවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබීම අනුමත කළ නොහැකි කරුණක් බවයි නීතිඥ සේනක පෙරේරා පවසන්නේ.   “එතනින්ම අපිට පැහැදිලි වෙනවා මේ කරන්න යන්නේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවට විරුද්ධ වීම. එහෙම නැත්නම් මේ සිද්ධිය යටපත් කිරීමේ උත්සාහයක් තමයි අපි මේ ඒ වීඩියෝව ඉදිරිපත් කිරීමේ සිද්ධිය තුලින් අපි දකින්නේ. ”   මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් මාධ්‍යයට නිකුත් කර තිබෙන වීඩියෝ දර්ශන මූලාශ්‍ර තහවුරු කිරීමේ ආචාර ධර්මය කඩ කරමින් ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කිරීමද  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.   “ඒ වීඩියෝව ඉදිරිපත් කරේ, ඒකේ කර්තෘ කවුද? කවුද ඒ ඡායාරූප ගත්තේ? කවුද ඒ වීඩියෝ කිරීම කළේ කියන  එක සම්බන්ධයෙන් කිසිම විස්තරයක්,  කිසිම තහවුරුවක් නැතුව තමයි ඒ වීඩියෝව ඉදිරිපත් කළේ,” යි සභාපති සේනක පෙරේරා එහිදී තව දුරටත් ප්‍රශ්න කළේය   එම වීඩියෝව මාධ්‍යයට නිකුත්  කිරීමේ නීත්‍යානුකුභාවය ප්‍රශ්න කළ නීතිඥ අචලා සෙනවිරත්න මාධ්‍ය හමුවේදී  තව දුරටත් සදහන් කළේ එය වීඩියෝ ගත කළ පුද්ගලයාද එම ගැටුමට අනුබල දීමක් සිදු කර තිබෙන බවයි.   ”එම වීඩියෝව මාධ්‍යයට නිකුත්  කිරීමේ නීත්‍යානුකුභාවය ප්‍රශ්න කළ නීතිඥ අචලා සෙනවිරත්න මාධ්‍ය හමුවේදී  තව දුරටත් සදහන් කළේ එය වීඩියෝ ගත කළ පුද්ගලයාද එම ගැටුමට අනුබල දීමක් සිදු කර තිබෙන බවයි.”   “එතකොට කවුරුහරි ඒ අදාල ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම කළානම් ඒ පුද්ගලයා මේ ගැටුම සිද්ධවෙනකොට ඒකට කරලා තියෙන්නේ අනුබල දීමක් නෙමෙයිද? එහෙම නැත්නම් ඒ ගැටුම මර්දනය කරන්න, ඒ ගැටුම නවත්තන්න නොදී ඒවා රසවිඳිමින් සීටීමෙන් කවුද මේවට මැදිහත් උනේ කියන පිරිස් හොයන්නේ නැද්ද? ඒ වීඩියෝවේ මොකක්ද ඒ දිනයේම සිද්ධ උනාද කියන තීන්දුව සහ තිරණය අර ගත්තේ  කවුද? මේ මොකක්වත් නැ.  ”   නීතිඥවරිය වැඩි දුරටත් සදහන් කළේ එම දර්ශන තුල ගැටුමක්  සිදුවන ආකාරය තිබුනත් වෙඩි තැබීම සිදුකළ  දර්ශන නොමැති බවයි.   LOhanබන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පවසා තිබුනේ මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බවයි.   බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.” අමාත්‍යවරයා පැවසුවේයැයි ජනමාධ්‍ය වාර්තා කර තිබේ.   “බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.” අමාත්‍යවරයා පැවසුවේයැයි ජනමාධ්‍ය වාර්තා කර තිබේ.   නොවැම්බර් 29 වැනි දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු මියගොස් තවත් 106 දෙනෙකු තුවාල ලැබු බව රෝහල් බලධාරීන් තහවුරු කර තිබේ.   ඝාතනයට ලක් වු පිරිසෙන් නම දෙනෙකුම කොරෝනා වෛරස් ආසාදිතයන් බව පසුව තහවුරු විනැයි බලධාරීහු පවසති.   ඔවුන්ගේ සිරුරු භූමදානය වළක්වමින් මානව හිමිකම් නීතිඥවරුන් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි.   
theleader.lk

වැඩිවන බඩු මිළට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ මහපාරට …

0

( 9.30 am ) බඩු මිල අඩුකරනු! තවත් බදු නොගසනු ! යන සටන් පාඨ යටතේ අද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් මහරගම නගරයේදී පැවැත්වුණි.

චන්දිගේ හොඳම ඉනිම සමඟින් යාපනයේ අපරාජිත කිරුළු බිඳ වැටේ

0

( 8.30 am ) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) හම්බන්තොට දී නිමා වූ 11 වැනි තරගය වූ Colombo Kings සහ Jaffna Stallions අතර තරගයේ දී අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එතෙක් අපරාජිතයන් සේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටි Stallions ක්‍රීඩකයින් පරාජයට පත් කළහ. 

ප්‍රසාද ලකුණු පුවරුවේ තව දුරටත් යාපනය ක්‍රීඩකයෝ පළමු ස්ථානයේ ම රැඳී සිටින අතර කොළඹ ක්‍රීඩකයෝ දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට මෙම ජයග්‍රහණය හේතු විය. 

කාසියේ වාසිය දිනා ගත් අගනුවර අදහස වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ඒ අනුව ලද ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි යාපනය ක්‍රීඩකයෝ තරගාවලියේ දුර්වලම ඉනිම මේ තරගයේ දී වාර්තා කළහ. ඔවුන්ට පන්දුවාර 20 අවසන් වන විට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් පමණි. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 151ක් ලබා ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය. 

මෙම තරගයේ දී කොළඹ ක්‍රීඩකයෝ පෙර තරගයට ක්‍රීඩා කළ අය අතුරින් වෙනස්කම් දෙකක් සහිතව ද, යාපනය ක්‍රීඩකයෝ වෙනස්කම් 4ක් සහිතව ද පිටියට පිවිසීම කැපී පෙණුනි. අගනුවර කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප්‍රසාද් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට තරිඳු කෞෂාල් සහ එංගලන්තයේ Daniel Bell Drummond කැඳවා තිබුණි. 

යාපනය කණ්ඩායමේ වෙනස්කම් 4ට සුරංග ලක්මාල්, එංගලන්තයේ Tom Moors, දකුණු අප්‍රිකාවේ Duanne Olivier සහ පාකිස්තානයේ Usman Shinwari  ඇතුළත් වූහ. ඔවුන් වෙනුවට බිනුර ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවේ Kyle Abbott, බටහිර ඉන්දිය කොදෙව් හී Jhonson Charles සහ හෙට (05) තම 19 වැනි උපන් දිනය යෙදී ඇති යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබුණි. 

තරගයේ පළමු පන්දුවාරයේ සිටම යාපනය ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට අගනුවර පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි. ඒ අනුව යාපනය ක්‍රීඩකයන්ට තමන්ගේ පළමු පන්දුවාර 5 දී රැස් කර ගත හැකි වූයේ ද ලකුණු 27ක් පමණි. ඒ වෙද්දී ඔවුන්ගේ පළමු කඩුල්ල ද අහිමිකරගෙන තිබුණි. පන්දුවාර 10ක් අවසන් වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවි ලකුණු 66ක් වූහ. එසේ වූවත් අවසන් පන්දුවාර 10දී ඔවුන් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. 

ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ දෙවැනි කඩුල්ලට එක්වූ ලකුණු 41යි. එය ගොඩනැගීමේ ගෞරවය අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක සතු වූහ. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 35කට මුහුණ දුන් හ. අවිශ්ක පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර මිනෝද් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් හ. 

අවිශ්ක සහ මිනෝද් දෙදෙනා ම 20 හැවිරිදි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Qais Ahmadට ගොදුරු වූ අතර පාකිස්තාන පිතිකරු Shoaib Malik (08) ද දවා ගත් ඔහු යාපනය ක්‍රීඩකයන්ගේ පෙර පෙළ විනාශ කර දැමීමේ නියමුවා විය. ඒ වෙද්දී ඔහු පන්දුවාර දෙකක දී ලකුණු 11කට කඩුලු 3ක් දවා ගෙන තිබුණි. 

නායක තිසර පෙරේරාට ද අද තරගයේ දී සිතූ දෙයක් කරන්නට හැකි වූයේ නැත. ඔහුගේ ඉනිම ලකුණු 18කට සීමා විය. එම දැවී යෑමත් සමඟින් යාපනය ඉනිම ඉතා බැරෑරුම් තත්ත්වයකට පත් වූ අතර එහි දී වගකීම පවර ගත්තේ වනිඳු හසරංග ය. ඔහු ඉනිමේ 18 වැනි පන්දුවාරය යැවූ ඉසුරු උදානට එරෙහිව පිට පිට හතරේ පහර 5ක් එල්ල කරමින් ලකුණු පුවරුව යම් තරමකින් ඉහළ දැමීම කැපි පෙණුනි. නමුත් ඔහු ඊළඟ පන්දුවාරයේ දී මැතිව්ස්ගේ පන්දුවකට කඩුල්ල බිඳ ගනිමින් දැවී ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ තරගාවලියේ 150 වැනි හයේ පහර එල්ල කිරීමේ ගෞරවය ද ලබා ගනිමින් ලකුණු 41ක් ලබා සිටියේය.

කඩුලු ලබා ගැනීමේ දී Qais Ahmad ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර දුෂ්මන්ත චමිර ද කඩුලු 2ක් දවා ගනිමින් වැඩි දක්ෂතා දැක්විය. 

පිළිතුරු හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ කණ්ඩායමට ද තම ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට ප්‍රතිවාදි යාපනය ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. ඔවුන්ගේ පළමු ලකුණු 50 වෙනුවෙන් පන්දු 36කට මුහුණ පෑමට සිදු වූ අතර කඩුලු 2ක් ද අහිමි කර ගැනීමට සිදු වූහ. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 37ක දී ලකුණු 40ක් රැස්කරගෙන සිටිය දී තම මංගල විස්සයි විස්ස තරගයට මුහුණ දෙන වියස්කාන්ත් තම මංගල කඩුල්ල ලබා ගත්තේය. ඒ මැතිව්ස් දවා ගනිමිනි. ඒ වෙද්දී මැතිව්ස් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේ ය. 

ඔවුන්ට අවසන් පන්දුවාර 5 දී ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 49ක් අවශ්‍ය වූහ. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවල දී ලබා දුන් විනිසුරු තීරණයන් අභියෝගයට ලක් කරමින් නැවත පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත වූ දිනේෂ් චන්දිමාල් සහ Andre Russell ය. 

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් චන්දිමාල් තමන් මුහුණ දුන් 35 වැනි පන්දුවේ දී තරගාවලියේ තමන් විසින් රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු තරගය ජයග්‍රහණය කරන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 68ක් ලබා සිටියේය. මෙම ඉනිම චන්දිමාල්ගේ මෙම තරගාවලියේ හොඳම ඉනිම වූ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

Russell ද එහි උපරිම වාසිය ලබා ගනිමින් තරගයේ 16 වැනි පන්දුවාරයේ තමන් මුහුණ දුන් පන්දු 5ට ලකුණු 21ක් ලබා ගනිමින් තරගය තමන්ගේ පැත්තට නම්මා ගත්තේය. නමුත් ඔහු ඊළඟ පන්දුවාරයේ තමන් මුහුණ දුන් 20 වැනි පන්දුවේ දී ඉනිම අවසන් කර ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියේ ය. Russell දැවී යන විට ඔවුන්ට තරමක වාසියක් වූයේ පන්දු ප්‍රමාණයට වඩා ලකුණු ප්‍රමාණය අඩු වීමයි. 

කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

TeamMWLTPT
Jaffna Stallions54108
Colombo Kings43106
Result

Colombo Kings 151/4 (19.2) Jaffna Stallions 148/9 (20)

Colombo Kings won by 6 wickets

Updated at 11:36 PM 2020-12-04

BatsmenRB4s6sSR
Dinesh Chandimalnot out685172133.33
Laurie Evansb Wanindu Hasaranga141011140.00
Daniel Bell Drummondlbw b Wanindu Hasaranga03000.00
Angelo Mathewsc Shoaib Malik b Vijayakanth Viyaskanth22242191.67
Andre Russellc Avishka Fernando b Chathuranga de Sliva322023160.00
Thikshila de silvanot out10810125.00
Extras5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total151/4 (19.2 Overs, RR: 7.81)
Did not batIsuru Udana, Ashan Priyanjan, Qais Ahmed, Dushmantha Chameera, Tharindu Kaushal,
BowlingOMRWEcon
Binura Fernando4041010.25
Wanindu Hasaranga402325.75
Kyle Abbott1015015.00
Thisara Perera201306.50
Vijayakanth Viyaskanth402917.25
Chathuranga de Sliva402115.25
Dhananjaya de Silva0.20000.00

තරගාවලියේ හෙට (05) 12 වැනි තරගය ලෙසින් Dambulla Viiking සහ Galle Gladiators අතර සවස 3.00ට ද, 13 වැනි තරගය ලෙසින් Colombo Kings සහ Kandy Tuskers අතර තරගය රාත්‍රි 8.00ට ද පැවැත්වේ. 
thepapare.com

ඇන්ජලෝ මහනුවර ඇතුන් මට්ටු කරයි

0

( 4.30 pm ) ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට තම ඉනිම් බිලිදෙද්දී යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා මහනුවර ඇතුන් මට්ටු කරමින් තම කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන යෑමට අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළේය. 

ඇන්ජලෝගේ මේ දක්ෂතාවයත් සමඟින් ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (03) හම්බන්තොට දී නිමා වූ Dambulla Viiking සහ Kandy Tuskers අතර තරගයෙන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඇන්ජලෝ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ය. 

මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ මීට පෙර පැවති තෙවැනි තරගයේ දී ද එකිනෙකා හමු වූ අතර එම තරගයෙන් ද දඹුලු ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක් හිමි කර ගත්හ. 

එදින තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දඹුලු කණ්ඩායමේ ආබාධයකට ලක් වු ඕෂද ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර සහ ඉන්දියාවේ Sudeep Tyagi වෙනුවට ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, සචිඳු කොළඹගේ සහ ඇෆ්ගනිස්තානයේ Samiullah Shinwari කෙරෙහි විශ්වාසය තබා කණ්ඩායමට එක්කර ගෙන තිබුණි. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් කවිශ්ක අංජුල සහ ප්‍රියමාල් පෙරේරා කණ්ඩායමෙන් හැලී ගොස් ඒ වෙනුවට සිම්බාබ්වේ Brendon Taylor සහ ඉන්දියාවේ Munaf Patel එක්කර ගෙන තිබුණි. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවි ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් හඹායන ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවි ලකුණු 157ක් ලබා ගත් හ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය.  

මහනුවර ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් Rahmanulla Gurbaz ලකුණු 15කට දැවී ගියේ ඉනිමේ 23 වැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී ඔහු ලකුණු 15ක් ලබා සිටි අතර මහනුවර ක්‍රීඩකයන්ට ලකුණු 33ක් එක් වී තිබුණි. 

අනතුරුව මහනුවර ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා විය. ඒ කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 58යි. මේ සඳහා ඔවුන් දෙදෙනා පන්දු 45ක් වැය කළහ. අවශ්‍යම මොහොතක ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස්, සචිඳු කොළඹගේ ද සහයෝගය ලබා ගනිමින් කුසල් පෙරේරා පිටියෙන් ඉවත් කරන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියේය. 

ඊට පසු පිටියට පිවිසි Brendon Taylorට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට මාලින්ද පුෂ්පකුමාර ඉඩ දුන්නේ නැත. පිටියේ ඈත කෙළවරක සිටි Anwar Ali අතට උඩ පන්දුවක් දෙමින් මේ විදෙස් ක්‍රීඩකයා දැවී යන විට ලබා සිටියේ ලකුණු 11ක් පමණි. යැවුණ ඊළඟ පන්දුවෙන් සීක්කුගේ ප්‍රසන්න ද දවා ගැනීමට මාලින්ද සමත් විය. 

ඒ සමඟම පන්දු 7ක් තුළ ලකුණු 4කට කඩුලු 3ක් දවා ගනිමින් මහනුවර ඉනිම පාලනය කිරීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ ද කඩුල්ල දවා ගනිමිනි. මෙන්ඩිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. එම ලකුණු ප්‍රමාණය මෙන්ඩිස්ගේ මෙම තරගාවලියේ හොඳම ඉනිම ලෙසින් ද සටහන් විය. 

ඉන් පසුව කමිඳු මෙන්ඩිස් ද ලකුණු 8කට දැවී ගියේ අතිරේක ක්‍රීඩක අශේන් බණ්ඩාර විසින් මනරම් ලෙස ලබා ගත් උඩ පන්දුව හේතුවෙනි. පන්දු යැවීමේ නිරත වූයේ කසුන් රාජිත ය. මහනුවර ඉනිම අවසන් වන විට අසේල ගුණරත්න (18) සහ ඩිල්රුවන් පෙරේරා (0) නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

කඩුලු ලබා ගැනීමේ දී කසුන් රාජිත සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2 බැගින් දවා ගත් අතර ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් සහ Samit Patel කඩුල්ල බැගින් දවා ගත් හ.

පිළිතුරු ඉනිම ප්‍රවේගවත් පහරකින් ආරම්භ කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත් වුව ද, මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී ඒ ගමන එතැනින් ම අවසන් විය. දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 4ක් පමණි. අනතුරුව උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරා එක්ව දඹුලු ඉනිම ගොඩ ගනිද්දී ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩකයන් වූ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න එකී ගමන ලකුණු 42ක් වෙද්දී බිඳ දැමූහ. උපුල් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තේ ය. 

LPL පුවත්:

Samit Patel ද ලකුණු 11කට දැවී ගිය පසු දඹුලු ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ ඇන්ජලෝ පෙරේරා සහ නායක දසුන් ශානක ය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට එක් කළ සබඳතාවේ ලකුණු 50 පන්දු 26කින් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. ඉන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ ඇන්ජලෝ වන අතර ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය පන්දු 36කින් වාර්තා කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 22ක් තිබිය දී ඇන්ජලෝ දැවි ගියේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට Rahmanulla Gurbaz අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 74කි.

අනතුරුව යැවුණ පන්දුවාරයේ දී දසුන්ගේ ඉනිම ද නිමා විය. ඔහු නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට අසේල අතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 23කට මුහුණ දී ලකුණු 33ක් ලබා සිටියේ ය. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ඉනිමේ අවසන් පන්දු 12 තිබිය දී දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් අවශ්‍ය තිබුණි. එම පන්දුවාරයේ දී ලකුණු 12ක් ලබා ගත් ඔවුන් ජයග්‍රාහී ලකුණ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලබා ගත්තේ ය.  තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Samiullah Shinwari ලකුණු 11ක් ද සහ Anwar Ali ලකුණු 9ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

TeamMWLTPT
Dambulla Viiking43106
Kandy Tuskers51402
Result

Dambulla Viiking 157/5 (19.2) Kandy Tuskers 156/6 (20)

Dambulla Viiking won by 5 wickets

Updated at 11:21 PM 2020-12-03

BatsmenRB4s6sSR
Niroshan Dickwellac Kusal Janith b Munaf Patel4310133.33
Upul Tharangac Seekkuge Prasanna b Asela Gunarathne191521126.67
Angelo Pererac Rahmanullah Gurbaz b Dilruwan Perera674953136.73
Samit Patelc Kamindu Mendis b Seekkuge Prasanna111010110.00
Dasun Shanakac Asela Gunarathne b Nuwan Pradeep332331143.48
Samiullah Shinwarinot out111020110.00
Anwar Alinot out9601150.00
Extras3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0)
Total157/5 (19.2 Overs, RR: 8.12)
Did not batRamesh Mendis, Malinda Pushpakumara, Sachindu Colambage, Kasun Rajitha,
Fall of Wickets1-4 (0.3) Niroshan Dickwella, 2-42 (5.5) Upul Tharanga, 3-56 (8.1) Samit Patel, 4-135 (16.1) Angelo Perera, 5-142 (17.1) Dasun Shanaka,
BowlingOMRWEcon
Munaf Patel302016.67
Dilruwan Perera302317.67
Asela Gunarathne402616.50
Seekkuge Prasanna403619.00
Nuwan Pradeep2.201617.27
Naveen Ul Haq2024012.00
Kamindu Mendis10909.00

තරගාවලියේ  11 වැනි තරගය ලෙසින් හෙට (4) Colombo Kings සහ Jaffna Stallions අතර රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිත ය. 
thepapare.com

ජිවත් වෙන්න බැංකු කඩන්න වෙයිද දන්නේ නෑ ?

0

( 9.30 am ) කොරෝනා වසංගත තත්වය රටේ දැවැන්ත ජිවත්විමේ අර්බුදයක් නිර්මාණය කර තිබේ.
එය සැම ක්ෂේත්‍රයකටම බලපා තිබේ.
කොටින්ම කියන්නේ කිසියම් සුපිරි ජිවිත පැවැත්මක සිටි කලාකරුවන්ට පවා අද එය තදින්ම දැනි ඇති සෙයකි.
”කලාකරුවන් හැටියට අන්ත අසරණ වෙලා තත්වයට වැටිලා ඉන්නේ ඇත්තම කිව්වොත් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තවදුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ.”

අවංකවම කිව්වොතින් කොවිඩ් 19 නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක යනුවෙන් ජනප්‍රිය ගායක නලීන් පෙරේරා පැවසු බව lankatruth .com වෙබ් අඩවියද වාර්තා කොට තිබුණි

නලින් එසේ පවසා තිබුනේ ඊයේ (03) කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවී කරන ලද සාකච්ඡාවකදීය. පවතින කොරෝනා තත්වය හමුවේ කලාකරුවන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දෙන ලෙස එම කලාකරුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

බුරවි රටින් පිටට ගියත් අදත් පළාත් කිපයකට බලපෑම් ..

0

( 8.30 am ) බුරෙවි කුණාටු තත්වය රටින් පිටුව ගොස් තිබුනද අද දිනයේත් පළාත් කිපයකට එහි බලපෑම් එල්ල වනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් අද (04 වැනිදා) දිනයේ දී ඇති විය හැකි බවද ඔවුහු පවසා සිටිති
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි අතර , මීගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකක් තුනක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත්, මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ

වයිටගෙ මුට්ටිය දැන් බාස්ගෙ අරිෂ්‍ඨය ද?

0



( 3.30 pm ) ජනාධිපතිවරයා සිංගප්පූරුවට වඩා අපි හොඳට කළැයි කියනකොටම මට සිහියට ආවෙ එතුමා එරටින් ලබා ගත් ප්‍රතිකාරය.
නීතිමය කරුණුවලදී ද අධිකරණයට ද එතුමා සිංගප්පූරු ගිය බව,සිංගප්පූරු යන්න ගමන් බලපත්‍රය මුදවා ගන්න කරුණු ඉදිරිපත් කළේය.
එහෙම වෛද්‍ය සේවයක් වෙත අපේ රටේ පක්ෂ – විපක්ෂ නායකයෝ බොහෝ අය විශ්වාසය තබති.එය නි’බොරුය.

ඒ නිසා ඔව්හූ සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා යති,එති.එහෙම තත්ත්වයක මුට්ටි දාන එක ගැන ඔවුන් විශ්වාස කරන බව සිතිය හැකිද?ඔවුන් ලබා දෙන සියල්ල විශ්වාස කරන මිනිස්සු පිරිසක් සිටින බව පාලකයො දනිති.

ඒ නිසා මුට්ටි,හට්ටි වළං යන ඕන දෙයක ඒ විශ්වාසය රඳවාගත හැකි බව පාලකයෝ දනිති.
දැන් පැණිය.
වෙද මහතා මේසන් බාස් කෙනෙක් මිස කුමනාකාරයේ හෝ වෛද්‍යවරයෙක් නොවන බවට යොමු කර තිබෙන ලිපියක් මෙහි ඇත.
එයට ද රාජ්‍ය අනුග්‍රහයක් ⁣දීමට තීරණය වී ඇත.මුට්ටි දැම්මේ රාජකීය වෛද්‍යවරයාය.ඒ රාජ්‍ය අනුග්‍රහය නො’අඩුව ලබන්නෙක්ය.
කිසිම වෛද්‍ය සභාවකට මේවා අදාළ නැත.කෘෂිකාර්මික ප්‍රශ්නවලටත් පාරට බැස්ස වෛද්‍ය වෘත්තිය සමිති විද්‍යාවට අදාළ නැති මිත්‍යා ප්‍රශ්න ගැන කිසිඳු වෘත්තිමය මැදිහත්වීමක් නොකරයි.
බොහොම බාල කර හඬින් මයික් කිහිපයකට මුමුණා යයි.දැණුම සහ ලැජ්ජාව යන දෙකම නැති අයත්,දැණුම ආත්මාර්ථයට පදනම් කරගත් පිරිසත් තවමත් ප්‍රශස්ති ලියමින් ඇත.
අපි බොල් හඬින් හිස් මුට්ටි සේ පිපිරෙන රටක ශතවර්ෂ ගණනාවක් පරණ මිත්‍යාව විද්‍යාව යට කර ඉහළට ගෙන සීතාම්බර සළුවලින් සැරසී ආඩම්බරයෙන් සක්මන් කරමින් සිටිමු.

නිශ්මං රණසිංහ

සුළි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය කිලිනොච්චියට සහ මුලතිව් වලට ..

0

( 2.00 pm ) ඊයේ (02) රාත්‍රියේ ගොඩබිමට ඇතුළුවුණු සුළි කුණාටුව අද (03) දහවල් වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ”බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රි 10.30ත් 11.30ත් අතර කාලයේ දී මෙරට ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය.

සුළි කුණාටුව දිවයිනට ළගාවීමත් සමඟ ප්‍රදේශ රැසක වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඊයේ රාත්‍රියේ පැවතුණි.

ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙනි.

එය එය මිලිමීටර් 279.8 අගයකි.

මුලතිව්  මිලිමීටර් 224 ක්, ඔඩ්ඩුසුඩාන් මිලිමීටර් 202ක්, පදවි සිරිපුර මිලිමීටර් 199ක්, උඩයර්කට්ටු මිලිමීටර් 190ක් හා වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 186ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම පැවති සුළං තත්ත්වයත් සමග ගස් කඩා වැටීම් සහ දේපල හානි කිහිපයක් ද වාර්තාවිය.

යාපනය, කාරේනගර් ප්‍රදේශයේ මාර්ගය හරහා ජලය පැමිණ තිබු අයුරු “අද දෙරණ“ කැමරාවේ මෙලෙස සනිටුහන් විය.

ඡායා- තවසීලන්

වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතා

0

( 8.40 am ) පරිසර සංවිධාන කිහිපයක් එක්ව අද (02) දින වනජීවී නිලධාරීන්ට වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විමලවීර දිසානායක විසින් තර්ජනය කිරීමට විරෝධය පළකරමින් නිහඩ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී.

මෙහිදී විරෝධතා කරුවන් ප්‍රකාශ කළේ , පොලොන්නරුව ජලගැලුම් වනෝද්‍යානය තුළට ගවයන් ඇතුළු කිරීමට ඉඩ දෙන ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නියෝග කිරීම, වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා නීතිය නිසි පරිදි ඉටු කරන ලද වනජීවී නිලධාරීන්ට සිදු කරන ලද බැන වැදීම, රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍ය වරයාගේ වගා කරුවන්ට ඉඩම් ලබාදීමට වනජීවියට බල කිරීම, අවුරුදු තිහකට අවශ්‍ය නොවූ මාර්ගයක් වනෝද්‍යානය තුළින් කැපීමට උත්සාහ කිරීමටත් විරෝධය පල කරමින් මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරය පවත්වන බවයි.
බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටි නජීවි අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැති විරෝධතාවය අතරතුර එහි සාමාජිකයන් කිහිප දෙනෙකුට අමාත්‍යංශය තුලට යාමට ඉඩ ලබා දුන්නද ඇමතිවරයා හෝ අමාත්‍යංශ ලේකම් වරයා එහි නොසිටි බව එම විරෝධතා කරුවන් පවසයි.
lankaweb.lk

ඡායාරුප අන්තර්ජාලයෙන්