Saturday, September 28, 2024
Home Blog Page 68

වඩමාරච්චි වෙරළෙන් මිනිස් ඇටසැකිල්ලක් …???

0

( 9.45 am ) යාපනය වඩමරාච්චි හි නැගෙනහිර වෙරළ තීරයේ තිබී මිනිස් ඇටසැකිල්ලක් හමුවි ඇතැයි නිව් newjaffna.com වෙබ් අඩවිය වාර්තා කොට තිබේ’

2020 දෙසැම්බර් 8 වෙනි දින සවස් කාලයේ මෙම මිනිස් ඇටසැකිල්ල දැක තිබුණ ප්‍රදේශවාසින් පසුව පල්ලෙයි පොලිසියට ඒ බව දැනුම් දි තිබේ.
සිද්ධිය පිලිබදව පල්ලෙයි පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත්විමට නියමිතය
මුලාශ්‍රය – newjaffna.com

කොවිඩ් පැණිය බෙදා හැරිම නවතා දැමේ …

0

( 8.20 pm ) මේ දිනවල සමාජ මාධ්‍ය අතරේ ප්‍රධාන මතෘකාවක් බවට පත්ව ඇති කොවිඩ් පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික නැමැත්තා අද පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පවසා ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඒ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් පසුවය

එහිදී උපදෙස් ලැබී ඇත්තේ අදාල වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාල පැනිය බෙදාදීම නවත ලෙසයි

ඒ අනුව ඖෂධය බෙදීම අද පස්වරුවේ නතර කෙරිණ.

අද පෙරවරුවේ එම ධම්මික බණ්ඩාර නැමැත්තාගේ දේවාලයට දහස් ගණනක් රැස්ව තිබුනේ එම ඖෂධය නොමිලේ පන්දහසකට බෙදා දෙනබවට ඔහු විසින් කරතිබූ ප්‍රචාරය හෙතුවෙනි.

නැගෙනහිර වැස්ස කරපු හදියක් ?

0

( 5.30 pm ) නැගෙනහිර පළාතේ පුරාවි කුණාටුවෙන් පසු මේ වන විට අම්පාරා දිස්ත්‍රික්කයේ තද වැසි ඇද හැලෙමින් තිබේ.

විශේෂයෙන් පසුගිය (6) අම්පාරා දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි, ඉරාක්කම් සහ මල්වට්ටා ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර මහජනතාවට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.

මෙම තත්වය හේතුවෙන් සමන්තුරෙයි ප්‍රදේශයේ වල්පපිටිය විල්වම් ජලාශය පිටාර ගැලිම හේතුවෙන් පාරවල් යටවි ඒ ඔස්සේ ගිය ඇතැම් වාහනද අනතුරට ලක්ව තිබේ

ඇමරිකානු එන්නත භාවිතය බ්‍රිතාන්‍යයේ අරඹද්දි, ලංකාවේ කොරෝනා පැණි පෝලිමක් ..

0

ඇමෙරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ විය.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ

ඇමෙරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දිමට නියමිතය.

මේ අතර හෙට්ටිමුල්ල වෙද පැණිය  ලබාගැනීමට අති විශාල ජනකායක් පැමිණ තිබෙන බව සමාජ මාධ්‍ය අතරේ පැතිර යන ඡායාරූප වලින් පෙනි යයි

කොරෝනා පැණි පෝලිම //www.facebook.com/www.newshub.lk/videos/382330396407721/

වීර බද්‍රධම්ම කොරෝනා නිවාර පැණිය ලෙස හඳුන්වන මෙම පැණිය අද දිනයේදී නොමිලේ ලබා දෙන බවට පල කල දැන්වීමක් අනුව මෙලෙස විශාල ජනතාවක් පැමිණ සිටින බව වැඩි දුරටත් සඳහන් ලංකාසිටිසන් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මේ වන විට පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය පැමිණ සිටින බව මේ සමාජ මාධ්‍ය ඡායාරූප දැක්වේ

මාස 5 කට පසු මෙල්බර්න් නුවරට ශ්‍රිලංකන් යයි ..

( 8.00 am ) මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගීන් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ඊයේ ළඟාවි තිබුණි.
එරට කොවිඩ් තත්වය පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන්තොටුපොළට විදෙස් මගීන් රැගත් යානා ඒම සඳහා අවසරදුන් අතර එලෙස  මගීන් රැගෙන ළඟා වූ පළමු ගුවන්යානය මෙය විමද තවත් විශේෂත්වයකි

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන්යානය වේ.

බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුර 25000 ඉක්මවයි ..

0

( 7.00 am ) මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට ඊයේ (07) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 377 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,025 දක්වා ඉහළ ගොස් ඇත.

අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 294 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 83 ‍දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.

මැනිං වෙළඳුන්ගේ විරෝධය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට.!

0

(2.00 pm ) කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ට පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බවට විරෝධතා උදඝෝෂණයක් අද(7) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලදී.

මෙම විරෝධතාවයේදී වෙළඳුන් ඉල්ලා සිටියේ මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව කීවද එයින් අසාධාරණයක් සිදුවන බවය. මැනිං වෙළඳපොළේ අඩි 10 කාමරවල දීර්ඝ කාලයක් වෙළඳ කටයුතු කළ වෙළඳුන්ට ආණ්ඩුව පොරොන්දු දුන්නේ අඩි 12 වෙළඳ කාමර ලබා දෙන බවය. මැනිං වෙළඳපොළේ දිගු කාලයක් වෙළඳාම් කළ වෙළඳුන් අතරින් දැනට පෑලියගොඩ කාමර ලබා දී ඇතිතේ 300කට පමණි. අනෙක් වෙළඳුන්ට අද පැමිණෙන බවට දන්වා තිබුණද කඩකාමර ලබාදීමේ කොන්දේසි මහත් අසාධාරණ බව ඔවුහු පවසති. තමන්ට අහිමිවන වෙළඳ කාමරය වෙනුවට පෑලියගොඩ සංකීර්ණයෙන් කාමරයක් ලබා දෙන බව කියුවද අඩි 12 කාමරය මැදින් වෙන්කර අඩි 6ක කාමරය අසාධාරණ කුලී පදනමක් යටතට පත්කර ඇති බව වෙළඳ සැල් අහිමි වූ පිරිස පෙන්වා දෙති. මැනිං වෙළඳපොළේ වෙළඳුන් මාසිකව නගර සභාවට ගෙවූ රු. 1250ක මුදල වෙනුවට පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේදී රු. 11,500ක් ගෙවීමට නියමකර තිබේ. එපමණක් නොව එම වෙළඳසල් වෙනුවෙන් රු. ලක්ෂ 2ක අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන බවද දන්වා ඇත.
සම්පූර්ණ වෙළඳ කාමරයක් ලබගැනීමට නම් රු ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් තැන්පත්කර මාසික කුලිය රුත 25,000ක් ගෙවිය යුතු බවය.

දැනට මැනිං වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරී වූ තොග හා සිල්ලර වෙළඳුන්ට හිමිව තිබුණු කාමර 2500ක් වෙනුවට පෑලියගොඩ වෙළඳපොළේ කාමර 1292ක් පමණක් බව ඔවුහු පවසති.
මේ ආකාරයට මැනිං වෙළඳුපොළේ එදිනෙදා ආදායම් උපදවා ගත් වෙළඳන් මහමමගට ඇද දැමීමේ වෑයමට එරෙහිව අද විරෝධතාව පැවැත්විණි.

www.lankaviews.com

මහර මැර ප්‍රහාරයෙන් පසු “මගේ මහත්තයා කෝ” දෙදරු මවක් අසයි

0
linkedin sharing button

( 12.45 pm ) සිරකාර මනුෂ්‍යයන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු  මහර  බන්ධනාගාරයේ රඳවා සිටි  සිය සැමියා සම්බන්ධ කිසිදු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ.  

 දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව දෙදරු මාතාවක් මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.   “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”   මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත්  කිසිදු තොරතුරක් නොමැති බව ඇය වැඩි දුරටත් විවිධ ප්‍රශ්න ඇසු මාධ්‍යවීදීන් හා කියා සිටියාය.

  ”මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත්  කිසිදු තොරතුරක් නොමැති බව ඇය වැඩි දුරටත් විවිධ ප්‍රශ්න ඇසු මාධ්‍යවීදීන් හා කියා සිටියාය.”   ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ රැදවියන්ගේ නාම ලේඛනය පරීක්ෂා කළද එහි තම සැමියාගේ නම සදහන්ව නොතිබුන බව පවසන ඇය එහිදී තව දුරටත් කියා සිටියේ ඔහු වැලිකඩ  බන්ධනාගාරයට රැගෙන ගිය බවට ආරන්චි ලැබුනත් ඒ සම්බන්ධයෙන් නිශ්විත තොරතුරු නොමැති බවයි.

  “අපිටත් ආරංචි වෙලා තියනවා වැලිකඩ බන්ධනාගාරයට ගෙනියලා කියලා. ඉතින් අපි අහන්නේ එහේ ඉන්නවද කොහේ ඉන්නවද මොනවද කරලා තියෙන්නේ මැරිලද තුවාද වෙලාද කියලයි අපි අහන්නේ. මන් අහන්නේ කාගෙන් හරි කමක් නැහැ මගේ මහත්තයව හොයලා දෙන්නයි කියලා”     තවමත් බන්ධනාගාරය ඉදිරිපිට   මේ අතර දෙසැම්බර් 5 සෙනසුරාදා දිනයේත්   මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව සිටි බව වාර්තාකරුවෝ පවසති.   ඒ  මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් පසු තවමත් තොරතුරක් හෙළිවී නැති සිය සමීපතමයන්ට අත් වු ඉරණම සොයා ගැනීම වෙනුවෙනි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 9 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වු බවයි.   මේ වන තෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ ගැටුමෙන් මිය ගිය රැඳවියන්  දෙදෙනකු සම්බන්ධයෙනි පමණි.  

මේ වන තෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ ගැටුමෙන් මිය ගිය රැඳවියන්  දෙදෙනකු සම්බන්ධයෙනි පමණි.   මියගිය අය අතරින්  අලංකාර දේවගේ අජිත් හා සම්පත් කුමාර සුබසිංහ යන  දෙදෙනාගේ නම් පමණක් බලධාරීන් හෙලිකර ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි. 
theleader.lk 

කාලේ බෝතල් ගන්නවනම් ඩිපොසිට් ඕනේ …

( 8.45 am ) මත්පැන් අඩංගු කාලේ බෝතල් (මිලි ලීටර් 185) නීති විරෝධී ලෙස බැහැර කිරීම වැළැක්වීම සඳහා මිලදී ගැනීමේදී තැන්පතුවක් අය කිරීමට තීරණය කර ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
  මේ තිරණය ගෙන ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරාවීරගේ අනුග්‍රහය ඇතිව ලංකා ස්කාගාර සංස්ථාව සහ සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පරිසර අමාත්‍යංශයේ දී පසුගිය (04) දින පැවැති සාකච්ඡාවකදිය

එබැවින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් සිටිය දී පාරීසරික ආරක්ෂාව උදෙසා කාලේ බෝතල් නීති විරෝධී ලෙස බැහැර කිරීම නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කරනු ලැබී ය.   කාලයාගේ ඇවෑමෙන් කාලේ බෝතල් භාවිතය විශාල පාරිසරික හානියක් සිදු වන බව හා මත්පැන් ඇසුරුම් කරන්නා වූ කාලේ බෝතල් භාවිතය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණ ද, නිෂ්පාදකයින්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදි පවසා තිබුණි

 ඒ අනුව මත්පැන් අලෙවිසැල් නිකුත් කරන අවස්ථාවේ කාලේ බෝතල් ආපසු ලබා දීම සඳහා තැන්පතුවක් අය කිරීමට තීරණය වී තිබේ.මෙම මුදල රුපියල් පහක් හෝ දහයකට නොඅඩු විය යුතු බවත්, මුදල් ආපසු ගැනීමට පාරිභෝගිකයින් පොළඹවන මට්ටමක තිබිය යුතු බවත් අවධාරණය කරනු ලැබී ය.  

පරිසර අමාත්‍යාංශය හා අදාළ දෙපාර්තමේන්තු සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමෙන් අනතුරුව තැන්පතු ප්‍රමාණය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා ලැබේ.   කෙසේ වෙතත්, මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට බීර නිෂ්පාදන කටයුතු නොකරන්නේ නම්, කාලේ බෝතල්  තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසී ය.   මේ වන විට අපේ රටේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව බෝතල් මිලියන 120 ක් බව වාර්තා වේ.  මෙයින් මිලියන 18-20 අතර ප්‍රමාණයක් මත්පැන් සඳහා භාවිතා කරන අතර සියයට 60 කට වඩා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව ඔප්පු වී ඇත.   මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.
මුලාශ්‍රය – දිණමිණ

යාපනය රෝහලත් ජලයෙන් යටවෙයි ….

0

(. 6.30 am ) මේ දිනවල යාපනයට ඇද හැලෙන මහවැසි හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ඇතැම් වාට්ටු පවා ජලයෙන් යටවි තිබේ.
මේ හේතුව නිසා සමහර වෛද්‍ය සේවාවන් තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන ගොස් අපහසුතාවයන් මධ්‍යයේ කරගෙන යාමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුව තිබේ.