Saturday, September 28, 2024
Home Blog Page 67

රථවාහන ආනයනය ලිහිල් නොවන ලකුණු ???

0

( 11.55 am ) මෙවර අයවැය තුලදි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුන කරුණුක් වුයේ වාහන ආනයන බදු පිළිබදව කරුණයි.
මේ වසරේදි පමණක් නොව සැම අයවැයකදි වාහනවල මිළ අඩුවේද යන කරුණ බොහෝ දෙනෙක් සිතමින් සිටි එකක් විය
කෙසේ වෙතත් බදු සහන කෙසේ වෙතත් දැනට තහනම් කොට ඇති රථ වාහනන ආනයනය තවත් කාලයක් පවතින බව ට දැන් ඉගි ලැබෙමින් තිබේ.
ඒ පසුගියදා මේ සම්බන්ධයෙන් බළධාරින් විසින් පවසන්නට යෙදුන කරුණුද සැලකිල්ලට ගැනිමේදිය.

රථ වාහන ආනයන තහනම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ රථ වාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් මේ වන තෙක් පැන නැගී නොමැති බවකි.

“තහනමක් දැම්මේ යම්කිසි ජාතික හේතුවක් නිසා. අපේ මතය තමයි අපේ රටේ තව අවුරුද්දක් යනකල් අලුත් වාහන තියෙනවා කියන එක. එකෙන් ලොකූ හානියක් වෙන්නේ නෑ මාර්කට් එකට. ගානත් වැඩි කරලා තමයි විකුණන්නේ දැන්. ඒ වාසියත් ඒ අයට ලැබෙනවා. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පෙන්නේ නෑ. “

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් රුපවාහිනී නාලිකාවක වැඩ සටහනකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබුණි

ගංවතුරෙන් ආ නයා ජිවිතයක් බිලි ගනී..

0

( 11.20 am ) ගංවතුරත් සමග නිවසක් තුළට පැමිණ සැඟවී සිටි විශාල නාගයකු දෂ්ට කිරීමෙන් යාපනයේ කලූන්දායී ප්‍රදේශයේ වැසියෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගිය 9 වනදා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ගංවතුර නිසා යාපනයේ ජනතාව සිය නිවෙස් අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස් ආපසු නිවසට පැමිණ එදින රාත්‍රියේ නිදාගෙන සිටියදී නාගයා දෂ්ට කොට තිබේ.

නින්දට ගොස් සිටි ස්වාමිපුරුෂයාට මුලින්ම නාගයා දෂ්ට කොට තිබුන අතර
 නාගයාගේ ශබ්දය ඇසී එය බැලීමට පැමිණි බිරිඳට ද නාගයා දෂ්ට කොට ඇති අතර අසල්වාසීන් පැමිණ ඔවුන් දෙදෙනාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණි.

 එහිදී ස්වාමිපුරුෂයා මියගොස් ඇති අතර බිරිඳ තවමත් ප්‍රතිකාර ලබයි.

මාගරින් බද්ද ඉහලට !බේකරි නිෂ්පාදනවලට හොඳ මිළක් ලැබෙන ලකුණු

0

( 9.00 am ) පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන මාගරින් සඳහා පනවා ඇති බදු රුපියල් 400කින් ඉහළ නැංවීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කර ඇතැයි වැඩිදුරටත් එහි සඳහන්ය

ඒ අනුව ඉදිරියේදී බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත

ලොහාන් රත්වත්තේ යළිත් බොරු කියයි…

0

මහර සිදුවිම ගැන රටතුල කිසියම් කම්පනයක් ඇතිකළ සිදුවිමක් විය.
එයට හේතුව වි තිබුනේ පසුගිය කාලය තුල බන්ධනාගාර කිපයකම රැදවියන් විසින් කරන්නට යෙදුන විරෝධතාද මුලික කොට ගෙනය.
ඒ විරෝධතා සියල්ලකම කේන්ද්‍රිිිිය කරුණ වි තිබුනෝ කොරෝනා හැ බැදුන භිතයයි.
ඒ නිසාම ඔවුන් කියා සිටියේ නඩු කඩිනම් කොට ඔවුන්ට ඇප ලබා දෙන ලෙසය.,මේ අතර මහරදි රැදවියන් ඉතා පැහැදිලිව කියා තිබුනේ රැදවියන් අතර කොරෝනා පැතිර යමින් ඇති පසුබිමක ඔවුන්ට PCR කඩිනමින් සිදුකරන ලෙසය.
තතු එසේව තිබියදි රැදවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තවත් විශාල පිරිසකට තුවාල සිදුකර තිබුණි.
එහෙත් බන්ධානාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙසින් පත්කරන්නට යෙදුන ලොහාන් රත්වත්තේ පුදන කොටම කාපි යකා යැයි කියමින් ඔහු කව්දැයි රටටම කියා සිටියේ පට්ට කෙප්පයක් පාර්ලිමේන්තුව තුලල ඇද බාමිනි

මහර බන්ධනාාරයේ වෙඩි තැබීම්වලින් රැඳවියන් මියගිය බව සහ ගිනි අවි තිබී ඇත්තේ නිලධාරින් අත පමණක් බවත් අනාවරණය වී තිබියදී පසුගියදා පත්වීම ලද බන්ධනාගාර කලමනාකරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පසුගිය 9 වනදා පාර්ලිමේන්තුවේදී නැවතවරක් අසත්‍ය ප්‍රකාශක් කර තිබුණි

ඔහු පවසා තිබුනේ මහර බන්ධනාගාරයේ කල්ලි අතර ගැටුමක් නිසා රැඳවියන් මියගිය බවට තමන් කලින් කී අසත්‍ය ප්‍රකාශයේම තවත් කතාවකි. රාජ්‍ය ඇමතිවරයා විසින් පැවසූ කරුණු සමුපූර්ණයෙන්ම අසත්‍ය බව විමර්ශන කොමිසම විසින් සනාථකර තිබියදී ඔහු නැවත මේ අසත්‍යයන් ප්‍රකාශයට පත් කරන්නේ මන්ත්‍රි වරප්‍රසාදවලට මුවා වෙමිනි.

මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන රාජ්‍ය ඇමතිවරයා පසුගිය 9 වනදා පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ මෙසේය.
“මහර ඇතුළේ පාතාල කල්ලි 12ක් ඉන්නවා. ඔවුන් අතර කැලඹීමක්
වූ පසු මේ ප්‍රශ්නය ඇති වුණා. නිලධාරීන් ගිහින් කෑමද? වතුරද ඕනේ කියා විමසා යළි යද්දී ගල්වලින් ගහන්න පටන් ගත්තා. බැරිම තැන තමයි වෙඩි ප්‍රහාර එල්ල කළේ. අපි වෙඩි තියලා තියෙනවා. වෙඩි වැදිලත් තියෙනවා. වෙඩි වැදී මිය ගියාද කියා මෙතෙක් වාර්තා නෑ. දේපළ විනාශ කළ සිරකරුවන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙනවා”

කෙසේවෙතත්, පෙරදින ප්‍රකාශයේදී රැඳවියන්ට වෙඩි තැබීමක් කළ බවක් නොපැවසූ රාජ්‍ය ඇමතිවරයා මෙවර ප්‍රකාශයෙන් වෙඩි තැබු බව පවසා තිබේ.

මහර සමුලඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

0
messenger sharing button

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ.   ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ  කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා දෙසැම්බර් 9 දා දුන් තීන්දුව හමුවේය.  

වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට ඉහතදී නිර්දේශ කර තිබුනේ වෝහාරික සහ පශ්චාත් මරණ පරීක්ෂණ හමාරවන තුරු සිරුරු විනාශ නොකරන ලෙසයි.   එම මළ සිරුරු භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු ලබාදිය නොහැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට නියෝග කර තිබේ.

  එම මළ සිරුරු භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු ලබාදිය නොහැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට නියෝග කර තිබේ.

වෙඩි තිබ්බේ කවුද?

Mahara cvm.xc

  බන්ධනාගාර කාර්ය මණ්ඩල සාමාජිකයකු මෙන්ම දිවි බේරා ගත් රැඳවියකුද උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වාර්තා කර තිබුනේ වෙඩි තබන ලද්දේ බන්ධනාගාර නිලධාරීන් බවයි.   ”අපිට වෙඩි තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි ජේලර් මහත්තුරු. වෙඩි තියන්න කලින් සිරකරුවන්ගේ අතපය කැඩෙන්න ගැහුවා. පස්සේ කටිටිය ඇවිස්සුනාම වෙඩි තිබ්බා. පණ බේරගෙන දුවන අයටත් වෙඩි තිබ්බා. අනෙක හැම සිරකරුවෙක්ම හිර කූඩූවලින් එළියට ආවේ නෑ. එහෙම ආවා කියන ඒක බොරුවක්,” යැයි රැඳවියා JDS මාධ්‍යවේදී කිත්සිරි විජේසිංහ හා පවසා තිබුණි.  

Senaka Perera x

මියගිය සිරකාර මනුෂ්‍යයන්ගේ හිමිකම් වෙනුවෙන් උසාවියේත් ඉන් පිටතත් දිගටම මැදිහත් වීම් කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා විසින් දෙසැම්බර් 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ මරා දැමුණු රැඳවියන්ගෙගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට පුලුස්සා දැමීමට ගන්නා උත්සාහය වළකන ලෙස යි.   එයට අදාල නඩුව දෙසැම්බර් 9 බදාදා කැදවා තිබුනි.    

ඥාතීන් වෙනුවෙන් JMO කෙනෙක්  

මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු ඉදිරිපත් කිරීමට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු මහේස්ත්‍රාත්වරයා ඒ සදහා අධිකරණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සාමාජිකා ආචාර්ය ජීන් පෙරේරා පත් කළ බව නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා කියා සිටියේය.   එකොළොස් දෙනකුට මරු කැඳවූ මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනය වෙඩි තැබීම නිසා සිදුවූවක් බව රහස් පොලිස් පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ පළමු වතාවට අධිකරණය හමුවේ හෙළි කොට තිබුණි.   Nishara Jayarathneනීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න දෙසැම්බර් 8 අගහරුවාදා මෙන්ම 9 බදාදා දිනයේදීත්  අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥයකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් මගින් සිදුකිරීමට අවසර දෙන ලෙසයි.   මේ වන විට මෘත ශරීර 04ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.  

මේ වන විට මෘත ශරීර 04ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.

  මියගිය රැඳවියන්ට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් දේහයන් රාගම රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද එහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දී තිබේ.   බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම දේපළ හානිය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාව ලබාගැනීම සදහා හෙට සිට ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයෙන් කළ ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරයා රාගල අවසර ලබාදී තිබේ.   මෙම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
theleader.lk

ඉතාලි සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකු වු රොසි මිය යයි

0

1982 දී ඉතාලිය ලෝක කුසලාන දිනා දිමට මුලිකවු ඉතාලි ජාතික සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකු වන පාවුලෝ රොසි වයස මිය ගිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.
මිය යන විට ඔහු 64 වන වියේ පසුවිය
රෝසිගේ බිරිඳ ෆෙඩරිකා කැපෙලෙට්ටි ඉන්ස්ටග්‍රෑම් හි ඇයගේ සහ පාවුලෝගේ ඡායාරූපයක් පළකරමින් ” සෙම්පරේ ” යන ශීර්ෂය සහිතව පළකර තිබුණායත
එහි තේරුම “සදහටම” යනුවෙනි.
එහෙත් ඇය ඔහුගේ මරණයට හේතුව හෙළි කර තිබුනේ නැත

සිය ආදරණීයන් අතුරුදන්වු ඥාතිහු අදත් විරෝධතා දක්වති..

0

යුද්ධය අවසන්වි දශකයක් ඉක්ම ගියද අතුරුදන්වුවන්ගේ ප්‍රශ්ණයට කිසිදු සාධාරණ විසදුමක් ලබාදිමට මෙතෙක් බලයට පත්වු කිසිදු රජයක් නිසි ලෙසින් කටයුතු කර තිබුනේ නැත.
අඩුම තරමින් ඔවුන්ට යුක්තිය ඉටුකිරිම කෙසේ වෙතත් ඔවුන්ගේ සුබසාධනමය අවැසිතා ගැන පව මේ සියළු රජයන් සිටියේ නෑසුකන්වය.
මේ නිසාම සිය අදරැතියන් අහිමිවු දහස් ගණනක් උතුරේත් නැෙගනහිරත් ඥාතිහු කොන්දේසි විරහිත නිරන්තර අරගලයක නිරතව සිටිති.
ජගත් මානව හිමිකම් දිනය සමරන අද දිනයේද යාපනයේදි ඔවුහු විරෝධතාවයක නිරත වුහ
ඡායා- කාර්තික් හම්සන්

“රැඳවියන් රැසක් වෙඩි වැදී ඝාතනය වෙලා – ගිනි අවි පාවිච්චි කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පමණයි”

0

බන්ධනාගාරය තුළදී රැඳවියන් එකළොස් දෙනකුට මරු කැඳවමින් සිදුකළ අපරාධය වෙඩි තැබීම නිසා සිදුවූවක් යැයි මියගිය රැඳවියන්ගේ ඥාතීන් සහ ඇසින් දුටුවන් විසින් කරනු ලැබු හෙළිදරව් කිරීම් අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

බන්ධනාගාරය තුළදී රැඳවියන් මරණයට පත්වූයේ ඔවුන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම ඇතැම් මාධ්‍ය ඇතුලු බලධාරීන් විසින් ගෙනගියේ බොරුවක් බව එමගින් සනාථ වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර බන්ධනාගාර රැවියන් ඝාතන පිළිබද විමර්ශනයේ වාර්තාවක් ඊයේ මෝසමක් මඟින් ඉදිරිපත් කළ අතර වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණේ මෙම මරණ වෙඩි තැබීමෙන් සිදුවූ බවයි.
‘මහර රැඳවියන් 11 දෙනා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පානය කර කලහකාරීව හැසිරී නැති බවද එලෙස රහස් පොලිසියේ විමර්ශන වාර්තාව උපුටා දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේය.

වාර්තාවේ සඳහන් වූ කරුණු සාරාංශයක් ලෙස පහත පරිදිය,

‘මහර බන්ධනාගාරය තුළ මුළු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර ඉන් රිමාන්ඞ් රැඳවියන් 2148ක් පමණ වූ බවට අනාවරණය විය. ඉතිරි අය දඬුවම් විඳින සිරකරුවන් වේ. මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා තිබූ බව හෙළිදරව් විය.’

රැඳෙවියන් 1000 කින් 180කට කොවිඞ්

‘වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා තිබුණු වෙනත් රෝගවලින් පෙලුණු 112 දෙනෙක් මහර බන්ධනාගාරයේ පිහිටි බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට ගෙන තිබූ තීරණයක් මත, මහර බන්ධනාගාර රෝහලේ සහ එම පරිශ්‍රයේම වෙනතක් ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති අතර, බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ පිරිසක්ද ගෙනවිත් මහර බන්ධනාගාරයෙන් පිටත තිබූ ‘කොරි’ අංශයේ රඳවා තිබූ බවටත් අනාවරණය විය.’

‘මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට කොවිඞ්-19 රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ 1000කගේ පමණ නොවැම්බර් මස 25 සහ 27 දිනවයන්හි දී සිදු කර තිබූ බවටත්, එහි ප්‍රතිඵල 28 වැනිදා සවසත්, 29 වනදා උදේත්, ලැබී තිබුණු බවටත්, එහිදී නිලධාරීන් 06 දෙනෙකුට සහ රැඳෙවියන් 180කට පමණ කොවිඞ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණු බවටත් අනාවරණය විය.

‘එපමණක්ද නොව ඉහත කරුණු නිල නොවන අන්දමට රෝහලින් පිටතටත් රැඳවියන් අතරටත් පත්ව තිබූ බව අනාවරණය විය. මේ පිළිබඳව රැඳවියන් අප්‍රසාදයකින් හා බියකින් සිටි බවට වාර්තා විය. එසේම එල් වාට්ටුවේද කොවිඞ්-19 වැළඳුණු එක් අයෙකුද සිට ඇති අතර, එල් වාට්ටුව ඇතුළු ඇතැම් වාට්ටුවලද උණ රෝගය වැළඳුණු රෝගීන් පිරිසක් සිටි බවට සාක්ෂි ඉදිරිපත් විණි. ඔවුනට බන්ධනාගාර රෝහලෙන් රෝගය විමසා පරීක්ෂා කිරීමකින් තොරව පැනඩෝල් ලබා දී තිබුණි.

රැඳවියන්ගේ උද්ඝෝෂණයේ  ප්‍රධාන ඉල්ලීම්

‘රැඳවියන් 1000කට වැඩි විශාල පිරිසක් එක් රැස්ව උද්ඝෝෂණ කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් ලෙසට දක්වා තිබුණේ,
ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස් වලට යැවීම ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාරය තුළ රඳවා තබා නොගෙන නිවෙස්වලට යැවීම කරන ලෙසට.
කොවිඞ්-19 රෝගය සඳහා සියළුම රැඳවියන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙසට.
කොවිඞ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට.
අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබා දෙන ලෙසට.’
(ඉන්පසුව යම් දුරකට විස්තර කර ඇත්තේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බව, එකිනෙකාට පහර දීගත් බව ආදී කරුණුය. රිවර්ස් නම් පෙත්තක් ගැන කිසිදු සඳහනක් නැත. ඩල්සිෆාම් නම් පෙති වර්ගය පානය කළ බව සඳහන්ය. කිසිදු ඖෂධ වර්ගයක පෙති 21,000ක් ගැන නිශ්චිත සඳහනක් නැත.)

කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත

‘බන්ධනාගාර නිලධාරීන් විසින්,
01. ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණිය නොහැකි අන්දමට ඇතුළත ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත.

  1. රැඳවියන්ට දෙසට කඳුලු ගෑස් විසි කර ඇත.
  2. බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් හා පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.’

‘පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙපසට විසිරී ගොස් ඇත.’

‘30 වන දින සවස් භාගයෙහිද රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදු කර අත. රැඳවියන් වතුර ඉල්ලා ද කෑ ගසා ඇත. එම අවස්ථාවේදී ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදී ඇත.’

‘වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කලාද යන්න නිගමනය කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි. මේ අවස්ථාව වන විට එය පවත්වා නැත.’
නිරීක්ෂණ

ගිනි අවි පාවිච්චි කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පමණයි

  1. මෙම සිද්ධියට පෙර කොවිඞ්-19 රෝගය මහර බන්ධනාගාර රැඳවියන් අතර තිබූ බවට වාර්තා නොවූවත්, මේ සිද්ධිය වූ දින දහවල් කාලයෙහි කොවිඞ්-19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඞ් බන්ධනාගාරයෙහි සිටින බවට රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව,
    – රිමාන්ඞ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්,
    – රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවධානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ.
  2. එම අවස්ථාවේ රිමාන්ඞ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්මේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය.
  3. රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා, ආයතනය ගොඩනැගිලි කඩා බිද දමමින් විශාල හානියක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය විය.
  4. මෙම ගැටුම සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් තබා ගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවෙකු අත ගිනි අවි තිබී නැත. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ බවත්, ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවත් කමිටුවේ නිරීක්ෂණයයි.
  5. මෙම ගැටුම 29 වන දින සවස ආරම්භ වී රාත්‍රී කාලයේද 30 දින සවස් භාගයේද තිබී ඇති අතර, ඇතැම් රැඳවියන් බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් විවිධ පෙති වර්ග පානය කර තිබූ බවටත් ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගී වී තිබූ බවටත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් නිරීක්ෂණය විය.
  6. මේ අතරතුර ජලනල කැඩී තිබූ නිසා ජල සැපයුමද 30 වන දින ආහාර සැපයුදම අඩාල වී තිබී ඇත.
  7. මෙම සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවට සහ,

08 මේ වන විට මියගිය එකොළොස්දෙනාගෙන් දෙදෙනෙකුගෙන් මල සිරුරු හඳුනාගෙන ඇති බවටත්, උගත් මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ පැවැත්වීමටත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු වාර්තා විය.

තවදුරටත් නිරීක්ෂණය කරනු ලැබුවේ.

– රැඳවියන්ට පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව.
– ආහාර, ජලය, විදුලිය සැපයීම යථාවත් කර ඇති බව.
– අධිකරණවලින් ඇප ලබා දී හෝ දඩ ගෙවා ඇති සියළුම අයවළුන් අධිකරණ නියෝග ලැබුණු වහාම බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රමාද වී ඇති බව.
– සිරකරුවන්ට සහ සැකකරුවන්ට සිය ඥාතීන්හට දුරකථන පණිවිඩ ලබා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කොට ඇති බව,

– දැනට රිමාන්ඞ් බන්ධනාගාර නිළධාරීන්ගේ පාලනය යටතේ පවතින බව.
නිර්දේශ
පොලිසියට දී ඇති උපදෙස් මත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා හෝ වැඩිපුර වාර්තා මගින් ඇප මත මුදා හරින රැඳවියන් හැකි පමණන් පීසීආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වසන්ගතය ආසාදනය වූවන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමටත් අනෙකුත් රැඳවියන් තම තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීම නොකඩවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට වහාම පියවර ගත යුතුය.
මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලිනව පවතින නිලධාරී හිඟය නැති කිරීම සඳහා නිලධාරී සංඛ්‍යාව වැඩිකිරීමට වහාම පියවර ගත යුතු බව
අමුත්තන් මුණ ගැසීමට ඉඩ නොදෙන කාල සීමාවේදී සුභ සාධක මධ්‍යස්ථාන හරහා ආහාර ඇතුළු අවශ්‍ය දේ රැඳවියන්ට ලබා දීමට විධීමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව
දෙනු ලබන ආහාරවල තත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතුය.
කොවිඩ් 19 වෛරසය හැර වෙනත් රෝග තත්වයෙන් පෙළෙනා රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව
දූරකථන පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩිකර රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව
ඇප තබා ගැනීමට නොහැති රැඳවියන් සම්බන්ධව බන්ධනාගාරය මගින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස්වලට යාමට කඩිනම් පියවර ගැනීම කළ යුතු බව
සිරදඬුවම් විදිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින් පිටවීමට ක්‍රමවේදයක් වහාම ක්‍රියාවට නැංවිය යුතු බව
රජයේ දේපලවලට හානි කිරීම ඇතුළු පරාධ ක්‍රියාවන් සිදු කර රැඳවියන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ කඩිනමින් සිදු කර විශේෂඥ වාර්තා වහාම ලබාගෙන නීතීපතිවරයා හරහා නඩු පැවරිය යුතු රැඳවියන්ට ඉක්මනින් බඩු පැවරීමට කටයුතු කිරීම
නිලධෘරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සම්බන්ධව පරීක්ෂණවලින් හෙළිදරව් වීමක් ගැන මෙම අවස්ථාවේදී කමිටුවට මතයක් ප්‍රකාශ කළ නොහැකි අතර , වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ලබාදීමේදී ඒ ගැන අවධානය යොමු කරනු ඇත.

(මෙහි ක පාටින් ඇතුලත් කර ඇත්තේ අප විසින් තබන ලද අනු මාතෘකා වේ )
lankaweb.lk

බජට් පාටිය එපා : යන වියදම කොවිඩ් සඳහා යොදවන්න – විපක්ෂයෙන් ඉල්ලීමක් …

0

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටි බව මාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේ, පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් භෝජන සංග්‍රහය නොපැවැත්වීම සුදුසු බවයි.

“ඔබ තුමාගේ භෝජනා සංග්‍රහය ගැන බොහෝම ස්තූතියි. මේ වෙලාවේ 225 කැඳවනවා. රටේ ජනතාවට කන්න නැති වෙලාවේ මම ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් කොවිඩ් ප්‍රශ්නයට දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට මතකයි අපේ කරූ ජයසූරිය කථානායක තුමා පාස්කු ප්‍රහාරය දවසේ කථානායක තුමාගේ භෝජන සංග්‍රහයක් තිබුණේ නෑ. මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවටත් ඔබ තුමාටත් හොඳයි මේ තීරණය. මේක සාම්ප්‍රදායිකව තියෙන එකක් මේක නැති කරන්න කියනවා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න මේක ගැන හොඳයි“ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

මෙයට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ පිළිබඳ කල්පනාකර බලන බව සදහන් කර තිබේ

කොළඹ කොරෝනා අසාදිතයන් ගණන සිඝ්‍රයෙන් ඉහලට….

0

( 10.15 am ) ඊයේ (08) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඒ 526ක් ලෙසය. 

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 25,818ක් දක්වා ඉහළ ගොස් ඇත.

එයින් පුද්ගලයින් 17, 850ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,377ක් වන අතර ඉන් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා ඇත.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයින් 6,594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,182ක් සිදුකර තිබේ.
( මුලාශ්‍රය – අද දෙරණ )