Saturday, September 28, 2024
Home Blog Page 65

පොදු ප්‍රවාහන සේවා තුලින් කොරෝනා රටපුරා පැතිර යාමේ අවදානමක් ?

0

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රටතුල මතුවිමට නියමිතව ඇති අවදානම් තත්වය සහ ඒ ගැන නිසි විමර්ශණ වලින් තොරව ඇතැම් බලධාරින් විසින් ගනු ලබන තිරණ වල අහිතකර බලපැම් පිළිබදවව දැනටමත් නොබියව සිය අදහස් පළකර තිබේ.
මේ අත සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයිද ඔවුන් අවධාරණය කර සිටි

කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වයිරසය පිටපළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය දැනටමත් පෙන්වා දි ඇත

මේ හේතුවෙන් ඉදිරි සතිය ඇතුළත දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ බරපතළ අවදානමක් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට සිදු විය හැකියැයි ද හෙතෙම අවධාරණය කර තිබේ.

මේ අතර පොදු ප්‍රවාහනයේ දී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබව සඳහන් කරමින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව රෙගුලාසියක් පසුගිය (15 වැනිදා) සිට ඇතුළත් කර ඇත.

තවද ධාවනය වන බස්රථයක් තුළ කිසිදු මගියකු සිටගෙන ගමන් නොකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි. නව රෙගුලාසි පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා ද දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන අතර රෙගුලාසි කඩ කරන්නට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඇමරිකාවේ එන්නත පළමුව කළු ජාතික හෙදියකට ..

0

බ්‍රිතාන්‍යය තුළ ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත ලබා දීම ආරම්භ කර දින හයකට පසු ඇමරිකාවද සිය ජනතාව වෙත එම එන්නත ලබා දීමේ වැඩසටහන දියත් කළේය. මේ අනුව පසුගිය සඳුදා (14දා) උදෑසන 9.20ට එම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා බවට පත් වූයේ සැන්ඩ්‍රා ලින්ඩ්සේ නමැති හෙදියකි. ඇය කළු ජාතික කාන්තාවක වීමද විශේෂත්වයකි. ලින්ඩ්සේ මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට සාත්තු කරන හෙදියක බැව් සඳහන් වේ. ඇයට එන්නත ලබා දුන් අවස්ථාව රූපවාහිනිය ඔස්සේද විකාශය කෙරිණි.

‘අනෙක් එන්නත්වලට වඩා වෙනසක් මට දැනුණෙ නැහැ’ යැයි පැවසූ ඇය එන්නත ලබා ගැනීම සඳහා සෙසු ඇමරිකානුවන්ද උනන්දු කිරීමට පියවර ගත්තේ කොවිඩ් වසංගතය ජය ගැනීමේ දී එය කාගේත් වගකීමක් බව පෙන්වා දෙමිනි. ‘මෙම අවස්ථාව අපේ ඉතිහාසයේ වේදනාකාරීම යුගයක අවසානයේ ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වනු ඇති බව මා විශ්වාස කරනවා’ යනුවෙන්ද ලින්ඩ්සේ සඳහන් කළාය.

‘පළමු එන්නත ලබා දුන්නා. ඇමරිකාවට සුබ පැතුම්. ලෝකයටම සුබ පැතුම්!’ යැයි එම අවස්ථාවෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබිණි. ජනාධිපති පදවියට පත් වීමට නියමිතව සිටින ජෝ බයිඩ්න් සඳහන් කර තිබුණේ ‘බලාපොරොත්තු සහගතව සිටින්න. වඩාත් දීප්තිමත් කාලයක් ඉදිරියේදී උදා වේවි’ යනුවෙනි. මෙම වසර තුළ මිලියන 20ක ජනතාවකට එන්නත ලබා දෙනු ඇති බවත්, ලබන මාර්තු වනවිට මිලියන 100කට එය ලබා දීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.

මේ වන විට ආසාදිතයන් මෙන්ම කොවිඩ් මරණද වැඩියෙන්ම වාර්තා වී ඇති රට ඇමරිකාවයි. එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මිලියන 16.3 ඉක්මවා ඇති අතර මරණ ගණන ලක්‍ෂ 3 ඉක්මවා තිබේ. ශීත සෘතුව තුළ තත්ත්වය තවත් දරුණු වනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
අරුණ

කටුනායක ගුවන් තොටටත් කොරෝනා රිංගයි ?

0

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහවුරු කර තිබේ

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙකු පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගෙන ඇති බවත් ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට අද දිනයේදී තහවුරු කර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම තහවුරු කර තිබුණි

මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

දැනට පවතින ගෝලීය වසංගතය තුළ ඉහළම ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, ගුවන් ගමන් වලදී මෙන්ම සාමාන්‍ය පරිභෝජනය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සඳහා වන ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කිරීම හා ඊට අදාළ ක්‍රියා පටිපාටි පිළිපැදීම මෙන්ම සහතික කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සැමවිටම කටයුතු කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත

ආයතනය තුළවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රමබලකාය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සෑම පියවරක්ම ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටි

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ගුවන් තොටුපොල ආරංචිමාර්ග සඳහන් කරයි.

හලාවත ආරච්චිකට්ටුවේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන ආසාදිත සේවිකාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ සමීපතම ආශ්‍රිතයන් 10 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සදහන්ය

කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටි පෞද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව ඇය ප්‍රතිකාර සදහා වතුපිටිවල රෝහලට යොමු කර තිබේ.

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන මෙම ආසාදිතයා සිය නිවසේ සිට දිනපතා ගුවන් තොටුපළ රාජකාරියට පැමිණ තිබේ.

ඇය සමග සේවය කළ තවත් 10 දෙනෙකු ද අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව සිය නිවෙස්වල නිරෝධායනයට යොමුකර තිබේ.

නත්තල් යැයි කියා නටන අසංවර චැනල් ගැනත් කාර්දිනල් හිමි කියයි..

0
https://youtu.be/Zjk-cIwTRHA

( 9.30 pm ) නත්තල සැමරිය යුතු ආකාරය ගැන කාර්දිනල් හිමියන් විසින් කරුණු පැහැදිලි කිරිම සඳහා කැඳවා තිබුන මාධ්‍ය හමුවේදි සාප්පු සවාරි යෑම ,නෑගමන් යෑම ගැන මෙන්ම විශේෂයෙන්ම ඇතැම් චැනල් විසින් අඩනිරුවතින් රඟන වැඩසටහන් ගැනද අදහස් දක්වා තිබුණි.එවැනි කටයුතු වලට නත්තල භාවිතා නොකරන ලෙසද කාර්දිනල් හිමියන් විසින් අවධාරණය කර තිබුණි

සත විසිපහේ ආනයන බද්ද යටතේ සීනි ආනයනයේ නොනවතින රැල්ලක් ! -සීනි මාෆියාව යහමින් ගසා කයි

0

# පිරමිඩ් විල්මාර් සමාගම තවත් නැව් දෙකක සීනි ටොන් 33,000 ක් ගෙනේ !# කොළඹ ගබඩාවල සීනී ටොන් 180,000 ක් # මාස තුනට සීනි සදහා ඩොලර් මිලියන 110 ක් ගිල දමලා.   

(8.30 am )පසුගිය සතිය අවසාන වන විටත් ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ  සීනි ටොන් ලක්ෂයක් පමණ ගබඩාවල තිබෙන බව අප විසින් හෙළි කරන ලදී.   එය අප රටට මාස තුනකට පමණ ප්‍රමාණවත් සීනි තොගයකි.   පිරමිඩ් විල්මා සමාගම ( Wilmar Trading ) විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ටොන් 26,000 ක තොගයට අමතරව අනෙකුත්  තොග ව්‍යාපාරිකයන් විසින්ද ආනයනය කරන ලද ටොන් 20,000 කට ආසන්න සීනි ප්‍රමාණයක් හා රුපියල් 50 බැගින් තීරු බදු ගෙව්  සීනි ටොන් 80000 ක ප්‍රමාණයක් ගබඩාවල තිබුනද රුපියල් 85/=  පාලන මිලට සීනි මිලදී ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය.   එපමණ තොග ප්‍රමාණයක් රට තුල තිබුනද පිරමිඩ් විල්මාර් සමාගම ගිය සතියේ නැවතත් ඉන්දියාවේ කාකිනාඩා වරායෙන්  ( kakinada port) එන්ජල්ස් එම්.වී. (Angels MV) නෞකාවෙන් තවත් සීනි ටොන් 22,500ක් ආනයනය කර ඇති අතර දැනට එම තොගය කොළඹ වරායෙන් ගොඩ බාමින් තිබේ.  

එපමණ තොග ප්‍රමාණයක් රට තුල තිබුනද පිරමිඩ් විල්මාර් සමාගම ගිය සතියේ නැවතත් ඉන්දියාවේ කාකිනාඩා වරායෙන්  ( kakinada port) එන්ජල්ස් එම්.වී. (Angels MV) නෞකාවෙන් තවත් සීනි ටොන් 22,500ක් ආනයනය කර ඇති අතර දැනට එම තොගය කොළඹ වරායෙන් ගොඩ බාමින් තිබේ.   මෙම තොගයටද තීරු බදු ගෙවා ඇත්තේ ද මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඔක්තෝම්බර් මස 13 දින ගැසට් නිවේදනය අනුව කිලෝවකට සත 25 ක මුදලකි.  

FM 1
FM 2

එයින් නොනවතින පිරමිඩ් විල්මාර් සමාගම, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා තවත් සීනි ටොන් 13,250 ක ප්‍රමාණයක් හෙන්ස් ජිඩැන්ස්ක්. ( Henze Gdansk) නම් නෞකාවට ඉන්දියාවේ කාකිනාඩා වරායේ පටවමින් තිබෙන බව නාවික ප්‍රවාහන කටයුතු පිළිබඳ සමාගම් විසින් හෙළිකර ඇත.   මේ නෞකාව ද  තවත් දින හතක් හෝ අටක් ඇතුළත කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.  

  එයින් නොනවතින පිරමිඩ් විල්මාර් සමාගම, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා තවත් සීනි ටොන් 13,250 ක ප්‍රමාණයක් හෙන්ස් ජිඩැන්ස්ක්. ( Henze Gdansk) නම් නෞකාවට ඉන්දියාවේ කාකිනාඩා වරායේ පටවමින් තිබෙන බව නාවික ප්‍රවාහන කටයුතු පිළිබඳ සමාගම් විසින් හෙළිකර ඇත. මේ නෞකාව ද  තවත් දින හතක් හෝ අටක් ඇතුළත කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

  ඔක්තෝම්බර්  29 දින ආනයනය අපනයනය පාලක අධිකාරි ටී. වී. දමයන්ති කරුණාරත්න විසින් සීනි ආනයනය විවෘතව කිරීමට තිබූ අවසරය  (open market imports) තහනම් කර අංක ICCD / 6 / 1/ 10/ 2020 VOL යොමුව සහිත නියෝගය මගින් සිනී ආනයනය බලපත්‍ර ක්‍රමය යටතට (Import Licence ) පත්කර තිබිය දී මේ ආකාරයට රටේ විදේශ විනිමය කාබාසිනියා කරමින්, සීනි ආනයනය කරන්නේ ඇයිද යන්න අප මුල සිටම හෙළිදරව් කළෙමු.  

mznc.m

ඉන්දියාවේ අතිරික්ත තොග ලංකාවට ඩම්ප් කරාද සැකයක් !  

පාරිභෝගිකයාට රුපියල් 85/= ට සීනි ලබාදීම සඳහා සතොසත්, ජනාධිපති කාර්යාලයත්, මුදල් අමාත්‍යංශයත්, පාරිභෝගික කටයුතු අධිකාරියත් ඒකරාශීව පසුගිය ඔක්තෝබර් 13 දින සිට ක්‍රියාත්මක කළ ක්‍රියාන්විතය මේ වන විට එම පාර්ශවයන් විසින්ම අතහැරදමා ඇති බව පෙනීයන බව පාරිභෝගික අයිතිවාසිකම්  පිලිබඳ සංවිධාන  පෙන්වා දෙයි.    මුදල් ඇමතිගේ තීරු බදූ අඩුකිරීමේ ඔක්තෝබර් 13 දිනැති ගැසට් නිවේදනය පමණක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර බහු ජාතික සමාගමක් වන පිරමිඩ් විල්මාර් සමාගම ඇතුලු පිටකොටුවේ තොග වෙළෙදුන්  නොවැම්බර් මස 01 වන දිනෙන් පසු ආනයන බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි සඳහා කිලෝවකට තවමත් ගෙවනු ලබන්නේ කිලෝවකට ශත -/25 තීරු බද්දකි.

  බහු ජාතික සමාගමක් වන පිරමිඩ් විල්මාර් සමාගම ඇතුලු පිටකොටුවේ තොග වෙළෙදුන්  නොවැම්බර් මස 01 වන දිනෙන් පසු ආනයන බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි සඳහා කිලෝවකට තවමත් ගෙවනු ලබන්නේ කිලෝවකට ශත -/25 තීරු බද්දකි.  

එසේ වුවද  පාරිභෝගික කටයතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගේ නොවැම්බර් 10 දිනැති  උපරිම මිල ගැසට් නිවේදනය තඹයකටවත් මායිම් නොකර වෙළඳුන් තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම මෙම පාලනය යටතේ රජයේ නියෝගවලට සෘජුවම අභියෝග කිරීමක් බවට සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් පවතී.    සත 25 වාසිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පිටකොටුව තොග තොග වෙළඳුන් විසින් ද සීනි ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඔක්තෝම්බර් 29 වැනි දිනෙන් පසුව මෙරට ආනයනය කර ඇත.  

Suger zxzසත 25 වාසිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පිටකොටුව තොග තොග වෙළඳුන් විසින් ද සීනි ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඔක්තෝම්බර් 29 වැනි දිනෙන් පසුව මෙරට ආනයනය කර ඇත.  

මෙම සියලුම ආනයනයන් සදහා දින 180 ක කාලයකට ණයවර ලිපි දේශීය බැංකු මාර්ගයෙන් නිකුත් කර ඇත.     ආනයනය කරන ලද සීනි ටොන් ලක්ෂ දෙකක තොග සඳහා වන විදේශ විනිමය පියවීම ලබන වසරේ අප්‍රේල්, මැයි මාසවලදී  සිදුකල යුතුය.   සියලුම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ බැංකු සහ රක්ෂණ සමාගම්වල දර්ශකයන් CCC + ශ්‍රේණිය දක්වා පහත දමා ඇති අවස්ථාවක මෙවැනි විසාල  විනිමය ප්‍රමාණයක් ගෙවීම ද අභියෝගයක් වනවා නොඅනුමානය.    කහ කුඩු පැකට්ටුවේ සිට දුප්පතාගේ පාපැදියේ ටයරය දක්වා ම ආනයනය තහනම් කර ඇති අවස්ථාවක, එක් සමාගමකට පමණක් ආනයන බලපත්‍ර ලබා දෙමින් සීනි තීරු බද්ද සත විසි පහකට අඩු කරමින්, සිදු කරනු ලබන මෙම මගඩිය පැහැදිලිවම ගජමිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනින් වාසි අත්කර දෙමින් කොමිස් ලබාගැනීමේ මෙහෙයුමක් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.   

කහ කුඩු පැකට්ටුවේ සිට දුප්පතාගේ පාපැදියේ ටයරය දක්වා ම ආනයනය තහනම් කර ඇති අවස්ථාවක, එක් සමාගමකට පමණක් ආනයන බලපත්‍ර ලබා දෙමින් සීනි තීරු බද්ද සත විසි පහකට අඩු කරමින් සිදු කරනු ලබන මෙම මගඩිය පැහැදිලිවම ගජමිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනින් වාසි අත්කර දෙමින් කොමිස් ලබාගැනීමේ මෙහෙයුමක් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.   

ජනතාවගේ පැත්තෙන් නම් ප්‍රශ්නය වන්නේ සත විසිපහේ තීරු බද්දට සීනි ටොන්  1,60,000 ක් පමණ රට තුළට ආනයනය කර ඇතත්, අද වනතුරු පාලන මිල වන රුපියල් අසූ පහකට සීනි කිලෝවක් හෝ ලබාදීමට අඩුම වශයෙන් ලක් සතොස හෝ අසමත්වීමයි.   මේවනවිට විවෘත වෙළඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 106/= ක් පමණ වන අතර මෙම මිල හා පාලන අතර වෙනස රුපියල් 21/= කි.  

මෙම මහා පරිමාණ සීනි ආනයනය පිළිබඳව අමාත්‍යවරුන් විසින් පෙන්වා දුන් අවස්ථාවකදී රජයේ ඉහළ ම බලධාරියකු පවසා ඇත්තේ, ආනයන තීරු බද්ද ශත 25කට අඩු කර ඇති බැවින් ඕනෑම අයකුට හැකිනම්, නව ගණනින් සීනි ආනයනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි.   සීනි ආනයනය සඳහා පසුගිය මාස තුන තුළ (ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා)  ඉන්දියාවට ඇදී ගිය විදේශ විනිමය ප්‍රමාණය ටොන්  250, 000 ක් සඳහා ටොන් එකකට ඩොලර් 440/= බැගින් ඩොලර් මිලියන 110කි. එනම්, රුපියල් මිලියන 2000 ක් නැතහොත් බිලියන 2කි.   තීරු බදු අඩු කිරීම නිසා රජයට මේවනවිට අහිමිවී ඇති අදායම රුපියල් මිලියන 7960කි. එනම් රුපියල් කෝටි 796 කි.    ලක් සතොස ලබා ඇති අලාභය කොටි 600කි.    මේ සියල්ල විමසා බැලීමේදී පෙනීයන්නේ මෙම මහා පරිමාන සීනී ආනයනය තවත් ගජමිතුරු ‘ඩීල් එකක්’ බවයි.

  (විශේෂ ලියුම්කරුවකු විසිනි)

theleader.lk

මංගල උත්සවයක් නිසා බදුල්ල රෝහලේ 15 ක් නිරෝධායනයට.

0

හාලිඇල  – මුදුන්පිට ,  ප්‍රදේශයේ පැවැති  මංගල උත්සවයක් හේතුවෙන් වරායේ සේවකයන් කොරෝනා අසාදිතයන් බවට හදුනාගෙන තිබේ.මෙම සේවකයන් සහභාගිව සිටි මංගල උත්සවයේ දැරියගේ පියාද වරාය සේවකයෙකු වන අතර ඔහුට කොරෝනා ආසාදනය වි තිබේ

මුදුන්පිට ආසා‍දිතයාගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරිණියක් වන අතර ඇයගේ ආරාධනයෙන් ඇය සේවය කරන වාට්ටුවේ කාර්යමණ්ඩලයේ 15 දෙනෙක්ද මංගල උත්සවට සහභාගි වි ඇති බව  විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ආරක්ෂිත  පියවරක් ලෙස ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .
මෙහිදි පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් කිසිවෙකුත් කිසිවිටකත් නොසිතන තැනකදි නොසිත මොහොතකදි ඔබත් ආසාදිතයෙකුට නිරාවරණය විමට ඇති ඉඩ ඉමහත්ය යන යථාර්ථය පමණි.
ඉන් බේරිගත හැක්කේ ඔබ විසින් ඔබගේ සංචරණයන් වෙනුවෙන් සිමාවන් පණවා ගැනිම තුල මිස අන් කිසිඅයුරකින් නම් නොවන බව රටපුරා දිනපතා ලැබෙන පුවත් වලින් අගේට තහවුරු කරමින් තිබේ

කොරෝනා නිසා උතුරේ පාසැල් 257 ක් සහ වව්නියා අධිකරණ සංකිර්ණයද වසා දැමේ

0

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් යාපනය හා වව්නියාව දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප හතරකට අයත් පාසල් දෙසිය පනස්හතක් නැවත දැනුම් දෙනතුරු වසා දැමුණු බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්. ඉලංගෝවන් ඊයේ (15දා) පැවසු බව අරුණ පුවත්පත වාර්තා කොට තිබේ.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත යාපනය වලිකාමම්, වව්නියාව උතුර හා දකුණ අධ්‍යාපන කලාපවල පාසල් 257 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවද හෙතෙම කියා ඇත

මේ අතර වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ, රජ‌යේ අධිනීතිඥවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමගය.

ඒ අනුව මහධිකරණ විනිසුරුතුමන් ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අද (16) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇතැයි අරුණ වෙබ් අඩවිය අද වාර්තා කොට තිබුණි

වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ වවුනියාව රජයේ අධි නීතිඥවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයාට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ වවුනියාව මහාධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.

අනතුරුව රජයේ අධිනීතිඥවරයාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග දිසා අධිකරණය මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
මුලාශ්‍රය – අරුණ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට විවෘතයි..

0

( 8.00 am ) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද අළුයම 2.00 සිට(16) යළි විවෘතකර තිබේ.

සිල්ලර වෙළෙඳාම් කටයුතු පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී  ඇතිබව ධීවර අමාත්‍යාංශය පවසයි.

තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වනදා හඳුනාගැනීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණි.
මුලාශ්‍රය – දෙරණ

විදේශගතව සිට පැමිණෙන අයට නව මාර්ගෝපදේශ මාලාවක්.

0

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරුණු 06 කින් යුත් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ

ඒ අය විසින් අනුගමනය කළ යුතු කරුණු 06ක් ඇතුලත් මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ

1. මෙරටට ඇතුල්වීමෙන් පසු පළමු දිනයේ දී මූලික PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.

2. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් තුළ තනි කාමරයක හෝ ද්විත්ව හවුල් පහසුකමක (පුද්ගලයින් සංඛ්‍යාව උපරිම වශයෙන් 2 කට හෝ එක් පවුලක සාමාජිකයින්ට සීමා කළ යුතුය) ලක්විය යුතුය.

3. මෙම කාමරයට වෙනම සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතු අතර නිරෝධායනය වෙන සෙසු පුද්ගලයින් සමඟ හවුලේ භාවිතා කිරීම නොකල යුතුය.

4. නිරෝධායන කාල සීමාවේදී කිසිදු අයුරකින් නිරෝධායනය වීමට පැමිණ සිටින අනෙක් පුද්ගලයින් සමග මිශ්‍ර නොවීමට වගබලා ගත යුතුය.

5. නිරෝධායන කාල සිමාවේ දින 12-14 අතර කාලයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය වන අතර එහි ප්‍රථිපල සෘනාත්මක විය යුතුය.

6. දින 14 නිරෝධායන කාලය අවසානයේදී, මධ්‍යස්ථානයේ භාර නිලධාරියා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය.

යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයත් වසා දැමේ…

0

බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවීමත් සමගින් එය සම්පුර්ණයෙන්ම මේ වන විට වසා දමා ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය ඇත.
එම ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ
කෙසේ වෙතත් එළඹෙන උත්සවය සමය තුල ජනතාව වගකිමකින් කටයුතු නොකරන්නේ නම් තත්වය කොරෝනා වසංගතය පැතිරිම කෙරෙහි එය වඩාත් නරක අයුරින් බලපානු ඇතැයි සෞඛ්‍ය බලධාරින් දැනටමත් අවධාරණය කර තිබේ