Thursday, November 28, 2024
Home Blog Page 64

ශ්‍රිලංකන් කේටරින් සේවකයන් 47 කට කොරෝනා …

0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 47දෙනෙකුට අද (22) වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආයතනයේ සේවකයින් 865දෙනෙකු මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගෙන ඇත.

දැනට තහවුරු වී ඇති ආසාදිතයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් පිළිබද නිවැරැදි තොරතුරු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීමේ අංශය විසින් ලැබී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෙ$ඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මීගාර ඈපා මහතා සදහන් කරයි.

පවතින තත්ත්වය තුළ එය වෛරසය පාලනය කිරීමට එය බාධාවක් වී ඇති බව වෛද්‍ය මීගාර ඈපා මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය 17 වන දින පළමුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 8දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
(අරුණ )

එ.ජා. මානව හිමිකම් සැසියේ ලංකාවට එරෙහිව නව යෝජනාවක්

0


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

          එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ය.

          ඉකුත් යහපාලන රජය ද සම අනුග්‍රහාය දැක්වූ එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට වත්මන් රජය පියවර ගත් අතර ඊට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය.

          ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව වැඩ කරන බව ද දැනගන්නට ලැබේ.

          අදාළ 30/1 යෝජනාවේ දිගුවක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 34/1 සහ 40/1 යනුවෙන් තවත් යෝජනා දෙකක් සම්මත විය.

          යුද සමයේ වගවීම් ක්‍රියාමාර්ග සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංහිඳියා (ප්‍රතිසන්ධාන) ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම යෝජනාවලින් අවධානය යොමු කර තිබිණි.
          මෙම සිදුවීම් මධ්‍යයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය අතරේ හදිසි හමුවක් තානාපතිවරියගේ නිල නිවසේදී ඉකුත් දා පැවැත්විණි.

          ඇමෙරිකාව ගෙන ඒමට නියමිත නව යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බව සුමන්තිරන් මහතා, එම හමුවේදී තානාපතිනියට දැනුම් දී තිබේ.
          වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ නිරත වන බැවින් වාර්ගික අර්බුදයට විසඳුමක් ලැබෙන පරිදි ගෙන එන නව යෝජනා වෙනස් කළ යුතු බව ද සුමන්තිරන් මහතා මෙහිදි තානාපතිනිය හමුවේ පවසා ඇත.

          පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් සමඟ ද සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කිසිදු යෝජනාවකින් සැලකිය යුතු යමක් අත්පත් කරගැනීමට නොහැකි වූ බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යා යුතුය යන්න එම නායකයන්ගේ අදහස වී තිබේ.

          නව යෝජනාවක් සඳහා එලෙස ක්‍රියාමාර්ග ගැනෙමින් තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම එහි දේශපාලන සහ සාමය ගොඩනැගීමේ

කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෝස්මරි ඒ. ඩිකාලෝ මහත්මිය ලබන වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත යැයි ද වාර්තා වේ.
          අනෙකුත් බලපෑම් සහගත බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙන අතර‌ මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ද අදහස් විමසීමට නියමිත ය.

          මේ අතර “පාර්ශවකාර රටේ සහයෝගය ප්‍රමාණවත් නොවීම” නිසා ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ රුපියල් බිලියන 89 ක එම්.සී.සී. (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ප්‍රදානය නවත්වන බව පසුගිය සතියේදී නිවේදනය කෙරුණි.
 
 සන්ඩේ ටයිම්ස්

055

ජනමාධ්‍ය හැසිරීම නිසා PCR පරීක්ෂණවලට ජනතාව බයවෙලා

0

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඇතැම් මාධ්‍ය පෞද්ගලිකත්වයට හානි වන ලෙස තොරතුරු ප්‍රචාරය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.    එම නිසා රෝග ලක්ෂණ මතු වුවද ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීමට සහ පී.සී.ආර් පරීක්ෂාවට පැමිණිමට මැලිකමක් දක්වන බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ.    එම  තත්වය හමුවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පහත සදහන් කරුණු තුන පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම විද්‍යුත් හා මුදිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

  01. කොවිඩ් -19 ආසාදිත රෝගීන් පිළිබදව වාර්තා කිරීමේදී කිසිදු අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වන ආකාරයෙන් වාර්තා කිරීම නොකළ යුතුය.  

 02. කොවිඩ් -19 රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හා රෝගීන් පිළිබදව තොරතුරු වාර්තා කිරීමේදී ආගම, ජාතිය හෝ වෙනත් එවැනි සාධකයක් හුවා දක්වමින් සමාජයෙන් ඔවුන් වෙන් කරන ආකාරයේ ප්‍රවෘත්ති වාර්තාකරණය නොකළ යුතුය.  

 03. කොවිඩ් -19 ආසාදිත පුද්ගලයන්ගේ මරණ පිළිබදව වාර්තාකරණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන නිල වාර්තා පමණක් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරන්නේනම් මැනවි.   මේ දිනවල දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 රෝගය පාලනය කිරීම සදහා විද්‍යුත් සහ මුද්‍රිත එක්ව ලබාදෙන අනගි දායකත්වයත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
theleader.lk

HM let

ත්‍රි,මලෙත් පාසැල් වැසෙයි ?

0

කොවිඩ් – 19 වසංගත තත්වයේ බලපෑම හේතුවෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් නැවත දෙනතුරු වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සඳහන් කරයි.

මෙම තීරණය ගනු ලැබුවේ ත්‍රීකුණාමලය නගරයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් බවද ආණ්ඩුකාරවරිය පවසයි.

මේ අතර මේ වන විට වසා දමා තිබෙන පෙර පාසැල් සහ ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පිහිටි පෙර පාසැල් සහ පාසල් වල ප්‍රාථමික අංශයේ අධ්‍යන කටයුතු ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන ඇමති ජී.එල්. පිරිස් එමගින් දැනුම් දි තිබේ

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව පැරීසියේ උද්ඝෝෂණයක්

0

කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී  ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රංශ – ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධානය හා ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක එකතුවකින් සංවිධානය කල නිහඬ උද්ඝෝෂණයක් පැරිස් නගරයේ කළාප අංක 11හී පිහිටි ඵෙතිහාසික සුප්‍රසිද්ධ රිපබ්ලික් චතුරශ්‍රයේදී (මහජන චතුරශ්‍රයේදී) 19 වෙනි සෙනසුරාදා සවස 02 සිට 05 දක්වා පැවැත් වූයේය.    කොරෝනා වයිරසය හේතු කොට යුරෝපයේ රටවල මෙන් ප්‍රංශයේදී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරුරු භූමදානය කිරීමට කිසිම නීතිමය බාධාවක් නොමැති වුවද ශ්‍රී ලංකාවේ දී ඒ සඳහා පනවා ඇති නීතිමය බාධාවන් ඉවත් කොට තම ආගමික හා සංස්කෘතික උරුමයනට ප්‍රමුඛතාවය ලබාදී තම සහෝදර ජනතාවගේ මෘත දේහයන් ඔවුන් උපන් මාතෘ භූමියේදී ගෞරවණිය ලෙස මිහිදන් කිරීමට අවසර ලබා දෙන මෙන් කල මෙම උද්ඝෝෂණයට ප්‍රංශයේ වෙසෙන විශාල මුස්ලිම් ජනතාවක් සහභාගිවී සිටියේය.   

France Protest 1
France Protest 2
France Protest 3

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)sunilanandadisney@gmail.com

අපි හරි දුප්පත් ක්ලැරා…!

0
අහම්බෙන් ඇති වන හෘද සංවාද කියන්න බැරි තරම් පුළුල් වෙනවා. එහෙ ම වෙලාවක ගමගේ සහෝදරයා කීවේ, “ක්ලැරන්ස් විජේවර්ධන ගැන සටහනක් ‘ද ලීඩර්’ වෙබ් එකේ තියෙනවා…” කියලා ඉඩ ලැබුණු පළමුවැනි තත්පරයේ ම සටහන කියැවූවා. ලියලා තිබුණේ, ‘ඇටමැස්සා’. ඇටමැස්සාගේ සටහන් කාලීන මාතෘකා ගැන සරලව, ගැඹුරින් තියෙන ඒවා. සටහනට නිමිත්ත වෙලා තිබුණේ, ‘ක්ලැරන්ස් විජේවර්ධනගේ අනුස්මරණය’ දෙසැම්බර් 13 වැනිදා.  එකපාරට ම හිතට දැනුණෙ, “අපි හරි දුප්පත්…” කියන දේ. මිනිසුන් ජීවත්ව සිටින කාලය තුළ ම ඔවුන් මානව වර්ගයා වෙනුවෙන් කළ මෙහෙය අගය කරන්න බැරි වෙනවා කියන්නේ, කොයි තරම් දුප්පත්කමක් ද? කෙනෙක් මිය ගිහින් දශක ගණනාවකට පස්සේ නම්, කළ මෙහෙය දැනෙන්නේ, අපි කොයි තරම් සංස්කෘතික වශයෙන් දුප්පත් ද?
ක්ලැරන්ස් ගැන ආත්මගත භාවමය බැඳීම් මුදාහරින්න ඉස්සර මේ සංස්කෘතික දුප්පත්කම ගැන තව ටිකක් කියන්න ඕනෑ. සියවස් ගණනක් ඈත දකින, සියවස් ගණනක් ඈතට මිනිසුන් ජීවත් කරවන මානවවාදීන්, පරිසරවේදීන්, ජෛව හිතවාදීන් කොයි තරම් පිරිසක් අපට තේරුම් ගන්න බැරිව මහ පොළොවට පස් වෙනවා ද? තම තමන් අත පත් ක්‍ෂේත්‍රය කලාව, සාහිත්‍යය ද, මිනිසාගේ වෙනත් භාවමය ලෝකය ද, මිනිසාගේ ද්‍රව්‍යමය ලෝකය ද කියලා කිසි ම බෙදීමක් නැතිව සියවස් ගණනාවක් ඈතට ජීවත් කරවන්න ජීවය දෙන මිනිසුන් ඔහේ පොළොවට පස් වෙලා යනවා. අපට ඔවුන් අල්ලා ගන්න බෑ. කියවා ගන්න බෑ. හෘදය සංවාද ඇති කර ගන්න බෑ.
සටහන පුළුල් ඉසව්වලට යා නොදී ආයෙත් කලාව සහ සාහිත්‍යය තුළට ම ගන්න ඕනෑ, කලාව, සාහිත්‍යය කියන්නේ, ප්‍රකෘතිය සෞන්දර්යාත්මකව මිනිස් මනසේ පිළිබිඹු කරවීම තමයි. ඒ අතර ම දයාර්ද්‍රභාවය, ළතෙත් බව, අනෙකා ගැන සංවේදීව බැලීම, පපු කුහර විවෘත කර අනෙකා වෙනුවෙන් කැප වීම වාගේ ම මහ අරුමැසි සිතුවිලි ලෝකයට ගෙන යාමේ සුන්දරතාවන් ද අයත් වෙනවා. මේ හැම ක්‍ෂේත්‍රයක ම දේවල් මේ බිමේ කලාකරුවන්, සාහිත්‍යකරුවන් ඕනෑ තරම් නිර්මාණය කර තියෙනවා. වැඬේ වෙලා තියෙන්නේ, ඒ දේවල් අල්ලා ගන්න බැරි තරමට අපි හරි ම දුප්පත් වීමයි. එක උදාහරණයක් කියන්නම්. ජීවතුන් අතර ඉන්න සෝමපාල ලීලානන්ද සිනමා රූප රාමුවලින් වාගේ ම ඊට අයත් ගීතවලින් මවා, නිමවා තිබෙන අරුමැසි ලෝකය අල්ලා ගන්න හැකි වී තිබෙන්නේ අපි අතුරින් කීයෙන් කී දෙනකුට ද?
කලාව මතවාදී අරගලයේ අවියක් කර ගන්නා අරමුණින් ම කර තිබෙන නිර්මාණ ගැන හරි අපට අවශ්‍ය කියැවීම තියෙනවා ද? ඉතින්, මේ අරුමැසි ලෝකයක මොහොතක් රැඳවීම නැත් නම්, ජීවිතයේ ඇති සියුම් ම තැන් අල්ලා ගැනීම කරන්නේ කොහොම ද? එකට හුස්ම ගත්තාට, අනෙකාව දැනෙන්නේ නෑ; පෙනෙන්නේ නෑ. මිනිසුන් ඒකාත්මික වීම වෙනුවට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තරම් එකිනෙකින් ඈත් වූ භෞතික ශරීර ටිකක් එහාට මෙහාට සැරිසරනවා. නව ලිබරල් ධනවාදී මිනිහා තමයි මේ.
මේ බර වචන කීපය දැම්මා ම අත්හරින්න බැරි තවත් දේවල් ටිකක් කෙටියෙන් හරි කියන්න ඕනෑ. හරි ම පටු බෙදීමක් සිදු වී තිබෙනවා. කොතැනින් මේ බෙදීම පටන් ගත්තා ද කියලා හරියට ම කියන්න අමාරුයි.  වමේ දේශපාලනය ‘සම්භාව්‍ය, විදග්ධ’ සාහිත්‍ය කලාවක් ! දකුණේ දේශපාලනය නම්, ‘ජනප්‍රිය පීචං’ සාහිත්‍ය කලාවක් ! මේ බෙදීම කොහෙන් ද? මොකක් ද? සම්භාව්‍ය, විදග්ධ ධාරාවක් වාගේ ම ජනප්‍රිය ධාරාවකුත් තියෙනවා කියලා වමේ දෘෂ්ටිවාදීන්ට තේරුම් ගන්න බැරි වුණේ ඇයි ? තේරුම් නොගත්තේ ඇයි ? වික්ටර් හාරා, බොබ් මාලේ උපදින්නේ, පවතින්නේ, මිය යන්නේ කොතැන ද?
හැබැයි, තව දේකුත් තියෙනවා. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයක්. මක්සිම් ගෝර්කි ‘ඉසගීර් මැහැල්ල’ ලිවීමයි, ඒ ඉන්ද්‍රජාලික රීතියෙන් ම ‘රාවණා’ උත්කර්ෂයට නැඟීමයි නම් දෙකක්. මෙන්න මේ දෙක අතර වෙනස හරියට තේරුම්ගෙන අරුමැසි රීතිය, ඉන්ද්‍රජාලික රීතිය භාවිත කිරීමට, තේරුම් ගැනීමට අපි කොයි තරම් අසමත් ද?
අපි හරි දුප්පත් ක්ලැරා…!
‘ද ලීඩර්’ වෙබ් එකට ‘ඇටමැස්සා’ ලියලා තිබුණා, ක්ලැරන්ස් 1977දි ජේ. ආර්.ගේ යූ.එන්පී.ය බලයට ගේන්න වැඩ කළා කියලා. ඒත්, පස්සේ ඒ ගැන කනගාටු වුණා ය කියලා. මෙන්න මේ හෘදය සාක්‍ෂියට එක් වූ ක්ලැරන්ස් විජේවර්ධන බොබ් මාලේ කෙනකු කරන්න, වික්ටර් හාරා කෙනකු කරන්න හැකි වුණා නම්…!
ඒ නිසා දැන් ඉතින් කරන්න තියෙන්නේ, අවුරුදු විසිපහකට විතර ඉස්සර මිය ගිය ක්ලැරන්ස් එදා කළ දේවල් හදවතේ ඇඳිලා තියෙන තැනකින් කීපයක් ඉස්සරහට අර ගන්න එක.
ක්ලැරන්ස් කියන කොට ම නිරායාසයෙන් මතක් වෙන්නේ ‘සිකුරු ලියා’ චිත්‍රපටයේ සින්දුව. මිල්ටන් පෙරේරා පතාක යෝධයෙක් කළ ගීතයක් ඒක.
“කොමළලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරු ලියා…”
ඒ ගැන පස්සේ කතා කරමු.
ඉන්ද්‍රානි පෙරේරා ගායනා කළ ‘මතකය ඇසුරින් සිහියට ගන්නට නිතර ම වෙහෙස වෙමි…’ කිසි කෙනකු ඇල්ලුවේ නැති පැත්තකින් මවු ගුණ ඇල්ලූ ගීතයක්. පුංචි සිඟිති දැරියකව සිටිය දී, අම්මා අහිමි වූ;  ඒ වියෝව පසුකාලීනව අත්විඳින ආකාරය කියැවෙන්නේ. සිංහල ගීත වංශය වෙන ම පැත්තකින් පෝෂණය කළ මේ වාගේ ගීත කොච්චර තියෙනවා ද? ඉන්ද්‍රනි පෙරේරා ගායන ශිල්පිනිය ගැන අද හරි නිසි අගැයීමක් නෑ. “අපි හරි ම දුප්පත්” කියන්නේ, ඒකයි. ඇත්තට ම අපිට ඉන්නේ, ඉන්ද්‍රානි පෙරේරලා එක්කෙනයි. ක්ලැරන්ස් ඇය වෙනුවෙන් ගීත කීයක් නීර්මාණය කර දී තිබෙනවා ද!
ක්ලැරන්ස් සංගීතවත් කර ගායනා කළ ‘දිලීප පොඩි පුතු’ කරුණාරත්න අබේසේකර ලියූ ගීතය යුග යුග ගණනක් පියවරුන් තම සිඟිති පුතුන් වෙනුවෙන් තිබෙන බැඳීම්වල අප්‍රමාණ බවට දෙස් දෙන ගීතයක්.
“පුතු මිට මොලවන් සඟවාගෙන ආ
මා නොලියූ ගීතේ…”
පුතුට අනාගතවාදී කාර්යභාරයක් ඇති බවයි, පියා කියන්නේ. ක්ලැරන්ස්ගේ ගීත ගඟුල පටන් ගන්නේ එතැනින් කියලත් හිතෙනවා.
දන්නා තරමින් ක්ලැරන්ස් ගායනා කළ ගීත සැලැකිය යුතු ප්‍රමාණයක් ඔහු ම ලියා ගත් ඒවා. මේ ගීතවල තිබෙන සාහිත්‍යමය ගුණය වගවිභාග කරන නිබන්ධන වශයෙන් හරි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන්
පවා ලියැවෙන්නේ නෑ. ඉතින්, අපේ දුප්පත්කම කොයි තරම් ද!
‘මුව හසරැලි සාගරේ මුතුවැලක් වෙලා’ මේ පදවල තියෙන අරුමැසි සිත්තම වචනවලට නැඟිය හැකි ද? ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ’, ‘සඳ එක් දිනක් තරු හා බැඳී’, ‘සුරඟන වෙස්වලා, සලා මුකුළු සලා’, ‘සිහින ලොවක් දුටුවා මතකයි’ වාගේ ගීත නිරායාසයෙන් ගලා එනවා. ඉඩකඩ සීමිත නිසා සටහන කෙටි කළ යුතුයි. ‘සිහින ලොවක් දුටුවා මතකයි’ සහ ‘කොමළ ලියා’ ගැන නොලියා ම බැරි දේවල් තියෙනවා.
“සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදරබර උණුසුම මතකයි
ඉර හඳ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි…”
ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන ආත්මීය බැඳීමේ තියුණු බව කොයිතරම් අරුමැසි ලෙස ප්‍රතිරූපණය කර තිබෙන්නේ ද?
මීට ඉස්සර තැනක ලියුවේ, මිනිසුන් අතර ඒකාත්මික වීම වෙනුවට ග්‍රහලෝක තරම් ඈතින් තැනින් තැන ස්ථානගත කර තිබෙන බව. ඒ වැනි සමාජයකට මේ බැඳීම් දැනෙන්නේ, හැඟෙන්නේ නෑ.
“ඉර හඳ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි…”
ස්ත්‍රී, පුරුෂ ප්‍රේමය යනු ඉර, හඳ, තරු කැට සියල්ල එකතු කිරීමට සමත් බලයක්. ඒ මිස ඈත ඈත කක්‍ෂයක කරන දෙයක් නොවේ. ඒත්, අද එහෙම ද? හදවත් තුළ, ආත්මයේ ගැඹුරු ම තැන්වල ඉර, හඳ, තරු කැට එක් කර තිබේ ද?
“අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳී
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසෙන් කීවා මතකයි…
මේ අරුමැසිකම් මිනිස් ජීවිතවලට අදාළ නොවන්නේ ද? මේ බැඳීම් ගැන සිහින මැවීම හුදු පිස්සුවක් නොවේ ය. මිනිහාගේ සියුම් ම අරුමැසිභාව කලාපය මේ ය. එහෙත්, වර්තමාන සමාජයේ ස්ත්‍රී ශරීර වාගේ ම පුරුෂ ශරීර ද එකිනෙකා තව එක් පාරිභෝගික භාණ්ඩ වර්ගයක් වී හමාරයි. මොහොතකට හමු වී  ස්ත්‍රී ශරීර පුරුෂයන් පරිභෝජනය කරනවා පමණ ය. පුරුෂ ශරීර ස්ත්‍රීන් පරිභෝජනය කරනවා පමණ ය. ‘සොඳුරු මිහිරි සුව පහස දැනෙන්නේ’ නැත. ‘සිතට දැනෙන සුව ගතට දැනෙන්නේ’ නැත.
මේ පරිභෝජනයේ නරුමකම එහෙමත් නැත් නම්, ‘සත්තු වාගේ’ වී තිබෙන හැටි ‘සිකුරු ලියා’ ගීතයේ රූප පෙළින් ඉතා අපූරුවට දකින්න පුළුවන්. ඒ රූප රාමුවල ගැහැනියගේ බිඳුණු ආත්මය අපේ ඇස්වලට ගේනවා නොවේ. මුළු ආත්මයට ම කතා කරනවා. රූපය තීව්‍ර කරන්නේ ගීතයේ සංගීතයෙන් හා ගායනයෙන්. ගැහැනියකට වචනවලට පෙරළිය නොහැකි ආත්මය තීව්‍ර කරන්නේ පදවලට එහා ගිය සංගීතයෙන්. පෝරුව මත සිටින කාන්තාවගේ ඇතුළාන්තය කියවා ගැනීමට අප ගෙන යන්නේ ගීතයෙන්.
ඒ විතරක් ද? නෑ. සල්ලි විසි කර අත්පත් කර ගන්නා ස්ත්‍රී ශරීර තමන් ළඟ නොරැඳෙන බව මිනිසුන් තේරුම් ගන්නේ කවදා ද? ‘සිකුරු ලියා’ චිත්‍රපටයේ රූප රාමුවල සිටින නොඋස් මිනිසාගේ කතාව විතරක් නොවේ මේ. ධනය හා බලය කොහේ කොතැනක, කොතරම් අන්තයකට පැතිරුව ද, මානව අධ්‍යාත්මයන් ජය ගත නොහැකි බව කියාපෑමක්. ක්ලැරන්ස් විජේවර්ධන ලකුණ මේ යැයි කීමට මේ සංගීත නිර්මාණය විතරක් වුණත් ප්‍රමාණවත්. ‘සිකුරු ලියා’ ගීතයේ රූප රාමුවල සිටින මිනිසා අන්තිමේ උරුම කර ගන්නා අන්ත පරාජයේ වේදනාව. ඒ මිනිසාගේ වේදනාවත්, ගැහැනියගේ බිඳුණු ආත්මයේ කම්පනයත් දෙකම එකට අපේ හදවත්වල ගැටීමට සැලැස්වීමේ අපූරුව සංගීතයේ තියෙනවා. ස්ත්‍රී, පුරුෂ මිනිස් ශරීර එකිනෙකාගේ පාරිභෝගික භාණඩ නොවේ. ආදරබර උණුසුමක් ! සොඳුරු, මිහිරි සුව පහසක් ! විශ්වය පුරා විසිරී තිබෙන ඉර, හඳ තරු කැට අතර ආලෝක වර්ෂවලින් පවතින දුර එක ම මිටකට ඒකාත්මික කිරීමක්.
ක්ලැරන්ස් මේ කතාව වචනවලින්, අනන්‍ය වූ හඬකින් විතරක් නොවෙයි, ස්වර සප්තකයෙන් අපට කියා දුන්නාට ස්තුතියි !

-ප්‍රියදර්ශන දයාරත්න

lankaweb.lk/

දකුණේ ආසාදිතයන් ගණන 600 ඉක්මවයි !ඉදුරුව හුදකලා කරයි ..

0

දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොරෝනා මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඊයේ (19) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොරානා ආසාදිත රෝගින් 52ක් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් රෝගින් එක බැගින් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි. ඊයේ (19) දින ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින්02නෙකු බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රොගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසන බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

වැලිගම හා තංගල්ල යන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 392දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 199ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 48 දෙනෙකු වාර්තා වී ඇත.

රෝගින් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බව පවසන චාමර මහගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 167 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙකු හා හමබන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 23 සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද හෙතෙම පවසයි.මේ වන විට දකුණු පළාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉදුරුව හුදකලා කරයි ..

මෙකි ග්‍රාම නිලධාරි වසම් දෙකින් ඊයේ (19) දිනය තුල කොවිඩ් ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තාවීමත් සමග හුදකලා කිරීමට තින්දුකොට ඇත.

මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේ දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මගින් මෙම තීන්දුව ගෙන ඇති බවය.

කොරෝනා නිසා ගාල්ලේ පාසැල් විවෘත කිරිම ලබන වසරට කල්යයි !

0

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් මෙලෙස වසා දමා ඇති අතර ලබන වසරේ සිට එම පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ පිළිබඳ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් යාපා මහතා,

“දකුණු පළාත් කොවිඩ් කළමනාකරණ කමිටුව ලබන සතිය සඳුදා සිට බදාදා දක්වා ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවතත් වසා තැබීමට තීරණය කළා. බදාදා දින දක්වා පමණයි මේ වාර්යේ පාසල් පැවැත්වෙන්නේ. බදාදා දින සිට වර්ෂ අවසාන නිවාඩු ආරම්භ වෙනවා. ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන්නේ 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමගයි. දැනට ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ කොවිඩ් තත්ත්වය කිසියම් ආකාරයකට පාලනය කර ඇති බව අපට සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මෙම කොට්ඨාසයේ පාසල් දරුවන්ට පාසල් පෙළ පොත් ලබා දුන්නේ නෑ මේ දක්වා. ඒ සඳහා ළමුන් සහභාගි කර නොගෙන දෙමාපියන් සහභාගි කරගෙන යම් වැඩපිළිවෙලක් දියත් කරන ලෙස අදාළ පාසල්වලට දැනුම් දුන්නා.“

දකුණේ ආසාදිතයන් ගණන 600 ඉක්මවයි !ඉදුරුව හුදකලා කරයි ..

0

දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොරෝනා මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඊයේ (19) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොරානා ආසාදිත රෝගින් 52ක් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් රෝගින් එක බැගින් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි. ඊයේ (19) දින ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින්02නෙකු බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රොගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසන බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

වැලිගම හා තංගල්ල යන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 392දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 199ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 48 දෙනෙකු වාර්තා වී ඇත.

රෝගින් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බව පවසන චාමර මහගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 167 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙකු හා හමබන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 23 සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද හෙතෙම පවසයි.මේ වන විට දකුණු පළාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉදුරුව හුදකලා කරයි ..

මෙකි ග්‍රාම නිලධාරි වසම් දෙකින් ඊයේ (19) දිනය තුල කොවිඩ් ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තාවීමත් සමග හුදකලා කිරීමට තින්දුකොට ඇත.

මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේ දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මගින් මෙම තීන්දුව ගෙන ඇති බවය.

රත්නපුරය අධි අවදානම්..?කුරුණෑගල 4 වන මරණයත් වාර්තා වෙයි.

0

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවට එක් වෙමිනි.

රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර් සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.

මුස්ලිම් පල්ලි වසා දැමේ

අද (18) සිකුරාදා දිනයේ රත්නපුර නගර සීමාවේ සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට කමිටුව විසින් තීරණය කරන  ලද අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් බැතිමතුන්ගෙන් තොරව සිදු කරන ලෙස කමිටුව ඉල්ලා සිටී.

රත්නපුර සෙලාන් බැංකු හංදියේ සිට ඩිපෝ හංදිය දක්වා සියලු කඩ සාප්පු වසා දැමීමට තීරණය කරන ලද අතර ජනතාවගේත්, වෙළඳ ප්‍රජාවගෙත් ආරක්ෂාව සඳහා එම කඩ සාප්පු වසා තබන ලෙස  සියලු වෙළඳ ප්‍රජාවගෙන් කමිටුව ඉල්ලා සිටී.

පවතින අවදානම් තත්වය හමුවේ රත්නපුර නගරයේ පාසල් 03ක් මෙම මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කරන ලදී. එම පාසල් නම්,

01.රත්නපුර සීවලි මහ විද්‍යාලය

02.ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය

03.රත්නපුර අල්මකියා විද්‍යාලය යි.

සියලු මැණික් ව්‍යාපාරිකයන් අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ තම ව්‍යාපාර සඳහා භාවිත නොකරන ලෙස කමිටුව දැනුම් දෙන අතර ඒ සඳහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

රත්නපුර නගරය ආශ්‍රිතව පදික වෙළඳාම ද පවතින තත්වය හමුවේ තහනම් කෙරේ. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයට තවදුරටත් සංචරණ සීමා බල පැවැත්වේ. රත්නපුර මේ වන විට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 572 කි.

පවතින අවදානම් තත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ්‍රිතව සංචරණ සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රත්නපුර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම අවස්ථාවට රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා, රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.පී.ආර් අමරකෝන් මහතා, රත්නපුර සහකාර පොලිස් අධිකාරි ඒ.එච්.නිශ්ශංක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

කුරුණෑගල සිවුවැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන කොරෝනා වාරයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ සිවුවන මරණය ඊයේ (17) රාත්‍රියේ  වාර්තා විය.

හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා සඳහා පෙරේදා (16) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.
මුලාශ්‍රය- ada.lk