Friday, September 27, 2024
Home Blog Page 63

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් 6 කට කොරෝනා

0

මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් 6 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය බළධාරින් උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ

කෙසේ වෙතත් වත්මන් කොරෝනා ඇමතිවරිය පසුගිය අයවැය විවාදයේදි කියා සිටියේ දෙවන කොරෝනා රැල්ලේ ආරම්භය යුක්රේන ජාතික එක් ගුවන් නියමුවෙකු බවය.
මේ වන විට තත්වය එදාටත් වඩා බියකරු වි ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් එංගලන්තය මුලික කොට ගෙන යුරෝපය පුරා පැතිරෙමින් තිබිම නිසාය.

රුසියානු හා යුක්‍රේන සංචාරකයන් 14,000ක් මෙරටට ගෙන්වීමේ උදයංග වීරතුංගගේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සංචාරකයන් 184 දෙනෙකු පසුගියදා මත්තල ගුවන් තොටුපළින් රටට ඇතුලු වි තිබුණ අතර ඔවුන් සියළු දෙනා මහත් හරසින් පිළිගත් අයුරුද මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.

2015ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව කාලයේ රුසියාවේ හා යුක්රේනයේ තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංගට මිග් යානා ගනුදෙනුව ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලවී තිබේ. මෙරට අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ද නිකුත් කර තිබුණි.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින්  සංඛ්‍යාව 42,702ක් දක්වා ඉහළ ගොස් තිබේ

ඒ අනුව දැනට රෝහල් ගතව සිටින සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,884ක් වන අතර සුවය ලබා ඇති පිරිස 34,623ක් ලෙස දැක්වේ


පැණි පෝලිම දැන්වත් නවතියිද ? බීපු 5 කට කොරෝනා???

0

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබුණ බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇති බව එම සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇති බවද අදාල ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පසුගිය කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දැවැන්ත පෝලිම් මේ ධම්මික පැණිය වෙනුවෙන් කෑගල්ලේ පෙළගැසුණ අයුරු සමාජ මාධ්‍ය විසින් තියුණු විවේචනයකට ලක්කර තිබුණි.
කෙසේ වෙතත් ඒ සියල්ල එසේ වෙද්දි දෙරණ නාලිකාව දිනපතාම ධම්මික පැණිය පිළිබද කතිකාව සිය ප්‍රවෘත්ති විකාශයන් අතරේ ගෙනයමින් සිටි අයුරුද ඉතා පැහැදිලිය.
කෙසේ වෙතත් දැන් ධම්මික පැණියට විද්‍යාවෙන්ම පිළිතුරක් ලැබි තිබේ. ඒ ගැන කියන්නේද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංමය විසිනි. ඉතින් දැන්වත් පැණි පෝලිම් නවතිදැයි අප බලා සිටිමු

බලහත්කාර ආදාහනයට එරෙහිව උතුරේ දෙමළ මුස්ලිම් විරෝධතා

0

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සදහා දෙමළ සහ මුස්ලිම් ජනයා ඒකාබද්ධව කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව උතුරේ දෙමළ ජාතිකවාදී පක්ෂයක නායකයකු ප්‍රකාශ කර තිබේ.  

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) මහලේකම් සෙල්වරාසා ගජෙන්ද්‍රන් ඒ බව පවසා ඇත්තේ ඉස්ලාම් බැතිමතුන්ගේ මළ සිරුරු භුමදානය කිරීමේ අයිතිය ඉල්ලා උතුරේ  පැවැත්වු විරෝධතාවයකදීය.  

 දෙසැම්බර් 25 සිකුරාදා යාපනය පහේ හන්දියේ පැවැත්වු විරෝධතාවය සදහා ප්‍රදේශවාසී මුස්ලිම් සහ දෙමළ ජනයා එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.    මළ සිරුරු භුමදානය කිරීම මුස්ලිම් ජනතාවගේ අයිතියක් බව පෙන්වා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් එහිදී තව දුරටත් පවසා ඇත්තේ එම හිමිකම නැති කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවයි.    

කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භුමදානය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  විද්‍යාත්මක පදනමක් යටතේ අනුමැතිය දී තිබියදීත් ලංකාව තුල එම අයිතිය ලබා නොදෙන්නේ කුමන පදනමකින්දැයි TNPF මහලේකම්වරයා එහිදී වැඩි දුරටත් විමසා තිබේ.     

theleader.lk

EqGKoccXcAI7Ly7

දකුණේ අසාදිතයන් ගණන 800 ඉක්මවයි ! දික්වැල්ලෙන් ආසාදිතයන් 20 ක් ?

0

———————————————

දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43 සමග මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මෙසේ අලුතෙන් හමුවු ආසාදිතයින් 43 න් 20 දෙනෙක් ගාල්ල දිසාවෙනි. එම සංඛ්‍යාවෙන් 12 දෙනෙක් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්වන අතර බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 4 දෙනෙකුහමුවී ඇත. ඉදුරුව කොට්ඨාසයෙන් 2 දෙනෙක්ද බලපිටිය සහ රත්ගම කොට්ඨාසවලින් එක් අයෙකු බැගින්ද ඉතිරි දෙදෙනා වාර්තාවී තිබෙන බැව් වැඩිදුරටත් එහි සදහන්ය

ඒ අනුව ගාල්ල දිසාවෙන් මේවන විට වාර්තාවී ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව 467 දෙනෙකි.මාතර දිසාවෙන් හමුවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 20 දෙනෙකි. ඔවුහු සියලුදෙනාම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචිකරුවෝ වෙති.

එම සංඛ්‍යා ලේඛන අනුව මේවන විට මාතර දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ ගණන 297 කි.හම්බන්තොට දිසාවෙන්ද ආසාදිතයින් 3ක් අලුතෙන් හමුවි ඇත.අම්බලන්තොට තංගල්ල සහ අගුණකොලපෑලැස්ස යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් එක් ආසාදිතයා බැගින් එම තිදෙනා වාර්තාවී ඇතැයිද චාමර මහගමගේ මහතා සදහන් කළේය.ඒ අනුව හම්බන්තොට දිසාවේ මුලු ආසාදිත සංඛ්‍යාව 71 කි.දකුණු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් හමුවි ඇති ආසාදිතයින්ට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහලෙන්ද එක් ආසාදිතයෙකු හමුවි තිබේ.

මේ වන විට ගාල්ල දිසාවේ පවුල් 876 ක පුද්ගලයින් 1613 ක්ද මාතර දිසාවේ පවුල් 412 ක පුද්ගලයින් 1493 ක්ද හම්බන්තොට දිසාවේ පවුල් 2320 ක පුද්ගලයින් 4700 ක්ද නිරෝධායනයට යොමු කොට ඇති බවද වාර්තාවේ.

එමෙන්ම මේවන විට දකුණු පළාතේ පුද්ගලයින් 419 ක් සුවය ලබා ඇති බවද කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පැවසිය. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 264 ක්ද මාතර දිසාවෙන් 122 දෙනෙක්ද සහ හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 33 දෙනෙක්ද සුවය ලබා ඇති බව වාර්තාවේ.

මේ අතර දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ(26) දින වාර්තා වන බවත් ඔවුන් මේ වන විට ලොක්ඩවුන් කර ඇති ග්‍රාම නිලධාරි වසම් දෙක වන යෝනකපුර නැගෙනහිර සහා බටහිර යන ප්‍රදේශ වලින්ද, පාතේගම ප්‍රදේශයෙන්ද හදුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ කියා සිටි බව News 9 ෆේස් බුක් පිටුවේ සදහන් කර තිබේ.
.මෙම සියලු දේනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අවුරුදු 49 ,09 ,51 ,34 ,74,72,75,30,59,27,69,28,39,15,11,41,32,17,30,54 යන වයස් වල පසුවන පුද්ගලයින් වේ.මෙම පිරිසට මේ මස 23 වන දින පිසිආර් පරික්සන සිදු කොට තිබු අතර එහි වාර්ථා ඊයේ දින ලැබිමෙන් අනතුරුව මෙම පිරිසට කොවිඩ් ආසාදිත බව හදුනාගෙන තිබෙන බැව් වැඩිදුරටත් එහි සදහන්ය.
.ඊයේ දින ලද වාර්ථා වලින් වාර්ථා 5ක් යලි සිදු කිරිමට නියමිත බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටි.මේ අතර දික්වැල්ල පාසලක සේවය කරනු ලබන ගුරුවන්ට කල පිසිආර් පරික්ෂණයේ වාර්ථාද ඊයේ ලද මෙම වාර්ථ වලට ඇතුලත් වන අතර ඒම පිරිස අතරින් එක් ගුරවරියකට පමණක් කොවිඩ් ආසාදනය වි ඇති බව හදුනාගෙන ඇත. ඒම ගුරවරියද මෙම 20 තුලට ඇතුලත් වේ.පසුගිය 18 වන දින කොවිඩ් ආසාදිත බව හදුනාගත් දික්වැල්ල පාතේගම ප්‍රදේශයේ පදිංචි කොළඹ වරාය සේවකයාගේ 09 හැවිරිදි පුතුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ ලද වාර්ථා වලින් අනාවරණය වි ඇති අතර මෙම පිරිස අද දිනයේ ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කිරිම සිදු කිරිමට නියමිතය.
( News 9 ෆේස් බුක් පිටුව/ ලංකාදිප )

ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කළැයි ‘උදයන්’ පුවත්පතට නඩු පවරයි

0

යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත ‘උදයන්’ පුවත්පතට එරෙහිව

ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් පවරා තිබේ. 

ඒ පසුගිය නොවැම්බර් 26දා දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙනි.

පොලිසිය විසින් දෙසැම්බර් මස මුලදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මාර්තු 21 දක්වා කල් දමා තිබේ.

මෙම නඩුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පවරා ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙස යැයි පුවත්පතහි ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

වඩේ කාපු යාපනයේ මිනිස්සුන්ට අපි පීසා කන්න හදල දුන්නා” යැයි යාපනයේ පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා අධිකරණයෙහි ද කරන ලද ප්‍රකාශයක් පසුගිය දිනෙක ‘උදයන්’ පුවත්පත විසින් පළ කර තිබිණ.

පසුව එම පුවත සමාජ මාධ්‍යන්හි වයිරසයක් මෙන් පැතිර ගියේය. පළිගැනිමට හේතුව එය විය හැකියැයි යාපනයේ ජනමාධ්‍යවේදීහු සැක පහළ කරති.

තමාට හෝ පුවත්පතේ කාර්යාලයට මෙම චෝදනා පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්, තමන් මෙය දැන ගත්තේ අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා මගින් බවත් පුවත්පතෙහි ප්‍රකාශක සරවනපවන් කියා සිටී.

මෙරට පුවත්පත් සහ වෙබ් අඩවි බොහෝ අවස්ථාවන්හි ප්‍රභාකරන්ගේ ජායාරූප පළකර ඇති නමුත් එවැනි පළකිරීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකට එරෙහිව නඩුවක් පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

”මෙරට පුවත්පත් සහ වෙබ් අඩවි බොහෝ අවස්ථාවන්හි ප්‍රභාකරන්ගේ ජායාරූප පළකර ඇති නමුත් එවැනි පළකිරීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකට එරෙහිව නඩුවක් පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.”

නිදහස් මාධ්‍ය කියාකරුවකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පවසා තිබුනේ, මෙම ප්‍රකාශණ අයිතියට එල්ල වූ තර්ජනයක් බවත් ඒ ගැන මාධ්‍ය නිදිහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මුනිවත රැකීම පුදුමයට කරුනක් බවත්ය.

පසුගිය නොවැම්බර් මාසයෙහි ප්‍රභාකරන්ගේ ජායාරූප පළ කළැයි නැගෙනහිර පළාතෙහි තරුණ තරුණියන් 50 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රීවරයකු වන රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසිය.

ඔහුට අනුව එම සියලු දෙනාම අත් අඩංගුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

එල්ටීටීඊ නායකයාගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ජායාරූප පල කළැයි පසුගිය නොවැම්බරයේදී 55 දෙනෙකු විමර්ශනය කොට ශ්‍රී ලංකා පොලිසිය 19 දෙනෙකු අත්අඩංගුවට ගනනා ලදැයි ටැමිල් ගාර්ඩියන් වේ අඩවිය වාර්තා කළේය.

‘උදයන්’ යනු ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක් වූ පුවත්පත වන අතර එම කිසිදු ප්‍රහාරයක් පිළිබඳව මේ තාක් කවර හෝ පරීක්ෂනයක් පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නැත.

(srilankabrief.org)

දනා කියන්නේ රත්තරං ක්‍රීඩකයෙක්

0

December 26, 2020 Leave a Comment

පිතිකරුවන් විදිහට ගත්තත් ලොකු නම් අතර වැඩිය කතා වෙන්නේ නැති පිතිකරුවෙක් උනාට තුන් ඉරියව්වෙන්ම පොහොසත් දනා කියන්නේ කන්ඩායමේ සමබරතාවය රකින නැතුවම බැරි රත්තරං ක්‍රීඩකයෙක්.

එදා අකිලට තරග තහනම් පනවද්දි කන්ඩායමේ දග පන්දු භූමරංගය වෙලා කන්ඩායමට අවශ්‍ය දේ තමන්ගේ උපරිමයෙන්ම දුන්නා මතක ඇති.

දනා කියන්නේ පලමු පෙල තරගවල මුල්පෙල පිතිකරුවෙක් !

හැබැයි ජාතික කන්ඩායමේ ආරම්භක පිතිකරුවන් වැහි වැහැලා ඉන්න හින්දම දනා කන්ඩායමේ තිරිමාන්නලා වගේ වීදි හණිකාවක් වුනා.

තැනින් තැනට එයාගේ පිතිකරන ස්ථානය මාරු කලා. හැබැයි දනා තිරිමාන්නලා වගේ තැන මොකද්ද කියලා ලොකුවට ඔලුවට ගන්නේ නැතුව එයාට නුහුරු උනත් කන්ඩායමට අවශ්‍ය දේ තැනට සුදුසු විදිහට දෙන්න ලැබෙන හැම අවස්ථාවෙම උත්සහ කළා.

ඒ උත්සහය අද සාර්ථක වෙලා තියෙනවා. දනා කියන්නේ අද කන්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙලා තියෙනවා.

දසුන් ශානක නිමා වුන එල් පි එල් තරගාවලියේ සාර්ථක වෙලා ටෙස්ට් කන්ඩායමේ ඉඩ වෙන් කර ගන්නවා. ඉතිං මේ ටෙස්ට් තරගාවලියේ දසුන් සාර්ථක වෙලා තරග රටා තුනටම ගැලපෙන ක්‍රීඩකයෙක් කියලා එයාට බලධාරින්ගේ ඇස් අරින්න හැකි වුනොත් දනා කියන රත්තරං ක්‍රීඩකයා තව දුරටත් එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙකේ පසුපෙල පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරවන්න ඕනේ නැති වෙනවා. ඒ මොකද එතකොට අපිට පසුපෙලට දසුන්, තිසර සහ වනිදු කියන ප්‍රහාරක සෙබළු ඉන්නවා.

ඒ වගේම තමයි දනා කියන්නේ පන්දුව ඇහැට හුරු කර ගන්න ටිකක් වෙලා ගන්න ක්‍රීඩකයෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් විස්සයි විස්ස සහ එක්දින තරගවල මුල් පෙලින් එනවා නම් දනංජය කියන පිතිකරුවා ගැන මීට වඩා අවධානයෙන් බලන්න පුළුවන් !

ටෙස්ට් ආකෘතියට නම් දනා කියන්නේ කොහේ ආවත් තැන ප්‍රශ්නයක් නොකර ක්‍රීඩා කරන දක්ෂයෙක්.

දනා මේ වෙද්දි එයාගේ හොදම ටෙස්ට් ඉනිම ගහන්නේ නොම්බර තුන පිතිකරුවෙක් විදිහට ඇවිත්. එදා දනා ලකුණු 173ක් ලබ ගන්නවා.

ඒ වගේම අද දනා හිස් වුනු ඇන්ජිගේ අඩුව පුරවන්න නොම්බර පහ පිතිකරුවා විදිහට ඇවිත් චන්දි එක්ක වටිනා සම්බන්ධතාවයක් පවත්වලා මනරම් අර්ධ ශතකයක් ගෙත්තම් කරනවා. ඒකත් කන්ඩායම අඩියටම වැටුනු වෙලාවේ.

ඒ වගේම දනාගේ නොම්බර හයේ පිතිකරුවෙක් විදිහට ටෙස්ට් පිතිකරන සාමාන්‍යය 46.64ක් තියෙනවා. එයා ගහපු ශතකවලින් ශතක තුනක් ගහන්නේ නොම්බර හයට ඇවිත්.

අංක හතේ පිතිකරුවෙක් විදිහටත් දනා සාර්ථකයි. එක් ශතකයක් එක්ක ලකුණු 429ක් රැස් කරලා 35.75ක පිතිකරන සාමාන්‍යයක් රදවා ගන්න දනා දක්ෂ වෙලා තියෙනවා.

එක් ඉනිමක අංක අටේ පිතිකරුවෙක් විදිහට ඇවිල්ලත් දනා අර්ධ ශතකයක් රැස් කරනවා.

ඒ වගේම ආරම්භක පිතිකරනය සහ අවසාන පිතිකරුවා හැරෙන්න දනා නොම්බර හතර සහ නවය කියන තැන්වලත් ලක් මැණියන් වෙනුවෙන් ටෙස්ට් පිටියට ඇවිත් සටන් කරනවා.

මෙහෙම ක්‍රීඩකයෝ හරි අඩුයි.

දඟ පන්දු ‍යවන්නෙක් විදිහට කන්ඩායමට ඕන දේ දෙනවා වගේම පන්දු ‍රැකිමෙන් එහෙන් දායක වෙද්දි එයාට දෙන හැම අවස්ථාවකින්ම කොහේ දුන්නත් ගහන පිතිකරුවන් මේ ලෝකයේ ඉන්නේ හරි අතලොස්සයි.

අන්න ඒකයි කතාව පටන් ගද්දිම කිව්වේ දනා කියන්නේ රත්තරං ක්‍රීඩකයෙක් කියලා. දැනට ලංකාවේ ඉන්න හොදම පිතිකරුවා ඇන්ජි වෙන්න ඇති. මෙන්ඩා ඉදිරියෙදි ඒ තැන ගනි කියලා මිනිස්සු විශ්වාස කරනවා ඇති. චන්දි කියන්නේ ඇන්ජි එක්ක කන්ඩායමේ බර අදින්න පුළුවන් අනිත් යෝධයා වෙන්න ඇති. දිමුත් කියන්නේ අපිට ඉන්න හොදම නායකයා සහ හොදම ආරම්භක පිතිකරුවා වෙන්න ඇති. හැබැයි දනා කියන්නේ අද අපේ ක්‍රිකට්වල ඉන්න වටිනාම ක්‍රීඩකයා.

කොහේ දුන්නත් මොන දේ දනාට භාර දුන්නත් තමන්ගේ වැඩේ හරියටම කරන කන්ඩායමේ සමබරතාවය රකින තරාදි පඩිය තමයි දනංජය ද සිල්වා කියන්නේ.

අද වෙනකල් කන්ඩායමේ හරි තැනක් නොතිබුනාට විශේෂයෙන් ටෙස්ට් හැර අනිත් තරග ආකෘති දෙකේවත් දනාටම කියලා කන්ඩායමේ හරි ආසනයක් වෙන් කරොත් දනා කියන්නෙත් සනාලා දිල්ශාන්ලා වගේම අනාගතයේ අපිට කතා කරන්න පුළුවන් තුන් ඉරියව් දැවැන්තයෙක් වේවී.!!!

©️ Rishie Bro
lankatruth.com

ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය……

0

ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය කෙරලයෙන් …වයස 21ක් වූ මැය නමින් ආර්යා රාජේන්ද්‍රන් ය.
කේරළයේ පළාත් පාලන මැතිවරණයේ දී පාලක වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔස්සේ ආර්යා රාජේන්ද්‍රන් කීර්තිමත් තිරුවානපුරම් සංස්ථාවේ නගරාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට තීරණය කර තිබේ.



දෙවන වසරේ උපාධිධාරිනියක වන ආර්යා රාජේන්ද්‍රන් සමස්ත සාන්තුවර විද්‍යාලයේ දෙවන වසරේ BSc ගණිත ශිෂ්‍යාවකි.“මම තරුණ වියේ සිටම දේශපාලනයට පිවිසුනෙමි. කිසියම් කාර්යභාරයක් භාර ගන්නා ලෙස පක්ෂය මගෙන් ඉල්ලා සිටියහොත් එය පිළිගැනීමට ලැබීම සතුටට කරුණකි ”යැයි විදුලි කාර්මිකයෙකු වන කේ රාජේන්ද්‍රන්ගේ දියණිය සහ එල්අයිසී නියෝජිත ශ්‍රීලතා රාජේන්ද්‍රන් පැවසීය.“මගේ මැතිවරණ ව්‍යාපාරයේදී බොහෝ අය, විශේෂයෙන් කාන්තාවන් මගෙන් ඉල්ලා සිටියේ මගේ අධ්‍යයන කටයුතු කෙරෙහි සමාන අවධානයක් යොමු කරන ලෙසයි.



මම ඒ වචනය ආරක්ෂා කරනවා . ඇය පැවසිය .“මම වාමාංශික පවුලක උපත ලැබුවෙමි. දේශපාලනය කෙරෙහි ස්වභාවික හැකියාවක් තිබුණි.” ඇය පැවසූයේ ඇගේ පියා දේශපාලනයේ පළමු ගුරුවරයා බවයි.

කේරළ මහඇමති පිනරෙයි විජයන් ගේ දැඩි රසිකයෙක් වන ආර්යා පවසන්නේ අර්බුද කළමනාකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව තමා වඩාත් ආකර්ෂණය වූ බවයි.මෙහි ඇති විශේෂ කරුණ නම් පක්ෂයේ නායක ජමීලා ශ්‍රීධරන් සහ තවත් දෙදෙනෙක් ද දුවමින් සිටියද පක්ෂය ඔවුන් කෙරෙහි තරුණ නායකයෙකු තෝරා ගැනීමය.

(ශාන්ත රණබාහුගේ ෆේස් බුක් පිටුවෙනි )

කොරෝනා පැනියෙන් අවදි වූ විචාර බුද්ධිය

0

කො‍රෝනා පැනියත් සමග මුහුණු පොතේ ඒ ගැන ඇති වූ සංවාද-විසංවාද, තර්ක-විතර්ක ශ්‍රී ලාංකීය සමාජයට අමුතු අත්දැකීමක් කිව්වොත් වැරදි නැහැ. මිනිස්සු තාර්කිකව සිතීම පිළිබඳ සහ තාර්කිව සිතීමේ පරිමාණය කොතනද යන්න හොඳින් හෙළිදරව් වූ තැනත් විදිහට කොරෝනා පැනියත් සමග මතු වූ සංවාද ගැන කියන්නට පුළුවන්. මෙහිදී දකින්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් තමයි මිනිස්සු වාර්ගික වශයෙන් හෝ ආගමික පැත්තෙන් සිතන එක පැත්තක තියලා බටහිර – දේශීය, විද්‍යාව – අවිද්‍යාව වගේ අන්ත වලට ගිහින් සංවාදයේ යෙදීම. ඒ වගේම පැනිය හදන එක විද්‍යාත්මක කළ යුතුයි කියන අයට විපක්ෂව ඒ කියන්නේ දේශීය බෙහෙතක් හදන එක බටහිර මිණුම් දඬු ‍වලින් කොහොම ද හොයන්නේ කියමින් ජාතිකවාදී, දේශප්‍රේමී කියන අන්තයේ හිටපු අයත් අතරින් පතර දියුණූ සිතීම් එහෙම නැත්නම් තර්ක කරලා තිබුණා.

මුහුණු පොතේ සාධනීය පැත්ත වැඩියි

මුහුණු පොතේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි මිනිස්සුන්ගේ සිතුම්, පැතැම්, තර්කණය දියුණු කරන එක. තවත් විදිහකට කිව්වොත් මිනිස්සු ලෞකික වටිනාකම් එක්ක තව තවත් ශීලාචාර කරන එක. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මිනිස්සුන්ගේ සිතුම් – පැතුම්, තර්කණය කියන එක නොදියුණු පැත්තට අරගෙන යන එක. අපි තව තවත් ගෝත්‍රික, දූපත්වාසී, ජාතිවාදී, වර්ගවාදී පැත්තට අරගෙන යන එක. මේ ලක්ෂණ දෙකම තිබුණත් මුහුණු පොතේ සාධනීය පැත්ත වැඩියි කියලයි මම හිතන්නේ. මොකද සම්ප්‍රදායික මාධ්‍ය අතර මේ මෙවලම වෙලාවක් කාලාවක්, සීමාවක් නැතුව මිනිස්සුන්ට පහසුවෙන් සංවාද කරන්න, විවෘත වෙන්න වේදිකාවක් මුහුණු පොත හදලා තියෙනවා.

කාලි නම් දෙවඟනට පැණියක් දෙන්න බැරි ඇයි?

කොරෝනා පැනිය ගැන එක තැනක මෙහෙම පොස්ට් එකක් තිබුණා “ ලෝකය මැව්වෙ දෙවියෝ කියන එක පිළිගන්න එවුන් කොරෝනා පැණිය දුන්නේ කාලි මෑණියෝ කිව්වම එක පිළිගන්නේ නෑ” ඇත්ත වශයෙන්ම මේ කතාව ඉතා හොඳ උත්ප්‍රාසාත්මක වගේම නිවැරදි තර්කයක්. තමන්ගේ මිත්‍යා මත එහෙම්ම තියෙද්දි අනෙකාගේ මිත්‍යා මතය පමණක් පෙනීම කා තුළත් ඇති දුර්වල ලක්ෂණයක්. දෙවියෙකු ට ලෝකය මවන්න පුළුවන්නම් කාලි නම් දෙවඟනට පැණියක් දෙන්න බැරි ඇයි? ලෝකයේ මහා සම්ප්‍රදායේ ආගම් ආගම්වල මැවුම්කාරකම් ගැන කතා කරන්න පැකිලෙන, අදි මදි කරන අපි, එහෙම කතා කරොත් ජාතිවාදී වෙයි කියලා හිතන අපි, මේ හින්දු ආගමේ එන දෙවියෙකුට තඩි බානවා. හොඳ වෙලාවට හින්දු ආගමේ ඒක දෙවි වන්දනාවක් නැහැ. තව ඕන තරම් දෙවිවරු ඉන්නවා.

සාදික්කා වලින් හදපු බෙහෙත දේශීය වෙන්නේ කොහොම ද ?

තව තැනක කොරෝණා පැනිය ගැන මේ වගේ උත්ප්‍රාසාත්මක තවත් පෝස්ට් එකක් තිබුණා. “ කෑගල්ලේ වෙද මහත්තයා කොරෝණාවට බෙහෙත හොයාගත්තා, ආයුර්වේද දොස්තර මහත්තුරු ඒ වෙද මහත්තයාට සහතික නැති බව සොයාගත්තා” ඇත්තටම ලංකාවේ අධිපති නිළධාරි පැලැන්තිය බොහෝ විට හැසිරෙන්නේ එහෙම තමයි. තමන්ගේ විශය පථයට ගැනෙන දේ ගැන මෙලෝ හසරක් ‍නොකර ඉන්න ගමන්, පර්යේෂණයක් නොකර ඉන්න ගමන් වෙන සාමාන්‍ය පුද්ගලයකු යමක් හොයාගත්තම මේ වගේ කුහක වැඩ කරනවා. මොකද ඒ ගොල්ලො හිතනවා එහෙම අය මතුවෙන එක ඒ අයට අභියෝගයක් කියලා. නව අත්හදා බැලීම් කරන්න, අලුත් අලුත් දේ කරන්න, නවීකාරක වෙන්න මිනිස්සු සහතික ගන්නම ඕන නෑ. ආයතනගත වෙන්න ඕනම නැහැ. හැබැයි ඒකෙන් එහෙම කෙනෙකු වුණුත් තමන්ගේ සොයා ගැනීම විද්‍යාත්මක ක්‍රමයකට තහවුරු කළ යුතුය කියන නියමය අහෝසි වෙන්නේ නෑ. එහෙම කරන්නේ නැත්නම්, එහෙම කරන්න බැරිනම් ඒක යට මොකක් හරි තක්කඩි කමක් තියෙනවා. කෑගල්ලෙ වෙද මහත්තයා කියන කෙනත් අහුවෙන්නේ ඒ ගොඩට.
මිනිස්සු සංවාදයේ යෙදෙන තරමට අලුත් අලුත් තර්ක සහ අදහස් මතුවෙනවා. පැණිය ආපු මුල් දවස්වල පැණිය සාර්ථක බවත් එය දේශීය දෙයක් බවත් කියන අය හිටියා. ටික දවසකින් තව කෙනෙක් මෙහෙම අහලා තිබුණා. “ ඉන්දියාවේ දෙවිකෙනෙක් කියපු විදිහට සුද්දො ලංකාවට හඳුන්වලා දුන්නු සාදික්කා වලින් හදපු බෙහෙත දේශීය වෙන්නේ කොහොම ද” කියලා ඇත්තටම ඒකත් බොහොම අපූරු තර්කයක්.
මම නගපු තර්කයක් මේක. වෙන අයත් මේ ගැන කියලා ඇති. ඉතිං වෙද මහත්තයා දැං ඕක බටහිර ක්‍රමේට පරික්ෂා කරන්නත් බැරි නම්, කරා කියන පරික්ෂණේ ලංකාවේ මිනිස්සු පිළිගන්නෙත් නැත්නම් ඔයාම ඕක බීලා, තනියම බැරිනම් මහාචාර්ය නලින්ද සිල්වා, ඇමැතිනී පවිත්‍රා, ඇමැති ජයසුමන වගේ අයටත් පොවලා ඔය කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු එක්ක සතියක් ඉඳලා පෙන්නන්නකො කියන එක. ‍වෙන මොන පරික්ෂණ ද? ඒක නේද? හොඳම පරික්ෂණේ.

කාලි පැණිය වෙනුවෙන් මුලදි පෙනී හිටි අය

තව තැනක මනෝ වෛද්‍යවරයෙක් කියලා තිබ්බා තමන් දෙවියෙක් කියලා හිතන එක මානසික රෝගයක් කියලා. ඒක ඔය සාමාන්‍ය මිනිස්සු කිව්වට වඩා ප්‍රභලයි. ඉතිං මීට පස්සේ දශමෙකින් හරි දෙයියො කියන තක්කඩියෝ පස්සේ මිනිස්සු යන එක අඩුවෙයි. කොහොමත් ‍මේ කාලි පැණිය වෙනුවෙන් මුලදි පෙනී හිටිය අයගේ සීග්‍ර පසුබෑමක් දකින්නට පුළුවන්.
මෙන්න මේ විදිහට බොහොම අපූරු විදිහට පැණි සංවාදයට අපි පැණියො වගේ වහ වැටිලා, පැණියට පක්ෂ – විපක්ෂ කවුරුත් නොහිතන තැන් වලින් නිරාවරණය වෙන්න ගන්නවා. අවසාන විග්‍රහයෙදි අපි හැම කෙනාගෙම අඩු වැඩි වශයෙන් තියෙන අවිචාරය කියන එක හෙළිවෙනවා. අපි නොහිතපු තැන් වලින් අළුතින් හිතන්න ගන්නවා. තර්ක කරන්න ගන්නවා. සමාජ මාධ්‍යයට හැර අනෙක් කිසිම මාධ්‍යයකට මේ තරම් ප්‍රභල විදිහට මිනිස්සු අතර අන්තර් සබඳතාවක් වගේම අන්තර් සංවාදයක් ගෙනියන්නට බැහැ.
-අතුල දිසානායක(fb)

වැස්සත් එක්ක මඩකලපුවේ ප්‍රදේශ රැසකින් ඉහල මත්‍යස්‍ය අස්වැන්නක් ..

0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මෝසම් වැසි හේතුවෙන් මාළු විශේෂ විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ගැනිමට ධිවරයන්ට හැකිව තිබේ

දිස්ත්‍රික්කයේ පිල්ලයිරාඩි ප්‍රදේශයේ කුඩා මසුන් සිට විශාල මත්ස්‍යයන් ගංවතුරට හසු වී ඇති පසුබිමක දැල් කොටු සහ විසිදැල්ද යොදාගෙන මේ මසුන් අල්ලාගැනිමට හැකිව තිබේ.


මේ අනුව, අල්ලා ගන්නා මසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ධීවරයින් විසින් ආහාර පිසීම සඳහා විකුණනු ලබන අතර මිනිසුන් එය මිලදී ගැනීමට උනන්දු වන බැව් පෙනේ.

වර්තමාන වර්ෂාව හේතුවෙන් මිරිදිය මෙන්ම කරදිය මසුන් විශාල වශයෙන් අල්ලා ගනු ලබන අතර ධීවර කර්මාන්තයේ නියැලී සිටින ධීවරයින් හොඳ ආදායමක් උපයන බව බවද වාර්තා වේ.


. මේ අතර, ගංවතුර හේතුවෙන් පිල්ලයාරඩි තුරෙයිමඩාල් තුරායාඩි මත්ස්‍ය වෙළඳපොළට ද බලපෑම් එල්ල වී ඇති අතර ධීවරයින් ප්‍රධාන මාර්ගවල මසුන් විකිණීමේ නිරතව සිටිති.

මුලාශ්‍රය – බැටි නිව්ස්

කොරෝනාවට යට නොවුන ඉතාලියේ මනුස්සකම…. -සුමුදු මද්දුමආරච්චි

0

ලොවම වෙලාගත් ගෝලීය වසංගතයක් වූ කොවිඩ් නයින්ටින් වයිරසයෙන් අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ ‘යුරෝපයේ පාරාදීසය’ නම් වූ ඉතාලියේ මේවනවිට සිදුවන මානුෂීය ක්‍රියාවලිය අතිශයින් ම අගයකළ යුතුය.  

ඉතාලියට පැමිණෙන සංක්‍රමිකයන් බහුතරයක් මෙරට ඉතාලි ජාතිකයන් ලෙසම රැකියා කරමින් සාමකාමී සමානාත්මතාවකින් යුතු ජීවිත ගතකරන අතර කරණු ලබන රැකියාවෙන් යැපීමට අපහසු අයට එමෙන්ම රැකියා විරහිත ආර්ථික ගැටලු ඇති අයට දෛනික ජීවිතය ගත කිරීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඇදුම් නොමිලේ සැපයීම සිදුවේ.   කොරෝනා වසංගතය සමග එසේ ලබා දෙන සහනසේවා සියයට එකසීය හැත්තෑනවයකින් ( 179%) ඉහල දමා ඇත.  

  මෙවන් අර්බුදයක් අභිමුවේ ජාති ආගම් භේද කුළ හේද හා වර්ණ ගෝත්‍ර භේදයකින් තොරව මූලික මානව අයිතිවාසිකම් පෙරදැරිව කටයුතු කරන ආකාරය ඉතා ප්‍රසංසනීය ය.   විශාල වෙළද ප්‍රදර්ශනාගාර වලින් කල් ඉකුත් වීමට ආසන්න ( නීත්‍යානුකූලව හා විද්‍යාත්මකව එම දින තහවුරු කර ඇති අතර එ වෙනුවෙන් වගකීම් අදාල ආයතන දරණු ඇත) ආහාරද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව භාවිතයට සුදුසු තත්වයේදීම අවශ්‍යතා ඇති ජනතාවට විශේෂයෙන්ම විදේශිකයන් හට ලබාදේ.  

මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අධ්‍යයනය කලහොත් ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානියෙන් අපතේ යන දහස් ගණනින් විනාශ වන එළවලු පළතුරු මෙන්ම  වියළි ආහාර ද්‍රව්‍යද නිසි ක්‍රමවේදයක් යටතේ කොරෝනාවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට ලබාදීමට රොකට් සයන්ස් අවශ්‍ය නොවනු ඇත.  

රුපියල් 5000 කින් මාසයක් ජිවත් වන්නැයි, පන්දහසක් දුන්නේ සතියෙන් වියදම් කරන්නදැයි ප්‍රශ්න කරන ජනතා නියෝජිතයන් සිටිනා ලංකාව වැනි රටක ජීවත්වන අහිංසක ජනතාවට කාගේ පිළිසරණක්ද? 
  සුමුදු මද්දුමආරච්චි  මිලානෝ – ඉතාලිය

lyricsdsl7@gmail.com