Friday, September 27, 2024
Home Blog Page 62

මෙරටට පැමිණෙන සංචාරකයන්ට නැරඹිමට විශේෂ ස්ථාන 12 ක් නම් කෙරේ ..

0

මේ වන විට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සංචාරය සදහා විශේෂ ස්ථාන 12 ක් හදුන්වා දී තිබේ.

දලදා මාලිගාව, යාල ජාතික වනෝද්‍යානය, මින්නේරිය වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝටන් තැන්න, සිංහරාජ වනාන්තරය, පෙරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සලුසල එම ස්ථානයි.

එම ස්ථානවලට සංචාරකයන් යාම සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සිදුවිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කල බව news.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
මෙම ස්ථාන වලදි සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඊට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද තීරණය කෙරුන බව වැඩිදුරටත් එහි සදහන්ය

කොවිඩ් නිසා මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් නොවෙයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

0

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසු බව newsfirst.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම සංගමයේ සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය යි.

පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වුවත් දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙන බව වැඩිදුරටත් එහි සදහන්ය

දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

01. කොවිඩ් 19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, කුස සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බව.

02. වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බව.

03. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව.

04. කොවිඩ් 19 ආසාදිතයින්ගේ මළ මුත්‍රා ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බව.

05. මෙම වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනය වීම් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බව.

06. ඩෙන්මාර්කයේ කොවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන බවත්, එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව.

07. ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බව.
මුලාශ්‍රය -www.newsfirst.lk

රජයේ පාලන මිළ විහිළුවක් වි තිබියදි තවත් අත්‍යවශ්‍ය ආහාර 10ට ස්ථාවර මිළක් ?

පසුගිය කාලය තුල රජය වැඩියෙන් විහිළුවට පත්ව තිබුන බොහොමයක් කරුණු අතර පාලන මිළ ගැන කථාවද විය.
ජනාධිපතිවරයා විසින්ම අනඥාවක් නිකුත් කරමින් පරිප්පු සැමන් සහ රටලුණු ගැන මෙන්ම සීනි ගැනද ප්‍රකාශ නිකුත් කර තිබුණද ඒවා ජනතාව අතර මෙන්ම සමාජ මාධ්‍ය හරහාද බරපතල විවේචනයකට ලක්විය.
තතු එසේව තිබියදි හාල් ,පිටි,සීනී,පරිප්පු,ටින් මාළු ,හාල්මැස්සන්,ළූණු,අර්තාපල්,බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් සඳහා මෙසේ ස්ථාවර මිළත් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවට වු නිවේදනයක් යළිත් නිකුත් වි තිබේ

දේශිය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිළ ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක් මෙම මස පළ කීරීමට කටයුතු කරව බවත් ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිළකට මිළ දී ගැනීමට වෙළඳ අමාත්‍යාංශය සියළු කටයුතු සූදානම් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02) මිහින්තලයේදි ප්‍රකාශ කර තිබුණි

මෙම වැඩපිළිවෙළ පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා මාස 6ක් ක්‍රියාත්මක කීරීමට කටයුතු සූදානම් කර ඇතැයිද කියැවේ

මාස 10 කට පස්සේ ”සැනිටයිසර්” ප්‍රමිතිය ගැනත් ගැසට් එකක් ???

0

මෙරට පළමු කොරෝනා රැල්ල ඇරඹුනේ මාර්තු මාසයේදිය. එදා සිට මේි දක්වාම ජනතාව සැනිටයිසර් භාවිතා කරති.
සුපිරි වෙළද සැල් ,ඔසු සැල් මෙන්ම දැන් මහපාරේද සැනිටයිසර් වෙළදාම සිදුවෙමින් තිබේ.
ඒවායේ ප්‍රමිතිය ගැන ගැටළු රැසක්ද පවති.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලබන පෙබරවාරී මස 01 වන දා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් වනු ඇත
මේ රජයේ පාලකයන් හරියට ටියුබ් ලයිට් වැනිය. පත්තු වෙන්නට කොහොමටත් පමාවක් තිබේ
Pics – gettimage

දකුණේ කොරෝනා රෝගින් 1000 ඉක්මවයි ! ගාල්ලෙන් මරණ 4 ක් !

0

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1071 දක්වා  වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

( ඊයේ 01) දිනය තුල  දකුණු පළාතෙන්  නවකොවිඩ් ආසාදිත රෝගින් 31 දෙනෙකු වාර්තා වි ඇත. ඉන් රෝගින් 28 දෙනෙකුම වාර්තා වි ඇත්තේ  මාතර දිස්ත්‍රික්කයෙන් බවද තවදුරටත් ඒ මහතා පවසා තිබුණි

මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 28 දෙනෙකු වාර්තා වි ඇත. ඊයේ (01) දිනය තුල දික්වැල්ලෙන් රෝගින් 11 දෙනෙකු වැලිගමින් 15 දෙනෙකු,කොටපොළ හා පස්ගොඩ යන ප්‍රදේශිවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා  කරන්දෙණිය යන ප්‍රදේශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.

ඒ අනුව මේ දක්වා කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රොගින් 605 නෙකු වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 386 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති රෝගින් සංඛ්‍යාව 80 දෙනෙකි. මේ වනවිට දකුණු පළාතේ පවුල් 1474  අයත්  පුද්ගලයින් 3435 දෙනෙකු නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින බවද  ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්730  අයත් පුද්ගලයින් 1615 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්393 අයත් පුද්ගලයින් 1326 දෙනෙකු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්351 අයත් පුද්ගලයින් 494 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

මේ අතර ගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසන්නට යෙදුණි

මියගොස් ඇත්තේ ගිංතොට, මහහපුගල, පොල්දූව වත්තේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (01) නි‍වසේ දී මියගොස් සිටි අතර සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ ගෙනවිත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ බව නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා පවසයි. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
‍දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා විසින් සිදුකිරීමට නියමිතව ඇත. 

මෙම මරණය කොරෝනා ආසාදනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ සිව්වැනි මරණයයි.

දිලුම්ගේ කටින් පැන්නේ මේ රජයේ මුග්ධ බවද ???

0
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 50

කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටු කුමන තීන්දුවක් ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය රජය සතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා ඇති අතර බුද්ධිමත් ප්‍රගතිශිලි සමාජය මේ දැනටමත් දැඩි ලෙසින් හෙළා දකින්නට පටන් ගෙන තිබේ

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ජනතාව ඡන්දය ලබාදී ඇත්තේ කමිටු වලට නොව,රජයට බවයි.

මැතිවරණය කාලයේදී පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් බවට පෙන්වීමට උත්සහ කළ බව මෙහිදී මතක් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කමිටු වලට නිර්දේශ කළ හැකි වුවත් ඒවා සලක බලා අවසාන තීන්දුව ගත හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව විසින් බවයි.

දිලුම් ගේ මේ ප්‍රකාශය තුල මේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙන්ම විද්‍යාව වෙනුවට අවිද්‍යාව කොයිතරම් නම් මුල්බැස ගෙන ඇතිදැයි කදිමට පෙනේ

ලොකු ලූණු මිළ පහල යයිද ?

පසුගිය උත්සව සමයේදිත් ඉහල ගිය බඩු මිළ අතර ලුණු මිළද විය. සමාන්‍යෙයන් වෙනදාටත් වඩා ලුණු භාවිතය වැඩිවු ගෙවුන උත්සව කාලය තුලද ඉහල මට්ටහක් තිබු ලුණු මිළ පාරිභෝගික කථා බහට ලක්ව තිබුණි.
කෙසේ වෙතත ඉන්දියාව විසින් පැන වූ ලොකු ලූනු අපනයනය තහනම ඉවත් කිරීමත් සමග මේ සතියේ සිට මෙරට වෙළෙඳපොළේ ලූනුවල මිල යළිත් රුපියල් සියට වඩා අඩුවනු ඇති බව ආනයනය තොග වෙළෙඳුන් පවසන්නට පටන් ගෙන තිබේ

මීට මාස හතරකට පෙර ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග මෙරට වෙළෙඳපොළේ ලූනු කිලෝ ග්‍රෑමය රුපියල් 180-220ත් දක්වා ඉහළ ගියේය. ඒ සමග ලොකු ලූනු සඳහා පනවා තිබූ ආනයන බදු කිලෝග්‍රෑමයකට ශත 25ත් දක්වා අඩු කළ අතර එය ජනවාරි 13 දක්වා බල පැවැත්වේ.

මෙරට ලොකු ලූනු අස්වැන්න යළි මැයි මාසයෙන් පසුව ලැබෙන නිසා මේ දිනවල වෙළෙඳපොළේ විදේශියෙන් ගෙනා ලූනු පවතියි. පසුගිය කාලයේ ඉන්දියාවේ තහනම හේතුවෙන් නෙදර්ලන්තය, ඊජිප්තුව, පාකිස්තානය, ටර්කි යන රටවලින් ලොකු ලූනු ආනයනය කරන්නට යෙදුණි.
එමෙන්ම දේශිය ලුණු මිළ හැමදාම පැවතියේ ඉතා ඉහල මිළකය

පෑලියගොඩින් සහ දිවුලපිටියෙන් යළිත් කොරෝනා මතුවෙයි ?

0

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පෑලියගොඩ නගර සීමාව භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී චින්තක මහතා සඳහන් කළේ, පසුගිය 30 වන දින සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් යළිත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයමින් වෙමින් පවතී.ඊයේ දිනයේදී පමණක් දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 127 දෙනා අතරින් බහුතරය හඳුනාගෙන ඇත්තේ, දිවුලපිටිය, කොටදෙණියාව, පූගොඩ, කඩවත, ගම්පහ නගරය, තිහාරිය හා කැලණිය ප්‍රදේශවලිනි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 43000 ඉක්මවා තිබේ.

මිටරෙන් ජීවිතේ ”ස්ටිකර්” එකේ පමණයි !

0

සෞඛ්‍ය බලධාරින් හැම විටම කියා සිටින්නේ උත්සව සැමරුම් එපා යැයි කියාය. ඒ අතර පොලිසිය බස් ගානේ නැග ස්ටිකර් අලමින් මිටරෙන් ජිවිතේ ගැන කියා දෙති.
ත්‍රිවිල් වලද අලවති.
විනය ගරුක රටක් හදනවා යැයි කියමින් පැමිණි ජනාධිපතිටත් කැබිතිගොල්ලැවේ ගම සමග පිළිසදරේදි මිටරේ නැතිව ගොස් ඇති සෙයකි.
ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටා සිට යැයි කියමින් තිබේ.

කොරෝනා වසංගතය මැද ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම ගැන මහජන කෝපය

0
messenger sharing button

 දෙසැම්බර් 28 වෙනි දින මත්තල ගුවන් තොටුපොළට ලඟා වූ යුක්රේන සංචාරකයෝ  

ලොව පුරාම රටවල් ගණනාවක කොරෝනා වසංගතයේ භයානක අලුත් ප්‍රභේදයක් ද සීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී ශ්‍රී ලංකාව සංචාරකයන් යළි ගෙන්වා ගැනීම ගැන වෛද්‍යවරුන් ඇතුළු රටවැසියන්ගෙන් විරෝධය පළවෙමින් පවතී.   වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක් කොට තිබුණේ පසුගිය සඳුදා (දෙසැම්බර් 28) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ලඟා වූ යුක්රේන ජාතික සංචාරකයන් 186 දෙනා අතරින් තිදෙනෙකුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි අනාවරණය වීමෙන් අනතුරුවය.   පසුගිය මාර්තු 19 වෙනි දින සංචාරකයන් සඳහා ගුවන් තොටුපොල වසා දැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සංචාරකයන් ලඟා වූ පළමු අවස්ථාව එය විය.   විශේෂයෙන්ම, මැද පෙරදිග ඇතුළු රටවල කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සති දෙකක නිරෝධායන කාලයක් ඇතුළු දැඩි නීති පනවන ශ්‍රී ලංකා බලධාරීන්, විදේශික සංචාරකයන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද විවේචනයට ලක් වී තිබේ.  

    විශේෂයෙන්ම, මැද පෙරදිග ඇතුළු රටවල කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සති දෙකක නිරෝධායන කාලයක් ඇතුළු දැඩි නීති පනවන ශ්‍රී ලංකා බලධාරීන්, විදේශික සංචාරකයන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද විවේචනයට ලක් වී තිබේ.   

යුක්රේන සංචාරකයන් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීම පිළිබඳව ‘ට්විටර්’ ඔස්සේ අදහස් දක්වමින් වෛද්‍ය රවි කන්නන්-එලිය පවසා තිබුණේ, එය “පැහැදිලිවම බලාපොරොත්තු විය හැකිව තිබූ” තත්වයක් බවය.   ඔහු සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy) විධායක අධ්‍යක්ෂවරයාය.  

Screen Shot 2020 12 30 at 10.53.54 PM

    ගුවන් යානයට නගින විට සංචාරකයන් පිරිසගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ‘නෙගටිව්’ බව මුල් පණිවුඩයේ සඳහන් කරන වෛද්‍ය රවි කන්නන්-එලිය පසුව එය නිවැරදි කරමින් පවසන්නේ, සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ විධිවිධාන ප්‍රකාර ගුවන් යානයට නගින විට පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම පවා අත්‍යවශ්‍යව නොතිබුණ බවය.   යුක්රේන විදේශිකයන්ට කොරෝනා ආසාදනය වීම ගැන ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ කේන්ද්‍රයේ වෛද්‍ය දිනුකා ආරියරත්න, ශ්‍රී ලංකාව මෙලෙසින් සිය රටවැසියන් සඳහා භාවිත කළ යුතු නිරෝධායන සහ පරීක්ෂා කිරීමේ සම්පත් “අපතේ යවන්නේ” මන්දැයි විමසා තිබිණ.    

Screen Shot 2020 12 30 at 10.56.42 PM

රෙහානා තව්ෆීක්, සංචාරක අමාත්‍යාංශය වෙත ප්‍රශ්නයක් යොමු කර තිබිණ.   ඇය විමසන්නේ, “සිදුරු සහිත බුබුලක් ඔබ හඳුන්වන්නේ කොහොමද?” යනුවෙනි.  

Screen Shot 2020 12 30 at 10.57.39 PM

  සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආචාර්ය අරුණ අබේගුණවර්ධන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, මීට සති දෙකකට ප්‍රථම තමන් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටාර් ගුවන් සේවය සලසා තිබුණ සෞඛ්‍යාරක්ෂක විධිවිධාන පැහැදිලි කළේය.   “ප්ලේන් එකට නගින්න කලින් ඒගොල්ල දෙනවා මූණට දාගන්න ආවරණයක්. ඊට අමතරව ඉහළම මට්ටමේ අත් ආවරණ දෙනවා. එම උපකරණ පැළඳීම අනිවාර්යයි. හරියට අපි හඳට යනවා වගේ ඇඳගන්න ඕන. ඉහළම මට්ටමේ ‘සැනිටයිසර්’ දෙනවා. ගොඩ බහින්න කලින් අපේ මුහුණු ආවරණ එකතු කරලා අලුත් මුහුණු ආවරණ දෙනවා,” ආචාර්ය අරුණ අබේගුණවර්ධන විස්තර කළේය.   “එහෙම කරලා අපි සති දෙකක් නිරෝධායනේ ඉන්නවා. මම දන්නවා ලංකාවේ සමහරුන්ට අම්ම, තාත්තගේ මළගෙදරවත් යන්න දුන්නේ නෑ නිරෝධායනේ නැතුව. සංචාරකයන්ට විතරක් දවස් හතකට පස්සේ ‘Travel Bubble’ කියල රට පුරා ඇවිදින්න පුළුවන්.”   මෙලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන්ට එක් නීතියකුත් විදේශිකයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.  

    ” මම දන්නවා ලංකාවේ සමහරුන්ට අම්ම, තාත්තගේ මළගෙදරවත් යන්න දුන්නේ නෑ නිරෝධායනේ නැතුව. සංචාරකයන්ට විතරක් දවස් හතකට පස්සේ ‘Travel Bubble’ කියල රට පුරා ඇවිදින්න පුළුවන්.”මෙලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන්ට එක් නීතියකුත් විදේශිකයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි  ආචාර්ය අරුණ අබේගුණවර්ධන ප්‍රශ්න කරයි.

“අපි ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආවම අපිට හෝටල් කාමරේ උළුවස්ස ගාවට විතරයි එන්න දෙන්නේ. ඒත් අද ටීවී එකේ පෙන්නුවා යුක්රේන සංචාරකයන් මුහුදේ නානවා, හමුදාව තුවක්කු තියාගෙන වැල්ල අයිනේ ඉන්නවා.”    

 116303074 c74ca0fe 3288 496e a377 b40b57c0e0b6           පසුගිය මැයි මාසයේ මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක්  

මේ විවේචන සම්බන්ධයෙන් කරුණු විමසීම පිණිස සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා කාර්ය බහුල බව දැනගැනීමට ලැබිණ.   යුක්රේන සංචාරකයන් පිරිස ළඟාවීමට ප්‍රථම මත්තල ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය.   රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බව සඳහන් කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ, ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක වන බවය.  

132728659 1053021208506439 9125372849438154897 n“සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවි යැයි කිසිවෙකු බිය විය යුතු නෑ.” -අමාත්‍ය ප්‍රසන්න රණතුංග    හඳුනාගත් කලාපයක සංචාරකයන්ට නවාතැන් සැපයෙන අතර, ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය සැලසුම් කර ඇති බවත් පැවසූ අමාත්‍ය රණතුංග, “සංචාරකයන්ට රට යළි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල වන්නේ නෑ. සංචාරකයන් ආවත් අපේ ප්‍රමුඛතාව මව්බිම ඒමට සිටින අපේ ජනතාවටයි,” යනුවෙන්ද සඳහන් කළේය.  

(BBC සිංහල සේවය)