Friday, September 27, 2024
Home Blog Page 61

ලංකාවට එන්නත ගෙනැල්ලා – ලොක්කෝ විතරක් ගහගෙන..?

0

මේ වනවිට කොවිඩ් – 19 එන්නත ලංකාවට ගෙනවිත් ඇති බවත් එය පිරිසක් එන්නත ලබාගෙන ඇති බවත් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අනාවරණය කරයි.

එන්නත ලංකාවට ගෙන එන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසන අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ “නෑ ඉන්ජෙක්ෂන් එක ලංකාවට ගෙනල්ල තියෙන්නේ. කොටසක් ගෙනල්ල තියෙනවා. මුදල් ගෙවලා ගොඩක් අය ගහගෙනත් ගියා. සමහර වෙලාවට මේ ඉන්ජෙක්ෂන් එක ගත්ත අයට අතුරු ආබාද ආපු අවස්ථාවලුත් තියෙනවා.” යනුවෙනි.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන පරිදි මෙලෙස එන්නත ගහගෙන ඇත්තේ ආණ්ඩුවේ ලොක්කන්දැයි බොහෝදෙනා ප්‍රශ්න කරමින් සිටිති.
lankatruth.com

වාසුගේ ආශ්‍රිත මන්ත්‍රින් 10ක් ? ඒත් තාත්තිට අවුලක් නෑ …..

0

කොවිඩ් – 19 ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 10ස දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙන බව ලංකා ටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එහි වැඩිදුරත් මෙසේද සදහන් වෙයි

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී 05, 06, 07 සහ 08 යන දින 04ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම මන්ත්‍රීවරු 10ස දෙනාට මේ වනවිටත් නිරෝධායනය සඳහා යොමුවීමට උපදෙස් ලබාදී ඇතැයි වාර්ත වේ.

එමෙන්ම අමාත්‍යවරයා පසුගිය 05 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හි සම්මන්ත්‍රණයකටද සහභාගි වී සිට ඇත.

ලබන 13 සහ 15 යන දිනවල දී පෙ.ව 10 සිට පස්වරු 03 දක්වා PCR පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයා දන්වා තිබේ.

මීට පෙර රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ආසාදිතයෙකු ලෙස වාර්තා වූ අතර ඔහුගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු හඳුන්ගෙන තිබිණි.

මේ අතර පසුගිය දින 10 ඇතුළත අගමැති මහින්ද රාජපක්ෂ සහ කොරෝනා ආසාදිත සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ අතර සමිප හමුවීමක් සිදුව නැතැයි අගමැති කාර්යාල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ පවසයි.

නමුත් කොරෝනා ආසාදිත හෙට්ටිගේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ අගමැති කාර්යාලයේ නිළධාරීන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව යෝෂිත රාජපක්ෂ වැඩි දුරටත් පවසයි.

වසර ගණනාවක් පුරාවට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකු වුවත් ඔහුගේ දේශපාලන සම්බන්ධතා පිලිබඳ සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගෙට අරලියගහ මන්දිරය තුළ සිට සිදු කිරීමට කිසිදු වගකීමක් නොතිබූ බව වාර්තා වේ.
මුලාශ්‍රය -lankatruth .com

මළවුන්ගේ ස්මාරකය විනාශ කර අලුතින් මුල්ගල් තැබූ සරසවි බලධාරීන්ට ප්‍රශ්න

0

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් කඩා බිඳ දැමීමට මුල්වූ උපකුලපතිවරයා විසින්ම තුන් දිනකට පසු අලුතින් එය ඉදි කිරීම වෙනුවෙන් මුල්ගල තැබීම ශ්‍රී   ලංකාවේ ප්‍රමුඛතම ගුරු සංගමයක ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.   පළමු මුල්ලිවයික්කාල් ස්මාරකය බිඳ හෙලීමට කටයුතු කළ උපකුලපති ඒ අසලින්ම මුල්ගලක් තැන්පත් කොට නටබුන් වලට වැඳ නමස්කාර කරගෙන දේව ස්තෝත්‍ර සජ්ජායනය කරන ආකාරය උතුරේ මාධ්‍යවේදීන් විසින් රූගත කර තිබේ.    

එම අවස්ථාවේ සන්නද්ධ භට පිරිස් සරසවි භුමියේ සිටිනු දැකගත හැකිය.    යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි  8 සිකුරාදා රාත්‍රි යාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු එම ස්මාරකය යලි ඉදි කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්. ශ්‍රී  සත්ගුණරාජා අද දිනයේ මුල්ගල් තැබීමට පියවර ගෙන තිබුනි.      

New monument

ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ මුල් ස්මාරකය ඉවත් කිරීම යුක්ති සහගත කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, “හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබීමක් ලෙස” හඳුන්වා තිබු බවයි.  

 මහාචාර්ය අමරතුංග පවරන වගකීම භාර නොගත් උප කුලපති පවසා තිබුනේ ස්මාරකය ඉවත් කිරීමට “ඉහල බලධාරීන්” බලපෑම් කළ බවයි.      “පරිපාලන වගකීමක් දරන සිවිල් වැසියකු වන මට උපදෙස් ලැබුනේ ඉහල බලධාරීන්ගෙන්. ඒ ඉහල බලධාරීන් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ, අධ්‍යාපන අමාත්‍යාංශය හැමෝම,” යයි උප කුලපති මහාචාර්ය එස් ශ්‍රීසද්ගුණරාජා මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.     මහාචාර්ය ශ්‍රී  සත්ගුණරාජාගේ පරිපාලන හැකියාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මගින් පෙන්නුම් කර තිබු ආකාරයත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දී තිබේ.    

Josp12            ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්    “මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා මහතා ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක්, දක්ෂ පරිපාලකයෙක් හා දක්ෂතම උපකුලපතිවරයෙක් ලෙස එම ස්මාරකය අද දවසට හා හෙට දවසට නොගැළපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයේ ඉවත් කිරීමට තීරණය කළ බවයි.”    

එවැනි තීරණයක් මත ස්මාරකය ඉවත් කළේ නම් එය ඉදිකිරීම සඳහා එම උපකුලපතිවරයාම නැවත මුල්ගල තබන්නේ කුමන පදනමකින්ද යන්න ගැටලූවක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ, සිසුන් අතර සමගිය වෙනුවෙන් එවැනි කටයුත්තක් සිදුකළේ නම් මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරන ආකාරයේ දක්ෂ පරිපාලකයකු කළ යුතුව තිබුණේ විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ප්‍රජාව සමග සාකච්ඡා  කර එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම මිස මිලිටරි බලය යොදා දෙමළ ජනායගේ සිත්වේදනාවන් තවදුරටත් තීව‍්‍ර වන පරිදි කටයුතු කිරීම නොවන බව නොවැටහීම බරපතල කනගාටුදයාදක තත්වයක් ලෙසිනි.

  බලධාරීන් විසින් ස්මාරකය විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් ජනවාරි 11 සදුදා උතුරු නැගෙනහිර ආරම්භ කළ හර්තාලය මේ දක්වාම ක්‍රියාත්මක බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.    දකුණේ විශ්ව විද්‍යාලවල ද විවිධ ස්මාරක ඉදිකර ඇති අතර, ස්මාරක ඉදිකිරීම, සාහිත්‍ය නිර්මාණ, මූර්ති, චිත්‍ර, උද්ඝෝෂණ ආදිය මගින් විවිධාකාරයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවයි ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසන්නේ.    “යාපනය විශ්ව විද්‍යාලයේ පමණක් එම අයිතිය භාවිතා කිරීමෙන් විශේෂයෙන් ගැටලුවක් ඇති නොවේ”.  

Darmasena 2021

සුචරිත ගම්ලත්- ධර්මසේන පතිරාජ     යාපනය විශ්ව විද්‍යාලයේ වර්තමානයේ පමණක් නොව යුදමය වාතාවරණයට පෙර ද සිංහල සිසුන්, සිංහල මහාචාර්යවරු කටයුතු කළ බව වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අමතක වීම බරපතල ගැටලූවක් ලෙසින් පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා තව දුරටත් සිය නිවේදනය මගින් සිහි ගන්වා ඇත්තේ  සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ ඇතුළු කලාකරුවන් මෙන්ම විද්වතුන් ද එවකට යාපන විශ්ව විද්‍යාලයේ කටයුතු කළ ආකාරයයි.    මෙවැනි ඉතිහාසක් පැවති යාපන විශ්ව විද්‍යාලයේ, යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් විනාශ කර ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝණය කරමින්, ප්‍රශ්න ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දැක තිබේ.    ” මෙම ක්‍රියාව යුද්ධයේ දී තම සමීපතමයින් අහිමිව වේදනාකාරීව ජීවත් වන දෙමළ ජනතාව දැඩි කළකිරීමකට පත්කරවන ක්‍රියාවකි. එසේම මෙවැනි ක්‍රියාව  ජාතීන් අතර සංහිදියාවට බරපතල තර්ජනයකි”.  

theleader.lk

අගුළු දැමු යුක්රේනයෙන් ලංකාවට දිගටම සංචාරකයන් ???

0

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත.

ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්රේනය ඊයේ  (8) පියවර ගෙන තිබේ

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්රේනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වනවිටත් එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි යැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

යුක්රේනයෙන් ඊයේ (8) වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,588ක් ලෙස දැක්විණි.

ජනවාරි මාසයේදී ලොක්ඩවුන් සීමා පනවන බව යුක්රේන ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදීම තීරණය කර තිබූ අතර එක් අවස්ථාවකදී යුක්රේනය වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. ඇතැම් දිනවලදී යුක්රේනයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 12,000ත් 14,000ත් අතර අගයක් ගත්තේ ය.

නව ලොක්ඩවුන් සීමා ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර විනෝද මධ්‍යස්ථාන හා උද්‍යාන ද වසා දැමේ. ඊට අමතරව විශාල පිරිසක් රැස්වෙන මහජන ඒකරාශී වීම් ද තහනම් කර ඇත.
මේ අතර නියමු ව්‍යපෘතියක් යැයි සදහන් කරමින් උදයංග විරතුංගගේ ප්‍රධානත්වයෙන් යුක්රේන සංචාරකයන් ගෙනඒම තවදුරටත් සිදුවෙමින් තිබේ.

යුක්රේනයෙන් ගෙන්වන ලද සංචාරකයන්ගෙන් 17දෙනෙකු කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වූවන් බව මේ වනවිට හෙළිවී ඇතැයි ලංකා ටෲත් කොම් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය…

ඔවුන් සම්බන්ධයෙක් බොහෝ තොරතුරු ආණ්ඩුව විසින් රහසිගතව තබාගෙන සිටී. එම තත්වය තුළ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මෙම යුක්රේන ආසාදිතයන් පිළිබඳව තොරතුරු මාධ්‍යයට හෙළිකර තිබේ. ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම සංචාරකයන් ගෙන්වීම පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය කරමින් ඔවුන්ගේ විරෝධය එල්ල කරමින් සිටී.

මෙම යුක්රේන සංචාරකයන් නිසා මේ වනවිට යාල සෆාරි ජීප්රථ රියදුරන් 28 දෙනෙකු බලහත්කාරයෙන් හමුදාව යටතේ නිරෝධායනයට යොමුකර සිටිති.

යුක්රේනුවන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට වෛරසය පැතිර යාම වැළැක්වීමට ආණ්ඩුව ප‍්‍රමාණවත් කටයුතු සිදුකර නැති බව මාධ්‍ය මගින් වාර්තාකර තිබුණි.

බ‍්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූයේද යුක්රේන ජාතිකයෙන් බව මෙයට පෙර රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ පාර්ලිමේනේතුවේදී හෙළිකර තිබූ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ද පසුගිටයදා ඒ බව නිල ලෙස තහවුරු කරන ලදී.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේද යුක්රේන් සංචාරකයන් ලංකාවට ගෙන්විම ගැන විවිධ විවේචන පළවන්නට පටන් ගෙන තිබේ.
ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕසල හේරත් සිය ෆේස් බුක් පිටුවේ තබා තිබුනේ මෙවන් සටහනකි.


ලසන්ත ඝාතනය කොට වසර 12 ක්……

0

මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දුන් උතුරේත් දකුණෙත් මාධ්‍ය සගයන් සමරමු.මාධ්‍ය නිදහස වෙනුවෙන් කරන ලද අරගලයේදි වැඩිම මාධ්‍ය සගයන් පිරිසක් අපට අහිමි වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදිය,
2009 ජනවාරි 08 වෙනිදා කොළඹ අධිආරක්ෂක කලාපයක් තුලදි ජේෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරමින් මේ පාලකයන් බලාපොරොත්තුවුයේ තොරතුරු දැනගැනිමේ අයිතිය ත්‍රස්තයෙන් පාලනය කොට මාධ්‍ය නිදහස වලපල්ලට යැවිමටය.
එදා මෙදා තුර මාධ්‍ය ක්‍රියාකරින් 34 දෙනෙකු ඝාතනය කොට ඇති  රට හැර යන්නට සිදුව මාධ්‍යවේදින් ගණන 50 ඉක්මවා ඇත.
මාධ්‍යවේදි ප්‍රගිත් එකැනැලිගොඩ අතුරුදහන් කොට වසර 12 කි.

ජනතාවට ඇත්ත දැනගැනිම වලකා ලබමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලසන්ත වික්‍රමතුංග,සිවරාම් (තාරකි) ඇතුළු මාධ්‍ය සගයන් ඝාතනය කරනු ලබන්නේ පාලකයාගේ සියළු බොරු පමණක් සමාජ ගතකිරිමේ මාධ්‍ය කලාවක් රටතුල ස්ථාපිත කිරිම අරමුණ කොටගෙනය.

එයට එරෙහිව සියළු බාධා මැද වුව ක්‍රියාත්මක මාධ්‍ය සංවිධාන හා ක්‍රියාකාරින්ගේ දැන් එකම අභිප්‍රාය වන්නේ ලසන්ත ඇතුළු ඝාතනයට ලක්වු සියළු මාධ්‍ය ක්‍රියාකාරින්ගේ ඒ උතුම්ම වු අරමුණට සාධාරණයක් ඉටුකරමින් ඒ මිනිමරුවන්ට දඩුවම් දිමටය.

2015 ජනවාරි 08 වෙනිදා උදාවනු ඇත්තේ ඒ තිරාණාත්මක වගකිම වෙනුවෙන් මේ රටේ සියළු මාධ්‍යවේදින්ගේ එකම අභිප්‍රාය දිනවිම වෙනුවෙනි.

ඉන්දීය විදේශ ඇමති හා රනිල් අතර විශේෂ හමුවක්

0

 මේ රට පැතිර යන කොවීඩ්  වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ගෙන් අද ඉල්ලීමක් කළේය.  

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.   එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මෙම කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ඉන්දීය නිල නිවසේ දී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

Screen Shot 2021 01 07 at 1.58.06 PM

    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ධුර වලින් බැහැරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම  විශේෂත්වයක් බව කොළඹ තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.   දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයකි.      

දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයකි.     කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.   කොවීඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් මේවනවිටත් රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.   ඉහත ප්‍රවණතාව ඉහළින්ම අගය කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
theleader.lk

යුක්‍රේන කාන්තාවන් 18කට මාස තුනකටම වීසා දීලා

0

මෙරටට පැමිණ සිටි යුක්‍රේන සංචාරකයන් අතර සිටින කාන්තාවන් 18 දෙනෙකුට මාස තුනක් සඳහා වීසා ලබා දී ඇතැයි හෙළිවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ප්‍රශ්න කරන්නේ අනෙක් සංචාරකයන්ට සාමාන්‍ය වීසා ලබාදෙද්දී මේ කාන්තාවන් 18 දෙනාට පමණක් මාස 03ක් සඳහා වීසා ලබා දුන්නේ ඇයිද යන්නයි.

මෙම සංචාරකයන් අනාරක්ෂිතව හැසිරෙන බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.
lankatruth.com

වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පාලනය දේශපාලන හස්තයක් වන පුවත්පත් මණඩලය යටතට

0

ජනමාධ්‍ය නිදහසට බාධාවක් ලෙස සැළකෙන පුවත්පත් මණ්ඩල නීතිය තවත් ශක්තිමත් කරමින් එය යටතට විද්‍යුත් හා නව මාධ්‍ය ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම සංසෝධනය මගින් පුවත්පත් මණ්ඩලය නව මාධ්‍ය සම්බන්ධයෙන් විනිශ්චය ආයතනයක් බවට පත් කිරීමට නියමිතය.

ප්‍රමුඛ පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන දෙක සිරිමා බණ්ඩාරනායක ආන්ඩුව රජසතු කිරීමෙන් පසු මෙම නීතිය 1973 දී මෙම නීතිය බලාත්මක කරන ලද්දේ රාජ්‍ය මාධ්‍ය සමතුලනය කිරීමට යැයි කියමිනි.

නමුත් මේතාක් දුරට එය පැවත ඇත්තේ බොහෝ දුරටම අක්‍රීය ආයතනයක් ලෙසිනි. ඊට හේතු වුයේ එම පනත මාධ්‍ය මර්දනයේ මෙවළමක් විය හැනි යැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන විසින් ගෙන යන ලද මතවාදයයි.

අද එහි සභාපති වන්නේ මහ මැතිවරණ සමයෙහි ප්‍රසිද්ධියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දේශපාලනය කල මහින්ද පතිරණය. රාජ්‍ය තොරතුරු දෙපාර්ථමෙන්තුවේ ප්‍රධානියා වන නාලක කළුවැවද එහි පාලන අධිකාරියේ සාමාජිකයෙකි.

විද්‍යුත් හා නව මාධ්‍ය ආවරණය කිරීම සඳහා පුවත්පත් මණ්ඩලය “ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණය හා ප්‍රතිසංවිධානය” කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය පසුගිය 04දා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මේ සඳහා අදහස් ලබා ගැනීම සඳහා “විද්වත් කමිටුවක්” පත් කැරෙනු ඇත.

“වෙබ් අඩවි නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය” යනුවෙන් නොවැම්බර් අවසාන සතියේ මාධ්‍ය අමාත්‍යවරයා වන කෙහෛළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් කළේය.

ඉන් සති කිහිපයකට පසු සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන්නන් නියාමනය කිරීමට රජය බල්පොරෙත්තු වන බවට කළ ප්‍රකාශය වෙනස් කරමින් පසු ඔහු තවත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “රජය සලකා බලන්නේ විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම මිස සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා භාවිතා කරන්නන් නොවන” බවයි.

පුවත්පත් මණ්ඩල පනත අහොසි කර යුතු බවට මෙරට ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය හිමිකරුවන් ප්‍රකාශ ගණනාවක්ම කාලයක් පුරා නිකුත් කරමින් සිටිති. එනමුත් ස්වාධීන ජනමාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පිහිටුවා ඇති “ පුවත් පත් පැමිණිළි කොමිසම” ප්‍රායෝගික අර්ථයෙන් අසාර්ථක වීම සමාවට කරුණක් ලෙස ගෙන යහපාලන ආන්ඩුව පවා පුවත්පත් මණ්ඩලය දිගටම පවත්වා ගෙන යන ලදී.

සමාජ මාධ්‍ය පාලනය කිරීම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ හදිසි කාරියක් සේ පෙනනන බව මේ පිළිබඳව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ වෙබ් සංස්කාරකවරයකු පැවසීය.

මේ අතර එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීම රාජ්‍ය රෑපවාහිනී සංස්ථාව ඍජුවම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටත‌ට ගැනීම පිනිස සංසෝධනයක්ද ඇති කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා “ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය” නමින් නව ආයතනයක් පිහිටුවීමටත් එහිදී තීරණය කර තිබේ.

sinhala.srilankabrief.org

කොංග්‍රස් ගොඩනැගිල්ලේ විරෝධතා, කාන්තාවක් මරුට: “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” – ජෝ බයිඩන්

0

වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.   ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.   කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ.    රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය.     කාන්තාවක් මිය යයි

 116374647 3fd6a273 6530 4af3 a4bc a8b286c5ea55

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය. (REUTERS)විදේශ නායකයෝ හෙලා දකිති:  

මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය.   ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව “දැඩි කම්පනයට පත් වූ” බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය “ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්” බවය.  

ජෝ බයිඩන්:   ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් “පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු,” බව පැවසීය.   ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” බවය. රූපවාහිනිය හමුවට ගොස් “මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න” යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය.  

  “ඔබ දැන් ගෙදර යා යුතුයි”   ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, “මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා,” යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය “සොරකම් කරලා” යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි.   “හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි.” යනුවෙන් කී ට්‍රම්ප් “මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි” ද කියා සිටියේය.   ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය.   ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි.  

 116373885 e723cd38 b430 4ddd 9399 1c13e1124087ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි. (GETTY IMAGES) කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.  

 116373887 a882d7c6 88df 4d40 8375 7ca0988717bb“අපට ඕනෑ ට්‍රම්ප්” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ. (GETTY IMAGES)

 116374650 e3ec128b f097 4fbd be1c 5bfcc11fd5bb

කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින් ( GETTY IMAGES)

 116373888 966ae043 3f11 49ea b2fd da098bc490a6

ප්‍රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය. (GETTY IMAGES)

 116374651 a6584a8b 7791 45bf b41f d8ef7b3bbd68

විරෝධතාකරුවෙක් (GETTY IMAGES)   සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ “පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න” යනුවෙනි.   “ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි,” යැයි ලියූ ට්‍රම්ප් “සාමකාමී වන්න” යැයි කියා සිටියේය.   ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය “කොල්ල කෑ” බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ.   ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් “ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින” බවය.  

 116374788 3b580b03 3829 4212 8263 08e80237dac4

ඡායාරූප මූලාශ්‍රය, TWITTER-     කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.   ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි.  
(BBC සිංහල සේවය)

‘අපේ රට අපිව අමතක කළා’ – විදෙස්හි කොටුවී සිටින ‘රටවිරුවන්’ පවසති. – අමලිනි ද සයිරා

0

තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සඳහා පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් හිස් පොදු උද්‍යානයකට රැස්ව සිටින මැදපෙරදිග රටක සංක්‍රමණික කම්කරුවන් සිය ගණනකගේ දර්ශන 2020 අප්‍රේල් 28 වන දින ස්මාර්ට් ජංගම දුරකතනයකින් ලබාගත් අපහැදිලි දර්ශනවලින් පෙන්වන ලදි.    තානාපති කාර්යාලයට ළඟාවන ඔවුන් නැවතත් හරවා නවාතැන්වලට යැවූ බව වීඩියෝව පටිගත කළ කාන්තාව පැවසුවාය.    කෙසේ වෙතත්, රැකියා අහිමිවීම හා ආදායම අහිමිවීම නිසා එය තවදුරටත් ඔවුන්ට විකල්පයක් නොවේ. තම දරුවන්ගේ උවමනාවන් සැපිරීම වෙනුවෙන් තමාත් සහ තමන් වැනි බොහෝ අයත් මෙම දුක්කරදර පීඩා විඳින බව එම කාන්තාව පැවසුවාය.    “අපේ රට අපිව අමතක කළා” යැයි ඇය පැවසුවාය. 

srilanka 2021.01.6

    රට තුළ COVID-19 වෛරසයේ ව්‍යාප්තික ස්වභාවය නිසා තම නවාතැන් අතහැර යාමට බිය වූ මැදපෙරදිග සිටින ගැබිනි ශ්‍රී ලාංකික කාන්තා සංක්‍රමණික සේවිකාවන් පිළිබඳව ජුනි 8 වන දින වීඩියෝ මාලාවක් මගින් පෙන්වන ලදි.    ආදායම් නොමැති වීම නිසා ඖෂධ හෝ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවන අතර, තමන් රැකියාව සඳහා සංක්‍රමණය වී සිටින එම රටවල රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශවීමේ හිමිකම ද ඔවුන්ට නැත. 

 “ඊළඟ ගුවන් යානය කවදාදැයි අපි දන්නේ නැහැ, අපේ පවුල් වෙත යන්න ගෙදර යන්න අපි මාස ගණනක් බලා සිටියා. ශ්‍රී ලංකාවේ අපේ ස්වාමි පුරුෂයන්ටත් රැකියාවන් සහ ආදායම් මාර්ගයන් නැතිවයි ඉන්නේ. ”එක් ගර්භනී කාන්තාවක් පැවසුවාය.  

  නැවත සිය මව් රටට පැමිණීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටි ශ්‍රී  ලාංකික සංක්‍රමණික කම්කරුවන් පිරිසකට ජෝර්දාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ජුලි 28 වන දින, ඉකොනොමි නෙක්ස්ට් සහ නිව්ස්ෆර්ස්ට් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කරන ලදී.  

    කලින් මෙරටට ගෙන්වා දෙන බවට පොරොන්දු වී සිටි එමෙන්ම මාස පහක් පුරා රැකියාවක් හෝ වැටුපක් නොමැතිව සිටි කම්කරුවන් තම දුක්ගැනවිලි ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවේ දී ඔවුන් විසින් නිලධාරීන්ට පිටව යාමට ඉඩ නොදීම නිසා පොලීසිය කැඳවීම සිදුවී තිබුණි.    කඳුළු ගෑස් නිසා ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් කම්කරුවන් 20 ක් පමණ රෝහල් ගත කර තිබුණි.

  “අපව ඉක්මනින් ශ්‍රී  ලංකාවට ගෙන යන්න. නැතිනම් අපි මේ රටේ මැරේවි,” කාන්තාවක් පැවසුවාය.   රැකියාවක් සහ ආදායමක් නොමැතිව, බොහෝ විට ජීවත් වීමට ස්ථානයක් ද නොමැතිව සිටින දහස් ගණනක් වූ මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා නැවත මෙරටට පැමිණීම වෙනුවෙන් මේවන විට පවතින්නේ ඉතා දුෂ්කර හා ප්‍රමාණවත් නොවන ක්‍රියාවලියකි. 

  තවත් කිහිප දෙනෙකු නැවත මෙරටට පැමිණීම පිළිබඳව යම් ප්‍රවෘත්තියක් බලාපොරොත්තුවෙන්උද්‍යානවල නිදා සිටින අතර, අදාළ රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාල, සුභසාධන සංවිධාන හෝ පෞද්ගලික පරිත්‍යාගශීලීන් මගින් ඔවුන්ට යම් සහයන් ලැබී තිබේ.     මෙම ගුවන් ගමන් අවස්ථා දෙකකදී කල් දැමුණි. පළමුවැනි අවස්ථාවේදී ශ්‍රී  ලංකා රජය විසින් නැවත පැමිණෙන කම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් නොමැති බව ප්‍රකාශ කළ අතර දෙවැනි අවස්ථාවේ දී ඔක්තෝබර් මාසයේදී පුළුල්ව පැතිරුණු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු හේතුවෙන් ගුවන් ගමන් නතර කරන ලදී.   image 13aeba452cනොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ඩුබායි සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 4 ක් සහ අබුඩාබියේ සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කර තිබේ.    මෙම ගුවන් ගමන් වල සම්පූර්ණ ධාරිතාවෙන්, සංක්‍රමණික කම්කරුවන් 60 දෙනෙකුට සාමාන්‍යයෙන් සෑම ගුවන් යානයකින්ම ආපසු සිය මව්බිමට පැමිණීමට හැකි වී ඇති අතර, අබුඩාබියේ සිට පැමිණි ගුවන්යානාවලින් කම්කරුවන් 25 දෙනෙකු රැගෙනවිත් තිබේ.   

මෙසේ ‘ආපසු ගෙදර යෑමට’ හැකි වූයේ ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ගමන් බලපත්‍රය සඳහා මුදල් ගෙවීම නිසා නොව, මෙම කම්කරුවන්ට ගෙදර යාම සඳහා ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට පෞද්ගලිකපරිත්‍යාගශීලීන් ඉදිරිපත් වූ නිසාය

  ඩුබායි හි සහන සංවිධාන ජාලයක් සහ දෙරටේ ස්වේච්ඡා සේවකයන් හා ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් විසින් මෙය සිදු කර තිබේ.    ඔවුන් රැකියාව කරන රට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ නැවත මෙරටට පැමිණීම සඳහා ලියාපදිංචි වූවන්ගේ ලැයිස්තුව මත පදනම්ව පරිත්‍යාගශීලීන් විසින් එක් එක් කම්කරුවා සඳහා ශ්‍රී  ලංකා ගුවන් සේවය වෙතින් සෘජුවම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණි.  

ශ්‍රී ලංකා රුපියල් 62,000 ට සමාන එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩිරාම් 1,200 ක සාමාන්‍ය  ප්‍රවේශ පත්‍ර වටිනාකම අනුව ඩුබායි සිට ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා නැවත මෙරටට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ හිතවතුන් විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 කට අධික මුදලක් වියදම් කර තිබේ.     ආපසු පැමිණෙන මෙම සංක්‍රමණික කම්කරුවන් නොමිලයේ ලබාදෙන රජයේ නිරෝධායන පහසුකම් සඳහා යොමු කරනු ලැබ තිබේ. 

  මෙම ස්ථාන වලින් එන ඡායාරූප වලින් පෙනී යන්නේ එක් නිදා ගන්නා ස්ථානයක පුද්ගලයින් 30 දෙනෙකු පමණ සිටින බවයි. ඒ අනුව වෛරසය පැතිරීම අවම කිරීම සහතික කිරීම සඳහා ආරක්ෂිත සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එහි දී සිදුකළ නොහැකිය.       මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපති කාර්යාලය වාර්තා කල පරිදි ආයතනික, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු වලින් ‘යුතුකම’ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 (බිලියනය හයසිය පනස් නවයක් පහළොස් දහසක් එක්ලක්ෂ තිස්දෙකක්) බවයි.   

මසකට පසු, ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව අරමුදලෙන් රුපියල් මිලියන 400 ක් පමණක් එතෙක් වියදම් කර තිබුණි.    අතරමං වූ බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් ලබාදීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වේ.

  මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපති කාර්යාලය වාර්තා කල පරිදි ආයතනික, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු වලින් ‘යුතුකම’ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 කි.  අතරමං වූ බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් ලබාදීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වේ.  

කුවේට් රජය විසින් ‘ඔවුන්ගේ COVID රෝගීන් 19 දෙනා මෙහි එවීමෙන් අපට බෝම්බයකින් පහර දී ඇති’ බව අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍යයට පැවසීය.    මෙම කම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන බවත්, ඔවුන්ට රජයේ සහය ලැබිය යුතුය යන බවත් මෙම අමානුෂික භාෂාව නොසලකා හැර තිබුණි.   රැකියාවක් සොයා සංක්‍රමණය වන බොහෝ පිරිමින් සහ කාන්තාවන් එසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්කර ගම්බිම්වල ඔවුන්ට රැකියා අවස්ථාවයන් නොමැතිවීම නිසා ඇති වන අධික දරිද්‍රතාවය සහ ණයගැතිභාවය හේතුවෙනි.   

ඔවුන්ගේ ආධාරය වෙනුවෙන් තිබෙන සුභසාධන සංවිධානවලට අනුව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රැකියා සංවිධානය කළ ඒජන්සි විසින් ද නොමඟ යවා තිබේ.    පැමිණීමේ වීසා මත මැද පෙරදිග හෝ ගල්ෆ් රටවල් වෙත යාමට ඔවුන්ව දිරිමත් කර තිබෙන අතර, පැමිණීමේදී රැකියාවක් සහතික වන බව සඳහන් කරමින් අධික ලෙස ගාස්තු අය කර තිබේ.    වසංගතයේ සන්දර්භය තුළ, 2020 මැද භාගයේදී පවා එම රටවල රැකියා සඳහා අඩු ඉල්ලුමක් පැවති විට දී පවා මෙය සත්‍යයක් විය. 

  ඉතාම සීමිත ඉපැයීම් ද සහිතව ඔවුන් ආපසු නිවසට පැමිණෙන විට, පසුගිය මාස කිහිපය තුළ දිවි ගලවා ගැනීමෙන් බොහෝ වෙහෙසට පත්ව සිටින ඔවුන්, විශාල ණය බරක් සහිතව හා ශ්‍රී  ලංකාවේ ස්ථීර රැකියාවක් ද නොමැතිව සිටින බවට සැකයක් නැත.    තම විදෙස්ගත රැකියාවන් නිසා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දායකවන ප්‍රේෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ව්‍යාපාරික නායකයින් විසින් ප්‍රශංසා කරනු ලැබුවද, මෙම සංක්‍රමණික කම්කරුවන් බොහෝ ආකාරයන්ගෙන් අමතක කොට තිබේ.    නොවැම්බර් මාසය වන විට මැද පෙරදිග රටවල් වලින් මරණ 90 ක් වාර්තා වී ඇති අතර සෞදි අරාබිය සහ කටාර් රටවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. 

  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මෙම මරණ රටේ දේශීය මරණ සංඛ්‍යවලට එකතු නොවේ.    ශ්‍රී  ලංකා ආර්ථිකයට ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ‘රටවිරුවෝ’ හෝ රටේ වීරයන් ලෙස හඳුන්වනු ලබන ඔවුන්, වාර්ෂික ගණනය කිරීම් වලදී නොසලකා හැරීම හා ඔවුන්ට දැඩි අවශ්‍යතාවයක් ඇති මොහොතක දී  නොසකලා හැරීම පිළිගත නොහැකිය.   සංක්‍රමණික සේවකයින්ට පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ ත්‍යාගශීලීභාවය මත විශ්වාසය තැබීමට සිදුවී ඇත්තේ ශ්‍රී  ලංකා රජය විසින් තම පුරවැසියන්ට ලබා දිය යුතු ප්‍රමිතිගත රැකවරණය ලබා නොදීම හේතුවෙනි. 

  සංක්‍රමණික සේවකයින්ට පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ ත්‍යාගශීලීභාවය මත විශ්වාසය තැබීමට සිදුවී ඇත්තේ ශ්‍රී  ලංකා රජය විසින් තම පුරවැසියන්ට ලබා දිය යුතු ප්‍රමිතිගත රැකවරණය ලබා නොදීම හේතුවෙනි.   

කෙසේ වෙතත්, ආපසු ගෙදර එන කම්කරුවන් සඳහා, ටිකට් පත් සඳහා දායක වන අයගේ ත්‍යාගශීලීභාවය පිළිබඳව ඔවුහු ඉතාමත්ම කෘතවේදී වෙති.     “ස්තූති කරන්න මට වචන නැහැ,” මේ මාසයේ පෞද්ගලික පරිත්‍යාග මගින් ආපසු පැමිණිය හැකි වූ තරුණියක් පැවසුවාය.  

dvfdf

යුක්රේනයෙන් පැමිණි සංචාරකයින්ගේ පළමු ගුවන් ගමන දෙසැ. 29 වන දින සිදුවිය  

දැඩි මාර්ගෝපදේශ යටතේ ගමනාන්ත තෝරා ගැනීම හරහා පාලිත ‘සංචාරක බුබුලු’ මගින් ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ පැමිණීම නැවත ආරම්භ කිරීමේ සැළසුම් දෙසැම්බර් අග දී රජය විසින් නිවේදනය කරන ලදි.     යුක්රේනයෙන් පැමිණි මෙවැනි සංචාරකයින්ගේ පළමු ගුවන් ගමන දෙසැම්බර් 29 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසින ලදි.     ශ්‍රී ලංකාවට වඩා යුක්රේනයේ ජනගහනය අතර COVID-19 රෝගීන් 13 ගුණයක් සහ මරණ 50 ගුණයක් ඇති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන ලදි.    

ශ්‍රී ලංකාවට වඩා යුක්රේනයේ ජනගහනය අතර COVID-19 රෝගීන් 13 ගුණයක් සහ මරණ 50 ගුණයක් ඇති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන ලදි.    

ගුවන් යානය ගොඩබෑමෙන් මොහොතකට පසු, ඔවුන් වෙත මහත් පිළිගැනීමක් පෙන්වන ඡායාරූප මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඒ අනුව සංචාරකයින් නිසි ලෙස මුව ආවරණ පැළඳ නොසිටි බව ද දක්නට ලැබුණි.   ගල්ෆ් කලාපයේ අතරමංව සිටින ශ්‍රී  ලාංකික සංක්‍රමණික කම්කරුවන් තමන්ගේ රට විසින් තමන්ව දැඩි ලෙස අධෛර්යයට ලක් කිරීම පිළිබඳව තම හැඟීම් ෆේස්බුක් හරහා ප්‍රකාශ කරන ලදි.    ආපසු පැමිණීමට ටිකට්පත් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නැති බව පවසමින්, ‘අපේම අය’ ආපසු ගෙදර ගෙන ඒමට උත්සාහ කළ නොහැක්කේ මන්දැයි ඔවුන් විසින් විමසා තිබුණි. 

  “විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදලින් පෝෂණය වන අය විදේශිකයන් රට ඇතුළට ගෙන එනවා. ලැජ්ජයි, ගෝඨාබය මහත්තයා, මම කතා කරන්නේ ඔබට ඡන්දය දුන් අයෙකු විදිහටයි,” අයෙක් පවසා තිබුණි.  

ජනතාවගේ පූර්ණ බලාපොරොත්තු සුන්වීමකදී, නායකයින්ට ඡන්දය දුන් එම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම ඇත්ත වශයෙන්ම ලැජ්ජාවකි.   පෞද්ගලික පරිත්‍යාගශීලීන් හරහා ශ්‍රී ලංකාවේ ත්‍යාගශීලිත්වය නිරන්තරයෙන් වසරක් පාසා ව්‍යසනයන්ට මුහුණ දෙන ආකාරය අතිමහත්ය.    ඒ අතරම, බොහෝ දෙනෙකුට – විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී මෙම කම්කරුවන්ට මෙන් – රාජ්‍යයේ සහන අසාර්ථක වීම කණගාටුවට කරුණකි. ඔවුන්ට නැවත සිය රට බලා යාමට පෞද්ගලික පරිත්‍යගශීලීන් මත යැපීමට සිදුව තිබේ.

  (අමලිනි ද සයිරා -Amalini de Sayrah විසිනි)ලේඛිකාව විමුක්ති ව්‍යාපාරයේ සාමාජිකාවකි 
theleader.lk