Friday, September 27, 2024
Home Blog Page 60

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක්

0

මියන්මාරය තුල ප්‍රජාතන්ත්‍රවාදි අරගලයට නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජාතික ලිගය පසුගිය නොවැම්බර් මාසයේදි පැවැති මැතිවරණයෙන් යළිත් වරක් අතිවිශිෂ්ට ජයක් අත් කර තිබුණද ඒ ජනතා කැමැත්තට පිළිගැනිමට අකමැති වු හමුදා පාලකයන් මේ වන විට හමුදා කුමන්ත්‍රණයක් දියත් කරමින් ඡන්දයෙන් පත්වු දේශපාලන නායකයන් බලහත්කාරයෙන් රදවා තබාගෙන සිටිති

හමුදාවට අයත් රූපවාහිනි නාලිකාවක් හරහා හමුදාව ප්‍රකාශ කර ඇත්තෙ එරට හමුදා නායකයා වෙත මේ වන විට රට පාලනය කිරිමේ බලය පවරා ඇති බවය.ජාතික රුපවාහිනි විකාශ අක්‍රිය කොට ඇති අතර ජංගම දුරකථන සේවා සන්නිවේදනයට මේ වන විට බාධා එල්ල වෙමින් තිබේ

ඉතාලිය ගැන ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාවද්‍ය තොරතුරු රැගෙන ඒම…

0

.පසුගියදා ඉතාලියේ මෑත යුගයේ ජනහද දිනාගත් අග්‍රාමාත්‍යවරයා වන Giuseppe Conte මහතා තමන්ගේ අග්‍රාමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්විය.

එම ප්‍රවෘත්තිය ලෝකය පුරාවටම සැනකින් ප්‍රචාරය වීමට එක් හේතුවක් වූයෙ ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ජනහද දිනූ බලයට ධනයට කෑදර නොවූ දේශපාලඥයකු වශයෙන් ඉතාලියේ බහුතරයක් අතර හොඳහිත දිනාගත් අතරන ජනප්‍රියත්වය ගිලිහී නොගිය ජන නායකු වීමය.

ලහි ලහියේම මෙම ප්‍රවෘත්ති ය ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා වලද ඔවුන්ගේ වෙබ් අඩෙවි වලද උණු කැවුම් ලෙස අලෙවි වන්නට විය
……අහෝ කරුමයකි..
සියල්ල කනපිට හරවමින් කොරෝනා අරගෙන ආවේ ඉතාලියේ අය තමයි කියා පසුගිය වසරේ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගිය ශ්‍රමිකයන් ගේ කරපිටින් යැවීමට දැරූ උත්සාහයත්,ඉතාලියේ කොරෝනා ආසාදනයෙන් මියගිය මෘතශරීර කොකු වලින් ඇද සමූහ මිනීවලල් කරා රැගෙන යෑම පිළිබඳව අසත්‍ය සාවද්‍ය තොරතුරු සැපයූ සේම ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ගේ ඉල්ලා අසවීමද කෝවිඩ් පාලනය කිරීමට අසමත් වූ හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවිය යැයි පට්ටා ගසන්නට විය.

ශ්‍රී ලාංකීය මාධ්‍ය මෙසේ ඉතාලියේ පිළිබඳව වෛරයකින් සාකච්ඡා කරන්නේ මන්දැයි ගැටලුවකි.එයට රටේ වගකීම් දරණ නියෝජිතයින්ද සිටි බැව්,ඒ අතර අජිත් රෝහණ,පාදෙනිය වඩාත් කැපී පෙනුන චරිතයක් විය.

ඒ පිළිබඳව මා පසුගිය වසරේ විශාල විරෝධතා සටහන් ඉදිරිපත් කල අතර මුහුණු පොතේ සහෘදයින් විසින් මා හට ශක්තිමත් පවුරක් ලබාදුනි.ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය දක්වා එම සාවද්‍ය තොරතුරු රැගෙන යැමට හැකිවිය.ඒ අතර රටේ උගත් නූගත් මෙන්ම සම හරක් සංඝරත්නය ද විශාල වශයෙන් ඉතාලියට පහර ගසන්නට විය.

ඒ අන්දමටම ඉතාලියේ ජාති ආගම් භේදයකින් තොරව ආදරය ප්‍රසාදය හිමිකරගෙන සිටි අග්‍රාමාත්‍යවරයා ගේ ඉල්ලා අස්වීමද සාවද්‍ය ලෙස අසත්‍ය පට්ටපල් බොරුවක් ගොතා ප්‍රචාරය කිරීමට දෙරණ ,සිරස,ස්වාධීන රූපවාහිනිය,සහ ඔවුන්ගෙන් ප්‍රවෘත්ති ඩැහැගන්නා අනෙකුත් මාධ්‍ය බොරු ප්‍රචාරය තරඟ කාරීව රැගෙන ගියහ.මුද්‍රිත මාධ්‍ය වලත් එසේම විය,විශේෂයෙන්ම “දිවයින” ද එලෙසම සඳහන් කර තිබුනි.(මේ වනවිට වෙනස් කර ඇත්දැයි නොදනී)

එහෙත් සත්‍ය වශයෙන්ම ඔහුගේ අස්වීමට වඩා “ඉවත්වීම” යැයි සඳහන් කිරීම ඔහුට අපවිසින් කරනා ගෞරවයක් වනු ඇතැයි මම සිතමි.සත්‍ය වූ කලී…

පසුගිය සතියේ ඔහු ඉතාලියේ පාර්ලිමේන්තු වේ දී විශ්වාසභංගයකින්ද(මන්ත්‍රී සහ සෙනට් සන්හික සංඛ්‍යාවෙන්) ජයග්‍රහණය කලේ ඉතාලිය නම් වූ නැව පදවාගෙන යෑමට හැකි එකම කපිතාන් වරයා ඔහු වූ හෙයිනි.ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් මෙන් නොව ඔහු උගත් නීතීඥවරයෙකි.එමෙන්ම ඔහු වාමාංශික දේශපාලඥයෙකු වශයෙන් ජනප්‍රිය ලෙස පසුගිය කාලය පුරාවටම කෝවිඩ් වසංගතය පාලනය කිරීමට හැකිවූ එකම නායකයා විය.ඉතාලියේ පාර්ලිමේන්තුවේ කොටස් දෙකකින් සමන්විත වන අතර…..🔹 නියෝජිත මන්ත්‍රී මණ්ඩලය630🔹ඉතාලිය තුලින් තේරී පත්වන මන්ත්‍රීන් 618 🔹 විදේශ රටවල්වල රටවල් වල ජීවත් වන 🔹ඉතාලි ජාතිකයින් අතරින් මන්ත්‍රීන් 12 🔹සෙනෙට් සභාවයි 400

අභ්‍යන්තර ගැටුම් ඕනෑම රටක ඕනෑම දේශපාලන පක්ෂය ට ඇතිවනවා සේම අභාග්‍යසම්පන්න ලෙස මෙම අකාරුණික මොහොතේ Italia Viva වාමාංශික පක්ෂය අභ්‍යන්තර ගැටුම් හේතුකොටගෙන Giuseppe Conte අග්‍රාමාත්‍යවරයාගේ රජයෙන් ඉවත් වූවා. ඒකට හේතුව වූයේ ඇමතිවරුන් දෙදෙනෙකු සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඉවත් කර ගැනීමයි.✨️✨️

අලුතින් 🔹මන්ත්‍රීන් සංඛ්‍යාව 630සිට 400 දක්වා ද 🔹සෙනෙට් සභිකයින් 315 200 දක්වා ද 🔹අඩු කර ඇත(ඉදිරියේදි මෙම වෙනස්කම)

ඔවුන් ඉවත් වී ගියත්,නියෝජිත මණ්ඩලය,ඉතාලියේ අන්දමට Camera dei Deutati ශක්තිමත් වුවත්,අදාල පක්ෂය නියෝජනය කරන සෙනෙට් සභිකයින් 16 ඉවත්ව ගියායින් පසුව, බහුතරය පිළිබඳව ගැටලුවක් ඇතිවීම හේතුවෙන් සෙනෙට් සභිකයින් සහ මන්ත්‍රී සභිකයින්ගේ විස්වාසය ලබා ගැනීමට විශ්වාසභංගයකට යෑමට අග්‍රාමාත්‍යවරයා ට සිදුවූවා….එහිදී……..නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කිරීමට හැකි වුවත්,ඔහුටසෙනට් සභාව ජයග්‍රහණය කළේ සුළු ඡන්ද සංඛ්‍යාවකි….එහි බහුතරයක් ලබගැනීමට නොහැකි වුණා

(ඒ පිළිබඳව මා සටහනක් එදින ඉදිරිපත් කළෙමි)ඉතාලියේ රජය ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේදී මන්ත්‍රී සභිකයින් ගේ මෙන්ම සෙනෙට් සභිකයින්ගේ ද අනුමැතිය ලබාගත යුතු බැවින් ඡන්ද 155 කින් පමණක් ජයග්‍රහණය කළ සෙනට් සභාව ඉදිරියට ආණ්ඩුව ගෙන යෑමට බාධාවක් වීම නොවැලැක්විය හැකියි.එය අග්‍රාමාත්‍යවරයා වටහා ගත්තා.ඔහුට අවශ්‍ය වූයේ සෙන්ට් සභිකයින්ගේද බහුතරයක් . ශ්‍රී ලංකාවේ මෙන් පනින සහ පන්නාගන්න ගෙම්බන් ඉතාලියේ නොමැති වීමත් නීතියට ගරුකරන ජනතා හිතවාදී Conte තමන්ගේ රජය නැවත ජනාධිපති වරයාට භාර කරා…

ඒක CovID-19 පාලයන කරගැනීමට නොහැකි වීමක් වන්නේ කෙසේද ?සෙනෙට් සභාවේ බහුතරයක් නොමැති වීමෙන් ඔහුට එහි පාලනය කිරීම අපහසු කරුණක්.

ආණ්ඩුව තුල නොසිටි සමහර කණ්ඩායම් මෙම මොහොත වන ව්ට Giuseppe Conte සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වමින් සිටින මොහොතක මේ සටහන තබන්නට හැකිවීම සතුටට කරුණක්.දක්ෂිණාංශික දේශපාලන හස්තයන්ගේ බලපෑම උඩ ඉතාමත් බුද්ධිමත් ඔහු ඉල්ලා අස්වූවත් …..නොදුරු අනාගතයේදී නැවත සෙනට් සභාවේ බහුතරයක් ඇතැතිව ඉතාලිය නම් නැව්කාවේ කපිතාන් වරයා වන්නට බොහෝ සේ ඉඩ ඇතිබවට මාගේ විශ්වාසයයි(ඉතාලියේ මාධ්‍ය අදහස් වලට අනුව)

සත්‍ය වශයෙන්ම සෙනෙටි හි බහුතරයක් නොමැතිවද ඔහුට රජය පවත්වාගෙන යෑමට හැකියාව තිබුනත්…නිරහංකාරයේ පරිසමාප්තියෙන්ම ඔහු ඉවත් වී ගියා.මේක ශ්‍රී ලාංකීය දේශපාලඥයන් හට මෙන්ම,ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට අසත්‍ය ප්‍රවෘත්ති ලබාදෙන වන්දිභට්ටයින්ට විශාල පාඩමක් කියාදීමක් වැන්නක්….
.ශ්‍රී ලාංකීය වනචර මාධ්‍යද මීට වඩා සැලකිලිමත් වූවා නම් ….✨️අඩුපාඩු ඇතොත් දන්වන්න
©එමිල් රෝහන්

අතහරින්නට බැරිව,අත් හැරිය ජුසෙප්පේ කොන්තේ ….

0

මේ ඔහුගේ කතාවයි

ඉල්ලා අස්වීමේ මගේ අභිප්‍රාය සන්නිවේදනය කිරීම සඳහා අද උදෑසන මම අමාත්‍ය මණ්ඩලයක් කැඳවූයෙමි. ටික කලකට පසු මම ජනාධිපති Mattarella අතේ ඉල්ලා අස්වීමට Quirinale වෙත ගියෙමි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රජය සභා දෙකම කෙරෙහි විශ්වාසය දිනා ගත් අතර, සභා ගර්භයේ නිරපේක්ෂ බහුතරයක් සහ සෙනෙට් සභාවේ සාපේක්ෂ බහුතරයක් ලබා ගත්තේය. කෙසේවෙතත්, රට ඉතා දුෂ්කර කාලයක් පසුකරමින් සිටී. දැන් වසරක් තිස්සේ අපි සැබෑ හදිසි අවස්ථාවකට මුහුණ දී සිටිමු.

පුරවැසියන්ගේ පුළුල් දුක් වේදනා, ගැඹුරු සමාජ දුෂ්කරතා සහ ආර්ථික දුෂ්කරතා සඳහා පැහැදිලි ඉදිරිදර්ශනයක් සහ විශාල හා වඩා ආරක්ෂිත බහුතරයක් ඇති රජයක් අවශ්‍ය වේ. එබැවින් ජනරජයේ ඉරණම හදවතින්ම ඉඩ දීමේ පාර්ලිමේන්තුවේ මතුවීමට කාලයයි. මගේ ඉල්ලා අස්වීම මෙම හැකියාවෙන් සේවය කරයි: ජාතික ගැලවීමේ අපේක්ෂාවක් සපයන නව රජයක් පිහිටුවීම.

අපට වෙනස් ආකාරයකින් සාක්ෂාත් කරගත හැකි ආකාරවලින්, පැහැදිලි යුරෝපීය ගැති පක්ෂපාතීත්වයකින්, බලපෑම් කරන තීරණ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති, සමානුපාතික මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අනුමත කිරීමට සහ ඵලදායී විශ්වාසය වැනි ආයතනික හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අපට අවශ්‍යය.

දේශපාලන ක්‍රමයේ වැඩි ස්ථාවරත්වයක් සමඟින් නියෝජනයේ බහුත්වවාදය සහතික කරයි. මෙය වැදගත් ය. අපේ ජාතිය එහි සුන්දරත්වයේ පූර්ණත්වයෙන් බැබළෙන පිණිස අපේ රට ඉක්මනින් නැඟිට වසංගතය හා එය ඇති කළ ඛේදවාචකයන් පිටුපස තබමු. මගේ පැත්තෙන්, මේ රජය තුළ පවා නව රජය බලයට පත්වන තෙක් මම දිගටම කටයුතු කරගෙන යනු ඇත.

වගකීම පිළිබඳ හැඟීමකින් හා ගැඹුරු කැපවීමකින් යුතුව මම රට වෙනුවෙන් මගේ සේවය දිගටම කරගෙන යන්නෙමි. ප්‍රතිඵල අත්කර ගත් විට සහ ලබා දුන් පිළිතුරු පුරවැසියන්ගේ අපේක්ෂාවන් සපුරාලන බවක් නොපෙනුනත්, මගේ කාර්යයන්, සමස්ත රජයේ සහ අපට සහාය දුන් බහුතර බලවේගයන්ගේ ලක්ෂණ මේවාය.

සැබවින්ම වැදගත් වන එකම දෙය නම් ඉතාලියට නායකත්වය දීමට කැඳවනු ලබන්නේ කවුරුන්ද යන්න ඉක්මවා ජනරජයට හිස ඔසවන්නට හැකි වීමයි. එවිට අපි සියල්ලෝම ජය ගනිමු, මන්ද ඉතාලිය ජය ගනු ඇත. මා සම්බන්ධයෙන් ගත් කල, ඔබ සැමවිටම මාව සොයා ගනු ඇත, ශක්තිමත් හා උද්‍යෝගිමත්, අපේ රටට ප්‍රීති ඝෝෂා කරයි.
(එමිල් රෝහාන්ගේ ෆේස් බුක් පිටුවෙනි )

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සහ මම….!!!!

0

පහුගිය දවස් කීපය තිස්සෙ ම බුකියෙ කතා බහ ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය ගැන. ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමග තානාපති සබඳතා ඇති කර ගැනීම සම්බන්ධ කැබිනට් තීරණය ගැන.

මම නම් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමග සම්බන්ධකම් ඇති කරගෙන දැන් අවුරුදු කීපයක්..!

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය ස්විට්සර්ලන්තයත්, ඔස්ටි්‍රයාවත් අතර පිහිටා තියෙන කඳුකර කුඩා බිම්කඩක්. රටේ එක් කෙළවරක ඉඳන් අනෙක් කෙළවරට කිලෝ මීටර 24 යි.

මුළු රටේ ම ප්‍රමාණය වර්ග කිලෝමීටර 160 ක්. ජනගහනය හතලිස් දාහක් විතර. බොහොම පෝසත් රටක්. ලෝකයේ ඕනෑ ම රටක සමාගමක් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ලියාපදිංචි කරන්න පහසුකම් සලසා තියෙනවා.

බදු ගෙවන්නන්ට තව්තිසාවක් නිසා ලෝක ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ වෙළඳ සමාගම් දහස් ගණනක් එහි ලියාපදිංචි කරලා තියෙනවා.

ෆඩුට්ස් අගනුවර ඇති ලිච්ටෙන්ස්ටයින් මාළිගය 1840 ගණන් වල දී ඉදි කරන ලද්දක්. ඉපැරණි කලාකෘති හා වෙනත් ඓතිහාසික සිහිවටන පිරි නවීන ගෘහනිර්මාණ ලක්‍ෂණයෙන් පෝෂිත ජාතික කෞතුකාගාරය ඉදිකෙරුණේ 2000 වසරේ දී.හරි ම සුන්දර, පිරිසිදු රටක්.

යන්න හිතෙන රටක්. ඉන්න හිතෙන රටක්.මට නම් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ලියාපදිංචි කළ සමාගම් නෑ. ඒත් හිත බැඳුණු බැල්ලියක් ඉන්නවා. හැබැයි ඒකිත් කෞතුකාගාරයේ පුළුන් පුරවපු එකියක්….!
(සමන් අතාවුදහෙට්ටිගේ ෆේස් බුක් පිටුවෙනි )

කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විද්වත් මණ්ඩලයකින් යෝජනා

0

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා ඇත්තේ කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය  හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ශ්‍රීලංකාවතුළ ඒ ආකාරයෙන්  ආදාහනය අනිවාර්‍ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි.

ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.

” කොවිඩ් ආසාදිත ව මිය යන අයගේ දේහයන් කළමණාකරණයට පත්කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්‍යෙ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ශා කරමු”

ලෙසද අදාල සිව් පුද්ගල කමිටු නිවේදනයේ දැක්වේ.

newswire.lk

adstudio.cloud

කොවිඩ් සුවවු ඇමති දයාසිරි රෝගීන් වෙනුවෙන් රජයෙන් කළ විශේෂ ඉල්ලීම…

0

පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි. මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි.

එසේ ම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි. එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි.

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත.

මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි. ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වුණ වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයංව නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි.

එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි. එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නෙ ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම් දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි. මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම.

එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි !

මම :- දයාසිරි ජයසේකර

2021.01.21
උපුටා ගැනිම – නිව්ස්වය

උඹ මනුස්සයෙක් නම් මාත් මනුස්සයෙක් ! ජෝති ගැන නිහාල් කියපු දේ .

0

නිහාල් නෙල්සන් නමැති දේශපාලන දාර්ශනිකයා!!!

මෙහි 12.40 සිට 13.35 දක්වා කොටසට හොදින් සවන් දෙන්න. එහි නිහාල් නෙල්සන් ජෝතිපාල ගැන කතා කරයි. එහිදී ඔහු නූතන දේශපාලන දර්ශනය පැත්තෙන් ගත් කළ ඉතා මනරම් ප්‍රකාශයක් කරයි. ඒ ජෝතිපාල මිනිසුන් ඇසුරු කළ ආකාරය පිළිබදවයි. නිහාල් නෙල්සන් කියන ආකාරයට ජෝතිපාලගේ මිනිස් ඇසුර පසුපස පැවැතියේ එකම එක කොන්දේසියකි. ඒ ‘‘උඹ මනුස්සයෙක් නම් මමත් මනුස්සයෙක්‘‘ යන කොන්දේසියයි.මා සිතන්නේ වර්තමානයට අවශ්‍ය දේශපාලන දර්ශනයේ පදනම මේ වචන කීපය තුළ ගැබ් වී ඇත. කිසිම ජාතිකවාදයකට මේ කොන්දේසිය සැපිරීමට නොහැක.
(නිර්මාල් රංජිත්ගේ ෆේස් බුක් පිටුවෙනි )

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

0

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි)

මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය පළ කිරීම සදහා සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කරතිබූ විරෝධතාවය තහනම් කිරීමට   බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්  පියවරගෙන තිබේ.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරන  සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය එම තහනම් කිරීම ගැන බලවත් විරෝධය පල කරයි.

එහිදී බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවට ගොස් අදාළ විරෝධතාවයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට කටයුතු කරතිබීම තම ව්‍යාපාරය සලකන්නේ එක රටක් එක නීතියක් යන ආණ්ඩුව පෙනී සිටින ප්‍රමුඛ මූලධර්මයට හිතාමතාම පිටුපා යාමක් ලෙස බවත්   බුත්තල ප්‍රදේශයේ ජනතාවට පමණක් වෙනස් ආකාරයකට ක්‍රියා කිරීමට චේතනාන්විතව කටයුතු කිරීමක් ලෙස බව එම නිවෛ්දනයේ දැක්වේ.

එම නිවේදනය තව දුරටත් මෙසේ දක්වයි.

අදහස් පල කිරීමේ අයිතියද ඇතුලත් භාෂණයේ නිදහස මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම තහවුරු කරඇති ජනතාවගේ අයිතියකි. විශ්ව මානව අයිතියකි. එම අයිතිය අභ්‍යාස කරමින් පසුගිය දිනවල සමගි ජන බලවේගය විසින් සංවිධානය කරතිබූ විරෝධතා ව්‍යාපාර ගණනාවක්ම විය. කොළඹ, නාත්තන්ඩිය, හැදල, මාතර, දික්වැල්ල හා දෙවිනුවර යන ස්ථානවල එම විරෝධතාවයන් බාධාවකින් තොරව පැවැත්විණ. එහෙත් එම කිසිදු අවස්ථාවකදී පොලීසිය අධිකරණය හමුවට ගොස් වාරණ නියෝග ලබාගැනීමට කටයුතු කර නොතිබිණි.

මෙම තත්වය තුළ බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා පමණක් වෙනස් ආකාරයට ක්‍රියාකර තිබීමෙන් පෙනී යන්නේ එක්තරා අන්දමකට ඔහු ආණ්ඩු විරෝධී මතදැරීම නොරුස්සනා අයෙක් වන බවය. අනෙක් අතට රටේ අනෙකුත් ප්‍රදේශවලට බලනොපෑ තත්වයක් එම පොලිස් බල ප්‍රදේශයට පමණක් අදාළ කරගනිමින් අධිකරණය ද නොමග යවා මහජන අයිතියත් කඩ කරන ලද රාජ්‍ය නිළධාරියෙකු ලෙසය.

එබැවින් බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ගෙනඇති මෙම අයුතු ක්‍රියාමාර්ගය පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස අප සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, රටේ ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට උල්ලංඝණය කිරීමට කිසිවෙකුට ඉඩක් ලබානොදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ  සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි   ප්‍රධාන ලේකම්  පාලිත ලිහිණියකුමාර විසිනි.
srilankabrief

ඇමති ජොන්ස්ටන් සතොස නඩුවෙන් නිදහස් …

0

2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද නිගමනය කර තිබෙන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කර තිබුණ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබූ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබුණ

එම නියෝගයට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබුන අතර එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත් විනිසුරුවරයා අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔහුව නඩු කටයුතුවලින් මුදා හරින ලෙසටත් මෙම තීන්දුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙසට මිට පෙර නියෝග කර ඇත

මුල්ලිවයික්කාල් ස්මාරක විනාශය කිරීම බ්‍රිතාන්‍ය මැතිසබේ රැව් දෙයි

0
messenger sharing button

යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වු ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා  තිබේ.    1997 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා (Siobhain McDonagh), මීලඟ මාර්තු මාසයේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.  

Siobhain McDonagh

Siobhain McDonagh  

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජපක්ෂ සහෝදරයන් දැඩි ලෙස විවේචනය කළ මැක්ඩෝනා මන්ත්‍රීවරිය, සිවිල් යුද්ධයේ අවසාන පරිච්ජේදයේ දී තමන්ගේම රටවැසියන් දහස් ගණනින් ඝාතනය කිරීමේ භූමිකාව හේතුකොටගෙන රාජපක්ෂවරුන්  මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනාවලට මුහුණ දී සිටින අය  බවද කියා සිටියා ය.

   ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ප්‍රබලතම කොන්දේසි ඇතුලත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමින් ගෝලීය තලයේ සිය නායකත්වය සනාථ කරන ලෙස ඇය  බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

  ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ප්‍රබලතම කොන්දේසි ඇතුලත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමින් ගෝලීය තලයේ සිය නායකත්වය සනාථ කරන ලෙස බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා, බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

  “මෙසේ යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයිකාල් දෙමළ වර්ග සංහාර ස්මාරකය විනාශ කිරීම, සදාකාලික සාමය සඳහා වන මාවතේ ශ්‍රී ලංකාව ගෙනයාම සඳහා අවශ්‍ය යුක්තිය සහ වගවීමට හානි පමුණුවන ක්‍රියාවකි.”    ඇයට අනුව ප්‍රබල යෝජනාවක් ගෙන ඒමෙන්, ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට සහාය දැක්වීමේ බ්‍රිතාන්‍යයේ ස්ථාවරය ඉහළින්ම පිළිගැනීමට ලක් වෙනු ඇත.  

 “ශ්‍රී ලංකාවේ නොකඩවා සිදුවෙමින් පවතින මෙවන් අසාධාරණයන්ට එක්සත් රාජධානිය ප්‍රතිචාර දක්වන ආකාරය සහ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට දක්වන සහාය අනුව ජාත්‍යන්තර තලයේ අපගේ නායක කාර්යභාරය පිළිබඳ දැවැන්ත මනා අවබෝධයක් ලබා දෙනු ඇත.”   ෂිවොන් මැක්ඩෝනා ට අවශ්‍යව ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම  නව යෝජනාවක් ගෙන ඒමට එකඟ වීමයි.   

එහි දී, එම යෝජනාවට අඩංගු විය යුතු කරුණු ලෙස අවධාරණය කළ යුතු යැයි කල්පනා කරන කරුණු පාර්ලිමේන්තු කතාවේ දී ඇය මෙසේ දක්වා ඇත්තීය.   “මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් මානව හිමිකම් අධීක්ෂණය කෙරෙන බව තහවුරු කෙරෙන  යෝජනාවක්, මෙයට කලින් සිදු කෙරුණු එක්සත් ජාතීන්ගේ විමර්ශන මත පදනම් වී, අනාගත විමර්ශන සහ නඩු පැවරීම් සඳහා සාක්ෂි රැස්කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට වරය ලබාදෙන යෝජනාවක් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදුසු විකල්ප පිළිබඳ වාර්තාවක් පිළියෙළ කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිනු ලබන්නාවු  යෝජනාවක්,” යනාදී ලෙසිනි.  

 මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තම රට විසින් මීට පෙර දී පෙන්නුම් කර ඇති පරිදි තම ගෝලීය නායකත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට මාර්තු මාසයේ දී එළඹෙන මෙම අද්විතීය අවස්ථාව පාවිච්චි කරන බවට සහතික වන ලෙසත්, එමගින් සිය ජාතිය සැබවින්ම ගෝලීය බ්‍රිතාන්‍යයම බව ජාත්‍යන්තර වේදිකාවට පෙන්වීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරිය ආණ්ඩුවට දැඩි ලෙස කියා සිටී.

  ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ඉහල තානාන්තර සඳහා, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ හමුදා සෙන්පතියන් මෙන්ම දූෂණ, ප්‍රචණ්ඩ ක්‍රියා සහ සාමාන්‍ය අපරාධ චෝදනාවලට ලක්වූ දේශපාලනඥයන් පත් කර ඇති බව ද ඇය සිය කතාවේදී වැඩි දුරටත් පෙන්වා දුන්නාය.  

වර්තමාන ශ්‍රී ලංකාණ්ඩුව යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ද ඉවත් විය.    2020 පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේ, වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාණ්ඩුව තීරණය කර ඇති බව යි.  
theleader.lk