Sunday, September 22, 2024
Home Blog Page 6

ඇප ලැබුණු විරෝධතාකරුවෝ රෝහලට…

0

සමාජවාදි තරුණ සංගමයේ ඊයේ පැවැති විරෝධතාවයේදි අත්අඩංගුවට ගත් ක්‍රියාකාරින් 84 අද සවස් වරුවේ ඇප ලැබි තිබුණි.

ඉන් 80 දෙනෙකුට පොලිස් ඇප ලැබි තිබුණි.

මෙසේ ඇප ලැබුන ප්‍රධාන ක්‍රියාකාරින් කෙලින්ම ගොස් තිබු⁣නේ රෝහලටය.ඒ ඊයේ ඉතාමත් අමානුෂික ලෙසින් පොලිස් පහරදිම් වලට ලක්වු සිය සටන් සගයන්ගේ සුවදුක් විමසිම සඳහාය.

එරංග ඇතුළු විරෝධතාකරුවන්ට ඇප …

0

සමාජවාදි තරුණ සංගමය විසින් ඊයේ සංවිධානය කර තිබුණ උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කළ අමානුෂික ප්‍රහාරය සහ 84 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට ඒරෙහිව බරපතල විවේචන එල්ල වෙමින් තිබුණි.
මේ අතර අත්අඩංගුවට ගැනුන සියළු දෙනා අද පෙරුවරුවේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබුන අතර සවස් වරුවේ උසාවියට ඉදිරිපත් කරන්නට යෙදුන අතර එහිදි සමාජවාදි තරුණ සංගමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන එරංග ගුණසේකර ඇතුළු පිරිසට ඇප ලැබි තිබුණි.


ගුරු සංගම් ප්‍රධානියෙකු වන මයුර සේනානායක මේ ඇප ලැබිම ගැන සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි.

අත්අඩංගුවට ගත් 83 දෙනාගෙන් අසූ දෙනෙකුට පොලිස් ඇපමහානාම හිමි ඇතුළු විදුලි තිදෙනා මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කර පොලීසිය අධිකරණයෙන් ඇප ලබා නොදෙන ලෙස ඉල්ලයි .පොලිසිය ඉල්ලිම් පසෙක ලූ අධිකරණය ඉතිරි තිදෙනා වන මහානාම හිමි suranga gunasekaraට ඇප ලබාදෙයි .


(ඡායා- රේඛා නිලුක්ෂිගේ සහ මයුර සේනානායකගේ ෆේස් බුක් පිටු වලිනි)

මුහුදු නොගොස් හෙට තිලීපන් සමරන්න එන්න ! ධිවරයන්ට ඇරයුමක් !

0

ත්‍යාග දීපම් තිලිපන් ගුණ සමරු සතියේ අවසන් දිනයට සහය පළ කරමින් හෙට දිනයේ මුහුදු යාමෙන් වළකින ලෙස යාපනය දිස්ත්‍රික්කයට දැනුම් දී තිබේ.
යාපනය දිස්ත්‍රික් ධිවර සමූපකාර සමිති මණ්ඩලය මෙම ආරාධනය කර ඇත.

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා උපවාස කොට ත්‍යාග දීපම් දිලීපන් මහතා සිය දිවි පුදකර තිබුණි.
ඔහු මිය සැප්තැම්බර් 26 වෙනි හෙට දිනට තිලිපන්ගේ 35 වැනි සැමරුමට මේ වන විට යාපනයම සුදානම් වෙමින් සිටිති. මෙම සමරු උත්සවයට සහය පළ කරමින් මුහුදු යාමෙන් වළකින ලෙස යාපනය දිස්ත්‍රික්කයේ ධීවරයගෙන් ඉල්ලා සිටිමින් යාපනය දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ සභාපති ඒ අන්නාරාසා මහතා විසින් මෙම ආරාධනාව කර ඇත.

තිලිපන්ගේ පිළිරුව රැගත් රථ පෙරහැර නැගෙනහිරන් උතුරට…

0

ත්‍යාග දීපම් දිලීපන්ගේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් දිලීපන්ගේ මග යන සටන් පාඨය පෙරදැරිව ක්‍රියාත්මක වන සැමරුම් වැඩපිළිවෙල අද උතුරු ප්‍රදේශය ඔස්සේ ගමන් කළේය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ තරුණ කණ්ඩායම විසින් තිලිපන්ගේ පිළිරුව රැගත් රථ පෙරහැර සංවිධානය තිබුන අතර එය නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ විය.

තිලිපන්ගේ අනුරුවට බොහෝ පිරිසක් උපහාර දැක්වීම විශේෂත්වයකි.

මෙම රථ පෙළපාලිය යාපනය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් 26 වැනිදා නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ ස්මාරකය වෙත ළඟා වීමට නියමිතය.
(නිදර්ශන් විනෝද් )

උද්ඝෝෂණය කළ තරුණ,තරුණියන් 85 ක් අත්අඩංගුවට .

0

සමාජවාදී තරුණ සංගමය විසින් අද (24) පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලිය අතරතුර භික්ෂූන් වහන්සේ, නීතීඥයින් ඇතුළු තුරුණ තරුණියන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් 61 දෙනෙකු මරදාන පොලිස්ථානයේ රඳවාගෙන සිටින අතර තවත් 24 දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසියේ රඳවාගෙන සිටිති.

මෙම විරෝධතාකරුවන් ට පහර දිම සහ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් දැනටමත් විවිධ කණ්ඩායම් විසින් සිය විරෝධයන් පළකරන්නට පටන් ගෙන තිබේ

black cap movement නිවේදනයක් නිකුත් කරමින් මෙම පහර දිම සහ අත්අඩංගුවට ගැනිම් හෙළා දැක තිබේ.

විරෝධතා දැක්වීම අයිතිවාසිකමකි; අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහා නිදහස් කරනු!

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වන එරංග ගුණසේකර, ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික විමල් කැටපේආරච්චි ඇතුළු විරෝධතාකරුවන් අද (24) ලිප්ටන් වටරවුම ආසන්න ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීම අනීතික මෙන්ම සීමාව ඉක්මවා බලය පාවිච්චි කිරීමක් බව අප හැඟීමයි.

එසේම සියළු පුරවැසියන් සඳහා විරෝධතා දැක්වීමේ අයිතිය ඇති අතර එය ආරක්ෂක කිරීම රාජ්‍ය වගකීමක් බව අප අවධාරණය කරන්නෙමු.

හදිසි නීතිය වැනි මර්දනකාරී නීතී යොදාගෙන විරෝධතාකරුවන් වෙත මුදාහැරෙන මර්දනය වහාම නතර කළ යුතු බවටත් අද අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් අපි අවධාරණය කරමු.

එමෙන්ම මෙම විරෝධතාකරුවන් නිදහස් කරන තෙක් සහ හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව ඒ වෙනුවෙන් පෙනී සිටින බවද අපි යළිත් සිහිපත් කරමු.

වැලිවැටිතුරේ තිලීපන් සැමරුම ….

0

දිලීපන් ගුණානුස්මරණ උත්සවය වැල්වැටිතුරේ දී අද දහවල් 11 ට වැල්වැටිතුරේ එම්ආර් චතුරශ්‍රයේ දී වැල්වැටිතුරේ ආඩිකෝවිලාඩි තරුණයන් විසින් මණ්ඩපයක් තනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මල්මාලා දමා පහන් දල්වා සැමරුම ආරම්භ කර තිබුණි.
ත්‍රස්ත පණත අහෝසි කරනු , දමිල දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ඇතුළු ඉල්ලිම් කිපයක් මුල්කරගනිමින් තිලිපන් මිට වසර 35 කට ඉහතදි උපවාස කොට මිය ගියේය.
සැප්තැම්බර් 15 වෙනිදායින් ඇරඹෙන මෙම සැමරුම් වැඩසටහන් සැප් 26 දක්වා පැවැත්වේ .

ගුවන් ප්‍රහාරයෙන් මියගිය සිසුන්ගේ 27 වැනි සැමරුම ….

0

ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිසුන් 21 දෙනා වෙනුවෙන් 27 වැනි වාර්ෂික ගුණානුස්මරණ උත්සවය බ්‍රහස්පතින්දා (22) නාගර්කෝවිල් මහා විද්‍යාලයේදී පැවැත්විණි.
. 1995 සැප්තැම්බර් 22 වන දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් නාගර්කෝයිල් හි මහ විදුහලේ සිසුන් 21 දෙනෙකු මිය ගිය‌ෙ ගොස් තිබුණි.
පාසල තුල ස්ථාපිත කර ඇති සමරු පළකය ඉදි‌රිපිට පුෂ්පෝහාර දැක්විම, ගිනි සිළුව දැල්විම සිදුකරන ලද අතර මල් වඩම් තබා උපහාර දැක්වීමද සිදුකර ලදි.
ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය සිසු සිසුවියන් 21 දෙනෙකුගේ ඡායාරුප තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කෙරිණි.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සතොසෙන් අඩුමිළට..

0

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන ඇති අතර එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි.

මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ මෙසේය. 

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන්ගේ ප්‍රශ්ණය දකුණට අමතක වන්නේ ඇයි?

0

ත්‍රස්ත පණත යටතේ සිරගත කර ඇති දමිළ සිරකරුවන්ගේ දකුණේ අරගලයේ බැනර් ඇතුලට නො පැමිණිම අහම්බයක්ද?

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති වසන්ත ඇතුළු අරගලයේ ක්‍රියාකාරින් පිලිබද කොළඹත් ඉන් පිටතත් සිදුකරනු ලබන අරගල වලදි දමිළ සිරකරුවන්ගේ ප්‍රශ්ණය අමතකව ගොස් ඇති ආකාරය ඉතා පැහැදිලිය .

අද දිනයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උසාවි සංකීර්ණය අසල පැවැති විරෝධතාවයේදි මෙය තවත් පැහිදිලිය.

ඉන් කියැවෙන්නේ කුමක්ද?

දමිළ සිරකරුවන් ගැන ප්‍රශ්නය දමිල ජනයා විසින්ම බලාගත යුතු බවද?

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන්ට යුක්තිය කෝ?

0

ත්‍රස්තවාදය වැලැක්විමේ පනතට එරෙහිව උතුරේ ජනයා විසින් ආරම්භ කල මහජන පෙත්සම අත්සන් කිරිමේ ජංගම උද්ඝෝෂණය කන්කසන්තුරෙන් ආරම්භ වි මේ වන විට කොළඹට පැමිණ තිබේ.

අනුරාධපුරය,කුරුණෑගල ,ගම්පහ සහ කොළඹදි පක්ෂ ගණනාවක දේශපාලකයන් රැසක් මේ වැඩපිවෙලට එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.වමේ සිට දක්ෂිණාංශික කඳවුර දක්වා වු පරාසයක දේශපාලකයන් ඇතුළු විවිධ කොටස් මිට වඩාත් උනන්දුවෙන් දායකව සි⁣ටියහ.

මේ සියලු දෙනා දැන් කියා සිටින්නේ ත්‍රස්ත පණත අහෝසි කරන ලෙසය.

මේ පණත මෑත කාලයේදි වඩාත් දකුණට දැනෙන්න පටන් ගන්නේ අරගලයේ ක්‍රියාකාරින් දඩයම් කිරිමට රජය ක්‍රියාත්මක විමත් සමගින්ය.

දශක තුනකටත් වඩා වැඩි කාලයක් මේ පණතින් බැට කැවේ උතුරේ මෙන්ම නැගෙනහිර ද දමිළ සහ මුස්ලිම් ජන කොටස්ය.

මීට වසර 35කට පෙර තීලිපන් සිය ජිවිතයෙන්ම වන්දි ගෙවමින් ඉල්ලා සිටියේ දමිළ සිරකරුවන් නිදහස් කිරිම,ත්‍රස්ත පණත අහෝසි කිරිම ඇතුලු ඉල්ලිම් කිපයකි

පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් ආරම්භ කරමින් ඉල්ලා සිටියේ ඔවුන් ව නිදහස් කරන ලෙසය.මෙම උපවාසයට සහය පළකරමින් යාපනයේ මෙන්ම මඩකලපුවේද සහයෝගිතා උපවාසයක් සංවිධානය කෙරි තිබුණි.එහෙත් දකුණේ ප්‍රගතිශිලි ව්‍යාපාර වල පවා මේ ගැන එතරම් උනන්දුවක් තිබුන බවක් පෙනුනේ නැත.
කෙසේ වෙතත් උතුරේ දේශපාලන සමාජ ක්‍රියාකාරින්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන්නට යෙදුන ත්‍රස්ත පණත අහෝසි කිරිමේ අරගලයට දැන් දකුණද එක්ව සිටිම ඉතා වැදගත්ය.
එහෙත් එය හුදු මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට යන්නේ ඒ් වෙනුවෙන් සෑබෑ ලෙසින්ම දකුණ මැදිහත් වන්නේ පමණි.

දැන් දකු⁣ණේදි ත්‍රස්ත පණත අහෝසි කරන්නට යැයි මහපාරේ පෙත්සම් අත්සන් කරන සියළු දේශපාලකයන් මඟහැරිය නොහැකි යථාර්ථයක් අභිමුඛ වි තිබේ.

එනම් ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවේ සිටින වසන්ත ඇතුළු තිදෙනාත් ,දමිළ සිරකරුවන්නුත් නිදහස්කරන ලෙස ඉල්ලා මහපාරේ මෙන්ම පාර්ලිමේන්තුව තුලද සටන ආරම්භ කිරිමටය.

මේ යථාර්ථයට ප්‍රතිචාර දැක්විම මත මේ දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිගරුක බව පිලිබද ලිට්මස් පරික්ෂණය බවට මෙය පත්වනු ඇත.