Friday, September 27, 2024
Home Blog Page 58

පුස් වෙඩි ඇමති ….

0

වත්මන් ආණ්ඩුවේ නන්දොඩවන කැබිනට් ඇමති ලෙස සරත් වීරසේකර මහතා අද වනවිට පත්වෙලා. ඔහු පලාත් සභා අහෝසි කරනවා කියලා එක පුස් වෙඩිල්ලක් පත්තුකරා..

ඒක මේවනවිට අතේ පත්තුවෙලා ඉවරයි. මේ රටේ අවුරුදු 18 ට වැඩි සැම කෙනෙක්ටම හමුදා පුහුනුවක් දෙනවා කිව්වා..
රජය කිව්වා අහෙම තීරනයක් අරන් නෑ කියල.
ඒයාගෙ අතේ පත්තුවුනු තවත් පුස්වෙඩිල්ලක් ඒක.

සතියක් ඇතුලත පාතාලය සතු අවි ආයුධ රජයට භාර දෙන්න කියාලා වහාම නියෝග කරා කියලා කථාවක් නැවත ඔහු කිව්වා.
ඒත් කිසිමපාතාලයෙක් මොනම ආයුධයක්වත් මේ දක්වාම භාර දුන්නෙ නෑ.
ඒකත් පුස්වෙඩිල්ලක් විතරයි.
ඊට පස්සෙ බුර්කාව තහනම්.කරනව කිව්වා..
රජය කියනවා එහෙම තීරනයක් මේ දක්වා අරන් නැහැ කියල.
අන්තිමට බුර්කා තහනමත් සරත් වීරසේකර ඇමතිවරයාගේ පුස් වෙඩිල්ලක් වුනා.
ඒ නිසා රට හමුවෙ ආණ්ඩුව අප්‍රසාදයට පත්වනවිට ඒවා වහන්න පුස් වෙඩිගහන ආණ්ඩුව පුස්වෙඩි ඇමතිවරයා බවට අද්මිරාල් සරත් වීරසේකර මහතා පත්වෙලා කියලා අපි කිව්වෙ හරියටම කරුනු කාරනා ඇතුවයි. –
ජවිපෙ නායක අනුර දිසානායක
( අනුරාධා හේරත්, මව්බිම )

නීතිය වල්වැදුන විට ඒ ගිනි නිවන්න පොලිසියට හැකිද?

0

රටේ නිතිය වල්වැදෙන විට කෑලෑ නිතිය මතුවෙයි. එසේ වනවිට නිතිය හා සාමය රකින්නට ඉන්නා පොලිසියටද කරන්නට දෙයක් නැත
එබැවින් නිතිය හා සාමය රැකිම සදහා වගකිම් භාරව සිටින පොලිසිය විසින් එය නිසි ලෙසින් ඉටු නොකරන්නනේ නිතියට බය නැති ජාවාරම්කාරයෝ පිණුම් ගැසිම අරඹනු ඇත.
පසුගියදා 15 වෙනිදා කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඒ ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබුනේ ඔහු ඒ ප්‍රදේශයේ නීති විරෝධි ගංජා ඇතුලු අනෙක් ජාවාරම් වලට එරෙහිව කටයුතු කළ නිසාය.
අරුලාබලම් දුෂ්ෂන්ටත්ව ඝාතනය කළ ජාවාරම්කරුවාගේ නිවස ගිනි තබන්නට ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණ අතර පොලිසිය ඒ ගිනි නිවන්නට ගන්නා ආසාර්ථක උත්සාහයක් දැක්වෙන පින්තුරයක් සමාජ මාධ්‍යවලට කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු විසින් පසුගියදා මුදාහැර තිබුණි.
අද රට පත්ව ඇති තත්වය ගැන වචන දහසකින් වත් කියා නිමකළ නොහැකි යථාර්ථය ගැන මේ ඡායාරූපයේ ගැබ්ව තිබේ

ඝාතනයට ලක්වු අරුලාබලම්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වට්ටකච්චි ජනයා වීදි බසිති !

0

නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් රැසක් මේ වන විට උතුරු නැගෙනහිර පළාත් තුල වේගයෙන් පැතිර යමින් තිබේ.
ඒවාට එරෙහිව වන අයට මේ ජාවාරම්කරුවෝ පහර දෙති. ඝාතනය කරති.
මුලතිව් දැවජාවාරම ගැන හෙළිදරව්ව කළ මාධ්‍යවේදින් දෙදෙනෙකුටම දැව ජාවාරම්කරුවෝ මිට මාස කිපයකට ඉහතදි ඉතා අමානුෂික ලෙස පහර දි තිබුුණි.
එමෙන්ම පසුගිය 17 වනදා වට්ටකච්චි ජනයා පාරට බැස පෙළපාලි පවත්වා තිබුණේ ඒ ප්‍රදේශයේ සිදුකරමින් ඇති ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවු අරුලබාලම් දුෂ්යාන්තන් නැමැත්තෙකුව මේ ජාවාරම්කරුවන් විසින් ඝාතනය කර තිබිමට එරෙහිවය.
වත්මන් පාලනය පැමිණිමත් සමගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජාවාරම්කරුවෝ කිසිදු බියක් නැතිව සිය ජාවරම් නිදහසේ කරගෙන යති. ඒවාට එරෙහිවන්න පෙරළා ඝාතනය කිරිමට පවා දැන් ඔවුන් බිය නොවෙති.,
රටක ආරක්ෂාව වැටි ඇති තැන් ඉතා පැහැදිලිය

මියන්මාර හමුදා ජුන්ටාව නිළ වශයෙන් පිළිගෙන ඇති ඇමති දිනේශ්ට එරෙහිව විරෝධතා ….

0

හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය අල්ලා ගත් මියන්මාර් හමුදා ජුන්ටාවේ විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මාවුං ල්වින් මහතාට BIMSTEC සමුළුවට සහභාගි වන ලෙසට ආරාධනා කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යැවූ ලිපියක් නිසා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

මියන්මාරයේ වැසියන් බොහෝ දෙනෙකු ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් පවසා ඇත්තේ, මෙම ආරාධනාව හරහා ශ්‍රී ලංකා රජය වක්‍ර ලෙස මියන්මාරයේ හමුදා පාලනය පිළිගෙන ඇති බවය.-

මේ අතර, මෙම ලිපිය හරහා මියන්මාර හමුදා ජුන්ටාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමක් සිදු වන්නේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශ්ලේෂක නාලක ගුණවර්ධන කියා තිබුනේ

“මෙම ලිපිය හරහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවන,” බවය.

“මේ ලියුම නමක් සඳහන් නොකර තනතුරට යැව්වා නම් මෙහෙම තත්ත්වයක් උද්ගත වෙන්නෙ නෑ. ඒත් මේ ලිපිය අලුත් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් යවා තිබීම නිසයි මේ ගැටලුව මතු වුණේ. රජයක් විදිහට මේ ආරාධනාව යවනකොට නම සඳහන් නොකර යවන්න තිබුණා,” නාලක ගුණවර්ධන මහතා මව්බිමට ප්‍රකාශ කොට තිබේ

විදේශ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මියන්මාර ජනතාව දැඩි ලෙස හෙළා දැක තිබේ.ඔවුන් සිය අදහස් ටුවිටර් පණිවිඩ මගින් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර, මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර් ජනතාව‌ට සහය පළකරමින් ඊයේ ( 10 ) දිනයේ අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙම විරෝධතාව පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් මෙය සංවිධානය කර තිබුණි

පැලියගොඩ පොලිසිය තුලදී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට අමානුෂික ප්‍රහාරයක්

0

 පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් 10 කු විසින් නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන මිගාර ගුණරත්නට අමානුෂික පහරදීමක් සිදුකර ඇත. පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී එසේ බරපතල ලෙස පහරදී තුවාල සිදු කර තිබේ.   සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.   

  සිද්ධියට මුල :  

සිය සේවාදායකයෙකු අත්අඩංගුව ගැනීමෙන් පසුව නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නගේ සොයුරු නීතිඥ චරිත ගුණරත්න පෙබරවාරි 23 දින පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇත.     එහි දී  සෙරෙප්පු දෙකක් සහ සිවිල් ඇදුමක් පැළඳ සිටී පොලිස් නිලධාරියකු සේවාදායකයාට ඉතා පහත ආකාරයෙන් තර්ජනය කර තිබේ.   මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබූණි.

    ‘‘අනෙක් සැකකාරයොන්ට චෝදනා ගොඩක් තියෙනවා.  ඒ සිද්ධියකට සම්බන්ධ කරලා තමුසේත් ඇතුලට දානවා යැයි‘‘ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා මෙහි දී පොලිස් නිලධාරියාට සිය විරෝධය පළ කර ඇත.     සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයාට ‘සාජන්‘ යැයි නීතිඥ චරිත ගුණරත්න විසින් අමතා ඇත.     පසුව අනාවරණය වී ඇත්තේ ඔහු CI ලින්ටන් සිල්වා බවයි.      ලින්ටන් සිල්වා විසින් නීතිඥ චරිත ගුණරත්නට බැන වැදුණු බවත් ඔහුගේ නීතිඥ හැඳුණුම්පත රැගෙන එහි විස්තර සිය සටහන් පොතේ සටහන් කර ගත් බවත් නීතිඥවරයා පවසයි.    මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව පෙබරවාරි 25  ඊයේ දින නීතිඥ චරිත ගුණරත්නගේ උපදෙස් මත ඔහුගේ රුවට බොහෝ සමානකම් ඇති ඔහුගේ සහෝදරයා වූ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න සැකකරුට ආහාර පැකට්ටුවක් රැගෙන පොලීසියට ගොස් ඇත.    එහි දී පොලිස් නිලධාරීන් මිගාර ගුණත්නට ‘මෙතන ප්‍රශ්න ඇතිකළේ තමුසේ නේදැයි‘‘ යි අසා පහර දී ඇත.     කෙසේ නමුත්, පහරදෙන අතර මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව කිසිවෙකු විසින් පොලීසියට පවසා ඇත.     ඒ සමඟම පොලිස් නිලධාරීන් මොහු අංක NE  0825 දරණ පොලිස් ජීප් රථයෙන් රැගෙන ගොස් නැවත පහර දී තිබේ.    

mihara

පහරදීමට ලක්ව ඇති නීති ශිෂ්‍ය මිගාර      සිද්ධිය සමතයකට පත් නොවන්නේ නම් රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය මිගාර ගුණරත්නට තර්ජනය කර ඇත.     බරපතල තුවාල සහිතව රාගම රෝහළ වෙත ඇතුළත් කර ඇති මිගාර ගුණරත්න ට ටිකට් කපා රෝහලෙන් පිට කිරීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.   

තුවාලකරුගේ තත්වය පිළිබඳවත් පොලීසියේ බලපෑම පිළිබඳවත් වෛද්‍යවරුන් විසින් සටහන් තබා ඇතැයි වාර්තාවේ.   පොලීසියක් තුල සිදුවන පහරදීම්, පොලිස් නිලධාරින් විසින් සිදු කරන පහරදීම් බොහෝමයක් අවසන් වන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ වෙනත් අපරාධ චෝදනාවක් සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙනි.  

  නීතිඥයින්ට තර්ජනය කිරීම හා පහරදීම දක්වාම තත්වය වර්ධනය වීම මිලේච්ඡ තත්වයකි.    සැකකරුවෙකුට තර්ජනය කිරීම පිළිබඳව පොලීසියට විරෝධය පළ කළ නීතිඥ චරිත ගුණරත්න යැයි වරදවා වටහා ගෙන අවසන් වසරේ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදී ම සිදුව ඇතැයි පෑලියගොඩ පොලිස් නිලධාරියෙකු අප සමඟ පැවසීය.    

නීතිඥ සංගමයේ සභාපති ගෙන් ප්‍රකාශයක්      මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර ඇත.  

WhatsApp Image 2021 02 26 at 10.08.57 AM 1

        සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ චරිත ගුණරත්න සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසෙ සඳහන් වේ.

*********************************

මූල්‍ය වංචාවක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 2021 පෙබරවාරි 23 වන දින උදේ පාන්දර පාලියගොඩ පොලිස් අපරාධ කොට්ටශය විසින් අත්අඩංගුවට ගත් දිගුකාලීන සේවාදායකයකු මට සම්බන්ධ විය. මට මගේ සේවාදායකයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඉල්ලීම ලැබීමෙන් පසු මම වහාම ගාල්ල සිට පෑලියගොඩ පොලිස් ස්ථානය දක්වා ගමන් කළෙමි.
මා පොලිසියට පැමිණි පසු, විශේෂ අපරාධ ඒකකයට මා යොමු කරන ලද අතර, මේ මොහොතේ මගේ සේවාදායකයා අනියම් ඇඳුම් හා සෙරෙප්පු සහිත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ඉදිරියේ සිටි අතර මගේ සේවාදායකයාට බිය උපදවන අයුරින් තර්ජනාත්මකව කතා කළේය. මගේ සේවාදායකයා ලෙස ප්‍රශ්න කරනු ලබන එම පුද්ගලයා නියෝජනය කරන නීතිඥයා ලෙස මගේ සේවාදායකයාගෙන් ප්‍රශ්න කරන බලයලත් පුද්ගලයාට මම වහාම මගේ අනන්‍යතාවය හඳුන්වා දුන්නෙමි.

මගේ සේවාදායකයා සමඟ කතා කිරීමට මට ඉඩ දෙන ලදි.

මම කාමරයට ගිය පසු විමර්ශනය සිදු වූ අතර අනෙක් සිවිල් වැසියන් සමඟ සමීපව සිටිමින් එම පොලිස් නිලධාරියාම මගේ සේවාදායකයාට ඇසුවේ අනෙක් සැකකරුවන් සම්බන්ධ බොහෝ වැරදි ඇති බවත් ඔහුට මගේ සේවාදායකයාට ආධාර කිරීම සඳහා අය කළ හැකි බවත් ඔහු සහයෝගය නොදක්වන්නේ නම්, ඒ ඕනෑම වරදකට අනුබල දීම යන වරදට සිර ගත කරනවා ලෙස තර්ජනය කරන ලදි.

මම සහජයෙන්ම අනියම් civil ඇඳුමින් සැරසුණු පුද්ගලයාට “සාජන්” ලෙස ආමන්ත්‍රණය කර මැදිහත් වෙමි. මගේ ලොකුම කම්පනයට හා තැතිගැන්මට, එම පුද්ගලයා සිංහල භාෂාවෙන් මුළු ඒකකය ඉදිරිපිටම ඉතා රළු, නොගැලපෙන ලෙස මට කතා කළේය.

ඉන්පසු,

2021 පෙබරවාරි 25 වන දින මිගරා ගුණරත්න මහතා පැලියගොඩ පොලිසියට පැමිණියේ ඔහුත් අදුරන මාගේ සේවාදායකයාට කෑම පාසලයක් ලබා දීමට. පොලිසියට පැමිණ ජයවීර මහතා හමුවීමට ඉල්ලීම. එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණු උප පොලිස් පරීක්ෂකවරයකු මිගරා ගුණරත්න ඔහු කවුදැයි ප්‍රශ්න කළ අතර එම ප්‍රකාශය තමූසෙ කලින් අවීලාත් මෙතානා ප්‍රෂ්නා දගතා නෙද, මු තමයි ප්‍රෂ්නා දාගතේ යන ප්‍රකාශය කළ අතර එම අවස්ථාවේදී ඔහු සහ නිලධාරීන් 10 දෙනෙකු පමණ මිගරා ගුණරත්නට කාමරයක් ඇතුලට දමා අතෙන් පයෙන් හා පොලු වලින්, අමානුෂික ලෙස පහර දී ඇත.

කිහිප වරක් මිගරා ගුණරත්න ඔවුන්ගෙන් නවත්වන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් එය නැවැත්වූයේ මිගාර ගුනරත්න අපේ පියාගේ නම සදහන් කර අහවලා ගේ පුතා කියලා කිව්වා ට පස්සෙ පහර දීම ප්‍රමාණවත් යැයි තීරණය කළ අතර ඔවුන් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට මිගරා ගුණරත්නට චෝදනා කරන බවට ඔහුට තර්ජනය කළහ.

ටික වේලාවකට පසු මිගරා ගුණරත්න රාගම හදිසි ප්‍රතිකාර ඒක්කයට පෙන්වීම සඳහා රෝහලට ගෙන යන ලදී.

මෙම කාලය තුළ වෛද්‍යවරයාට මගේ තුවාල හෙළි නොකරන ලෙස මිගරා ගුණරත්නට නැවත නැවතත් තර්ජනය කර NE-0825 යන පොලිස් ජීප් එක ඇතුලේ කිහිප වතාවක් පහරදී ඇත. එසේ නොමැතිනම් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම නිසා මිගරා ගුණරත්න අත්අඩංගුවට ගෙන තවදුරටත් සිරගත කරනු ඇත. වැඩ් දුරටත් මෙය ගෙන ගියහොත් කුඩු ජාවාරමකට පවා පටල වීමට Chief inspector ලින්ටන් සිලවා යන අය තර්ජනය කර ඇත.

මට 23/02/2021 වූ සිදුවීම සම්බන්ධයෙන් මම ලින්ටන් සිලවාට විරුද්ධව BASL secretary වෙත ලියුමක් ඉදිරිපත් කිරීමට උතසහ කර අතර මාගේ සේවාදායකයා ගේ වැද ඉල්ලීම මත ඔහු ඇප ලබා ගන්නා තෙක් පහත අමුනා ඇති ලියුම මා සන්තකයේ තාබා ගතිමි

theleader.lk

ජිනීවා, භූමදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ – සුනන්ද දේශප්‍රිය

0

ඡායාරූපය: මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ   මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාව මෙහෙයවන ලද්දේ පීජි තානාපතිනිය සහ කවුන්සිලයේ සභාපතිනිය වන නුසරෙත් ශමීම් විසිනි.

රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය ප්‍රතිපත්තින්හි පිළිබිඹුවක් යැයි කියනු ලැබේ. වර්ථමාන ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය පිළිවෙත ජාඩියට මූඩිය මෙනි. එකක් අනෙක් පරදවන තරමට අවුල් සහගතය.

කොවිඩ් මරණ පිළිබඳ රාජපක්ෂවරුන් අනාගත් අනා ගැනිල්ල බලමු. ප්‍රථම අවස්ථාවෙහිදීම. මෙරට ගැසට් නිවේදනයක් මගින්ද පිළිගෙන තිබූ අන්දමට භුමිදානයටද අවසර දුන්නේ නම් ඊට එරෙහිව තිබූ බොද්ධ අන්තවාදී විරෝධය කෙදිරිල්ලක් බවට පත්ව නෑසී යන්නට ඉඩ තිබුණි. නමුත් රාජපක්ෂවරුන්ගේ මොළය ජාතිවාදය මගින් කොතරම් කචල්වී ඇත්ද යත් දුරදිග බලා ලෝකයා සමඟ එකට සිටගත හැකි තීරණයක් ගැනීමට බැරි විය.

ලෝක අවමානය

ලෝකයේ භූමිදානයට අවසර නොදුන් එකම රට සසිරි බර ශ්‍රී ලංකාවම පමණි. කොතරම් අවමානයක්ද?

ඊටත් වඩා මෙරට ජනයාට එය කීමට පෙර විදේශ අගමැතිවරයකුට පොරොන්දු වීම කොතරම් බියඟුලුකමක්ද?

පසුගිය 24දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඉස්ලාමීය සහයෝගිකා සංවිධානයේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ භූමිදාන විරෝධී පිළිවෙත මෙරට මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට ගරු නොකරන පිළිවෙතක් බව ප්‍රකාශ කළේය. එපමණක් නොව ඔහු කීවේ වහාම එම තීරණය වෙනස් කර භූමිදානයට අවසර දෙන ලෙසයි.

මේ නිසා රාජපක්ෂවරුන්ගේ දෙකොන පත්තු වූ බව නිසැකය. මන්ද යත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය එම ප්‍රකාශය කලේ එහි ප්‍රධානියා වන පකිස්ථාන අගමැති මෙරට සිටියදීම විමය. එය හරියට ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයක් වැන්න. මේ නිසාම තමන් භූමිදානයට අවසර දෙන බව රාජපක්ෂවරුන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට පොරොන්දු වූ බව මුස්ලිම් පක්ෂ කියා සිටියේය.

ජනාධිපති රාජපක්ෂ බටහිර තානාපතිවරුන් හමුව භූමිදානයට අවසර දීමට ආන්ඩුව දේශපාලන තීරණයක් ගෙන ඇතැයි කී බව තානාපති කාර්යාල සබඳතා ඇති ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානී ජෙහාන් පෙරේරා ලියා තිබුණි. ජනාධිපති රාජපක්සට අනුව දැන් ඉතිරිව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ක්‍රියාත්මක කිරීම පමණි.

පකිස්තාන තානාපතිගේ වචන 

කවුන්සිලයේ ජන්දයට කලින් එය දැන් සිදුව තිබේ. භූමිදාන අවසරය ලබා දුන්නේ මානව හිමිකම් කවුන්සලයෙහි යෝජනාවට ඇති බව නිසාය. මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ පකිස්ථාන තානාපතිවරයා වහාම භූමිදාන අවසරය ලබා දිය යුතු බව කියා පැය කිහිපයක් ගතවීමත් සමඟය.

කොතරම් බියක්ද? දැන් ජලය සමඟ මිශ්‍රවී කෙරෝන වෛරසය රට පුරා යනු ඇතැයි කී රාජපක්ෂ කේවට්ටයින්ගේ සහ හොරනෑකරුවන්ගේ දෙකොන මූට්ටු වී ඇති බව නිසැකය.

මේ සියල්ල සිදුවූ අන්දම රාජපක්ෂවරුන්ගේ අසමකමට තවත් යස නිදසුනකි.

මහින්ද රාජපක්ෂ තුට්ටු දෙකට දැමීම

දෙසතියකට පෙර අගමැති රාජපක්ෂ භූමිදානයට අවසර දෙන බව පාර්ලිමේන්තුවට කී විට ඔහුගේම පක්ෂයේ කෝකිලාවියක එම පක්ෂ කාර්යාලයේම පුවත් පත් සාකච්ජාවක් පවත්වා නොකියා කීයේ අගමැති වරයාට දෙකොන මාරුවී ඇති බවයි. ඇයට අනුව අගමැති රාජපක්ෂ කියා ඇත්තේ ලංකාවේ ජනයාට භූමිදානය තහනම් නැති බවයි. එය ඇත්ත නම් එවැනි කතාවක් කිව හැක්කේ අඥකොරොස් දේශපාලනඥයකුට පමණි. මන්ද යත් දුරාතියේ සිටම මෙරට ජනයාගේ පිළිවෙතක් වූ භූමිදානය සඳහා අලුතින් අවසරයක් දීමට රාජපක්ෂ කෙනෙක් අවශ්‍ය නොව නිසාය.

අගමැති රාජපක්ෂට අත්වී ඇති ඉරණම පෙන්වාලමින් වෙනදා ඔහුගේ දෙපා ලෙවකෑමට පොර වැටෙනු ඇති ඔහුගේම ආන්ඩුවේ ඇමැතියකු වන ගම්මන්පිල කීයේ “ ඒක මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාගේ පුද්ගලික අදහසක්” කියාය. අගැමැති රාජපක්ෂ නිකම්ම රාජපක්ෂ කෙනෙකු බවට පත්කිරීමට ගම්මන්පිළ දැන් උඩ ගොස් තිබේ.

වන්නාටය!

නමුත් දැන් හෙළිදරවි වී ඇති පරිදි ජනාධිපති රාජපක්ෂ තමන් එවැනි තීරණයක් ගෙන ඇති බව තානාපතිවරුන්ට කියා තිබේ.

බොතලයෙන් එළියට ගත් අන්කාදී භූතයා

මෙම අයිතිය මෙරට මුස්ලිම් ජනයාගෙන් පැහැර ගන්නා ලද්දේ රාජපක්ෂවරුන් විසින්ම බෝතලයෙන් පිටතට ගත් අන්තවාදී භූතයා දැන් පාලනය කළ නොහැකි තරමට බලවත් වි ඇති නිසාය. එම භූතයා සමඟ එක්ව මුස්ලිම් විරෝධය රාජපක්ෂ දේශපාලනයේ් ළකුණක් බවට පත් කළේ ගෝඨාභය රාජපක්ෂය. ගම්මන්පිලාගේ ජාතිවාදී කඳවුර බලවත් වන්නේ ඒ භූතයා නිසාය.

මෙම පෙබරවාරී මාර්තු මාසයන්හි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් නොවී නම් ශ්‍රී ලංකාවේ කොවිඩ් භූමිදානයන්ට අවසර ලැබෙන්නේ නැත. මේ වනාහී මුස්ලිම් ජනයා වෙනුවෙන් නොව කවුන්සිලය හමුයේ ඇති යෝජනාවට බියේ ගන්නා ලද තීරණයකි.

දැන් පැවත්වෙන එම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් මහ කොමසාරිස්වරිගේ වාර්තාව පසුගිය 24 දා සහ 25දා සාකච්ජාවට ගැනුනි. එම සාකච්ජාවට එවූ සිය විඩියෝ පනිවිඩය පටිගත කිරීමට ආශීර්වාද ලබාගැනීමට විදේශ ඇමැති ගියේ ඇල්ලේ ගුණවංශ හිමි වැඳපුදා ගැනීමටය.

එම ගමනට එක්ව සිටියේ සුලුතර විරෝධී සිංහල ජාතිකවාදයේ ප්‍රමුඛයින් වන ගෙවිඳු කුමාරතුංග සහ ගුණදාස අමරසේකරය. ඇල්ලේ ගුණවංස හිමි 1983 ජූලි දෙමළ විරෝධි ප්‍රහාරයන්හි පෙරමුණ ගත් බවට චෝදනා එල්ල වූ අයෙකි. එපමණක් නොව ඔහු කණ්ඩායමක් සමඟ එම බිහිසුණු රාත්‍රියෙහි ඉණේ පිස්තෝලයක් වැනි දෙයක් ඇතිව බොරුල්ල පොලීසියට පැමිණ බව ලියා ඇත්තේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කර්තෘ වන සිංහ රත්නතුංගය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ආශිර්වාද ලබා ගැනීමට වෙනත් භික්ෂුවක රාජපක්ෂ ආන්ඩුවට සිටියේ නැත්ද? වෙච්ච දෙයක තරම්!

වියයුතු පරිදිම එම ආශීර්වාද ලද දිනේශ් ගුණවර්ධන සිය කතාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් පසමිතුරු ආකල්පයක් ගත්තේය. ඔහුගේ කතාව ගැටුම්කාරී එකක් විය. ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රාලය ගැන වාර්තාව

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සාකච්ජාවට ගැනීමට පෙර මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සාකච්ජාවට ගැනුනි. එය නම් ඊශ්‍රාලය විසින් අල්ලාගෙන සිටින පලස්තීන භූමියෙහි මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳවය. එම වාර්තාව සංවර්ධනය වන රටවල් මෙන්ම සංවර්ධිත රටවලද පැසසීමට ලක්විය. බොහෝ රටවල් ඊ්ශ්‍රාලය විසින් පලස්තීන ජනයාගේ මානව හිමිකම් කෙළෙසීම් හෙළා දකිමින් අදහස් දැක්වූ නමුත් ශ්‍රී ලංකාව කටක් ඇරියේවත් නැත. මන්දයත් එවිට මහ කොමසාරිස්වරියගේ එම වාර්තාව පසසන්නට සිදුවන නිසා සහ ඊශ්‍රාලය සමඟ පවත්නා යුදමය සම්බන්ධතා පළුදු වේයැයි යන බිය නිසා විය හැක. 

මහ කොමසාරිස්වරියගේ වාර්තාව හෙළා දකින දිනේශ් ගුණවර්ධනගේ කතාව සමාන වූයේ ඊශ්‍රාලය වෙනුවෙන් පලස්තීනයට විරුද්ධව දක්වන ලද අදහස්වලටය.

එය ශ්‍රී ලංකාවට ළකුණු ලැබෙන කතාවක් නොවේ. දිනේශ් ගුණවර්ධන කියා සිටියේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා හේතු විය හැකි බවයි. ඊශ්‍රාලය වෙනුවෙන් දැක්වූ අදහස්ද එවැනිම විය. එනම් පලස්තීන ත්‍රස්තවාදටය විරුද්ධ සටන එකී වාර්තාව නිසා අඩපණ විය හැකි බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වනාහී දේශපාලන පළිගැනීම් සදහා යෙදවෙන වේදිකාවක් බවට පත්ව ඇතැයි කියා තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයකු වන ජාතික ආරක්ෂක ඇමැති අද්මිරාල් සරත් වීරසේකරය. මානව හිමිකම් කවුන්සිලය පිළිබද සිය අදහස් සනාථ කිරීමට ඔහු උපුටා දැක්වූයේ උග්‍ර ‍ට්‍රම්ප්වාදිනයක වූ තානාපතිනි නිකි හේලි 2016 වසරෙහිදී කවුන්සිලයට විරුද්ධව කළ කතාවය. ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට තීරණය කළේ එය ඊශ්‍රාලයට විරැද්ධව යෝජනා සම්මත කළ නිසාය. සරත් වීරසේකර අනුමත කරන්නේ එම මතවාදයයි.

සරත් වීරසේකර සහ ඉන්දියාව

එපමණක් නොව මෙවර ශ්‍රි ලංකාව පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාවෙහි එන තවත් කරුණු දෙකකටත් ජාතික ආරක්ෂක ඇමැතිවරයා විරුද්ධත්වය පළ කර තිබේ. එනම් 13 වන සංසෝධනය යටතේ පලාත් සභා මැතිවරණය පැවැත්වීම සහ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නොනවත්වා සක්‍රීය ලෙස පවත්වා ගෙන යාමය. ඔහු කියන්නේ ඒ දෙකම අහෝසි කළ යුතු බවය.

25දා මහ කොමසරිස්වරියගේ වාර්තාව පිළිබඳ සාකච්ජාවට එක්වෙමින් ඉන්දියාව 13 වන සංසෝධනය සමුපූර්නයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. කවද ඉන්දියාව කියා සිටියේ සුළුතර දෙමළ ජනයාගේ සාධාරණ අපේක්ෂාවන් සැපිරීම අවශ්‍ය බවයි.

ඉන්දියානු පිළිවෙතෙහි කුළුනු දෙක

ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දියානු ස්ථාවරය කුළුණු දෙකක් මත රඳා පවතිවන බව කී ඉන්දීය තානාපතිවරයා එම කුළුණු දෙක නම් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රාදේශීය අඛණ්ඩතාවය හා ආරක්ෂාවද සහ දෙමළ ජනයාගේ යුක්තිය, සමානාත්මතාවය, ගරුත්වය සහ ආත්ම අභිමානය මත විසදුමක් ඇති කිරීමද බව කියා සිටියේය.

ජාතික ආරක්ෂක ඇමැතිවරයාගේ තවත් තර්කයක් නම් එල්ටීටීඊය පරාජය කරන ලද නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාව සමඟ වෛර බැදගෙන ඇති බවයි. මේ ගැන වැඩි දුර දැන ගැනීමට ඔහු කළ යුත්තේ නාවික හමුදාවෙහි ඔහුගේ ප්‍රධානියා වූ වයිස් අද්මිරාල් කරන්නාගොඩ විසින් ලියා ඇති “අධිශ්ඨානය” නම් පොත කියැවීමය. එල්ටීටීඊ සංවිධානයේ යුද ශක්තිය හීන කිරීමට ප්‍රධාන සාධකයක් වූ ප්‍රවාහණ නැව් විනාශ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් තොරතුරු අනුව බව ලියා ඇත්තේ එම පොතෙහිය.

ආන්ඩුවේ ප්‍රචාරයන්හි ඇති තවත් ලොකු හිලක් වන්නේ මානව හිමිකම් කවුන්සිලය සහ බටහිර රටවල් එල්ටීටීඊය විසින් කරන ලද අපරාධ ගැන නිහඩ බවය. මෙය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතර සනාථ කළ නොහැකි කර්කයකි. මන්ද යත් ශ්‍රී ලංකාව සම්බන්ධ සැම යෝජනාවකම සෑම පාර්ශවයකින්ම කරන ලදැයි කියන හිමිකම් කෙළසීම් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව සදහන් වන නිසාය. අද රාජපක්ෂ සුරතලුන් වන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යටතෙහි ළමා සොල්දාදුවන් බඳවා ගැනීම මානව හිමිකම් කවුන්සිලය සිය වාර්තා මගින් කරුණු ඇතිව හෙළා දැක තිබේ.

විශ්වීය අධිකරණ බලය

එපමණක් නොව ශ්‍රී ලංකාව පිළිබඳ කවුන්සිලයේ ක්‍රියාකාරී කණ්ඩායමට අයත් රටක් වන ජර්මනිය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන්, විශ්වීය අධිකරණ බලය යටතේ නඩු පවරා දැනටමත් එක් එල්ටීටීඊ සාමාජිකයකු නඩු අසා සිරගත කර තිබේ. මේ වනාහී දැන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන ක්‍රියාවළියකි. එනම් විශ්වීය අධිකරණ බලය යටතේ අන් රටවල කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සවකීය රටවල නීති අනුව නඩු පැවරීමට පියවර ගැනීමයි. පසුගිය 23 දා ජර්මනියෙහි දී සිරියානු යුද නිලධාරියකුට සිර දඩුවම් නියම කරන ලද්දේද ඒ අනුවය.

දැන් අන්තර් ජාතික යුද අධිකරණය එකම යාන්ත්‍රණය නොවේ. මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා යෝජනාව, විශ්වීය අධිකරණ බලය යටතේ විවිධ රටවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසිම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට අවශ්‍ය සහාය සූදානම් කිරීමට යෝජනා කරයි.

ශ්‍රි ලංකා පුරවැසියන් වන හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට (හෝ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට) වෙනත් රටවලදී නඩු පැවරීම ශ්‍රී ලංකාවෙහි සෛවරීත්වය කෙළෙසීමක්ද? පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව දැනටමත් තිදෙනෙකුට එරෙහිව එරටදී චෝදනා ඉදිරිපත් කර තිබේ. එය ශ්‍රී ලංකාවේ සෛවරීයත්වය කෙළසීමක්ද?

මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා පිළිබඳ වාර්තාවට විරුද්ධව කතා කළ එක් රටක් නම් උතුරු කොරියාවයි! උතුරු කොරියාව වනාහී අද ලොව පවතින දරුණුතම ඒ්කාධිපති රටවලින් එකකි.

“ඔබගේ මිතුරන් කව්දැයි කියන්න. එවිට ඔබ කව්දැයි මට කිය හැකිය,” යැයි කියමනක් තිබේ.

ශ්‍රි ලංකාවට සහය දෙමින් කතා කළ පකිස්ථානය ඉන්දියවෙහි කාශ්මීර ප්‍රාන්තයෙහි ඉස්ලාමීය කැරලිකරුවන්ටත් ඇප්ගනිස්ථානයෙහි තලේබාන් සටන්කරුවන්ටත් ඍජුවම සහාය දෙන රටකි.‍

පසුගිය 25 දින මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව කතා කල රටවල් මෙසේය‍: උතුරු කොරියාව, වියට්නාමය, ළාඕසය, කාම්බෝජය, බෙලරුස්, පිලිපීනය, සිරියාව, ඉරානය, පකිස්තානය, කියුබාව, නිකරගුවාව, වෙනිසියුලාව, ඊජිප්තුව, නේපාලය, මාලදිවයින, අසර්බයිජානය. චීනය, රුසියාව. මෙම රටවල් අතරින් හතරක් හැර අන් සියලූ රටවල පවතින්නේ ප්‍රායෝගිකව හෝ නීතියෙන්ම හෝ එක් දේශපාලන පක්ෂයක් විසින් පාලනය කරන රටවල්ය.

කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව ලෝකයට තමන් හදුන්වා දෙනු ඇති මිතුරන් බොහොමයක් ජනහතුරන් වීමය!

අබ සරණයි !
srilankabrief.org

Facebook ආයතනය ජුන්ටාවේ ගිණුම් තහනම් කරයි

0

මියන්මාරයේ හමුදා පාලනයට සම්බන්ධ සියලු දෙනාගේ ෆේස්බුක් ගිණුම් තහනම් කළ බව අද ( 25 බ්‍රහස්පතින්දා) ෆෙස්බුක් ආයතනය නිවේදනය කළේය.

මියන්මාර ජුන්ටාව සම්බන්ධ ව්‍යාපාරවල ෆේස්බුක් ගිණුම්ද ඒ සමගම තහනම් කර තිබේ ඊට අමතරව ඔවුන්ට අයත් Instagram ගිනුම්වලටද එම තහනම පනවා තිබේ ජුන්ටාවට පක්ෂපාත දහසක පමණ පිරිසක් අද යැන්ගුන් නගරයේ පෙළපාලියක් ගිය අතර ඔවුන් අත පිහි සහ පොලු තිබුණු බව වාර්තාවේ ඔවුන්ට විරෝධය දක්වමින් තවත් පිරිසක් ගල් ප්‍රහාර එල්ල කර තිබෙන අතර නිවැසියෝ හැලිවලන් ඝෝෂා පවත්වා ඔවුන්ට විරෝධය දක්වා තිබේ ඉන් කිපුණු ජුන්ටාවට පක්ෂ පාත අයෙකු විසින් ජුන්ටා විරෝධියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ .

මේ අතර රටවල 31 ක රාජ්‍ය නොවන සංවිධාන විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට විවෘත ලිපියක් ලියමින් මියන්මාරයට අවි ආයුධ සැපයීම තහනම් කරමින් සම්බාධක පනවන ලෙස ඉල්ලා තිබේ .හත පින්තුරයේ දැක්වෙන්නේ ජුන්ටා පාලනයට විරුද්ධ සහ පක්ෂ පිරිස් අතර අද ඇතිවූ ගැටුමකි .
(බර්ටි රණවිරගේ ෆේස්බුක් පිටුවෙනි )

ජිනීවා රැස්වීම: ශ්‍රී ලංකා යෝජනාවට ඇමෙරිකානු සහාය; ඉස්ලාමීය රටවල් වහාම භූමිදාන අයිතිය දෙන සේ ඉල්ලයි

0

ජිනීවාහි මුළු දෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය අද දින ඇමතූ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බිලින්කෙන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වන යෝජනාවට සහාය දක්වන සේ කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය. අතීත මානව හිමිකම් කෙළෙසීම්වලට වගවීමක් නැතිකම ඉට හේතුවක් ලෙස ඔහු විසින් දක්වන ලදී.

ඒ් අතරම 2022-2024 කාලය සඳහා කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

උතුරු කොරියාව, දකුණු සූඩානය සහ සිරියාව සම්බන්දයෙන් ඉදිරිපත්වනු ඇති යෝජනාවන්ටද සහාය දක්වන සේ ඔහු ඉල්ලා සිටියේය. 

මේ අතර ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් යුසුප් අලි ඔතෙයිමීන් කවුන්සිලය අමතමින් මුස්ලිම්වරුන්ගේ භූමිදාන අයිතියට ගරුකරන සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

වහාම මුස්ලිම්වරුනගේ භුමිදාන අයිතිය සහතික කර ඊට ගරුකරනු වස් වහාම පියවර ගන්නා සේ අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු යැයි ඔහු කියා සිටියේය. සිය සංවිධානයට අයත් නැති රටවල මුස්ලිම් සුලුතර ජනයාගේ තත්වය පිළිබඳ තමන් සිටින්නේ සොදිසියෙන් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
srilankabrief.org

අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය පතා කිලිනොච්චියේදි විරෝධතා ..

0

වසර 4 ක අඛණ්ඩ විරෝධතාවය සනිටුහන් කරමින්, අතුරුදහන් වූවන්ගේ පවුල් අද කිලිනොච්චියේදි විරෝධතා පාගමනින් සංවිධානය කර තිබුණි.

ඒ ඔවුන්ගේ ආදරණීයයන්ට සිදු වූ දේ පිළිබඳ සත්‍යය යුක්තිය සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම සංකේතවත් කරමින් ගිනි දැල්වෙන භාජන අල්ලාගෙන සහ හිසමත තබාගෙනය
අතුරුදන්වු සිය දරුවන් ස්වාමිපුරුෂයන්ගේ ඡායාරුපද ඇතැතිව විරෝධතාවයේ යෙදි සිටි පිරිස අවධාරණය කර තිබුණේ තමන්ගේ ප්‍රශ්ණය කිසිදු දේශිය යාන්ත්‍රණයකින් යුක්තිය ඉටු නොවු බවය

© කුමනන්

ඡායා- කුමනන් /කිලි සිවා/

නාවික කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් පවරා ගැනීමට විරෝධය

0

නීලකඩු ප්‍රදේශයේ පොදු ඉඩම් පවරා ගැනීමට නාවික හමුදාව ගත් උත්සාහයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව විරෝධයක් මේ වන විට එල්ලව තිබේ.
.
පවුල් 62 කට අයත් ඉඩම් අක්කර 51 ක් නාවික කටයුතු සඳහා යොදා ගැනීම සඳහා ඊයේ (සිකුරාදා) උදෑසන ඉඩම් මැනීමට ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබියදි ඊට විරෝධය දැක්වීම සඳහා ඉඩම් හිමියන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව සිටි බව අප වාර්තාකරුවෝ පවසති

කරෙයිනගර් ජේ / 45 ග්‍රාම නිලධාරි කොට්ටාශය තුල එළාර නාවික කඳවුර පිහිටුවීම සඳහා පවුල් 62 කට අයත් ඉඩම් අක්කර 51 ක් මැනුම් දෙපාර්තමේන්තුව සමීක්ෂණයට ලක් කර තිබීම විශේෂයෙන් සදහන් කළ යුතුව තිබේ
මුලාශ්‍රය – athavannews.com