Friday, September 27, 2024
Home Blog Page 57

අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් ඉන්න ..

0

අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට යළි දැනුම් දි තිබේ.එවැනි ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ළඟම ඇති පොලිසිය දැනුවත් කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කර ඇත

එසේ නොකළහොත් ඒම මුදල් පරිහරණය කළ අයත් වරදකරුවන් වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සුපිරි බොලිවුඩ් නිළි ආලියාටත් කොරෝනා ….

0

පසුගිය දින කිපය තුල සුපිරි ඉන්දිය චරිත කිපයක්ම කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත්ව තිබුණි.
ඒ අතරට එක්වු බොලිවුඩ් සුරූපිනී ආලියා බාත්ද දැන් කොරෝනා ආසාදියකි.

ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේ සමාජ මාධ්‍ය හරහා ආලියා තැබූ සටහනක් ද ප්‍රසිද්ධියට පත් කරමිනි.

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වුණා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ.

ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.

අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.

එපමණක් නොව, ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, පසුගිය මාර්තු මාසයේය.

යාපනේ වෙබ් අඩවියක් සහ යුටියුබ් චැනලයක් පවත්වාගෙන ගිය පිරිසක් අත්අඩංගුවට …

0

යාපනයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධන වන ලෙස Youtube නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ tubetamil.com නමින් වෙබ් අඩවියක් සහ යුටියුබ් චැනලයක් පවත්වාගෙන පිරිසකි. එම කාර්යාලයේ තිබුන පරිඝණක කිපයක්ද ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ගෙන ගොස් තිබේ.
රජයට වඩාත් හිතවාදිව කටයුතු කරගෙන යන දෙමළ කණ්ඩායමක් හා මෙම වෙබ් අඩවියේ පිරිසක් අතර පසුගිය දිනවල යම් යම් ගැටුම්ද ඇතිව තිබුන බව අපගේ යාපනය ආරංචි මාර්ග දක්වා තිබේ.

ගල්කිස්ස වෙරළ දිගේ වැලි ගොඩගැසී ඇතැයි කීම අසත්‍යයක්

0

මාධ්‍ය නිවේදනය27/03/2021, කොළඹ- 2020

මාර්තු මාසයේදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව (CCD) විසින් සිදු කරන ලද ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් ලෙස ගල්කිස්ස වෙරළ යථා තත්ත්වයට පත්ව ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ප්‍රකාශ කිහිපයක් මේ වන විට සංසරණය වෙමින් පවතින බව අපගේ අවධානයට ලක්ව තිබේ.

රළ තරංග වෙනස්වීම් හේතුවෙන් ගෝලීය වශයෙන් සියලුම වෙරළ තීරයන් සෘතුමය වෙනස්කම් වලට භාජනය වේ. නිරිතදිග තරංග දේශගුණය මත මෝසම් ක්‍රමය තීරනය වන ශ්‍රී ලංකාවේ, ඊසානදිග මෝසම් කාලයේදී (නොවැම්බර් සිට අප්‍රේල් දක්වා) පුළුල් වෙරළ තීරයන් සහ නිරිතදිග මෝසම් සමයේදී පටු වෙරළ තීරයන් අපට දැකිය හැකිය. අප දැන් අත්විඳින පරිදි මාර්තු-අප්රේල් කාලය තුළ වෙරළ තීරය පුළුල් වේ. වෙරළ කෘතිමව පෝෂණය කිරීමකින් තොරව සිදුවන මෙය ස්වභාවික චක්‍රයකි. නිරිතදිග මෝසම ආරම්භ වීමෙන් පසු මුහුදු වෙරළ පටු වනු ඇත.

මේ අනුව, මේ අවස්ථාවේ ගල්කිස්ස වෙරළ තීරයේ පුළුල් වෙරළක් නිරීක්ෂණය කිරීම පුදුමයක් නොවේ.පාරිසරික බලපෑම් තක්සේරුවක් සහ පවත්නා වැලි තත්වය පිළිබඳ අධ්‍යයනයක් නොමැතිව වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 890 ක් වියදම් කිරීමට තීරණය කළ විට, වෙරළ අවම වශයෙන් වසර පහක්වත් පවතිනු ඇති බව ඔවුන් පොරොන්දු විය.

එහෙත්, 2020 දී වැලි පිරවීමෙන් දින කිහිපයකට පසු, ගල්කිස්ස, අගුලාන සහ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන් සැලකිය යුතු වැලි ප්‍රමාණයක් ගසාගෙන ගියේය. 2021 මාර්තු මාසයේදී එම වැලි නැවත වෙරළට පැමිණ ඇති බව පැවසීම විද්‍යාත්මකව පිලිගත නොහැක. එබැවින්, වැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිරවීමට පෙර ඉදිරි මෝසම් සමයේදී වර්තමාන වෙරළ තීරය පවතිනු ඇත්දැයි තක්සේරු කිරීමට තවත් මාස කිහිපයක් බලා සිටීම අත්‍යවශ්‍ය වේ.ඕෂන්ස්වෙල් සහ බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය අතර සහයෝගීතා ව්‍යාපෘතියක කොටසක් ලෙස, වෙරළ පෝෂණයෙන් පසු වෙරළ වෙනස්වීම් නිරීක්ෂණය කිරීම සඳහා 2020 ජුනි 18 සිට ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර වෙරළ සමීක්ෂණයක් සිදු කරමින් සිටී.

සිරිපාල පාර සහ ශ්‍රී ධර්මපාල මාවත අතර කොටස හැරුණු විට මූලික දත්ත විශ්ලේෂණයෙන් ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර සැලකිය යුතු වැලි ගොඩවීමක් මේ දක්වා පෙන්නුම් කර නොමැත. මෙම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වන අතර අවසාන නිගමන යථා කාලයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.එබැවින් මෙම වැලි පිරවුමේ අසාර්ථකත්වය ධනාත්මක අර්ථයකින් නිරූපණය කිරීමට උත්සාහ කරන ඇතැම් ආයතන පිළිබඳව විමසිලිමත් වන ලෙස අපි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

(END)Photo Credit: Muditha Katuwawala Date: 26 March 2021For more information: Prof. Charitha Pattiaratchi, University of Western Australia Hemantha Withanage, Centre for Environmental Justice 0777600503 Muditha Katuwawala, The Pearl Protectors 0716355865

බිඳවැටුන ප්‍රාදේශිය සංවර්ධනය යළි නගාසිටුවිමට වෙරදරන ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ..

මෙ දිනවල රටපුරා පුළුල් දේශපාලන සමාජ සංවාදයකට බදුන් ව ඇති මාතෘකාව වන්නේ ග්‍රාමිය ණය අර්බුදයයි.ඉනුත් පිඩාවට පත් ජනයා තවත් සූරාකෑම සදහා ක්‍රියාත්මක ක්ෂුද්‍රමුල්‍ය ණය ජාවාරම මේ වනවිටත් ග්‍රාමිය ජිවිත රැසක් බිලිගෙන හමාරය.
එවැනි පසුබිමක විශේෂයෙන්ම “පාවහන් රහිත බැංකු සංකල්පය” පදනම් කරගෙන නව්‍යවුත් සරලවුත් මුල්‍ය සේවාවන් ආදායම් පිරමීඩයේ මධ්‍යම හා පහල ස්ථරයේ සිටින්නන්ට සැපයීම අරමුණු කොට ගත් ප්‍රාදේශිය සංවර්ධන බැංකුවට පැවරි ඇත්තේ දැවැන්ත වගකිමකි.
ඒ සෑබෑ ප්‍රාදේශිය සංවර්ධනයක් වෙනුවෙන් පෙළගැසිමට සුදානම් ජනයාට හට අවැසි මුල්‍ය ශක්තිය ලබාදිම තුලිනි.
.
විශේෂයෙන්ම මේ කොරෝනා සමය තුල පිඩාවට පත්ව ඇති ජනයාගේ බිඳ වැටුන ආර්ථිකය ගොඩගැනිමට ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වැනි ආයතන වලට ඇති හැකියාව ඉතා ඉහලය.
ඒ හැකියාවට පණ දෙමින් ඊයේ ( 25 ) දිනයේ මිගමුවේ ධිවර ප්‍රජාව වෙත සහ කිඹුලාපිටියේ රතිඤ්ඤා කර්මාන්ත කරුවන්ට විශාල ණය මුදලක් ලබාදිමට ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ක්‍රියාකර තිබිම සැබැවින්ම ඒ ප්‍රජාවගේ පැසසුමට ලක්ව තිබුණි.

අත්දැකිම් බහුල කිර්තිමත් බැංකුකරුවෙකු වන මහින්ද සාලිය මහතාගේ සභාපතිත්වයයෙන් යුත් ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සිය බැංකු මෙහෙවර මේ වන විට සමාජ ගතකරමින් සිටින්නේ මේ කොරෝනා ව්‍යසයනයෙන් අර්බුදයට ගිය ප්‍රාදේශිය සංවර්ධනය නගා සිටුවිම අරමුණ කොට ගෙන බව ඔවුන් විසින් ඊයේ දිනයේ මිගමුවේදි මෙන්ම කටාන ප්‍රදේශයේදි සිදුකරන ලද මැදිහත්විම් වලින් පෙනි යයි.
මිගමුව ප්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින් ඊයේ දිනයේ මේ සාර්ථක ණය වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය , 1985 දී  දිස්ත්‍රික්  මට්ටමෙන් ක්‍රියාත්මක ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම දක්වා ඈතට විහිදී යයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර , කුඩා හා මධය පරිමාන ව්‍යවසායකයින් , කාන්තාවන් මෙන්ම කෘෂි කාර්මික, සත්ව පාලන  , මත්ස්‍ය ව්‍යාපාර වැනි රටේ ආර්ථික වර්ධනයට දායකත්වය දක්වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සදහා විශේෂත්වයක්  දක්වයි. එසේම ඉතුරුම් හා ස්ථාවර  තැන්පතු  සදහා ඉහල පොලියක් ලබා දෙමින් ග්‍රාමීය ජනතාව අතර ඉතුරුම් පුරුදු ඇති කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර පාසල් ළමුන් හා කුඩා දරුවන්ද ඉතුරුම් සදහා දිරිමත් අරමුණු කොට ගෙන සිටි

එහි ප්‍රතිපලයක් ලෙස   මිලියන 6  ඉක්මවන ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර 3,000 කට අධික සේවක සංඛ්‍යාවක් සේවා ස්ථාන 276 ක් පුරා සේවයේ  නියුක්තව සිටීන බැව් ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ වෙබ් අඩවිය විසින් සටහන් කර තිබේ

ඉල්ලිම් ඉටුකරන ලෙස බලකරන ගුරු,විදුල්පති අරගලය කුරුනෑගලට ..

0

රාජ්‍ය සේවක තැපැල් ඡන්දවලින් . 75% කටත් වැඩි ප්‍රතිශතයකින් වත්මන් ආන්ඩුව දිනවන්න ඡන්දය දීපු මේ රටේ ගුරුවර,ගුරුවරියන්ටත් විදුහල්පතිවරුන්ටත් අද තමුන්ගෙ වැටුප් විශමතාවයට විසඳුම් ඉල්ලලා තමුන් පත්කරපු ආණ්ඩුවට එරහිවම පාරට බහින්න සිදුවෙලා… ප
පසුගිය ගිය යහපාලන ආණ්ඩු සමයේ සිට දීර්ඝ කාලයක් තිස්සේ නොවිසිඳී පවතින වැටුප් විශමතාවන් තමුන් බලයට පැමිනි වහාම විසඳන බවට ගුරු සහ විදුහල්පති සේවා වෘත්තීකයන්ට ලබා දුන් පොරොන්දු පවා අද මේ වත්මන් ආණ්ඩුව විසින් අමු අමුවේම කඩ කරලා ඉවරයි. ගොවියගෙ, රාජ්‍ය සහ පුඩ්ජ්ගලික අක්ශයේ සේකයගෙ, කම්කරුවගෙ,වතු සේවකයාගෙ, සිට ගුරු වෘත්තීකයා දක්වාම පනනක් නොව මරනයට කැපවු අහිංසක හරක්ද ඇතුලුව මේ රටේ සියලුම ජන කන්ඩායම් රැවටීම පමනක් තම එකම ප්‍රතිපත්ත‍ය බවට පත්කර ගත් ප්‍රෝඩාකාරී ආණ්ඩුවට එරෙහිව කුරුණෑගල නගරයේ අද පැවති ගුරු,විදුහල්පති විරෝධතාව අවසානයේ අතිදැවන්ත ගුරු ජන ගඟක් බවට පත්ව තිබූ ආකාරයයි මේ.. ..

මගියෙකුට මරු කැදවු බස්රථයේ කොන්දොස්තර අත්අඩංගුවට !

0

( 1.00 pm )බස්රථයක ගමන් ගන්නා මගින් ගැන බරපතල වගකිමක් එහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට ඇත.
එහෙත් ලංකාව තුල වාර්තා වෙමින් ඇති බස් අනතුරු ගැන සලකා බලන විට පෙනි යන්නේ මගින්ගේ ජිවිත ගැන ඇති අනාරක්ෂිතභාවයයි .
මේ අනුව පානදුර සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක කොස්දොස්තරවරයෙකු පානදුර උතුර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබුනේ එම බස් රථයේ ගමන් ගනිමින් සිටි මගියෙකු දොරෙන් විසි වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට අදාළවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයකු වන අතර අදාළ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

ජිනීවා යෝජනාවකට මුහුණ දුන් පළමු වටයේම ගෝඨාභය පාලනය පරදී

0

( 10.30 am ) මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ඉහලම මානව හිමිකම් සභාවේ යෝජනාවක් සම්මත කරගැනීම වැලැක්වීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.  

බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය 2015 න් පසු ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කරගත් මුල්ම වතාව මෙය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවකදී ලත් පළමු පරාජයද මෙය වෙයි.

      එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත.  

  යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර ආර්ජන්ටිනාව, මෙක්සිකෝව සහ උරුගුවේ යන දකුණු ඇමරිකානු රටවල් ඒ හා එක්වීම නව වර්ධනයක් විය. විරුද්ධ වූයේ රුසියාව, පකිස්තානය, චීනය හා බංග්ලාදේශය ඇතුළු රටවල් 11 කි.    

 යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලැබෙන බව විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ අද්මිරාල්වරයා ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩා තිබුනද ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 14 ට එක්විය.  නේපාලය මෙන්ම බහරේනය සහ ලිබියාවද ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්ය.    

  කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවධාරණය කර තිබුනේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල බහුතරයක ඡන්දය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යෝජක රටවලට නොහැකි වූ බවයි.

  ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ජිනීවා සමුළුවට දැනුම් දෙන ලදී. 
theleader.lk

රාජපක්ෂලා දමිළ මාධ්‍යවේදින් ඝාතනය කළ හැටි දකුණේ ප්‍රගිතිශිලින්ට අමතක වුනේ ඇයි ?

0

ජනපති ගෝඨාභය විසින් ඊයේ දිනයේ මාධ්‍යයට එරෙහිව දරුණුතම අනතුරු ඇගවිමක් කරන්නට යෙදුණි.
එය බරපතල ලෙසින් ඉතා පැහැදිලිවම ගත යුතුව ඇත්තේ ඒ ආකාරයෙන් කටයුතු කළ ඉතිහාසයකට ඔහු සහ රාජපක්ෂ පාලනය හිමිකම් කියන නිසාවෙනි.

පසුගිය රාජපක්ෂ පාලනය තුල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවයකයන් 44 දෙනෙකු ඝාතනය කර තිබුණ බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ ( JDS) සංවිධානය විසින් පළකර ඇති වාර්තා වල සදහන්ය.
ඉන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ය.



පැවැති රාජපක්ෂ පාලනයේ පළමු ගොදුරු බවට පත්ව තිබුනේ තම වෘත්තිය වෙනුවෙන් නිර්භයව පෙනි සිටිමින් ලෝකයටම සත්‍ය හෙළිදරව් කර සිටි සුගිර්තරාජන් නම් වු දමිළ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකි.
2005 ජනවාරි 05 වෙනිදා ඔහු ඝාතනයට ලක්වුයේ ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කර ඇති අන්දම ගැන ඡායාරූප සාක්ෂි සහිතව ලෝකයටම හෙළිදරව් කර තිබිම නිසාය.
එහෙත් ඊයේත් අදත් මාධ්‍ය මර්ධනය ගැන අදහස් දැක්වු ජවිපෙ ඇතුළු ප්‍රගිතිශිලින් විසින් කියාගෙන .ගිය මාධ්‍ය මර්ධන ලැස්තුවට දමිල මාධ්‍ය ආයතන ගිනිතැබිම හෝ ඝාතනයට ලක්වු දමිල මාධ්‍යවේදින්ගේ නම් කියැවෙන්නේ නැත.ඒ ලයිස්තුවල ඇත්තේ දකුණේ මාධ්‍ය මර්ධනයට ලක්වු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින්ගේ නම් පමණක්මය
එය අහම්බයක්ද ?
පිඩාවට පත්ව ඇති ජාතියක් ගැන දකුණේ ප්‍රගතිශිලින්ගේ ස්ථාවරයේ දිග පළල යළිත් වරක් දැන් සමාජ ගත වෙමින් තිබේ.

පස්සර බස් අනතුරෙන් මිය ගිය ගණන 13 දක්වා ඉහලට ..

0

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් 13 වන කිලෝමිටර් කණුව අසලදී දරුණු ප්‍රපාතයකට පෙරළීමෙන් මේ වන විට 13 න් දෙනෙකු මිය ගොස් දෙනෙකු මිය ගොස් 31 දෙනෙකුට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ