Friday, September 27, 2024
Home Blog Page 56

සඳුදා( 12) රජයේ නිවාඩු දිනයක් !

0

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ද මේ බව තහවුරු කර තිබේ

අනූ නව හැවිරිදි පිලිප් කුමරු අභාවප්‍රාප්තවේ

0
messenger sharing button

එලිසබත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.   මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.   පිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය.    බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා පිලිප් කුමරුය.   රාජකීය යුවලට දරුවන් සිව් දෙනෙකු, මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් දස දෙනෙකි.  
(BBC සිංහල සේවය)

 117215111 4b221fc0 95f3 4bb1 8fc1 0bbe831122ba
prince philip gt

යාපනේ නගරාධිපති අත්අඩංගුවට …

0

නගරයේ පිරිසිදුකම සහ පිළිවෙල වඩාත් හොදින් රැක ගැනිම සදහා නාගරික පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට යාපනය නගරසභාව පසුගියදා පියවර ගෙන තිබුණි.
එය නිළ වශයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුනේ ඊයේ(08) දිනයේදිය.
මේ ඒකකය සදහා සෞඛ්‍ය අංශයේ සේවය කළ 5 දෙනෙකු යොදවා ගෙන තිබුණ බව නගරාධිපතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

ඔහු පෙන්වා දුන්නේ කොළඹ මහ නගර සභාවේ ආදර්ශමත් වැඩකටයුතුවලින් පසුව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.


කොළඹ ක්‍රියාත්මක රථගාල් වැඩසටහන


මේ අතර යාපනය නාගරික පොලිස් ඒකකය සදහා සකස් කර තිබුන නිල ඇදුම එල්.ටි.ටි.ඊ සංවිධානයේ පොලිසිය විසින් භාවිත කළ ඇදුමට සමාන එකක් බවට ලැබුණ පැමිණිලි මත යාපනය පොලිසිය විසින් මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාද ඇතුළු තවත් නිළධාරින් පසුගියදා දිර්ඝ ලෙසින් ප්‍රශ්ණ කර ඇත.
මේ අතර ඊයේ(08) රාත්‍රියේ නගරාධිපති නිතිඥ මනිවානන් ගෙන්ද ප්‍රශ්ණ කිරිම ආරම්භ කර තිබුණ අතර අද අලුයම 2.15 පමණ ඔහුව ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාවට රැගෙන ගොස් අතැයි යාපනය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක මාධ්‍ය විසින් අද වාර්තා කොට තිබේ.

යාපනය මහනගර සභාව විසින් හදුන්වා වැඩසටහනේ නිළධාරින්

යාපනයේ නාගරික පොලිස් ඒකකය ගැන නගරාධිපතිගෙන් පැහැදිලි කිරිමක් …

0

අදින් ආරම්භ විමට නියමිතව තිබුණ එහෙත් පොලිසියේ මැදිහත්විම නිසා නවතා දමන්නට සිදුව ඇති යාපනය මහනගර සභාවේ නාගරික පොලිස් ඒකකය ගැන නගරාධිපති සිය අදහස් පළකර තිබේ.
ඒ අද (බ්‍රහස්පතින්දා) පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු පෙන්වා දුන්නේ කොළඹ මහ නගර සභාවේ ආදර්ශමත් වැඩකටයුතුවලින් පසුව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.

යාපනය. නගරයේ පිරිසිදු කිරීම හා නියාමන ක්‍රියාවලිය සඳහා නගර සභාව විසින් නාගරි පොලිස් බලකාය ඊයේ හඳුන්වා දෙන ලදී. මෙම තත්වය තුළ, සමහර වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහට ලක්ව තිබුනේ මෙම නිළඇදුම් ඇඳුම එල්ටීටීඊ පොලිස් ඒකකයේ නිල ඇදුමට සමාන බවය

මෙම සන්දර්භය තුළ නගරාධිපති නිතිඥ මනිවාන්නන් මහතා පැහැදිලි කළේ එවැනි ඉස්මතු කිරීමක් හෝ අභිප්‍රායක් නොමැති බවයි. නව පොලිස් බලකාය දැනටමත් මහ නගර සභාවේ සේවය කරන සේවකයින් පස් දෙනෙකුගෙන් සමන්විත බව ඔහු සඳහන් කළේය.

උතුරේ ඇති එකම නගරය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම සහ වෙනත් දූෂකයන් හඳුනාගෙන එවැනි ක්‍රියාකාරකම් වලක්වනු ඇති බවද ඔහු පැවසීය. කොළඹ මහ නගර සභාවේ කටයුතුවලින් අනතුරුව මෙම මෙහෙයුම සිදු කළ බවත්, ඔහු පැවසීය.

පොලිසිය තමාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති අතර ඉහත කරුණු පෙන්වා දී තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නිර්මාණය කර ඇති නිල ඇඳුම් ඔවුන්ට ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

ගංවතුරෙන් පිඩාවට පත් ජනයාගේ සහයට නැ.ටිමෝර නිදහස් අරගලයේ නායකයාත් එක්වෙයි ..

0

පෘතුගිසින් විසින් යටත් කරගෙන සිටි නැගෙනහිර ටිමෝරය නිදහස ලබා ඔවුන්ගේම රජයක් ස්ථාපත කොට ගතවුයේ දින කිපයකි. 1975 දෙසැම්බර් 05 වෙනිදා යළිත් වරක් ඉන්දුනිසියානු ආක්‍රමණයකින් ඒ නිදහස් රට යළිත් ටිමෝර වැසියන්ට අහිමිව ගියේය.

එතැන් පටන් ඒ අරගලයට නායකත්වය දුන් පිරිස අතුරින් අදටත් ටිමෝර ජනයාගේ හදවතේ නායකයා ලෙසින් සැලකෙන ෂානානා ගුස්මාවෝ තවමත් ජනතාව අතර සාමාන්‍ය පුද්ගලයෙකු සේ හැසිරෙමින් ඔවුන්ගේ දුකේදි පිහිට විය.

පසුගියදා ටිමෝර ජනයා මහත් පිඩාවකට පත්කළ ගංවතුර තර්ජනය මුහුණ දිම සදහා මහන්සිනු ජනාය අතරට පැමිණි ෂානානා ගුස්මාවෝ ඔවුන් හා දුක සැප බෙදාගති.
නිදහස් ටිමෝර ජනයාගේ හදවතේ නායකයා තවමත් ෂානානාය

සර් පිල්ලෙයාන්ට බය නෑ ! රන්ජන්ට බයයි ! පාර්ලිමේන්තුවේ විරෝධතා ..

0

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරිමට එරෙහිව අද පාර්ලිමේන්තුව තුල විපක්ෂය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
රන්ජන් සිදුකරන ලද අසාධාරණයට එරෙහිව වු සටන් පාඨ සහිත බැනර් පෝස්ටර් ඇතැතිව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු මෙම විරෝධතාවයට එක්ව සිටි

යාපනය මහනගර සභාවේ නාගරික පොලිස් ඒකකය අහෝසියි… ?

0

යාපනය මහනගර සභාව විසින් නාගරික පොලිස් ඒකකයක් ඊයේ දිනයේ ස්ථාපති කර තිබුන අතර එය අද ( 08) සිට වැඩ ආරම්භ කිරිමට නියමිතව තිබුණි.
මේ අතර නාගරික පොලිසියේ රාජකාරි වහාම අත්හිටුවන ලෙස පොලිසිය මහ නගර සභාවට උපදෙස් දී තිබේ.
ඊට අමතරව පොලිස් නිල ඇඳුමක් ලබා ගෙන එය කොළඹට ගෙන ඒමට ද ඔවුන් පියවර ගෙන තිබේ.

මෙම නාගරික පොලිස් ඒකකය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු රාජකාරි සහ ඒකි නිති රෙගුලාසි කඩකිරිම ගැන යාපනය නගරාධිපති වරයා කියා තිබුනේ ප්‍රසිද්ධ ස්ථානවල පැටවුන් බිහි කිරීම සඳහා රුපියල් 5,000 ක දඩයක් සහ බුලත් කොළ කෙළ ගැසීම සඳහා රුපියල් 2,000 ක දඩ මුදලක් අය කිරිමට නියමිත බවය.
සෞඛ්‍ය පුරුදු නිරීක්ෂණය කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය සහ නගරයේ පිළිවෙල නිරීක්ෂණය කිරීම සඳහා යාපනය මහ නගර සභාව විසින් නාගරික පොලිස් බලකාය පිහිටුවන ලද බවද සදහන් විය .

යාපනයේ නාගරික කොමසාරිස්, ප්‍රධාන ආදායම් බදු පරීක්ෂක සහ පොලිස් බලකායේ සේවය කිරීම සඳහා පත් කර ඇති නාගරික සේවකයින් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් ස්ථානයට ගෙන ගොස් පැය තුනකට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබෙන යාපනයේ මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ

පොලිසිය කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේ වහාම පොලිස් බලකායේ රාජකාරි නවතා ඔවුන්ගේ නිල ඇඳුම් ඔහුට භාර දෙන ලෙසය. ඒ අනුව පොලිස් බලකායේ රාජකාරි අත්හිටුවා තිබේ. ඔවුන්ගේ නිල ඇඳුම් මෙන්ම පොලිසියට භාර දී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් නිල ඇඳුම් කොළඹට ගෙන ඒමට පියවර ගෙන ඇති බවද වාර්ථාවේ .

ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලන සටන දිගටම …

0

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් පසුගිය 6 වෙනිදා පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ නන් දෙසින් පැමිණි කාන්තාවෝ 1000කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට පසුගිය 06 වෙනිදාට දින 30ක් සපිරෙන බව එම කාන්තාවෝ කියා සිටියහ

යාපනය මහනගර සභාව නාගරික පොලිස් බලකායක් පිහිටුවයි …

0

යාපනය නාගරික පොලිසිය අද පෙරවරුවේ පළමු වරට මෙහෙයුම් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය පුරුදු නිරීක්ෂණය කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය අධීක්ෂණය කිරීම සහ දඩ මුදල් එකතු කිරීම ඇතුළු නගරයේ පිළිවෙල නිරීක්ෂණය කිරීම සඳහා නාගරික පොලිස් බලකාය යාපනයේ පිහිටුවා ඇත.



නාගරික පොලිස් බලකාය හෙට ( 08 ) ආරම්භ කිරීමට නියමිත බැවින්, අද පෙරවරුවේ නල්ලූර් ප්‍රදේශයේ වාහන අනතුරු වළක්වා ගැනීම සඳහා වන පූර්වාරක්ෂාව පිළිබඳව නාගරික පොලිස් බලකාය නිරීක්ෂණය කළේය. යාපනය නාගරික සෞඛ්‍ය කාර්යාලවල සේවය කළ නිලධාරීන් 5 දෙනෙකු සඳහා නව නිල ඇඳුමක් යාපනය මහ නගර සභාව විසින් හඳුන්වා දී ඇති අතර එය නාගරික පොලිස් බලකාය නමින් නිර්මාණය කර ඇත.

පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ඇත්තේ පොල්තෙල් නිෂ්පාදකයන් 7 කට පමණි

මේ දිනවල රටේම පුළුල් කථා බහකට ලක්වු මාතෘතාව වි තිබුනේ පොල් තෙල්ය.
එ සංවාද තුලින් හෙළිදරව් වු කරුණු අතිශය භායනකය.
ඒ පිළිකාකාරක මේ බොහොමයක් ආනයනික පොල්තෙල් වල අඩංගු බවට කියැවුණු කරුණුද සමගින්ය.

මේ අතර පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි එම අධිකාරිය සඳහන් කර තිබේ.
.අධිකාරිය නිකුත් කරන තරු සලකුණු පහකින් යුත් එම ප්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් බුද්ධිමය දේපල කාර්යංශයේ ලියාපදිංචිය විය යුතු බවත් ඔවුන් පවසයි.

2018 වසරේ ආරම්භ කර ලද මෙම ප්‍රමිතිකරණය අනුව 2020 සැප්තැම්බර් මස වන විට නිෂ්පාදකයන් 07 දෙනෙකුට පමණක් ලාංඡනය පිරිනමා තිබේ.

මේ වන විට දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් 25 දෙනකු පමණ මෙම ප්‍රමිති ලාංඡනය අයදුම් කර ඇති අතර එම නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ කරමින් සිටී.

ආනයනය කරන පොල් කෙල් කිසිදු ලෙසකින් පොල් සංවර්ධන අධිකාරියේ නියාමයට ලක් නොවන බවද එම