Friday, September 27, 2024
Home Blog Page 55

ඊයේ රෑ මියන්මාරයේ යැන්ගැන් නගරයේ පැවැති මහරෑ වර්ජ්නය!

0

ඒ රැයෙහි මේ බය නැති මිනිස්සු සිය ජගංම දුරකතන, ටෝච් සහ පාපැදි ලාම්පු පවා දල්වා සිය විරෝධය පළ කළහ. සාමකාමී විරෝධතාකරුවන් 600කට වඩා ඝාතනය කර ඇති මිනීමරැ මිලිටරිය 3000කට ආසන්න සිවිල් ජනයා අත් අඩං ගුවට ගෙන තිබේ.

මීට තෙදිනකට පෙර එරට ඉතාම ජනප්‍රිය කලාතරු මහ තාරකාවින් සියක් දෙනෙකු අත් අඩංඟුවට ගැනුනේ ඔවුන්ද මිනීමරු මිලිටරියට එරෙහිය පාරට ආ නිසාය.

මහමැතිවරනයෙන් බලයට පත් ආන්ඩුවට ඉඩ නොදී මිලිටරිය දිගටම බලයේ සිටිය හොත් එරට දරවැන්ත ලේ වැගිරීමකට මඟපාදන සන්න්දධ ප්‍රතිවිරුද්ධකම් ආරම්භ වීමට දැන් ඔන්න මෙන්නය. සන්දීය හමුදාව යැයි නම්කර ඇති ඒකාබද්ධ සන්නද්ධ හමුදාව දැන යැන්ගුන් නගරයටද රහසිගතව අවතීර්ණ වි සිටිති.

මහ මැතිවරනයෙන් ජය දිනූ බොහෝ අපේක්ෂකයෝ මෙම සන්දීය හමුදාවට බැදී ඇකි බව එරට ආරංචි මාර්ග දක්වයි. ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා. මිනීමරු මිලිටරිය භංග වේවා. මියන්මාරයට සාමකාමී විසඳුමක් ලැබේවා!
සුනන්ද දේශප්‍රිය

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලාදකිමු! -මාතර හිටපු මහ නගරාධිපති

0

 යාපනය නගරාධිපතිවරයා ‘නගර ආරක්ෂක බලකායක් පිහිටුවීම’ කිසියම් ප්‍රමානයක දේශපාලනික කාල බෝම්භයක් බවට පත්විය. රජය ඔහු අත්අඩංගුවට ගත්තේය.    ‘දෙමලූන්’ අපේ යටතට ගනිමින් ‘තම්බියන්’ ද යටත් කිරීමට සිටි පෙරමුණේ රාළලාට නැවත උතුරට හැරෙන්ට ද සිදුවිය.    මෙය නන්නත්තාර වී සිටිනා ආණ්ඩුවේ දේශපාලනයට අස්වැසිල්ලක් ගෙන ආවාට සැකයක් නැත.    බොහෝ විපක්ෂයේ දේශපාලකයෝ ද පටලවාගෙන තිබුනි. 

  කෙසේ හෝ ගෝඨාබයගේ සපත්තු කුට්ටම දා ගැනීම එකම විකල්පය ලෙස සිහින දකිනා ඔවුන් ද කකුළ කටේ දමාගෙන තිබුනි.   

    ප්‍රාදේශීය සභාවකට වැඩියෙන් නගර සභාවකටත්, නගර සභාවකට වැඩියෙන් මහා නගර සභාවකටත් හිමි වන බලතල හා ස්වාධීනත්වය ඉහලය. පළාත් පාලන ආයතන යනු ස්වයං ආදායම් උත්පාදනය කරනු ලබන සහ අදාල පනත අනුව ස්වාධීනව කටයුතු කරනු ලබන ආයතනයන්ය. 

මහා නගර සභාවක්, සිය බල ප්‍රදේශයේ ‘මහජන සෞඛ්‍ය ප්‍රරෝහනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ කාර්යයන් සඳහා වූ පොදු අධිකාරිය’ ලෙස මහා නගර සභා ආඥ පනතින් නම්කර ඇත. ඒ යටතේ පැවරෙන කාර්යය භාරය ඉතා විශාල වපසරියකි. එසේම, මහා නගර සභාවකට පැවරෙන ‘වීථි සම්බන්ධ බලතල හා කාර්යය’ ද අති විශාලය. වීථි නඩත්තුව, පාලනය, ථවාහන පාලනය හා නීති පැනවීම, රථ ගාල් ඇති කිරීම, වීථි වලට ඇතිකෙරෙන බාධා හා හානි පාලනය ඇතුලූව විශාල වපසරියකි. මෙසේ වූ කාර්යයන් හා වගකීම් තවත් බොහෝය.

මෙම වගකීම් ඉටු කිරීමට කටයුතු කිරීම මහා නගර සභාවක වගකීමකි.        ඒ  සඳහා වැඩ පිළිවෙලවල් යෙදීම, නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එහි වගකීමයි. මෙම කටයුතු ඉටු කිරීමේ දී ඒ සඳහා රජය විසින් ලබා දෙන ලද තනතුරු හා කාර්ය මණ්ඩලයක් සිටී.    එයට අමතරව නව කාර්ය මණ්ඩල හෝ තනතුරු අවශ්‍ය වන්නේ නම් මහා නගර සභාවකට ඒවා අලූතෙන් ඇතිකර ගත හැකිය. ඒවාට වැටුප්, දීමනා හෝ පාරිශ්‍රමික නියම කිරීමට ද මහා නගර සභාවකට බලය ඇත.    සභාව විසින් ඇති කෙරෙන එම තනතුරු රජයේ තනතුරු ලෙස නොසැලකේ. එම තනතුරු වල වියදම් සභාව විසින් දැරිය යුතුය.      606fcc189e00b Jaffna Mayorනගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්

යාපනය මහා නගර සභාව සිදුකර ඇත්තේ තමන්වෙත නීත්‍යානුකූලව හිමි වූ හා පැවරුන ඉහත සඳහන් බලතල ක්‍රියාවේ යෙදවීමයි.       

එය ඔවුන් මහා නගර සභාවේ මුදල් කමිටුවේ ද අනුමැතිය ඇතිව, සභා සම්මුතියකින් බලය ලබාගනිමින් ක්‍රියාත්මක කල යුතුය.    පසුබිම් වාර්ථාවක් එයට එක්කරමින් එහි අවශ්‍යතාව සහතිකකල හැකිය. එය සිදුකලාද නොකලාදැයි මම නොදනිමි. එසේ නොකලානම් ඇත්තේ තාක්ෂණික හා පරිපාලන වරදකි.   

  ‘නගර ආරක්ෂක බලකාය’ යනු පළාත් පාලනයට අලූත් වචනයක් නොවේ.  

  ‘නගර ආරක්ෂක බලකාය’ යනු පළාත් පාලනයට අලූත් වචනයක් නොවේ.    මාතර මහා නගර සභාවේ මෙම වචනය කථා බහට ලක්වූයේ වර්ෂ 1999 පමණ ඉහත දීය.    වසර 2011දී පමණ මාතර හිටපු නගරාධිපතිවරයෙකු ද මෙම බලකාය පිහිටුවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය.  

වර්ෂ 2018 මහා නගර සභා මැතිවරණයේ දී ‘මාතර හදන මග’ නම් වූ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙය නිශ්චිතවම ඇතුලත් කලේ ද මා විසිනි.    අවාසනාවකට මෙම ප්‍රශ්නය දෙස කොළඹ ආණ්ඩුව හා සමහරෙක් බලන්නේ වෙනත් කණ්නාඩියකිනි.         අපේම පාර්ලිමේන්තුව විසින් සම්මතකර අදටත් වලංගුව පවතිනා නීතියකට අනුව ක්‍රියා කිරීම වැරදි වන්නේ කෙසේද? යාපනය පමණක් නොව කොළඹ මහා නගර සභාව ද මෙලෙසම වර්ණ භාවිතා කරයි. මාතර මහා නගර සභාවේ ආරක්ෂක අංශය ද මෙම වර්ණම භාවිතා කරයි. නමුත් යාපනය, මාතර මහා නගර සභාවට වඩා ඉදිරියට ගොස් ඇත.     

  මෙම ‘දේශප්‍රේමය’ අපේ රටේ ලාභම සටන් පාඨයයි! එය  ඕනෑම තැනක විකිණිය හැකිය. ඒ සඳහා ආණ්ඩුපක්ෂ හෝ විරුද්ධ පක්ෂ කියා නැත. කොඩිය උදුරා ගැනීමට දෙගොල්ලෝම පොරකති. පක්ෂ කිහිපයක් වුව ද ඔවුන් සිටිනුයේ එකම දේශපාලන තලයකය. ගෝත්‍රික වැඩවසම් ලක්ෂණ වලින් ඔවුන්ට මිදිය නොහැකිය.   

    ‘යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලා දකිමු!’ යැයි මම කී විට සමහරෙක් මට බැන වැදී තිබුනි. දකුණ දිනන්නට උතුරට විරුද්ධවීම අද ජනප්‍රිය දේශපාලනයයි. එහෙත් එයින් දිනූ දෙයක් නම් නැත.    යාපනයේ මෙම ප්‍රවෘත්තියෙන් දකුණේ තරුණයන්, උගතුන් ඇතුලූ සමහර පිරිස් කළබලයට පත්ව ඇති සැටි මම දුටුවෙමි. නොසොයා බලා කලබලයට පත්වන ජන සමූහයක් වීම, පක්ෂ බේදයෙන් තොරව සියළු තක්කඩි දේශපාලකයන්ට කදිම ඉල්ලමකි.     

  ඔව්! දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටම අපි ජයගත යුතුය. ඒ ශ්‍රී ලාංකිකයන් ලෙසය. එය සිදුකල හැක්කේ, උතුරේ මිනිසුන්ගේ නීත්‍යානුකූල හිමිකම් හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිගැනීමෙනි. ඔවුන් විශ්වාස කරන බව ඔවුන් තුල තහවුරු කිරීමෙනි. ජයග්‍රහනය රැඳී ඇත්තේ සැකය මත නොව විශ්වාසය මතය.

  සොයා බැලීමේ කිසිඳු වරදක් නැත. ‘සැකය’ ගොඩනැගීම  ඕනෑම දුර්වලයෙකුට සිදුකල හැකිය. එහෙත්, ‘විශ්වාසය’ පලකල හැක්කේ ධෛර්යවන්ත මිනිසුන්ට පමණි.    ඔබට පක්ෂ වන්නට මෙන්ම විරැද්ධ වන්නට අයිතියක් ඇත.    මම ඔබට ඇරයුම් කරමි. විවේඡනය කරන්න. අදහස් දක්වන්න. එහෙත් සොයා බලන්න.    මක්නිසාද යත් ‘මතුපිටින් පෙනෙනා සියල්ල යථාර්තය නොවනා බැවිනි.‘     මම නැවත කියමි!   ‘නගර ආරක්ෂක බලකායට මුවා වී, යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම හෙලා දකිමු!’      44877084 1761906313920973 6592323389707255808 o(උපුල් නිශාන්ත සුභාවික්‍රම) මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක හා  මාතර ආසනයේ එජාප සංවිධායක  nishanthasmw@gmail.com

theleader.lk

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ රොෂාන්ගෙන් නව ආසියානු වාර්තාවක්!

0

ලංකා ගුවන් හමුදා පිහිනුම්ශුර රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 59 කුත් මීටර් 300 ක් පිහිනමින් නව ආසියානු වාර්තාවක් තැබීය.

ඔහු විසින් මන්නාරමේ සිට ඉන්දියාවේ රමේශ්වරන් සහ පසුපසට පිහිනීම සඳහා ෙගන අැත්ෙත් පැය 28 යි මිනිත්තු 19 තත්පර 43 ක් පමණි.
මේ අනුව, රොෂාන් අබේසුන්දර විසින් අදාළ ප්‍රයාමය පිණිස පැය 51 කින් පිහිනමින් වී.එස්. කුමාර් ආනන්දන්ගේ අවුරුදු 50 ක් පැරණි වාර්තාව බිඳ හෙළා අැත.

රොෂාන් 2021 ජනවාරි 3 වන දින මාතර සිට කොග්ගල දක්වා කිලෝමීටර් 25 ක දුරක් පැය 10 යි මිනිත්තු 37 ක කාලයක් පිහිනමින් නව වාර්තාවක් බිහි කළ අතර මාතර සිට හික්කඩුව දක්වා කිලෝමීටර් 49 ක දුරක් පිහිනමින් වාර්තාව නැවත අලුත් කළේය.

ඇමරිකානු පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමයට අනුබද්ධ පිහිනුම් උපදේශකයෙකු විසින් පුහුණුව ලබා අැති රොෂාන්, ජනප්‍රිය ජූලියන් බොලින්ග්ගේ පුහුණුවද ලබා ඇත.
(ලංකාවිච්ස් )

වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි- ජල ඇමති වාසු කියයි !

0

වත්මන් රජය බලයට පත්විමත් සමගින් රටේ නන්දෙසින් මතුවෙන්න පටන් ගත් එක් බරපතල පරිසර ප්‍රශ්ණයක් වි තිබුනේ වැලි ජාවාරමයි.
වත්මන් පාලකයන් මේ ගැන තැන තැන විවිධ කථා කිවද වැලි ජාවාරම් පාලනය කිරිම සදහා කිසිදු සක්‍රිය මැදිහත්විමක් සිදුකර තිබුන බවක් නොපෙනේ.
මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්යය බවයි.
ජල මුලාශ්‍රවලට සෟජුවම බලපැම් කරන මේ වැලිවැලිජාවාරමට අදාලව ජල ඇමති ගත් මේ තින්දුව ක්‍රියාත්මක වෙන අයුරු අප බලා සිටිමු

ලස්සන වෙන්න වතුර බොන්න .

0

ලස්සන වෙන්න කාන්තා පිරිමි බේදයකින් තොරව මිනිසුන් බොහෝ දේවල් කරති. මිල අධික ආලේපන වර්ග මෙන්න විවිධ පෙති වර්ගද මිනිසුන් භාවිතා කරති. එහෙත් තවමත් නොමිලයේම ලස්සන වීමට හැකි හැකි බව ඔබ මොහොතකටත් සිතුවාද?  “ජලය” බොහෝ රටවල්වල මිනිසුන්ට නොමිලයේ නොලැබෙන ජලය මගින් ලස්සන පමණක් නො‍ව බොහෝ වාසි ඔබට අත්පත් කරගත හැකිය. අද ලිපියෙන් දිග හැරෙන්නේ ජලය මගින් ඔබට අත්වෙන වාසි පිලිබඳවය.  වර්තමානයේ මිනිසා විදුලි පංකා වායු සමීකරණ නිරතුරුවම භාවිතා කරයි.  මෙමගින් සිරුරේ තෙතමනය ඉක්මනින්ම සිඳී යන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇත.  විශේෂයෙන්ම එවැනි පරිසරයක ඔබ රාජකාරියේ නිරතවන්නේනම් හෝ ඔබ වාසය කරන්නේ නම් ඔබ වැඩි වශයෙන් ජලය පානය කළ යුතුව ඇත.  

1. දිදුලන සමක්

අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. සමේ නිරෝගීතාවය මෙන්ම සමස්ථ ශරීරයේ සියළුම ක්‍රියාකාරකම් වලට සහාය වන අතර මතකය සහ සෞඛ්‍යය වර්ධනය කරන අතර සමෙහි නිරෝගි බව වර්ධනය සහ ප්‍රවර්ධනය කරයි. එමෙන්ම ඔබට සම වෙනුවෙන් කළ හැකි ප්‍රධානතම රූපාලාවන්‍ය සත්කාරය නම් ජලය පානය කිරීමයි. 

දිනකට පුද්ගලයෙකු පානය කරන ජලය ප්‍රමාණය මෙකෙයැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. මන්ද යත් දේශගුණය, සහ පුද්ගල ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වේ. පොදුවේ ගත්කළ වැඩිහිටි කාන්තාවක් දිනකට ජලය 2L ක් වත් පානය කළ යුතු අතර පිරිමි පුද්ගලයෙකු 3L පානය කළ යුතුව ඇත. 

නිසි පරිදි ජලය පානය කිරීමෙන් සිරුර සජලීයව පවතී. එම නිසා සිහින් රැළි සහ රේඛා ඇති වීම අවම වේ. එමෙන්ම   සමෙහි රුධිර ගමනාගමනය වැඩිවී සමෙහි පෙනුම කාන්තිමත්භාවය තවත් අයුරකින් කියනවානම් දිදුලන භාවය වර්ධනය වේ.  විශේෂයෙන්ම බොහෝ කාන්තා පිරිමි දෙපාර්ශවයට තිබෙන විශාල ගැටළුවක්වන කුරුළූ ඇතිවීම අවම කිර ගැනීම සඳහාද ජලය පානය කිරීම උපයෝගි වන බව වෛද්‍ය මතයයි.   ජලය නිසි පරිදි නොලැබෙන්නේනම් ඉන් සිදුවන්නේ සමෙහි රැලි සහ සිහින් රේඛා වර්ධනයට වී අකලට මහළු පෙනුම වර්ධනය වේ.  

2. ලස්සන හිසකේ 

නිසි පරිදි ජලය පානය කිරීම මගින් ශරීරයේ PH අගය පවත්වා ගැනීමටද හැකිවේ. විශේෂයෙන්ම හිස්සොරි හෙවත් හිස්කබලයේ වියළි බාවය මැඩපත්වා ගැනීමට විශේෂයෙන්ම ජලය පානය කිරීම වැදගත් සාධකයක් වන අතර ඒ හේතුවෙන් අකලට හිසකෙස් ගැළවී යාම වළක්වා ගැනීමටද ජලය උපකාරී වේ. විශේෂයෙන්ම දිදුලන හිසකේ සඳහාද ජලය අත්‍යාවශ්‍ය වේ. 

3. ක්‍රියාශීලී බව වර්ධනයට

ජලය පානය මඟින් සිරුරේ විජලන තත්ත්වය මුළුමනින්ම මඟහරවා ගැනීමට පුළුවන. විජලනය ඇති වන්නේ ශරීරය වියළීම නිසාවෙනි. එවිට කම්මැලි, ඈලි මෑලි ස්වභාවයක් ඇතිවේ. ජලය පානය කිරීමෙන් පුද්ගල මනසට උත්තේජනයක් ලැබේ. උදෑසන පිබිදීමෙන් පසු හොඳ වතුර වීදුරුවක් පානය කිරීම යහපත් බව වෛද්‍යවරුන් පවසයි.  උදෑසන ජලය පානය මඟින් මුළු දවසම ක්‍රියාශීලි වන බව ඔවුන් පෙන්වා දෙයි. 

4. සිරුරේ බර අඩුවීම

ස්ථුලතාව අද බොහෝ විට දක්නට ලැබෙන ප්‍රචලිත ගැටලුවකි. එමෙන්ම කෙට්ටු වෙන්න කියා විවිධ බෙහෙත් ද්‍රව්‍ය පානය කරමින් විවධ රෝගා බාධ වලට මුහුණ දුන් කිනාත්වන් පිරිමින්ද අප දැක ඇත.  එහෙත් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ, එවැනි පුද්ගලයන් වැඩියෙන් ජලය පානය කරන්නේ නම්, දීර්ඝ කාලයක් යන විට තමන්ට අවශ්‍ය ලෙස සිරුර පවත්වා ගැනීමට හැකි වන බවයි.

5. ලෙඩ රෝග වැළදීම අවම කරයි

බොහෝ විට මිනිසාට ලෙඩ රෝග වැළඳගන්නේ වෛරස්, බැක්ටීරියා ආසාදන හේතු කර ගෙන ය. ජලය තුළ පවතින සේදුම්කාරක ගුණය නිසා, ජලය පානය කළවිට ශරීරය පිරිසුදු වේ. එවිට සිරුරේ සැඟවී තිබෙන විෂබීජ සියල්ල විනාශ වී යයි. එම නිසා, ජලය නිසි පරිදි පානය කිරීම මඟින් ලෙඩ රෝග වැළඳීම අවම කර ගත හැකි ය.

6. යෝග්‍යතාව වැඩි දියුණු වීම

ව්‍යායාම් මඟින් ශරීරයෙන් ජලය බැහැර වන බව ඔබ අප කොයි කවුරුත් දන්නා කාරණාවකි. එමඟින් ශරීරයේ ඇති අනවශ්‍ය දෑ ඉවත්ව යයි. එසේ ම, ව්‍යායාම කරනවිට, ජලය පානය කිරීමෙන් මුළු සිරුරම සිසිල්වේ. එසේ ම, ව්‍යායාම්වලින් පසු එම ජලය ස්වභාවිකවම ඉවත්ව යයි. දහඩිය මඟින් ජලය ඉවත් වීම හේතුවෙන් , ශරීර යෝග්‍යතාවට ද මනා රුකුලක් ලැබේ.
www.colomboplus.com

කහ නැති,පොල් තෙල් නැති, මුං නැති අවුරුද්දට කුකුල් මසුත් ප්‍රශ්ණයක් ??

අවුරුද්ද දැන් මුව විටේය. එකපැත්තකින් කොරොනා තවමත් වෛරසය පැතිර යද්දි ඊට ජනයා භට බිය නැතිවා සේ අවුරුද්දට සුදානම් වුවද ගැටළුව රැසක් දැන් මතුව තිබේ.
අවුුරුද්දුට කහ නැත.පොල්තෙල්ද ප්‍රශ්ණයකි. මුං වල මිළ ඉතා අධිකය.
දැන් කුකුල් මසුන් ප්‍රශ්ණයක් වෙමින් තිබේ.
එහෙත් ඇමතිවරු නම් ඒ ගැන තවමත් සුරංගනා කථා කිම නවතා නැති සෙයකි

ඉදිරි දිනවල කුකුළු මස් මිල කිසිසේත් ම ඉහළ නොයන බවත් කුකුළු මස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා ඇතැයි පළව තිබේ.

හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක මිල වෙළෙඳපොළේ රුපියල් 430ක් බවත් සතොස අලෙවිසල්වලදී හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 400කට ලබාගැනීමට හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදි පෙන්වා දි ඇත

මේ දිනවල භාණ්ඩවල මිල සම්බන්ධයෙන් විවිධ දේ ප්‍රචාර වීමට ඉඩ ඇති බවත් සහතික මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළහොත් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියටත්, 1998 කෙටි දුරකතන අංකයෙන් ලංකා සතොස පාරිභෝගික සේවා ඇමැතුම් මධ්‍යස්ථානයටත් දැනුම්දිය හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත

කෙසේ වුවත් මේ වන විට කොළඹ සහ ඒ අවට කුකුල් මස් වෙළෙදුන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර තිබුනේ කුකුල් මස් ගොවිපළෙන් කුකුල් කිලෝවල් රුපියල් 650 කට මිල කර ඇති බවයි. ඒ හේතුවෙන් මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800-850ත් අතර වන බවයි වෙළෙඳුන් සඳහන් කර සිටි.
මුලාශ්‍ර- නිව්ස්වය

පිඩාවට පත් මිනිසුන්ට ඒවා දරාගත හැක්කේ සිය නායකයන්ද සැබැවින්ම ඔවුන් සමඟින් සිටින විටය.

පසුගියදා ඇදහැලුන මහවැසි සමගින් ගංගා පිටාර ගලමින් නැගෙනහිර ටිමෝරයේ ඇතිවු මහගංවතුර හේතුවෙන් විශාල පිරිසක් පිඩාවට පත්වුහ.
මේ පිඩාවට පත් ජනයා හා උරෙන් උර ගැටෙමින් විනාශයට පත් පිළිසකර කරන්නටත් ,ඇප උපස්ථාන කරන්නටත් එරට නිදහස් අරගලයේ නායකයා ෂානාන ගුස්මාවෝ මේ දිනවල කටයුතු කරමින් සිටින අයුරු සැබැවින්ම මාධ්‍ය සංදර්ශණ නායකයන්ට නම් සැබැම පාඩමකි.


යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනිම එජාපය හෙළාදකී. !

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් මෑතකදී අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදි යාපනයේ අදාල නිළධාරින් ඇදුම සම්බන්ධයෙන් ගැටළු තිබුනේ නම් ඒ පිළිබද පොලිසියට කලින් මුලික පරික්ෂාවන් සිදුකල යුතු වන්නේ අදාල ආමත්‍යංශය විසින් බවද එජාපය අවධාරණය කර සිටි.

මහ නගර සභාවේ පිරිසිදුකම අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යොදවා ඇති කවුන්සිලයේ සාමාජිකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම් සඳහා එල්ටීටීඊය පැළඳ සිටින නිල ඇඳුම්වලට සමානකමක් ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.

කොළඹ මහ නගර සභාව තුළ වාහන නැවැත්වීමේ සහායකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම් පිළිබඳව පක්ෂය තවදුරටත් අවධානය යොමු කරයි. එමෙන්ම ඒවා එල්ටීටීඊය පැළඳ සිටින ඇඳුම් හා සමාන යැයි සැලකිය හැකිද යන්න ප්‍රශ්න කරයි.

යාපනේ නගරාධිපති වෙනුවෙන් සුමන්තිරන් ඇතුළු 25 කට අධික නිතිඥයින් පිරිසක් පෙනි සිටිති

0

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු යාපනේ නගරාධිපති මනිවානන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ එම්. ඒ සුමන්තිරන් ප්‍රමුඛ 25 කට අධික නිතිඥයන් සහ නිතිඥවරියන් පිරිස් පෙනි සිටි බව අපගේ යාපනේ වාර්තාකරුවෝ පවසා සිටිති.
යාපනය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප පිට නගගරාධිපතිවරයාව නිදහස් කර තිබුණි.
මිලග නඩු වාරය ලබන මස 26 වෙනි දිනට යෙදි ඇත.
ඡායා- tamilnews1.com

යාපනය නගරාධිපතිට ඇප ..

0

යාපනය නගරයේ පිරිසිදුකම සහ විධිමත් භාවය ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන විශේෂ නාගරික පොලිස් ඒකකයක් පිහිටුවිම සහ එම ඒකකයේ නිලඇදුම එල්.ටි.ටි ඊ පොලිසියට සමාන යැයි කියමින් ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අද අලුයම යාපනේ නගරාධිපති නිතිඥ විශ්වලිංගම් මනිවානන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනිම සමබන්ධයෙන් ප්‍රධාන පෙලේ සියළුම දමිල දේශපාලන පක්ෂ විසින් හෙළාදැක තිබුණි.
ඔවුන් පෙන්වා දුන්නේ කොළඹ මහනගර සභාවේ මෙවැනිම විශේෂ ඒකකයක් ඇති අතර ඒ නිල ඇදුමේ පාටද නිල්පාට බවය.

යාපනයේදි අත්අඩංගුවට ගැණුන නගරාධිපතිවරයාව වැඩිදුර විමර්ශණ සදහා ව්ව්නියාවට ගෙන ගොස් තිබුණි.
අද රාත්‍රියේ යළිත් වරක් යාපනය ගෙන එමෙන් පසු ලක්ෂ 2 කක් ශරිර ඇප පිට නිදහස් කොට තිබේ.