Friday, September 27, 2024
Home Blog Page 54

දිවුලපිටියෙන් සහ රාගමින් අවුරුදු කොරෝනා පොකුරක් ..???

0

අවුරුදු සමයේ සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක නොකල බහුතරයක් ජනයා මෙන්ම ඒවා රෙගුලාසි කඩකිරිමට උඩගෙඩි දුන් ඇතැම් රාජ්‍ය නිළධාරින් සහ දේශපාලකයන්ගේ විනය විරෝධි ක්‍රියා නිසා මේ වන විට රටපුරා කොරෝනා පොකුරු හෙළිදරව් වෙමින් තිබේ.
මේ අනු දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු ද , රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබුණ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 04/21 දින කොරෝනා ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 18,686 දෙනෙකු මෙම වෛරසයේ ආසාදිතයන් බවට පත් වී ඇතැයි ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

මෙවර මැයි දින පෙළපාලි ,රැස්විම් නෑ !

0

COVID-19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සියලුම මැයි දින රැලි අවලංගු කර ඇති බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ
COVID-19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව ඔහු පැවසීය.
මේ අතර රටේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිටත් කොරෝනා ආසාදිතයන් ගැන තොරතුරු ලැබෙමින් පවති.


පසුගිය කාලය තුල විශේෂයෙන්ම අවුරුදු සමය තුල කොරෝනා පාලනයට අදාලව ජනතාව මෙන්ම සෞඛ්‍ය බලධාරින් සහ පොලිසියට කොරෝනා පාලන රෙගුලාසි නිසි ලෙසින් ක්‍රියාත්මක කිරිමට කටයුතු කර නොතිබුණ බව ඉතා පැහැදිලිය විය.
නිදසුනක් ලෙස කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා විසින් දිනකට 2000 ට වඩා එක්රොක් වු සණකෙලියට දින 3 ක් සදහා අවසර දි තිබිම මේ අවට ඇති කදිම නිදසුන වි තිබේ.
මේ ආකාරයෙන් නුවරඑළිය,කතරගම සහ අනුරාධපුරය ඇතුල ප්‍රදේශ ගණනාවකට විශාල ජනකායක් පසුගිය අවුරුදු නිවාඩු සමය තුල එක්රැස්ව සිටියහ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ වගකිමකින් තොරව මහජනතාව කටයුතු කිරිමේ ඵලවිපාක ඉදිරියේදි දකින්නට ලැබෙන බවය

පමුණුව සාප්පු සංකීර්ණයකින් කොරෝනා රෝගින් 17 ක් !

0

අලුත් අවුරුදු උත්සව සමයෙන් පසු රටේ තත්වය වේගයෙන් අර්බුදයක් කරා ගමන් කරමින් ඇති අයුරු දැනටමත් හෙළි වන්නට පටන් ගෙන තිබේ.

මේ අනුව කොරෝනා ආසාදනය වු රෝගීන් 17 දෙනෙකු පමුණුම වෙළඳ සාප්පු සංකීර්ණයෙන් වාර්තා වි ඇති සෞඛ්‍ය බළධාරින් විසින් දැනුම් දි ඇත.

කොරෝනා ආසාදිතයන් 17 ක් සොයාගත් වෙළඳසැල් දෙක වසා දමා ඇති අතර ඒවා විෂබීජහරණය කිරිමට පියවර ගෙන තිබේ

ඉන්දියාව වැනි අවධානම් තත්වය කරා ලංකාවත් ගමන් කරයිද ? PHI සංගමයෙන් අනතුරු ඇගවිමක් ?

0

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඊයේ අනතුරු ඇඟවූයේ පීසීආර් සහ අහඹු ප්‍රතිදේහජනක පරීක්ෂාව දිනකට අවම වශයෙන් 10,000 දක්වා වැඩි නොකළහොත් ශ්‍රී ලංකාවේ COVID-19 තත්වය ඉන්දියාව දැන් මුහුණ දී සිටින තත්වයට සමාන ව්‍යසනයකට තුඩු දිය හැකි බවයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේෂ් බාලසූරිය ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ අලුත් අවුරුදු උත්සවයට පෙර පසුගිය සති කිහිපය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හැර ඇති බවත්, අවදානමට ලක්විය හැකි දිස්ත්‍රික්කවල දේශසීමා සීමා පැනවූයේ නැති නිසා ඉදිරි දින 14 තුළ එහි ප්‍රතිවිපාක අපේක්ෂා කළ හැකි බවත්ය.

මේ වන විට ඇස්තමේන්තු කර ඇති පරිදි PCR / Antigen පරීක්ෂණ 5000 ක් දිවයින පුරා පවත්වනු ලබන නමුත් එය හදිසියේම දිනකට අවම වශයෙන් 10,000 දක්වා වැඩි කළ යුතුය. කුරුණෑගල , පුත්තලම්, ගම්පහා, කොළඹ, ත්‍රිකුණාමලය සහ යාපනය වැනි අවදානම් සහිත දිස්ත්‍රික්ක සමහරක් පසුගිය සති කිහිපය තුළ මෙම ප්‍රදේශවලින් රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලේකම්වරයා විසින් තවදුරටත් අවධාරණය කර තිබේ.

“මැයි 1 වනදා සිට අපට දැනෙන්නේ වැඩි PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ පවත්වනු ලැබුවහොත් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවයි. අපි පූර්වාරක්ෂාව නොගෙන පරීක්ෂණ පවත්වන්නේ නැත්නම් ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ ද මෙහි සිදුවනු ඇතැයි ලේකම්වරයා තවදුරටත් පැවසීය.
මුලාශ්‍රය – daily mirror

රුපියල් මිලියන 26 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ..

0

දැනට කලක පටන් කේරල ගංජා ජාවාරම ජයටම සිදුවෙමින් තිබේ.සති පතා විශාල තොග පිටින් අත්අඩංගුවට ගැනුනද එසේ අත්අඩංගුවට හසු නොවු බේරි යන ගංජා තොග ප්‍රමාණය ගැන දන්නේ ඒ ජාවාරමේ නිරත අය සහ ඒ ජාවාරමට යහය දෙන පුද්ගලයන්ය.

කෙසේෙ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ පසුගිය 18 වෙනිදා සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ

මෙම විශේෂ මෙහෙයුම මන්නරාම් පොලිසිය සමගින් එක්ව සිදුකර තිබුන අතර මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිප්පිආරු පාලම අසලදී සැක සහිත ට්‍රක් රථයක් පරීක්‍ෂා කර එහි ගෝනි උර 05 ක අසුරා සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 කට අධික තොගයක් සොයා ගැනීමට එහිදි හැකිව තිබේ.
එහිදී මෙම ජාවාරමට සම්බන්ධ ට්‍රක් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් (03) කේරළ ගංජා තොගය හා ට්‍රක් රථය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරණ අතර මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 26කට අධික වන බවට විශ්වාස කෙරේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 44 ත් අතර ව‍යසේ පසුවන වව්නියාව සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගෙන ඇත.

කේරළ ගංජා තොගය, සැකකරුවන් සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මුලාශ්‍රය – navy.lk

මසට තලගොයි දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ..

0

කිලිනොච්චි ප්‍රදේශයේ පුද්ගලයෙකු වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ මස් සදහා තලගොඩයි 5 දෙනෙකු අල්ලාගෙන සිය නිවෙස් තබාගෙන තිබියදිය.
මේසෙ අත්අඩංගුවට ගෙන තිබුනේ වටකච්චි, රාමනාතපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අතර තලගොයින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සුන්දිකුලම් කුරුලු අභයභූමියේදී මුදා හැර තිබේ.

සියළුම විශ්වවිද්‍යාල 27 වෙනිදා ඇරඹේ .

0

කොරෝනා තත්වය හේතුවෙන් වසා දමා තිබුන මෙරට සි්‍යලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වනදා විවෘත කිරිමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දි තිබේ

වාහන අනතුරක් නිසා නුවරඑළියේ උණුසුම් තත්වයක් ! පාරවල් අවහිර කොට විරෝධතා !

0

නුවරඑළියේ හක්ගල මල් උද්‍යානය අසල සිදුවු රියඅනතුරකින් පුද්ගලයෙක් එම ස්ථානයේදිම මිය ගොස් තවත් අයෙතු තුවාල ලබා තිබේ.
මේ හේතුව නිසා පාරට රැස්ව සිටින ජනයා විසින් මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්විමට පටන් ගැනිම නිසා දැඩි මාර්ග තදබදයක් මතුව ඇතැයි කරුදන්නිව්ස ෆේස් පිටුව විසින් වාර්තා කොට තිබේ.
මේ මාර්ගයේ වේගය පාලනය කිරිම සදහා වේගය පාලන කරන ගැටි ඉදිකරන ලෙස ප්‍රදේශවාසින් විසින් දැන් කලක පටන් ඉල්ලා සිටියද ඒ ගැන අදාල බළධාරින් විසින් කිසිදු පියවරක් ගෙන නැතැයි ජනයා චෝදනා කරති

විඩියෝ https://www.facebook.com/karudannewsweb/videos/287435209513457

ඉදිරි සති කීපය අවදානම් ! කුරුණෑගල ගමකටත් සංචරණ සිමා…

0

අවුරුදු වලින් පසුව තත්වය අවදානම් විය හැකි බවට සෞඛ්‍ය බලධාරින් විසින් අනතුරු අගවා තිබුණි .

එයට ප්‍රධානතම හේතුව වි තිබුනේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම අවදානම් තත්වය මතුවිමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශය පවසා ඇත.

මේ අතර කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙන අතර තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබේ

එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර පවසා ඇත.

එමෙන්ම ඉදිරි සති 04ත් 6ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර අවධාරණය කර තිබුණි.
සෞඛ්‍ය බළධාරින් මෙන්ම අදාල සකලාකාර බලධාරින් අවුරුද්දට පෙර මෙම තත්වය ගැන අනතුරු අගවා තිබුනද ජනතාව පමණක් නොව බොහෝ ප්‍රදේශවල මේ නිතිය පැනවු අය විසින් එ ඒ නිති ගණන් නොගෙන කටයුතු කර තිබුන අයුරු වඩාත් පැහැදිලි විය.

යුධ හමුදාපති කණස්සලෙන්.MOH ලගනමයි !.සැණකෙලිවටලත් unlimited ..

0

කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත්  කොවිඩ් – 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

අවුරුදු සමයේදී කෝවිඩ්  නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා ඇතැයි වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ්  ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා  මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව  දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කර තිබේ.

මේ අතර කටාන සෙෘඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශය පිහිටි ඇවෙන්රා නම් වු සුපිරි හෝටලයක පැවැති දින 3 ක ආහාර සැණකෙලියක් සදහා දිනපතා 2000 ආසන්න පිරිසක් පැමිණ ඇතැයි වාර්ථාවේ.
මේ සැණකෙලිය සදහා ප්‍රදේශය භාර සෞඛ්‍ය වෙද්‍යෙ නිලධාරියා සංඛ්‍යාත්මක සිමාවකින් තොරව අවසර ලබා දි තිබුන බවද සැලය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත්තේ ජනතාව වගකිමකින් කටයුතු නොකරන්නේ නම් මැයි මාසයේදි තරම තෙවන කොරෝනා රැල්ල නැවත ඇතිවිම නියමිත බවය

සෞඛ්‍ය නිළධාරි කොට්ටාශය තුල මඟුල් ගෙදරට අවසර දිය හැකි උපරිම ගණන 150 ක් වෙද්දි සුපිරි ව්‍යාපාරිකයෙකුගේ ආහාර සැණකෙලියට සංඛ්‍යාත්මක සිමාවන් කිසිවෙක් පණවන්නේ නැතිව අවසර දිම පිළිබදව මේ වන විට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තුල පවා බරපතල විවේචනයක් මතුව තිබේ.

ඔවුන් කියා සිටින්නේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ වගකිම් විරහිත ක්‍රියාකාලය නිසා ඉදිරියේදි තමන්ට කොට්ටාශයේ නිරෝධාන සෞඛ්‍ය නිති පවා ක්‍රියාත්මක කරගැනිම අර්බුදයක් බවට පත්ව ඇති බවය.

මඟුල් ගෙදරකට 150 ක සිමාවක් පනවා ඒසේ පැමිණෙන අයගේ නම් ගම් විස්තර දුරකතන අංක සියල්ලද කලින් ම ඔවුන් විසින් ලබාගන්නා බවය. එහෙත් මේ ආහාර සැණකෙලියට MOH අවසර දි ඇත්තේ unlimited පදනමකිනි.

දැන් මෙය පැහැදිලි අර්බුදයක් අදාල කොට්ටාශය තුල නිර්මාණය කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලක්ෂමන් විජේසුරිය යනු කලින් මිගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාය.