Friday, September 27, 2024
Home Blog Page 53

ආසියාන්'(ASEAN)මිලිටරි ජුන්ටාව පිලි ගනීද?

0

සෙනසුරාදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන ‘ආසියාන්’ සංවිධානයේ ඉහල පෙලේ සම්මේලනය ට මියන්මාර මිලිටරි ජුන්ටාව ට සහභාගී වීමට ඉඩ නොදෙන ලෙසත්, ඒ වෙනුවට ජුන්ටා විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග,ජනවාර්ගික කණ්ඩායම් සහ අනික් සියලු ජුන්ටා විරෝධී පුද්ගලයන් ගෙන් සමන්විත ‘සමගි ආණ්ඩුව’ පිලි ගන්නා ගන්නා ලෙසත් ‘සමගි ආණ්ඩුව’ මෙන්ම ප්‍රධාන මානව අයිතිවාසිකම් සංවිධාන විසින් ඉල්ලා ඇත.

මෙය ආසියාන් සංවිධානයේ රටවල් 10 ට අයත් බ්රුනායි ,කාම්බෝජය,ඉන්දුනීසියාව,ලාඕසය,මලයාසියාව,මියන්මාරය,පිලිපීනය,සිංගප්පුරුව,තායිලන්තය සහ වියට්නාමයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අභිප්‍රායන් උරගා බලන මොහොතක් ලෙස සලකනු ලැබේ .

මේ රටවල්වලට කොතරම් දුරට මහජන චීනය බලපෑම් කල හැකිද යන්නද මෙයින් තක්සේරු කිරීමට හැකිවනු ඇත්තේ හමුදා ජුන්ටාවේ අදිසි මිතුරා ලෙස චීනය පවතින බැවිනි. සුජාත බවක් නැති මිනීමරු මිලිටරි ජුන්ටාව ආසියාන් සංවිධානයෙන් පන්නා දමනු!!
සමගි ආණ්ඩුව මියන්මාරයේ සැබෑ ආණ්ඩුව ලෙස පිලි ගනු!!!

(දයාපාල තිරණාගමගේ ෆේස් බුක් පිටුවෙනි)

”දරුවනි, කරුණාකර ඔබේ දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න”

0

Flatrock මුහුද සඟවා ගත් සුපුල් පුතාබන්දුල ජයසිංහ අපේ දීර්ඝකාලීන මිත්‍රයෙකි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සිය උසස් රැකියාව අතහැර දමා සිය බිරිඳ ලක්මාලි හා බිළිඳු පුත් සුපුල් ද රැගෙන කැනඩාවට පැමිණියේ සිය එකම පුතුගේ අනාගත අධ්‍යාපන කටයුතු ගැන දුර දිග බලා ගත් තීරණයට අනුවය.

බන්දුල අපට හමුවන්නේ එසේ ටොරොන්ටෝවට පැමිණ සිටියදීය. අනතුරුව ඇල්බටා ප්‍රාන්තයටත් ඉන් කලකට පසුව නිව්ෆවුන්ඩ්ලන්ඩ් (Newfoundland) වෙතත් යන්නේ වෘත්තීය කටයුතු සඳහාය.කැනඩාවේ විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හැදෑරූ සුපුල් අවසන් වරට අධ්‍යාපනය හැදෑරුවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි මෙමෝරියල් (Memorial )විශ්ව විද්‍යාලයේ දී ය.

වෛද්‍යවරයෙකු වීමේ අභිලාෂයෙන් අධ්‍යාපනය හැදෑරූ සුපුල් ඒ කඩඉම සාර්ථකව නිමකළේ මීට නොබෝ දිනකට පෙරය. ඔහුගේ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය වූයේ Behavioural neuroscience and biochemistry ය.සිය අවසන් විභාගයට සාර්ථකව නිම කිරීමේ සතුට විඳීමට තරම් සුදුසු පරිසරයක්ද පසුගිය බදාදා සුපුල් හා බන්දුල විසූ පළාතට තිබුණි. සිසිර සමයක් වූ එදා හිරු බැස යාම රාත්‍රී 10ත් පසුවන තෙක්ම පමාවූ ‘මූසලකම’ සෞන්දර්යයෙන් වසාගත් දිනයක් විය.

සුපුල්, බන්දුල, මව චන්දිමා ලක්මාලී, පොදුවේ ඔවුන් විඳින සතුට බෙදා හදා ගනු වස් නිව් ෆවුන්ඩ්ලන්ඩ් හි ෆ්ලැට් රොක් (Flatrock) වෙරළ තීරයේ ඇවිදින්නට ගියේය. ඔවුන් සමඟ ඔවුන්ගේ සුරතල් බල්ලා ද විය.බල්ලා කැටිව මුහුද අද්දරට යන විට බන්දුල එතරම් අද්දරට නොයන ලෙස කීප විටක්ම සුපුල් වෙත කෑ ගසා පවසා ඇත.නමුත් සුපුල් ඉරණම් ලෙස අද්දර ගල් තලාව වෙත ගොස් වාඩි විය.

එහෙත් අවාසනාවට ඒ ගල් තලාව ලිස්සන සුළු එකක් බව සුපුල් දැන සිටියේ නැත. ඔහු පහළට ලිස්සා ගියේ සිය දෙමව්පියන් බලා සිටිය දීමය. ඔවුන් මහ හඬින් කෑ ගැසූහ. සුපුල් ලිස්සා යන විට ඇල්ලූ සෑම ගලක්ම එකසේ ලිස්සන සුළු විය. මුහුදට ගසාගෙන ගිය ඔහු බේරා ගැනීමට දෙමව්පියන්ට කළ හැකි කිසි දෙයක් නොවීය.”තාත්තේ උදව් කරන්න.” කියනවා බන්දුලට ඇසී තිබිණ. ඒ සුපුල් දෙමව්පියන් ඒ දරුවාගෙන් ඇසූ අවසන් වචන පෙළයි. බල්ලා බැඳ තිබූ දිගු රැහැන්පට ගලවා මුහුදට දැමුවත් ඊළඟ රළ පැමිණ සුපුල් රැගෙන ගොස් ඔවුන් භාරයට ගත්තේය.

ගොරබිරම් Flatrock මුහුද විසින් සඟවා ගත් සුපුල් සොයා කැනේඩියානු වෙරළාරක්ෂක නෞකාවක් වන Gander හි 103 සෙවුම් සහ මුදාගැනීමේ බල ඇණියේ හෙලිකොප්ටරයක් සහ ශාන්ත ජෝන්ස් හි රාජකීය නිව්ෆවුන්ඩ්ලන්ඩ් Constabulary නිලධාරීන් මේ ලියන අවස්ථාවේ දී ත් සෙවීම් කටයුතු වල නිරත වේ.බන්දුල හා ලක්මාලි දෙමාපියන් වශයෙන් දකිමින් සිටි සුබ සිහිනය විනාඩි කිහිපයක් ඇතුලත විනාශ වී ගියේ එෙලසිනි.සුපුල් ක්‍රීඩාවටද අධ්‍යාපනයටද එකසේ දක්ෂකම් පෑවේය.

සුපුල් යොවුන් ගුවන් නියමුවෙකු ලෙස ඇල්බටා ගුවන් සේවා අධිකාරියෙන් ලබාගත් ගුවන් යානා පැදවීමේ බලපත්‍රයකටද හිමිකම් ලද්දෙකි. ( Air cadet and pilot, a Duke of Edinburgh award winner) ඔහුගේ දක්ෂකම් ගැන කැනේඩියානු පුවත්පත්වල ද වරින්වර පළ වී ඇත.

බන්දුල පවසන්නේ ,තව නොබෝ දිනයකින් සුපුල් වෛද්‍යවරයෙකු වී ”දේශ සීමා නැති වෛද්‍යවරුන්ගේ” (Doctors Without Borders) සංවිධානයට බැඳී ලොව පුරා අහිංසක ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම ඔහුගේ අරමුණ වූ බවයි.”ඔහුට තිබුණේ සුන්දර හදවතක් සහ ආත්මයක්. තමාට ලැබෙන වැඩිපුර මුදලක් වේ නම් ඒවා දුප්පතුන්ට බෙදා දෙන බව අපේ පුතා කිව්වා. සුපුල් හැමදාම හිතුවේ තමා ගැන නෙවෙයි අනුන් ගැන.” බන්දුල CBC මාධ්‍යවේදීන් සමග පැවසීය.

සහන සේවකයින් අහසින් සහ මුහුදින් ගොරබිරම් මුහුද බිලිගත් පුතා සොයද්දී බන්දුල අනෙකුත් දරුවන්ට මෙසේ ආයාචනා කරයි ”දරුවනි, කරුණාකර ඔබේ දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන්ගේ උපදෙස් නොතකා හරින්න එපා. එදා එතනට යන්න එපා කියන දෙමව්පියන්ගේ උපදෙස පිළිපැද්දා නම් අපේ පුතා තවමත් අප අතර.” සුපුල්ගේ වියෝව අද දවසේ කැනඩාවේ කතා බහ වෙන ප්‍රධානම මාතෘකාවන් අතර එකකි. ශ්‍රී ලාංකික අප සියල්ලෝම වේදනාවෙනි. සුපුල්ගේ පවුල අපගේ අත්‍යන්ත හිතවතුන් වීම නිසා අපට දැනෙන වේදනාව දෙගුන තෙගුන වූ එකකි.සුපුල් පුතනුවනි, ඔබට නිවී සැනසුනු සසර ගමනක් වේවා!-
චන්ද්‍රරත්න බණ්ඩාර

මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක උපරිමය 2 යි ! මංගල සාදයකට 150යි !

0

මංගල උත්සවවලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150ක් විය යුතු යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු  රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවාය.

මංගලශාලාවකට ඇතුළු කර ගත යුත්තේ එහි ධාරිතාවෙන් සියයට 50ක ප්‍රමාණයක් යැයිද ඇමැතිවරයා කීවාය.
එමෙන්ම මොටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම ගණන 2 ක් ලෙස නව මාර්ගෝපදේශ මාලාවේ සදහන්ය. එමෙන්ම බස්රථවල මගින් ගෙන යා හැක්කේ ආසන ගණනට පමණි.

අලුත් අවුරුද්දට නුවරඑළි ගිය 44 කට කොරෝනා ????

0

අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න පවස බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 45 දෙනෙකු බස් රථයකින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ඇති අතර එයින් 38 දෙනෙකුටම මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එසේම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ද පසුගිය අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකාවකට සහභාගී වී ඇති අතර, ඒ පිරිස අතුරින් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මේ අතර පවතින තත්වය හමුවේ දිවුලපිටිය ප්‍රදේශය හුදකලා කළ යුතුද යන්න ගැන මේ වන විට අදාල බලධාරින්ගේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ

මුල්ලිවයිකාල් ස්මාරකය හෙට යාපනයේදි යළි විවෘත කෙරේ !

0

යාපනය විශ්ව විද්‍යාලයේ කැඩුණු මුල්ලිවයිකල් ස්මාරකය එම ස්ථානයේම නැවත ඉදිකර හෙට විවෘත කෙරේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකරන ලද මුල්ලිවයිකල් ස්මාරකය පසුගියදා රාත්‍රියක කඩා බිඳ දමන ලදී. මෙයට විරෝධය පළකරමින් සිසුන් මෙන්ම ප්‍රගතිශිලි ජනයාද එක්ව උපවාසයක්ද දියත් කොට තිබුණි. මේ විරෝධාවයන් වල ප්‍රථිපලයක් ලෙසින් පරිපාලනය විසින් ජනවාරි 11 වනදා මුල්ලිවයිකාල් ස්මාරකයට මුල් ගල තැබිය .

තම කිකිළියන් බිත්තර දමන්නේ නැතැයි සත්ව ආහාර සමාගමට එරෙහිව ගොවියෙකු නඩු දමයි !

0

තම කුකුළන් බිත්තර නොදමන බවට ගොවියෙක් පොලිසියට පැමිණිලි කළ සිද්ධියක් නැගෙනහිරෙන් වාර්තාවේ .
පූනේහි ගොවියෙක් කුකුළු ගොවිපලක් පවත්වාගෙන ගිය අතර ගොවිපොළේ සිටින කිකිළියන්ට නව සත්ත්ව ආහාර විශේෂයක් ලබා දි තිබුණි.
මෙම තත්වය තුළ ඔහු පසුගිය සතිය තුළ කිකිළියන් බිත්තර දමා නොමැති බැවින් ඔහු ආහාර සමාගම අමතා විමසා ඇත.
කෙසේ වෙතත්, සමාගමෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් ඔහු සිද්ධිය පොලිසියට වාර්තා කර තිබේ.
එකි පැමිණිල්ලේ දී ඔහු තිබුනේ නව සත්ත්ව අහාරය සිය කිකිළියන්ට දිමෙන් පසු කිකිළියන් බිත්තර නොදැමූ බවත් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත්ය.
ගොවියාගේ මේ පැමිනිල්ලට අනුව අදාල සමාගමට නඩු පැවරිමට පොලිසිය පියවර ගෙන තිබේ
මුලාශ්‍රය – battinews .com

තැන තැන ”ලොක්ඩවුන්” ඇරඹේ! කුලියාපිටියටත් සංචරණ සිමා ..!

0

පවතින තත්වය හමුවේ දැන් තැන තැන ලොක්ඩවුන් කිරිම් ඇරඹෙමින් ඇති බව පෙනේ.කුරුණැගල ගමකින් ඇරඹි සංවරණ සිමා පැනවිම් දැන් කුලියාපිටියටත් පැතිර තිබේ .
කුලියාපිටිය නගරය  ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22)  සංචරණ සීමා  පැනවූ බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මේ අනුව පවසා තිබේ.
කුලියාපිටිය නගරය, තුන් මෝදර ,බටහිර දණ්ඩගමුව, කණදුල්ල , පහළ වීරඹුව  යන ප්‍රදේශයන්ට මෙලෙස සංචරණ සීමා පනවා තිබේ .

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ද  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි .

මේ අතර එළැඹෙන සති තුනක කාලය ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඒ මහතා පවසයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින ලෙසද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ, නව ආසාදිතයින් 516 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගිනි.

යාපනේ පොලිස් නිළධාරින් 11 කට කොරෝනා !

0

යාපනයේ පොලිසියේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ට කොරෝනා ආසාදනවි ඇතැයි සෞඛ්‍ය අංශ විසින් වාර්තා කොට තිබේ

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත තත්ත්වය තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන එබැවින් මහජනතාව නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර සුපරීක්ෂාකාරී විය යුතු අදාල බලධාරින් විසින් යළි යළිත් අවධාරණය කර ඇත

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට පුද්ගලයින් 1155 දෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර ඉන් 639 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇත. වාර්තා වි ඇති මරණ ගණන 17 ක

මේ වන විට යාපනයේ පවුල් 1547 කට අයත් පුද්ගලයින් 4417 දෙනෙකු ස්වයං හුදකලාවකට ලක්ව ඇත

PCR පරීක්ෂණ නිතිපතා පොදු ස්ථානවල සහ සාප්පු සංකීර්ණ අසල සිදු කරනු ලබන අතර , ඉදිරි දිනවලදී වසංගතය උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මහජනයා තවත් විමසිලිමත් විය යුතුව ඇති බව සෞඛ්‍ය බළධාරින් අවධාරණය කර සිටිති

එක්දිනකදි වාර්තාවු වැඩිම කොරෝනා රෝගින් ගණන ඉන්දියාවෙන් !

0

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කොට තිබේ. ලෝකයේ එක් දිනකදි වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද වාර්තා වි තිබුනේද ඉන්දියාවෙනි.
ඒ 314 835 ක් ලෙසය.
එමෙන් අද දිනයට පමණක් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 2104 කි

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට රජයෙන් තීන්දු 09.!

0

රජයේ කොයිදේත් ප්‍රමාදයකින් පසු ගනු ලබන තිරණ බවට පත්වෙමින් තිබේ . මේ අවුරුදු සමය තුල ජනතාව හැසිරෙන අන්දම ඉතාමත් හොදින් රජය දැන සිටියද එය පාලනය කිරිමට අදාල බලධාරින් තිරාණාත්මක මැදිහත්විමක් කර තිබුනේ නැත.

එහි ප්‍රථිපලක් ලෙස මේ වන විට රටපුරා කොඩිඩ් පොකුරු බිහිවන්නට පටන් ගෙන තිබේ

එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැඩි තීන්දු තීරණ ගැනීමට කොවිඩ් මර්දනය සඳහා වන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව විසින් අද තීරණය 09ක් ගෙන තිබේ

  1. දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
  2. දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර
    ලබා දීම.
  3. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස්
    කිරීම.
  4. ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
  5. කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන
  6. බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
  7. PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
  8. නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
  9. විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසයට එරෙහි විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද රැස්ව තිබුණි.