Friday, September 27, 2024
Home Blog Page 52

ලංකාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද වාර්ථා වේ !

0

අද (28) දිනය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.

එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ 1000 ට වැඩියෙන් දින 3 ක් නොකඩවා වාර්ථා වන්නේ නම් තත්වය වඩාත් බරපතල විමට නියමිත බවය

ඉන්දියාවේ අසෑම් සහ උතුරු බෙංගාලයට භූමිකම්පාවක් .

0

රිච්ටර් පරිමාණයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් අද ( 28) පෙරවරු 7.51 ට පමණ ඉන්දියාවේ අසාම් සහ උතුරු බෙංගාලයේ සමහර ප්‍රදේශවල භූමිකම්පාවක් ඇත තිබේ මේ අතර පසුකම්පන කම්පන ඇති වු බම ඉන්දිය මාධ්‍ය වාර්තා කොට තිබේ.

කොරෝනා අවදානම ගැන පොලිසිය තෙල්ප්පලෙයි ජනයා දැනුවත් කරති !

0

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ජනතාව කොරෝනා වෛරස් තත්වය ගැන දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද උදෑසන තෙලිප්පලෙයි පොලිසිය විසින් දියත් කරන ලදී. ඒ කොට්ටශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මගපනේවිම යටතේය.
තෙලිප්පලෙයි පොලිස් පොලිස් ප්‍රධානින් විසින් මේ කටයුත්ත මෙහෙයවා තිබුණි

ගුරු සංගම් කියද්දිත් නිවාඩු නොදුන් රජයටත්, කතෝලික බලධාරින්ටත් දැන් ඇස් ඇරිලා ??

0

ගුරු සංගම් නායකයන් විසින් දිගින් දිගටම රජයට බල කර සිටියේ පවතින කොරෝනා තත්වය හමුවේ දිවයිනේ සි්‍යළු පාසැල් වසා දැමිම ගැන අවධානය යොමුකරන ලෙසය.
එහෙත් බලධාරින් එය දිනෙන් දිනම පමා කරමින් සිටින අතරේ රටේ තැන තැන පාසැල් වසා දමන තත්වයට කටයුතු සිදුවෙන්නට පටන් ගෙන තිබුණි.
දරුවන්ගේ ආරක්ෂාව සමගින් සෙල්ලම් කළ හැක්කේ කාටද ?
පමා වි ඇස් රජයට ඇස් අරින්නට සිදුවු ලෙසින්ම දැන් කතෝලික පාසැල් බලධාරින් නින්දෙන් අවදිවෙමින් සියළු කතෝලික පාසැල් වසා දැමිමට තින්දු කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍ර වල සිටින මේ ටියුබ් ලයිට් ලොක්කන් නිසා දරුවන්ගේ ජිවිත අනතුරේ හෙළන්නට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.
දරුවන්ගේ ජිවිත වෙනුවෙන් හඩ නැගු ගුරු සංගම් වෙත දරුවන්ට සැබැවින්ම ආදරේ දෙමව්පියන්ද සිය කෘතවේදිත්වය පළකර යුතුව තිබේ.

රෝහල්වල ඇදන් ප්‍රශ්ණය විසඳිමට ඉන්දියාව කෝච්චි පෙට්ටිත් යොදා ගනි !

0

ඉන්දියාවේ ඉහළ යන කොරෝනා රෝගීන් හමුවේ රෝහල් ඇඳන් වල ඇති හිඟයට විසදුමක් සදහා ඉන්දියානු දුම්රිය සේවය සෞඛ්‍ය සේවා සඳහා අතිරේක උත්සාහයක් දරමින් සිටී.
“රෝහල් ඇදන් බවට පත්කළ හැකි දුම්රිය මැදිරි 5601 ක් ඒ සදහා එක් කරමිනි.
දැනටමත් මැදිරි 3816 ක් භාවිතා කළ හැකි මට්ටටම සකසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටි.

වසර 13 පැරණි අදටත් බිඳ නොවැටී පවතින සනත් ජයසූරියගේ අපූරූ IPL වාර්තාව

0

සනත් ජයසූරිය යනු වාර්තා රැසකට උරුමකම් කියන ක්‍රීඩකයෙක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ ශූරතා 05 කට උරුමකම් කියන ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඔහු වාර්තා පිහිටුවා ඇති බව ඇතැම් විට ඔබ දන්නවා ඇති.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් තරගවාරයක් තළදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරය වීම විශේෂත්වයක්.

ආරම්භක අයි.පී.එල්. තරගාවලිය වූ 2008 වසරේ පැවති තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 14 ක් තුළ ලකුණු 514 ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.එහිදී හයේ පහරවල් 31 ක් වාර්තා කිරීමට ජයසූරිය සමත් වුණා.

වසර 13 ක් ගත වී තිබුණත් එම වාර්තාව බිඳ හෙලීමට තවමත් කිසිදු මුම්බායි පිතිකරුවෙකු සමත්වී නැහැ.

පසුගිය තරගාවලිය පුරා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හයේ පහරවල් 30 ක් එල්ල කරමින් එම වාර්තාවට ආසන්න වීමට ඉශාන් කිෂන් සමත් වුණත් එය බිඳ හෙලීමට ඔහු වාසනාවන්ත වූයේ නැහැ.
www.cricketnews.lk

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් ! රෝගී ජීවිත අනතුරේ …

0

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරන බව වැඩිදුරටතත් එහි සඳහන්ය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

අරුණ වෙබ් අඩවිය විසින් වාර්ථා කර ඇති මෙම පුවතට අනුව වගකිවයුත්තන් වහා මේ සදහා මැදිහත්විය යුතුව තිබේ

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.

මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.

රටතුල මතුවෙමින් ඇති මේ තත්වයන් ගැන කඩිනමින් මැදිහත්වෙමින් නිසි පිළියම් යෙදිමට අදාල සියළු බලධාරින් සාමුහික ක්‍රියාවලියට යොමුනොවන්නේ නම් ඉදිරියේදි ඇතිවන බරපතල තත්වයන් හමුවේ එය කළමණාකරණය කර ගැනිම තවත් අපහසු වනු ඇත.
මේ වන විට ඉන්දියාව තුල මතුව ඇති තත්වය සැබැවින්ම බියකරුය.
පසුගිය ගිය දිනවල සිදුකරන්නට යෙදුන සමිපක්ෂණයකට අනුව මැයි මාසයේ මැදපමණ වන විට ඉන්දියාවෙන් වාර්තා විය හැකි දෛනික කොරෝනා රෝගින් ගණන ලක්ෂ 4.4 ක් වනු බවට අනුමාන කෙරේ.
දැනට දෛනිකව වාර්තා වන ලක්ෂ 3.5 පමණ වේ

(මුලාශ්‍රය – අරුණ )

බුරුම හමුදා ජුන්ටාවට එරෙහිව හික්ෂුන් වහන්සේලා පෙළගැසෙති!

0

මහජන ඡන්දයෙන් තේරි පත්වු පාර්ලිමේන්තුව ආරම්භ කිරිමට ඉඩ නොදෙමින් බුරුම හමුදාව විසින් හමුදා පාලනයක් එරට ස්ථාපිත කිරිමට එරෙහිව දැවැන්ත මහජන අරගලයක් පසුගිය පෙබරවාරි 01 වෙනිදා සිටම ක්‍රියාත්මකය.
ම්ලේච්ඡ හමුදා ජුන්ටා පාලනයට එරෙහිව පසුගිය අප්‍රේල් 16 වන දින පිහිටුවන ලද සිවිල් නායකත්වයෙන් යුත් ජාතික එක්සත් රජයට (NUG) මැන්ඩලේ නගරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම සහයෝගය දක්වන ජනතාව සංවිධානය කරමින් සිටිති.
මෑත ඉතිහාසය තුල නිර්මාණාත්මක මහජන අරගලයක් ලෝකයේ බිහිවුණි නම් සැබැවින්ම එය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු බුරුම අරගලය යැයි ලෝකය පුරාම කථාබහට ලක්වෙමින් තිබේ

විජේ සේතුපති රඟන මුම්බායිකර්

0

මුම්බායිකර් යනු සන්තෝෂ් සිවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම චිත්‍රපටයකි.
එය 2017 දෙමළ චිත්‍රපටයක් වන මානගරම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර වික්‍රන්ට් මැසේ, විජේ සේතුපති, ටැන්යා මනික්තලා, රිද් හරූන්, සංජේ මිශ්‍ර, රන්වීර් ෂෝරි සහ සචින් කෙඩෙකාර් රංගනයෙන් දායක වෙති

විදේශිකයන් 2 ක් ඇතුලු 4 දෙනෙකු කොරෝනා වලින් මියයයි !

0

විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු තවත් COVID-19 රෝගීන් 4 දෙනෙකු වෛරසයට ගොදුරු වී මියගිය ගොස් තිබේ.
මේ වන විට මිය ගොස් ඇති මුලු ගණන 642 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි .