Thursday, September 26, 2024
Home Blog Page 51

කොවිඩ් : ඉන්දීය සිනමාවට තවත් මැණිකක් අහිමි වෙයි

0
messenger sharing button

ප්‍රවීන දමිළ සිනමාවේදී, කැමරා අධ්‍යක්ෂ කේ.වී. ආනන්ද් අද (30) සිය දිවි ගමන නිමා කර තිබෙනවා.   කොවිඩ්-19 වෛරසයෙන් ඇතිවූ සංකුලතා නිසා ඔහුගේ මරණය සිදුවී ඇති බවයි The Indian Express වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

  54 හැවිරිදි ඔහුගේ අවසන් කටයුතු චෙන්නායි හි බේසන්ට් නගර් නම් ආදාහනාගාරයේ දී සිදු කර තිබෙනවා.   ආනන්ද්, සම්මානිත කැමරා අධ්‍යක්ෂ පී.සී. ශ්‍රිරාම්ගේ සහය කැමරා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමට පෙර සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නිදහස් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් ලෙසිනි.     

ශ්‍රිරාම් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු 90 ගණන්වල නිර්මාණය වුණු කමල් හසන්ගේ  “දේවර් මගන්” සහ මනි රත්නම්ගේ “තිරුඩා තිරුඩා” චිත්‍රපට සඳහා කේ.වී. ආනන්ද් සහය කැමරා අධ්‍යක්ෂණයෙන් එක්වී තිබුණි.  

කැමරා අධ්‍යක්ෂවරයා ලෙස දායකත්වය ලබාදුන් සිය කුළුඳුල් සිනමාපටයෙන්ම හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි ඉන්දීය ජාතික සිනමා සම්මානය 1995  දී ඔහු දිනා ගත්තේ ය. ඒ මෝහන්ලාල් සහ ශෝබනා රංගනයෙන් එක්වූ “තෙන්මාවින් කොම්බත්” සිනමාපටය වෙනුවෙනි.   

එසේම, 2007 දී සිවාජි සිනමාපටය වෙනුවෙන් කැමරාකරණය උදෙසා ෆිල්ම්ෆෙයා සම්මානයකින් ද පිදුම් ලැබුවේ ය.   මින්නාරාම්, පුණ්‍ය භූමි නා දේසම්, කාදල් දේසම්, චන්ද්‍රලේඛා, නායක්, බෝයිස්, කාකි, ද ලෙජන්ඩ් ඔෆ් භගත් සිං, සිවාජි වැනි ප්‍රකට චිත්‍රපට රාශියකට ඔහු කැමරාකරණයෙන් දායක වී ඇත.    කේ.වී. ආනන්ද් අධ්‍යක්ෂණය කළ සිනමාපට අතරට ධනුෂ් ප්‍රධාන චරිත රඟපෑ ඇනිගන්, සේදුපති ප්‍රධාන චරිත රඟපෑ කාවන්, සූර්යා, මෝහන්ලාල්, ආර්යා ප්‍රධාන චරිත රඟපෑ කාපාන් ඇතුලත් වේ.
  (අවාරා)

k.v.jpg Covid

theleader.lk

මීගමුව නවලෝක රෝහලේ කාර්යමණ්ඩලයේ 4 කට කොරෝනා ..

0

(NEGOMBO) -මිගමුව තුලද ක්‍රමයෙන් කොරෝනා නිහඩව පැතිර යමින් ඇති බව පෙනේ. කලින් වතාවේ මෙන් එක් ඒක ප්‍රදේශවලින් එකවර විශාල ගණන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුනද මිගමුව පුරා මෙන්ම ආයතනික වශයෙන්ද ආසාදිතයන් දැන් වාර්තා වන්නට පටන් ගෙනය.
මේ අනුව මිගමුව නවලෝක කාර්යමණ්ඩලය තුලින් මේ වන විට කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වි තිබේ.ඒ පිරිමි කාර්යමණ්ඩල සමාජිකයන් 3 දෙනෙකු සහ එක් කාන්තා සේවිකාවකි
මෙසේ ආසාදිතව ඇති සිව් දෙනාම බටහිර කුරණ ප්‍රදේශයේ අයබවද වාර්තා වේ.
මේ සියළු දෙනාම නවලෝක සරප් අංශයේ සහ රෝගීන් ඇතුලත් කරගැනිමේ කවුන්ටරේ සේවය කරමින් සිටි අය බවද සැලය.
ඉන් අදහස් වන්නේ පසුගිය කාලය තුල නවලෝක ඇතුලත පැමිණ ඇති අතිබහුතරයකට මේ අංශ දෙකටම නිරාවරණය වි ඇතුවාට සැක නැත.
ඉන් කියැවෙන තත්වය සැබැවින්ම භායනකය. මේ ගැන අදාල වගකිය යුතු බලධාරින් නිසි පියවර ගෙන ඇතැදැයි තවමත් පැහැදිලි නැත

ඔහු තනිවූයේ නැත

මොහු ඇප පිට එලියට පැමිණ සමාව ඉල්ලීම පිළිඹඳව සහ ඔහුගේ සහයට කිසිවෙකු එහි නොසීටීම පිළිඹඳව යම් යම් අපවාද දෝෂාරෝපණ බුකියේ තිබෙනු දුටිමි..

ඇත්‍තෙන්ම ඔහු තනිවූයේ නැත..ඔහු වෙනුවෙන් මිනිසුන් සමාජමාධ්‍ය හරහා ලොකු හඬක් නැගුවේය..ඇතැම්විට ඔහුට එළියට එන්ට බලපෑවේත් එයම විය හැක..
ඇත්තටම අවශ්‍යවන්නේ එළියට ආවට පස්සෙ මීඩියා ඉදිරියේ එකට ෆොටෝ එකට ඉන්න මිනිස්සුන්ට වඩා අත් අඩංගුවට ගත් සැනින් ඔහු වෙනුවෙන් පළල් හඬක් නගන මිනිසුන්ය..

අනිත් කාරනාව ඉතිහාසයේ මහජනයා වෙනුවෙන් හඬ නැගූ මිනිසුන් එසේ හඬ නැගූයේ පෙරලා මහජනයා වැලනොකැඩී පැමිණ ඔහුව බේරා ගනිතැයි යන අපේක්ෂාවෙන්ද නොවේ..

අනිත් කාරනාව ඔහු එළියට පැමිණ සමාව ගැනීම සම්බන්දවද ඔහුට කිසිසේත් දෝෂාරෝපණය නොකල යුතුය.
මන්ද ඔහු ස්වාදීන පුත්ගලයෙකු වශයෙන් ඔහු සතුව තිබුන ක්‍රියාකාරීබව සහ පසුව තනිව මර්දනයට හසුව ඇප පිට එළියට ඇවිත් කරීමට සිදුවන ප්‍රකාශයේ වෙනසේ හේතුව තේරුම් ගැනීමට අප බුද්ධිමත් විය යුතුය..

වැදගත් වෙන්නෙ ඔහු දුන් ආඩම්බරයයි ..

ප්‍රියශාන්ත රාජපක්ෂ ගේ ෆේස් බුක් පිටුවෙනි

ඉන්දියාවේ කොරෝනා රෝහලක ඇතිවු ගින්නකින් 16 ක් මියයයි

0

ඉන්දියාවෙ ගුජාරාටයේ බාරුච් හි COVID-19 රෝහලක ඇති වූ දැවැන්ත ගින්නකින් ( 01) සෙනසුරාදා අලුයම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් වන සුභසාධන රෝහලේ ගින්න හටගෙන ඇති අතර පැයකින් එය පාලනය කර ඇත. හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව හින්දු පුවත් පත කියා සිටි.

“සිද්ධියෙන් 16 දෙනෙක් මිය ගිය බව වාර්තා කරන හින්දු පුවත් පත කියා සිටින්නේ ඉන් 14 දෙනෙකු රෝගීන් බවත් ඉතිරි අය ඔවුන් වෙත පැමිණ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බවත්ය.
ගොඩනැගිල්ල පුරා ගින්න පැතිරිම හේතුවෙන් පිළිස්සුම් හා හුස්ම හිරවීමෙන් රෝගීන් මිය ගොස් තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින COVID-19 රෝගීන් 50 ක් පමණ බේරාගෙන වෙනත් රෝහල් වෙත ගෙන යන ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ ආරංචි මාර්ග වලට අනුව, COVID-19 රෝගීන් 70 ක් පමණ රෝහලේ සිට ඇත

ගුජරාටයේ රෝහල්වල සිදු වූ බිහිසුණු ගිනි ඛේදවාචක මාලාවක නවතම අවස්ථාව මෙය වේ.
. මේ සතියේ සූරත්හි රෝහලකට දැඩි සත්කාර ඒකකයේ වාට්ටුවක ගින්නක් ඇතිවීමෙන් COVID-19 රෝගීන් පස් දෙනෙකු මිය ගියේය.
. පසුගිය වසරේ COVID-19 රෝහල්වල ඇති වූ ඛේදජනක සිදුවීම් දෙකකින් රෝගීන් අට දෙනෙකු මිය ගොස් තිබුණි

ලංකාව අවදානම්? සිංගප්පුරුවෙනුත් තහංචි !

0

වත්මන් පාලකයන් විසින් රට මුහුණ දි ඇති ඇත්ත තත්වය ගැන නිසි තක්සේරුවක් කරගෙන නොමැතිවුවද ලෝකයේ වෙනත් රටවල් පවා ලංකාව තුල වර්ධනය වෙමින් ඇති අවදානම නිසි ලෙසින් තක්සේරු කොට ගෙන ඇතැයි පෙනේ.
පසුගිය දා ඉතාලි රජය ලංකාව ගැන තීන්දුවක් ගෙන තිබුණි.
මේ වන විට සිංගප්පුරුවද ලංකාව ගැන තක්සේරුවකට පැමිණ ඇතිවා සේය.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මුලාශ්‍රය – ලංකාදිප

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් කුරුණෑගලින් ..

0

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1662ක් අතුරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වන 329 දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයෙන් 93ක් ලෙස වාර්තා වී ඇත. ඊට අමතරව කුරුණෑගල නගරයෙන් 49ක්, පන්නල 60, මාවතගම 30, හෙට්ටිපොළ 18ක් සහ නාරම්මල 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණි

මේ අතර ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 317 දෙනෙකු වාර්තා වී තිබුන අතර කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයින් 146ක්, කැස්බෑව 51ක්, කොම්පඤ්ඤ වීදිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවලින් ආසාදිතයා 15 දෙනා බැගින් විය

දන්නවන මේ කව්ද කියල ….

කොල්ලුපිටිය වටලන්න ආපු තවත් එක් සාමාන්‍යය unp පාක්ෂිකයෙක් වගේ නේ පේන්නේ. බැලූ බැල්මට කිසිම විශේෂයක් පේන්නෑනේ.
මේ ඉන්නේ ශාන් වික්‍රමසිංහ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා.


බැලූ බැල්මට නිකමට වත් හිතෙනවද රාජ්‍ය නායකයෙක්ගේ සහෝදරයෙක් කියලා. අපිට සාමාන්‍යයෙන් දැකලා පුරුදු සහෝදරයටත් වඩා සහෝදරයගේ පවර්ස් පාවිච්චි කරන සහෝදර සහෝදරියනෝ.
ඒ අය අතර මේ ඉන්නේ අපේ රටේ මැණිකක්. පෙනුම විතරක් නෙවේ මෙතුමගේ හැසිරීම, ක්‍රියාව, වචනය ඔක්කොම හරිම සාමාන්‍යයි, පුදුම නිහතමානී මනුස්සයෙක්. අනික ඕගොල්ලෝ හිතනවා නං මෙතුමගේ වටිනාකම රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වීමය කියලා, ඕගොල්ලෝ සෑහෙන්න වැරදි.

ඇත්තම කතාව රනිල් වික්‍රමසිංහට වටිනාකමක් මෙතුමගේ සහෝදරයා වීම.

මෙතුමා තමා TNL නාලිකාවේ ආරම්භකරුවා, හිමිකරුවා.

ඒ වගේමයි අපි මේ උඩ දාගෙන බලන රූපවාහිනිය අපිට ලැබුණේ මෙතුමා නිසා.

ඒ කියන්නේ, තමන්ගේ මහන්සියෙන් යන්ත්‍ර ඔක්කොම ගෙනල්ලා, සකසළා, මෙතුමා ලංකාවේ පළවෙනි රූපවාහිනි නාළිකාව වන ස්වාධීන රූපවාහිනිය එහෙම නැත්තං ITN ආරම්භ කරනවා.

හැබැයි ඒ කාලේ පාලකයෝ එකතු වෙලා ඒ නාලිකාව, යන්ත්‍ර ඔක්කොම මෙතුමගෙන් උදුරගන්නවා.

රාජසන්තක කරනවා. ඒත් ඒකෙන් නොසැලෙන මෙතුමා ආයිත් අලුතින් පටන් ගන්නවා.

මෙතුමගේ හිතේ ඒ ගැන කිසිම කහටක් නෑ.

TNL එකේ තාක්ෂණික උපකරණ ඔක්කොම තවමත් නඩත්තු වෙන්නේ මෙතුමගේ අතින්.

ඔය ලොකු ලොකු නාලිකාවල ලොකු ලොකු ලොක්කෝ වගේම තාක්ෂණික නිළදාරිනුත් මොකක් හරි තාක්ෂණික දෝශයක් ආවම කතා කරන්නේ මෙතුමට.

ඔය ලංකාවේ ඉන්න විකිණෙන, දෙපිටකාට්ටු, මහන්තත්ත දේශපාලුවෝ ඔක්කොම එකතු කරත් ලබාගන්න බැරි ගරුත්වයක් මෙතුම ගැන මගේ හිතේ තියෙනවා.
❤️❤️❤️

(ලහිරුගේ ෆේස්බුක් පිටුවෙනි )

ජනඝෝෂා ! ඔබ කියවිය යුතුම ලිපියක් !

0

හෝන් ගහල VIP රථ වාහන පෙලට විරෝධ දක්වපු තරුණයෙක් අත් අඩංගුවට ගෙන ඇති මොහොතේ ඔබ කියවිය යුතුම ලිපියක්.අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය(ජන ඝෝෂා නඩුව) 1993මෙය ශ්‍රේෂ්ඨාධීකරනයේ 468 /92 ලෙස දැක්වේ.

ජනඝෝශා නඩුව නමින් හදුන්වන මෙය 1993 දී විභාගයට ගන්නා ලදී. විපක්‍ෂ 1992 ජූලි මස 1 දින ජන ඝෝෂා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. කවර හෝ ස්ථානයක සිටියද එදින 12 ට කුමන හෝ විශාල ශබ්දයක් කිරීමෙන් රජයට විරෝධය ප්‍රකාශ කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

විරෝධය දැක්වීමේදී තමාගේ සහභාගීත්වයට පොලීසිය විසින් නොයෙක් ආකාරයේ බාධා පමුණුවන ලද හොරණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙක් වන දයාසේන අමරතුංග බලයේ සිටින රජය විවේචනය කිරීමට තමාට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කලේ ය. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ අනාගතයේදි ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි අදහස් පළ කිරීමේ නිදහස පිළිබද අධිකරණය සහතික කරන ලදී.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 (1) (අ) ව්‍යවස්ථාව “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශනයේ ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.”මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය 19 වැනි වගන්තිය“අදහස් දැරීම හා ප්‍රකාශනය පිළිබද නිදහසේ අයිතිය හැම දෙනාම සතු වීම බාධාවකින් තොරව අදහස් දැරීමේද එසේම දේශසීමා නොසලකා ඔිනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු සෙවීමේ ලැබීමේ හා බෙදා හැරීමේ අයිතිය”– නඩුව –අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය(ජන ඝෝෂා සිද්ධිය)– පෙත්සම් කරු –නඩු අංකය – ශ්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය 468/92 ශ්‍රි ලංකා නීතී වාර්තා 1993 Vol 264 හි දැක්වේ– පසුබිම් වූ හේතුව –රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවන්ට අදාල කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය දැක්වීම ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ කිහිපයක්ම විසින් තීරනය දරන ලදුව ඔවුන්ගේ චර්යාවන් මිනිත්තු 15 ක කාලයක් තුලදී ජන ඝෝෂාවක් මගින් ප්‍රකාශයට පත් පාර්ශව තීරණය දරන ලදී.

සීනු නාද කිරීම, රථවාහන නලා ශබ්ද කිරීම, බෙර ගැසිම, සාස්පාන් ආදී උපකරණ වලට ගැසීමෙන් ශබ්ද සිදු කිරීම මේ ආදී වශයෙන් වශයෙන් විශාල ඝෝෂාවක් ඇතිකර ජනතාව අවදි කිරීම මෙහි අරමුණ විය. මෙම පෙත්සම ඉදිරිපත් කල පුද්ගලයා වූ දයාසේන අමරතුංග ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය සාමාජිකයෙකු වන අතර හොරණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු වශයෙන් ඊට සහභාගි විය.පෙත්සම්කරු විරෝධය පලකරමින් සිටිනුයේ බෙරයක් ගැසීමෙනි. එය නතර කරන ලෙස පොලීසිය දුන් අණ නොතක දිගටම බෙරය වාදනය කරන්නට විය. ඔහුට පහරදී පොලීසිය විසින් මෝල්ගසකින් ගසා බෙරය කඩා දැමීමක් සිදුකරන ලදී.

එයද නොතකා අත් පුඩි ගැසීම මගින් සම්බන්ධ විය. එවිට පොලීසිය විසින් ඔහුට පහර ගසන ලදී. විරෝධතාකරුවන් විසින් රජයට එරෙහිව සටන් පාඨ කියමින් ඇතුළු වීමට නොදී පිටවීම වළක්වන මුර බල්ලන් ලෙස සැදී මාර්ගය හරස් කර සිටියේ පොලීසිය විසිනි.

තමන්ගේ භාෂණ ප්‍රකාශනයේ අදහස් පළ කිරීමේ නිදහසට බාධා පැමිණ වීය 14 (1) (අ) ව්‍යවස්ථාව යටතේ රජයට එරෙහිව නඩුවක් ගොනු කරන ලදී.මෙසේ සිදු කිරීමට තීරණ කරන ලද්දේ,සාමය ප්‍රචණ්ත්වය සිදුවේයැයි බලාපොරොත්තු වීමට පොලීසියට හේතුවක් නොතිබුණි.

පොලීසිය විසින් ක්‍රියාකරන ලද්දේ රජයට එරෙහිව සටන් පාඨ සපයමින් ඝෝෂා කිරීම, පෙත්සම්කරු සතු කතාකිරීමේ සහ අදහස් පල කිරීමේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වීම. රජයට සහයෝගය දැක්වීම හෝ රජය එන දේශපාලන පසු ප‍්‍රතිපත්ති රජයේ වැඩ පිළිවෙලට විවේචනය කිරීම සදහා ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදි ඡීවන ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් වේ.

සෑම සිවිල් සහ දේශපාලන ආයතනයකම මූලික පදනම වන්නා වූ නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්මයන් උල්ලංගනය කරමින් තොරව එහි එම අයිතීන් අහිමිකිරීමට නොහැකි වීම රජය සහ දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති විවේචනය කිරීම 14 (1) (අ) වගන්තිය යටතේ කථනය හා ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමක් වීම.

– තීන්දුව –1993-මාර්තු-8 විනිසුරු ප්‍රනාන්දු මැතිතුමා

දරාගත නොහැකි අධික ජීවන වියදම රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලීකරණය ඒ අනුව සිදුවන ක්‍රියා අහිමිවීම සහ රැකියා කප්පාදුව දේශපාලන කරුණු අරභයා නාස්තිකාර වියදම් දූෂණය ජනතා යහපත සඳහා හේතුවන්නා වූ පොදු වැදගත් කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් රජයට කෙරෙන සාකච්ඡා යටත් කිරීම්, පිරිවැය ඉහල යෑම්, පැහැර ගැනිම්, මනුෂයය ඝාතන යන උතුරු නැගෙනහිර යුද්ධය යනාදී කරුණු රාශියක් සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ ගණනාවක්ම මෙම ඝෝෂාවට එක් වීම.– ශේෂ්ඨාධිකරණ තීන්දුව –14 (1) (අ) වගන්තියෙන් ජනතාවට හිමි මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වී ඇති බව තීරණය වේ. රජයට දේශපාලන පක්‍ෂ වලට ඒවායේ තීරණ වලට ක්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදි ජීවන ක්‍රමයක මූලික ලක්‍ෂණයකි.

සිවිල් සමාජයේ සහ ආයතන වල පදනම වී ඇති නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්ම කඩකිරීමකින් තොරව එම අයිතීන් අහිමි කිරීමට නොහැකිය. මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබදව කල් තබා ප්‍රචාරය කරනු ලැබ තිබූ අතර පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබුණි.

රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීම සඳහා වැඩ පිළිවෙලක් පිළිබදව තොරතුරු ලැබී තිබුණු බවට දෙවැනි වගඋත්තරකරු විසින් කරන ලද ප්‍රකාශන පිළිගත නොහැක. මක් නිසාද යත් ඒ සම්බන්ධයෙන් සියළු වාර්තාවන් ඉදිරිපත් නොකළ බැවිනි. ඇත්ත වශයෙන් කැරැල්ලක් හෝ ප්‍රචණ්ඩත්වයක් බලාපොරොත්තුව සිට නැත.

රජයට රෙහිව සටන්පාඨ සපයමින් ඝෝෂා කරද්දී ප්‍රහාර දියත් කර ඇත. එසේ වුවත් පොලිස් ආඥා පනතේ 78(1) වගන්තියේ ක්‍රියා කිරීමට අවශ්‍යතාවක් නොවී ය.

එබැවින් වගඋත්තරකරුවන් එම ක්‍රියාව සඳහා පෙළඹීමකින් හිතමතාම පෙත්සම්කරුගේ කථනය, අදහස් ප්‍රකාශකිරිමේ අයිතියට එරෙහිව සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීරණය කරන ලදී.

එම නිසා පෙත්සම් කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ලංගනය කිරීමේ වරදට රු. 50,000 දඩ මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද තීරණය කරන ලදී. මෙම නඩු වාරයේදී සිදු වූ විශේෂ වැදගත් සිදුවීම ලෙස අනාගතයේදී ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි මෙම තීන්දුව සියළුම පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට උපදෙස් දීමක් සිදු විය.

උපුටා ගැනීමකි.

ප්‍රභූ රථපෙළට විරෝධය පළකළ අයෙකු අත්අඩංගුවට ..

0

පසුගියදා කොළඹ නගරයේ මාර්ගයක් ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට වාහන නළා නාද කිරීමේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කරයි

බොරැල්ල පොලිස් අත් අඩංගුවට ගත් මොහු 31හැවිරිදි අයෙකු වන බත්තරමුල්ලේ පදිංචි අයෙක් බව පොලි මාධ්‍යප්‍රකාශකවරයා පවසා ඇතැයිද එහි සදහන්ය

ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකි.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්‍යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ බවයි.

ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාල විරෝධය තුල ඔවුන් මතුකර තිබුනේ ප්‍රභු ආරක්ෂක රථ පෙළට ගමන් කිරිම සදහා නවතා තිබුන රථ වාහන පෙළ අතර ගිලන් රථ පවා තිබුණ බවය

මෙම අත්අඩංගුවට ගැනිම හෙළිදකිමින් දැනටමත් සමාජ මාධ්‍ය තුල විරෝධතා මතුකරමින් තිබේ.
ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කොට තිබේ.

අපේ අයිතිය: ප්‍රභු ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විරෝධතාව දැක්වූ තරුණයා අත් අඩංගුවට ගෙන ඇතිබව සමාජ මාධ්‍යයේ දුටුව. අයුතු ජනරාශි ලු වැඩේ. ජනතාවගේ පීඩාවට එරෙහිවීම සහ හෝන් ගැහිම සාමකාමී විරෝධතා දැක්වීම් ජනඝෝෂා නම් වේ. එසේ ක්‍රියාකිරීම් අයුතු නොවන්නේය. මෙම අයුතු දඩයමට අපි විරෝධය දක්වමු. ජනතා අයිතීන් සුරැකීම අධිෂ්ඨානයෙන් විය යුත්තකි. නිදොස් කොට නිදහස් කළ යුත්තේ මෙවැනි එඩිතර තරුණයන් මිස අවුරුදු 20ක් සිය බලතල යොදූ ගනිමින් රාජ්‍ය් දේපල කොල්ලා කෑ උන් නොවේ ය.නුවරඑළියේ සැනකෙලිය මට අයුතු ක්‍රියාවකි. ඒවා අධිෂ්ඨානයෙන් විමසිය යුතුය…ඒවා නොකරන්නේ මන්ද?

මියන්මාරයට පෙනෙන ලංකාව

0

ජාතීන් අතර බලය බෙදා ගැනීම අසමත් රටවල අත්තනෝමතික බල කේන්ද්‍රයන් බිහිවීම.

මියන්මාරය හෙවත් බුරුමය සමග ශත වර්ෂ ගණනාවක මිත්‍රත්වයක් අපට තිබේ. අශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේදී  මිහිඳු හිමියන් ලංකාවට එවන විට දැනට මියන්මාරය වන ස්වර්ණභුමියටද භික්ෂූන් යැවූ බව සඳහන් වේ. මියන්මාරයේ අනවරත (ක්‍රි.ව 1014-1078) රජුගේ යුගයේදී ලංකාවේ භික්ෂූන් එහි බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කළහ.

ඉන් පසුව දෙරට අතර බුදු දහම මතු නොව වෙළෙඳාම සම්බන්ධයෙන් ද බොහෝ සම්බන්ධතා තිබුණි. නැතිවූ උපසම්පදාව 16 වන සියවසේ පළමුවන විමලධර්මසුරිය රජුගේ කාලයේදී අපට මියන්මාරයෙන් ලැබුන අතර පසුව නැවතත් 19 වන සියවසේ දී අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ මියන්මාරයේ අනුග්‍රහයෙනි.

මෑත කාලයේදී ලංකාවේ ප්‍රචලිත වූ ථෙරවාදී විපස්සනා භාවනා ක්‍රම වලින් බොහොමයක් අප වෙත ලැබුනේ මියන්මාර ගුරු සම්ප්‍රදායයන් ගෙනි. මහාසී සයාඩෝ සහ එස්. එන්. ගොයෙන්කාගේ ගුරුවරයා වූ ඌ බා කින් එයින් ප්‍රධානය.

මේ දිනවල මියන්මාරය ජාත්‍යන්තර පුවත් සිරස්තල වල තිබේ. මෙම වසරේ පෙබරවාරි පළමුවන දා එරට බලය හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී. ජනතාව විරෝධතා දක්වන අතර හමුදාව ඔවුන්ට වෙඩි තබති. දිනෙන් දින මරණ සංඛ්‍යාව ඉහළ යයි.

එරට ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව මගින් පිහිටුවන ලද විකල්ප ආණ්ඩුවේ වැඩබලන ප්‍රධානි මාන් වින් කයින් තාන් හමුදා ආණ්ඩුව පෙරලා දැමීම සඳහා ‘විප්ලවයක්’ කරන බව කියා සිටියේය. බලයෙන් පහ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානයේ නායකයන් බොහෝ දෙනෙක් සමඟ ඔහු ද සැඟවී සිටියි. ඔහු ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ෆේස් බුක් හරහා වන අතර මේ වන විට සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පහසුකම් අවහිර කොට තිබේ.

මියන්මාර හමුදාව අනුකම්පා විරහිත විශ්වාස කළ නොහැකි දේශපාලන බල අධිකාරියක් ලෙස පිළිගත නොහැකි කණ්ඩායමකි. ඔවුන් පිළිගත හැක්කේ පසුගියදා එරට හමුදා ජුන්ටාවේ ඊනියා විදේශ ඇමතිවරයාට කොළඹ පැවැත්වීමට නියමිත බෙංගාල බොක්ක අවට රටවල තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන සමුළුවට ආරාධනා කළ දිනේෂ් ගුණවර්ධන වැන්නවුන්ට පමණි. හමුදාව විසින් ස්ථාපනය කරනලද මියන්මාර 2008 ව්‍යවස්ථාවේ හතර වන වගන්තිය අනුව රාජ්‍යයේ ස්වෛරීත්වය උත්පාදනය වන්නේ ජනතාව වෙතිනි. එරට සිදුවන දේ අනුව හමුදා ජුන්ටාව කිසිසේත්ම ජනතා අභිලාෂයන් නියෝජනය නොකරයි. මියන්මාරය  හමුදාවට පාලන උරුමය සහිත රාජධානියක් නොවේ.

වර්ෂ 1962 ජුලි මස රැන්ගුන් විශ්වවිද්‍යාලයේ අරගල තිබුන අතර ඒවා මැඩපැවැත්වීමට හමුදාව යවන ලදී. හමුදා ආඥාදායකයා වූ නේ වින් මෙසේ කීය.” මෙම අරගල අපට අභියෝග කරනු සඳහා ඇති කරන ලද්දේ නම් කඩුවට කඩුවෙන් ද හෙල්ලට හෙල්ලෙන් ද මුහුණ දීමට අප සූදානම් බව ප්‍රකාශ කරමි.” හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අතර ශිෂ්‍ය සංගම් මුලස්ථානය පුපුරුවා හරින ලදී.

1988 අගෝස්තු අට වන දින අරගල ආරම්භ වූ විට එම නේ වින් ම මෙසේ කීය. “හමුදාව කැඳවීමට සිදුවී තිබෙන අතර හමුදාව වෙඩි තබන විට අහසට වෙඩි තැබීමේ සම්ප්‍රදායක් නොමැති බවද ඔවුන් කෙලින්ම ඉලක්කයට වෙඩි තබන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.” අවසානයේදී මරණ සංඛ්‍යාව 3000ක් පමණ වූ බව වාර්තා විය. මියන්මාරයයේ ගැටලු‍ව

මියන්මාරයේ ප්‍රධාන වාර්ගික කණ්ඩායම බමර් ජාතිකයෝ (68%)වෙති. අනෙක් අය නම් ශාන්  (9%), කරින් (7%), රඛින් (1.7%), චීන (2.5%), මොන් (2%), කචින් (1.5%), ඉන්දියානු (1.25%), කායා (1.83%),චින් සහ තවන් කණ්ඩායම් ය. රාජ්‍යය විසින් වාර්ගික කණ්ඩායම් 135ක් පිළිගනු ලැබ ඇත. මියන්මාරය තුළ බංග්ලාදේශයට මායිම් වූ උතුරු රඛින් දේශයේ වෙසෙන රොහින්ග්යා ජන කොටසට පිළිගැනීමක් නැත. ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි සරණාගතයන් ලෙස සලකනු ලැබේ. බෞද්ධයන් 88% ක් වන අතර ක්‍රිස්තියානිහු   6% ක්ද ඉස්ලාම් ලබ්ධිකයෝ  4%ක් ද වෙති.

නිදහසට පෙර භාරකාර ආණ්ඩුවේ නායකයා වූ අවුන්ග් සාන් විසින් 1947 පෙබරවාරි මස වාර්ගික කණ්ඩායම් වල නායකයන් සමග ඉක්මනින් නිදහස ලබාගැනීමේ අභිප්‍රායයෙන් යුතුව අත්සන් කරන ලද පෑන්ග්ලෝන්ග් සම්මුතිය මගින් දේශසීමා ප්‍රදේශ වල පිහිටි ඉතිහාසයේ කිසි කලෙකත් බමර් ජාතිකයන්ට යටත් වී නොසිටි වාර්ගික කොටස් වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ප්‍රතිපත්තිමය වශයෙන් පොරොන්දු විය.

අවුන්ග් සාන් 1947 ජූලි මස ඝාතනය කරන ලද අතර එම ප්‍රදේශ වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ලබා දීමට එකඟ නොවූ බමර් ජාතිකයන් බහුතරයක ගෙන් සමන්විත ආණ්ඩු විසින් පෑන්ග්ලෝන්ග් සම්මුතිය ක්‍රියාත්මක නොකරන ලදී. ප්‍රතිඵලය වශයෙන් වාර්ගික ගැටුම් ආරම්භ විය.

නිදහසෙන් පසුව මියන්මාරයේ ප්‍රථම අගමැති වූ ඌ නූ ගේ සමයේදී කොමියුනිස්ට් කැරැල්ලක් මර්දනය කරන ලදී. බලයේ සිටි පැසිස්ට් විරෝධී ජනතා නිදහස් සන්ධානයේ බෙදීමක් ඇතිවී විශ්වාසභංග යෝජනාවකින් ඌ නූ බේරුනේ යන්තමිනි.

වාර්ගික අරගල වල නැගීමත් සමග ඔහු 1958 දී තාවකාලිකව ආණ්ඩුව බාරගන්නා ලෙස එවකට හමුදා නිලධාරියකු වූ බමර් ජාතික නේ වින් ට ආරාධනය කළේය. මේ අවස්ථාවේදී ඌ නූ හමුදාපතිවරයා වූ කරින් ජාතික ස්මිත් ඩන් නොසලකා හැරියේය. නේ වින් 1960 දී ආණ්ඩුව ඌ නූ ට නැවත බාර දුන්නත් ඔහු විසින් 1962 දී කුමන්ත්‍රණය කින් බලය පැහැර ගන්නා ලදී. හමුදා පාලනය දිගටම තිබිණ. වර්ෂ 2010 දී අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වූ මියන්මාරයේ බලය  2015 දී අවුන්ග් සාන් සූ චි වෙත පැවරිණ.

රට පුරා පැවති වාර්ගික අරගල හේතුවෙන් මධ්‍යයේ බලවත් ආණ්ඩුවක් තිබීමේ අවශ්‍යතාව හමුදා පාලනයක් ඇතිවීම යුක්ති සහගත  කරන ලදී. බලය ලැබුණ පසු හමුදාව විසින් සිය බලය තහවුරු කර ගන්නා ලදී.

කෙසේ නමුත් වාර්ගික අරගල දිගටම පැවතිණි. විවිධ වාර්ගික කණ්ඩායම් විසින් ඔවුන්ගේම  උප හමුදාවන් පවත්වාගෙන යන ලදී. උප හමුදාවන් නොමැතිව තමන් අනාරක්ෂිත බව ඔවුහු සිතති. වාර්ගික උප හමුදාවන්ට අමතරව වෙනත් උප හමුදාවන්ද තිබේ. සමහර උප හමුදාවන් තත්මඩෝ යනුවෙන් හැඳින්වෙන  මියන්මාර හමුදාව සමග සහයෝගීතාවෙන් කටයුතු කරති.

සමහර උප හමුදාවන් මියන්මාර හමුදාව සමග ගැටෙති. මියන්මාරයේ උප හමුදා වර්ග හතරක් තිබේ. ඒවා නම් තත්මඩෝ සමග සම්බන්ධ උප හමුදා, තත්මඩෝ සමග සම්බන්ධ නැති උප හමුදා, තත්මඩෝ විසින් මෙහෙයවනු ලබන ප්‍රජා උප හමුදා සහ වාර්ගික සන්නද්ධ හමුදා ය.

මේවායින් සමහර උප හමුදා නීති විරෝධී මත ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙති.   (මියන්මාර උප හමුදා -ජෝන් බියුකැනන්) මෙම උප හමුදා මියන්මාර දේශයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇතැයි කියනු ලැබේ.

මියන්මාර හමුදාව වාර්ගික ජන කොටස් සමග සාම සාකච්ඡා පැවැත්වුවද එම ජන කොටස් වල ප්‍රධාන ඉල්ලීම වූ පෙඩරල් රාජ්‍යයට හමුදාව එකඟ නැත.

මියන්මාර බහුතරයද බලය බෙදාහැරීමට එකඟ නැත. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමුහාණ්ඩුවාදී ආයතනයේ අනුග්‍රහය යටතේ 2019 දී පවත්වනු ලැබූ සමීක්ෂණයකදී එයට සහභාගී වුවන්ගෙන් පහත සඳහන් ප්‍රශ්නය අසන ලදී. “පළාත් වලට වඩා ස්වාධීනත්වයක් සහ බලයක් දීමට ඔබ එකඟද? ඒ අනුව ඔවුන්ට තමන්ට අදාළ තීරණ ගත හැකි වේ. එසේ නැතහොත් බලය සහ තීරණ ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව සතුව තිබිය යුතු යයි ඔබ සිතන්නේද?” සහභාගී වුවන්ගෙන් 70% ක් තමන් මධ්‍යගත ක්‍රමයකට කැමති බව කී අතර 28% ක් තමන් විමධ්‍යගත ක්‍රමය කට කැමති බව කීහ. 8% ක් මේ පිළිබඳව තමන් අවිනිශ්චිත බව කීහ. එමෙන්ම 53%ක් ප්‍රධාන ඇමතිවරු මධ්‍යම ආණ්ඩුවෙන් පත් කිරීමට කැමති වූහ. 39% ඔවුන් ප්‍රාදේශීය වශයෙන් තෝර ගැනීමට කැමති වූ අතර 8% ක තීරණය නිශ්චිත නැත. මෙම සමීක්ෂණයට සහභාගී වූ අය ගෙන් 70%ක් බමර් ජාතිකයෝ වූහ. (ජනමත සමීක්ෂණය මියන්මාරය -2019 – Center for Insights in Survey Research)

වර්ෂ 2015  සූ චි බලයට පැමිණි පසුවද තත්ත්වයේ විශාල වෙනසක් සිදු නොවිය. ඇය බොහෝ අවස්ථා වලදී ප්‍රශ්නයට විසඳුම පෙඩරල් ව්‍යවස්ථාවක් බව කියා ඇත. රොහින්ග්යා මුස්ලිම්වරුන් පිළිබඳ ඇගේ ස්ථාවරය ප්‍රසිද්ධය.

ගැම්බියාව මියන්මාරයට එරෙහිව රොහින්ග්යා මුස්ලිම්වරුන් සමුලඝාතනය සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඉදිරියේ නඩුවක් පැවරූ අතර සූ චි සිය රට වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළාය. එමෙන්ම ඇය සිය පාලන කාලය තුළ වාර්ගික කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළාය.

බොහෝ කණ්ඩායම් ඇය සමග සාකච්ඡා කිරීමට එකඟ වූ අතර තවත් බොහෝ කණ්ඩායම් පසුගිය කාලය තුළ වාර්ගික ජන කොටස් ඉල්ලීම් පිළිබඳව ඇගේ නොසැලකිල්ල මත පදනම්ව ඇය විශ්වාස කිරීමට කැමති නොවුහ.

එනමුත් හමුදාව විසින් ඇතිකළ 2008 ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූ චි ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානය (සන්ධානය) උත්සාහ ගත්තේය. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික රාජ්‍ය සභාවේ 75% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍යවේ.

ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් ගෙන් 25%ක් පත් කරන්නේ හමුදාව විසිනි. සමහර වගන්ති සංශෝධනය සඳහා මෙයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය වේ.   (436 වන වගන්තිය) වර්ෂ 2020 දී වෙනත් සංශෝධන වලට අමතරව ව්‍යවස්ථාවේ 188,196,198(ඉ) සහ 198(ා) වගන්ති සංශෝධනය මගින් පළාත් ව්‍යවස්ථාදායක වලට වැඩි බලතල දීමටද, 225 සහ 226 වගන්ති සංශෝධනය මගින් මධ්‍යය විසින් පළාත් පරිපාලනයට කරන බලපෑම් අවම කිරීමටද, 261, 262 සහ 264 වගන්ති සංශෝධනය මගින් පළාත් වල මහ ඇමතිවරුන් පත් කිරීමේදී සහ ඇමතිවරුන් පත්කිරීමේ හා  ඉවත් කිරීමේ දී පළාත් වලට වැඩි බලතල දීමටද සන්ධානය උත්සාහ ගත්තේය. හමුදාව සහයෝගය නොදැක්වීම නිසා මෙම යෝජනා මන්ත්‍රණ සභාවේදී පරාජයට පත් විය.

එබැවින් සන්ධානය හමුදාවට වඩා වාර්ගික ප්‍රශ්නය පිළිබඳව සංවේදී ය. මෙය 2020 නොවැම්බර් 8 වන දින පැවැත්වූ මහ මැතිවරණයෙන් සනාථ වේ.

මියන්මාරයේ ජාතික මන්ත්‍රණ සභාව, ජාතිකත්ව සභාව සහ මහජන මන්ත්‍රණ සභාව යන සභා දෙකෙන් සමන්විත වේ. සන්ධානය විසින් හමුදාවට වෙන් කළ 25% ක් වන ආසන ද ඇතුළුව සියලු ආසන වලින් ජාතිකත්ව සභාවෙන්  61.6% ක් ද මහජන මන්ත්‍රණ සභාවෙන් 58.6% ක් ද දිනා ගන්නා ලදී.

වාර්ගික පළාත් වලින් උභය මන්ත්‍රණ සභා වලට එවූ නියෝජිතයන්ගේ බහුතරය රඛින් සහ ශාන් පළාත් හැර සන්ධානයේ නියෝජිතයන් විසින් දිනා ගන්නා ලදී. පළාත් ව්‍යවස්ථාදායකවල මැතිවරණයද මේ සමඟම පවත්වන ලදී. ඒවායින්ද හමුදාවට වෙන් කළ 25% ක් වන ආසන ද ඇතුළුව 56.9%ක බහුතරයක් ආසන සන්ධානය විසින් දිනා ගන්නා ලදී. රඛින් සහ ශාන් පළාත් ව්‍යවස්ථාදායකවල බහුතරය සන්ධානයට අහිමි විය. මෙයට අමතරව පළාත් ව්‍යවස්ථාදායක වලට තෝරා පත් කර ගන්නා ලද වාර්ගික කටයුතු පිළිබඳ ඇමතිවරුන් ගෙන් 79% සන්ධානයේ නියෝජිතයෝය. ජාතිකත්ව සභාවේ ආසන වලින් 3.1% ක ද මහජන මන්ත්‍රණ සභාවේ ආසන වලින් 3.4% ක ද පළාත් ව්‍යවස්ථාදායක වල ආසන වලින් 5.5% ක ද ප්‍රතිඵල කලබල හේතුවෙන් අවලංගු කරන ලදී. එබැවින් සන්ධානයේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි. වර්ෂ 2015 දී පැවැත්වුන මහා මැතිවරණයට සාපේක්ෂව ඔවුන් විසින් උභය මන්ත්‍රණ සභා වලද පළාත් ව්‍යවස්ථාදායක වලද අසන සංඛ්‍යාව වැඩි කර ගන්නා ලදී. මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ ප්‍රතිඵල නිරවද්‍ය බවද ඒවායින් ජනතා කැමැත්ත ප්‍රකාශ වන බවද ප්‍රකාශ කරන ලදී.

මියන්මාර ජනතාව 2010 සිට අනුක්‍රමයෙන් නිදහස භුක්ති වින්දහ. එබැවින් ඔවුන් හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වනු ඇත. මෙම කාරණය හමුදාව විසින් අව තක්සේරු කරන ලදී. ප්‍රාදේශීය උප හමුදාවන් සහ වාර්ගික හමුදාවන් විරෝධතා දක්වන ජනතාවට සහාය දුනහොත් එය හමුදාවට අසීරු තත්ත්වයක් වනු ඇත.

මේ සඳහා බහුතර බමර් ජාතිකයන් විසින් මධ්‍යගත පාලනයක් සඳහා වන ඔවුන්ගේ කැමැත්ත හළ යුතුය. ඒ අනුව රට නැවත ප්‍රශ්නයේ මුලට පැමිණ ඇත. ආරම්භයේදී එය බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම වූ අතර දැන් එය හමුදාවෙන් නිදහස ලබා ගැනීම වේ. එබැවින් වාර්ගික ප්‍රශ්නය බලය විමධ්‍යගත කිරීම හරහා නොවිසඳීම හේතුවෙන් මධ්‍යයේ ඇතිවූ අත්තනෝමතික බල කේන්ද්‍රය විසින්  බලය විමධ්‍යගත කිරීමට එරෙහි වූ ජන කොටසගේම නිදහස උදුරා ගෙන ඇත.

රුසියාව සහ චීනය ජාත්‍යන්තර වේදිකාවේදී හමුදා ජුන්ටාව ආරක්ෂා කරයි. එය ඔවුන්ගේ විශේෂයෙන්ම චීනයේ බල අවශ්‍යතා සපුරාලයි. මිතුරන්ගෙන් තොර තනිවූ දේශයක් තුළ චීනයට සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට බාධාවක් නැත. ශ්‍රී ලංකාවේ අර්බුදය

ශ්‍රී ලංකාවේ තත්ත්වය මියන්මාරයේ තත්ත්වයේ මෘදු ස්වරූපයකි. රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් වන වාර්ගික ප්‍රශ්නය වසර 30ක් දිග්ගැස්සුණු අභ්‍යන්තර කැරැල්ලකට හේතුවිය. බහුතරය වන සිංහලයෝ බලය විමධ්‍යගත කිරීමට එරෙහි වෙති. විවිධ දේශපාලන නායකයන් විසින් මේ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක විය. මෙය සන්නද්ධ අරගලයකට හේතුවූ අතර අරගලය මධ්‍යයේ ඉන්දියාවේ බලපෑම මත ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් විය. සන්නද්ධ කැරලිකරුවන් මේ විසඳුම නොපිළිගත් අතර ඔවුන් යුදමය වශයෙන් පරාජය කරන ලදී.

වර්ෂ 2015 සිට 2019 දක්වා බලයේ සිටි පසුගිය ආණ්ඩුව පළල් මහජන ඉල්ලීම් මත ප්‍රතිසංස්කරණ ගෙන ආ අතර ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කරන ලදී. ජනාධිපති බලතල අඩු කළ පාර්ලිමේන්තු බලතල වැඩි කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔවුන් විසින් ගෙන එන ලදී.

එක අතකින් මධ්‍යයේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට ආපසු යන ආකෘතියකින් ද අනෙක් අතින් පරිධියේ පළාත් සභා වලට වැඩි බලතල ලැබෙන ආකෘතියකින් ද සමන්විත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඔවුන් උත්සාහ කළහ.
අනුක්‍රමයෙන් වෙනස් වූ ජනප්‍රිය මතවාදය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නිශ්චිත ලෙසම වෙනස් විය. ජනාධිපති බලතල වැඩි කරන ලෙස වූ ඉල්ලීම 20 වන සංශෝධනය මගින් ඉටු කරන ලදී.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මගින් ගෙන එන ලද 46/1 යෝජනාව අනුවද විවේචනයට ලක්වූ විවිධ අත්තනෝමතික ක්‍රියා ආණ්ඩුව විසින් කරන ලදී. පළාත් වලට දෙන ලද ව්‍යවස්ථාවේ ඇති බලතල වලට වඩා අඩු සීමිත බලතල ද ඉවත් කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතී. මෙය කළ නොහැක්කේ ඉන්දියාවේ විරුද්ධත්වය නිසාය.

කෙසේ වුවත් පසුගිය ආණ්ඩුව කාලයේ පළල් වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට හුරුවූ ජනතාව වැඩිවූ ජනාධිපති බලතල වලින්ද පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන්ද පහසුවෙන් මර්දනය කළ නොහැක. මැතිවරණ සමයේදී යෝජනා වූ හිට්ලර් කෙනකු මෙන් කටයුතු කරන ලෙස වූ නින්දිත ඉල්ලීමද නැවත ඉදිරිපත්ව තිබේ.

මෙයට ප්‍රතිචාර දැක්වූ මෙරට ජර්මන් තානාපතිවරයා මිලියන ගණනාවක ජිවිත ව්‍යසනයට වගකිවයුතු වූ හිට්ලර් කිසිම දේශපාලනඥයකුට ආදර්ශයක් නොවිය යුතු බව කියා ඇත.

චීනය සහ රුසියාව ජාත්‍යන්තර බලපෑම් වලින් ශ්‍රී ලංකාවට රැකවරණය දීමට උත්සාහ කරති. මියන්මාරය සහ ශ්‍රී ලංකාව

වර්ෂ 1948 ජනවාරි 4 වනදා මියන්මාරය ද එයින් මාසයකට පසුව 1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවද බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබූහ.

රටවල් දෙකේම බහුතරය, බමර් සහ සිංහල ජාතිකයෝ පෙඩරල් ව්‍යවස්ථාවන්ට විරුද්ධ වෙති. මියන්මාරයේ යුනියන් යන යෙදුම යොදන අතර ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය යන යෙදුම යොදනු ලැබේ. ඔවුන් සියල්ලෝම පෙඩරල් යන වචනයටද විරුද්ධ වෙති.

බමර්වරු සහ සිංහලයෝ ප්‍රධාන වශයෙන්ම බෞද්ධයෝ වෙති. රටවල් දෙකේම බෙදීම් ප්‍රධාන වශයෙන් ජන වර්ගය මත පදනම්ව ඇති අතර ආගමේ බෙදීම ඇත්තේ එයට වඩා අඩු මට්ටමකය. මියන්මාරයේ බෞද්ධ ජන වර්ග අතරද ගැටුම් ඇත. ශ්‍රී ලංකාවේ එසේ නොමැති අතර සිංහල බෞද්ධයෝ සංයුක්ත කණ්ඩායමක් ලෙස සිටිති.

මියන්මාරයේ මධ්‍යය අත්තනෝමතික ලෙස බලවත් වීමට හේතුව ජනතා කැමැත්ත මත නිසි කලට පරිධියට අවශ්‍ය බලය ලබා නොදීමයි. ශ්‍රී ලංකාවේ මෑත අතීතයේදී ලිබරල්වාදීන් බලයට පත්වූ විට ප්‍රවනතාව වූයේ පරිධියට බලය විමධ්‍යගත කර මධ්‍යයේ ඉහළ සංකේන්ද්‍රණය වූ බලය පහළට ගලා යාමට සැලැස්වීමයි. වර්තමානයේ මෙන් ජාතිවාදීන් බලයට පත්වූ විට බලය තිරස් අතර පරිධියේ සිට මධ්‍යයටද සිරස් අතට පහළ සිට ඉහළටද සංකේන්ද්‍රණය කිරීමට උත්සාහ කර ඇත. මෙම ප්‍රවණතාව දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාවටද මියන්මාරයේ අත්දැකීම ලැබිය හැක.

බලය විමධ්‍යගත කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දුර්වල රාජ්‍යයන් නොවෙති. ශක්තිමත් බව ලැබෙන්නේ සමගිය හෙවත් එක්සත්භාවය මතයි. බෙදීම මත නොවේ. රටක් එක්සත් බව නොමැති නම් විදේශ බලයන්ට එරටට අත පෙවීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ 1980 ගණන් වල පැවති රජයට විරුද්ධව මෙය සිදුවූ අතර මියන්මාරයේ අද පවතින ඊනියා රජයට පක්ෂව එය සිදුවේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාව ජනතාවට දිගට හරහට වෙඩි තැබුවත් ඔවුන් මර්දනය කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය පාලන සමයේ ඔවුන් නිදහස භුක්ති විඳ ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ බියජනක ලෙස ඉහළ නංවා තිබුණ ප්‍රතිරූපය පහළ මට්ටමකට වැටුනේ පසුගිය ආණ්ඩුව සමයේ ජනතාව භුක්ති විඳ පුරුදු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එය සම්මුඛ වීම නිසාය.

මියන්මාරයද ශ්‍රී ලංකාවද පිළිවෙලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයටද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටද වාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් රපෝර්තු කරනු ලැබ ඇත. එබැවින් රටවල් දෙකේම  වාර්ගික ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වී ඇත.

චීනය සහ රුසියාව රටවල් දෙකටම සහයෝගය දෙයි. මේ සම්බන්ධ ඔවුන්ගේ බල අභිලාෂයන් සැඟවීමට උත්සාහ කරනු ලැබේ.

මියන්මාරය අනීතික සහ කිසිම නීතික උරුමයක් නොමැති හමුදාව භාරයේ තිබේ. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොහෝ පුද්ගලික කැප කිරීම් කර ඇති සූ චී නිවස අඩස්සියට පත් කර ඇත. මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි.

මියන්මාරයේ මූල්කාලීන ජනතා වීදී විරෝධතා දැන් තරමක් අඩු වී ඇත. හමුදා වීදි විරෝධතා වලට සෘඡුව වෙඩි තැබූ අතර රාත්‍රියේදී විරෝධතාකරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත්හ, නැතහොත් මරා දැමූහ, විරෝධතා ව්‍යාපාර නායකයන් මෙම තත්ත්වය කලමනාකරණය කළ යුතු අතර මෙවැනි ඒකාධිපති පාලකයන්ට මුහුණ දීමේ ක්‍රමවේද සාකච්ඡා කරන ජිනී ශාප් විසින් රචිත From Dictatorship to Democracy නැමැති කුඩා ග්‍රන්ථය හැදැරීය යුතුය. (මෙය ලිපියේ ලේඛකයා විසින් ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇත)  

ලෝකය මියන්මාර ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව පිළිගැනීම දිශාවට ගමන් කළ යුතුය. මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු තෝමස් ඇන්ඩෲස් මියන්මාරයට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවද එය දැන් අවශ්‍ය බවද කියා සිටියේය. ලංකාව සම්බන්ධයෙන්ද පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනා සම්මතයෙන් පෙනී යන්නේ එවැනි ජාත්‍යන්තර මැදිහත් වීමකි.

සමබිම –