ආස දේවල් කරලා සතුටින් ඉන්නවද? ඇරියස් ගොඩක් එක්ක මැරිලා යනවද?
ආදිත්‍යා වැලිවත්ත, ළඟදි මොඩ්ලින් වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරව මාධ්‍යයට මොහෙම කතාවක් කියනවා;
“මාත් ආසයි ජීවිතේ වෙනස් දේවල් කරන්න. මම ආස දේවල් ජීවිතේ හැමදාම කරනවා. මොකද අපි හැමෝම ජීවත් වෙන්නේ එක පාරයි. ඒ එක පාර හරිම සතුටින්, හරිම ආසාවෙන් තමන්ගේ ජීවිතේ විඳලා සතුටින් ඉන්න තමයි මට ඕන. ඉතින් මං ආස දේවල් ඔක්කොම මං කරනවා ඉස්සරහාට”
කොච්චර ලස්සන ද?
මට මේක වැදුනෙ, මාත් දැඩිව විස්වාස කරන කෑල්ලක මේ කතාවේ තියන නිසා. ඒ තමා ‘අපි ජීවත් වෙන්නේ එකපාරයි” කියන එක. ආදිත්‍යා ඒක කොයි තරම් සවිඥානිකව කිව්වද කියලා මං දන්නෑ. කෝම වුණත් ඒ කතාව ලස්සනයි. දාර්ශනිකයි.
එක පැත්තකින් එළියට බැහැලා බැලුවම මින්ස්සු ඉන්නේ විඳවා විඳවා. ගොඩක් අයගෙ මුහුණුවල කළකිරීම වේදනාව. බොහෝ දෙනෙක් කරන්නේ තමන් ආසම දේ නෙමේ. තමන්ට කරන්න වුන, නැත්තන් පැවරුණ දේ. තමන්ට පුළුවන් තමන් වඩාත් තෘප්තිමත් වෙනන පුළුවන් දේ නෙමේ. අපි ඒ කාට හරි කතා කරලා කිව්වොත් ඔයා කරන්න ආස, කරන්න පුළුවක් ලැයිස්තුවක් හදන්න කියලා. අනිවාර්යයෙන් ම එයා දැන් කර කර ඉන්න එක එතැන නෑ. මොකක් හරි අවුලක්. වැරදුණ තැනක් අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ආස කරන දේවල් කරන්නේ නැතුව හුල්ලා හුල්ලා විඳවනවා.
තව පැත්තකින් බොහෝ දෙනෙක්ට එහෙම කරන්න බයක් තියෙන්නේ. අභියෝග භාර ගන්න බයයි, මූණ දෙන්න බයයි. මං කියන්නේ රැකියාව වගේ දෙයක් විතරක් නෙමේ. සමහරු ආස කරන ඇඳුමක් කැඩුමක් තියනවා නමුත් අඳින්නෑ, ආස කරන කොණ්ඩ මෝස්තර තියනවා දාන්නෑ, ආස කරන තැන්වලට ගිහින් කන්න බොන්න හිතෙනවා කරන්නෑ. ටැටූ වලට ආසයි ගහන්නෑ. හැම තිස්සෙම හිතන්නේ එළියෙන් මොනවා කියයිද, සමාජේ හිනා වෙයිද? එක එක සංස්කෘතික රාමුවලට හිරවෙලා. ඉතින් මැරෙනකන් විඳවනවා.
අපිට කොච්චර හම්බෙනවද ආස විෂය කරන්න ලැබෙන්නේ නැති දරුවෝ. අපේ දරුවන්ට එහෙම ආස දේවල් කරන්න, තනියම තීරණ ගන්න දෙන්නේ නැති රටක්. ඇඳුම, පැළඳුම, කොණ්ඩා මෝස්තරය සිට කියවන පොත දක්වා අස කරන දේ නෙමේ වෙන කෙනෙක් තීරණය කරන දේට යට වෙන්න වෙනවා. විවාහයේත් එහෙමයි, කොච්චර ඉන්නවද ආස කරන දේවල් නොකර;කරන්න නොලැබී, ගෙදර බත් තම්බා තම්බා ඉන්න ගැහැණු? වෙන් වෙන්න හොඳටම උවමනාව තිබ්බත් නොගැලපීම් තියාගෙන විඳවන ගෑණු මිනිස්සු?
මේ කතාව තව එහාට යනවා. ජීවිතේ ආස කරන විදියක්, හැඩයක් තිබ්බට ඒක ළඟා කර ගන්න සටනක් දෙන්නෑ. කරුමෙට භාර දීලා, නිකටෙ අත ගහගෙන ඉන්නවා. වෙන එකෙක් කරලා දෙයි කියල ඉන්නවා. දියසෙන් හරි රාවණා හරි ඒවි කියාලා. හිඟන්නට රු.20 දෙන තැන ඉදලා එක එක දේවල් කරනවා යන තැනට යමක් කර ගන්න කියලා. ඒ කියන්නේ මේ ආත්මේ බැරිනම් ඊළඟ ආත්මේ ගොඩ යනවා, ආස කරන දේවල් ටික කරන්න පුළුවන් කියලා ෆැන්ටසියක ඉන්නවා. හතර අතේ පිං දහම්.
ලැබිච්ච ජීවිතේ ආතල් එක ගන්නේ නැතුව, (මේ ආතල් එක එක් එක් අයට එක එක විදි වෙන්න පුළුවන්, දරුවෝ හදන එක, රටකට ගිහින් ඉගෙන ගන්න එක, ගෙයක් දොරක් හදන එක, මේ මොකවත් නොකර කකා බිබී ඇවිදින එක, මාළු අල්ලන එක, ක්ලබ් යන එක වගේ..) ඊළඟ ආත්මේ හිතා ගන්නවත් බැරි ජීවිතයක් වෙනුවෙන් ආතල් ගන්න, කන්න බොන්න තියන සොච්චමත් වියදම් කරලා පිං ඩිපොසිට් කරනවා. ආතල්ම දේ කොහොමද ඔච්චර කට්ට කාල පින් කරලා, ලබන ආත්මේ ගැඩවිල්ලෙක්, පණුවෙක්, මොකෙක් හරි සතෙක් වෙලා ඉපදුණොත්. මේ ආත්මේ ආතලුත් කුඩු. ඒ ආත්මෙත් කුඩු.
මාත් එක එක දේවල් ට්‍රයි කරන්න ආස මිනිහෙක්. පොඩිම දෙයක් කිව්වොත්, ටිකක් ලොකු, තරු හෝටලයක එක දිගට දවස් තුන හතරක් ඉන්න එකෙක් දන්නවා අර එකම ටික කාලා එපා වෙනවා කියලා. නමුත් මං කවදාවත් කිරිබත් ,මාළු ඇඹල් තියල්, ඉඳියාප්ප, කඩල කකා ඉන්නෑ එහෙම තැනක, හැම මඟුලම ට්‍රයි කරනවා. හැම දේම. මගේ යාලුවෙක් ඉන්නවා මොන කෑම තිබ්බත් කඩලම කන්න ඕන. එකත් එයාගේ ආස විදිය වෙන්න ඇති. මං ආසයි ආට්වලත් එහෙම කරන්න. කද්දී බොද්දිත්.
මං මැරෙන්න බයයි ඇත්තට. ටෝක් නම් දෙන්නෑ, දැන් වුණත් මැරෙන්න බය නෑ කියලා. මොකද මම හිතන්නෙ මේ එකම සහ අවසාන අවස්ථාව. ඉතින් මොන කට්ටකාගෙන හරි අර ගන්න බැරිවුණ ආතල් ටික ගන්නකන් ජීවත් වෙන්න ඕන. අර ආදිත්‍ය කියන වගේ ලස්සනට සතුටින් ඉන්න ඕන. ආයේ පාරක් ලැබෙන්නේ නෑනේ.
ආදිත්‍යගෙ ඇඳුමක් අල්ලාගෙන ඒ කෙල්ලට එක එක දේවල් කියා කියා සංස්කෘතියයි සභ්‍යත්වයයි මගුල් කතා කරන්නෙම ජිවිතේ ආස දේවල් කරන්න බැරි වෙච්ච් මිනිස්සු. අර නිදහසේ නටපු ගුරුවරියට විනය පරීක්ෂණ කැඳවන්නේ, ඇයට ආඩපාලි කියන්නේ ජිවිතේ ආස දේවල් කරන්න බැරිවුණ මිනිස්සු. පොඩි කාලයයි අපි ජිවත් වෙන්නේ. මැරෙද්දි ඇරියස් තියා ගන්න හොඳ නෑ. මට නම් ෂුවර් ෂොට් ආයේ මේ ආතල් එක ගන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා ඇවිදින්න ආස නම් ඇවිදින්න, බොන්න ආස නම් බොන්න, නටන්න් ආස නම් නටන්න.. කියවන්න් ලියන්න ෆිල්ම් හදන්න ආස නම් එක කරන්න. ටික් ටෝක් කරන්න ආස නම් එකත් ට්‍රයි කරන්න.
අනුන් කරන දේවල් වලට කෙළ හලන්නේ නැතුව, අකුල් හෙලන්නේ නැතුව තමන් ආස දෙයක් තිය නම් ඒක ට්‍රයි කරලා ඇරියස් නැති මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් මේ සමාජේ මීට වඩා ලස්සන වෙයි.
💜️
ළහිරු කිතලගම
Adithya Weliwatta