Wednesday, September 25, 2024
Home Blog Page 48

මේව මහ ගොන් වැඩ….

මෙවා මහා ගොන් වැඩ.
රට වහපන් අවශ්‍ය වෙලාවට.
අහින්සක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව….
සල්ලි තියෙන එකා හොදට හුස්ම අරන් කාර් වල යනවා
දුප්පත් එකා විතරද උබලාට හැමදාම අල්ලන්න පුලුවන්..
.ඔය අම්මා අපහසුතාවයට මාස්ක් එක පාත් කරන්න ඇත්තේ බඩුත් උස්සන් යද්දි.. පාලනේ කරපන් බුද්දියෙන් රටක් තර්ජනයෙන් නෙවෙයි
චින්තක ලක්සිරිගේ ෆේස් බුක් පිටුවෙනි

කොරෝනා රෝගීන් 4,000 කට වැඩි පිරිසක් තවමත් නිවෙස්වල

0

කොරෝනා ආසාදිත රෝගීන් 4,000 කට වැඩි පිරිසක් තවමත් ඔවුන්ගේ නිවෙස්වල සිටින්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ රට පුරා රෝහල්වල ඇඳන් හිඟය හේතුවෙන් බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
රටපුරා දිනකට 2000 කට ආසන්න රෝගින් පිරිසක් වාර්තාවිමට පටන් ගෙන තිබිමත් සමගින් මේ තත්වය මතුව තිබේ.
රෝහල් ඉඩ නැතිකම හේතුවෙන් ඇදන් 5000 ක ධාරිතාවයක් සමගින් ආයුර්වේද රෝහල්ද කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා යොමුකිරිමට බළධාරින් තිරණය කර තිබුණි
බ්‍රැන්ඩික්ස් කම්මල විසින් සීදුවේ පිහිටි සිය කම්හලක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරිම සදහා ලබාදි ඇති අතර හමුදාව එහි කටයුතු මේ වන විට නිමකරමින් තිබේ

කතාව පැහැදිලියි…

0

මිනිස්සු යන දුරගමන් කෝච්චි ටික නැවැත්තුවා…
දැන් ඔක්කොම මිනිස්සු පැක් වෙලා දුර ගමන් බස් වල යනවා…
ඊට පස්සේ CTB බස් ධාවනය අඩු කරා…
දැන් තියන බස් ටිකේ මිනිස්සු පැක් වෙලා යනවා…
අද (06) දුම්රිය වාර ගණනාවක් අවලංගු කරලා…
දැන් මිනිස්සු පැක් වෙලා ඉතිරි දුම්රිය ටිකේ යනවා…
මේ දවස් වල මිනිස්සු පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ කරගන්න ම දෙයක් නැති කමට, අසරණ කමට…
ඒ අසරණ මිනිස්සු ටික ම මරා ගනිල්ලා…
මේකට කියන්නේ කොවිඩ්-19 බෝ වෙනවා කියලා නෙමෙයි සැලසුම් සහගතව බෝ කරනවා කියලා…
පව් මිනිස්සු 😕බෝම්බ ගහනකම් බලාගෙන හිටියට හපන් මහත්තයෝ, මිනිස්සු ටික ටික වද දීලා මරණ එක…

(විමුක්තිගේ ෆේස්බුක් පිටුවෙනි )

අධිකරණ විනිසුරු ප්‍රකාශ එළෙසින්ම වාර්තා කිරීම මාධ්‍යයේ අයිතියක්; මාධ්‍යට සීමා දාන්න අපට බැහැ! – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

0

විනිසුරුවන් සහ නීතිඥයින් අතර අධිකරණයෙහි දී සිදුවන අදහස් හුවමාරු ඇතුළුව අධිකරණ කටයුතු පිළිබඳ තත්‍ය කාලීන වාර්තාකරණය, කතා කිරීමේ නිදහස සඳහා ඇති අයිතියේ කොටසක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් මගින් ප්‍රකාශ කර තිබෙ.

තමිල්නාඩුවෙහි කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලට මැතිවරණ කොමිසම වගකිව යුතු බවට මදුරාසි මහාධිකරණය විසින් කරන ලද වාචික නිරීක්ෂණවලට එරෙහිව පසුගිය සතියේ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිළි කර තිබුණි.

තමිල්නාඩු පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙළපාලි සහ මහජන රැස්වීම්වලට ඉඩදීම සම්බන්ධයෙන් මැතිවරන කොමසමේ නිලධාරීන්ට “මිනීමැරුම්” චෝදනා කළ යුතු බව තම්ල්නාඩු මහාධිකරණ විනිසුරුවරුන් පවසා තිබුණි. කොවිඩ් රෝගීන් ඉහළ යාමට මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව එම විනිසුරුවන් ප්‍රකාශ කර තිබුණි.

මාධ්‍යය එම ප්‍රකාශය වාර්තා කිරීම තහනම් කිරීම මදුරාසි මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමටත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට එම විනිසුරුවරයින් අසමත්වීමටත් විරුද්ධව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සමේ දී කොමිසම පවසා තිබුණේ මදුරාසි මහාධිකරණයේ එකී වාචික අදහස් කොමිසම හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයට බලපානු ඇති බවයි. එමෙන්ම මෙම අදහස් “අපකීර්තිමත් හා නින්දා සහගත” බව ද එය දක්වා තිබුණි.

දැනටමත් කොමිසමේ නිලධාරීන්ට විරුද්ධව මනීමැරැම් නඩු පවරා ඇති බවද එහි සඳහන් විය.

මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු චන්ද්‍රචුඩ් කියා සිටියේ මෙම නඩුව ව්‍යවස්ථාදායක බලධාරී ආයතන දෙකක් වන මහාධිකරණය සහ මැතිවරන කොමිසම අතර ඇති සියුම් ලෙස බල තුලනය මතුපිටට ගෙනැවිත් ඇති බවයි. එමෙන්ම අධිකරණ කටයුතු අවංකව හා සාධාරණව තත්‍ය කාලීනව වාර්තා කිරීමට මාධ්‍යයට ඇති බලය ද මෙම නඩුවේ කැපී පෙනෙන බවත් ඔහු සඳහන් කළේය.

ළමා ලිංගික අපයෝජන හා විවාහ ගැටලු හැරුණු විට මාධ්‍ය නිදහස  අධිකරණ කටයුතු දක්වා විහිදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නඩු තීන්දුවෙන් පවසා තිබේ.

අධිකරණ කටයුතු සමාජ මාධ්‍ය විසින් සජීවීව වාර්තා වන ආකාරය තමා නිරීක්ෂනය කර ඇති බව පැවසූ විනිසුරු චන්ද්‍රචුඩ් මෙසේද කීවේය. “මෙම තථ්‍ය කාලීන වාර්තාකරණය විවෘත අධිකරණ කටයුතු පිළිබඳ සංකල්පයේ දිගුවකි. සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය විසින් තොරතුරු විකාශනය කරන ආකාරය නවීකරණය කර විප්ලවීය වෙනසක් සිදු කර ඇත.  මාධ්‍යය ගැන පැමිණිලි කිරීම හා සිමා පැනළුිමට යෝජනා කරනවාට වඩා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා බලධාරීන්ට කළ හැකි හොඳ දේ තිබේ.”

“මෙය අපගේ ව්‍යවස්ථාමය සාරධර්ම සැමරීමකි. එය අධිකරණය ශක්තිමත් කරයි … නඩු විභාගය වාර්තා කිරීම වාරණය අපට හැකියාවක් නැත … අධිකරණ කටයුතු සිදුකරන ආකාරය සෑම අධිකරණයකටම සුවිශේෂී වේ” යැයි විනිසුරු චන්ද්‍රචුඩ් නිරීක්ෂණය කළේය.

මහාධිකරණයේ ක්‍රමවේදය “රළු සහ නුසුදුසු” නමුත් එය සෘජුවම වැරදක් කර නැත. නමුත් එය නියෝගවලට අනුකූල වීම සහතික කළ යුතුව තිබුණි. විනිසුරු මඩුල්ල සහ විනිශ්චය යන දෙකෙහිම භාෂාව ව්‍යවස්ථාමය වටිනාකම් කෙරෙහි සංවේදී විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව පවසා තිබේ.

ද හින්දු පවත් පතෙහි පළ වූ වාර්තාවක්  ඇසුරිණි
sinhala.srilankabrief.org

කොරෝනා ගැන ඇත්තම තත්වය ඇමති සුදර්ශණි කියයි !

0

කොරෝනා ඇති තතු ගැන සැම විටම මහජනයා දැනුවත් කිරිම ඉතාමත් වැදගත් වන්නේ ඒ නිවරදි දැනුවත්භාවය එහි සැබෑම තත්වය තේරුම්ගැනිමට ඉන් හැකියාව ලැබෙන බැවිනි.


එහෙත් ඇතැම් දේශපාලකයන් පවතින වසංගත තත්වය හමුවේ විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් හිතලු කථා කියමින් සිටිති.


මේ අතර මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇති බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබුණි.
රාජ්‍ය අමාතවරිය සඳහන් කළේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවය.

තවද PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය විසින් අවධාරණ කර තිබේ.
දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති බවට වාර්තා වන බවයි ඇය සඳහන් කර තිබුණි

තවද ඉදිරි සති 2-3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටීයාය

එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය

නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බවයි ඇය මෙහිදී අවධාරණය කරන්නට යෙදුණි

මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන් ප්‍රතාකාර සඳහා බව ද ඇය සඳහන් කර සිටියාය.

මේ අතර ගෙවණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1939ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 14කි.

වේයන්ගොඩදි යුධහමුදා බස්රථයක් අනතුරකට ලක්වේ !

0

වේයන්ගොඩ බණ්ඩාරනායක මාර්ගයේදී යුධහමුදාව අයත් බස් රථයක් ඉදිරියෙන් පැමිනි තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(06) සිදුවූ අනතුරකට ලක්ව ඇති බව accident 1st ෆේස්බුක් පිටුව වාර්තා කොට තිබේ.
මෙම මාර්ගය පසුගිය දිනවල කාපට් යොදා නැවත ප්‍රතිසංස්කරණ කර ඇති අතර මෙසේ සිදුකිරීමෙදී මාර්ගය පෙරට වඩා පටු වීමත් දෙපස පස් යොදා නොපුරවා තිබීමත් සමග ( අඩි දෙකකට පමන උස වීමෙන් ) පසුගිය දින කිහිපය තුල මෙවැනිම අනතුරු කිහිපයක්ම සිදුව ඇති බව ප්‍රදේශවාසීන්ද චෝදනා කරා එල්ල කර තිබුන බවද එහි වැඩිදුරටත් සදහන්ය.
“ඡායාරූප ස්තුතිය – Dihan Lakshitha ( Veyangoda ) & Dinith Kanishka ( Warakapola )

නැගෙනහිර සියළු ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා යොදා ගැනේ …

0

නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

ඒ අනුව ත්‍රිකුණාමලය කප්පුල්තුරෙයි ආයුර්වේද රෝහලේ ඇඳන් 50ක් නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48ක් මඩකලපුව පුදුකුඩිඉරිප්පු රෝහලේ ඇඳන් 60ක් එරාවුර ආයුර්වේද රෝහලේ ඇඳන් 30ක් අම්පාරේ වේරන්ගොඩ රෝහලේ ඇඳන් 30ක් සහ අඩ්ඩාලඑචේන රෝහලේ ඇඳන් 30ක් ආදී වශයෙන් ඇඳන් 283ක් කොවිඩ් රෝගීන් රෝගීන් වෙනුවෙන් වෙන් කිරිමට නියමිතය.

ඉහල යන කොරෝනා ආසාදිතයන් හට ප්‍රතිකාර කිරිමට ඇති ස්ථානවල බරපතල අඩුවක් දැනටමත් රටපුරාම මතුව තිබේ.
ඒ නිසාම ඇතැම් ප්‍රදේශවල ආසාදිතයන් ලෙසින් හදුනාගත් අයට දින කිපයක් යනතුරුත් සිය නිවෙස්වල රැදි සිටිමට සිදුව තිබුන අවස්ථාවන් ගැනද වාර්තා විය

අවුරුදු සමයෙන් පසුව වාර්තා වූ රෝගීන් ගණන 18992 ක් ! ඊයේත් වැඩිම ආසාදිතයන් බස්නාහිරින් ..

0

රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා වත්මන් කොරෝනා රැල්ල අවුරුදු සමයෙන් පසු පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ.

ඒ අනුව දැනටමත් අවුරුදු සමයෙන් පසු කොරෝනා රෝගින් 18992 ක් වාර්තා වි තිබේ.
මේ අතර බස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

ඒ අනුව කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී සමස්ත ආසාදිතයන් 1939ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 42ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. ඉතිරි ආසාදිතයන් දේශීයව හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාත හැරුණු විට සෙසු පළාත් තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 635 කි.

‘මෝදි මහත්තයෝ, කරුණාකරල පැත්තකට වෙලා ඉන්න!!! “

0

” ඉන්දියාවේ මතවාදී ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත කළ බරපතල ඉල්ලීමක් විදෙස් පුවත් අඩවි වාර්තා කර තිබේ.

එහි පරිවර්තනය පහත දැක්වේ.”අපිට රජයක් ඕනෙ. දරුණු විදියට ඔව් සහතික වශයෙන් ම! අපිට රජයක් කියල එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැතිවීගෙන යනවා. අපි පණ අදිමින්. ඕනැකරන සම්පත් අතට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමුකරලා කළමනාකරණය කරන යාන්ත්‍රණයක් අපි සතුව නැහැ. මොනවාද ඔබට කරන්න පුලුවන්? මේ දැන් මෙතන දි? මේ කියන මොහොතෙ දි? අපිට 2024 උදාවෙනකං ඔහේ උඩබලාගෙන ඉන්න බැහැ. මොනම හේතුවක් නිසාවත්, මම වගේ මනුස්සයෙකුටත් අගමැති නරේන්ද්‍ර සිං මෝදිගෙන් ඉල්ලීම් කරමින් බැගෑපත් වෙන්න දවසක් ඒවි කියලා කිසිදවසක මං හිතුවෙ නැහැ.

පෞද්ගලිකවම එහෙම දෙයක් කරනවට වඩා මම බොහොම කැමතියි හිරේ විලංගුවේ වැටෙන්න. ඒත් අද වෙනකොට අපේ මිනිස්සු ගෙවල්දොරවල්වල, පාරවල් වීදි දිගේ, රෝහල්වල කාර් පාක්වල, විශාල නුවරවල්වල, පුංචි නගරවල, වනන්තරවල, ලැහැබ්වල මියයමින් ඉන්නකොට, බොහොම සාමාන්‍ය තනි සිවිල් පුරවැසියෙක් වුණු මම, මගේ උඩඟුබව අමාරුවෙන් ගිලගෙන, මිතුරු පුරවැසියො මිලියන ගණනක් එක්ක එකතුවෙලා ඉන්නවා, මෙන්න මේ දේ අගමැතිට පැහැදිලිව කියන්න. ‘කරුණාකරල මහත්තයෝ කරුණාකරලා, වදයක් නොවී පැත්තකට වෙලා ඉන්න. අඩුම ගානේ මේ මොහොතෙදිවත්. මම බැගෑපත්ව ඉල්ලනවා ඔබෙන්, මෙතනින් ඉවත්වෙන්න’ඔබ මේ නිර්මාණය කරමින් ඉන්නේ බරපතල අවධානම් තත්වයක්.

ඒක විසඳන්න ඔබට හැකියාවක් නැහැ. ඔබට පුලුවන් මේක තවත් ඔඩුදුවන මට්ටමට නරක් කරන්න විතරයි. මේ වයිරසය දිගටම වර්ධනය වෙන්නේ, භීතිය ගෙනෙන, වෛරක්කාරී, නූගත්කමක් ඇතිකරන පසුබිමක් බිහිකරමින්. එය වර්ධනය වෙන්නේ, ඒ ගැන කටඇරලා ඇත්ත කතාකරන්න එන මිනිසුන්ව බැඳලා හිරේ දාද්දි.

එය වර්ධනය වෙන්නේ, කිරිගහට ඇන්න වගේ ඇත්ත වාර්තාකරන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය විතරයි කියලා හිතෙන තත්වයක් වෙනකල් ම ඔබ ඉන්දියාවේ මාධ්‍ය පාලනය කරද්දි. වයිරසය වර්ධනය වෙන්නේ, මේ ගෙවුණු කාලේ ඇතුළත කිසිම අවුරුද්දක එකම දවසකදිවත් තමන්ගේ නිල කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් නොතියපු, ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න තරමේවත් හැකියාවක් ප්‍රගුණ කරලා නැති, මිනිස්සුන්ව හිරිවට්ටන භීතියක් දැනෙන හැඟෙන මේ මොහොතෙදිවත් එහෙම කරන්න හිතෙන්නෙ නැති අගමැති කෙනෙක් අපිට ඉද්දි.

ඔබ මේ මොහොතෙ ගියෙ නැත්නම්, සිය ගණනින් දහස් ගණනින් අපි ඔහේ මැරිලා යාවි, අහේතුකවම. ඒනිසා දැන්ම යන්න, ඔබේ උදාරම් බවයි, ගෞරවයයිත් එක්කම. ඔබට පුලුවන්, භාවනාවයි විවේක සුවයකුයි එක්ක විශිෂ්ට සැඳෑ සමයක් ඉදිරියෙදි ගතකරන්න.

ඔබට වුවමනාත් ඒ දේ කියලා නේද ඔබ ඔබටම කියාගත්තේ? හැබැයි ඒ දේ ඔබට ලබාගන්න වෙන එකක් නැහැ, මේ විදියට සමූහ මරණ දිගින් දිගටම වෙන්න ඔබ ඉඩඇරියොත්.

ඔබේ ස්ථානය ගන්න පුලුවන් බොහෝදෙනෙක් ඔබේ පක්ෂයේ ඉන්නවා. මිනිස්සු දන්නවා ඔවුන්ට මේ වෙලාවේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා එක්ක වැඩකරන්න වෙන විත්තිය.

ඔබේ පක්ෂයෙන් ඊළඟට එන පුද්ගලයා කවුරු වුණත්, ඔහුට සිද්ධ වේවි අදාළ සංවිධානවල අනුමැතිය එක්ක, මේ අර්බුදය පාලනය කරන්න පත්කරපු කාරක මණ්ඩලය සහ ආණ්ඩුව මෙහෙයවන නායකයා වෙන්න.ප්‍රාන්තවල අමාත්‍යවරුන්ට පුලුවන් නියෝජිතවරුන් කිහිපදෙනෙකු පත්කරගන්න, මොකද එතකොට හැම පක්ෂයක්ම නියෝජනය වෙන බව ඔවුන්ට දැනෙයි.

කොංග්‍රසය ජාතික පක්ෂයක් වීම නිසාම, ඒ කමිටුවේ රැඳී සිටින්න ඔවුන්ට හැකිවෙනවා. ඉන්පස්සේ විද්‍යාඥයො, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු, පළපුරුදු රාජ්‍ය නිලධාරීන් කියන මේ සියල්ලොමත්. මේ කියන දේ පැහැදිලිව ඔබේ ඔලු ගෙඩියට යන එකක් නැහැ.

ඒත් මෙන්න මේකටයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නෙ. ඔබට බැහැ ප්‍රතිවාදී පිලක් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වගෙන යන්න. රටවැසියො තලාපෙළන දුෂ්ට පාලනයක් කියලා කියන්නෙ ඒවගේ පාලනයකටයි.

මේ කොරෝනා වයිරසයත් හරි ආසයි දුෂ්ට ආණ්ඩුවලට.ඔබ ඒ දේ මේ මොහොතේ කළේ නැත්නම්, පේන විදියට මේ වසංගතය ජාත්‍යන්තර අර්බුදයක් දක්වා දිගට හරහට වර්ධනය වෙනවා. එය මුළු ලෝකයට ම තර්ජනයක්. ඔබේ වැඩබැරියාව නිසා අනෙක් රටවල්වලට නීත්‍යනුකූල අවස්ථාව උදාවෙනවා අපේ රටේ කටයුතුවලට අත පොවන්න උත්සාහ කරන්න, අපිව මෙහෙයවන අයිතිය ලබාගන්න.

රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් අපි කරන මේ දැඩි සටනට එය අගතියක්. එයින් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ සූදානමට එකඟවීමක්. ඔවුන් කැමතිකරගැනීමක්. මෙහෙම ගිහින් අපි ආයෙමත් යටත් විජිතයක් වේවි. ඒකයි වෙන්න පුලුවන් දේ. ඒනිසා මේ දේ සුළුවෙන් තකන්න එපා.ඒනිසා, කරුණාකරලා යන්න.

ඔබට මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳ ම වගකීම් සහගත ම දේ එයයි. මහත්තයෝ, ඔබට ‘අගමැති’ය කියල කියන්න තිබුණු අයිතිය ඔබ නැතිකරගත්තා!”:

පරිවර්තනය – ඩිල්ෂානි චතුරිකා දාබරේ: ඉංග්‍රීසි ලිපිය – ස්ක්‍රොල්.ඉන් වෙබ් අඩවියෙනි(https://scroll.in/…/arundhati-roy-we-need-a-government)

ධිවර ප්‍රජාව නිසා ඉන්දීය වෛරසය ලංකාවට පැමිණිමේ අවධානමක් ?

0


ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි

මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ  පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී ඔහු මේ බව කියා තිබුණි.

රට ධීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධකම් පැවැත්විමේ ඇති ප්‍රවණාතවයන් නිසා මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදි සදහන් කර තිබේ

කොවිඞ් වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මතුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.