Wednesday, September 25, 2024
Home Blog Page 44

සුළඟ සහ කොරෝනා ගස්ලබු ගොවියෙකුව අසරණ කළ හැටි…

0

උතුරු නෙඩුන්කර්නි, වවුනියා හි ඔලුමාඩු හි 29 හැවිරිදි ඩුරාසා තමිල්චෙල්වන් නම් ගොවියා අයහපත් කාලගුණය මෙන්ම කොරෝනා තත්වය තමන්ව අසරණ කළ හැටි කියයි .
සිය පැපොල් වගාව සුළඟින් සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් පසු ඔහුගේ ජීවනෝපාය අහිමි වී තිබේ. මෙවර ඔහු තම ගෙවත්තේ පැපොල් 1000 දහසක් තිබුණ අතර මේ දක්වා පලතුරු 5 වතාවක් පමණක් අලෙවි කර තිබුණි.

එහෙත් පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් . ඔහුගේ ගස් ලබු ගස් 600 කට වැඩි ප්‍රමාණයක් දැඩි සුළඟින් මුලිනුපුටා දමා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ලක්ෂ 20 ක් පමණ අහිමි ව ගොස් තිබේ.

කොරෝනා තත්වය හමුවේ පැවැති සංචරණ සිමා නිසා පැපොල් ගස් සියල්ලම ගෙඩි වලින් පිරි තිබුන බවත් ඒ නිසාම දැඩි සුලඟින් ගස්ලබු ගස් විශාල ප්‍රමාණයක් බිමටම ඇදි ඇතැයි ඔහු කියයි
මුලාශ්‍රය – යාල්වොයිස්

කෝවිඩ් එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වලට පමණයි! – අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නොසලකා හරියි

0

කෝවිඩ් මර්ධන එන්නත අද හා හෙට දිනවලදී වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට තීන්දුකර ඇති ආණ්ඩුවේ බලධාරීන් එවැනිම අවධානමකට ලක්ව සිටින සෞඛ්‍ය සේවයේ අනෙකුත් සාමාජිකයින් නොසලකා හැරීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) හා පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩලයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.    එම සංවිධාන දෙකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් තම සංවිධානවල මතය මේවනවිට ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.   ආණ්ඩුවේ බලධාරීන් කෝවිඩ් මර්ධන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට තීන්දුකර ඇත්තේ, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ (GMOA )ඉල්ලීම මතය.  

පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩල සභාපති රවී කුමුදේශ් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමට උත්සහ දරනු ලැබුවහොත් නැවත නොදන්වා ඒ මොහොතේ සිටම අනෙකුත් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ එක්ව සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.  

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

  ”කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගෝලීය සීමාන්තික සාධකයකි. එය ශ්‍රී ලාංකීය පුරවැසියන්ටද වඩාත් තදින් දැනෙන කාරණයක් වුවද රටට ලැබෙන සීමාසහිත එන්නත් ප්‍රමාණය වසංගතය පාලනයේ වුවමනාවන්ට අනූව ප්‍රමුඛතා අනුපිළිවෙලකට ලබා දීම ඉතා වැදගත්ය.    ඒ අනූව එන්නත් වල පළමු ප්‍රමුඛතාවය සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමේ වාසිය රටක් ලෙස අප මේ මොහොතේ බුක්ති විඳිමින් සිටින්නෙමු.

  කෙසේ නමුත් එන්නත් ලබා දීමේදී වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වල සාමාජිකයන්ට විශේෂතාවයක් දක්වමින් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබාදී ඇති බවත් අප වෙත වාර්තා වී ඇත.    එසේම ස්පුට්නික් V වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ඉතා සුළු ප්‍රමාණයක් රටට ලැබී ඇති බවත් එම එන්නත් ඉහත අවශ්‍යතාවය සඳහා පමණක් භාවිතා කිරීමට උත්සහ දරමින් සිටින බවත් අප වෙත වාර්තා වේ.    

රටේ ඕනෑම පුරවැසියෙකු තමන්ට හෝ තම පවුලේ සාමාජිකයාට එන්නතක් ලබා දීම සඳහා තම තමන්ගේ සියළු හැකියාවන් භාවිතා කිරීම රෝගයකින් ගැලවීමට දරන අසාධාරණ උත්සහයක් නොවනු ඇත. නමුත් පරිපාලනමය වශයෙන් අදාල තීන්දු ගන්නා වෛද්‍ය නිළධාරීන් තම වර්ගයාට වඩා වැඩි සැලකිල්ලක් සිදු කිරීම සඳහා එන්නත භාවිතා කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු.     

එසේම සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල් වල සමාජිකයන් මේ මොහොතේ නිරායාසයෙන්ම සුවිශේෂ අවධානමකට ලක්වී ඇති කණ්ඩායමක් වන බැවින් රටේ පවතින එන්නත් ප්‍රමාණයද සැළකිල්ලට ගෙන ඊට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සාධාරණීකරනය කළ හැකි වුවද එම අවධානම ආරක්ෂක අංශය, සනීපාරක්ෂණ අංශය ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා වූ සියළු කාර්ය මණ්ඩලයේ පවුල් වල සාමාජිකයන්ට එක හා සමානව බලපැවැත්වෙන අවධානමක් මිස එක වෘත්තියකට පමණක් සීමා වන අවධානමක් නොවන බව අවධාරණය කරමු.  

උක්ත කරුණු පිළිබඳ ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරමින් අසමාන සහ අසාධාරණ ලෙස වෛද්‍ය පරිපාලනය විසින් ගෙන ඇති ඉහත තීන්දුව අහෝසි කිරීමට හෝ සියළු කාර්ය මණ්ඩලයන්ට පොදු තීන්දුවක් ලෙස හෝ ක්‍රියාත්ක කිරීමට වහා පියවර ගන්නා ලෙස කාරුණිව ඉල්ලා සිටිමු.    එසේම කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමට උත්සහ දරනු ලැබුවහොත් නැවත නොදන්වා ඒ මොහොතේ සිටම අනෙකුත් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ එක්ව සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.”    MoH

වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එන්නත විදින ස්ථාන       විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් රජයේ බලධාරීන් වෙත යොමුකර ඇති ලිපිය හා මාධ්‍ය නිවේදනය  පහත පළවේ.

ams pp
AMS

theleader.lk

ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගයත් ලංකාවට ????

0

ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ

( මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවියෙන්/ නිව්ස්වයර් )

ෆේස්බුක් සටහනක් දැමු කොමසාරිස්වරයකු අත්අඩංගුවට

0

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.   ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දැනුම්දී ඇත්තේ ෆේස්බුක් අවකාශය තුළ සිංහරාජ වනාන්තරය සම්බන්ධ සිදුවිමක යම් පුවතක් මීට මාස කිහිපයකට පෙර  ෂෙයා (SHARE) කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගන්නා බවයි.   ඔහු මීට පෙර හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද කටයුතු කරන ලද අත්දැකීම් සහිත ප්‍රවීන පරිපාලන නිළධාරියෙකි.  

6254340886381215 n 1

    ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත මේවනවිට නිකුත් කර තිබේ.    ඒ අනුව, කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම හේතුවෙන් වෛද්‍ය චමල් සංජිවට එරෙහිවද හෙට දිනයේ විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.  

Untitled 4

වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය   මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය  අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් බවයි.   කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.   නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු  සීතා රංජනී සහ ලේකම් ලසන්ත ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.    මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්‍යයට  විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ද බාධා කරයි.     එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියට ද අහිතකර බලපෑම් ඇති කරයි.    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී  ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය.    එහෙයින් යල් පැනගිය ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.   කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය  ක්ෂේත්රයේ විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු, ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි.    සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවැරැදිව ක්‍රියාත්මක නොවේ නම් ජනතාවට, රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට  නිවැරැදි මඟට ගැනීම කළ යුතුය.    රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට සත්‍ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත.     එහෙයින් මාධ්‍ය වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  අවධාරණය කර සිටී.”

Fb

theleader.lk

කොරෝනා මරණ 44 ක් ? වාර්තා වු වැඩිම මරණ ගණන ඊයේ වාර්තා වෙයි !

0

කොරෝනා වෛරස් ආශ්‍රිත මරණ 44 ක් මැයි 21 වනදා වාර්තා වූ අතර එය ශ්‍රී ලංකාවේ වාර්තා වූ ඉහළම තනි දිනයක මරණ සංඛ්‍යාව බවට මේ වන විට පත්ව තිබේ.
ඒ අනුව මේ වන විට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දැන් 1132 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, කෝවිඩ් රෝගීන් 3547 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණි.
මේ වන විට 3000 ඉක්මවු ආසාදිත රෝගින් ගණනක් නොකඩාවාම වාර්තා වෙමින් තිබේ
මේ පසුබිම තුල දින 14 කට රට වැසිය යුතු බවට ප්‍රබල මතකයක් දැනටමත් ප්‍රධාන වෛද්‍ය සංගම් විසින් මතුකර තිබුණද රජය එයට නෑසු කන්ව සිටින බව පෙනේ





සෞඛ්‍ය නීති අනුගමනය නොකළ මාරවිල ආයතනයකට දැඩි අවවාද ?

0

කොරෝනා තත්වය කොයිතරම් නම් මරාන්තික බව රටපුරා ඇති යථාර්තය විසින්ම පෙන්වා දෙමින් තිබුණද බොහෝ ආයතන සිය සේවකයන්ගේ ජිවිත වල ඇති අවධානම ගැන සිතා මේ මොහොතේ කටයුතු කරන බවක් නොපෙනේ.

ආර්ථිකමය ව්‍යාපාරික කටයුතු සිදුකළ යුතුව ඇත්තේ දැඩි විනයගත සෞඛ්‍ය ප්‍රතිපදාවන් තුලය. එසේ නොවි ලැබෙන ලිහිල යනු විනාශයක්මය.



මාරවිල පොලිස් වසමේ හත්තිතිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පොල් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවකයන් නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් එහි සේවයේ යෙදෙන බවට මාරවිල පොලිසියට ලද තොරතුරක් මත පසුගියදා මාරවිල පොලිසියේ නිලධාරීන් විසින් කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක් කරන ලද බව දිණිමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් සේවය කර තිබේ. මෙහිදී නියමිත පුද්ගල දුරස්ථභාවය, මුඛ ආවරණ නිසි ලෙස පැලඳීම ආදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් සේවකයන් සේවයේ යෙදී සිට ඇත. එම සේවකයන්ට දැඩි ලෙස අවවාද කර ඇති අතර මෙසේ සෞඛ්‍ය නීති රීති පිළිනොපැද ඉදිරි දිනවලදී සේවකයන් සේවයේ යෙදී සිටියහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනා බවට එහි කළමනාකරුට ද පොලිස් නිලධාරීන් දැඩි ලෙස අවවාද කර ඇති බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මින් පෙනි යන එක් කරුණක් වන්නේ අද රටපුරා සිය ගණනින් වාර්තා වන ඇතැම් කම්හල් වල පවා අදාල සෞඛ්‍ය නීති රිති සැබැවින්ම ක්‍රියාත්මකව තිබුනේ ද යන්නයි.
මේ ගැන දැඩිව අදාල සියළු අංශ කල්පනා නොකරන්නේ දැනටමත් අප හමුවේ ඇති මේ බියකරු තත්වය කිසිදා නිමාකර ගත නොහැකි වනු ඇත

ඔක්තෝබර් වන තෙක් ඉන්දිය එන්නත අපනයනය කිරිම නවති!

0

ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවට, රට තුළ එන්නත් අවශ්‍යතාව සැපිරීමට ඇති හෙයින් අපේක්ෂා කළාට වඩා ප්‍රමාදයක් වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කෙරෙන ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහනට එන්නත් මාත්‍රා සැපයීම ද ප්‍රමාද වනු ඇති බවත් මේ හේතුවෙන් ගෝලීය එන්නත් වැඩසටහන ද දරුණු  එන්නත් හිඟයකට මුහුණපානු ඇති බවත් වාර්තා වේ.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන සේරම් ආයතනය පිහිටා ඇත්තේ ද ඉන්දියාවේ ය.

මේ වසර අග වනවිට ‘කොවැක්ස්’ වැඩසටහනට සහ අනෙක් රටවලට එන්නත් අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සේරම් ආයතනය සඳහන් කරයි.

“ඉන්දීය ජනතාවගේ ජීවිත අනතුරේ හොබවා අපි එන්නත් අපනයන නොකරන බව නැවත නැවතත් කියන්න අවශ්‍ය යි. ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා අපි කරන්න පුළුවන් හැමදේම කරනවා” යැයි සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
මුලාශ්‍රය – ලංකාදිප

උතුරේ ගුණ සමරු වලට එරෙහිව ත්‍රස්ත නීති, දකුණේ රණවිරු සමරු

0

යුද්ධයෙන් මියගිය ආදරණීයයන් සමරන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව නිරෝධායන තහංචි වලට අමතරව පොලිසිය හා හමුදාව යොදා ඇති ආණ්ඩුව දකුණේ රණවිරු උත්සව ජයට පැවැත්විය.   මියගිය සමීපතමයන් අනුස්මරණය කරන දෙමළ ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගන්නා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ දෙමළ දේශපාලනඥයකුට උතුරේදී  බාධා කර ඇත්තේ ශාරීරික හිරිහැර සිදු කරමිනි.  

යුද්ධයේදී මිය ගිය දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහි කරමින් උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකම ආරක්ෂක අංශවල බාධා මධ්‍යයේ  පහන් දැල්වෙද්දී කාන්තාවන් ඇතුළු දෙමළ ජාතිකයන් දස දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.   

මිය ගිය සමීපතමයන්ට කල්කුඩා මුහුදු වෙරළේදී උපහාර දැක්වූ ඔවුන් දසදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමිනි.   සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 දී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය වෙත මලින් පහනින් උපහාර දැක්වීමට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ට සන්නද්ධ  යුද හමුදා සෙබළුන් දෙදෙනකු මැයි 18 අඟහරුවාදා හිරිහැර කරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.   මිය ගිය සමීපතමයන්ට උපහාර දැක්වීමට ගෙන ආ පුජා භාණ්ඩ උදුරා ගැනීමට හමුදා සාමාජිකයන් එහිදී උත්සාහ දරන දකින්නට ලැබුණි. යුද හමුදාවට නීතිය හා සාමය සම්බන්ධ සිද්ධීන්ට මැදිහත්වීමට අයිතියක් නැති බව ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු වන සිවාජිලිංගම් එහිදී අවධාරණය කළේය.   “පොලීසියට එන්න කියන්න. මට ගහන්න එපා,” යි හමුදා බාධා කිරීම් වලක්වන්නට උත්සාහ කරමින් 63 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා පවසන අයුරු වීඩියෝ ගත වී තිබේ.   පසුව පොලීසිය පැමිණ හිටපු මන්ත්‍රීවරයා නිදහස් කර තිබුනේ ඔහුගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවය.    

යුද්ධයෙන් මරා දමනු ලැබුවන් අනුස්මරණය කරන උතුරු නැගෙනහිර දෙමළ පුරවැසියන්ගේ අයිතිය වසංගතය මුවාවෙන් විවිධාකාර හිරිහැර කර උදුරාගන්නා ආරක්ෂක හමුදා විසින් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකයා ඇතුළු දේශපාලකයන් සමග එක්ව ඊට පසුදා කොළඹදී යුද ජයග්‍රහණ සමරුවක් පැවැත්වීම එම්.කේ සිවාජිලිංගම්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.   

“මේ රටේ ඉන්නේ දෙජාතියක් කියලයි ආණ්ඩුව කියලා තියෙන්නේ”   මැයි 19 බදාදා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේ, උතුරේ ජනතාව වර්ග සංහාරයකින් මියගිය දෙමළ වැසියන් සමරද්දී, මැරුනු කොටි සමරන බවට දකුනේ සිංහල මාධ්‍ය ආයතන බොරු ප්‍රචාර දියත් කරන බවටයි.  

“මැයි මාසේ 18 වැනිදා ලක්ෂයකට වැඩිය කට්ටිය 1948 ඉදලා මැරිලා තියනවා. ශ්‍රී ලංකා රජයේ හමුදාව තමයි මේ අපේ දෙමළ ජනතාව මරලා දැම්මේ. ඒක මැරිච්ච කට්ටිය තමයි අපි සමරන්න බලන්නේ.”  

යුද  ජයග්‍රහන සැමරීමට ආණ්ඩුවට අයිතිය පවතින ආකාරයෙන්ම මිය ගිය සමීපතමයන් සැමරීමට උතුරේ ජනතාවටත් අයිතියක් ඇති බවයි එම්.කේ සිවාජිලිංගම් පවසන්නේ.   

“එතන සමරනවා නම් මේ අයිතිය අපිටත් තියනවා. ඒ යුද්ධ ජයග්‍රහන කරනවානම් මැරිච්ච මිනිස්සුන්ටත් අපිටත් සමරන්න  අයිතිය තියෙන්න ඔන, ”   යුද්ධයේදී මිය ගිය යුද හමුදාවේ සාමාජිකයන් සම්බන්ධයෙන්ද හිටපු මන්ත්‍රීවරයා කනගාටුව පළ කළේය.   මිය ගිය සාමාන්‍ය දෙමළ ජනතාව සැමරීම කොටි සමරන බවට අර්ථකථනය කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගැනීම වැරදි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ.   මඩකලපුවේදී ඊයේ දිනයේ දස දෙනකු අත්අඩංගුවට ගන්නා ලද්දේ එකම ස්ථානයකින් වුවද ඔවුන් රඳවා තබා සිටින්නේ පොලිස් ස්ථාන තුනකය.   සිව් දෙනකු එරාවුර් පොලිස් ස්ථානයේත්, තවත් සිව් දෙනෙක් වාලච්චේන පොලිස් ස්ථානයේත් අනෙක් දෙදෙනා කල්කුඩා පොලිස් ස්ථානයේත් රදවා ගනිමින් තව දුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.  

sdfsdfer
dfsdftt56

    “ජාතික රණවිරු දින උත්සවයේ සජීව විකාශය”  පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරක භූමියේ පැවැත්වෙන ආකාරය ජනාධිපති ගෝඨාභය සිය මුහුණු පොත හරහා සජීවිව විකාශය කර තිබුනි.    උතුරු නැගෙනහිර සැමරුම් නැවැත්වීමට අධිකරණ නියෝග ලබා ගත් ශ්‍රී ලංකා පොලීසිය එම උත්සවය නැවැත්වීමට අධිකරණ තහනම් නියෝග  ඉල්ලා සිටි බවක් මේ වන තෙක් දැනගන්නට නැත.  
 
 එම්.කේ සිවාජිලිංගම් උපහාර දැක්වීමට උත්සාහ කළ යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය පිහිටුවා ඇත්තේ දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවති සිව්වැනි ජගත් දෙමළ සමුළුවට පොලිසිය විසින් පහරදීමෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහාය.  

  දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි එස්. කේ චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය.    සමුළුව කොළඹ පවත්වන ලෙස බල කරමින් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළ බාධා නොතකා යාපනයේම එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධායකයෝ සමත් වී සිටියහ.  

 ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි.    පොලිසිය වෙඩි තැබීමෙන් කඩා වැටුනු විදුලි රැහැන් ද ප්‍රහාරයෙන් බේරීමට පලා යන පිරිස් මත ඇද වැටී තිබේ.    පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දමන ලද  අතර නගරය අවට දේපල විනාශ වී තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ.     පොලිසිය සේවයක් මිස බලකායක් නොවේ:

1974

  සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසම තීන්දු කර තිබුනේ පොලිසිය තම රාජකාරිය නිසි පරිදි අවබෝධ කර නොගෙන දියත් කළ ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි බවයි.  

“තමන්ගේ රාජකාරිය ඇත්තේ පොලිස් සේවයක මිස පොලිස් බලකායක නොවන බව පොලිස් නිලධාරීන් වටහා ගත යුතුයි,” යනුවෙන් ‘ජනවාරි 10 ඛේදවාචකය’ නම් කොමිසන් වාර්තාව පවසයි.   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ කොමිසම 1974 පෙබරවාරි 18 දින ප්‍රකාශයට පත් කළ වාර්තාවේ මෙසේද දැක්වේ.  

“නිරායුද පුරවැසියන්ට මේ රාත්‍රියේ (1974 ජනවාරි 10) ප්‍රචණ්ඩ සහ අනවශ්‍ය ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වරදකාරී වන බව අප විසින් එළැඹි නොවැලැක්විය හැකි නිගමනයයි. ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි. ශාරීරික හානි සහ දේපල හානි සිදුවූයේද, ජීවිත හානි සිදුවූයේද, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත්  වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහිංසක පුරවැසියන් මත්තේ මුදාහරින ලද පොලිස් ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැක.”


theleader.lk

ආනාරක්ෂිත දුම්රිය මරුකපොල්ලක තවත් අනතුරක් ..

0



(KATUNAYAKE) කටුනායක සරත් මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මගේ ධාවනය කළ තී්‍රවිලර් රථයක් විසිවනදා පෙරවරුවේ මීගමුවේ සිට පැමිණි දුම්රියේ ගැටීමෙන් තී්‍රවිලර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් එක් අයෙක් රොහල් ගතකර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ විසිවනදා පෙරවරු දහය පසුවී මිනිත්තු හතලිස් පහට පමණ මීගමුවේ සිට කොළඹ බලා ධාවනය කෙරණු දුම්රියේ ගැටීමෙනි. මියගොස් ඇත්තේ 58 වු වැලිහේනේ පදිංචි කරුවෙකි. පිටුපස අසුනේ සිටි පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති බව කටුනායක පොලීසිය පවසයි. පසුව තුවාල කරුව මීගමුව රෝහල වෙත යොමුකර තිබේ.


අනතුරට පත් තී්‍රවිලර් රථය පැඳවූ රියදුරු ගේ හිසට දැඩි හානි සිදුවී එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බවද අනාවරණයවේ. මෙම දෙදෙනා විවිධ භාණ්ඩ ඩිලිවරි යන දෙදෙකේ බවද පොලීසීය කීය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ ගේට්ටුවක් තිබුණත් එහි ක්‍රියාකරුවන් සේවය කරන්නේ දහවල් දෙකේ සිට පස්වරු හය වනතුරු බවයි. ඉතිරි වැඩ මුර දෙකටම ගේට්ටු මුරකරුවන් නොමැති බවත්ය. වාහන වලට දුම්රිය හරස් මගටම පිවිස දෙපස බැලීමට සිදුවී ඇත. සරත් මාවත ඉතා පටුමාර්ගයක් හෙයින් තවත් අනතුරට හේතුවක් වන බව ප්‍රදේශයේ ජනතාව පවසයි. මෙම ස්ථානයට විදුලි සඥා පුවරුවක් අත්‍යාවශ්‍ය බවත් මෙම ස්ථානයේ මේ වන විට විශාල පිරිසක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති ස්ථානයකි.

මින් ඉදිරියට තව තවත් මෙම ස්ථානයේ දුම්රිය අනතුරු විමට ඉඩ හැර බලා නොසිට මෙම තත්වයට වගකිවයුත්තන් ගේ අවදානය යෝමුකර දෙන මෙන් ප්‍රදේශ වාසීන් වගකිවයුත්තන් ගෙන් ඉල්ලීමක්ද කරසිටී.

මෙම දුම්රිය හරස් මග මරුකපොල්ලක් වන බව ප්‍රසිද්ධ කරුණකි. මෙම ස්ථානයට කලර් ලයිට් සහිත ගේට්ටුවක් අවශ්‍ය බව ප්‍රදේශයේ ජනතාව මින් ඉහත කීපවතාවක්ම උත්ඝොසන පවා සිදුකර ඇති ස්ථානයකි. වගකිව යුත්තන්ව දැනුවත් කර තිබුනත් මේදක්වා කිසිදු ප්‍රථීඡාරයක් නැති බවද ප්‍රදේශ වාසීන් පවසා සිටී.

මෙම අනතුර පිලිබඳව කටුනායක පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
( සීදූවේ විජිත )

ඇමති සුදර්ශණි ඇත්තම කියයි .

0

සුදර්ශණ් ඇත්තම කියයි යන ශිර්ෂ පාඨය යොදා තිබුනේ ada.lk වෙබ් අඩවිය විසින් අද පවතින යථා තත්වය ගැන ඇමති සුදර්ශණි විසින් පළකොට තිබුන අදහස් ගොනුකළ පුවතකටය.
ඉන් කියැවෙන වැදගත් කරුණක් තිබේ.
එනම් අනික් බොහෝ මැති ඇමැත්තන් ඇතුළු තවත් ලොක්කෝ ඇත්තම කථා නොකර බවය.
ඇත්ත තිත්තය. එහෙත් ඇත්ත දකින්නේ නැතිව එයට වංගුවක් ගයා යාමට නොහැකි තැනකට අප අද පත්ව සිටිමු.
ඒ තුල ඇමති සුදර්ශණිගේ මේ මැදිහත්විම සැබැවින්ම අගනේය.

ඇය විසින් පළකරන්නට යෙදුන අදහස් ada.lk වෙබ් අඩවිය විසින් මෙසේ සාරංශගත කොට තිබුණි …

කොවිඩ් නව ප්‍ර භේදය වේගයෙන් පැතිර යන බවත් මරණ වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

වසංගතය පාලනය කිරීමටනම් ජනතාව සති දෙකක කාලයක්වත් ගෙදරට වී සිටිය යුතු බවත් ඇය සඳහන් කළාය.

“මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා.

ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්.

මේ අයගෙන් තවමත් රෝගය සමාජය තුළ පැතිරීමක් සිදුවෙනවා. අලුත් ප්‍ර භේදය සීඝ්‍රයෙන් පැතිරෙනවා. මරණ වැඩි වෙලා තිබෙනවා.

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න.

එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.

 මේක වසංගතයක් ඒක වසන් කළොත් අපිත් වසන් වෙලා යයි”
මුලාශ්‍රය ada.lk වෙබ් අඩවිය