Wednesday, September 25, 2024
Home Blog Page 43

හොදටම කරපු අගමැති සහ ලෝකෙටම පචවුණ ජනපති ….

0

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

නවසීලන්තය වෙත තවත් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියා යැයි වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය.

“එන්නත ලබාදීමේදී අවදානම් සහිත කණ්ඩායමේ සිටින අයට ප්‍රමුඛතාව ලබාදීම වැදගත් බව, මට අනුව මා දකිනවා.” ආර්ඩෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය පවසා තිබුණි

“කෙසේ වෙතත් මේ අවස්ථාවේදී එන්නත ලබාදීමට මාවද තෝරාගෙන ඇත්තේ, එන්නත ආරක්ෂිත බව නවසීලන්ත ජනතාවට පෙන්වීමට ආදර්ශයක් දීම සඳහා මෙන්ම, මගේ කාර්යභාරය ඉටු කිරීමේදී අන් අයව ආරක්ෂාකාරීව තබා ගැනීමද ඇත්තෙන්ම තීරණාත්මක නිසා යැයිද ඇය පැවසුවාය.

ෆයිසර් විසින් ඇස්තමේන්තුගත එන්නත් මාත්‍රා මිලියනයක් ජූලි මාසයේදී නවසීලන්තයට ලබාදීමට සැලසුම් කර ඇති බවද ආර්ඩෙන් පැවසීය.

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ලොව වඩාත්ම සාර්ථක වූ පැසිෆික් දූපත් රාජ්‍ය වන නවසීලන්තය, මේ වනවිට එරට මිලියන 5ක ජනගහනයෙන් 250,000කට පමණ එන්නත් ලබා දී අවසන්ය.

දැනට එරට තුළ දෛනිකව එන්නත් මාත්‍රාවන් 20,000ක් පමණ පරිපාලනය කෙරෙන අතර, ෆයිසර් එන්නත් තොගය පැමිණීමත් සමග එම වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි ආර්ඩෙන් පැවසීය. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වැඩසටහනේ උපරිමයේදී දෛනිකව එන්නත් මාත්‍රා 50,000ක් ලබාදෙන බව ඇය පැවසුවාය.

නවසීලන්තයේ 2020 වසරේ මුල සිට මේ දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 2,336ක් සහ වසංගතය ආශ්‍රිත මරණ 26ක් පමණක් වාර්තා කර ඇත.

මේ අතර මම තමයි හොදටම කළේ යැයි කියා සිටි ශ්‍රිලංකා ජනපති මේ වන විට ඒ ප්‍රකාශය නිසාම දැවැන්ත සමච්චලයකට පත් වෙමින් තිබේ.
දුපත් රාජ්‍යයක් වු නවසීලන්තය හොදටම කරමින් රටත් ජනතාවත් බේරගනිද්දි දුපත්ක්වු ලංකාවට එසේ කරන්නට බැරිවුනේ උද්දච්ච පණ්ඩිතයන් පිරිසක් රටෙ සිටිම නිසා බව දැන් වඩාත් පැහැදිලිය.
ඒ ශාපයට දැන් රටේ ජනතාව ජිවිතවලින් වන්දි ගෙවමින් සිටිති.
මෙවැන් උද්දච්ච පාලකයන්ට පාවඩ එළි සියළුම ආගම්වල නායකයන්ට මේ ශාපයෙන් නම් ගැලවිමට නොහැකි යැයි නම සදහන් කිරිමට අකමැති ප්‍රගතිශිලා කිතුණු පියතුමෙකු වෙබ්නිව්ස් වෙබ් අඩවියට කියා සිටියේය

රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වුනේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින්ද ?

0

වත්මන් රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ලොක්කෙකු පසුගිය දා ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ මැරම් කැවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් බවය.රජයේ ලොකු වගකිමක් දරන සෞඛ්‍ය ප්‍රධානියෙකු වන මේ තැනැත්තා ඉන් අගවා තිබුනේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් නම් ඝාතනය කළාට කමක් නැති බව නොවේද ?


කෙසේ වෙතත් පසුගිය රාජපක්ෂ පාලනය තුල ස්වයං වාරණයකට ලක් නොවු ඇත්ත ලෝකයා හමුවේ තැබිමට වැඩිම අවදානම් දරු මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අතිබහුතරයක් සිටියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලය.

ඒ නිසාම රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි (JDS )ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ගොනු කර ඇති ලයිස්තුවේ සිටින මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 කි.
ඉන් 41 දෙනෙකුම දමිළ ජාතිකයන්ය.


මේසේ ඝාතනයට ලක්වු අතිබහුතරයන් දමිල මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකිරිමට පසුගිය යහපාලන රජයට පවා බැරිවිම කිසිසේත්ම සමාව දිය නොහැකි බරපතල කරුණක්ව තිබේ.

dav



කෙසේ වෙතත් දකුණේ අති බහුතරයන් සමාජ දේශපාලන ක්‍රියාකාරින් හා සංවිධාන පවා , රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු දමිල මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණය සිය න්‍යාය පත්‍රවල අංක එකට කිසි දිනක තබා තිබුණේ නැත.
උතුරු නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණ යනු දකුණේ මාධ්‍ය සංවිධානවල මේසය මත තබන කේක් ගෙඩියේ අසින් මෙන් විය.
ඒ සංවිධාන විසින් සංවිධානය කරනු ලබන විවිධ සාකච්ජාවලට කථා මේසයට දමිල මාධ්‍යවේදියෙකුද සිටි නම් ඉන් සෑහිමකට පත්විමට මේ බොහෝ දෙනා කටයුතු කර තිබුන අයුරු අපට මතකය.

දැන් යළිත් වටයකින් මාධ්‍ය මර්ධනය පොලිස් නිතිය ඉදිරියට දමා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සිදුවෙමින් තිබේ.දකුණ කරාද එය ක්‍රමයෙන් ඇතුලු වෙමින් තිබේ.

රාජපක්ෂ පාලනය විසින් පළමු වරට මාධ්‍යවේදියෙකුගේ ජිවිතය බිලිගත් සිදුවිම වාර්තා වුයේ 2006 ජනවාරි 5 වෙනිදාය.

එදා රාජපක්ෂ පාලනයේ හමුදාව විසින් තරුණයන් 5 දෙනෙකු ත්‍රිකුණාමලයේදි ඝාතනය කර තිබුණි.



දකුණේ ජනමාධ්‍යයන් විසින් මේ ඝාතනය ගැන අතේ රෝල් ලියමින් හමුදාවට ගහන්නට ගෙනා අත්බෝම්බයක් පිපිරි යැමෙන් මේ සිසුන් ඝාතනය වු බව කිවේය.
එහෙත් එදා ත්‍රිකුණාමලයේ සිටි එක් ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදියෙකු දකුණේ අතේරෝල් මාධ්‍ය පචයන්ටද අභියෝග කරමින් මේ සිසුන් 5 දෙනා ඝාතනය වි ඇත්තේ වෙඩි තැබිමකින් බව ඡායාරූප සාක්ෂි සහිතවම ඔප්පු කර පෙන්වා දෙන ලදි .
සුගිර්තරාජන් නම් වු මේ මාධ්‍යවේදියාට මේ හෙළිදරව් කිරිම නිසාම 2006 ජනවාරි 24 වෙනිදා සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවිය.

රාජපක්ෂලාගේ මිනිමරුවන් විසින් ඔහුව වෙඩිතබා ඝාතනය කර තිබුණි.
තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් යැයි අර සෞඛ්‍ය ලොක්කා හදුන්වා දි තිබුණේ සත්‍ය වෙනුවෙන් සිය ජිවිත වලින්ම වන්දි ගෙවු ශේෂ්ඨ පිරිසක් බව රාජපක්ෂ පාලනයේ තනතුරු බුදින බත්බැලයන් නොදන්වා විම අරුමයක් නොවේ.

සත්‍ය වෙනුවෙන් ජිවිතය පවා පූජා කරමින් මාධ්‍යකරණයේ යෙදුන අභිත මාධ්‍යවේදින්ගෙන් පිළිබදව කරන ලද අමන ප්‍රකාශය ගැන දකුණේ මාධ්‍ය සංවිධාන විසින් රාජපක්ෂ බත්බැලයන්ට සමාව ගන්නට යැයි කියා සිටිමද සැබැවින්ම තවත් නිගරුවකි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු අත්අඩංගුවට

0

 අන්තර් ජාලය තුළ අසත්‍ය පැතිරුවේ යැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරි කුරුවිටගේ මැතිව් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.  

ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි යන නිවේදනයක් පළකලේ යැයි යන චෝදනාව මත ඔහු මෙසේ ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.  

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් කර පැය කිහිපයක් ඇතුළතදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.  

යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔහු මීට පෙර මාධ්‍යට පවසා තිබිණි.  

කෙසේවුවද, යසිරු පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, නීතීඥයකු සමඟ ඔහු එහි ගොස් කටඋත්තරයක් ලබාදී තිබිණි.   පසුව නිවසට පැමිණි යසිරු ඊට පෙර නිකුත් කරන ලද නිවේදනයක් සම්බන්ධයෙන් සිය Information Technology Society of Sri Lanka – (ITSSL) ෆේස්බුක් පිටුවේ නිවැරදි කිරීමක් පලකර තිබිණි.   අදාළ නිවේදනය පහත දැක්වේ.

ඊයේ (07) සවස් භාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකු පැමිණ ඔහුව රැගෙනගිය බව කුරුවිට මහතාගේ මව වන ශාමා කුරුවිට මහත්මිය ශ්‍රී ලංකා මිරර් වෙත පැවසුවාය.   ඇය කියා සිටියේ සිය පුතු මහළු තමා හා මිත්තනිය බලා ගනිමින් සිටි අයෙකු බවත්, මේ තත්ත්වය උඩ මේ අසීරු අවස්ථාවේ විශාල අපහසුතාවයකට ලක්ව සිටින බවයි.   කෙසේවුවද, ඔහු පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදී තිබූ බවයි.
srilankamirror.com

මල්ශාලවක කළමණාකාරු ඇතුළු 7 කට කොරෝනා

0

හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් , දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී . සමරසේකර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කල පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමට පියවර ගත් බවද කියයි .

මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ කළමනාකාර වරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව ඔවුන්ගෙන් ආශ්‍රිතයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එම මල්ශාලාවේම සේවය කළ තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීයැයිද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් දස දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියට එරෙහිව ඉදිරි පියවර ගැනීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි .

මෙවැනි සිදුවිම් වලින් පැහැදිලි වන්නේ ලාබය උපරිම කරගැනිමට ඇති උවමනාව විසින් කොරෝනා වසංගතයෙන් සිය සේවයකයන් පරිස්සම් කරගැනිමට අදාලව බොහෝ තැන්වලදි කටයුතු සිදුවෙමින් ඇත්තේ සෞඛ්‍ය නිතිවලට පටහැනිව බවය

සංචරණ සිමා ජුනි 14 අවසන්ද ? තීන්දුව 11 වෙනිදා ..

0

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබෙන බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.

පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

මේ අතර රට තුළ දෛනික COVID ධනාත්මක රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ජුනි 14 වන දින දිවයින පුරා සංචාරක සීමාවන් ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහානා මහතා පවසා තිබේ.


ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ ගමන් තහනම් පැනවුවද බොහෝ මිනිසුන්ගේ දෛනික චර්යාව පෙර පැවති ආකාරයටම බවය.


“සංචාරක සීමාවන් පැනවීමෙන්, මිනිසුන්ගේ සංචාරවලින් 90% ක් ඉතිරි කර ගැනීමට අපි අපේක්ෂා කළෙමු. එහෙත් අවාසනාවකට මෙන්, අපේක්ෂිත අනුපාතය සපුරා ගැනීමට අපට නොහැකි විය,” ඔහු පැවසීය. නගරවල සහ කොළඹ සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක්ම අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ක්‍රියාත්මක වන බව උපුල් රෝහණ පැවසීය. “ඔවුන් සෑම දිනකම තම සේවකයින් අමතයි.

එදිනෙදා ව්‍යාපාරවල නියැලී සිටින පුද්ගලයින් පමණක් නිවසේ රැඳී සිටියත් රජයේ හා පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින් සාමාන්‍ය දෛනික චර්යාවන් යටතේ ක්‍රියාත්මක වේ. එකම වෙනස වන්නේ පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක නොවීමයි ඒ වෙනුවට මිනිසුන් ගමන් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික වාහනවල බව රෝහණ වැඩිදුරටත් පවසා තිබුණි.

රසියන් නම් එකක් ගැහැව්වත් ඇති- කෙහෙළිය කියයි !

0

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන අයට එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂඥ කමිටුවක උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මහජන සෞඛ්‍ය 1) වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතාගේ සභාපතීත්වයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී, වෛද්‍ය නාලිකා ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් එම විශේෂඥ කමිටුව මෙම තීන්දුව ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ මොහොතේ දී එම එන්නතේ එක මාත්‍රාවක් වුවත් ප්‍රමාණවත් බව ඔවුන් තීරණය කළ බව ද ඇමතිවරයා කියයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදීමේ දී එන්නත ලබාගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අත්සන් පත්‍රයට ‘එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුව ලබාගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“ඇත්තටම දැන් ඔවුන්ගේ පර්යේෂකයින් කියනවා මේ එන්නත් මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව පමණක් වුවත් ලබාදීම සෑහීමකට වෙන්න පුළුවන් කියලා. ඔවුන්ට පර්යේෂණ වාර්තා තියෙනවා කියලා. ඒ අනුව යමින් මේ වන විට රුසියානු නිෂ්පාදන ආයතනය ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකෙන් පළමුවෙනි මාත්‍රාව පමණක් “ස්පුට්නික් ලයිට්“ලෙස හඳුන්වමින් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ඉදිරියේ දී එම නිෂ්පාදන සමාගම පර්යේෂකයින් ඉඩක් තියෙනවා ස්පුට්නික් මාත්‍රා දෙකම ලබාගත යුතු නෑ. පළමු මාත්‍රාව පමණක් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා ඔවුන්ගේ නිර්දේශයක් ලබාදෙන්න. ඒ පිළිබඳව අපිට මේ වෙනකොටත් යම් ආකාරයකට ඒ නිෂ්පාදන ආයතනය දැනුම් දී තිබෙනවා. එය අප තීරණය කරන දෙයක් නෙමෙයි නිෂ්පාදන සමාගම සහ පර්යේෂණ ආයතනය විසින්.“

එක රටක් නීති ගොඩක් !පියුමිට එකක් !යාපනයට තවත් එකක් ?

0

මේ රට තුල නිරෝධායන නීතිය යනු එහෙම පිටින්ම ගොන්පාට් එකක් වෙමින් තිබේ.එක රටක් නීති ගොඩක් යැයි දැන් ඇස්පනා පිටම ඔප්පු වෙමින් තිබේ.
නීතිය යනු සැමට සර්ව සාධාරණ එකක් විය යුතුව තිබුණද දැන් එය පැහැදිලිව ඇති හැකි සම සියුමැලි අයට වෙනස් එකකි. සුලු ජාතින් ඇතුළු දුප්පතාට තවත් එකකි.
සම සියුමැලි පියුමාලි පැය බාගයකින් ඇප ලබා ගෙදර යන විට යාපනයේ සාදයක් පැවැත්වුයේ යැයි කියා 5 දෙනෙකු ජුනි 07 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.
ජොනි කුරුණෑගල හුරතලා මයිල් ගහකටවත් අතක් නොතියාම පොලිසිය බේරා දි ඇත.
අජිත් රෝහණ යනු දෛවයේ සරදමකට දිනපතා ලක්වෙමින් රටට විහළු සපයන්නා බවට පත්ව තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ නිල ඇදුමටත් නිගරු කරමින් කළ සටකපට කම්වලට මේ කපේ දඩුවම් ලැබෙමින් ඇති සෙයකි.හැබැයි ඒ උල්වෙන කටට නම් කිසිදා ලැජ්ජාවක් දැනෙන්නේම නැති සෙයකි

කෝවිඩ් එන්නත් ප්‍රමුඛතාව ලැයිස්තුව ‘ජුනි 15ට පෙර ප්‍රසිද්ධ කරන්න’

0

මාරාන්තික වසංගතයෙන් ජීවිත බේරා ගැනීම සදහා සිදු කරන එන්නත්කරණයේදී සෘජු ලෙස කොවිඩ් ආසාදිත රෝගීන් සමග ගැටෙන්නා වු හා එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබා දීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.  

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ,  දරනු ලබන්නා වු තනතුරු හා වෙනත් උපකල්පිත ප්‍රමුඛතාවයන් සැලකිල්ලට භාජනය නොකරමින්, මෙම රෝගය මර්දනය සදහා සෘජුවම දායකත්වය සපයන කණ්ඩායම් හා එකී දායකත්වය සපයන අය සමග ජීවත් වන වැඩිහිටියන්ටද, රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හා කණ්ඩායම් ද සැලකිල්ලට භාජනය කරමින් වඩා සාධාරණ හා යුක්ති සහගත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් බෙහෙවින් සාධාරණ වනු ඇතැයි විශ්වාස කරන බවයි.   Jagath Balasuriyadsdfds

ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන සැලකිල්ල මත එන්නත් කරණයේදී මානව හිමිකම් උල්ලංඝනය වන්නේයැයි සිදුකරන විවේචන හා ඉල්ලීම්ද අවම කරගත හැකි බව ආචාර්ය ජගත් බාලසුරිය වෛද්‍ය අසේල ගුණවර්ධනට දැනුම් දී තිබේ.  

එබැවින් ඒ සදහා නියමිත ප්‍රමුඛතා ලේඛනයක් හා සුදුසු ප්‍රයෝගික ක්‍රමවේදයක් සකස් කර එය ප්‍රසිද්ධියට පත් කර ජුනි 15 දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනම් දෙන ලෙසත් ආචාර්ය ජගත් බාලසුරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.    

වසංගත මර්දන එන්නත්කරණයේදී වඩාත් සාධාරණ හා විනිවිද භාවයෙන් යුක්තව එම කටයුත්ත සිදු නොවන්නේයැයි ප්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවයේ හා වෙනත් සේවා වල විවිධ සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩි දුරටත් දැනුම් දී තිබේ.  

සෞඛ්‍ය සේවයේ සෙසු කාර්ය මණ්ඩලයන්හි පවුල් වල සාමාජිකයන්  නොසලකා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම පිළිබඳව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය බලධාරීන්ට මීට ඉහතදි චෝදනා කර තිබුනි.

  කොරෝනා මර්දන රාජකාරිවල යෙදී සිටින සියලුම සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම්,  කොරෝනා මර්දන රාජකාරිවලින් ඉවත් වන බවට  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා අනතුරු අගවා තිබුනි.   සංගමය සභාපති උපුල් රෝහණ ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එකඟ වී සිටින බවයි.   නමුත් එම වර්ජනය අත් හිටුවීමට ඔවුන් කටයුතු කර තිබුනි.
theleader.lk

බද්දේගම සමිත හිමිත් කොරෝනා මාරයාට පරදියි

0

කොරෝනා තත්වය රටපුරා දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරමින් තිබේ. මේ අර්බුදය හමුවේ තවත් කාලයක් ජිවත්ව සිටිය යුතු පුද්ගලයන් දිනෙන් දින ජීවිත වලින් සමුගනිමින් සිටි.
අද උදෙන්ම කණ වැකුණේ කලක් කොරෝනා මාරයා හා පොරබදමින් සිටි බද්දේගම සමිත හිමියන්ද ජිවිතයෙන් සමුගෙන ඇති බවය.උන්වහන්සේ සති ගණනට පසු සුවය ලබා සිටියදි ඇතිව තිබුන අසනිප තත්වයක් හේතුවෙන් යළිත් මාතර පුද්ගලික රෝහලකට ඇතුලත් කොට තිබුණි.මිය යන විට උන්වහන්සේ 68 වියේ පසුවිය
සටන්කාමි ඉතිහාසයකට උරුම කම් කි සමිත හිමියන් එකල නව සම සමාජ පක්ෂයේ දැවැන්ත සටන්කාමියෙකුව සිටියේය .
පසුව රාජපක්ෂ පාලනය හා එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක්ද දැරි්‍ය.
පොදු අරගල වලට සිය දායකත්වය නිරන්තරයෙන් ලබාදුන් දුන් සමිත හිමි පක්ෂ බේද කෙසේ වුවද දේශපාලන සමාජ අරගලකරුවන්ගේ හිතුවතෙකි. සටන් සගයෙකි.

යාපනේ වෙසක් ….

0

යාපනේ නාග විහාරය තුල සහ අවට වෙසක් සිරිය යාපනේ මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරා කාච තුල අද මෙසේ සටහන් කරගෙන තිබුණි.
ඡායා- කාර්තික් කම්සන්