Wednesday, September 25, 2024
Home Blog Page 42

වැලිජාවාරම් ගැන හෙළි කළ මාධ්‍යවේදියාගේ පුතාට පහරදිලා !

0

උතුරු නැගෙනහිර වැලිජාවාරම්කරුවන් ඒ පළාත් වල රජවරුන් ලෙස හැසිරෙමින් දැවැන්ත විනාශයක් සිදුකරමින් තිබුනද ඒවාට එරෙහිව මැදිහත්විය යුතුව ඇති පොලිසිය සහ හමුදා බොහෝ අවස්ථාවන්වලදි නිහඩව සිටිති.
ඇතැමුන් මේ වැලිජාවාරම්කරුවන්ගේ සුරතලුන්ය.
මෙවන් පසුබිමකදි මේ ජාවාරම් ගැන නිරන්තරයෙන්ම හෙළිදරව් කරමින් සිටින මාධ්‍යවේදින්ගේ ජිවිත අවදානම දිනෙන් දිනම ඉහල යමින් තිබේ.
පසුගිය කාලය තුල උතුරේ මෙන්ම නැගනෙහිරද මාධ්‍යවේදින් රැසක් මේ වැලි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාර වලට ලක්විය.
පසුගිය 22 වන පලෛයි ප්‍රදේශයේදි මේ වැලිජාවාරම්කරුවන් පිරිසක් විසින් ඒ ප්‍රදේශයේ ඊසා නැමැති මාධ්‍යවේදියාෙග් 12 හැවිරිදු පුතුට පහර දි තිබුණි.
ඊසා පලෛයි ප්‍රදේශයේ වැලිජාවාරම් පිළිබදව නිරන්තරයෙන්ම හෙළිදරව් කළ අයෙකි.
වැලි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වු මේ කුඩා දරුවා මේ වන විට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.පලෛයි කෝවිලට යමින් සිටියදි මෙම කුඩා දරුවාට වැලිජාවාරම්කරුවන් පහර දි තිබේ
පලෛයි පොලිසිය විසින් අද පෙරවරුවේ මේ ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

මානවම්ම දේශපාලනය…- මහේෂ් හපුගොඩ

0

   ඔය රෝයල්, තෝමියන් කට්ටිය බිග් මැච් කාලෙට පරණ වෝක්ස්වැගන් බිටල්, කණේ මයිල්, මිනි කූපර්, පරණ ෆෝඩ්, ලෑන්ඩ් කෘසර් වගේ ටිකක් අමුතු වාහන ගෙනැල්ල කොළඹ පුරෝලා විදී සංචාරයේ නිරත වෙනවා.    ඕවට කියන්නේ ක්ලැසික් වාහන කියල. ඒක එක ට්‍රෙන්ඩ් එකක්. 

    සමඟි බලවේගයේ කට්ට්ය ලෑන්ඩ් මාස්ටර් වලින් විරෝධතා වීදි සංචාර පවත්වද්දී සජිත් මහත්තයා මිනි කූපර් එකෙන් ගියෙත් ටිකක් අර බිග් මැච් ගට් ෆීලින් එකෙන් කියල හිතෙනවා.   

  ඒ විරෝධතාවේ බිග් මැච් එකක තරම්වත් කිසි අලුත් බවක් නැහැ. නිර්මාණශීලි බවක් නැහැ. පන්ච් එකක් නැහැ. ඔහේ යන්නන් වාලේ යනවා වගේ තමයි පෙනෙන්නේ.   

රහක් නැහැ විතරක් නෙවෙයි අර එලීට් සෙකුරිටි එක දැක්කම තවත් මිනිස්සු අවුල් වෙනවා.      ඒ වැඩේ එහෙම යද්දී රනිල් ස්වර්ණවාහිනියට ගිහිල්ල අමුතු විදියේ කලස් පෙන්නනවා. 

    කාටවත් ලොකු අදහසක් තිබ්බේ නැති මානවම්ම රජ්ජුරුවෝ ගැන විස්තරයක් කියල නිකම් සිංහල බෞද්ධ අයට මැජික් එකක් වගේ දෙයක් පෙන්නලා කට්ටිය කොර කරලා දානවා. ඒක වෛරල් වෙලා නැගල යනවා.      මිනි කූපරේ රෝඩ් ෂෝ එක නිකම්ම නිකම් අල වෙලා යනවා. එතන තමයි

පොලිටිකල් නිලය තියෙන්නේ.    ඇත්ත දේශපාලඥයා කියල කියන්නේ කිසිම නිශ්චිත දෙයක් නොකියන කෙනෙකුට කියල පරණ බටහිර කියමනක් තියනවා.      මානවම්ම රජ්ජුරුවෝ සහ පශ්චාත් කොරෝනා ගෝලීය අර්බුදය කියන අතිශයින් සංකීර්ණ ප්‍රපංචය අතර කිසිම එකට එකේ සම්බන්දයක් නැහැ කියල රනිල් හොඳට දන්නවා. ප්‍රශ්න අහන නිවේදකයොත් දන්නවා. ඒවා බලන් ඉන්න මිනිස්සුත් දන්නවා.     

හැබැයි ඒ කොච්චර දැනගෙන හිටියත් මානවම්ම රජ්ජුරුවෝ නැවත පසු ගෝලීය ලෝකයක ජීවමාන වෙනවා.      අපි කවුරුත් නොදන්නා සහ නොසිතපු ‘කෑල්ලක්’ දාල රනිල් ඒ මොහොතෙන් ගොඩ යනවා.      දැන් වැඩේ යන විදිය දන්නා නිසයි කිසිම නිශ්චිත දෙයක් එයා නොකියන්නේ. නිශ්චිත කියල අපි හිතන මේ අවුලින් අපි ගොඩ එන්න මොනවද කරන්න ඕනි, අනාගත ආර්ථික සැලසුම් මොන වගේද, අධ්‍යාපනය මොන වගේ වෙන්න ඕනිද වගේ දේවල් වලට ‘නිශ්චිත’ කිසිම දෙයක් නොකියන්න එයා වගබලා ගන්නවා.   

  එයා දන්නවා මේ තියෙන්නේ පැටලෙන්න ඕනි වෙලාවක් නෙවෙයි ලෙස්සල යන්න ඕනි වෙලාවක් කියල. ඒකත් යම් දේශපාලනික දක්ෂ කමක් තමයි.       මෙවන් පට්ට අවිනිශ්චිත වෙලාවක නිශ්චිත දේවල් කියන්න ගිහිල්ලා වැඩේ අල කර ගන්නේ නැහැ එයා. එයා දන්නවා දෙනලද එක් එක් මොහොතින් ෂේප් වෙලා යන්න ඕනි කියල.     

එයා දන්නවා අර්බුදය ඇතුළතින් පුපුරා යන්න තරම් මෝරනවා කියල. දැන් යන විදියට ලොකුවට දඟලන්න ඕනි නැහැ කියල.    බිංදුවට පැරදිලා ගෙදර ගිහිල්ල අවුරුද්දක් ගියේ නැහැ ආයේ ස්පොට්ලයිට් වෙමින් යනවා කියල.     කවුරුත් මේ කාලේ දැනගෙන නොසිටිය මානවම්ම රජ කෙනෙක් ගැන දැන් කට්ටිය දන්නවා.     

වරක් නෙරපා හැරලා පස්සේ පල්ලව රාජ්‍ය අනුග්‍රහය යටතේ කිසි අපහසුවක් නැතිව ලංකාවේ රාජ්‍යත්වය ගත්ත රජ කෙනෙක් තමයි මානවම්ම කියන්නේ. රනිල් ඒ උදාහරණය ගෙනාවේ කට කහනවට නෙවෙයි. අතීතය ඔස්සේ ලොකු අවිඥාණික දේශපාලනයක් දනවන්න. බලය කියන්නේ මාර අවිනිශ්චිත, පුරෝකතනය කල නොහැකි, ලෙස්සන සුළු දෙයක් කියල පෙන්නන්න.    එයා දන්නවා අතීතයෙන් ලොකු වැඩක් නැහැ කියල. හැබැයි මැජික් පෙන්නන්න නම් අතීතය ඕනි කියල.    දේශපාලනය කියන්නේ රෝඩ් ෂෝ එකකට වඩා ගොඩක් වැඩි දෙයක්.    මානවම්ම දේශපාලනයේ ඇත්ත පාඩම ඒක.    

  (මහේෂ් හපුගොඩ)  දේශපාලන හා සමාජ විශ්ලේෂක  (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)  

රනිල් කියපු හමුදාකරණය නැගෙනහිර ක්‍රියාත්මක වෙන හැටි …..

0

එජාප නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දිමෙන් පසුව පාර්ලිමේන්තුවේදි කරන ලද කථාවකදි රට තුල හමුදාකරණය ක්‍රියාත්මක වෙන හැටි ගැන පවසා තිබුණි.
මේ වනවිට රට අර්ධ හමුදාකරණයකට යටත් කර ඇතැයි ඔහු චෝදනා කර සිටි.

රනිල් වික්‍රමසිංහ විසින් කරන්නට යෙදුන මෙම චෝදනාව පසුගියදා නැගෙනහිරදි ක්‍රියාත්මකව තිබුණ අයුරු පසුගිය සතිය තුල රටතුල පුලුල් කථාබහකට ලක්ව තිබුණි.

තමන් පීඩා විදින රෝගී තත්වයකට ඖෂධ සොයා ගැනීම සදහා වීදිබට අයකුට සතෙකුට මෙන් පහර දුන් බවට ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබේ.යැයි theleader.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මාරාන්තක වසංගත ව්‍යාප්තිය හමුවේ රට පුරා පනවා තිබු සංචරණ සිමා උල්ලංඝණය කළ බවට චෝදනා නගා  එරාවූර් වැසියන් පිරිසකට මහ මාර්ගය අයිනේ දණ ගස්වා ඉහලට අත් ඔසවා සිටින ලෙස හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුනි.  

එම අඩන්තෙට්ටම සම්බන්ධයෙන් චෝදනා ලබන සෙබළුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බව යුද හමුදාව පවසයි.      යුද හමුදා සාමාජිකයන් අතින්  නින්දාවට හා පහර කෑමකට ලක්වු  හතලිස් හතර වයසැති මුස්ලිම් ජාතික එරාවූර්හි මොහොමඩ් ඉස්මයිල් මර්සූක් ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පතට පවසා ඇත්තේ තමන් බෙහෙත් ලබා ගැනීමට නිවසින් පිටත් වු බව යුද හමුදා සෙබළුන්ට දන්වා සිටියත් තමන්ට දණ ගසන ලෙස යුද හමුදාව නියෝග කර ඇති බවයි.

.     “මම අපේ ගමේ ෆාමසියෙන් දියවැඩියාවට ගන්න බෙහෙතුයි, තව ළඟ පාතින් හාල් ටිකකුයි ගන්න බයිසිකලෙන් ගියේ. මම මං ගන්න ගිය පෙති වල හිස් පෙට්ටියකුත් පෙන්නුවා. ඒත් හමුදාවෙන් මට බල කළා, එතන හිටිය තවත් කීප දෙනෙක් එක්ක දණ ගහගෙන අත් උස්සං ඉන්න.”   තමන්ගේ රෝගී තත්වය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් දැනුවත් කළද අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත් ඔහු ‘හින්දු’ පුවත්පතට වැඩි දුරටත් පවසා තිබේ.   “මම රෝගියෙක් කියලත් කිව්ව, බෙහෙත් ගන්න අවසර තියෙන නිසා මං ආවෙ ඒකට විතරයි කියලත් මං සිංහලෙන් එයාලට පැහැදිලි කරල කිව්ව. ඒත් එයාලා මං කිව්ව දේ ඇහුවෙ නැතුව, හරකෙක්ට ගහනව වගේ මට ගැහුවා,” යි ඔහු පවසා ඇතැයි  theleader.lk වෙබ් අඩවිය තවදුරටත් සටහන් කොට තිබේ

හමුදාපති ප්‍රමුඛ නඩයේ පාලනයට රනිල්ගෙන් ප්‍රබල විවේචනයක් !

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා හමුදාපති ප්‍රමුඛ නඩයේ පාලනය ආසාර්ථික බව ඉතා පැහිදිලි විවේචනය කරමින් ආණ්ඩුව පාලනය කිරිමේ වගකිම කැබිනට් මණ්ඩලයට දිය යුතු බවට යළිත් වරක් අවධාරණ්‍ය කර සිටියේය
අතීතය ගැන කථා කිරීමෙන් රට පත්ව සිටින තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා, 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට රජය අකමැති නම් එයට ඇති විකල්පය කුමක් දැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටි බවද අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කෙොට තිබුණි

මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.

“මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ. ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න.”
මුලාශ්‍රය – දෙරණ

සුළු ජාතිකයන්ට එරෙහිව පීඩනය දිගටම …????

0

මඩකලපුවේ එරාවූර් ප්‍රදේශයේ, සංචරණ නීතිට උල්ලංඝණය කළ අයට හමුදාව විසින් අමුතු දඩුවම් නියම කර තිබිම පිළිබදව සමාජ මාධ්‍ය තුලද මේ වන විටත් දැවැන්ත විවේචනයක් මතුව තිබේ.

පසුගිය කාලය තුල පොලිසිය මෙන්ම හමුදාවද සුළු ජාතිකයන් වෙත මුදාහරිමින් ඇති පිඩනය අති අමානුෂික ස්වරුපයක් ගන්නවා පමණක් නොව එය සැබැවින්ම දෙබඩි එකක් බවටද පත්ව තිබේ.

එක රටක් නීති දෙකක් යැයි මේ වන විට සමාජ තුලින්ම විවේචන ඉල්ල වෙමින් ඇත්තේද එනිසාය.

තම හිසට ඉහළින් දෑත් තබාගෙන දණ ගසාගෙන සිටින ලෙසින් හමුදාව නියෝග දි ඇති බව සදහන් ජායාරුප කිපයක්ම මේ වන විට ද සමාජ මාධ්‍යවල පළවෙමින් තිබේ.

කොළඹ ඇතුළු අනෙකුත් බොහෝ නගරවලද මේ වන විටත් දිනපතා විශාල පිරිසක් සංවරණ සිමාවන් තිබියදිම සැරසරමින් සිටි.
තතු එසේ වුවද උතුරට හෝ නැගෙනහිරට පනවන අමානුෂික හිංසනයන් දකුණට අදාල හමුදාව හෝ පොලිසිය විසින් දකූණට ක්‍රියාත්මක කරන්නේ නැත

ස්විස්ටර්ලන්තය පරදා ඉතාලිය ජයගනී !

0

ඉතාලියේ Olimpico ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට ජයගැනීමට සමත් වුනේ සත්කාරක ඉතාලි කණ්ඩායමයි. ඒ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් ගෝල 3-0 ලෙස පරාජය කරමින්.

පෙර තරගයෙහි ලබාගත් ජයග්‍රාහී රිද්මය එලෙසම පවත්වාගනිමින් ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඉතාලි කණ්ඩායම වෙනුවෙන් Giorgio Chiellini 19වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට සමත් වූවත් විනිසුරුවරයා විසින් VAR තාක්ෂණය ඔස්සේ එය නැවත නැරඹීමෙන් පසු පන්දුව අතෙහි දැවටීම නිසා ගෝලය අවලංගු කිරීමට කටයුතු කළා.

නමුත් එම සිදුවීමෙන් සුළු වේලාවකට පසු තරගයේ 26වන මිනිත්තුවේදී Domenico Berardi ලබාදුන් පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කිරීමට ඉතාලි ක්‍රීඩක Manuel Locatelli සමත්වුනේ පළමු අර්ධයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙන දෙමින්.

දෙවන අර්ධය ආරම්භ වී වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගයේ 52 වන මිනිත්තුවේදී නැවත ක්‍රියාත්මක වූ Manuel Locatelli දඬුවම් රාමුවෙන් එපිට සිට ලැබූ පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයේ දකුණු කෙළවරින් දැළ තුළට ඇතුළු කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ගෙන දෙමින්.

එම ගෝලයෙන් පසු තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය සියතට ගත් ඉතාලිය වෙනුවෙන් තෙවන ගෝලය රැස් කිරීමට Ciro Immobile සමත් වුනේ තරගයෙහි 89වන මිනිත්තුවේදීයි. ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසුකරමින් ගෙන ආ පන්දුවක් දඬුවම් රාමුවට පිටත සිට ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනේ ප්‍රතිවාදීන්ව තවත් අසරණ කරමින්.

කසිප්පු කියා බැට්රි ඇසිඩ් බීපු ගරාජ් බාස් මියයයි

0

ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම  මියගොස් ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු වන ගරාජ්බාස්වරයෙකි.

ලොරි රථයේ බැට්රි ඇසිඩ් මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇත. මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත. බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත. නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් ඇත. වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.
මේ අතර පවතින සංචරණ සිමා හේතුවෙන් මත්පැන් අලෙවි සැල් වසා දමා තිබිම නිසා ජනතාව අතර නීති විරෝධි මත්පැන් භාවිතය ඉහල යමින් තිබේ. එමෙන්ම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය පවා මේ වන විට ඉහල ගොස් ඇත

TNA ,සහ ජනපති අතර හමුව දින නියමයක් නැතිව කල්යයි !

0

දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමඟ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් ජනාධිපති ගෝතබයා රාජපක්ෂ මහතා දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මෙම රැස්වීම අද (16 ) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ රැස්වීම කල් දමා ඇති බව තමන්ට දන්වා ඇති බවයි.
රැස්වීම කල් දමා ඇත. නව දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පැවසීය. ජනාධිපති සහ දෙමළ ජාතික සන්ධානය හා මෙවැනි හමුවක් පැවැත්විමට නියමිතව තිබුනේ පළමු වතාවටය.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනා පසුගිය දෙසැම්බරයේ දී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවට යවා ඇති අතර ඉන් අනතුරුව මේ වසරේ පෙබරවාරි මාසයේ දී ඔවුන්ගේ ආරාධනයෙන් කමිටුව හමුවිය.
අද දින පැවැත්විමට නියමිත හමුව එහි දිගුවක් බව සුමන්තිරාන් මහතා පවසා තිබුණි

බේකරි නිෂ්පාදන වල මිළ ඉහල දැමිමට සංගමය කිසිදු තීන්දුවක් ගෙන නෑ !

0

පාන් මිළ අතුලු අනෙකුත් බේකරි නිෂ්පාදන ඉහල දැමිමට සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය විසින් තීන්දුවක් ගෙන නැතැයි එහි සභාපති ජයවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද රද්දෝළුවේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ සංගමය විසින් තින්දුවක් ගෙන නැති වුවද ඇතැම් බේකරි හිමියන් විසින් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සදහා රු 5 හෝ රු 10 බැගින් මිළ වැඩිකර ඇති බව දැනටගන්නට ඇති බවය.
මේ අතර අද මාධ්‍ය ගණනාවක් විසින් වාර්තා කර තිබුනේ බේකරි නිෂ්පාදන ඉහල දැමිම සම්බන්ධයෙන් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරණය කර ඇති බවය.

පොලිසිය තුල තරුණ මරණය ගැන වෛද්‍ය වාර්තාවට උසාවියේදී අභියෝගයක්

0

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය තම තරුණ පුතුගේ මරණ පරීක්ෂණ වාර්තාව අභියෝගයට ලක් කරන මව්පියන්  නැවතත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණයට අභියාචනයක් ඉදිරිපත්  කර  තිබේ.  ජුනි 3 බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය තුලදීම මියගිය විසි එක් හැවිරිදි චන්ද්‍රන් විදූෂන් ගේ මව්පියන් ජුනි 10 බ්‍රහස්පතින්දා දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිගෙන් එම ඉල්ලීම සිදු කර ඇත.    තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි කැඳවීම අද මඩකලපුව මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිගේ නිල කාමරය තුළ සිදුවු අවස්ථාවේදී කේ. චන්ද්‍රන් පියාත් චන්ද්‍රන් ලිලී මාතාවත් පවසා ඇත්තේ සිය පුතුගේ සිරුර ගොඩගෙන විශ්වසනීය මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි බවයි.    “අපිට කරන ලද මරණ පරීක්ෂණය පිළිබදව විශ්වාසයක් නෑ,” යනුවෙන් අධිකරණයට දැනුම් දුන් බව ඔවුහු මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.    චන්ද්‍රන් විදූෂන් පුතුට පොලීසිය අමානුෂික ආකාරයෙන් පහර දෙන ආකාරය තමන් දුටු බව පවසන ඔවුන් සැක  කරන්නේ ඔහුගේ මරණයට පොලිස් පහරදීම් හේතු වු බවටයි.    

AddText 06 03 06.25.29 696x444

චන්ද්‍රන් විදූෂන්       ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් චන්ද්‍රන් විධූෂන් පොලිසියට ගෙන ගොස් ඇත්තේ පසුදා අළුයම 1.30 ට බව දෙමාපියෝ වැඩි දුරටත් සඳහන් කරති.    කේ. චන්ද්‍රන් පියාත් චන්ද්‍රන් ලිලී මාතාවත් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිට දැනුම් දී ඇත්තේ සිය පුතුට යුක්තිය පතා ඉහළ අධිකරණයකට වුවත් යාමට තමන් සුදානම් බවයි.    චන්ද්‍රන් විධූෂන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාත් අද සාක්ෂි ලබා දීමට පැමිණ ඇති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.         තරුණයාගේ  මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන්  පසුගිය සතියේ පලාත්බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ තරුණයාගේ මරණයට හේතුව අයිස් නම් මත් ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් ගිලීම බවයි.       පොලිස් අත්අඩංගුවේදී සිදු වු මරණය මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වු බවට සිදු කෙරෙන ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන චන්ද්‍රන් විධූෂන්ගේ නැගෙනිය වන චන්ද්‍රන් කැරොලයින් මීට ඉහතදී පවසා තිබුනේ සිය සහෝදරයාට මාරාන්තික ප්‍රහාර එල්ල කරන ආකාරය තමන් දුටු බවයි.       “මේ කට්ටිය කියන්නේ බොරු. මගේ අයියට යුක්තිය දෙන්න ඕනෙ. ඒ දේ වෙනකම් මම නවතින්නේ නෑ. මගේ අයියා මැරෙනකම් ගුටිකනවා මම දැක්කා”    පොලිස් නිලධාරීන් සිය සහෝදරයාට අමානුෂික ලෙස පහර දුන් ආකාරය ඇය මාධ්‍යවේදීන් හමුවේ කඳුළු සලමින් විස්තර කර තිබුනාය.    “එයාව උස්සල පොලවෙයි බිත්තියෙයි ගැහුවා. බිත්තියත් පුපුරලා. ඒගොල්ලන්ට එච්චර හයියක් තියෙනවද?”      

dfgfhn

    පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තරුණයාට පහර දෙන ආකාරය ගම් වැසියන් විසින්ද දැක තිබෙන බවයි.    “ඔලුවෙයි, බෙල්ලෙයි තුවාල පේන්න තියෙනවා,” යි මිය ගිය තරුණයාගේ මාමා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.    ජුනි 3 බ්‍රහස්පතින්දා රාත්‍රි 8 ට පමණ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී පිහිටි චන්ද්‍රන් විධූෂන්ගේ නිවසට ගෙනවිත් තිබු දේහය ජුනි 4 සිකුරාදා උදෑසන භුමදානය කර තිබුනි.    තරුණයාගේ  අවසන් කටයුතු සිදු කෙරෙන දිනයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව පොලීසිය විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබුනි.      

  පොලිස් අත්අඩංගුවේ සිටියදී  සිදුවු ඝාතන හතරක් මේ වසර තුලදී වාර්තා වී තිබේ.     පොලිස් වධහිංසාවලින් පුද්ගලයන් මිය යාමේ රැල්ල නැවැත්වීමට වහා  පියවර ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඒ සදහා මැදිහත් වන්නැයි වධහිංසාවට සහ වෙනස් කෲර අමානුෂික සැලකිලි සහ දඬුවම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගෙන්ද  පසුගියදා ඉල්ලා තිබුනි.    

theleader.lk